Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජකම අහිමි වූ කුමාරවරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජකම අහිමි වූ යකඩ දෝලියේ කුමාරවරු

ලෝකයේ බොහෝ රට වල වගේම අපේ මේ පුංචි රටෙත් වසර දහස් ගණනාවක් පැවතුනේ රාජාණ්ඩු ක්‍රමයක්. විජයාවතරණයත් එක්ක ලංකාවෙ රාජ්‍යත්වය ආරම්භ වුණා කියල හිතුවොත් විජය රජතුමාගෙ ඉදන් ලංකාවෙ අවසන් රජතුමා වුණ ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා වූ රාජාවලියෙ විශේෂතා කිහිපයක්ම හඳුනගන්න පුළුවන්. පරම්පරා කිහිපයක්ම විවිධ යුග වල මේ රටේ රාජ්‍යත්වය දැරුවා. මේ පවුල් අතර ආවාහ විවාහ සිදු වුණේ විවිධ ආකාරයට. විවිධ කුල අතරෙ. ඒ කොහොම වුණත් අභිශේක ලත් රජතුමාගෙ අගමෙහෙසිය වන්න නම් උභය කුල පාරිශූද්ධ රාජ පරම්පරාවකින් පැවත කුමාරිකාවක් වීම අත්‍යවශ්‍ය කාරණයක් වුණා.

මෙය කොතරම් ප්‍රබල වුණාද කියතොත් ලංකාවෙ රාජාවලියෙ ආරම්භයෙ ඉදන් අවසානය දක්වාම විවිධ අවස්ථා වල රාජ කුමාරිකාවන් අසල්වැසි ඉන්දියාවෙන් රැගෙන ආ ආකාරය තුලින් පේනවා. ලාට රට සිංහපුරයෙන් පිටුවහල්ව මෙරටට පැමිණි විජය රජු මේ ක්‍රමයෙ ආරම්භකයා කිවහොත් එය නිවැරදියි. ඔහුට ලංකාපුරය දිනා ගන්න හැකියාව ලැබෙන්නෙ කුවේණි නම් යක්ෂ ගෝත්‍රික කුමරියගේ සහයෙන්. ඔහු ඇයව විවාහ කරගෙන ඇගේ කුසට දරු දෙදෙනෙක් ලබා දුන්නත්, ආර්ය සිරිත් අනුව මදුරාපුර කුමාරිකාවක් ගෙන්වා ගන්නට ඔහුව සිදු වෙනවා. සියල්ල අවසන කුවේණියත් ඇගේ දරු දෙදෙනා වූ ජීවහත්ථත් දිසාලාත් ඓතිහාසික අසාධාරණයක වින්දිතයන් බවට පත්වෙනවා. කුවේණිය සිය දිවි තොර කරගනිද්දී දරු දෙදෙන සබරගමුවට පලා ගිය බව කියවෙනවා.

විජයගෙන් පසුව රජ පැමිණි පඬුවස්දෙව් රජුත් අග මෙහෙසිය කරගන්නෙ ඉන්දියාවෙන් පැමිණෙන භද්දකච්චායනා කුමාරියව. මහා වංශයේ වීරයා වූ දුටු ගැමුණු රජතුමාගෙ බිසව ගැන තොරතුරු වංශකතා කරුවා සඳහන් කරන්නෙ නෑ. ඒ වගේම ඔහුගෙ පුත් සාලිය කුමාරයට රජකම අහිමි වෙන්නත් බලපාන්නෙ රාජවංශික නොවූ අශෝක මාලාට බැඳි ප්‍රේමය. ධාතුසේන රජතුමා කාෂ්‍යප කුමරු නොසලකා මුගලන් කුමරුට රජකම පවරන්නෙ ඔහු අග මෙහෙසියගේ පුත්‍රයා වීම නිසා. නමුත් කාෂ්‍යප ඒ සම්ප්‍රදායට අභියෝග කරනවා. මේ සම්මතයට එරෙහි වුණේ කාෂ්‍යප කුමාරය විතරක්ම නොවෙයි. අපේ ඉතිහාසයේ ඇමතිවරු සෙනවි වරු විතරක් නෙවෙයි, දොරටු පාලකයන් පවා රජ වුණ අවස්ථා තියෙනවා. ඒ කොහොම වුණත් මූලික සම්ප්රදාය වුණ උභය කුල පාරිශුද්ධත්වය සෙවීම රාජාවලියෙ අවසානය දක්වාම නොනැසී පවතිනවා.

උඩරට රාජධානිය වෙද්දි බහු භාර්යා විවාහ ක්‍රමය රජවරුන් හා වංශවතුන් අතර ක්‍රියාත්මක වුණ බවක් දකින්න පුළුවන්. නමුත් අගබිසව වන්නට හා ඔටුන්න හිමි කුමරෙක්ට මව වන්නට උභය කුල පාරිශුද්ධ රාජ වාංශික කුමරියක් සිටිය යුතු වූවා. වීරසුන්දර බණ්ඩාර නම් උඩරට ප්රභූවරයගෙ පුත්‍රයා වුණ කොනප්පු බණ්ඩාර උඩරට රාජ්‍යත්වයේ උරුමය ලබා ගන්නෙ උඩරට හිටපු රජු වූ කරලියැද්දේ බණඩාරගෙ දියණිය වූ කුසුමාසන දේවිය විවාහ කර ගැනීමෙන්. ක්‍රි.ව 1604 දි පළමුවන විමලධර්මසූරිය නමින් රජ වූ කොනප්පු බණ්ඩාරගේ මරණින් පසු ඔහුගේ ඥාති සොහොයුරා සෙනරත් නමින් රජ වෙනවා. මේ වෙද්දි ලංකාවෙ රජ පවුලකට හිටියෙ උඩරට රජ පවුල පමණයි. එතෙක් රජ පරපුරකට උරුමකම් කී කෝට්ටේ රජ පෙලපත වගේම සතර කෝරලේ කීරවැල්ල පෙලපතත් අවසන් වෙලා තිබුණෙ. සිහසුනට ඍජු උරුමයක් නොතිබූ ඔහු පළමුවන විමලධර්මසූරිය රජුගේ වැන්දඹු බිසව වූ කුසුමාසන දේවියම තම බිසව කර ගනිමින් රාජ්‍යත්වය තහවුරු කර ගන්නවා.

නමුත් ඔහුගේ පුත්‍රයා වුණ දෙවන රාජසිංහට උභය කුල පාරිශුද්ධ සම කුල බිසවක් සොයා ගැනීම විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ වෙනුවෙන් ඔහු මදුරා රාජ්‍යය දෙසට හැරෙනවා. හැබැයි මේ වෙද්දිත් රජුට බිසවක් ඉන්නවා. ඇය යකඩදෝලියක්. යකඩ දෝලි විදිහට සලකන්නෙ රජුගෙ සමකුල නොවූ බිසෝවරුන්ට. ඔවුන් බොහෝ විට රජුට සමීප රදල ප්‍රධානීන්ගෙ දියණියන් වුණා. රජුගෙ අග බිසව වෙනුවෙන් භාවිතා වුණේ රන් දෝලාවල් අනිකුත් බිසෝවරුන්ට වෙන් වුණේ යකඩ දෝලාවල් මේ නිසා මේ බිසෝ වරුන්ට යකඩ දෝලි යැයි හැදින්වුවා කියල කියන්න පුළුවන්. දෙවනි රාජසිංහ රජුගෙ මේ යකඩ දෝලිය වැලිගම දුක්ගන්නා මහත්මයෙන් නමින් හැඳින්වූ කුල කාන්තාවක්. නමුත් ඇයට අග මෙහෙසිය වෙන්න වරම් ලැබෙන්නෑ. ඒ අවස්ථාව හිමිවෙන්නෙ නායක්කර් වංශික කුමරියකට.

මේ රජුගෙ පුත්‍රයා වූ දෙවන විමලධර්මසූරිය රජුත්, ඔහුගේ පුත්‍රයා වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුත් අග මෙහෙසියන් වශයෙන් විවාහ කරගන්නෙ නායක්කර් වංශික කුමාරිකාවන්. අවසන් සිංහල රජු බවට පත්වන නරේන්ද්‍රසිංහ රජුට ලාංකික බිසවකුත් ඉදල තියෙනව. ඇය මාතලේ මොණරවිල දිසාවෙගේ දියණියක්.

නරේන්ද්‍රසිංහ රජතුමාගේ අග බිසවට පිරිමි දරුවන් සිට නැහැ. ඒ නිසා ඔහුගේ අනුප්‍රාප්තිකයා බවට පත්වන්නේ නායක්කර් වංශික අග බිසවගේ සොහොයුරා වූ ශ්‍රී විජය රාජසිංහ. නරේන්ද්‍රසිංහ රජතුමාගේ එකම පුත්‍රයා වූ උනම්බුවේ බණ්ඩාර සිංහාසනාරූඪ කලේ නම් එතෙක් අවිච්චින්නව පැවත ආ සිංහල රාජ්‍යත්වය අහෝසි නොවන්නට තිබුණා. ප්‍රබල දේශ හිතෛෂියෙකු වූ ලෙව්කේ දිසාවේ උනම්බුවේ කුමාරයා රජකමට පත් කරගන්නට වෙහෙසුනත් රජුගේ මරණයෙන් පසු අනෙකුත් රදල ප්‍රධානීන් තමන්ගේම අයෙක් සිහසුනට පත් කරගන්නට තරම් නිහතමානී නොවුණු බව අනුමාන කරන්න පුළුවන්.

මේ නිසා සිංහලේ රජකම විජාතිකයෙක් මත පැවරුණා. ශ්‍රී විජරාජසිංහ රජු මිය යන විට අනුප්‍රාප්තිකයා ලෙස ඔහුගේ බිරිදගේ සොයුරු කීර්ති ශ්‍රී රාජසිංහ පත් කොට තිබූ බැවින් ඔහු රජ වුණා. ඔහු විසින් නායක්කර් වංශික විවාහයන් තුනක් සිදු කර ගෙන තිබුණද, ඉන් එකදු විවාහයකින් හෝ දරු ඵල හිමිව නැහැ. නමුත් බින්තැන්නේ හිටපු දිසාවෙගේ දියණිය වූ අන්ධ වයස්ගත මාපිටිය දිසාවෙගේ මිණිබිරිය වූ මාම්පිටිය දුග්ගන්නා උන්නාන්සේ ගෙන් රජු ට දියණිවරු දෙදෙනෙක් හා පුත්‍රයන් දෙදෙනෙක් ඉදල තියෙනව. ශ්රොයිඩර් නම් ලන්දේසි වාර්තාකරුවාට අනුව රජු දතුණු ඉන්දීය බිසෝවරුන්ටත් වඩා ඇයට ප්‍රිය කරල තියෙනව. ඒ නිසාම මාම්පිටිය පවුල රාජ සභාවේ ඉහළ ප්‍රභූත්වයක් හිමි කරගෙන ඉදල තියෙනව.

මේ හිතවත්කම් කිසිවක් රාජ්‍යත්වයේ මීලඟ උරුමය වෙනුවෙන් අදාල වී නැහැ. රජුගෙන් පසු රාජ්‍යත්වය උරුම වන්නේ ඔහුගේ සොයුරු රාජාධිරාජසිංහ රජුන්ට. රාජාධිරාජසිංහගෙන් පසු රජ පැමිණි සිංහලේ අවසන් රජු වූ කන්නසාමිගේ ජෛව විද්‍යාත්මක පියා කවුද යන්න පිළිබඳව පවා ඇත්තේ ගැටළුවක්. පිළිමතලව්වේ රජුගේ සැලැස්මක් මත හිටපු රජුගේ බිසවගේ සොයුරියගේ පුතු මෙලෙස රාජ්‍යත්වයට පත් වෙනවා.

ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයේ ආරම්භයේ සිටම රජකම වෙනුවෙන් පැවති මෙම පවුල්වාදය රාජ්‍යත්වයේ සේම රජ කමේ අවසානයටද වක්‍රාකාරව හේතු වුණා. රජුගේ යකඩ දෝලියක පුතුන් බණ්ඩාර වරු ලෙස සැලකූ බවක් පෙනෙන්නට තියෙනවා. ගම්පොළ, කෝට්ටේ, සීතාවක, මහනුවර යුගවල මේ බණ්ඩාරවරුන් බොහෝ අවස්ථා වල අපට හමුවෙනවා. මොවුන් ප්‍රාදේශීය පාලනයට සැලකිය යුතු දායකත්වයක් එක් කර තියෙනව. රජ පවුල් හා නෑ සබඳතා පැවැත්වුවද උඩරට රදල ප්‍රධානීන් හා රජු අතර නිරන්තර බල අරගලයක් තිබිල තියෙනවා. රජු යකඩ දෝලියක පුත්‍රයෙක් අනුප්‍රාප්තිකයා ලෙස නම් නොකරන්නට එය බලපාලා තියෙනව.

නරේන්ද්‍රසිංහ රජුගේ දෙවනි වසරේදීම රජු මරා පට්ටියේ බණ්ඩාර නම් අයෙක් රජ කරවීමේ සැලැස්මක් තිබුණා. පට්ටියේ බණ්ඩාර දෙවන විමලධර්මසූරිය රජුගේ යකඩ දෝලියක පුත්‍රයෙකු බවත් කියවෙනවා. මේ කැරුල්ලට සාර්ථකව මුහුණ දුන් රජු එය ව්‍යර්ත කරල තියෙනව. මෙවන් අරගල රජු දේශීය ප්‍රධානීන්ගෙන් ඈත් කොට විදේශීය ඥාතීන්ට සමීප කරන්නට හේතුවක් වන්නට ඇති. එසේම රදල ප්‍රධානීන් අතර වූ ගැටුම් ද සිංහල රජෙක් යලි සිහසුනට පත් කරන්නට බාදාවක් වන්නට ඇති බව අනුමාන කරන්න පුළුවන්. ඉංග්‍රීසීන්ට උඩරට ආක්‍රමණය කරන්න ඉඩ ලැබෙන්නේ ඇහැලේපොළ අධිකාරම් තුමන් රජ කරවන පොරොන්දුව පිට. එහිදී ද රදල ප්‍රධානීන් අතර වූ විරසකය ප්‍රයෝජනයට ගන්නා ඉංග්‍රීසීන් උඩරට රාජ්‍යත්වය අහෝසි කරන්නට ක්‍රියාත්මක වුණා. අතීතයේ පටන් සිංහලයාට රජ කම සේම බොහෝ දෑ අහිමි වූයේ අසමගිය නිසා. අපි එක්සත් වූ සෑම මොහොතකම ජයග්‍රහණයත් බෙදුණු සෑම විටම පරාජයත් හිමිකරගත් බව අපේ ඉතිහාසය තුලින්ම පෙන්වා දෙන්නක්.

© Kokila Withanathanthri

[QUOTE="IMUNA, post: 29565631, member: 392391"] රජකම අහිමි වූ යකඩ දෝලියේ කුමාරවරු ලෝකයේ බොහෝ රට වල වගේම අපේ මේ පුංචි රටෙත් වසර දහස් ගණනාවක් පැවතුනේ රාජාණ්ඩු ක්‍රමයක්. විජයාවතරණයත් එක්ක ලංකාවෙ රාජ්‍යත්වය ආරම්භ වුණා කියල හිතුවොත් විජය රජතුමාගෙ ඉදන් ලංකාවෙ අවසන් රජතුමා වුණ ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා වූ රාජාවලියෙ විශේෂතා කිහිපයක්ම හඳුනගන්න පුළුවන්. පරම්පරා කිහිපයක්ම විවිධ යුග වල මේ රටේ රාජ්‍යත්වය දැරුවා. මේ පවුල් අතර ආවාහ විවාහ සිදු වුණේ විවිධ ආකාරයට. විවිධ කුල අතරෙ. ඒ කොහොම වුණත් අභිශේක ලත් රජතුමාගෙ අගමෙහෙසිය වන්න නම් උභය කුල පාරිශූද්ධ රාජ පරම්පරාවකින් පැවත කුමාරිකාවක් වීම අත්‍යවශ්‍ය කාරණයක් වුණා. මෙය කොතරම් ප්‍රබල වුණාද කියතොත් ලංකාවෙ රාජාවලියෙ ආරම්භයෙ ඉදන් අවසානය දක්වාම විවිධ අවස්ථා වල රාජ කුමාරිකාවන් අසල්වැසි ඉන්දියාවෙන් රැගෙන ආ ආකාරය තුලින් පේනවා. ලාට රට සිංහපුරයෙන් පිටුවහල්ව මෙරටට පැමිණි විජය රජු මේ ක්‍රමයෙ ආරම්භකයා කිවහොත් එය නිවැරදියි. ඔහුට ලංකාපුරය දිනා ගන්න හැකියාව ලැබෙන්නෙ කුවේණි නම් යක්ෂ ගෝත්‍රික කුමරියගේ සහයෙන්. ඔහු ඇයව විවාහ කරගෙන ඇගේ කුසට දරු දෙදෙනෙක් ලබා දුන්නත්, ආර්ය සිරිත් අනුව මදුරාපුර කුමාරිකාවක් ගෙන්වා ගන්නට ඔහුව සිදු වෙනවා. සියල්ල අවසන කුවේණියත් ඇගේ දරු දෙදෙනා වූ ජීවහත්ථත් දිසාලාත් ඓතිහාසික අසාධාරණයක වින්දිතයන් බවට පත්වෙනවා. කුවේණිය සිය දිවි තොර කරගනිද්දී දරු දෙදෙන සබරගමුවට පලා ගිය බව කියවෙනවා. විජයගෙන් පසුව රජ පැමිණි පඬුවස්දෙව් රජුත් අග මෙහෙසිය කරගන්නෙ ඉන්දියාවෙන් පැමිණෙන භද්දකච්චායනා කුමාරියව. මහා වංශයේ වීරයා වූ දුටු ගැමුණු රජතුමාගෙ බිසව ගැන තොරතුරු වංශකතා කරුවා සඳහන් කරන්නෙ නෑ. ඒ වගේම ඔහුගෙ පුත් සාලිය කුමාරයට රජකම අහිමි වෙන්නත් බලපාන්නෙ රාජවංශික නොවූ අශෝක මාලාට බැඳි ප්‍රේමය. ධාතුසේන රජතුමා කාෂ්‍යප කුමරු නොසලකා මුගලන් කුමරුට රජකම පවරන්නෙ ඔහු අග මෙහෙසියගේ පුත්‍රයා වීම නිසා. නමුත් කාෂ්‍යප ඒ සම්ප්‍රදායට අභියෝග කරනවා. මේ සම්මතයට එරෙහි වුණේ කාෂ්‍යප කුමාරය විතරක්ම නොවෙයි. අපේ ඉතිහාසයේ ඇමතිවරු සෙනවි වරු විතරක් නෙවෙයි, දොරටු පාලකයන් පවා රජ වුණ අවස්ථා තියෙනවා. ඒ කොහොම වුණත් මූලික සම්ප්රදාය වුණ උභය කුල පාරිශුද්ධත්වය සෙවීම රාජාවලියෙ අවසානය දක්වාම නොනැසී පවතිනවා. උඩරට රාජධානිය වෙද්දි බහු භාර්යා විවාහ ක්‍රමය රජවරුන් හා වංශවතුන් අතර ක්‍රියාත්මක වුණ බවක් දකින්න පුළුවන්. නමුත් අගබිසව වන්නට හා ඔටුන්න හිමි කුමරෙක්ට මව වන්නට උභය කුල පාරිශුද්ධ රාජ වාංශික කුමරියක් සිටිය යුතු වූවා. වීරසුන්දර බණ්ඩාර නම් උඩරට ප්රභූවරයගෙ පුත්‍රයා වුණ කොනප්පු බණ්ඩාර උඩරට රාජ්‍යත්වයේ උරුමය ලබා ගන්නෙ උඩරට හිටපු රජු වූ කරලියැද්දේ බණඩාරගෙ දියණිය වූ කුසුමාසන දේවිය විවාහ කර ගැනීමෙන්. ක්‍රි.ව 1604 දි පළමුවන විමලධර්මසූරිය නමින් රජ වූ කොනප්පු බණ්ඩාරගේ මරණින් පසු ඔහුගේ ඥාති සොහොයුරා සෙනරත් නමින් රජ වෙනවා. මේ වෙද්දි ලංකාවෙ රජ පවුලකට හිටියෙ උඩරට රජ පවුල පමණයි. එතෙක් රජ පරපුරකට උරුමකම් කී කෝට්ටේ රජ පෙලපත වගේම සතර කෝරලේ කීරවැල්ල පෙලපතත් අවසන් වෙලා තිබුණෙ. සිහසුනට ඍජු උරුමයක් නොතිබූ ඔහු පළමුවන විමලධර්මසූරිය රජුගේ වැන්දඹු බිසව වූ කුසුමාසන දේවියම තම බිසව කර ගනිමින් රාජ්‍යත්වය තහවුරු කර ගන්නවා. නමුත් ඔහුගේ පුත්‍රයා වුණ දෙවන රාජසිංහට උභය කුල පාරිශුද්ධ සම කුල බිසවක් සොයා ගැනීම විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ වෙනුවෙන් ඔහු මදුරා රාජ්‍යය දෙසට හැරෙනවා. හැබැයි මේ වෙද්දිත් රජුට බිසවක් ඉන්නවා. ඇය යකඩදෝලියක්. යකඩ දෝලි විදිහට සලකන්නෙ රජුගෙ සමකුල නොවූ බිසෝවරුන්ට. ඔවුන් බොහෝ විට රජුට සමීප රදල ප්‍රධානීන්ගෙ දියණියන් වුණා. රජුගෙ අග බිසව වෙනුවෙන් භාවිතා වුණේ රන් දෝලාවල් අනිකුත් බිසෝවරුන්ට වෙන් වුණේ යකඩ දෝලාවල් මේ නිසා මේ බිසෝ වරුන්ට යකඩ දෝලි යැයි හැදින්වුවා කියල කියන්න පුළුවන්. දෙවනි රාජසිංහ රජුගෙ මේ යකඩ දෝලිය වැලිගම දුක්ගන්නා මහත්මයෙන් නමින් හැඳින්වූ කුල කාන්තාවක්. නමුත් ඇයට අග මෙහෙසිය වෙන්න වරම් ලැබෙන්නෑ. ඒ අවස්ථාව හිමිවෙන්නෙ නායක්කර් වංශික කුමරියකට. මේ රජුගෙ පුත්‍රයා වූ දෙවන විමලධර්මසූරිය රජුත්, ඔහුගේ පුත්‍රයා වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුත් අග මෙහෙසියන් වශයෙන් විවාහ කරගන්නෙ නායක්කර් වංශික කුමාරිකාවන්. අවසන් සිංහල රජු බවට පත්වන නරේන්ද්‍රසිංහ රජුට ලාංකික බිසවකුත් ඉදල තියෙනව. ඇය මාතලේ මොණරවිල දිසාවෙගේ දියණියක්. නරේන්ද්‍රසිංහ රජතුමාගේ අග බිසවට පිරිමි දරුවන් සිට නැහැ. ඒ නිසා ඔහුගේ අනුප්‍රාප්තිකයා බවට පත්වන්නේ නායක්කර් වංශික අග බිසවගේ සොහොයුරා වූ ශ්‍රී විජය රාජසිංහ. නරේන්ද්‍රසිංහ රජතුමාගේ එකම පුත්‍රයා වූ උනම්බුවේ බණ්ඩාර සිංහාසනාරූඪ කලේ නම් එතෙක් අවිච්චින්නව පැවත ආ සිංහල රාජ්‍යත්වය අහෝසි නොවන්නට තිබුණා. ප්‍රබල දේශ හිතෛෂියෙකු වූ ලෙව්කේ දිසාවේ උනම්බුවේ කුමාරයා රජකමට පත් කරගන්නට වෙහෙසුනත් රජුගේ මරණයෙන් පසු අනෙකුත් රදල ප්‍රධානීන් තමන්ගේම අයෙක් සිහසුනට පත් කරගන්නට තරම් නිහතමානී නොවුණු බව අනුමාන කරන්න පුළුවන්. මේ නිසා සිංහලේ රජකම විජාතිකයෙක් මත පැවරුණා. ශ්‍රී විජරාජසිංහ රජු මිය යන විට අනුප්‍රාප්තිකයා ලෙස ඔහුගේ බිරිදගේ සොයුරු කීර්ති ශ්‍රී රාජසිංහ පත් කොට තිබූ බැවින් ඔහු රජ වුණා. ඔහු විසින් නායක්කර් වංශික විවාහයන් තුනක් සිදු කර ගෙන තිබුණද, ඉන් එකදු විවාහයකින් හෝ දරු ඵල හිමිව නැහැ. නමුත් බින්තැන්නේ හිටපු දිසාවෙගේ දියණිය වූ අන්ධ වයස්ගත මාපිටිය දිසාවෙගේ මිණිබිරිය වූ මාම්පිටිය දුග්ගන්නා උන්නාන්සේ ගෙන් රජු ට දියණිවරු දෙදෙනෙක් හා පුත්‍රයන් දෙදෙනෙක් ඉදල තියෙනව. ශ්රොයිඩර් නම් ලන්දේසි වාර්තාකරුවාට අනුව රජු දතුණු ඉන්දීය බිසෝවරුන්ටත් වඩා ඇයට ප්‍රිය කරල තියෙනව. ඒ නිසාම මාම්පිටිය පවුල රාජ සභාවේ ඉහළ ප්‍රභූත්වයක් හිමි කරගෙන ඉදල තියෙනව. මේ හිතවත්කම් කිසිවක් රාජ්‍යත්වයේ මීලඟ උරුමය වෙනුවෙන් අදාල වී නැහැ. රජුගෙන් පසු රාජ්‍යත්වය උරුම වන්නේ ඔහුගේ සොයුරු රාජාධිරාජසිංහ රජුන්ට. රාජාධිරාජසිංහගෙන් පසු රජ පැමිණි සිංහලේ අවසන් රජු වූ කන්නසාමිගේ ජෛව විද්‍යාත්මක පියා කවුද යන්න පිළිබඳව පවා ඇත්තේ ගැටළුවක්. පිළිමතලව්වේ රජුගේ සැලැස්මක් මත හිටපු රජුගේ බිසවගේ සොයුරියගේ පුතු මෙලෙස රාජ්‍යත්වයට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයේ ආරම්භයේ සිටම රජකම වෙනුවෙන් පැවති මෙම පවුල්වාදය රාජ්‍යත්වයේ සේම රජ කමේ අවසානයටද වක්‍රාකාරව හේතු වුණා. රජුගේ යකඩ දෝලියක පුතුන් බණ්ඩාර වරු ලෙස සැලකූ බවක් පෙනෙන්නට තියෙනවා. ගම්පොළ, කෝට්ටේ, සීතාවක, මහනුවර යුගවල මේ බණ්ඩාරවරුන් බොහෝ අවස්ථා වල අපට හමුවෙනවා. මොවුන් ප්‍රාදේශීය පාලනයට සැලකිය යුතු දායකත්වයක් එක් කර තියෙනව. රජ පවුල් හා නෑ සබඳතා පැවැත්වුවද උඩරට රදල ප්‍රධානීන් හා රජු අතර නිරන්තර බල අරගලයක් තිබිල තියෙනවා. රජු යකඩ දෝලියක පුත්‍රයෙක් අනුප්‍රාප්තිකයා ලෙස නම් නොකරන්නට එය බලපාලා තියෙනව. නරේන්ද්‍රසිංහ රජුගේ දෙවනි වසරේදීම රජු මරා පට්ටියේ බණ්ඩාර නම් අයෙක් රජ කරවීමේ සැලැස්මක් තිබුණා. පට්ටියේ බණ්ඩාර දෙවන විමලධර්මසූරිය රජුගේ යකඩ දෝලියක පුත්‍රයෙකු බවත් කියවෙනවා. මේ කැරුල්ලට සාර්ථකව මුහුණ දුන් රජු එය ව්‍යර්ත කරල තියෙනව. මෙවන් අරගල රජු දේශීය ප්‍රධානීන්ගෙන් ඈත් කොට විදේශීය ඥාතීන්ට සමීප කරන්නට හේතුවක් වන්නට ඇති. එසේම රදල ප්‍රධානීන් අතර වූ ගැටුම් ද සිංහල රජෙක් යලි සිහසුනට පත් කරන්නට බාදාවක් වන්නට ඇති බව අනුමාන කරන්න පුළුවන්. ඉංග්‍රීසීන්ට උඩරට ආක්‍රමණය කරන්න ඉඩ ලැබෙන්නේ ඇහැලේපොළ අධිකාරම් තුමන් රජ කරවන පොරොන්දුව පිට. එහිදී ද රදල ප්‍රධානීන් අතර වූ විරසකය ප්‍රයෝජනයට ගන්නා ඉංග්‍රීසීන් උඩරට රාජ්‍යත්වය අහෝසි කරන්නට ක්‍රියාත්මක වුණා. අතීතයේ පටන් සිංහලයාට රජ කම සේම බොහෝ දෑ අහිමි වූයේ අසමගිය නිසා. අපි එක්සත් වූ සෑම මොහොතකම ජයග්‍රහණයත් බෙදුණු සෑම විටම පරාජයත් හිමිකරගත් බව අපේ ඉතිහාසය තුලින්ම පෙන්වා දෙන්නක්. © Kokila Withanathanthri [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom