Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටම විකුණලා බදු දීලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෂැන්ග්‍රි ලාට සදාකාලයටම ඉඩම පවරා භාර දෙම්හ මීට, මහින්ද රාජපක්ෂ

ලසන්ත රුහුණගේ

බැලු බැලූ අත අද වර්ජනය. නැත්නම් උද් ඝෝෂණය. මේවාහි බොහෝ විට ඇත්තේ වෘත්තීය ඉල්ලීම්වලින් එහා ගිය ඉල්ලීම්ය. රට හෝ ජාතික සම්පත් විකිණීම හෝ බදු දීම එපා යන පොදු ජාතික ප්‍රතිපත්ති පිළිබඳ කරුණුය. ඛනිජ තෙල් සේවක වර්ජනයේ ඇත්තේද එවැන්නකි. ඒ ත්‍රිකුණාමලයේ හා හම්බන්තොට වරායේ ඇති තෙල් ටැංකි බදු දෙන්නට එපා යන ඉල්ලීම්ය. අමතරව ඇත්තේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කරන්න යන ඉල්ලීමය.

කෙසේ වෙතත් රටේ කටයුතු අකර්මණ්‍ය නොවීම සඳහාත් ජන ජීවිතය බිඳ නොවැටී පවත්වා ගෙන යෑම උදෙසාත් ඛනිජ තෙල් ක්ෂේත්රය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමෙන් පසු ඛනිජ තෙල් සැපයුම් සේවාව යළි යථා තත්ත්වයට පත්වීමේ ලකුණු පහළ වී ඇත.

මීට පෙර ඛනිජ තෙල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජන අවස්ථාවකදී එක් ප්‍රධාන ඉල්ලීමක් වූ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ගැන අපි ලියා ඇත්තෙමු. ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය වූකලි පළමු ලෝක යුද්ධයෙන් පසු නැවත එවැනි ලෝක යුද තත්ත්වයක් ඇතිවුවහොත් බි්රතාන්ය අධිරාජ්‍යයේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන ලද්දක්ය. එම තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවද භාවිතයට ගෙන තිබුණේ නැත. ඊට ප්‍රධානතම හේතුව වී තිබුණේ තෙල් ටැංකි 100කින් සමන්විත එතරම් විශාල තෙල් ටැංකි සංකීර්ණයක අවශ්‍යතාවක් ශ්‍රී ලංකාවට නොතිබීමය. දෙවන ලෝක යුද්ධයේදී ජපනුන් බෝම්බ දැමීම නිසා ගිනිගෙන දැවීම හේතුවෙන් හා ගුවන්යානා අනතුරක් හේතුවෙන් කපා ඉවත් කිරීම හේතුවෙන් අද ඇත්තේ තෙල් ටැංකි 98ක් පමණය. දෙදහ දශකයේදී ලංකාවේ ඛනිජ තෙල් සැපයුම සඳහා ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට ඉඩ ලබාදීමත් සමඟ මේ තෙල් ටැංකි සංකීර්ණයද ඉන්දියානු ඔයිල් සමාගමට බදුදීම සිදුකරනු ලැබූ අතර ඉන් ඔවුන්ද භාවිතයට ගනු ලබන්නේ ත්‍රිකුණා මල චීන වරාය සමීපයේ ඇති තෙල් ටැංකි කිහිපය පම ණය. ඉතිරි තෙල් ටැංකි ඇත්තේ ගන කැලෑවකින් වැසී නටබුන් වෙමින්ය. එම තෙල් ටැංකිවලට තෙල් පොම්ප කළ භූගත නළ පද්ධති නිසියාකාරව ක්‍රියා කරනවාදැයි හෝ තිබෙනවාදැයි සහතිකයක් නැති අතර තෙල් ටැංකිද පූර්ණ අලුත් වැඩියාවකින් තොරව භාවිත යට ගතහැකිද යන්න සැක සහිතය. මෙය මෙසේ වීමට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සැපයුමට ඉන්දියානු ඔයිල් සමාගමට පවා එතරම් තෙල් ටැංකි ප්‍රමාණයක් අවශ්‍ය නොවීමය.

හම්බන්තොට වරාය තෙල් ටැංකි ගතහොත් එය කිසිසේත්ම ඛනිජ තෙල් සංස්ථාව සතුව පැවති තෙල් ටැංකි නොවන අතර වරාය ඉදිකිරීමත් සමඟ ගොඩනැංවූ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් තෙල් ටැංකි විය. හම්බන්තොට වරාය බදුදීමේ ගිවිසුමේදී එය වරායට අයත් දේපළක් වශයෙන් බදු දීමට නියමිතව තිබුණි. හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් කොම්පැණි සමාගමට බදු දෙන්නට යන්නේ අනූනව අවුරුදු බදු ගිවිසුමක් යටතේ වන අතර හම්බන්තොට වරාය නම් වූ සුදු අලියා නඩත්තු කිරීමට නොහැකිවීම ඊට පෙන්වන හේතුවය. ඇත්ත වශයෙන්ම හම්බන්තොට වරාය වෙනුවෙන් චීනයෙන් ලබාගෙන ඇති ණය වූකලි ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගෙවාගත නොහැකි බරකි. කොළඹ වරාය කේන්ද්‍ර කරගත් භාණ්ඩ ප්‍රවාහන හා ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු කිසිවක් හම්බන්තොට වරායට යෑමේ අවශ්‍යතාවක් පැන නැග තිබුණේ නැත. එය මුලින්ම රාජපක්ෂලාගේ සිහින ඉටුකර ගැනීම සඳහා බංකරින් වරායක් (ඉන්ධන ඇතුළු පහසුකම් සපයන) ලෙස නිර්මාණය කරනවා යැයි කියා පසුව විශාල වරාය ව්‍යාපෘතියක් සඳහා වෙනස් කරන ලද එකක්ය. කොළඹ වරායට ආ වාහන පවා රාජපක්ෂලා හම්බන්තොට වරායට ගොඩබෑ යුතු බවට නියෝග කරමින්, හම්බන්තොට වරායට හරවා යවනු ලැබූයේ බලෙන්ය. ඒ නිසාම වාහන ආනයනකරුවන්ට දරන්නට සිදුවූ අතිරේක වැයබර කාලය හා කොළඹ දක්වා වාහන පදවාගෙන ඒමේ අනාරක්ෂිතභාවය සුළුපටු නොවීය.

මේ හම්බන්තොට වරාය ඉදිකරන සමයේදීම කොළඹ දකුණු වරායද සංවර්ධනය කරමින් තිබුණි. ඒ අනුව කොළඹ වරායේ ධාරිතාව පිළිබඳ ප්‍රශ්නයද විසඳෙමින් තිබුණි. එවැනි තත්ත්වයක් තුළ හම්බන්තොට වරායක වාණිජ අවශ්‍යතාවක් කිසිසේත් තිබුණේ නැත. බංකරින් වරාය යන සංකල්පයද ලාභයට දීමට ඛනිජ තෙල් නැති අප වැනි රටකට උචිත වූයේ නැත. අනෙක ජාත්‍යන්තර නැව් ගමනාගමනයේ පසුකර එන වරායන් හා සැසඳීමේදී එම අවශ්‍යතාවන් සඳහා පමණක් ශ්‍රී ලංකාවට හෝ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ඒමේ අවශ්‍යතාවක්ද පැන නැග තිබුණේ නැත. එහෙත් හම්බන්තොට වරාය මෙන්ම, මත්තල ගුවන්තොටුපොළ හා සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහාද අද වන්දි ගෙවන්නට සිදුවී ඇත්තේ මේ රටේ මහජනයාටය. සූරියවැව ක්‍රීඩාංගණය සඳහා වන්දි ගෙවීම බාරවී ඇත්තේද ශ්‍රී ලංකා වරාය අධිකාරියටය.

අප මෙම සාකච්ඡාව ආරම්භ කළ වර්ජන සඳහා යොදා ගන්නා රට හෝ ජාතික සම්පත් විකිණීම යන සටන් පාඨ සම්මුඛවන්නේ මෙවැනි සුදු අලින් පිළිබඳ කතාන්දර නිසාය. ඒ සඳහා විසඳුමක් අත්‍යවශ්‍යමය. සමහරවිට යහපාලන ආණ්ඩුව ඒ සඳහා ගෙන එන විසඳුම යථාර්ථවාදී නොවේ නම් ඒ සඳහා ඇති යථාර්ථවාදී විසඳුම කුමක්දැයි මේ උද්ඝෝෂකයන් හෝ ඔවුන් මෙහෙයවන තිරය පිටුපස වීරයන් රටට කිව යුතුය.

එදා රාජපක්ෂ ආණ්ඩුව සින්නක්කරව චීනයට හෝ වෙනත් රටක ආයෝජකයෙකුට ලබාදීමට ගිය මේ සම්පත් අද ලබා දෙන්නේ බද්දටය. ඊට ඇති හොඳම උදාහරණය පෝට් සිටි ව්‍යාපෘතියය. රාජපක්ෂ සමයේදී එය ලබාදීමට ගියේ සින්නක්කරවය. අද ලබාදී ඇත්තේ අනූනව අවුරුදු බද්දටය. ප්රශ්නය ඇත්තේ රටේ සම්පත් එදා රාජපක්ෂලා සින්නක්කරව දෙද්දී මේ පිරිස් සිටියේ කොහිද යන්න හා අද බද්දට දෙද්දී මෙතරම් ජන ජීවිතය අඩාල කරමින් කෑකෝ ගසන්නේ ඇයිද යන්නය. අනෙක රාජපක්ෂලා සින්නක්කරව චීනයට හෝ වෙනත් රටකට දුන් දේවල් පිළිබඳව මේ පිරිස් කියන්නේ කුමක්ද යන්නය.

මේ ආකාරයට රාජපක්ෂ පාලනය විසින් ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය පිහිටි ඉඩම හොංකොං කේන්ද්‍ර කරගත් ෂැන්ග්‍රි ලා සමාගමට ඔප්පුවකින් සින්නක්කරව ලබාදීමේ ගනුදෙනුව අද කරළියට පැමිණ ඇත. එය මගහැර යා නොහැක්කේ බදුදීමට එරෙහිව මේ සා උද්ඝෝෂණ පැන නගින සමයකදී වීම නිසාත්, විදේශිකයන්ට ඉඩම් විකිණිය නොහැකි බවට ප්‍රතිපාදන රට තුළ පැවතීම නිසාත් හා තවමත් අනාවරණය නොවූ ඒ ආකාරයේ ඉඩම් ගනුදෙනු තවත් සිදුවී ඇද්ද යන ප්‍රශ්නාර්ථය අප හමුවේ මතුවන නිසාත්ය.

කොළඹ ෂැන්ග්‍රි ලා හොටෙල් ව්‍යාපෘතිය එන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් වශයෙන් උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේය. ඒ අනුව කොළඹ ෂැන්ග්‍රි ලා හොටෙල් ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයදුම්පත ඉදිරිපත් කර ඇත්තේ ෂැන්ග්‍රි ලා ඒෂියා ලිමිටඞ් ආයතනයය. එම ආයතනයේ ලිපිනය වන්නේ 21රැත්ල ක්සඑසජ ඔදඇරල භදල 1 ඔසප ඵැස ්ඩැ ක්ැබඑර්කල ්යදබට ණදබට ය. එම ආයතනයේ සම්බන්ධ කරගත හැකි දේශීය පුද්ගලයා වන්නේ කොළඹ 4, ආර්.ඒ. ද මැල් මාවතේ ලෙයිෂර් ප්ලේස්, අංක 4 පදිංචි එම්. සජාඞ් මව්ෂුම්ය. මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරනවා යැයි කියා ඇති මුදල රුපියල් මිලියන 44880කි. විදේශ සේවකයන් 30 දෙනෙකුට හා දේශීය සේවකයන් 432 දෙනෙකුට රැකියා ලබාදෙන බව සඳහන් කර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා අක්කර 6යි පර්චස් 3.13ක ඉඩමක් අවශ්‍ය බව සඳහන් කර තිබේ. ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා සාමාන්‍ය යෙන් ලබාදෙන්නේ ආයෝජන මණ්ඩල කලාපවලට අයත් ඉඩම්ය. එම ඉඩම් කිසිසේත් කිසිදු ආයෝජකයෙකුට සින්නක් කරව ලබා දෙන්නේ නැත. ලබාදෙන්නේ බදු පදනම යටතේය. රටේ නීතිය අනුව කොහොමත් පෞද්ගලික ඉඩමක් හෝ වේවා විදේශිකයන්ට සින්නක්කරව ලබාදීම තහනම්ය. ආයෝජන මණ්ඩල කලාපවලින් පිට ඉඩමක් නම් ඒ සඳහා ගනුදෙනු කළයුත්තේ රජය සමඟය. ඒ අනුව ෂැන්ග්‍රි ලා ව්‍යාපෘතියේ ඉඩම වෙනුවෙන් ගනුදෙනුව සිදුවී ඇත්තේ රජය සමඟය. ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ කොළඹ බාලදක්ෂ මාවතේ ඉඩම ෂැන්ග්‍රි ලා සමාගමට ලැබී ඇත්තේ ඒ අනුවය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අත්සන් කර ෂැන්ග්‍රි ලා හොටෙල්ස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඞ් ආයතනයට ඇමරිකානු ඩොලර් මිලියන 75ක් හෙවත් එවකට රුපියල් මිලියන 8250කට සින්නක්කරව ලබාදී ඇති යුද හමුදා මූලස්ථානය පිහිටි ඉඩමේ ප්‍රමාණය හෙක්ටයාර් 2.4367ක් හෙවත් අක්කර 6කට වඩා මඳක් වැඩි ප්‍රමාණයක්ය. ඉඩම් කොමසාරිස්ගේ 4/10/33433 අංක දරන මෙම සින්නක්කර ඔප්පුව 2010 දෙසැම්බර් 28 දින කොළඹ ජනාධිපති කාර්යාලයේදී මුද්‍රා තබා ලබාදී ඇත. මේ සින්නක්කරව ලබාදීම එකී ඔප්පුවේ සඳහන් වන්නේ මෙසේය.

‘තවද, මෙයින් අයිති කර දුන් දේපළ හා ඊට අයිති සියලුදේත් දැනට පවත්නා පාරක අයිතිවාසිකම් ඇතොත් එම අයිතිවාසිකම්වලට ද ඒ සම්බන්ධයෙන් මින් මතු ප්‍රකාශ කරනු ලබන හා මෙහි අඩංගු නොයෙකුත් විධිවිධාන හා සීමා කිරීම්වලටද යටත්ව එකී ෂැන්ග්‍රි ලා හොටෙල්ස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඞ් ආයතනයට හා එහි උරුමක්කාරයන්ට හා පොල්මඃකාරයන්ට හා අද්මිනිස්ත්‍රාසිකාරයන්ට හා ලැබුම්කාරයන්ට සදාකාලයටම නිරවුල්ව භුක්ති විඳීම පිණිස මෙයින් පවරා භාර දෙම්හ.’

රටේ වලංගු ඉඩම් නීතියට පටහැනිව විදේශීය සමාගමකට මේ ආකාරයට සින්නක්කරව ඉඩම් පවරා දී ඇත්තේ කිනම් ප්රතිපාදනයක් යටතේද යන්න හා කිනම් ජාතික අවශ්‍යතාවක් මතද යන්න රටේ හා ජාතික සම්පත් ගැන කෑමොර දෙන පිරිස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මෙන්ම ඔහු වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ගෙන් මේ නිසාම ඇසිය යුතුය.

කොළඹ ඉදිවෙමින් පවතින ෂැන්ග්‍රි ලා ව්‍යාපෘතියට අමතරව දැනට ඉදිකර අවසන් කර ඇති හම්බන්තොට ෂැන්ග්‍රි ලා ව්‍යාපෘතියක්ද පවතී. ඒ ෂැන්ග්‍රි ලා ගොල්ෆ් රිසෝට් හා ස්පාය. එයද කොළඹ ව්‍යාපෘතිය මෙන්ම ෂැන්ග්‍රි ලා ඒෂියා ලිමිටඞ් ආයෝජනයකි. ඒ සඳහා ආයෝජනය කරනවායැ’යි සඳහන් කර ඇති මුදල රුපියල් මිලියන 13200කි. ඒ සඳහා ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කළ ඉල්ලුම්පතේ සඳහන් අවශ්‍ය කරන ඉඩම් ප්‍රමාණය අක්කර 98 රූඞ් 1 පර්චස් 3කි. සිට්රක්ඩා වත්තෙන් එම ඉඩම් අවශ්‍යතාව සපුරාගන්නා බව සඳහන් වී ඇත. දැනගන්නට ලැබෙන පරිදි පෞද්ගලික අයිතිකරුවන් සතුව පැවති එම වත්තේ ඉඩම් කොටස් මෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ ඉඩම්ද වෙනත් රජයේ ඉඩම්ද ඉහත සඳහන් අක්කර ගණනට සමවන ලෙස ගොල්ෆ් ක්‍රීඩාංගණයක්ද සහිත මෙම ව්‍යාපෘතියට ලබාදී තිබේ. එම ඉඩම ෂැන්ග්‍රි ලා සමාගමට ලබාදී ඇත්තේ කොළඹ ඉඩම මෙන්ම ඉඩම් නීතිය බල්ලාට දමා සින්නක්කරවද? ජාතික සම්පත් ගැන කැක්කුමෙන් කෑමොර ගසන රාජපක්ෂවරුන් මේ ගැන රටට කිව යුතුය.■

- http://ravaya.lk/?p=168620

[QUOTE="monson, post: 22027904, member: 30005"] [B][SIZE="5"]ෂැන්ග්‍රි ලාට සදාකාලයටම ඉඩම පවරා භාර දෙම්හ මීට, මහින්ද රාජපක්ෂ[/SIZE][/B] [IMG]http://ravaya.lk/wp-content/uploads/2017/07/lasantha1.gif[/IMG] [SIZE="4"]ලසන්ත රුහුණගේ බැලු බැලූ අත අද වර්ජනය. නැත්නම් උද් ඝෝෂණය. මේවාහි බොහෝ විට ඇත්තේ වෘත්තීය ඉල්ලීම්වලින් එහා ගිය ඉල්ලීම්ය. රට හෝ ජාතික සම්පත් විකිණීම හෝ බදු දීම එපා යන පොදු ජාතික ප්‍රතිපත්ති පිළිබඳ කරුණුය. ඛනිජ තෙල් සේවක වර්ජනයේ ඇත්තේද එවැන්නකි. ඒ ත්‍රිකුණාමලයේ හා හම්බන්තොට වරායේ ඇති තෙල් ටැංකි බදු දෙන්නට එපා යන ඉල්ලීම්ය. අමතරව ඇත්තේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කරන්න යන ඉල්ලීමය. කෙසේ වෙතත් රටේ කටයුතු අකර්මණ්‍ය නොවීම සඳහාත් ජන ජීවිතය බිඳ නොවැටී පවත්වා ගෙන යෑම උදෙසාත් ඛනිජ තෙල් ක්ෂේත්රය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමෙන් පසු ඛනිජ තෙල් සැපයුම් සේවාව යළි යථා තත්ත්වයට පත්වීමේ ලකුණු පහළ වී ඇත. මීට පෙර ඛනිජ තෙල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජන අවස්ථාවකදී එක් ප්‍රධාන ඉල්ලීමක් වූ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ගැන අපි ලියා ඇත්තෙමු. ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය වූකලි පළමු ලෝක යුද්ධයෙන් පසු නැවත එවැනි ලෝක යුද තත්ත්වයක් ඇතිවුවහොත් බි්රතාන්ය අධිරාජ්‍යයේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන ලද්දක්ය. එම තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවද භාවිතයට ගෙන තිබුණේ නැත. ඊට ප්‍රධානතම හේතුව වී තිබුණේ තෙල් ටැංකි 100කින් සමන්විත එතරම් විශාල තෙල් ටැංකි සංකීර්ණයක අවශ්‍යතාවක් ශ්‍රී ලංකාවට නොතිබීමය. දෙවන ලෝක යුද්ධයේදී ජපනුන් බෝම්බ දැමීම නිසා ගිනිගෙන දැවීම හේතුවෙන් හා ගුවන්යානා අනතුරක් හේතුවෙන් කපා ඉවත් කිරීම හේතුවෙන් අද ඇත්තේ තෙල් ටැංකි 98ක් පමණය. දෙදහ දශකයේදී ලංකාවේ ඛනිජ තෙල් සැපයුම සඳහා ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට ඉඩ ලබාදීමත් සමඟ මේ තෙල් ටැංකි සංකීර්ණයද ඉන්දියානු ඔයිල් සමාගමට බදුදීම සිදුකරනු ලැබූ අතර ඉන් ඔවුන්ද භාවිතයට ගනු ලබන්නේ ත්‍රිකුණා මල චීන වරාය සමීපයේ ඇති තෙල් ටැංකි කිහිපය පම ණය. ඉතිරි තෙල් ටැංකි ඇත්තේ ගන කැලෑවකින් වැසී නටබුන් වෙමින්ය. එම තෙල් ටැංකිවලට තෙල් පොම්ප කළ භූගත නළ පද්ධති නිසියාකාරව ක්‍රියා කරනවාදැයි හෝ තිබෙනවාදැයි සහතිකයක් නැති අතර තෙල් ටැංකිද පූර්ණ අලුත් වැඩියාවකින් තොරව භාවිත යට ගතහැකිද යන්න සැක සහිතය. මෙය මෙසේ වීමට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සැපයුමට ඉන්දියානු ඔයිල් සමාගමට පවා එතරම් තෙල් ටැංකි ප්‍රමාණයක් අවශ්‍ය නොවීමය. හම්බන්තොට වරාය තෙල් ටැංකි ගතහොත් එය කිසිසේත්ම ඛනිජ තෙල් සංස්ථාව සතුව පැවති තෙල් ටැංකි නොවන අතර වරාය ඉදිකිරීමත් සමඟ ගොඩනැංවූ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් තෙල් ටැංකි විය. හම්බන්තොට වරාය බදුදීමේ ගිවිසුමේදී එය වරායට අයත් දේපළක් වශයෙන් බදු දීමට නියමිතව තිබුණි. හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් කොම්පැණි සමාගමට බදු දෙන්නට යන්නේ අනූනව අවුරුදු බදු ගිවිසුමක් යටතේ වන අතර හම්බන්තොට වරාය නම් වූ සුදු අලියා නඩත්තු කිරීමට නොහැකිවීම ඊට පෙන්වන හේතුවය. ඇත්ත වශයෙන්ම හම්බන්තොට වරාය වෙනුවෙන් චීනයෙන් ලබාගෙන ඇති ණය වූකලි ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගෙවාගත නොහැකි බරකි. කොළඹ වරාය කේන්ද්‍ර කරගත් භාණ්ඩ ප්‍රවාහන හා ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු කිසිවක් හම්බන්තොට වරායට යෑමේ අවශ්‍යතාවක් පැන නැග තිබුණේ නැත. එය මුලින්ම රාජපක්ෂලාගේ සිහින ඉටුකර ගැනීම සඳහා බංකරින් වරායක් (ඉන්ධන ඇතුළු පහසුකම් සපයන) ලෙස නිර්මාණය කරනවා යැයි කියා පසුව විශාල වරාය ව්‍යාපෘතියක් සඳහා වෙනස් කරන ලද එකක්ය. කොළඹ වරායට ආ වාහන පවා රාජපක්ෂලා හම්බන්තොට වරායට ගොඩබෑ යුතු බවට නියෝග කරමින්, හම්බන්තොට වරායට හරවා යවනු ලැබූයේ බලෙන්ය. ඒ නිසාම වාහන ආනයනකරුවන්ට දරන්නට සිදුවූ අතිරේක වැයබර කාලය හා කොළඹ දක්වා වාහන පදවාගෙන ඒමේ අනාරක්ෂිතභාවය සුළුපටු නොවීය. මේ හම්බන්තොට වරාය ඉදිකරන සමයේදීම කොළඹ දකුණු වරායද සංවර්ධනය කරමින් තිබුණි. ඒ අනුව කොළඹ වරායේ ධාරිතාව පිළිබඳ ප්‍රශ්නයද විසඳෙමින් තිබුණි. එවැනි තත්ත්වයක් තුළ හම්බන්තොට වරායක වාණිජ අවශ්‍යතාවක් කිසිසේත් තිබුණේ නැත. බංකරින් වරාය යන සංකල්පයද ලාභයට දීමට ඛනිජ තෙල් නැති අප වැනි රටකට උචිත වූයේ නැත. අනෙක ජාත්‍යන්තර නැව් ගමනාගමනයේ පසුකර එන වරායන් හා සැසඳීමේදී එම අවශ්‍යතාවන් සඳහා පමණක් ශ්‍රී ලංකාවට හෝ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ඒමේ අවශ්‍යතාවක්ද පැන නැග තිබුණේ නැත. එහෙත් හම්බන්තොට වරාය මෙන්ම, මත්තල ගුවන්තොටුපොළ හා සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහාද අද වන්දි ගෙවන්නට සිදුවී ඇත්තේ මේ රටේ මහජනයාටය. සූරියවැව ක්‍රීඩාංගණය සඳහා වන්දි ගෙවීම බාරවී ඇත්තේද ශ්‍රී ලංකා වරාය අධිකාරියටය. අප මෙම සාකච්ඡාව ආරම්භ කළ වර්ජන සඳහා යොදා ගන්නා රට හෝ ජාතික සම්පත් විකිණීම යන සටන් පාඨ සම්මුඛවන්නේ මෙවැනි සුදු අලින් පිළිබඳ කතාන්දර නිසාය. ඒ සඳහා විසඳුමක් අත්‍යවශ්‍යමය. සමහරවිට යහපාලන ආණ්ඩුව ඒ සඳහා ගෙන එන විසඳුම යථාර්ථවාදී නොවේ නම් ඒ සඳහා ඇති යථාර්ථවාදී විසඳුම කුමක්දැයි මේ උද්ඝෝෂකයන් හෝ ඔවුන් මෙහෙයවන තිරය පිටුපස වීරයන් රටට කිව යුතුය. එදා රාජපක්ෂ ආණ්ඩුව සින්නක්කරව චීනයට හෝ වෙනත් රටක ආයෝජකයෙකුට ලබාදීමට ගිය මේ සම්පත් අද ලබා දෙන්නේ බද්දටය. ඊට ඇති හොඳම උදාහරණය පෝට් සිටි ව්‍යාපෘතියය. රාජපක්ෂ සමයේදී එය ලබාදීමට ගියේ සින්නක්කරවය. අද ලබාදී ඇත්තේ අනූනව අවුරුදු බද්දටය. ප්රශ්නය ඇත්තේ රටේ සම්පත් එදා රාජපක්ෂලා සින්නක්කරව දෙද්දී මේ පිරිස් සිටියේ කොහිද යන්න හා අද බද්දට දෙද්දී මෙතරම් ජන ජීවිතය අඩාල කරමින් කෑකෝ ගසන්නේ ඇයිද යන්නය. අනෙක රාජපක්ෂලා සින්නක්කරව චීනයට හෝ වෙනත් රටකට දුන් දේවල් පිළිබඳව මේ පිරිස් කියන්නේ කුමක්ද යන්නය. මේ ආකාරයට රාජපක්ෂ පාලනය විසින් ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය පිහිටි ඉඩම හොංකොං කේන්ද්‍ර කරගත් ෂැන්ග්‍රි ලා සමාගමට ඔප්පුවකින් සින්නක්කරව ලබාදීමේ ගනුදෙනුව අද කරළියට පැමිණ ඇත. එය මගහැර යා නොහැක්කේ බදුදීමට එරෙහිව මේ සා උද්ඝෝෂණ පැන නගින සමයකදී වීම නිසාත්, විදේශිකයන්ට ඉඩම් විකිණිය නොහැකි බවට ප්‍රතිපාදන රට තුළ පැවතීම නිසාත් හා තවමත් අනාවරණය නොවූ ඒ ආකාරයේ ඉඩම් ගනුදෙනු තවත් සිදුවී ඇද්ද යන ප්‍රශ්නාර්ථය අප හමුවේ මතුවන නිසාත්ය. කොළඹ ෂැන්ග්‍රි ලා හොටෙල් ව්‍යාපෘතිය එන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් වශයෙන් උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේය. ඒ අනුව කොළඹ ෂැන්ග්‍රි ලා හොටෙල් ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයදුම්පත ඉදිරිපත් කර ඇත්තේ ෂැන්ග්‍රි ලා ඒෂියා ලිමිටඞ් ආයතනයය. එම ආයතනයේ ලිපිනය වන්නේ 21රැත්ල ක්සඑසජ ඔදඇරල භදල 1 ඔසප ඵැස ්ඩැ ක්ැබඑර්කල ්යදබට ණදබට ය. එම ආයතනයේ සම්බන්ධ කරගත හැකි දේශීය පුද්ගලයා වන්නේ කොළඹ 4, ආර්.ඒ. ද මැල් මාවතේ ලෙයිෂර් ප්ලේස්, අංක 4 පදිංචි එම්. සජාඞ් මව්ෂුම්ය. මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරනවා යැයි කියා ඇති මුදල රුපියල් මිලියන 44880කි. විදේශ සේවකයන් 30 දෙනෙකුට හා දේශීය සේවකයන් 432 දෙනෙකුට රැකියා ලබාදෙන බව සඳහන් කර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා අක්කර 6යි පර්චස් 3.13ක ඉඩමක් අවශ්‍ය බව සඳහන් කර තිබේ. ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා සාමාන්‍ය යෙන් ලබාදෙන්නේ ආයෝජන මණ්ඩල කලාපවලට අයත් ඉඩම්ය. එම ඉඩම් කිසිසේත් කිසිදු ආයෝජකයෙකුට සින්නක් කරව ලබා දෙන්නේ නැත. ලබාදෙන්නේ බදු පදනම යටතේය. රටේ නීතිය අනුව කොහොමත් පෞද්ගලික ඉඩමක් හෝ වේවා විදේශිකයන්ට සින්නක්කරව ලබාදීම තහනම්ය. ආයෝජන මණ්ඩල කලාපවලින් පිට ඉඩමක් නම් ඒ සඳහා ගනුදෙනු කළයුත්තේ රජය සමඟය. ඒ අනුව ෂැන්ග්‍රි ලා ව්‍යාපෘතියේ ඉඩම වෙනුවෙන් ගනුදෙනුව සිදුවී ඇත්තේ රජය සමඟය. ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ කොළඹ බාලදක්ෂ මාවතේ ඉඩම ෂැන්ග්‍රි ලා සමාගමට ලැබී ඇත්තේ ඒ අනුවය. [B]හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අත්සන් කර ෂැන්ග්‍රි ලා හොටෙල්ස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඞ් ආයතනයට ඇමරිකානු ඩොලර් මිලියන 75ක් හෙවත් එවකට රුපියල් මිලියන 8250කට සින්නක්කරව ලබාදී ඇති යුද හමුදා මූලස්ථානය පිහිටි ඉඩමේ ප්‍රමාණය හෙක්ටයාර් 2.4367ක් හෙවත් අක්කර 6කට වඩා මඳක් වැඩි ප්‍රමාණයක්ය. ඉඩම් කොමසාරිස්ගේ 4/10/33433 අංක දරන මෙම සින්නක්කර ඔප්පුව 2010 දෙසැම්බර් 28 දින කොළඹ ජනාධිපති කාර්යාලයේදී මුද්‍රා තබා ලබාදී ඇත. මේ සින්නක්කරව ලබාදීම එකී ඔප්පුවේ සඳහන් වන්නේ මෙසේය.[/B] [B]‘තවද, මෙයින් අයිති කර දුන් දේපළ හා ඊට අයිති සියලුදේත් දැනට පවත්නා පාරක අයිතිවාසිකම් ඇතොත් එම අයිතිවාසිකම්වලට ද ඒ සම්බන්ධයෙන් මින් මතු ප්‍රකාශ කරනු ලබන හා මෙහි අඩංගු නොයෙකුත් විධිවිධාන හා සීමා කිරීම්වලටද යටත්ව එකී ෂැන්ග්‍රි ලා හොටෙල්ස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඞ් ආයතනයට හා එහි උරුමක්කාරයන්ට හා පොල්මඃකාරයන්ට හා අද්මිනිස්ත්‍රාසිකාරයන්ට හා ලැබුම්කාරයන්ට සදාකාලයටම නිරවුල්ව භුක්ති විඳීම පිණිස මෙයින් පවරා භාර දෙම්හ.’[/B] රටේ වලංගු ඉඩම් නීතියට පටහැනිව විදේශීය සමාගමකට මේ ආකාරයට සින්නක්කරව ඉඩම් පවරා දී ඇත්තේ කිනම් ප්රතිපාදනයක් යටතේද යන්න හා කිනම් ජාතික අවශ්‍යතාවක් මතද යන්න රටේ හා ජාතික සම්පත් ගැන කෑමොර දෙන පිරිස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මෙන්ම ඔහු වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ගෙන් මේ නිසාම ඇසිය යුතුය. කොළඹ ඉදිවෙමින් පවතින ෂැන්ග්‍රි ලා ව්‍යාපෘතියට අමතරව දැනට ඉදිකර අවසන් කර ඇති හම්බන්තොට ෂැන්ග්‍රි ලා ව්‍යාපෘතියක්ද පවතී. ඒ ෂැන්ග්‍රි ලා ගොල්ෆ් රිසෝට් හා ස්පාය. එයද කොළඹ ව්‍යාපෘතිය මෙන්ම ෂැන්ග්‍රි ලා ඒෂියා ලිමිටඞ් ආයෝජනයකි. ඒ සඳහා ආයෝජනය කරනවායැ’යි සඳහන් කර ඇති මුදල රුපියල් මිලියන 13200කි. ඒ සඳහා ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කළ ඉල්ලුම්පතේ සඳහන් අවශ්‍ය කරන ඉඩම් ප්‍රමාණය අක්කර 98 රූඞ් 1 පර්චස් 3කි. සිට්රක්ඩා වත්තෙන් එම ඉඩම් අවශ්‍යතාව සපුරාගන්නා බව සඳහන් වී ඇත. දැනගන්නට ලැබෙන පරිදි පෞද්ගලික අයිතිකරුවන් සතුව පැවති එම වත්තේ ඉඩම් කොටස් මෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ ඉඩම්ද වෙනත් රජයේ ඉඩම්ද ඉහත සඳහන් අක්කර ගණනට සමවන ලෙස ගොල්ෆ් ක්‍රීඩාංගණයක්ද සහිත මෙම ව්‍යාපෘතියට ලබාදී තිබේ. එම ඉඩම ෂැන්ග්‍රි ලා සමාගමට ලබාදී ඇත්තේ කොළඹ ඉඩම මෙන්ම ඉඩම් නීතිය බල්ලාට දමා සින්නක්කරවද? ජාතික සම්පත් ගැන කැක්කුමෙන් කෑමොර ගසන රාජපක්ෂවරුන් මේ ගැන රටට කිව යුතුය.■[/SIZE] - [url]http://ravaya.lk/?p=168620[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom