Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජකම් කලත් කලකම් පලදෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජකම් කලත් කලකම් පලදෙනවා

2015 ජනාධිපතිවරණයෙන් පරාජයවී මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයෙන් යන්න බඩු අස්කරද්දී රනිල් මහින්ද හමුවීමට එහි ගියේය. සාමකාමීව බලය හුවමාරු කරන ආකාරය ගැන සාකච්ඡා කිරීමෙන් පසු රනිල් නැඟිට යන්න හදද්දී මහින්ද රනිල්ගේ කනට කර යමක් කීවේය.

“ඔය මනුස්සයව විශ්වාස කරන්න එපා. එයාට ඔච්චර කරපු මට පිහියෙන් ඇන්නා නම් ඔයාට අනින එක එයාට සුළු දෙයක්…”

මහින්ද මේ කීවේ ඒ වන විටත් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට ලකලැහැස්ති වෙමින් සිටි මෛත්‍රිපාල සිරිසේන ගැනය. රනිල් මහින්දගේ ඒ කතාව ගණනකට ගත්තේ නැත. ඔහු හිතුවේ මහින්ද මෛත්‍රි කෙරෙහි උපන් වෛරය සහ වේදනාව දරාගත නොහැකිව එසේ කියනවා කියා විය යුතුය. වැඩි දවසක් ගියේ නැත. දින 100න් මහමැතිවරණයට යන පොරොන්දුව මෛත්‍රිපාල කඩ කළේය.

මෛත්‍රි ගෙට දමාගත් සර්පයන් මෛත්‍රිට උපදෙස් දුන්නේ දින 100න් මහ මැතිවරණයට ගියහොත් රනිල් සහ යූ.ඇන්.පී. ආණ්ඩුව ශක්තිමත් වේ යැයි කියාය. මාස 6ක් ගොස් යූ.ඇන්.පී. ආණ්ඩුව පිළුණු වෙද්දී මෛත්‍රි පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ රනිල් සහ යූ.ඇන්.පී.යට බහුතර බලයක් නොලැබෙන්න වටපිටාව සකස් කරලාය. පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනයවත් මෛත්‍රි රනිල්ට හෝ යූ.ඇන්.පී.යට කීවේ නැත. ඔහු ඒ වෙනකොට මහින්ද සමඟ එකතු වෙන්න සාකච්ඡා කරමින් සිටයේය. හැමෝම පුදුමයට පත්කරමින් ඔහු මහින්දට නාමයෝජනා දෙන්න තීරණය කළේය.

2015 ජනාධිපතිවරණයට පසු දින මහින්ද රනිල්ට කනට කර කී කතාව රනිල්ට මතක් වුණේ එවිටය. මහින්දට නාමයෝජනා දී ඇති බව ඔහුට ආරංචි වූ විගස ඔහු තමා අසල සිටි ඇමැතිවරුන්ට මහින්ද එදා කනට කර කී කතාව කීවේය.

ඇත්තටම මහින්ද එදා රනිල්ට කී කතාව ඇත්තය. මෛත්‍රි ගැන මේ කතාව මුලින්ම කීවේ බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා අනුර බණ්ඩාරනායකය. මෛත්‍රිව පොළොන්නරුවෙන් දේශපාලනයට ගෙන ආවේ ඔහුය. 2006 සැප්තැම්බර් ශ්‍රීලනිප සම්මේලනයට ශ්‍රීලනිප හිටපු නායිකා සහ ජනාධිපතිනි චන්ද්‍රිකාට ආරාධනා පත්‍රයක් යවා තිබුණේ නැත. එවකට ශ්‍රීලනිප ලේකම් මෛත්‍රිපාල කීවේ චන්ද්‍රිකාට ආරාධනා පත්‍රයක් යැව්වා කියාය.

එහෙත් ඔහු චන්ද්‍රිකාව පක්ෂ නායකත්වයෙන් ඉවත් කොට මහින්දව පක්ෂ නායකත්වයට පත්කරන රාජපක්ෂවරුන්ගේ කුමන්ත්රණයේ ප්‍රධානතම චරිතය රඟපාමින් සිටියේය. චන්ද්‍රිකාව පක්ෂ නායකත්වයෙන් ඉවත් කරන යෝජනාව ඉදිරිපත් කළේ මෛත්‍රිය. ඊට එරෙහිව ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ජෝන් සෙනෙවිරත්න ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කතා කරද්දී චන්ද්‍රිකා ඉවත් කළ යුතුය යන දැඩි මතයේ සිටියේ මෛත්‍රිපාලය.

චන්ද්‍රිකාව පක්ෂ නායකත්වයෙන් ඉවත් කොට මහින්දව පක්ෂ නායකත්වයට පත්කරන යෝජනාව පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කරන විට චන්ද්‍රිකා එයට සහභාගි වුවහොත් ප්‍රශ්නයක් වේ යැයි ඔහු බියවිය. ඒ නිසා ඔහු රාජපක්ෂවරුන්ගේ උපදෙස් මත චන්ද්‍රිකාට පක්ෂ සම්මේලනයට ආරාධනා කිරීමේ ආරාධනා පත්‍රය යැව්වේ නැත. මෙයින් කේන්තියට පත් අනුර බණ්ඩාරනායක 2006 අගෝස්තු 20 මෛත්‍රිපාලට ලිපියක් ලීවේය.

මේ එම ලිපියේ කොටසකි.

“ඔබව දේශපාලනයේ හදාවඩා ඔබව ඇමැතිවරයෙක් බවට පත්කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ඔබ කර ඇති නින්දාව සුළුපටු නොවේ. ඔබ වැනි ගුණමකු මිනිසකු මා මීට පෙර දැක නැත. ඔබ වැනි චාටු කතා කියන චාටුකාරයෙක් මම මීට පෙර දැක නැත. ඔබ ඇය ජනාධිපති ධුරයේ සිටියදී කී චාටු කතා මට හොඳට මතකය. ඔබතුමිය කියන හැම දේම හරි යැයි ඇයට ඔබ කීවේය. ඔබතුමිය නිසා තමයි ඉර පායන්නේ ඉර බහින්නේ පොළොව කරකැවෙන්නේ යැයි ඔබ ඇයට කියා ඇත. ඔබගේ ඒ චාටු කතා අහගෙන සිටි මට දැන් මතක් වන්නේ අපි හෝඩියේ පන්තියේ උගෙන ගත් බා බා බ්ලැක් ෂිප් ගීතයය.”

මේ අනුරගේ වචනය. ඔහු පමණක් නොව චන්ද්‍රිකාද ඇයව නායකත්වයෙන් ඉවත් කිරීමට මෛත්‍රි කළ කුමන්ත්‍රණයට එරෙහිව මෛත්‍රිට සැර ලිපියක් ලීවාය. පසුව අනුර මියගිය විට ජනාධිපති ලෙස මහින්දගේ ශෝක පණිවුඩය කියන්න මෛත්‍රි අවමඟුල් උළෙලට ආ විට ඇය මෛත්‍රිව පන්නා ගත්තාය. දි.මු. ජයරත්න හෝ වෙනත් පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් මහින්දගේ ශෝක පණිවුඩය කියවනවා නම් එයට ඉඩ දිය හැකි බව චන්ද්‍රිකා කීවාය.

“එහෙව් චන්ද්‍රිකා ඇය සහ ඇයගේ සහෝදරයා ගුණමකුවකු යැයි හඳුන්වපු මෛත්‍රිව 2015 ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කරන්න රනිල් සහ යූ.ඇන්.පී.ය එකඟ කරගත්තේ ඇයි…?

ඒකත් ලස්සන කතාවකි. මෛත්‍රි, රාජපක්ෂවරු සමඟ එක්ව බණ්ඩාරනායක පවුල පක්ෂයෙන් ශුද්ධ කළේ මහින්දට පසු තමාට පක්ෂ නායකත්වයට එන්න ලෙහෙසි වෙයි කියා හිතාගෙනය. 2006 වන විට බැසිල් පක්ෂය තුළට ඇවිත් හිටියේ නැත. බැසිල් පක්ෂය තුළට ඇවිත් පක්ෂය සියතට ගන්නා විට මෛත්‍රිට චන්ද්‍රිකා සිහිවිය. එතැන් සිට ඔහු හොර රහසේ චන්ද්‍රිකාට පණිවුඩ යැව්වේය. ඔහු චන්ද්‍රිකාට කීවේ රාපක්ෂලා පක්ෂය විනාශ කරනවා, පක්ෂය බේරාගන්න නායකත්වය ගන්න කියාය. චන්ද්‍රිකා මෛත්‍රිට අපේක්ෂකත්වය දෙන්න රනිල් සහ යූ.ඇන්.පී.ය එකඟ කරවා ගත්තේ මෛත්‍රි දිනවා ශ්‍රීලනිප නායකත්වය චන්ද්‍රිකා අතට ගන්නටය.

“රනිල් රට ආණ්ඩු කරයි. ඔබතුමිය ශ්රීලනිපය අතට ගන්න. මම විලියම් ගොපල්ලව වගේ ඉන්නම්”

මෛත්‍රි චන්ද්‍රිකාට පොරොන්දු වුණේ එහෙමය. අන්තිමෙ චන්ද්‍රිකාත් නොදැන මෛත්‍රි ශ්‍රීලනිප නායකයා විය. ඔහු මහින්දගෙන් ශ්‍රීලනිප නායකත්වය ගත්තේ මහින්දට සහ පවුලට එරෙහි නඩුවලින් බේරනවා කියයා. මෛත්රිගේ විනාශය පටන්ගත්තේ එතැනින්ය. එතැන් සිට ඔහු බැලුවෙ 2019 ජනාධිපතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂකයා වෙන්නටය. එසේ බැරි වුණොත් 2019 ජනාධිපතිවරණයට යළිත් එජාප පොදු අපේක්ෂකයා වීම ඔහුගේ බලාපොරොත්තුව විය. ශ්‍රීලනිප අපේක්ෂකයා වෙන්න නම් රාජපක්ෂ පවුල ඉවර කළ යුතු බව ඔහු දැන සිටියේය.

එජාප අපේක්ෂකයා වෙන්න රනිල් සහ රනිල්ගේ හිතවතුන් ඉවර කළ යුතු බව ඔහු දැන සිටියේය. රාජපක්ෂලා ඉවර කරන්න ඔහු බැසිල්ව හිරේට දැම්මේය. නාමල්ව හිරේට දැම්මේය. යෝෂිතව හිරේට දැම්මේය. මහින්ද සහ ශිරන්තිට එරෙහි නඩු දමන්න චෝදනා ගොනු කළේය. රනිල්ව ඉවර කරන්න ඔහු බැඳුම්කර කොමිසම දමා රනිල්ව අත්අඩංගුවට ගන්න ක්‍රමයක් හෙව්වේය. ශ්‍රීලනිප අපේක්ෂකයා වී දිනන්න නම් රාජපක්ෂ පවුලේ සහාය අවශ්‍ය බව ඔහු දැන සිටියේය. ඒ සඳහා ඔහු ගෝඨාභය රාජපක්ෂව ළඟට ගෙන ඔහුව ඇවන්ගාඞ් නඩුවේදී උසාවි කූඩුවේ දමනවාට එරෙහිව කෑගසමින් ඔහු තමාගේ අගමැති අපේක්ෂක ලෙස පෙන්වීය. අනෙක් අතින් එජාප පොදු අපේක්ෂකයා වීමට සජිත්ව ළඟට ගත්තේ සජිත්වාදීන් රනිල්ට එරෙහිව පාවිච්චි කරමින්ය.

2019 දී ඔහු එජාප පොදු අපේක්ෂක වුවහොත් ඔහුගේ අගමැති අපේක්ෂක සජිත් යැයි ඔහු යූ.ඇන්.පී.යට පෙන්වීය. ඔහු රාජපක්ෂ පවුලෙන් ගෝඨාභයට ඉහළට එන්න උදව් කළේ ඔහුගේ කර මතින් ජනාධිපති වෙන්නටය. එජාපයේ සජිත්ට උදව් කළේ සජිත්ගේ කර මතින් ජනාධිපති වෙන්නටය. අද ගෝඨාභය පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකය. සජිත් එජාපයේ ජනාධිපති අපේක්ෂකය. මෛත්‍රි ගෙදර යන්න දවස් ගනිමින් සිටී.

“එහෙම වුණේ ඇයි…?”

එහෙම වෙන්නේ අර ගමේ භාෂාවෙන් කියනවා නම් මේ ලෝකය පාලනය කරන දෙවියෙක් සිටින නිසාය. මෛත්‍රි ජනාධිපති වූ දින සිට හැම මිනිත්තුවක්ම ගතකළේ 2019 ජනාධිපති අපේක්ෂක වෙන්න තමාට බාධාවක් වෙන්නේ කවුද, ඔහුට හෝ ඇයට අංචියක් අදින්නේ කොහොමද කියා හිතමින්ය. ඔහු ජනාධිපති වී දිවුරුම් දෙන වෙලාවේ කීවේ තමා නිල කාලයෙන් පසු මිනිත්තුවක් ජනාධිපති පුටුවේ ඉන්නේ නැහැ කියාය. වැඩි කල් ගියේ නැත. ඔහු ජනාධිපති නිල කාලය දික් කරගන්න උසාවියේ මතය ඇසුවේය.

ව්‍යවස්ථාව කඩා බිඳදමා මහින්දව අගමැති කළේත් ජනාධිපති අපේක්ෂකත්වය දෙන බවට රාජපක්ෂ පවුල පොරොන්දු කරගෙනය. ඔහු තමාගේ ජනාධිපති අපේක්ෂකත්වයට ඒකාබද්ධව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ගන්න රනිල් සහ යූ.ඇන්.පී. ආණ්ඩුව පොළොවේ ගැහුවේය. අලියාව කරකවල පොළොවේ ගැහුවේය. ඔහු 2015 සිට මේ තාක් කළේ ජනාධිපතිකම් කිරීම හෝ රට පාලනය කිරීම නොව රනිල් සහ යූ.ඇන්.පී. ආණ්ඩුවත්, මිනිස්සුත් බය කිරීමය. ඒ වැඬේ කළේ ඔහුගේ මාධ්‍ය අංශයය. හෙට ජනාධිපති දැඩි තීරණයක් ගන්නවා. හදිසි ඇමැති මණ්ඩල සංශෝධනයක්, ජනාධිපති කොමිෂන් එක පිට එක යැයි කියමින් මාධ්‍යවල පුවත් මවමින් ඔවුත් ඔහුගේ මාධ්‍ය අංශයත් රටත් ජනතාවත් බය කළේ භූතයෙක් වගේය. රට අස්ථාවර වුණේත් පාස්කු බෝම්බයට පාර කැපුණේත් එයින්ය.

ඔහු පොලිසිය සහ ආරක්ෂක අංශ පාවිච්චි කළේ ඔහුව ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් තියෙනවා යැයි කියා රනිල්ව අත්අඩංගුවට ගන්න ක්‍රමයක් හොයන්නටය. රාජපක්ෂලාට කඬේ යන මාධ්‍යද ඔහුට එරෙහි වචනයක් ලීවේ හෝ කීවේ නැත්තේ ඔහු යූ.ඇන්.පී.ය විනාශ කොට රාජපක්ෂලාට එන්නට පාර කපන බව දැනගෙනය. ඔහු රාජපක්ෂ පවුල්වාදයට පහර ගසා ඔහුගේ සහෝරදයාව ටෙලිකොම් සභාපති ලෙස පත්කරන විට මාධ්‍ය ඔහුට එරෙහිව වචනයක් කතා කළේ නැත. ඔහු මහරාජාගේ කොම්පැනි හරහා රුසියානු යුද නැව් ගෙන්වන්න යන විට මාධ්‍ය ඒ ගැන කතා කළේ නැත. කතා කළේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය පමණි. ඔහු එම වෙබ් අඩවිය තහනම් කළේය.

පාස්කු ප්‍රහාරයට රටේ ආරක්ෂක සහ නීතිය සාමය භාර ඇමැති ලෙස ඔහු වගකිව යුතු බව බය නැතිව කීවේ ෆොන්සේකා පමණි. රාජපක්ෂලා හෝ පොදුජන පෙරමුණද ඒ ගැන වචනයක්වත් කීවේ නැත. ඒ නඩුවලට බයේය. හැබැයි මෛත්‍රි කවුද කියල හොඳට හඳුනාගෙන මෛත්‍රිට දොඹ තෙලෙන් දුන්නේ බැසිල් රාජපක්ෂය. ඔහු මෛත්‍රි සමඟ සන්ධානගත වෙන්න සාකච්ඡා කරන ගමන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එකා දෙන්නා බාගෙන අන්තිමේදී මෛත්‍රිව අන්ත අසරණ කළේය. මෛත්‍රිට ඡන්ද නැති බව ඔහු දැන සිටියේය.

2018 පුංචි ඡන්දයේදී ශ්‍රීලනිපයට ඡන්ද ලැබුණේ ගමේ ශ්‍රීලනිප නායකත්වය නිසා බව බැසිල් දැන සිටියේය. 2019 ජනාධිපතිවරණයට මෛත්‍රි හෝ වෙනත් ශ්‍රීලනිප අපේක්ෂකයකු ඉල්ලුවහොත් ඒ ඡන්දවලින් විශාල ප්‍රමාණයක් මෛත්‍රි හෝ ඒ අපේක්ෂකයා ගන්නා බව ඔහු දැන සිටියේය. බැසිල් මෛත්‍රි නොඉල්ලන තැනට වැඬේ සෙට් කළා පමණක් නොව ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක් නොඑන තැනටද වැඬේ සෙට් කළේය.

එපමණක් නොව මෛත්‍රිව පොදුජන පෙරමුණු වේදිකාවට නොඑන තැනටද වැඬේ සෙට් කළේය. මෛත්‍රි වේදිකාවට ආ විට තියෙන ඡන්දත් නැති වෙන බව ඔහු දැන සිටියේය. ඔහු ශ්රීලනිපය දුටුවේ එළදෙනක් ලෙසය. ඔහු එළදෙනගේ වාසිදායක අග කොටස ගත්තේය. යූ.ඇන්.පී.ය මෛත්‍රි නිර්පාක්ෂික වීම මහා ජයග්‍රහණයක් සේ සලකා ඔළුව කොටස ගත්තේය. ගොවියා එළදෙනට කන්න දෙනවා වගේ යූ.ඇන්.පී.ය මෛත්‍රිට මෛත්‍රි ඉන්න ජනාධිපති මන්දිරය කැබිනට් පත්‍රිකාවකින් දෙන්න එකඟ විය. විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව දෙන්න එකඟ විය.

මෛත්‍රි ගත් අලුත්ම වාහනවලට බදු ගෙවන්න එකඟ විය. ව්‍යවස්ථාව දෙකට තුනට ඉරාදමපු මෛත්‍රිව යවන්න ඕනා පැජට් පාරේ ජනාධිපති මන්දිරයට නොව හිර ගෙදරටය. බැසිල් ගානට ශ්‍රීලනිපයේ ඡන්ද ටික දොවාගන්න වැඬේ සෙට් කරගෙන යයි. යූ.ඇන්.පී.ය තාමත් හිතාගෙන ඉන්නේ මෛත්‍රි අන්තිම සතියේ දේශපාලන බෝම්බයක් පත්තු කරයි කියාය. 2015 මහ මැතිවරණයෙන් අන්තිමම සතියේ මෛත්‍රි මහින්දට ලිපියක් ලියා බෝම්බයක් පත්තු කළේය. ඒ මෛත්‍රි ජනාධිපති වී මාස හයකට පසු මහා බලවන්තයෙක් වී සිටියදීය. දැන් මෛත්‍රිට පුළුවන් පුස් වෙඩිලි පත්තු කරන්නටය. හේතුව යූ.ඇන්.පී.කාරයන්ට රාජපක්ෂලා නයාට අඳුකොළ වගේය. ශ්රීලංකාකාරයන්ට ප්‍රේමදාසලා නයාට අඳුකොළ වගේය. ඒකාධිපතිවාදයට එරෙහිව මේ රටේ එජාප හෝ ශ්‍රීලනිප භේදයක් නැතිව සන්ධානගත වී ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. පළමු අවස්ථාව 1992 ප්‍රේමදාස විරෝධී ශ්‍රීලනිප සන්ධානයය. දෙවැනි අවස්ථාව 2015 රාජපක්ෂ විරෝධී එජාප සන්ධානයය. තවදුරටත් යූ.ඇන්පී.කාරයෝ රාජපක්ෂලාට අනුකම්පා කරන්නේත් නැත. ශ්‍රීලංකාකාරයෝ ප්‍රේමදාසලාට අනුකම්පා කරන්නේවත් නැත.

යූ.ඇන්.පී.ය කරන්න ඕනා 2015 සිට වසර 5ක පව් මෛත්රිගේ පිටින් යැවීමය. එහි වරදක් නැත. ඔහුගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක සභාවක් පිහිටුවලා රනිල් ගෙනගිය ආර්ථික වැඩපිළිවෙළ කඩාකප්පල් කොට බිමට සමතලා කළේ ඔහුය. ලොව ප්‍රකට ආයෝජක සෝරෝ ලංකාවට ආ විට ඔහුව හමු නොවී රස්තියාදු කොට ලංකාවට ආයෝජන ඒම නතර කළේ ඔහුය. ආයෝජනවලට පහසු වන සේ ආයෝජන අමාත්‍යාංශයට වැඩි බලතල දීම කඩාකප්පල් කළේත් ඔහුය. යූ.ඇන්.පී.ය හොර ගුහාවක් කොට පෙන්වූයේ ඔහුය. ආණ්ඩුවක් බලයට පත්වී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහි චෝදනා විභාග කරන විට මිනිස්සු හිතන්නේ එය පළිගැනීමක් කියාය. හැබැයි බලයේ සිටින ආණ්ඩුව එහි අගමැති ඇතුළු මැති ඇමැතිවරු ජනාධිපති කොමිසම්වලට ගෙන යනවා නම් මිනිසුන් හිතන්නේ ආණ්ඩුව මහ දවල් මංකොල්ලකනවා කියාය. ඇත්තටම යූ.ඇන්.පී.යට මැතිනියවත්, චන්ද්‍රිකාවත්, මහින්දවත් මෛත්‍රිපාල තරම් විනාශයක් කර නැත. යූ.ඇන්.පී.ය ඇල්පිටියෙන් 24%ක් ගත්තා නම් යූ.ඇන්.පී.ය එතැනට පත්කළේ මෛත්‍රිය. ඇමැති මණ්ඩලය හිතූ හිතූ වේලාවේ සංශෝධනය කොට විෂයන් පැයෙන් පැයට වෙනස් කොට ආණ්ඩුවට වැඩ කරන්න නොදී විකාරයක් කළේ මෛත්‍රිය.

යූ.ඇන්.පී.ය කට ඇරලා මේවා කියල ව්‍යවස්ථාව කඩ කළාට මෛත්‍රිට දඬුවම් දෙන බව කියල රට කරන හැටි පෙන්වන්න තමන්ට තනි බලයක් දෙන්න කියා කියන්නේ නැතිව මෛත්‍රිට කෝටි 100ක මාලිගා දන්දී බෝම්බයක් පුපුරුවන තෙක් බලා සිටියහොත් මෛත්රිගේ වැරැදියි, රනිල්ගේ වැරැදියි, ඇමැතිවරුන්ගේ වැරැදියි ඔක්කොම එකතු කරලා හංසයාගේ පිට උඩ තියල කපල මිනිස්සු කතිරය ගහන්නේ ගෝඨාටය. 2015 සිට 2018 අග තෙක් ප්‍රධාන ඇමැති ධුර දැරුවේ ශ්‍රීලනිප ඇමැතිවරු බව කිව යුතුය.

මෛත්‍රි සහ මහින්ද එක්වී කුමන්ත්‍රණ කරලා යූ.ඇන්.පී. ආණ්ඩුවට වැඩ කරන්න ඉඩ නොදී කඩාකප්පල් කරල රට අනාරක්ෂිත කොට බෝම්බ පුපුරුවන තැනට ගේම් ගස්සල රට විනාශ කළා යැයි කියන්නේ නැතිව මෛත්‍රි ශුද්ධ කරන්න ගියත් අශුද්ධ වෙන්නේ යූ.ඇන්.පී.යය. මේ ආණ්ඩුව මිනිස්සුන්ට අප්‍රිය වුණේ 50%ක් මෛත්‍රි නිසාය. 25%ක් රනිල් නිසාය. 25%ක් මැති ඇමැතිවරු නිසාය. යූ.ඇන්.පී.ය මෛත්රිගේ 50% කරේ තියන් යන්නේ නැතිව බිම තැබිය යුතුය.

හේතුව අද මෛත්‍රි පැන්ෂන් ගිය පොලිස්කාරයෙක් වගේය. කවුරුත් වේදිකාවට ගන්න බය දේශපාලන ලාදුරු රෝගියෙක් ගානය. මෛත්‍රි කවදා හරි ඉවර වෙන්නේ විජේතුංග කෙනෙක් වගේ යැයි 2015 ජුනි 12 වැනි දින මේ ලියුම්කරු ලීවේය. එම ලිපියේ හෙඩිම වූයේ “මෛත්‍රිට වෙන්න යන්නේ විජේතුංගට වෙච්ච දේද?” කියන එකය.

මේ ලියුම්කරු ඒ ලිපිය ලීවේ මෛත්‍රි ජනාධිපති වී මාස හයකින්ය. විජේතුංග නම් ගෙදර ගොස් සැනසීමේ ජීවත් විය. මෛත්‍රි මේ වසර පහේ කළ දේවලට පැජට් පාරේ ජනාධිපති මන්දිරයෙන් නොව පොළොන්නරුවේ ගෙදර ගිහින්වත් රෑට සැනසීමේ ඇහැ පියා ගන්න පුළුවන් වේදැයි සැකය. මන්ද රජකම් කළත් කළකම් පලදෙන කතාව හැදුණේ මෛත්‍රි උපන් රජරටින්මය.

[QUOTE="dinushka95, post: 24862598, member: 135374"] [b]රජකම් කලත් කලකම් පලදෙනවා[/b] 2015 ජනාධිපතිවරණයෙන් පරාජයවී මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයෙන් යන්න බඩු අස්කරද්දී රනිල් මහින්ද හමුවීමට එහි ගියේය. සාමකාමීව බලය හුවමාරු කරන ආකාරය ගැන සාකච්ඡා කිරීමෙන් පසු රනිල් නැඟිට යන්න හදද්දී මහින්ද රනිල්ගේ කනට කර යමක් කීවේය. “ඔය මනුස්සයව විශ්වාස කරන්න එපා. එයාට ඔච්චර කරපු මට පිහියෙන් ඇන්නා නම් ඔයාට අනින එක එයාට සුළු දෙයක්…” මහින්ද මේ කීවේ ඒ වන විටත් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට ලකලැහැස්ති වෙමින් සිටි මෛත්‍රිපාල සිරිසේන ගැනය. රනිල් මහින්දගේ ඒ කතාව ගණනකට ගත්තේ නැත. ඔහු හිතුවේ මහින්ද මෛත්‍රි කෙරෙහි උපන් වෛරය සහ වේදනාව දරාගත නොහැකිව එසේ කියනවා කියා විය යුතුය. වැඩි දවසක් ගියේ නැත. දින 100න් මහමැතිවරණයට යන පොරොන්දුව මෛත්‍රිපාල කඩ කළේය. මෛත්‍රි ගෙට දමාගත් සර්පයන් මෛත්‍රිට උපදෙස් දුන්නේ දින 100න් මහ මැතිවරණයට ගියහොත් රනිල් සහ යූ.ඇන්.පී. ආණ්ඩුව ශක්තිමත් වේ යැයි කියාය. මාස 6ක් ගොස් යූ.ඇන්.පී. ආණ්ඩුව පිළුණු වෙද්දී මෛත්‍රි පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ රනිල් සහ යූ.ඇන්.පී.යට බහුතර බලයක් නොලැබෙන්න වටපිටාව සකස් කරලාය. පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනයවත් මෛත්‍රි රනිල්ට හෝ යූ.ඇන්.පී.යට කීවේ නැත. ඔහු ඒ වෙනකොට මහින්ද සමඟ එකතු වෙන්න සාකච්ඡා කරමින් සිටයේය. හැමෝම පුදුමයට පත්කරමින් ඔහු මහින්දට නාමයෝජනා දෙන්න තීරණය කළේය. 2015 ජනාධිපතිවරණයට පසු දින මහින්ද රනිල්ට කනට කර කී කතාව රනිල්ට මතක් වුණේ එවිටය. මහින්දට නාමයෝජනා දී ඇති බව ඔහුට ආරංචි වූ විගස ඔහු තමා අසල සිටි ඇමැතිවරුන්ට මහින්ද එදා කනට කර කී කතාව කීවේය. ඇත්තටම මහින්ද එදා රනිල්ට කී කතාව ඇත්තය. මෛත්‍රි ගැන මේ කතාව මුලින්ම කීවේ බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා අනුර බණ්ඩාරනායකය. මෛත්‍රිව පොළොන්නරුවෙන් දේශපාලනයට ගෙන ආවේ ඔහුය. 2006 සැප්තැම්බර් ශ්‍රීලනිප සම්මේලනයට ශ්‍රීලනිප හිටපු නායිකා සහ ජනාධිපතිනි චන්ද්‍රිකාට ආරාධනා පත්‍රයක් යවා තිබුණේ නැත. එවකට ශ්‍රීලනිප ලේකම් මෛත්‍රිපාල කීවේ චන්ද්‍රිකාට ආරාධනා පත්‍රයක් යැව්වා කියාය. එහෙත් ඔහු චන්ද්‍රිකාව පක්ෂ නායකත්වයෙන් ඉවත් කොට මහින්දව පක්ෂ නායකත්වයට පත්කරන රාජපක්ෂවරුන්ගේ කුමන්ත්රණයේ ප්‍රධානතම චරිතය රඟපාමින් සිටියේය. චන්ද්‍රිකාව පක්ෂ නායකත්වයෙන් ඉවත් කරන යෝජනාව ඉදිරිපත් කළේ මෛත්‍රිය. ඊට එරෙහිව ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ජෝන් සෙනෙවිරත්න ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කතා කරද්දී චන්ද්‍රිකා ඉවත් කළ යුතුය යන දැඩි මතයේ සිටියේ මෛත්‍රිපාලය. චන්ද්‍රිකාව පක්ෂ නායකත්වයෙන් ඉවත් කොට මහින්දව පක්ෂ නායකත්වයට පත්කරන යෝජනාව පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කරන විට චන්ද්‍රිකා එයට සහභාගි වුවහොත් ප්‍රශ්නයක් වේ යැයි ඔහු බියවිය. ඒ නිසා ඔහු රාජපක්ෂවරුන්ගේ උපදෙස් මත චන්ද්‍රිකාට පක්ෂ සම්මේලනයට ආරාධනා කිරීමේ ආරාධනා පත්‍රය යැව්වේ නැත. මෙයින් කේන්තියට පත් අනුර බණ්ඩාරනායක 2006 අගෝස්තු 20 මෛත්‍රිපාලට ලිපියක් ලීවේය. මේ එම ලිපියේ කොටසකි. “ඔබව දේශපාලනයේ හදාවඩා ඔබව ඇමැතිවරයෙක් බවට පත්කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ඔබ කර ඇති නින්දාව සුළුපටු නොවේ. ඔබ වැනි ගුණමකු මිනිසකු මා මීට පෙර දැක නැත. ඔබ වැනි චාටු කතා කියන චාටුකාරයෙක් මම මීට පෙර දැක නැත. ඔබ ඇය ජනාධිපති ධුරයේ සිටියදී කී චාටු කතා මට හොඳට මතකය. ඔබතුමිය කියන හැම දේම හරි යැයි ඇයට ඔබ කීවේය. ඔබතුමිය නිසා තමයි ඉර පායන්නේ ඉර බහින්නේ පොළොව කරකැවෙන්නේ යැයි ඔබ ඇයට කියා ඇත. ඔබගේ ඒ චාටු කතා අහගෙන සිටි මට දැන් මතක් වන්නේ අපි හෝඩියේ පන්තියේ උගෙන ගත් බා බා බ්ලැක් ෂිප් ගීතයය.” මේ අනුරගේ වචනය. ඔහු පමණක් නොව චන්ද්‍රිකාද ඇයව නායකත්වයෙන් ඉවත් කිරීමට මෛත්‍රි කළ කුමන්ත්‍රණයට එරෙහිව මෛත්‍රිට සැර ලිපියක් ලීවාය. පසුව අනුර මියගිය විට ජනාධිපති ලෙස මහින්දගේ ශෝක පණිවුඩය කියන්න මෛත්‍රි අවමඟුල් උළෙලට ආ විට ඇය මෛත්‍රිව පන්නා ගත්තාය. දි.මු. ජයරත්න හෝ වෙනත් පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් මහින්දගේ ශෝක පණිවුඩය කියවනවා නම් එයට ඉඩ දිය හැකි බව චන්ද්‍රිකා කීවාය. “එහෙව් චන්ද්‍රිකා ඇය සහ ඇයගේ සහෝදරයා ගුණමකුවකු යැයි හඳුන්වපු මෛත්‍රිව 2015 ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කරන්න රනිල් සහ යූ.ඇන්.පී.ය එකඟ කරගත්තේ ඇයි…? ඒකත් ලස්සන කතාවකි. මෛත්‍රි, රාජපක්ෂවරු සමඟ එක්ව බණ්ඩාරනායක පවුල පක්ෂයෙන් ශුද්ධ කළේ මහින්දට පසු තමාට පක්ෂ නායකත්වයට එන්න ලෙහෙසි වෙයි කියා හිතාගෙනය. 2006 වන විට බැසිල් පක්ෂය තුළට ඇවිත් හිටියේ නැත. බැසිල් පක්ෂය තුළට ඇවිත් පක්ෂය සියතට ගන්නා විට මෛත්‍රිට චන්ද්‍රිකා සිහිවිය. එතැන් සිට ඔහු හොර රහසේ චන්ද්‍රිකාට පණිවුඩ යැව්වේය. ඔහු චන්ද්‍රිකාට කීවේ රාපක්ෂලා පක්ෂය විනාශ කරනවා, පක්ෂය බේරාගන්න නායකත්වය ගන්න කියාය. චන්ද්‍රිකා මෛත්‍රිට අපේක්ෂකත්වය දෙන්න රනිල් සහ යූ.ඇන්.පී.ය එකඟ කරවා ගත්තේ මෛත්‍රි දිනවා ශ්‍රීලනිප නායකත්වය චන්ද්‍රිකා අතට ගන්නටය. “රනිල් රට ආණ්ඩු කරයි. ඔබතුමිය ශ්රීලනිපය අතට ගන්න. මම විලියම් ගොපල්ලව වගේ ඉන්නම්” මෛත්‍රි චන්ද්‍රිකාට පොරොන්දු වුණේ එහෙමය. අන්තිමෙ චන්ද්‍රිකාත් නොදැන මෛත්‍රි ශ්‍රීලනිප නායකයා විය. ඔහු මහින්දගෙන් ශ්‍රීලනිප නායකත්වය ගත්තේ මහින්දට සහ පවුලට එරෙහි නඩුවලින් බේරනවා කියයා. මෛත්රිගේ විනාශය පටන්ගත්තේ එතැනින්ය. එතැන් සිට ඔහු බැලුවෙ 2019 ජනාධිපතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂකයා වෙන්නටය. එසේ බැරි වුණොත් 2019 ජනාධිපතිවරණයට යළිත් එජාප පොදු අපේක්ෂකයා වීම ඔහුගේ බලාපොරොත්තුව විය. ශ්‍රීලනිප අපේක්ෂකයා වෙන්න නම් රාජපක්ෂ පවුල ඉවර කළ යුතු බව ඔහු දැන සිටියේය. එජාප අපේක්ෂකයා වෙන්න රනිල් සහ රනිල්ගේ හිතවතුන් ඉවර කළ යුතු බව ඔහු දැන සිටියේය. රාජපක්ෂලා ඉවර කරන්න ඔහු බැසිල්ව හිරේට දැම්මේය. නාමල්ව හිරේට දැම්මේය. යෝෂිතව හිරේට දැම්මේය. මහින්ද සහ ශිරන්තිට එරෙහි නඩු දමන්න චෝදනා ගොනු කළේය. රනිල්ව ඉවර කරන්න ඔහු බැඳුම්කර කොමිසම දමා රනිල්ව අත්අඩංගුවට ගන්න ක්‍රමයක් හෙව්වේය. ශ්‍රීලනිප අපේක්ෂකයා වී දිනන්න නම් රාජපක්ෂ පවුලේ සහාය අවශ්‍ය බව ඔහු දැන සිටියේය. ඒ සඳහා ඔහු ගෝඨාභය රාජපක්ෂව ළඟට ගෙන ඔහුව ඇවන්ගාඞ් නඩුවේදී උසාවි කූඩුවේ දමනවාට එරෙහිව කෑගසමින් ඔහු තමාගේ අගමැති අපේක්ෂක ලෙස පෙන්වීය. අනෙක් අතින් එජාප පොදු අපේක්ෂකයා වීමට සජිත්ව ළඟට ගත්තේ සජිත්වාදීන් රනිල්ට එරෙහිව පාවිච්චි කරමින්ය. 2019 දී ඔහු එජාප පොදු අපේක්ෂක වුවහොත් ඔහුගේ අගමැති අපේක්ෂක සජිත් යැයි ඔහු යූ.ඇන්.පී.යට පෙන්වීය. ඔහු රාජපක්ෂ පවුලෙන් ගෝඨාභයට ඉහළට එන්න උදව් කළේ ඔහුගේ කර මතින් ජනාධිපති වෙන්නටය. එජාපයේ සජිත්ට උදව් කළේ සජිත්ගේ කර මතින් ජනාධිපති වෙන්නටය. අද ගෝඨාභය පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකය. සජිත් එජාපයේ ජනාධිපති අපේක්ෂකය. මෛත්‍රි ගෙදර යන්න දවස් ගනිමින් සිටී. “එහෙම වුණේ ඇයි…?” එහෙම වෙන්නේ අර ගමේ භාෂාවෙන් කියනවා නම් මේ ලෝකය පාලනය කරන දෙවියෙක් සිටින නිසාය. මෛත්‍රි ජනාධිපති වූ දින සිට හැම මිනිත්තුවක්ම ගතකළේ 2019 ජනාධිපති අපේක්ෂක වෙන්න තමාට බාධාවක් වෙන්නේ කවුද, ඔහුට හෝ ඇයට අංචියක් අදින්නේ කොහොමද කියා හිතමින්ය. ඔහු ජනාධිපති වී දිවුරුම් දෙන වෙලාවේ කීවේ තමා නිල කාලයෙන් පසු මිනිත්තුවක් ජනාධිපති පුටුවේ ඉන්නේ නැහැ කියාය. වැඩි කල් ගියේ නැත. ඔහු ජනාධිපති නිල කාලය දික් කරගන්න උසාවියේ මතය ඇසුවේය. ව්‍යවස්ථාව කඩා බිඳදමා මහින්දව අගමැති කළේත් ජනාධිපති අපේක්ෂකත්වය දෙන බවට රාජපක්ෂ පවුල පොරොන්දු කරගෙනය. ඔහු තමාගේ ජනාධිපති අපේක්ෂකත්වයට ඒකාබද්ධව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ගන්න රනිල් සහ යූ.ඇන්.පී. ආණ්ඩුව පොළොවේ ගැහුවේය. අලියාව කරකවල පොළොවේ ගැහුවේය. ඔහු 2015 සිට මේ තාක් කළේ ජනාධිපතිකම් කිරීම හෝ රට පාලනය කිරීම නොව රනිල් සහ යූ.ඇන්.පී. ආණ්ඩුවත්, මිනිස්සුත් බය කිරීමය. ඒ වැඬේ කළේ ඔහුගේ මාධ්‍ය අංශයය. හෙට ජනාධිපති දැඩි තීරණයක් ගන්නවා. හදිසි ඇමැති මණ්ඩල සංශෝධනයක්, ජනාධිපති කොමිෂන් එක පිට එක යැයි කියමින් මාධ්‍යවල පුවත් මවමින් ඔවුත් ඔහුගේ මාධ්‍ය අංශයත් රටත් ජනතාවත් බය කළේ භූතයෙක් වගේය. රට අස්ථාවර වුණේත් පාස්කු බෝම්බයට පාර කැපුණේත් එයින්ය. ඔහු පොලිසිය සහ ආරක්ෂක අංශ පාවිච්චි කළේ ඔහුව ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් තියෙනවා යැයි කියා රනිල්ව අත්අඩංගුවට ගන්න ක්‍රමයක් හොයන්නටය. රාජපක්ෂලාට කඬේ යන මාධ්‍යද ඔහුට එරෙහි වචනයක් ලීවේ හෝ කීවේ නැත්තේ ඔහු යූ.ඇන්.පී.ය විනාශ කොට රාජපක්ෂලාට එන්නට පාර කපන බව දැනගෙනය. ඔහු රාජපක්ෂ පවුල්වාදයට පහර ගසා ඔහුගේ සහෝරදයාව ටෙලිකොම් සභාපති ලෙස පත්කරන විට මාධ්‍ය ඔහුට එරෙහිව වචනයක් කතා කළේ නැත. ඔහු මහරාජාගේ කොම්පැනි හරහා රුසියානු යුද නැව් ගෙන්වන්න යන විට මාධ්‍ය ඒ ගැන කතා කළේ නැත. කතා කළේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය පමණි. ඔහු එම වෙබ් අඩවිය තහනම් කළේය. පාස්කු ප්‍රහාරයට රටේ ආරක්ෂක සහ නීතිය සාමය භාර ඇමැති ලෙස ඔහු වගකිව යුතු බව බය නැතිව කීවේ ෆොන්සේකා පමණි. රාජපක්ෂලා හෝ පොදුජන පෙරමුණද ඒ ගැන වචනයක්වත් කීවේ නැත. ඒ නඩුවලට බයේය. හැබැයි මෛත්‍රි කවුද කියල හොඳට හඳුනාගෙන මෛත්‍රිට දොඹ තෙලෙන් දුන්නේ බැසිල් රාජපක්ෂය. ඔහු මෛත්‍රි සමඟ සන්ධානගත වෙන්න සාකච්ඡා කරන ගමන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එකා දෙන්නා බාගෙන අන්තිමේදී මෛත්‍රිව අන්ත අසරණ කළේය. මෛත්‍රිට ඡන්ද නැති බව ඔහු දැන සිටියේය. 2018 පුංචි ඡන්දයේදී ශ්‍රීලනිපයට ඡන්ද ලැබුණේ ගමේ ශ්‍රීලනිප නායකත්වය නිසා බව බැසිල් දැන සිටියේය. 2019 ජනාධිපතිවරණයට මෛත්‍රි හෝ වෙනත් ශ්‍රීලනිප අපේක්ෂකයකු ඉල්ලුවහොත් ඒ ඡන්දවලින් විශාල ප්‍රමාණයක් මෛත්‍රි හෝ ඒ අපේක්ෂකයා ගන්නා බව ඔහු දැන සිටියේය. බැසිල් මෛත්‍රි නොඉල්ලන තැනට වැඬේ සෙට් කළා පමණක් නොව ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක් නොඑන තැනටද වැඬේ සෙට් කළේය. එපමණක් නොව මෛත්‍රිව පොදුජන පෙරමුණු වේදිකාවට නොඑන තැනටද වැඬේ සෙට් කළේය. මෛත්‍රි වේදිකාවට ආ විට තියෙන ඡන්දත් නැති වෙන බව ඔහු දැන සිටියේය. ඔහු ශ්රීලනිපය දුටුවේ එළදෙනක් ලෙසය. ඔහු එළදෙනගේ වාසිදායක අග කොටස ගත්තේය. යූ.ඇන්.පී.ය මෛත්‍රි නිර්පාක්ෂික වීම මහා ජයග්‍රහණයක් සේ සලකා ඔළුව කොටස ගත්තේය. ගොවියා එළදෙනට කන්න දෙනවා වගේ යූ.ඇන්.පී.ය මෛත්‍රිට මෛත්‍රි ඉන්න ජනාධිපති මන්දිරය කැබිනට් පත්‍රිකාවකින් දෙන්න එකඟ විය. විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව දෙන්න එකඟ විය. මෛත්‍රි ගත් අලුත්ම වාහනවලට බදු ගෙවන්න එකඟ විය. ව්‍යවස්ථාව දෙකට තුනට ඉරාදමපු මෛත්‍රිව යවන්න ඕනා පැජට් පාරේ ජනාධිපති මන්දිරයට නොව හිර ගෙදරටය. බැසිල් ගානට ශ්‍රීලනිපයේ ඡන්ද ටික දොවාගන්න වැඬේ සෙට් කරගෙන යයි. යූ.ඇන්.පී.ය තාමත් හිතාගෙන ඉන්නේ මෛත්‍රි අන්තිම සතියේ දේශපාලන බෝම්බයක් පත්තු කරයි කියාය. 2015 මහ මැතිවරණයෙන් අන්තිමම සතියේ මෛත්‍රි මහින්දට ලිපියක් ලියා බෝම්බයක් පත්තු කළේය. ඒ මෛත්‍රි ජනාධිපති වී මාස හයකට පසු මහා බලවන්තයෙක් වී සිටියදීය. දැන් මෛත්‍රිට පුළුවන් පුස් වෙඩිලි පත්තු කරන්නටය. හේතුව යූ.ඇන්.පී.කාරයන්ට රාජපක්ෂලා නයාට අඳුකොළ වගේය. ශ්රීලංකාකාරයන්ට ප්‍රේමදාසලා නයාට අඳුකොළ වගේය. ඒකාධිපතිවාදයට එරෙහිව මේ රටේ එජාප හෝ ශ්‍රීලනිප භේදයක් නැතිව සන්ධානගත වී ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. පළමු අවස්ථාව 1992 ප්‍රේමදාස විරෝධී ශ්‍රීලනිප සන්ධානයය. දෙවැනි අවස්ථාව 2015 රාජපක්ෂ විරෝධී එජාප සන්ධානයය. තවදුරටත් යූ.ඇන්පී.කාරයෝ රාජපක්ෂලාට අනුකම්පා කරන්නේත් නැත. ශ්‍රීලංකාකාරයෝ ප්‍රේමදාසලාට අනුකම්පා කරන්නේවත් නැත. යූ.ඇන්.පී.ය කරන්න ඕනා 2015 සිට වසර 5ක පව් මෛත්රිගේ පිටින් යැවීමය. එහි වරදක් නැත. ඔහුගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක සභාවක් පිහිටුවලා රනිල් ගෙනගිය ආර්ථික වැඩපිළිවෙළ කඩාකප්පල් කොට බිමට සමතලා කළේ ඔහුය. ලොව ප්‍රකට ආයෝජක සෝරෝ ලංකාවට ආ විට ඔහුව හමු නොවී රස්තියාදු කොට ලංකාවට ආයෝජන ඒම නතර කළේ ඔහුය. ආයෝජනවලට පහසු වන සේ ආයෝජන අමාත්‍යාංශයට වැඩි බලතල දීම කඩාකප්පල් කළේත් ඔහුය. යූ.ඇන්.පී.ය හොර ගුහාවක් කොට පෙන්වූයේ ඔහුය. ආණ්ඩුවක් බලයට පත්වී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහි චෝදනා විභාග කරන විට මිනිස්සු හිතන්නේ එය පළිගැනීමක් කියාය. හැබැයි බලයේ සිටින ආණ්ඩුව එහි අගමැති ඇතුළු මැති ඇමැතිවරු ජනාධිපති කොමිසම්වලට ගෙන යනවා නම් මිනිසුන් හිතන්නේ ආණ්ඩුව මහ දවල් මංකොල්ලකනවා කියාය. ඇත්තටම යූ.ඇන්.පී.යට මැතිනියවත්, චන්ද්‍රිකාවත්, මහින්දවත් මෛත්‍රිපාල තරම් විනාශයක් කර නැත. යූ.ඇන්.පී.ය ඇල්පිටියෙන් 24%ක් ගත්තා නම් යූ.ඇන්.පී.ය එතැනට පත්කළේ මෛත්‍රිය. ඇමැති මණ්ඩලය හිතූ හිතූ වේලාවේ සංශෝධනය කොට විෂයන් පැයෙන් පැයට වෙනස් කොට ආණ්ඩුවට වැඩ කරන්න නොදී විකාරයක් කළේ මෛත්‍රිය. යූ.ඇන්.පී.ය කට ඇරලා මේවා කියල ව්‍යවස්ථාව කඩ කළාට මෛත්‍රිට දඬුවම් දෙන බව කියල රට කරන හැටි පෙන්වන්න තමන්ට තනි බලයක් දෙන්න කියා කියන්නේ නැතිව මෛත්‍රිට කෝටි 100ක මාලිගා දන්දී බෝම්බයක් පුපුරුවන තෙක් බලා සිටියහොත් මෛත්රිගේ වැරැදියි, රනිල්ගේ වැරැදියි, ඇමැතිවරුන්ගේ වැරැදියි ඔක්කොම එකතු කරලා හංසයාගේ පිට උඩ තියල කපල මිනිස්සු කතිරය ගහන්නේ ගෝඨාටය. 2015 සිට 2018 අග තෙක් ප්‍රධාන ඇමැති ධුර දැරුවේ ශ්‍රීලනිප ඇමැතිවරු බව කිව යුතුය. මෛත්‍රි සහ මහින්ද එක්වී කුමන්ත්‍රණ කරලා යූ.ඇන්.පී. ආණ්ඩුවට වැඩ කරන්න ඉඩ නොදී කඩාකප්පල් කරල රට අනාරක්ෂිත කොට බෝම්බ පුපුරුවන තැනට ගේම් ගස්සල රට විනාශ කළා යැයි කියන්නේ නැතිව මෛත්‍රි ශුද්ධ කරන්න ගියත් අශුද්ධ වෙන්නේ යූ.ඇන්.පී.යය. මේ ආණ්ඩුව මිනිස්සුන්ට අප්‍රිය වුණේ 50%ක් මෛත්‍රි නිසාය. 25%ක් රනිල් නිසාය. 25%ක් මැති ඇමැතිවරු නිසාය. යූ.ඇන්.පී.ය මෛත්රිගේ 50% කරේ තියන් යන්නේ නැතිව බිම තැබිය යුතුය. හේතුව අද මෛත්‍රි පැන්ෂන් ගිය පොලිස්කාරයෙක් වගේය. කවුරුත් වේදිකාවට ගන්න බය දේශපාලන ලාදුරු රෝගියෙක් ගානය. මෛත්‍රි කවදා හරි ඉවර වෙන්නේ විජේතුංග කෙනෙක් වගේ යැයි 2015 ජුනි 12 වැනි දින මේ ලියුම්කරු ලීවේය. එම ලිපියේ හෙඩිම වූයේ “මෛත්‍රිට වෙන්න යන්නේ විජේතුංගට වෙච්ච දේද?” කියන එකය. මේ ලියුම්කරු ඒ ලිපිය ලීවේ මෛත්‍රි ජනාධිපති වී මාස හයකින්ය. විජේතුංග නම් ගෙදර ගොස් සැනසීමේ ජීවත් විය. මෛත්‍රි මේ වසර පහේ කළ දේවලට පැජට් පාරේ ජනාධිපති මන්දිරයෙන් නොව පොළොන්නරුවේ ගෙදර ගිහින්වත් රෑට සැනසීමේ ඇහැ පියා ගන්න පුළුවන් වේදැයි සැකය. මන්ද රජකම් කළත් කළකම් පලදෙන කතාව හැදුණේ මෛත්‍රි උපන් රජරටින්මය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom