රජයේ සේවකයෝ ගැන දැන් තීරණය කරන්නේ TVදෙරණයි...ලoකාවට වෙච්ච දෙයක්

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    image_cd6eeb9664.jpg



    දෙරණ සභාපති දිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට



    දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන් පත්කර ඇති බව වාර්තා වේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස නිර්දේශ කරන ලද නම් පාර්ලිමේන්තු සභාව විසින් ඊයේ (23) අනුමත කර ඇති බව සඳහන්.

    ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් විනිසුරු ජගත් බාලපටබැඳි මහතා පත්කර ඇති අතර ද දිලිත් ජයවීර මහතාට අමතරව ඉන්ද්‍රානි සුගතදාස , ලීලසේන ලියනගම , ටී. ආර්. සී. රුබේරු , ඩයන් ගෝමස් , ඩබ්. එච්. පියදාස , හේමා ධර්මවර්ධන සහ නිමල් කරුණාසිරි යන මහත්ම මහත්මීන් එහි සාමාජිකයින් වශයෙන් පත්කර ඇත.


    https://www.lankanewsweb.net/sinhala/127-general-news/73065-දෙරණ-සභාපති-දිලිත්-ජයවීර-රාජ්‍ය-සේවා-කොමිෂන්-සභාවට


    රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත් කලාට විරෝධය.. ජනපතිට ලිඛිතව දන්වයි..



    රාජ්‍ය සේවා කොමිසම වෙත නුසුදුසු පුද්ගලයන් සම්පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.

    එහි සභාපති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර තිබේ.

    ජනමාධ්‍ය වෙතද පිටපත් යොමු කර ඇති එම ලිපිය පහතින් දැක්වෙයි.

    ගරු ජනාධිපති,
    ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,
    ජනාධිපති ලේකම් කාර්යාලය,
    කොළඹ 01.

    ගරු ජනාධිපතිතුමණි,

    රාජ්‍ය සේවා කොමිෂමට නියෝජිතයින් ලෙස නුසුදුසු පුද්ගලයන් පත්කිරීම සම්බන්ධවයි.

    රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන් පත්කිරීම්, උසස්කිරීම් හා විනය කටයුතු සම්බන්ධව බලධාරියා වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. දිගින් දිගටම රාජ්‍ය සේවාවට දේශපාලන අතපෙවීම් සිදුවන්නේ යැයි යන විවේචනය තදින් පවතින පරිසරයකදී එහි ස්වාධිනත්වය ආරක්‍ෂා කර ගැනීම මූලික කර ගනිමින් 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එය පිහිටුවාලූයේ රාජ්‍ය සේවකයාද රාජ්‍ය සේවයේද විනිවිදභාවය අපේක්‍ෂා කරන සියළු දෙනාගේ ආශීර්වාදය ඇතිවය.

    ඉන් අනතුරුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් තවදුරටත් එය තහවුරුවූු අතර, අඩුපාඩුකම් මධ්‍යයේ වුවද එය ක්‍රියාත්මක විය. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව රාජ්‍ය සේවා කොමිෂම වෙත නියෝජිතයින් පත්කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා ලෙස ඔබ විසින් පවරාගෙන ඇත.

    එම පත්කිරීම් සිදු කිරීමේ දී කොමිසමේ විෂය පථයට හා බලතල වලට අනුව එම කාර්ය නිවැරදිව හා විනිවිදභාවයෙන් යුතුව ස්වාධීනත්වය ආරක්‍ෂා වන පරිදි කටයුතු කළ හැකි නිලධාරීන් නම් කිරීම පත්වීම් බලධාරියා වන ඔබගේ වගකීමයි.

    නමුත්, ඔබ විසින් නව කොමිෂමට නිලධාරීන් පත්කිරීමේ දී රාජ්‍ය සේවය පිළිබඳව කිසිදු අත්දැකීමක් නැති රාජ්‍ය නිලධාරීන් සමග රාජකාරිමය කිසිදු කාර්යයක නියලී නැති පෞද්ගලික ව්‍යාපාරික කටයුතු වල නියුතු නුසුදුසු පුද්ගලයන් පත්කිරීම රාජ්‍ය සේවයට එල්ල කරන ලද බරපතල අතුල් පහරකි. එහි බලපෑම වඩාත් තීව්ර වන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් ටෙන්ඩර් හරහා තමන්ගේ ව්‍යාපාරික ආයතන වලට ලබාගන්නා ආණ්ඩුව සමග ඝෘජුවම ව්‍යාපාරික කටයුතු වල නියුතු දිලිත් ජයවීර නැමැත්තා රාජ්‍ය සේවා කොමිෂමේ නියෝජිතයෙකු ලෙස පත්කිරීමයි. රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය සේවයේ ඉහල වගකීම් දරණ නිලධාරීන්ගේ පත්කිරීම්, මාරුකිරීම් හා උසස්වීම මෙන්ම විනය කටයුතු සම්බන්ධයෙන් ද වගකීම් දරණ රාජ්‍ය සේවා කොමිෂමේ නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කර ඇති ටෙන්ඩර් පත්‍රිකා සම්බන්ධයෙන් සාධාරණ තීන්දු ගැනීමේ අයිතිය මෙමගින් අහෝසිකර ඇති බව ඔබතුමාට නොතේරීම පුදුමසහගතය. දිලිත් ජයවීර මහතාම පවසන පරිදි ඔහු ඔබ සමග සමීප සබඳතා පවත්වන අතිජාත මිත්‍රයෙකි. එම සබඳතාවය රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ කටයුතු නීති ගරුකව යුක්ති සහගතව කරගෙන යෑමට ඇතිකරන බාධාව සුළුපටු නොවේ.

    මේ කෙලෙසී යන්නේ කොමිෂමේ ස්වාධීනත්වය පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයේම ස්වාධීනත්වයයි. අහෝසිවී යන්නේ රටත් ජනතාවත් වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවැරදිව හා විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට ඇති අවකාශයයි. මෙයින් ගොඩනැගෙන තත්වය ඔබගේ දැක්ම ලෙස ප්‍රරසිද්ධියට පත්කළ ”සෞභාග්‍යයේ දැක්ම” තුල ඇති විනය ගරුක රටක් ගොඩනැගීමට දායක වන්නේ කෙලෙසද යන්න ප්‍රහේලිකාවකි.

    බලතල තමන්ට අවැසි ආකාරයට සකසා ගනිමින් කටයුතු කිරීම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද මරු පහරකි. රාජ්‍ය සේවය යනු යම්කිසි පාලකයෙකුගේ පෞද්ගලික අභිමතයන්ට අනුව කටයුතු කළ යුතු සේවාවක් නොවේ. එහි වගකීම හා වගවීම පවතින්නේ රාජ්‍යට මිස කාලයෙන් කාලයට පත්වන ආණ්ඩු වලට හෝ පාලකයන්ට නොවේ. එය ඔබ වටහාගත් බවක් මෙම පත්කිරීම් තුලින් ගම්‍යමාන නොවේ. එසේම මේ හරහා විද්‍යමාන වන තවත් කරුණක් වන්නේ රාජ්‍ය සේවා කොමිෂම සම්බන්ධයෙන් හා එයට පත්කළ යුතු නියෝජිතයන් සම්බන්ධයෙන් ඔබගේ ඇති අවබෝධයේ ප්‍රමාණයයි. කරුණු මෙසේ හෙයින් මේ පිළිබඳව අගතිමානි නොවී රාජ්‍ය සේවා කොමිෂන් සභාවට එයට ගැලපෙන සුදුසු පුද්ගලයන් පත්කිරීමට කටයුතු කරන ලෙසත් රාජ්‍ය නිලධාරීන්ට කරනු ලබන දේශපාලන බලහත්කාරී මැදිහත් වීම නතර කිරීමට කටයුතු කරන ලෙසත් සමස්ත රාජ්‍ය සේවය වෙනුවෙන් ඔබතුමාට අවධාරණය කිරීමට කැමැත්තෙමි.

    ස්තූතියි.

    කේ.ඩී.ලාල්කාන්ත
    සභාපති,
    ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

    -lankacnews -
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    බලමු ඉතින් මොකක් හරි හේතුවකටනේ පත් කරන්න ඇත්තේ. :yes:
     
    • Like
    Reactions: johnyh