Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටක් වෙනස් කළ සිංහලයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටක් වෙනස් කළ සිංහලයෙක්

රටක් වෙනස් කළ සිංහලයෙක් - සිංගප්පූරුවේ 20%ක් තිබූ බෞද්ධ ප්‍රතිශතය මම 42%කට වැඩි කළා

තරංග රත්නවීර

රටක් වෙනස් කළ විදේශිකයෙක් වේ නම් ඒ ඔහු පමණි. හේ දේශමාන්‍ය අමරදිවාකර සෑම් සමරසිංහය. අගමැති ලී ක්වාන් යූ සිංගප්පූරුව නමැති මුඩු බිමෙහි මහා සංවර්ධන සංග්‍රාමයක් අරඹන විට සෑම් සමරසිංහයන් එම යුද්ධයේ ප්‍රධාන අණදෙන නිලධාරියෙක් විය. එමෙන්ම දියුණු වෙමින් පැවතුණු සිංගප්පූරුව වේගයෙන් ක්රිස්තියානිකරණයකට නතුව තිබියදී ශ්‍රී ලාංකීය බෞද්ධයකු ලෙස තරුණ සෑම් ජීවිතය පරදුවට තබා එරට තුළ බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට කැප විය. එහි ප්‍රතිඵලයක් ලෙස සිංගප්පූරුව බෞද්ධ රටක් විය. මැලේසියාව, ඉරානය, ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක ප්‍රධාන පෙළේ ඉංජිනේරුවයකු ලෙස සේවය කරමින් ජාත්‍යන්තර ඉදිකිරීම් ක්ෂේත්රය තුළ මහා පෙරළියක් ඇති කළ සෑම් සමරසිංහයන් දැන් මෙරටට පැමිණ සිටී. කඹුරුපිටිය අතුරුගොඩ ශ්‍රී රතනජෝති විද්‍යාලයෙන් අධ්‍යාපනයට පිළිපන් ඔහු මාතර රාහුල, කොළඹ නාලන්දාවේ ඉංජිනේරු අංශයෙන් පේරාදේණිය විශ්වවිද්‍යාලයට සමත් වී ඉංජිනේරුවරයකු ලෙස ලෝකය ජයගත්තේය. එහෙත් දැන් ඔහු වයසය. අවුරුදු හැත්තෑ හතරකි. ජීවිතයේ සැඳෑ සමය සමාජ සේවයට කැප කර සිටින මේ අසිරිමත් විද්වතා සමඟ පිළිසඳරක නිරතවීමට පසුගිය දිනක අපට අවස්ථාවක් ලැබිණි. පියකරු පෙනුමක් සහිත කතාවෙන්, සිනාවෙන් සිත් සතන් වසඟයට පත් කරගැනීමට සමත් සෑම් සමරසිංහයන් ඔහුගේ ජීවිත කතාවෙන් ස්වල්පයක් අප හමුවේ තැබීය. මේ පෙළගැසෙන්නේ ඒ කතාවේ තෙවැනි කොටසය.

සිංගප්පූරු රජයට සෑම් සමරසිංහයන්ගේ සේවය අත්‍යවශ්‍ය මොහොතක 1985 අවුරුද්දේ දවසක ඔහු හදිසියේම ලංකාවට පැමිණියේය. ඒ ඔහුගේ විවාහ මංගල්‍යය සඳහාය. හේ විවාහපත් වී සිටින්නේ පීටර් ඩයස් බණ්ඩාරනායක මහතාගේ එකම දියණිය වූ මනීෂා ඩයස් බණ්ඩාරනායක සමඟය. සෑම් සමරසිංහයන්ට දැන් දියණියන් දෙදෙනකු සහ එක් පුතෙක් සිටිති. ඔවුහු ද රට ජාතියට බෞද්ධ ආගමට සේවය කරමින් දැහැමි පුරවැසියන් විදිහට ජීවත් වෙති.

"මම මේ ලෝකෙ කොහේ හිටියත් දවස ආරම්භ කරන්නේ බුදුන් වැඳලා ආගම සිහි කරලා. ඒක මගේ ජානවලින් එන සිරිතක්. සිංගප්පූරුවේදීත් එහෙමයි. සිංගප්පූරුවත් චීන ශිෂ්ටාචාරයෙන් පැවත එන බෞද්ධ රටක්. සීයට හැටක් පමණ බෞද්ධයො හිටියා. ඒත් එරට තුළ සිදු වූ ආර්ථික පෙරළියත් සමඟ 1980 අවුරුද්ද වෙනකොට සිංගප්පූරු ජනතාව වේගයෙන් අන්‍යාගමිකකරණයට ගොදුරු වෙමින් තිබුණා..."

රට වේගයෙන් සංවර්ධනය වෙමින් තිබියදී, ජනතාව ඊට අනුගත වුණා මිස, ආගම දහම කෙරෙහි තිබුණු උනන්දුව අඩු වුණා. ඒ හිඩැසෙන් ප්‍රයෝජනය ගත්ත අන්‍යාගමිකයන් සිංගප්පූරු වැසියන්ව වෙනත් ආගම්වලට හැරවීමේ විශාල මෙහෙයුමක් දියත් කර තිබුණා. එහි ප්‍රතිඵලයක් විදිහට සිංගප්පූරුව තුළ බෞද්ධ ජනතාව සියයට විස්සකට පමණ සීමා වුණා. ඔවුන් තුළ පවා බුද්ධාගම පිළිබඳ එතරම් අවබෝධයක් තිබුණේ නෑ. සිදු වෙමින් තිබුණු අන්‍යාගමිකකරණය අඛණ්ඩව පැවතුණොත් 2000 අවුරුද්ද වෙනකොට සිංගප්පූරු බෞද්ධ ජනතාව සීයට දහයට අඩු වෙන බව මට තේරුණා. ඒ වෙනකොටත් සිංගප්පූරුව පුරා පල්ලි දෙසීය ගාණක් නිර්මාණය වෙලා තිබුණා. සිංගප්පූරුවට අත්ව තිබූ ඉරණම ගැන හිතලා සිංහල බෞද්ධයකු විදිහට මම කම්පනයට පත් වුණා. සිංගප්පූරුවේ බෞද්ධ ආගමට වෙන විපත ගැන මම ලංකාවේ බෞද්ධයන් කිහිපදෙනකු සමඟම කතා කළා. ඒත් කවුරුවත් ඒ සම්බන්ධයෙන් හඬක් නඟන්න ඉදිරිපත් වුණේ නෑ. අන්‍යාගමිකකරණයට මුහුණදීමට සිංගප්පූරු බෞද්ධ ජනතාවට සංවිධානාත්මක ශක්තියක් තිබුණෙත් නෑ. ඒත් සිංගප්පූරුව තුළ බෞද්ධ ආගමට සිදුවෙමින් තිබුණු විපත මට බලාගෙන ඉන්න බැරි වුණා. පස්සේ මම පදිංචි වෙලා හිටිය ගෙදර බුදු පිළිමයක් තැන්පත් කරලා වැදුම්, පිදුම් කරන්න පුළුවන් විදිහට පුංචි පන්සලක් බවට පත් කළා. 'සිංගප්පූරු පන්සල' කියලා නමකුත් තිබ්බා. ලංකාවෙන් ස්වාමීන් වහන්සේ නමකුත් වඩම්වාගෙන ගියා..."

"එහෙම වැදුම්, පිදුම් කරගෙන අවුරුද්දක් විතර ඉන්නකොට අපි වෙනම ගොඩනැඟිල්ලක් අරගෙන පන්සලක් නිර්මාණය කළා. ඒත් අන්තවාදී කණ්ඩායම් අපිට ඒ පන්සල පවත්වාගෙන යන්න ඉඩ දුන්නේම නෑ. සද්දෙට පිරිත් දානවා කියලා එක, එක ප්‍රශ්න දැම්මා. පල්ලිවල කොච්චර ශබ්දයට යාඥා කළත් ඒවා ගැටලු වුණේ නෑ. මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්නේ කොහොමද කියලා මම කල්පනා කරලා බැලුවා. කෙටි කාලීන සැලසුමකින් ඇරෙන්න දීර්ඝ කාලීන සැලසුම්වලින් මේ ගැටලුවට විසඳුම් හොයන්න බැරි බවත් මම තේරුම් ගත්තා. පස්සේ මම කල්පනා කළා එක දවසකට සිංගප්පූරුවේ බෞද්ධ ජනතාව එක තැනකට රැස් කරලා බෞද්ධ ආගම ගැන අවබෝධයක් ලබාදෙන්න ඕනා කියලා. ජනතාව එක තැනකට රැස්කරන්න බෞද්ධ ප්‍රදර්ශනයක් පවත්වන්නත් තීරණය කළා. සිංගප්පූරු බෞද්ධයන් කිහිප දෙනෙක් සමඟ මම ඒ ගැන කතාබහ කළා. ඒ කිසිම කෙනෙක් කැමැති වුණේ නෑ. ඒත් මම බලාපොරොත්තු අතහැරියේ නෑ. පස්සේ මම මගේ අදහස ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ට පැහැදිලි කළා. උන්වහන්සේ මගේ අදහස පිළිගෙන ප්‍රදර්ශනයට අවශ්‍ය සියලු භාණ්ඩ නිර්මාණය කරලා දෙන්නත් පොරොන්දු වුණා. මම වැඩේ පටන් ගත්තා. 1983 අවුරුද්දේ මැයි මස 23 වැනිදා වෙසක් පෝය දවසේ ශ්‍රී ලංකාරාමයේදී බෞද්ධ ප්‍රදර්ශනයක් පවත්වනවා කියලා ප්‍රසිද්ධ කළා. එතකොටත් ප්‍රදර්ශන සංවිධාන කමිටුවේ මම විතරයි. ප්‍රදර්ශනය ප්‍රසිද්ධියට පත් කරලා සතියක්, දෙකක් යනකොට බෞද්ධයන් සියයක් විතර මට එකතු වුණා. එවකට සිංගප්පූරුවේ වැඩ වාසය කරපු ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ, වෙහෙරගොඩ සාරද හිමියන්, බෙල්ලන්විල ධම්මරතන හිමියන්, රඹුකේවෙල ඥානසීහ හාමුදුරුවන් නායකත්වය ගෙන වැඩ කටයුතු කරගෙන ගියා. උන්වහන්සේලා තමයි ප්‍රදර්ශනයට අවශ්‍ය සියලු නිර්මාණ පිළියෙල කිරීම භාර ගත්තේ. භික්ෂූ කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ..."

"ප්‍රදර්ශන භාණ්ඩ හුයුසුලුව නිර්මාණය වුණා. ප්‍රදර්ශනයට දායකත්වය දක්වන පිරිස දවසින්, දවස වැඩි වුණා. ආධාර, අනුග්‍රහය අපි හිතුවටත් වඩා ලැබෙන්න පටන් ගත්තා. ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරන්න සිංගප්පූරු සැංගි්රලා හෝටලයේ අයිතිකරු ඩොලර් පනස්දාහක් දුන්නා. ඒ කාලේ බුදුදහම ගැන නිවුස් එකක්වත් සිංගප්පූරු පත්තරයක දාගන්න බෑ. අපි පිටු දෙකක දැන්වීමක් ප්‍රසිද්ධ කළා. ඒ දැන්වීමත් එක්ක තව, තවත් අනුග්‍රහයකත්වය ලැබෙන්න පටන් ගත්තා. ප්‍රදර්ශන භාණ්ඩ නිර්මාණය කරගෙන යනකොට ප්‍රදර්ශනය පවත්වන්න මුලදී කථිsකා කරගත් ශ්‍රී ලංකාරාමයේ ඉඩ පහසුකම් මදි වන බවක් අපිට දැනුණා. පස්සේ අපි ප්‍රදර්ශනය පවත්වන්න සිංගප්පූරුවේ මහායාන විහාරයක් වෙච්ච පෝර්කාක්සි විහාරය තෝරාගත්තා. ඒ එක්කම චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් වූ මහින්ද හිමියන් ද ප්‍රදර්ශනයේ ප්‍රධාන සංවිධායකයා විදිහට සම්බන්ධ කරගන්න අපිට පුළුවන් වුණා..."

"මගේ අදහස වුණේ ප්‍රදර්ශනය නැරඹීම සඳහා අඩුම තරමින් ලක්ෂයක්වත් පැමිණෙයි කියලා. ඒත් අපේ සංවිධාන කමිටුවේ හැම දෙනාම කිව්වේ එච්චර ප්‍රමාණයක් එන එකක් නෑ කියලා. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සියලු දෙනාට බෞද්ධාගම පිළිබඳ යම් පණිවිඩයක් ලබාදෙන්න ඕනා කියලත් මට හිතුණා. පස්සේ මම ඉතාමත් රහසිගතව බුදු දහම පිළිබඳ කුඩා පොත් ලක්ෂ දෙකක් මුද්‍රණය කරගත්තා. මුද්‍රණ කටයුතු සඳහා උදව් උපකාර කළේ සිංගප්පූරු ජාතික ලී ආ බා මහත්තයා. ප්‍රදර්ශන කමිටුවේ හැමදෙනාම කිව්වේ පොත් ලක්ෂ දෙකක් මුද්‍රණය කිරීම නාස්තිකාර වියදමක් කියලා. ඒත් ප්‍රදර්ශනය පටන් ගත්තට පස්සේ ඒ සියලු අදහස් වෙනස් වුණා. ප්‍රදර්ශනය විවෘත කළේ එවකට සිංගප්පූරුවේ ජනාධිපතිවරයා වූ දේවනායර් මහත්තයා. අපේ බෞද්ධ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සිංගප්පූරුව තුළ ලොකු කථිකාවක් නිර්මාණය වුණා. ඒ විතරක් නෙමෙයි විදේශීය ජනමාධ්‍යවලත් ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පුවත් පළ වුණා. අන්‍යාගමික සංවිධාන පමණක් නෙමෙයි අපිත් පුදුමයට පත් කරමින් දින දෙක තුළ ප්‍රදර්ශනය නැරඹීමට ලක්ෂ තුනක පමණ මහා සෙනඟක් ගලා ආවා. ඒ පැමිණි සියලු දෙනා නැවත ප්‍රදර්ශන භූමියෙන් පිටව ගියේ බුදු දහමත්, බෞද්ධ සංස්කෘතිය පිළිබඳ වූ පහන් සිතිවිලිවලින් සිත් පුරවාගෙන..."

"අපි ප්‍රදර්ශනයෙන් ඉස්මතු කළේ බුදු දහමේ හරයත්, එය රැකගැනීමේ වටිනාකම ගැනයි. අපි පෙන්නා දුන්නු දර්ශනය මිනිස්සු තේරුම් ගත්තා. සමහර අන්‍යාගමිකයන් ප්‍රදර්ශන භූමියෙන් පිටව ගියේ බෞද්ධ ආගම වැළඳගෙන. අපේ බෞද්ධ ප්‍රදර්ශනයෙන් පසු සිංගප්පූරුව පුරා මහත් බෞද්ධ ප්රබෝධයක් නිර්මාණය වුණා. සිංගප්පූරු බෞද්ධයන් යළි පුනරුත්ථාපනය කිරීම සඳහා නොයෙකුත් වැඩසටහන් ඉදිරිපත් වුණා. සිංගප්පූරු රජය බෞද්ධ ආගම ඉගැන්වීම පාසල්වලට අනිවාර්ය විෂයක් කළා. පාසල් දරුවන්ගෙන් සියයට හතළිහක් විතර බුද්ධ ධර්මය විෂයක් විදිහට තෝරාගත්තා. ඒ සමඟ බුදුදහම ගැන දැනුමක් හා භක්තියක් ඇති තරුණ පරපුරක් සිංගප්පූරුව තුළ නිර්මාණය වුණා. අන්තිමේ අන්‍යාගමික සංවිධානවල බලපෑම් මත ලී ක්වාන් යූ අගමැතිවරයා විසින් බුද්ධ ධර්මය විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කළා. ඒත් ඒ වෙනකොට සිංගප්පූරුවේ ලක්ෂ ගාණක් ළමයි බෞද්ධ ආගම ඉගෙන ඉවරයි..."

"1980 අවුරුද්දේ සියයට විසිහතක්ව තිබුණු සිංගප්පූරුවේ බෞද්ධ ප්‍රතිශතය වසර 2000 වන විට 42.5% දක්වා වර්ධනය වුණා. ඒ වගේම සිංගප්පූරුව තුළ බෞද්ධ වෙහෙර, විහාරය ශීඝ්‍රයෙන් වැඩි වුණා. විවිධ බෞද්ධ සමිති, සමාගම් බිහි වෙන්න පටන් ගත්තා. එම සංවිධාන වගේම සිංගප්පූරු බෞද්ධයන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගවලින් විදේශ රටවල වෙහෙර විහාර, නිර්මාණය කරලා බෞද්ධ සංවර්ධනයට විශාල දායකත්වයක් සපයන්න පටන් ගත්තා. මේ වෙනකොට ශ්‍රී ලංකාව හා සම්බන්ධ බෞද්ධ වෙහෙර විහාර, බෞද්ධ සමිති දාහතක් විතර සිංගප්පූරුව තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපේ රටේ බෞද්ධ ආගමට සහ දුප්පත් පවුල් සංවර්ධනය කරන්න සිංගප්පූරුවෙන් රුපියල් මිලියන ගණනින් ආධාර උපකාර කරනවා. ඒත් කනගාටුවට පත් විය යුතු කරුණ අපේ රට දැන් 1980 සිංගප්පූරුවේ තත්ත්වයට පත් වෙලා. අධිවේගයෙන් රට අන්‍යාගමිකකරණය නතු වෙමින් තිබෙනවා..."

"සංඛ්‍යාලේඛනවලට අනුව අපේ රටේ බෞද්ධයන් 70% කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වෙනවා. ඒත් රටේ බෞද්ධ වෙහෙර විහාර, බෞද්ධයාට අයිති බිම අති සූක්ෂම විදිහට අන්‍යාගමික කණ්ඩායම කොල්ලකා ගන්නවා. ඉපැරැණි බෞද්ධ වෙහෙර විහාර කඩා බිඳ දාලා සංඝයා වහන්සේලාට සහ බෞද්ධයන්ට අනේක විධ හිරිහැර හා කරදරවලට පත් කරනවා. අන්‍යාගමිකයන්ගෙන් බෞද්ධයාට වෙන කෙනෙහිලිකම් ගැන රටේ බලධාරීන්, නිලධාරීන් සොයා බලන්නෙත් නෑ. නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. ඒ සම්බන්ධයෙන් කතා කරන බෞද්ධයන්ව ජාතිවාදීන් විදිහට හංවඩු ගහනවා. හිරේ විලංගුවේ දානවා. ඕක තමයි ලංකාවේ අද තත්ත්වය. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ. නැති නම් සිංහල බෞද්ධ රට අන්‍යාගමිකයන්ගේ කොලනියක් බවට පත් වෙන එක නතර කරන්න බෑ..."

පසුගිය වසර හතළිහක කාලය තුළ සෑම් සමරසිංහයන් විසින් මෙරට තරුණ භික්ෂූන් වහන්සේලා අති විශාල සංඛ්‍යාවක් ධර්ම ප්‍රචාරණය සඳහා විදේශීය රටවලට වඩම්මවාගෙන යැමට කටයුතු කර තිබේ. ඇමෙරිකාවේ වැඩ සිටින වල්පොල පියනන්ද හිමි, සිංගප්පූරුවේ වැඩ සිටින අලව්වේ ගුණරතන හිමි, තිනීයාවල පාලිත හිමි සහ කිරම විමලජෝති නාහිමියන් එම හිමිවරු අතර ප්‍රධානය. එමෙන්ම ලෝකය පුරා රටවල බෞද්ධ සමිති, සමාගම් නිර්මාණය කිරීමට දායකත්වයක් ලබාදී ඇති සෑම් සමරසිංහයන්ගේ අතින් රචිත බෞද්ධ පොත්පත් කිහිපයකි. සිංගප්පූරු විහාරය, එංගලන්තයේ එම්පිරීයල් විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමය, ජපන් ලංකා බෞද්ධ මිත්‍ර සංගමයේ නිර්මාතෘවරයා වූ සෑම් මැලේසියාවේ ක්වාලාලාම්පූර් බෞද්ධ මහා විහාරයේ උප සභාපති තනතුර හෙබ වූයේය. ලෝකය පුරා බෞද්ධ ආගමක ප්‍රචාරය කිරීමට සෑම් සමරසිංහයන් කළ ඇති මෙහෙවර අති විශාලය. ඔහුගේ මූලිකත්වයෙන් නිර්මාණය වූ වෙහෙර, විහාර අදට ද බැතිමතුන්ගේ වන්දනාට පාත්‍ර වේ. ඒ පිං සෑම් සමරසිංහයන්ට ද අනුමෝදන් වන බව සැබෑය.

[QUOTE="araki, post: 23127279, member: 360239"] [b]රටක් වෙනස් කළ සිංහලයෙක්[/b] [SIZE=4]රටක් වෙනස් කළ සිංහලයෙක් - සිංගප්පූරුවේ 20%ක් තිබූ බෞද්ධ ප්‍රතිශතය මම 42%කට වැඩි කළා [/SIZE] [SIZE=4][B][/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]තරංග රත්නවීර[/SIZE][/B] [SIZE=4][IMG]http://divaina.com/sunday/images/paper/2018/04/22/s2/country.jpg[/IMG]රටක් වෙනස් කළ විදේශිකයෙක් වේ නම් ඒ ඔහු පමණි. හේ දේශමාන්‍ය අමරදිවාකර සෑම් සමරසිංහය. අගමැති ලී ක්වාන් යූ සිංගප්පූරුව නමැති මුඩු බිමෙහි මහා සංවර්ධන සංග්‍රාමයක් අරඹන විට සෑම් සමරසිංහයන් එම යුද්ධයේ ප්‍රධාන අණදෙන නිලධාරියෙක් විය. එමෙන්ම දියුණු වෙමින් පැවතුණු සිංගප්පූරුව වේගයෙන් ක්රිස්තියානිකරණයකට නතුව තිබියදී ශ්‍රී ලාංකීය බෞද්ධයකු ලෙස තරුණ සෑම් ජීවිතය පරදුවට තබා එරට තුළ බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට කැප විය. එහි ප්‍රතිඵලයක් ලෙස සිංගප්පූරුව බෞද්ධ රටක් විය. මැලේසියාව, ඉරානය, ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක ප්‍රධාන පෙළේ ඉංජිනේරුවයකු ලෙස සේවය කරමින් ජාත්‍යන්තර ඉදිකිරීම් ක්ෂේත්රය තුළ මහා පෙරළියක් ඇති කළ සෑම් සමරසිංහයන් දැන් මෙරටට පැමිණ සිටී. කඹුරුපිටිය අතුරුගොඩ ශ්‍රී රතනජෝති විද්‍යාලයෙන් අධ්‍යාපනයට පිළිපන් ඔහු මාතර රාහුල, කොළඹ නාලන්දාවේ ඉංජිනේරු අංශයෙන් පේරාදේණිය විශ්වවිද්‍යාලයට සමත් වී ඉංජිනේරුවරයකු ලෙස ලෝකය ජයගත්තේය. එහෙත් දැන් ඔහු වයසය. අවුරුදු හැත්තෑ හතරකි. ජීවිතයේ සැඳෑ සමය සමාජ සේවයට කැප කර සිටින මේ අසිරිමත් විද්වතා සමඟ පිළිසඳරක නිරතවීමට පසුගිය දිනක අපට අවස්ථාවක් ලැබිණි. පියකරු පෙනුමක් සහිත කතාවෙන්, සිනාවෙන් සිත් සතන් වසඟයට පත් කරගැනීමට සමත් සෑම් සමරසිංහයන් ඔහුගේ ජීවිත කතාවෙන් ස්වල්පයක් අප හමුවේ තැබීය. මේ පෙළගැසෙන්නේ ඒ කතාවේ තෙවැනි කොටසය.[/SIZE] [SIZE=4]සිංගප්පූරු රජයට සෑම් සමරසිංහයන්ගේ සේවය අත්‍යවශ්‍ය මොහොතක 1985 අවුරුද්දේ දවසක ඔහු හදිසියේම ලංකාවට පැමිණියේය. ඒ ඔහුගේ විවාහ මංගල්‍යය සඳහාය. හේ විවාහපත් වී සිටින්නේ පීටර් ඩයස් බණ්ඩාරනායක මහතාගේ එකම දියණිය වූ මනීෂා ඩයස් බණ්ඩාරනායක සමඟය. සෑම් සමරසිංහයන්ට දැන් දියණියන් දෙදෙනකු සහ එක් පුතෙක් සිටිති. ඔවුහු ද රට ජාතියට බෞද්ධ ආගමට සේවය කරමින් දැහැමි පුරවැසියන් විදිහට ජීවත් වෙති.[/SIZE] [SIZE=4]"මම මේ ලෝකෙ කොහේ හිටියත් දවස ආරම්භ කරන්නේ බුදුන් වැඳලා ආගම සිහි කරලා. ඒක මගේ ජානවලින් එන සිරිතක්. සිංගප්පූරුවේදීත් එහෙමයි. සිංගප්පූරුවත් චීන ශිෂ්ටාචාරයෙන් පැවත එන බෞද්ධ රටක්. සීයට හැටක් පමණ බෞද්ධයො හිටියා. ඒත් එරට තුළ සිදු වූ ආර්ථික පෙරළියත් සමඟ 1980 අවුරුද්ද වෙනකොට සිංගප්පූරු ජනතාව වේගයෙන් අන්‍යාගමිකකරණයට ගොදුරු වෙමින් තිබුණා..."[/SIZE] [SIZE=4][IMG]http://divaina.com/sunday/images/paper/2018/04/22/s2/country1.jpg[/IMG][/SIZE] [SIZE=4]රට වේගයෙන් සංවර්ධනය වෙමින් තිබියදී, ජනතාව ඊට අනුගත වුණා මිස, ආගම දහම කෙරෙහි තිබුණු උනන්දුව අඩු වුණා. ඒ හිඩැසෙන් ප්‍රයෝජනය ගත්ත අන්‍යාගමිකයන් සිංගප්පූරු වැසියන්ව වෙනත් ආගම්වලට හැරවීමේ විශාල මෙහෙයුමක් දියත් කර තිබුණා. එහි ප්‍රතිඵලයක් විදිහට සිංගප්පූරුව තුළ බෞද්ධ ජනතාව සියයට විස්සකට පමණ සීමා වුණා. ඔවුන් තුළ පවා බුද්ධාගම පිළිබඳ එතරම් අවබෝධයක් තිබුණේ නෑ. සිදු වෙමින් තිබුණු අන්‍යාගමිකකරණය අඛණ්ඩව පැවතුණොත් 2000 අවුරුද්ද වෙනකොට සිංගප්පූරු බෞද්ධ ජනතාව සීයට දහයට අඩු වෙන බව මට තේරුණා. ඒ වෙනකොටත් සිංගප්පූරුව පුරා පල්ලි දෙසීය ගාණක් නිර්මාණය වෙලා තිබුණා. සිංගප්පූරුවට අත්ව තිබූ ඉරණම ගැන හිතලා සිංහල බෞද්ධයකු විදිහට මම කම්පනයට පත් වුණා. සිංගප්පූරුවේ බෞද්ධ ආගමට වෙන විපත ගැන මම ලංකාවේ බෞද්ධයන් කිහිපදෙනකු සමඟම කතා කළා. ඒත් කවුරුවත් ඒ සම්බන්ධයෙන් හඬක් නඟන්න ඉදිරිපත් වුණේ නෑ. අන්‍යාගමිකකරණයට මුහුණදීමට සිංගප්පූරු බෞද්ධ ජනතාවට සංවිධානාත්මක ශක්තියක් තිබුණෙත් නෑ. ඒත් සිංගප්පූරුව තුළ බෞද්ධ ආගමට සිදුවෙමින් තිබුණු විපත මට බලාගෙන ඉන්න බැරි වුණා. පස්සේ මම පදිංචි වෙලා හිටිය ගෙදර බුදු පිළිමයක් තැන්පත් කරලා වැදුම්, පිදුම් කරන්න පුළුවන් විදිහට පුංචි පන්සලක් බවට පත් කළා. 'සිංගප්පූරු පන්සල' කියලා නමකුත් තිබ්බා. ලංකාවෙන් ස්වාමීන් වහන්සේ නමකුත් වඩම්වාගෙන ගියා..."[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4] "එහෙම වැදුම්, පිදුම් කරගෙන අවුරුද්දක් විතර ඉන්නකොට අපි වෙනම ගොඩනැඟිල්ලක් අරගෙන පන්සලක් නිර්මාණය කළා. ඒත් අන්තවාදී කණ්ඩායම් අපිට ඒ පන්සල පවත්වාගෙන යන්න ඉඩ දුන්නේම නෑ. සද්දෙට පිරිත් දානවා කියලා එක, එක ප්‍රශ්න දැම්මා. පල්ලිවල කොච්චර ශබ්දයට යාඥා කළත් ඒවා ගැටලු වුණේ නෑ. මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්නේ කොහොමද කියලා මම කල්පනා කරලා බැලුවා. කෙටි කාලීන සැලසුමකින් ඇරෙන්න දීර්ඝ කාලීන සැලසුම්වලින් මේ ගැටලුවට විසඳුම් හොයන්න බැරි බවත් මම තේරුම් ගත්තා. පස්සේ මම කල්පනා කළා එක දවසකට සිංගප්පූරුවේ බෞද්ධ ජනතාව එක තැනකට රැස් කරලා බෞද්ධ ආගම ගැන අවබෝධයක් ලබාදෙන්න ඕනා කියලා. ජනතාව එක තැනකට රැස්කරන්න බෞද්ධ ප්‍රදර්ශනයක් පවත්වන්නත් තීරණය කළා. සිංගප්පූරු බෞද්ධයන් කිහිප දෙනෙක් සමඟ මම ඒ ගැන කතාබහ කළා. ඒ කිසිම කෙනෙක් කැමැති වුණේ නෑ. ඒත් මම බලාපොරොත්තු අතහැරියේ නෑ. පස්සේ මම මගේ අදහස ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ට පැහැදිලි කළා. උන්වහන්සේ මගේ අදහස පිළිගෙන ප්‍රදර්ශනයට අවශ්‍ය සියලු භාණ්ඩ නිර්මාණය කරලා දෙන්නත් පොරොන්දු වුණා. මම වැඩේ පටන් ගත්තා. 1983 අවුරුද්දේ මැයි මස 23 වැනිදා වෙසක් පෝය දවසේ ශ්‍රී ලංකාරාමයේදී බෞද්ධ ප්‍රදර්ශනයක් පවත්වනවා කියලා ප්‍රසිද්ධ කළා. එතකොටත් ප්‍රදර්ශන සංවිධාන කමිටුවේ මම විතරයි. ප්‍රදර්ශනය ප්‍රසිද්ධියට පත් කරලා සතියක්, දෙකක් යනකොට බෞද්ධයන් සියයක් විතර මට එකතු වුණා. එවකට සිංගප්පූරුවේ වැඩ වාසය කරපු ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ, වෙහෙරගොඩ සාරද හිමියන්, බෙල්ලන්විල ධම්මරතන හිමියන්, රඹුකේවෙල ඥානසීහ හාමුදුරුවන් නායකත්වය ගෙන වැඩ කටයුතු කරගෙන ගියා. උන්වහන්සේලා තමයි ප්‍රදර්ශනයට අවශ්‍ය සියලු නිර්මාණ පිළියෙල කිරීම භාර ගත්තේ. භික්ෂූ කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ..."[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]"ප්‍රදර්ශන භාණ්ඩ හුයුසුලුව නිර්මාණය වුණා. ප්‍රදර්ශනයට දායකත්වය දක්වන පිරිස දවසින්, දවස වැඩි වුණා. ආධාර, අනුග්‍රහය අපි හිතුවටත් වඩා ලැබෙන්න පටන් ගත්තා. ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරන්න සිංගප්පූරු සැංගි්රලා හෝටලයේ අයිතිකරු ඩොලර් පනස්දාහක් දුන්නා. ඒ කාලේ බුදුදහම ගැන නිවුස් එකක්වත් සිංගප්පූරු පත්තරයක දාගන්න බෑ. අපි පිටු දෙකක දැන්වීමක් ප්‍රසිද්ධ කළා. ඒ දැන්වීමත් එක්ක තව, තවත් අනුග්‍රහයකත්වය ලැබෙන්න පටන් ගත්තා. ප්‍රදර්ශන භාණ්ඩ නිර්මාණය කරගෙන යනකොට ප්‍රදර්ශනය පවත්වන්න මුලදී කථිsකා කරගත් ශ්‍රී ලංකාරාමයේ ඉඩ පහසුකම් මදි වන බවක් අපිට දැනුණා. පස්සේ අපි ප්‍රදර්ශනය පවත්වන්න සිංගප්පූරුවේ මහායාන විහාරයක් වෙච්ච පෝර්කාක්සි විහාරය තෝරාගත්තා. ඒ එක්කම චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් වූ මහින්ද හිමියන් ද ප්‍රදර්ශනයේ ප්‍රධාන සංවිධායකයා විදිහට සම්බන්ධ කරගන්න අපිට පුළුවන් වුණා..."[/SIZE] [SIZE=4]"මගේ අදහස වුණේ ප්‍රදර්ශනය නැරඹීම සඳහා අඩුම තරමින් ලක්ෂයක්වත් පැමිණෙයි කියලා. ඒත් අපේ සංවිධාන කමිටුවේ හැම දෙනාම කිව්වේ එච්චර ප්‍රමාණයක් එන එකක් නෑ කියලා. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සියලු දෙනාට බෞද්ධාගම පිළිබඳ යම් පණිවිඩයක් ලබාදෙන්න ඕනා කියලත් මට හිතුණා. පස්සේ මම ඉතාමත් රහසිගතව බුදු දහම පිළිබඳ කුඩා පොත් ලක්ෂ දෙකක් මුද්‍රණය කරගත්තා. මුද්‍රණ කටයුතු සඳහා උදව් උපකාර කළේ සිංගප්පූරු ජාතික ලී ආ බා මහත්තයා. ප්‍රදර්ශන කමිටුවේ හැමදෙනාම කිව්වේ පොත් ලක්ෂ දෙකක් මුද්‍රණය කිරීම නාස්තිකාර වියදමක් කියලා. ඒත් ප්‍රදර්ශනය පටන් ගත්තට පස්සේ ඒ සියලු අදහස් වෙනස් වුණා. ප්‍රදර්ශනය විවෘත කළේ එවකට සිංගප්පූරුවේ ජනාධිපතිවරයා වූ දේවනායර් මහත්තයා. අපේ බෞද්ධ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සිංගප්පූරුව තුළ ලොකු කථිකාවක් නිර්මාණය වුණා. ඒ විතරක් නෙමෙයි විදේශීය ජනමාධ්‍යවලත් ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පුවත් පළ වුණා. අන්‍යාගමික සංවිධාන පමණක් නෙමෙයි අපිත් පුදුමයට පත් කරමින් දින දෙක තුළ ප්‍රදර්ශනය නැරඹීමට ලක්ෂ තුනක පමණ මහා සෙනඟක් ගලා ආවා. ඒ පැමිණි සියලු දෙනා නැවත ප්‍රදර්ශන භූමියෙන් පිටව ගියේ බුදු දහමත්, බෞද්ධ සංස්කෘතිය පිළිබඳ වූ පහන් සිතිවිලිවලින් සිත් පුරවාගෙන..."[/SIZE] [SIZE=4][IMG]http://divaina.com/sunday/images/paper/2018/04/22/s2/country2.jpg[/IMG]"අපි ප්‍රදර්ශනයෙන් ඉස්මතු කළේ බුදු දහමේ හරයත්, එය රැකගැනීමේ වටිනාකම ගැනයි. අපි පෙන්නා දුන්නු දර්ශනය මිනිස්සු තේරුම් ගත්තා. සමහර අන්‍යාගමිකයන් ප්‍රදර්ශන භූමියෙන් පිටව ගියේ බෞද්ධ ආගම වැළඳගෙන. අපේ බෞද්ධ ප්‍රදර්ශනයෙන් පසු සිංගප්පූරුව පුරා මහත් බෞද්ධ ප්රබෝධයක් නිර්මාණය වුණා. සිංගප්පූරු බෞද්ධයන් යළි පුනරුත්ථාපනය කිරීම සඳහා නොයෙකුත් වැඩසටහන් ඉදිරිපත් වුණා. සිංගප්පූරු රජය බෞද්ධ ආගම ඉගැන්වීම පාසල්වලට අනිවාර්ය විෂයක් කළා. පාසල් දරුවන්ගෙන් සියයට හතළිහක් විතර බුද්ධ ධර්මය විෂයක් විදිහට තෝරාගත්තා. ඒ සමඟ බුදුදහම ගැන දැනුමක් හා භක්තියක් ඇති තරුණ පරපුරක් සිංගප්පූරුව තුළ නිර්මාණය වුණා. අන්තිමේ අන්‍යාගමික සංවිධානවල බලපෑම් මත ලී ක්වාන් යූ අගමැතිවරයා විසින් බුද්ධ ධර්මය විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කළා. ඒත් ඒ වෙනකොට සිංගප්පූරුවේ ලක්ෂ ගාණක් ළමයි බෞද්ධ ආගම ඉගෙන ඉවරයි..."[/SIZE] [SIZE=4]"1980 අවුරුද්දේ සියයට විසිහතක්ව තිබුණු සිංගප්පූරුවේ බෞද්ධ ප්‍රතිශතය වසර 2000 වන විට 42.5% දක්වා වර්ධනය වුණා. ඒ වගේම සිංගප්පූරුව තුළ බෞද්ධ වෙහෙර, විහාරය ශීඝ්‍රයෙන් වැඩි වුණා. විවිධ බෞද්ධ සමිති, සමාගම් බිහි වෙන්න පටන් ගත්තා. එම සංවිධාන වගේම සිංගප්පූරු බෞද්ධයන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගවලින් විදේශ රටවල වෙහෙර විහාර, නිර්මාණය කරලා බෞද්ධ සංවර්ධනයට විශාල දායකත්වයක් සපයන්න පටන් ගත්තා. මේ වෙනකොට ශ්‍රී ලංකාව හා සම්බන්ධ බෞද්ධ වෙහෙර විහාර, බෞද්ධ සමිති දාහතක් විතර සිංගප්පූරුව තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපේ රටේ බෞද්ධ ආගමට සහ දුප්පත් පවුල් සංවර්ධනය කරන්න සිංගප්පූරුවෙන් රුපියල් මිලියන ගණනින් ආධාර උපකාර කරනවා. ඒත් කනගාටුවට පත් විය යුතු කරුණ අපේ රට දැන් 1980 සිංගප්පූරුවේ තත්ත්වයට පත් වෙලා. අධිවේගයෙන් රට අන්‍යාගමිකකරණය නතු වෙමින් තිබෙනවා..."[/SIZE] [SIZE=4]"සංඛ්‍යාලේඛනවලට අනුව අපේ රටේ බෞද්ධයන් 70% කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වෙනවා. ඒත් රටේ බෞද්ධ වෙහෙර විහාර, බෞද්ධයාට අයිති බිම අති සූක්ෂම විදිහට අන්‍යාගමික කණ්ඩායම කොල්ලකා ගන්නවා. ඉපැරැණි බෞද්ධ වෙහෙර විහාර කඩා බිඳ දාලා සංඝයා වහන්සේලාට සහ බෞද්ධයන්ට අනේක විධ හිරිහැර හා කරදරවලට පත් කරනවා. අන්‍යාගමිකයන්ගෙන් බෞද්ධයාට වෙන කෙනෙහිලිකම් ගැන රටේ බලධාරීන්, නිලධාරීන් සොයා බලන්නෙත් නෑ. නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. ඒ සම්බන්ධයෙන් කතා කරන බෞද්ධයන්ව ජාතිවාදීන් විදිහට හංවඩු ගහනවා. හිරේ විලංගුවේ දානවා. ඕක තමයි ලංකාවේ අද තත්ත්වය. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ. නැති නම් සිංහල බෞද්ධ රට අන්‍යාගමිකයන්ගේ කොලනියක් බවට පත් වෙන එක නතර කරන්න බෑ..."[/SIZE] [SIZE=4]පසුගිය වසර හතළිහක කාලය තුළ සෑම් සමරසිංහයන් විසින් මෙරට තරුණ භික්ෂූන් වහන්සේලා අති විශාල සංඛ්‍යාවක් ධර්ම ප්‍රචාරණය සඳහා විදේශීය රටවලට වඩම්මවාගෙන යැමට කටයුතු කර තිබේ. ඇමෙරිකාවේ වැඩ සිටින වල්පොල පියනන්ද හිමි, සිංගප්පූරුවේ වැඩ සිටින අලව්වේ ගුණරතන හිමි, තිනීයාවල පාලිත හිමි සහ කිරම විමලජෝති නාහිමියන් එම හිමිවරු අතර ප්‍රධානය. එමෙන්ම ලෝකය පුරා රටවල බෞද්ධ සමිති, සමාගම් නිර්මාණය කිරීමට දායකත්වයක් ලබාදී ඇති සෑම් සමරසිංහයන්ගේ අතින් රචිත බෞද්ධ පොත්පත් කිහිපයකි. සිංගප්පූරු විහාරය, එංගලන්තයේ එම්පිරීයල් විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමය, ජපන් ලංකා බෞද්ධ මිත්‍ර සංගමයේ නිර්මාතෘවරයා වූ සෑම් මැලේසියාවේ ක්වාලාලාම්පූර් බෞද්ධ මහා විහාරයේ උප සභාපති තනතුර හෙබ වූයේය. ලෝකය පුරා බෞද්ධ ආගමක ප්‍රචාරය කිරීමට සෑම් සමරසිංහයන් කළ ඇති මෙහෙවර අති විශාලය. ඔහුගේ මූලිකත්වයෙන් නිර්මාණය වූ වෙහෙර, විහාර අදට ද බැතිමතුන්ගේ වන්දනාට පාත්‍ර වේ. ඒ පිං සෑම් සමරසිංහයන්ට ද අනුමෝදන් වන බව සැබෑය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom