Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටේ ආර්ථිකය කෙළෙස සකස් වියු යුතුද 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ථිකයේ අතරමැදියාගේ භූමිකාව

ලංකාවේ වර්තමාන ආර්ථිකය මොන වගේ එකක්ද? රටේ ආර්ථිකය දියුණු කිරීම ගැන වත්පොතේ අදහස් පළ කරන ගොඩක් අය එසේ කරන්නේ ලංකාවේ වර්තමාන ආර්ථිකයේ ස්වභාවය ගැන නිසි අවබෝධයක් නැතුව. සමහර අයට අනුව රටේ ආර්ථිකය දියුණු කිරීම කියන්නේ පිටරටින් බී ළූණු ගේන එක නවත්තලා රට ඇතුළේ බී ළූණු නිපදවා ගැනීම වගේ දේවල් කිරීම. තවත් අයට අනුව, අතරමැදියා ඉවත් කරලා ගොවියා හා පාරිභෝගිකයා කෙළින්ම සම්බන්ධ කරවීම.

බරපතල මැදිහත්වීම් නැතිව ඔය කියපු ආකාරයේ දේවල් ඓන්ද්‍රීය ලෙසම වෙනවානම් ඒවා වලක්වන්න අවශ්‍ය නැහැ. නමුත්, ඔය වගේ දේවල් බලහත්කාරයෙන් කරවලා රටේ ආර්ථිකය දියුණු කරන්න බැහැ. බැහැ කියන්නේ කිසිසේත්ම බැහැ. රටේ ආර්ථිකය දියුණු කළ යුතු ආකාරය ගැන බරපතල යෝජනා කරන්න කලින් රටේ ආර්ථිකය මොන වගේ එකක්ද කියලා තේරුම් අරගත්තොත් ඔය වගේ යෝජනා වල නිරර්ථක භාවය තමන්ටම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.

රටේ ආර්ථිකයේ ප්‍රමාණය මනින්නේ දළ දේශීය නිෂ්පාදිතය (දදේනි) ඇසුරෙන්. දදේනි කියන්නේ අවුරුද්දක් හෝ කාර්තුවක් වැනි කිසියම් කාල වකවානුවක් තුළ, රට තුළ සිදු වූ සමස්ත නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකම. ඒ නිසාම, රටේ සියලු දෙනා විසින්ම අදාළ කාලය තුළ ඉපැයූ සමස්ත ආදායම. රටේ කියා කිවුවත්, අවශ්‍යනම් පළාතක් වැනි රටේ කොටසක් සඳහා මේ ගණනය කිරීම් කරන්නත් පුළුවන්. මේ ලිපිය තුළ අපි මුළු රටම තනි ඒකකයක් ලෙස සලකමු.

අලුත්ම සංඛ්‍යාලේඛණ වලින් පටන් ගත්තොත්, 2023 තුන් වන කාර්තුවේදී ලංකාවේ දදේනි රුපියල් බිලියන 6,906.9ක්. රටේ ජනගහණයෙන් බෙදුවොත්, එක් අයෙකුට සාමාන්‍ය වශයෙන් මාසයකට රුපියල් 103,900ක පමණ ආදායමක්. ඒ කියන්නේ, සාමාන්‍ය වශයෙන් එක් අයෙක් මාසයකට රටේ ආර්ථිකයට රුපියල් 103,900ක පමණ අගය එකතු කිරීමක් කරනවා. නමුත්, රටේ බොහෝ දෙනෙකු විසින් මේ මට්ටමේ අගය එකතු කිරීමක් සිදු නොකරන බවත්, සීමිත පිරිසක් විසින් සාමාන්‍ය අගයට වඩා වැඩි දායකත්වයක් ලබා දෙන නිසා මේ සාමාන්‍ය අගය මේ මට්ටමේ තිබෙන බවත් පැහැදිලි විය යුතුයි. මේ ලිපියේ අවධානය යොමු කරන්නේ ඒ කරුණ වෙත නෙමෙයි.

ආදායම් බෙදී යාමේ විෂමතා නැති නොවෙතත්, සාමාන්‍ය මූලධර්මයක් විදිහට රටේ දදේනි ඉහළ යද්දී පොදුවේ රටේ කාගේත් ජීවන තත්ත්වය ඉහළ යනවා. ඒ නිසා, වඩා වැදගත් කරුණ රටේ දදේනි ඉහළ නැංවිය හැක්කේ කොහොමද කියන එකයි. ඒ හා අදාළව මේ ලිපියෙන් විමසා බලන්නේ රටේ ආර්ථිකයට විවිධ අංශ වලින් ලබා දෙන දායකත්වය පිළිබඳවයි.

බිලියන වලින් කියූ විට තේරුම් ගන්න අමාරු නිසා, තේරුම් ගැනීමේ පහසුව සඳහා රටේ එක් පුද්ගලයෙකුගේ මාසික ආදායම රුපියල් 100,000ක් ලෙස සලකමු. මෙය ඉහත කී රටේ මාසික ඒක පුද්ගල ආදායමේ සාමාන්‍ය අගයට බොහෝ ආසන්න අගයක්. දැන් ප්රශ්නය මේ රුපියල් ලක්ෂය වැඩි කර ගත හැක්කේ කොහොමද?

රටේ ආර්ථිකය 2%කින් වර්ධනය වුවහොත්, ඔය රුපියල් ලක්ෂය රුපියල් 102,000ක් වෙනවා. රටේ ආර්ථිකය 8%කින් වර්ධනය වුවහොත්, ඔය රුපියල් ලක්ෂය රුපියල් 108,000ක් වෙනවා. රටේ ආර්ථිකය 2%කින් හැකිලුනොත්, ඔය රුපියල් ලක්ෂය රුපියල් 98,000ක් වෙනවා.

රටේ ආර්ථිකය වර්ධනය වන්නේ හෝ හැකිළෙන්නේ ආර්ථිකයේ එක් එක් අංශ වර්ධනය වන හෝ හැකිළෙන ආකාරය අනුවයි. ආර්ථිකයේ මේ අංශ මොනවාද?

රටේ ආර්ථිකය ගැන කතා කරද්දී ලංකාවේ බොහෝ දෙනෙකු විසින් තවමත් මුලින්ම මතක් කර ගන්නේ කෘෂිකාර්මික අංශය. රටේ ශ්‍රම බලකායෙන් සැලකිය යුතු කොටසක් වැඩ කරන්නේ කෘෂිකාර්මික අංශය තුළ වුවත් එම අංශයෙන් රටේ ජාතික ආදායමට හා ජාතික නිෂ්පාදිතයට ලැබෙන්නේ සාපේක්ෂව කුඩා දායකත්වයක්. හරියටම ගණන ඉහත රුපියල් 100,000ක මුදලින් රුපියල් 7,847.83ක් පමණයි.

කෘෂිකාර්මික අංශයේ විවිධ අනු අංශ වලින් රටේ ජාතික ආදායමට ලැබෙන දායකත්වය (ඉහත කී මාසික ඒක පුද්ගල ආදායමේ කොටස් ලෙස) පහත පරිදියි.

වී වගාව - රුපියල් 838.02

අනෙකුත් ධාන්‍ය වර්ග - රුපියල් 251.81

එළවලු - රුපියල් 1,097.03

පළතුරු - රුපියල් 752.64

පොල්, තැඹිලි ආදිය - රුපියල් 677.41

තේ (අමු දළු) - රුපියල් 453.83

රබර් - රුපියල් 174.41

අනෙකුත් දිගුකාලීන වගා - රුපියල් 244.50

කුළුබඩු ආදිය - රුපියල් 578.82

කරදිය ධීවර නිෂ්පාදන - රුපියල් 781.84

මිරිදිය ධීවර නිෂ්පාදන - රුපියල් 217.46

සත්ත්ව නිෂ්පාදන - රුපියල් 1,345.85

කෘෂිකර්මය හා අදාළ සේවාවන් - රුපියල් 191.30

දැව - රුපියල් 177.31

[QUOTE="riduna pm, post: 29477870, member: 567786"] ආර්ථිකයේ අතරමැදියාගේ භූමිකාව ලංකාවේ වර්තමාන ආර්ථිකය මොන වගේ එකක්ද? රටේ ආර්ථිකය දියුණු කිරීම ගැන වත්පොතේ අදහස් පළ කරන ගොඩක් අය එසේ කරන්නේ ලංකාවේ වර්තමාන ආර්ථිකයේ ස්වභාවය ගැන නිසි අවබෝධයක් නැතුව. සමහර අයට අනුව රටේ ආර්ථිකය දියුණු කිරීම කියන්නේ පිටරටින් බී ළූණු ගේන එක නවත්තලා රට ඇතුළේ බී ළූණු නිපදවා ගැනීම වගේ දේවල් කිරීම. තවත් අයට අනුව, අතරමැදියා ඉවත් කරලා ගොවියා හා පාරිභෝගිකයා කෙළින්ම සම්බන්ධ කරවීම. බරපතල මැදිහත්වීම් නැතිව ඔය කියපු ආකාරයේ දේවල් ඓන්ද්‍රීය ලෙසම වෙනවානම් ඒවා වලක්වන්න අවශ්‍ය නැහැ. නමුත්, ඔය වගේ දේවල් බලහත්කාරයෙන් කරවලා රටේ ආර්ථිකය දියුණු කරන්න බැහැ. බැහැ කියන්නේ කිසිසේත්ම බැහැ. රටේ ආර්ථිකය දියුණු කළ යුතු ආකාරය ගැන බරපතල යෝජනා කරන්න කලින් රටේ ආර්ථිකය මොන වගේ එකක්ද කියලා තේරුම් අරගත්තොත් ඔය වගේ යෝජනා වල නිරර්ථක භාවය තමන්ටම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. රටේ ආර්ථිකයේ ප්‍රමාණය මනින්නේ දළ දේශීය නිෂ්පාදිතය (දදේනි) ඇසුරෙන්. දදේනි කියන්නේ අවුරුද්දක් හෝ කාර්තුවක් වැනි කිසියම් කාල වකවානුවක් තුළ, රට තුළ සිදු වූ සමස්ත නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකම. ඒ නිසාම, රටේ සියලු දෙනා විසින්ම අදාළ කාලය තුළ ඉපැයූ සමස්ත ආදායම. රටේ කියා කිවුවත්, අවශ්‍යනම් පළාතක් වැනි රටේ කොටසක් සඳහා මේ ගණනය කිරීම් කරන්නත් පුළුවන්. මේ ලිපිය තුළ අපි මුළු රටම තනි ඒකකයක් ලෙස සලකමු. අලුත්ම සංඛ්‍යාලේඛණ වලින් පටන් ගත්තොත්, 2023 තුන් වන කාර්තුවේදී ලංකාවේ දදේනි රුපියල් බිලියන 6,906.9ක්. රටේ ජනගහණයෙන් බෙදුවොත්, එක් අයෙකුට සාමාන්‍ය වශයෙන් මාසයකට රුපියල් 103,900ක පමණ ආදායමක්. ඒ කියන්නේ, සාමාන්‍ය වශයෙන් එක් අයෙක් මාසයකට රටේ ආර්ථිකයට රුපියල් 103,900ක පමණ අගය එකතු කිරීමක් කරනවා. නමුත්, රටේ බොහෝ දෙනෙකු විසින් මේ මට්ටමේ අගය එකතු කිරීමක් සිදු නොකරන බවත්, සීමිත පිරිසක් විසින් සාමාන්‍ය අගයට වඩා වැඩි දායකත්වයක් ලබා දෙන නිසා මේ සාමාන්‍ය අගය මේ මට්ටමේ තිබෙන බවත් පැහැදිලි විය යුතුයි. මේ ලිපියේ අවධානය යොමු කරන්නේ ඒ කරුණ වෙත නෙමෙයි. ආදායම් බෙදී යාමේ විෂමතා නැති නොවෙතත්, සාමාන්‍ය මූලධර්මයක් විදිහට රටේ දදේනි ඉහළ යද්දී පොදුවේ රටේ කාගේත් ජීවන තත්ත්වය ඉහළ යනවා. ඒ නිසා, වඩා වැදගත් කරුණ රටේ දදේනි ඉහළ නැංවිය හැක්කේ කොහොමද කියන එකයි. ඒ හා අදාළව මේ ලිපියෙන් විමසා බලන්නේ රටේ ආර්ථිකයට විවිධ අංශ වලින් ලබා දෙන දායකත්වය පිළිබඳවයි. බිලියන වලින් කියූ විට තේරුම් ගන්න අමාරු නිසා, තේරුම් ගැනීමේ පහසුව සඳහා රටේ එක් පුද්ගලයෙකුගේ මාසික ආදායම රුපියල් 100,000ක් ලෙස සලකමු. මෙය ඉහත කී රටේ මාසික ඒක පුද්ගල ආදායමේ සාමාන්‍ය අගයට බොහෝ ආසන්න අගයක්. දැන් ප්රශ්නය මේ රුපියල් ලක්ෂය වැඩි කර ගත හැක්කේ කොහොමද? රටේ ආර්ථිකය 2%කින් වර්ධනය වුවහොත්, ඔය රුපියල් ලක්ෂය රුපියල් 102,000ක් වෙනවා. රටේ ආර්ථිකය 8%කින් වර්ධනය වුවහොත්, ඔය රුපියල් ලක්ෂය රුපියල් 108,000ක් වෙනවා. රටේ ආර්ථිකය 2%කින් හැකිලුනොත්, ඔය රුපියල් ලක්ෂය රුපියල් 98,000ක් වෙනවා. රටේ ආර්ථිකය වර්ධනය වන්නේ හෝ හැකිළෙන්නේ ආර්ථිකයේ එක් එක් අංශ වර්ධනය වන හෝ හැකිළෙන ආකාරය අනුවයි. ආර්ථිකයේ මේ අංශ මොනවාද? රටේ ආර්ථිකය ගැන කතා කරද්දී ලංකාවේ බොහෝ දෙනෙකු විසින් තවමත් මුලින්ම මතක් කර ගන්නේ කෘෂිකාර්මික අංශය. රටේ ශ්‍රම බලකායෙන් සැලකිය යුතු කොටසක් වැඩ කරන්නේ කෘෂිකාර්මික අංශය තුළ වුවත් එම අංශයෙන් රටේ ජාතික ආදායමට හා ජාතික නිෂ්පාදිතයට ලැබෙන්නේ සාපේක්ෂව කුඩා දායකත්වයක්. හරියටම ගණන ඉහත රුපියල් 100,000ක මුදලින් රුපියල් 7,847.83ක් පමණයි. කෘෂිකාර්මික අංශයේ විවිධ අනු අංශ වලින් රටේ ජාතික ආදායමට ලැබෙන දායකත්වය (ඉහත කී මාසික ඒක පුද්ගල ආදායමේ කොටස් ලෙස) පහත පරිදියි. වී වගාව - රුපියල් 838.02 අනෙකුත් ධාන්‍ය වර්ග - රුපියල් 251.81 එළවලු - රුපියල් 1,097.03 පළතුරු - රුපියල් 752.64 පොල්, තැඹිලි ආදිය - රුපියල් 677.41 තේ (අමු දළු) - රුපියල් 453.83 රබර් - රුපියල් 174.41 අනෙකුත් දිගුකාලීන වගා - රුපියල් 244.50 කුළුබඩු ආදිය - රුපියල් 578.82 කරදිය ධීවර නිෂ්පාදන - රුපියල් 781.84 මිරිදිය ධීවර නිෂ්පාදන - රුපියල් 217.46 සත්ත්ව නිෂ්පාදන - රුපියල් 1,345.85 කෘෂිකර්මය හා අදාළ සේවාවන් - රුපියල් 191.30 දැව - රුපියල් 177.31 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom