Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටට ඉදිරියේදී මොකක් වෙයිද ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාභය රාජපක්ෂ 13 වැනිදා ඉල්ලා අස්වන

බවට නිල වශයෙන් ආණ්ඩුවට දැනුම් දී ඇති

බවට මීට සුළු මොහොතකට පෙර වාර්තා පළ

වුණා.

මට තේරෙන විදියට තවදුරටත් බලයේ එල්ලී

ඉන්න ගෝඨාභයට හැකියාවක් නැහැ. මේ

වෙලාවේ ජනප්‍රිය වෙන්න කැමති conspiracy

theorist ලා කුමක් කිව්වත් ගෝඨාභයට දැන්

ගෙදර යනවා හැරෙන්න වෙනත් විකල්පයක්

ඉතිරි වෙලා නැහැ.

ගෝඨාභය ඉවත් විය යුත්තේ මේ රටේ ආර්ථික

අර්බුදය මේ තරම් ඔඩු දුවන්නට වැඩි ම

දායකත්වයක් දැක්වූයේ ගෝඨාභයත් ඔහු ගේ

තක්කඩි උපදේශකයිනුත්, රාජපක්ෂ පවුල

වටා සිටි දූෂිත, ජාවාරම්කාර කල්ලියත් වීම

නිසයි.

මේ නිසා කුමන නිර්ණායකය යටතේ බැලුවත්

ගෝඨාභයට තවත් එක තත්පරයක්වත්

බලයේ ඉන්න කිසිම සදාචාරාත්මක අයිතියක්

නැහැ. ගෝඨාභය යනු ලංකා ඉතිහාසයේ

ජනතාව විසින් පන්නා දැමූ පළමුවෙනි

ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වෙනවා.

ඒත් ගෝඨාභය පන්නා දමන්නට පාරට පැමිණි

ජනතාවගෙන් අති මහත් බහුතරයක් තවමත්

විශ්වාස කරන්නේ ගෝඨාභය ඉවත් වුණොත්

රටට මෙයට වඩා හොඳ කලක් උදා වනු ඇති

බවයි.

ඒ කියන්නේ ඔවුන් ජූලි 13 වැනිදායින් පසු

මෙයට වඩා සුවපහසු, සැපත් ජීවිතයක්

බලාපොරොත්තු වෙනවා - සහන

බලාපොරොත්තු වෙනවා.

ගෝඨාභය ගිය පසු විදේශ රටවල් ලංකාවට

ආධාර එවනු ඇතැයි ද, විදේශ රටවල

ලාංකිකයන් එතැන් සිට ලංකාවට ඩොලර්

පොම්ප කරනු ඇතැයි ද ඔවුන් අවංකව ම සිතා

සිටිනවා.

ඒ මිනිසුන් මෙහෙම සිතා සිටින්නේ ලංකාව

වැටී ඇති අගාධයේ තරම ගැන ඔවුන් ට

තවමත් කිසිම අවබෝධයක් නැති වීම නිසයි.

ඒ කියන්නේ තමන් මේ අපායේ කොයිතරම්

ගැඹුරට වැටී ඇත්දැයි යන්න පවා ඔවුන් දන්නේ

නැහැ.

ඔවුන් මෙතෙක් කල් ගොඩනගාගෙන සිටි

බොහෝ බලාපොරොත්තු තවත් සති කිහිපයක්

ඇතුළත ඔවුන් ගේ ඇස් ඉදිරියට ම සුණු විසුණු

වෙලා යනවා.

දැන් ලංකාව තියෙන්නේ එහෙම ලේසියෙන්

ගොඩගන්න පුළුවන් තැනක නෙවෙයි. ඉදිරි

කාලය තුළ කවුරුන් ආණ්ඩුව හැදුවත් නැතත්

රට මේ ප්‍රපාතයේ තවත් ගැඹුරට තල්ලු වීම

සක්සුදක් සේ පැහැදිලියි.

මා හිතන විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්

(IMF) කිසියම් සහනයක් ලැබෙනවා නම්

ලැබෙන්න හිතනවාට වඩා දීර්ඝ කාලයක්

ගතවෙනවා - ඇතැම් විට එයින් කිසිම

සහනයක් නොලැබී යන්නටත් පුළුවන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහනයක්

ලැබෙන්නේ ණය සම්බන්ධයෙන්

තිරසරභාවයක් ඇති වුණොත් විතරයි. එහෙම

වන්නට නම් ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ

යුතුයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා

කරන්නට ලංකාවේ ආණ්ඩුව දැනටමත්

ජාත්‍යන්තර උපදේශක සමාගම් පත් කරගෙන

තියෙනවා.

එහෙත් දැන් දැනගන්නට ලැබෙන විදියට චීනය

ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නට සූදානම්

නැහැ. චීනයේ තර්කය වන්නේ තමන් ලංකාවේ

ණය ප්‍රතිව්‍යුහගතකරණය කළොත්

පකිස්ථානය ඇතුළු තවත් රටවල් තමන්ගෙන්

ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය

කරන්නත් සිදුවිය හැකි බවයි. ඒ නිසා චීනය

කියන්නේ අවශ්‍ය නම් ණය ගෙවන්නට

පමණක් තවත් ණයක් දිය හැකි බවයි.

චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකළොත්

ජපානය ණය ප්‍රතිව්‍යුහගතකරණය

නොකරන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා.

ඉන්පසු අනෙක් හැමෝමත් ඒ ස්ථාවරයට ම

එනවා.

මේ ප්රශ්නය විසඳාගන්නා තුරු IMF වෙතින්

ලංකාවට උදව් ලැබෙන්නේ නැහැ.

මේ නිසා ම ඉතා ම අඳුරු කාලයකට ලංකාවේ

මිනිසුන්ට ඉදිරියේ දී මුහුණ දෙන්නට

සිදුවෙනවා. ඒ අඳුර ලංකාවේ බොහෝ දෙනෙකු

සිතාගෙන ඉන්නවාට වඩා අඳුරුයි.

ඉදිරියට එන අඳුරු කාලය තුළ ලංකාවේ ලක්ෂ

සංඛ්‍යාත පිරිසක් ඔබ බලා සිටියදී මහපාරට

වැටෙනවා. ග්‍රීසියේ එසේ මහ පාරට වැටුණු

හුඟ දෙනෙක් දිවි නසාගත්තා. ලංකාවේ එහෙම

නොවෙන්න හේතුවක් මට පෙනෙන්නේ නැහැ.

ඒත් තවමත් ලංකාවේ බොහෝ මිනිසුන්

වෙසක් බලනවා වගේ ජනාධිපති මන්දිරය,

අරලිය ගහ මන්දිරය බලන්න යමින්, ඒවායේ

ඇති පොදු දේපළ ද විනාශ කරමින්, ගෝඨා

පිහිනූ පූල් එකේ පිහිනමින්, ගෝඨා නිදාගත්

ඇදේ බම්ප් වෙමින් ග්‍රාම්‍ය ලෙස හැසිරෙනවා

මිස මෙතැනින් එහාට ඇති ප්‍රශ්න විසඳාගන්න

මැදිහත්වෙන්නේ කෙසේදැයි සිතන්නේ නැහැ.

ලංකාවේ යමක් කමක් තේරුම් ගන්න පුළුවන්

සමාජ තීරුවේ මිනිසුනුත් මේ ග්‍රාම්‍යකම්

උත්කර්ෂයට නංවමින්, ඒවායෙන් ආස්වාදයක්

ලබමින් දිය සැළියේ නටන කකුළුවන් මෙන්

හැසිරෙනවා. අප සමාජයක් විදියට එබඳු මෝඩ

චූන්වල ගිලෙන්නට ඉතා ම කැමැතියි.

ඒත් ඇත්තට ම සිතුවොත් සැබෑ අරගලය,

විධිමත්ව ආරම්භ විය යුත්තේ මේ

මොහොතේයි. ඒත් මේ රටේ අති බහුතරයකට

ඒ ගැන ගාණක්වත් නැහැ.

මා ජනප්‍රියවාදී දේශපාලනය නොකරන්නේ

ලංකාවේ මිනිසුන් ගේ තියෙන මේ අවුල ගැන

දන්නා නිසයි. ඒ නිසා මිනිසුන් අසන්නට කැමති

කතා කියමින්, ඔවුන් ගේ ඔලමොට්ටලකම්

සාධාරණීකරණය කරන දේශපාලනය මා

පිළිකුල් කරන නිසයි.

කොයිතරම් කටුක වුණත්, කොයිතරම්

අමානුෂික වුවත්, කොයිතරම් නිර්දය වුණත්

අප සත්‍යයට මුහුණ දිය යුතු යැයි මා විශ්වාස

කරනවා. එයට වඩා දේශපාලනයක් මා දන්නේ

නැහැ.

මේ මොහොතේ දේශපාලනය කරන

කෙනෙකුට කරන්න පුළුවන් නරක ම දේ ලාබ

ජනප්‍රියවාදියෙකු වීමයි. මේ වගේ අන්ධකාර

කාලයක ඔවුන් තමනුත් විනාශයට යමින්, අන්

අයත් විනාශයට ගෙනයනවා.

ලංකාව ඇත්තට ම මේ ගමන් කරමින්

සිටින්නේ අන්ධකාර දශකය තුළටයි. අඩු

තරමේ දශකයකින් හෝ මෙයින් එළියට

එනවාද, එහෙම නැත්නම් දශක හතරක් පහක්

ම මේ අන්ධකාරයේ සිරවෙනවාද යන්න

තීරණය වන්නේ මේ මොහොත අප තේරුම්

ගන්නා විදිය මතයි.

රසික ජයකොඩි

11 - 07 - 2022

[QUOTE="Anrayiya, post: 27938491, member: 579384"] ගෝඨාභය රාජපක්ෂ 13 වැනිදා ඉල්ලා අස්වන බවට නිල වශයෙන් ආණ්ඩුවට දැනුම් දී ඇති බවට මීට සුළු මොහොතකට පෙර වාර්තා පළ වුණා. මට තේරෙන විදියට තවදුරටත් බලයේ එල්ලී ඉන්න ගෝඨාභයට හැකියාවක් නැහැ. මේ වෙලාවේ ජනප්‍රිය වෙන්න කැමති conspiracy theorist ලා කුමක් කිව්වත් ගෝඨාභයට දැන් ගෙදර යනවා හැරෙන්න වෙනත් විකල්පයක් ඉතිරි වෙලා නැහැ. ගෝඨාභය ඉවත් විය යුත්තේ මේ රටේ ආර්ථික අර්බුදය මේ තරම් ඔඩු දුවන්නට වැඩි ම දායකත්වයක් දැක්වූයේ ගෝඨාභයත් ඔහු ගේ තක්කඩි උපදේශකයිනුත්, රාජපක්ෂ පවුල වටා සිටි දූෂිත, ජාවාරම්කාර කල්ලියත් වීම නිසයි. මේ නිසා කුමන නිර්ණායකය යටතේ බැලුවත් ගෝඨාභයට තවත් එක තත්පරයක්වත් බලයේ ඉන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. ගෝඨාභය යනු ලංකා ඉතිහාසයේ ජනතාව විසින් පන්නා දැමූ පළමුවෙනි ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වෙනවා. ඒත් ගෝඨාභය පන්නා දමන්නට පාරට පැමිණි ජනතාවගෙන් අති මහත් බහුතරයක් තවමත් විශ්වාස කරන්නේ ගෝඨාභය ඉවත් වුණොත් රටට මෙයට වඩා හොඳ කලක් උදා වනු ඇති බවයි. ඒ කියන්නේ ඔවුන් ජූලි 13 වැනිදායින් පසු මෙයට වඩා සුවපහසු, සැපත් ජීවිතයක් බලාපොරොත්තු වෙනවා - සහන බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය ගිය පසු විදේශ රටවල් ලංකාවට ආධාර එවනු ඇතැයි ද, විදේශ රටවල ලාංකිකයන් එතැන් සිට ලංකාවට ඩොලර් පොම්ප කරනු ඇතැයි ද ඔවුන් අවංකව ම සිතා සිටිනවා. ඒ මිනිසුන් මෙහෙම සිතා සිටින්නේ ලංකාව වැටී ඇති අගාධයේ තරම ගැන ඔවුන් ට තවමත් කිසිම අවබෝධයක් නැති වීම නිසයි. ඒ කියන්නේ තමන් මේ අපායේ කොයිතරම් ගැඹුරට වැටී ඇත්දැයි යන්න පවා ඔවුන් දන්නේ නැහැ. ඔවුන් මෙතෙක් කල් ගොඩනගාගෙන සිටි බොහෝ බලාපොරොත්තු තවත් සති කිහිපයක් ඇතුළත ඔවුන් ගේ ඇස් ඉදිරියට ම සුණු විසුණු වෙලා යනවා. දැන් ලංකාව තියෙන්නේ එහෙම ලේසියෙන් ගොඩගන්න පුළුවන් තැනක නෙවෙයි. ඉදිරි කාලය තුළ කවුරුන් ආණ්ඩුව හැදුවත් නැතත් රට මේ ප්‍රපාතයේ තවත් ගැඹුරට තල්ලු වීම සක්සුදක් සේ පැහැදිලියි. මා හිතන විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (IMF) කිසියම් සහනයක් ලැබෙනවා නම් ලැබෙන්න හිතනවාට වඩා දීර්ඝ කාලයක් ගතවෙනවා - ඇතැම් විට එයින් කිසිම සහනයක් නොලැබී යන්නටත් පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහනයක් ලැබෙන්නේ ණය සම්බන්ධයෙන් තිරසරභාවයක් ඇති වුණොත් විතරයි. එහෙම වන්නට නම් ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා කරන්නට ලංකාවේ ආණ්ඩුව දැනටමත් ජාත්‍යන්තර උපදේශක සමාගම් පත් කරගෙන තියෙනවා. එහෙත් දැන් දැනගන්නට ලැබෙන විදියට චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නට සූදානම් නැහැ. චීනයේ තර්කය වන්නේ තමන් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළොත් පකිස්ථානය ඇතුළු තවත් රටවල් තමන්ගෙන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නත් සිදුවිය හැකි බවයි. ඒ නිසා චීනය කියන්නේ අවශ්‍ය නම් ණය ගෙවන්නට පමණක් තවත් ණයක් දිය හැකි බවයි. චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකළොත් ජපානය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා. ඉන්පසු අනෙක් හැමෝමත් ඒ ස්ථාවරයට ම එනවා. මේ ප්රශ්නය විසඳාගන්නා තුරු IMF වෙතින් ලංකාවට උදව් ලැබෙන්නේ නැහැ. මේ නිසා ම ඉතා ම අඳුරු කාලයකට ලංකාවේ මිනිසුන්ට ඉදිරියේ දී මුහුණ දෙන්නට සිදුවෙනවා. ඒ අඳුර ලංකාවේ බොහෝ දෙනෙකු සිතාගෙන ඉන්නවාට වඩා අඳුරුයි. ඉදිරියට එන අඳුරු කාලය තුළ ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඔබ බලා සිටියදී මහපාරට වැටෙනවා. ග්‍රීසියේ එසේ මහ පාරට වැටුණු හුඟ දෙනෙක් දිවි නසාගත්තා. ලංකාවේ එහෙම නොවෙන්න හේතුවක් මට පෙනෙන්නේ නැහැ. ඒත් තවමත් ලංකාවේ බොහෝ මිනිසුන් වෙසක් බලනවා වගේ ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිරය බලන්න යමින්, ඒවායේ ඇති පොදු දේපළ ද විනාශ කරමින්, ගෝඨා පිහිනූ පූල් එකේ පිහිනමින්, ගෝඨා නිදාගත් ඇදේ බම්ප් වෙමින් ග්‍රාම්‍ය ලෙස හැසිරෙනවා මිස මෙතැනින් එහාට ඇති ප්‍රශ්න විසඳාගන්න මැදිහත්වෙන්නේ කෙසේදැයි සිතන්නේ නැහැ. ලංකාවේ යමක් කමක් තේරුම් ගන්න පුළුවන් සමාජ තීරුවේ මිනිසුනුත් මේ ග්‍රාම්‍යකම් උත්කර්ෂයට නංවමින්, ඒවායෙන් ආස්වාදයක් ලබමින් දිය සැළියේ නටන කකුළුවන් මෙන් හැසිරෙනවා. අප සමාජයක් විදියට එබඳු මෝඩ චූන්වල ගිලෙන්නට ඉතා ම කැමැතියි. ඒත් ඇත්තට ම සිතුවොත් සැබෑ අරගලය, විධිමත්ව ආරම්භ විය යුත්තේ මේ මොහොතේයි. ඒත් මේ රටේ අති බහුතරයකට ඒ ගැන ගාණක්වත් නැහැ. මා ජනප්‍රියවාදී දේශපාලනය නොකරන්නේ ලංකාවේ මිනිසුන් ගේ තියෙන මේ අවුල ගැන දන්නා නිසයි. ඒ නිසා මිනිසුන් අසන්නට කැමති කතා කියමින්, ඔවුන් ගේ ඔලමොට්ටලකම් සාධාරණීකරණය කරන දේශපාලනය මා පිළිකුල් කරන නිසයි. කොයිතරම් කටුක වුණත්, කොයිතරම් අමානුෂික වුවත්, කොයිතරම් නිර්දය වුණත් අප සත්‍යයට මුහුණ දිය යුතු යැයි මා විශ්වාස කරනවා. එයට වඩා දේශපාලනයක් මා දන්නේ නැහැ. මේ මොහොතේ දේශපාලනය කරන කෙනෙකුට කරන්න පුළුවන් නරක ම දේ ලාබ ජනප්‍රියවාදියෙකු වීමයි. මේ වගේ අන්ධකාර කාලයක ඔවුන් තමනුත් විනාශයට යමින්, අන් අයත් විනාශයට ගෙනයනවා. ලංකාව ඇත්තට ම මේ ගමන් කරමින් සිටින්නේ අන්ධකාර දශකය තුළටයි. අඩු තරමේ දශකයකින් හෝ මෙයින් එළියට එනවාද, එහෙම නැත්නම් දශක හතරක් පහක් ම මේ අන්ධකාරයේ සිරවෙනවාද යන්න තීරණය වන්නේ මේ මොහොත අප තේරුම් ගන්නා විදිය මතයි. - රසික ජයකොඩි 11 - 07 - 2022 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom