Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජයේ වියදම - බදු ආදායම අතර විශාල පරතරයක් ට*කෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් බවත් නමුත් පසුගිය වසරේ ශ්‍රී ලංකා රජයේ බදු ආදායම සියයට 9 ක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද (19) ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

මෙරට රජයේ වියදම සහ බදු ආදායම අතර පරතරය සියයට 11 බවත් මෙවැනි විශාල පරතරයක් පියවා ගැනීම සඳහා ණය ලබා දීමට කිසිවෙකුත් කැමති නොවන බවත් බෲවර් මහතා පැවැසුවේය. 2022 වසරේ සියයට 7 ක් වූ බදු ආදායම පසුගිය වසරේදී සියයට 9 ක් දක්වා වැඩි කරගෙන ඇතත් එය ප්‍රමාණවත් නොවන බවද බෲවර් මහතා ප්‍රකාශ කළේය.

රජයේ ආදායම සහ වියදම අතර පරතරය අඩු කිරීම ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝගයක් බවත් එම අභියෝගය සාර්ථකව ජයගනිමින් මෙම වසරේදී සියයට 12 දක්වාද ලබන වසරේ සියයට 14 දක්වාද රජයේ බදු ආදායම වැඩිකර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවත් ඔහු පැවැසුවේය.එවිට ඉතිරිවන සුළු පරතරය පියවා ගැනීම සඳහා ණය ලබාදීමට ණය දෙන්නන් ඉදිරිපත් වනු ඇතැයි බෲවර් මහතා පැවැසුවේය.යමෙක් බදු ගෙවීම පැහැර හරින විට එම මුදල තවත් අයෙකුට ගෙවීමටද සිදුවන බවද ඔහු ප්‍රකාශ කළේය.ඒ හේතුවෙන් පුද්ගලයන් බදු හිලෙන් රිංගා යාම වැළැක්විය යුතු බවද ඔහු පැවැසුවේය.

2022 වසරේදී රජයේ බදු අදායම සහ වියදම අතර පරතරය සියයට 13 ක් බවත් එවැනි පරතරයක් තිබෙන විට රජය සතු මුදල් අවසන් වීම පුදුම වීමට දෙයක් නොවන බවත් පීටර් බෲවර් මහතා පැවැසුවේය.ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ලබා දී ඇති බදු සහන ප්‍රසිද්ධ වෙබ් අඩවියක ප්‍රකාශයට පත් කිරීම රාජ්‍ය පාලනය පිළිබඳ ප්රකාශනයේ අඩංගු එක් නිර්දේශයක් බවත් ශ්‍රී ලංකාව තවදුරටත් බදු සහන ලබා දීම අත්හිටුවිම ආධාර වැඩසටහනේ එක් කැපවීමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් ලබා දී ඇති රජයේ බදු අදායම් ඉලක්කය සපුරා ගැනීමට දේපල බද්ද විශාල සහායක් ලබා දෙනු ඇති බවද බෲවර් මහතා පැවැසුවේය.

ණය ප්‍රතිව්‍යුහගතකිරීමේදී ශ්‍රී ලංකාවේ මීළඟ පියවරයන් විය යුත්තේ නිල ණය හිමියන් සමඟ එළඹි ප්‍රතිපත්තිමය ගිවිසුම හැකිතාක් ඉක්මනින් නිල ගිවිසුමක් බවට පත් කර ගැනීමත් වාණිජ ණය හිමියන් සමඟ ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹීම බවත් බෲවර් මහතා පැවැසුවේය.තවම නිශ්චිත කාල වකවානුවක් තීරණය කර නැතත් පළමු සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලැබී මාස 6 කදී ප්‍රතිපත්තිමය වශයෙන් දෙවැනි සමාලෝචනය සිදු කරන බවත් එම කාලය වන විට වාණිජ ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

චීන එක්සිම් බැංකුව සමඟ ප්‍රතිපත්තිමය ගිවිසුමකට ශ්‍රී ලංකාව එළඹුනත් වාණිජ ණය හිමියකු වූ චීන සංවර්ධන බැංකුව සමඟ ශ්‍රී ලංකාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව බෲවර් මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ දුෂණ හා වංචා ක්‍රියා අවම කිරීමට සේවා ඩිජිටල්කරණය ඉතා වැදගත් පියවරක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සඳහා ශ්‍රී ලංකාව දිරිමත් කරන බවත් බෲවර් මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින ලක්ෂණ පෙන්නුම් කළත් තවමත් ආර්ථිකය යථා තත්වයට පත් වීම මුල් අදියරේ පවතින බවත් එහි ප්රතිලාභ ජනගහනයෙන් වැඩි පිරිසකට ලැබී නොමැති බවත් බෲවර් මහතා ප්‍රකාශ කළේය.

එසේම මෙම වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 2 වනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කරන බව එම අරමුදලේ කොළඹ නේවාසික නියෝජිත සර්වාත් ජහාන් මහත්මිය එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවැසුවාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 11 සිට අද (19) දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් ආරම්භ කළ අතර එහිදී සතියක් පුරා මෙරට බලධාරීහු සමඟ සාකච්ඡාවල නිරත වූහ. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ පළමු සමාලෝචනයට අනුමැතිය ලබා දීමෙන් පසු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව එම නිලධාරීහු කණ්ඩායම අධ්‍යනය කළහ

[QUOTE="jjpala, post: 29529245, member: 516510"] ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් බවත් නමුත් පසුගිය වසරේ ශ්‍රී ලංකා රජයේ බදු ආදායම සියයට 9 ක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද (19) ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. මෙරට රජයේ වියදම සහ බදු ආදායම අතර පරතරය සියයට 11 බවත් මෙවැනි විශාල පරතරයක් පියවා ගැනීම සඳහා ණය ලබා දීමට කිසිවෙකුත් කැමති නොවන බවත් බෲවර් මහතා පැවැසුවේය. 2022 වසරේ සියයට 7 ක් වූ බදු ආදායම පසුගිය වසරේදී සියයට 9 ක් දක්වා වැඩි කරගෙන ඇතත් එය ප්‍රමාණවත් නොවන බවද බෲවර් මහතා ප්‍රකාශ කළේය. රජයේ ආදායම සහ වියදම අතර පරතරය අඩු කිරීම ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝගයක් බවත් එම අභියෝගය සාර්ථකව ජයගනිමින් මෙම වසරේදී සියයට 12 දක්වාද ලබන වසරේ සියයට 14 දක්වාද රජයේ බදු ආදායම වැඩිකර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවත් ඔහු පැවැසුවේය.එවිට ඉතිරිවන සුළු පරතරය පියවා ගැනීම සඳහා ණය ලබාදීමට ණය දෙන්නන් ඉදිරිපත් වනු ඇතැයි බෲවර් මහතා පැවැසුවේය.යමෙක් බදු ගෙවීම පැහැර හරින විට එම මුදල තවත් අයෙකුට ගෙවීමටද සිදුවන බවද ඔහු ප්‍රකාශ කළේය.ඒ හේතුවෙන් පුද්ගලයන් බදු හිලෙන් රිංගා යාම වැළැක්විය යුතු බවද ඔහු පැවැසුවේය. 2022 වසරේදී රජයේ බදු අදායම සහ වියදම අතර පරතරය සියයට 13 ක් බවත් එවැනි පරතරයක් තිබෙන විට රජය සතු මුදල් අවසන් වීම පුදුම වීමට දෙයක් නොවන බවත් පීටර් බෲවර් මහතා පැවැසුවේය.ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ලබා දී ඇති බදු සහන ප්‍රසිද්ධ වෙබ් අඩවියක ප්‍රකාශයට පත් කිරීම රාජ්‍ය පාලනය පිළිබඳ ප්රකාශනයේ අඩංගු එක් නිර්දේශයක් බවත් ශ්‍රී ලංකාව තවදුරටත් බදු සහන ලබා දීම අත්හිටුවිම ආධාර වැඩසටහනේ එක් කැපවීමක් බවත් ඔහු ප්‍රකාශ කළේය. මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් ලබා දී ඇති රජයේ බදු අදායම් ඉලක්කය සපුරා ගැනීමට දේපල බද්ද විශාල සහායක් ලබා දෙනු ඇති බවද බෲවර් මහතා පැවැසුවේය. ණය ප්‍රතිව්‍යුහගතකිරීමේදී ශ්‍රී ලංකාවේ මීළඟ පියවරයන් විය යුත්තේ නිල ණය හිමියන් සමඟ එළඹි ප්‍රතිපත්තිමය ගිවිසුම හැකිතාක් ඉක්මනින් නිල ගිවිසුමක් බවට පත් කර ගැනීමත් වාණිජ ණය හිමියන් සමඟ ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹීම බවත් බෲවර් මහතා පැවැසුවේය.තවම නිශ්චිත කාල වකවානුවක් තීරණය කර නැතත් පළමු සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලැබී මාස 6 කදී ප්‍රතිපත්තිමය වශයෙන් දෙවැනි සමාලෝචනය සිදු කරන බවත් එම කාලය වන විට වාණිජ ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. චීන එක්සිම් බැංකුව සමඟ ප්‍රතිපත්තිමය ගිවිසුමකට ශ්‍රී ලංකාව එළඹුනත් වාණිජ ණය හිමියකු වූ චීන සංවර්ධන බැංකුව සමඟ ශ්‍රී ලංකාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව බෲවර් මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ දුෂණ හා වංචා ක්‍රියා අවම කිරීමට සේවා ඩිජිටල්කරණය ඉතා වැදගත් පියවරක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සඳහා ශ්‍රී ලංකාව දිරිමත් කරන බවත් බෲවර් මහතා පැවැසුවේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින ලක්ෂණ පෙන්නුම් කළත් තවමත් ආර්ථිකය යථා තත්වයට පත් වීම මුල් අදියරේ පවතින බවත් එහි ප්රතිලාභ ජනගහනයෙන් වැඩි පිරිසකට ලැබී නොමැති බවත් බෲවර් මහතා ප්‍රකාශ කළේය. එසේම මෙම වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 2 වනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කරන බව එම අරමුදලේ කොළඹ නේවාසික නියෝජිත සර්වාත් ජහාන් මහත්මිය එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවැසුවාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 11 සිට අද (19) දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් ආරම්භ කළ අතර එහිදී සතියක් පුරා මෙරට බලධාරීහු සමඟ සාකච්ඡාවල නිරත වූහ. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ පළමු සමාලෝචනයට අනුමැතිය ලබා දීමෙන් පසු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව එම නිලධාරීහු කණ්ඩායම අධ්‍යනය කළහ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom