Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටේ ආර්ථිකය කෙළෙස සකස් විය යුතු ද 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහසෙන් පසු ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති වල වී වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල බරක් තබා තිබුනත්, මුළු රටේම වී වගාව සම්පූර්ණයෙන්ම නැවැත්තුවත් රුපියල් ලක්ෂයක මාසික ඒක පුද්ගල ආදායමෙන් අඩු වෙන්නේ රුපියල් 838ක් පමණයි. ඒ .

කෘෂිකාර්මික අංශයට සාපේක්ෂව කර්මාන්ත අංශයෙන් දදේනියට වැඩි දායකත්වයක් ලැබෙනවා. අර රුපියල් ලක්ෂයේ මාසික ආදායමට කර්මාන්ත අංශයෙන් ලැබෙන දායකත්වය රුපියල් 28,103.40ක්. ඒ කියන්නේ, සැලකිය යුතු දායකත්වයක්. මේ කොටස ඇතුළේ ඉදිරියෙන්ම තිබෙන්නේ ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයේ දායකත්වය. එය රුපියල් 7,567.14ක්. ඒ කියන්නේ දදේනියෙන් 7.56%ක්. මුළු කෘෂිකාර්මික අංශයේම දායකත්වයට ආසන්නව සමානයි. ආහාරපාන හා දුම්කොළ සැකසුම් වලින් තවත් රුපියල් 7,472.66ක් එකතු වෙනවා. තේ සැකසුම් කර්මාන්තයේ දායකත්වය තිබෙන්නේ මේ කොටස තුළ විය යුතුයි. ඔය අනු අංශ දෙක එකතු වුණාම කර්මාන්ත නිෂ්පාදිතයෙන් බාගයකට වඩා වැඩියි. ඉදිකිරීම් කර්මාන්තයෙන් තවත් රුපියල් 5,085.30ක් එකතු වෙනවා. කැණීම් හා ගල් කැඩීම් වලින් රුපියල් 1,406.32ක් එකතු වෙනවා. අනෙකුත් සියලුම කර්මාන්ත වලින් ඉතිරි රුපියල් 6,572.02ක මුදල එකතු වෙනවා.

ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය - රුපියල් 7,567.14

ආහාරපාන හා දුම්කොළ සැකසුම් - රුපියල් 7,472.66

ඉදිකිරීම් කර්මාන්තය - රුපියල් 5,085.30

කැණීම් හා ගල් කැඩීම් - රුපියල් 1,406.32

අනෙකුත් සියලු කර්මාන්ත අංශ - රුපියල් 6,572.02

ලංකාවේ වත්මන් ආර්ථිකය මූලික වශයෙන්ම සේවා ආර්ථිකයක්. ඉහත කී රුපියල් ලක්ෂයෙන් රුපියල් 57,541.20ක්ම ලැබෙන්නේ සේවා අංශ වලින්. බස්නාහිර පළාත වැනි නාගරික පළාත් පැත්තකින් තියලා නැගෙනහිර, වයඹ, උතුරු මැද වගේ කෘෂිකාර්මික පළාත් සැලකුවත්, ඒ පළාත් වල ආර්ථිකයට වැඩිම දායකත්වයක් සපයන්නේ සේවා අංශය මිසක් කෘෂිකාර්මික අංශය නෙමෙයි. කාර්මික අංශයේ දායකත්වය වුනත් කෘෂිකාර්මික අංශයේ දායකත්වයට වඩා වැඩියි. ඒ කියන්නේ, සේවා, කාර්මික හා කෘෂිකාර්මික අංශ වලින් ආර්ථිකයට ලැබෙන දායකත්වයේ අනුපිළිවෙල සැලකූ විට රටේ පළාත් අතර වෙනසක් නැහැ. වයඹ පළාතේ දදේනියෙන් 48.9%කුත්, අනෙක් හැම පළාතකම දදේනියෙන් බාගයකට වඩා වැඩියෙනුත් ලැබෙන්නේ සේවා අංශයෙන්.

සේවා අංශයේ විවිධ අනු අංශ වලින් රටේ ජාතික ආදායමට ලැබෙන දායකත්වය (ඉහත කී රුපියල් ලක්ෂයක මාසික ඒක පුද්ගල ආදායමේ කොටස් ලෙස) පහත පරිදියි.

තොග හා සිල්ලර වෙළඳාම - රුපියල් 14,269.40

ප්‍රවාහනය - රුපියල් 10,558.00

බැංකු රක්ෂණ ඇතුළු මූල්‍ය සේවා - රුපියල් 7,886.01

නිවාස හා දේපොළ වෙළඳාම් - රුපියල් 3,993.74

ආහාරපාන හා නවාතැන් සැපයීම් - රුපියල් 2,015.30

පරිගණක හා තොරතුරු තාක්ෂණ සේවාවන් - රුපියල් 1,466.58

පොදු පරිපාලනය හා ආරක්ෂාව - රුපියල් 3,886.82

අධ්‍යාපනය - රුපියල් 1.841.56

සෞඛ්‍යය - රුපියල් 1,794.04

අනෙකුත් විවිධ සේවාවන් - රුපියල් 8,833.67

මේ සේවාවන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පරිගණක හා තොරතුරු තාක්ෂණ සේවාවන්, ආහාරපාන හා නවාතැන් සැපයීම් වගේ දේවල් ගත්තහම වෙන්නේ සේවා නිෂ්පාදනයක් කරලා එය පාරිභෝගිකයාට සෘජුව අලෙවි කරන එක. සමහර විට නිෂ්පාදනය සහ අලෙවිය එකම මොහොතේ සිදු වෙන්න පුළුවන්.

මෙයින් වෙනස්ව, තොග හා සිල්ලර වෙළඳාම වගේ සේවාවන් අතරමැදි සේවාවන්. මෙහිදී සපයන සේවාව වන්නේ නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සම්බන්ධ කරන එක. කැලණියේ ජීවත් වන කෙනෙක් ලඟම තියෙන සුපිරි වෙළඳසැලකින් මිසක් අම්පාරේ වී ගොවියෙක් ලඟට ගිහින් හාල් මිල දී ගන්නේ නැහැ. නිෂ්පාදකයාව සහ පාරිභෝගිකයාව සම්බන්ධ කරවන්නේ අතරමැදි තොග හා සිල්ලර වෙළෙන්දන් විසින්.

භාණ්ඩ හා මගී ප්‍රවාහනය ගත්තත් එය මේ වගේම අතරමැදි සේවාවක්. ශ්‍රමිකයෙකුට හා ශ්‍රමය මිල දී ගන්නා අයෙකුට සම්බන්ධ වෙන්න තිබෙන ස්ථානීය බාධකය ප්‍රවාහන සේවා සපයන්නා විසින් ඉවත් කරනවා. සමහර විට දෙපැත්තේ ඉන්නේ සේවා නිෂ්පාදකයෙක් හා සේවා සපයන්නෙක් වෙන්න පුළුවන්. පාසැල් වෑන් වලින් කරන්නෙත්, විනෝද චාරිකා යද්දී වෙන්නෙත් ඒක.

බැංකු විසින් කරන්නෙත් ඔය වැඩේමයි. මෙහිදී වෙන්නේ ඉතිරි කරන්නන් හා ණය ගන්නන් සම්බන්ධ කරවීම. බැංකු නැත්නම් ඔය වැඩේ ඔය විදිහට වෙන්නේ නැහැ.

තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහනය, නිවාස හා දේපොළ වෙළඳාම් හා බැංකු රක්ෂණ ඇතුළු මූල්‍ය සේවා කියන කොටස් හතර එකතු කළොත් දදේනියෙන් 36.7%ක්. මේවා අතරමැදි සේවා. මීට සාපේක්ෂව, කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ සියල්ලම එකතු කළත් ලැබෙන්නේ 36.0%ක පමණ දායකත්වයක් පමණයි. අතරමැදියෝ නැත්නම් රටේ ජාතික ආදායමෙන් තුනෙන් පංගුවකට වඩා නැති වෙනවා. කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ සියල්ල නැති වුනත් ලැබෙන්නේ එකම ප්‍රතිඵලය.

කෘෂිකාර්මික හා කර්මාන්ත නිෂ්පාදන නොවැදගත් බවක් මෙයින් කිසිසේත්ම අදහස් වන්නේ නැහැ. එම නිෂ්පාදන නැත්නම් සේවා අංශ වලට පවතින්න බැහැ. නමුත් එහි අනෙක් පැත්තත් ඒ වගේම තමයි. සේවා අංශ නැත්නම් කෘෂිකාර්මික හා කර්මාන්ත නිෂ්පාදන ඔය මට්ටමේ පවතින්නේත් නැහැ.

අම්පාරේ වී ගොවියා සහ කැළණියේ පාරිභෝගිකයෙකු අතර තොග හා සිල්ලර වෙළෙන්දන් ගණනාවක් ඉන්නවා. ප්‍රවාහන සේවා සපයන්නෝ ඉන්නවා. ඒ අයට බැංකු, රක්ෂණ වැනි මූල්‍ය සේවා සපයන්නෝ ඉන්නවා. මේ අයව ඉවත් කරලා අම්පාරේ වී ගොවියාට කැළණියේ පාරිභෝගිකයා එක්ක කෙළින්ම සම්බන්ධ වෙන්න ඉඩ සලසන එක වඩා කාර්යක්ෂමද? කිසිසේත්ම නැහැ. එය වඩා කාර්යක්ෂමනම් ඒ වැඩේ මේ වෙද්දීත් වෙලා. එහෙම වෙලා නැත්තේ එය අකාර්යක්ෂම නිසා.

අම්පාරේ වී ගොවියාට සහ කැළණියේ පාරිභෝගිකයාට සම්බන්ධ වෙන්න අතරමැදියෙකු හෝ අතරමැදියන් ජාලයක් අවශ්‍යයි. මේ අතරමැදියන් ඉවත් කළ හැකි එකම ක්‍රමය ඒ වෙනුවට රජය ආදේශ කරන එක. ඒ කියන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් හදන එක. එහෙම කළා කියලා පිරිවැය නැති වෙන්නේ නැහැ. පිරිවැය ඒ විදිහටම තියෙනවා.

තොග හා සිල්ලර වෙළඳාම හෝ ප්‍රවාහනය කියන්නේ අදාළ ව්‍යාපාර වල අයිතිකාරයෝ පමණක් නෙමෙයි. මේ අංශ වල සේවය කරන ශ්‍රමිකයින් විශාල පිරිසක් ඉන්නවා. ජාතික ආදායමේ අදාළ පංගුව මේ සියලු දෙනා අතර බෙදී යනවා. ඒ අය තමන් උපයන ආදායම වියදම් කරද්දී කෘෂිකාර්මික හා කර්මාන්ත නිෂ්පාදිත සඳහා ඉල්ලුම වැඩි වෙනවා. අදාළ නිෂ්පාදන අංශ වල ආදායම් ඉහළ යනවා. ඒ අනුව, සේවා අංශ විසින් ජාතික ආදායමට අගය එකතු කිරීමක් නොකළේනම්, එහි බලපෑම කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ වලටත් දැනෙනවා.

ලංකාවේ ගොඩක් අය පහසුවෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම විදිහට සිල්ලර කඩයක් දමන එක, ත්‍රිරෝද රථ සේවා සපයන එක වගේ අතරමැදි සේවාවන් ගැන හිතනවා. මෙය සමහර අයගේ විවේචනයට ලක් වෙනවා. නමුත්, ආදායමක් උපයන්න පුලුවන්නම්, මෙහි කිසිම වැරැද්දක් නැහැ. ආදායමක් උපයනවා කියන්නේ ආර්ථිකයට ඊට සමාන අගය එකතු කිරීමක් කරලා. ඒ සඳහා, බී ළූණු වවන්නම අවශ්‍ය නැහැ. කඩෙන් බී ළූණු මිල දී ගන්න පුළුවන් ආදායමක් ලැබෙනවානම් එච්චරයි.

බී ළූණු නැත්නම් ලොකු ලූනු වෙන්නේ කලින් බොම්බයි ළූණු ලෙස හැඳින්වුණු ළූණු වර්ගය. මේවා අනාදිමත් කාලයක සිට ලංකාවේ වවපුවා නෙමෙයි. බොම්බයි ළූණු කියන නමින්ම කියවෙන පරිදි මේ ළූණු වර්ගය ලංකාවට ආනයනය කරන්නේ ඉන්දියාවෙන්. ලංකාවේ කෑම වේලකට නැතුවම බැරි මයිසූර් පරිප්පු මයිසූර් පරිප්පු වුනෙත් ඔය හේතුව නිසා. මේ ආහාර වර්ග වල නම් වෙනස් වුනේ 1988/89 කාලයේදී. ජවිපෙ ඉන්දියානු විරෝධය එක්ක නිල නොවන ලෙස බොම්බයි ළූණු, මයිසූර් පරිප්පු තහනම් වෙනවා. මේ ආහාර ද්‍රව්‍ය විකුණන වෙළෙන්දන්ට මරණ තර්ජන එනවා. නමුත් ඔය කාලය වෙද්දීත් ලංකාවේ ලොකු ළූණු වවනවා. ජවිපෙ තර්ජන නිසා ලංකාවේ වවන ලොකු ළූනුත් විකුණගන්න අමාරු වෙනවා. ඔය කාලයේ තමයි රජය විසින් බොම්බයි ළූණු කියන නම වෙනුවට ලංකා ලොකු ළූණු කියන නම ආදේශ කළේ. ඔය විදිහටම මයිසූර් පරිප්පු රතු පරිප්පු වුනා.

දැන් ලංකාවේ ලොකු ලූනු වවන්නේ යම් කිසි අවස්ථාවක මේ ආහාර වර්ගය ඉන්දියාවෙන් ආනයනය කළ නිසා. නැත්නම් ලංකාවේ ලොකු ළූණු කියා දෙයක් නැහැ. දැන් ලංකාවේ වවන අර්තාපල්, කැරට්, බෝංචි වගේ ගොඩක් දේවල් මුලින් වෙනත් රටකින් ආනයනය කළ නිසා රට ඇතුළේ ඉල්ලුමක් හැදී ඒ අනුව රට ඇතුළේ නිෂ්පාදනයක්ද ඇති වූ දේවල් මිසක් අනාදිමත් කාලයක සිට ලංකාවේ තිබුණු ආහාර ද්‍රව්‍ය නෙමෙයි.

මිනිස්සුන්ගේ රුචිකත්වය විවිධයි. එයට සීමාවක් නැහැ. අපිට කන්න අවශ්‍ය, කන්න කැමති දේවල් අපිම වවාගෙන කන්න අවශ්‍ය නැහැ. කැමති කෙනෙක් එහෙම කරන එකේ කිසිම වැරැද්දක් නැතත්, කැමති දෙයක් කඩෙන් සල්ලි දීලා අරගෙන කන්න අවශ්‍ය කෙනෙක් එහෙම කරන එකෙත් කිසිම වැරැද්දක් නැහැ. කඩෙන් තමන්ට අවශ්‍ය දේ මිල දී ගැනීම සඳහා අවශ්‍ය ආදායම කොහොම හරි හොයාගන්න පුළුවන්නම් එච්චරයි. ආදායම හොයාගන්නේ වී වවලද, බී ළූණු වවලද නැත්නම් ත්‍රිරෝද රථ සේවාවක් සපයලාද කියන එක වැදගත් නැහැ. එය පෞද්ගලික තේරීමක්. මේ මොන දේ කළත් කරන්නේ රටේ ආර්ථිකයට අගය එකතු කිරීමක්. එක ක්‍රමයකින් අගය එකතු කරන එක වෙන ක්‍රමයකින් අගය එකතු කරන එකට වඩා බාල වැඩක් නෙමෙයි.

ආනයන ගැන කියන්න තියෙන්නෙත් ඔය කතාවමයි. වෙන රටකින් බී ළූණු ආනයනය කරන්න ප්‍රමාණවත් විදේශ විණිමය ප්‍රමාණයක් උපයන්න පුළුවන්නම් බී ළූණු රට ඇතුළේම හදන්න අවශ්‍ය නැහැ. පැහැදිලි ලෙසම එය අකාර්යක්ෂමයි. ඒ වගේම, එහෙම කළා කියලා රටේ විදේශ විණිමය අර්බුදයක් ඇති වෙන්නෙත් නැහැ.

රටක ආර්ථිකයක් දියුණු වෙන්නේ රටේ සිදුවන නිදහස් ගනුදෙනු ප්‍රමාණය ඉහළ යන තරමටයි. නිදහස් ගනුදෙනුවක් සිදුවන හැම විටකම සිදුවන්නේ රටේ තිබෙන සීමිත සම්පත් ප්‍රමාණය ඒවා වඩා ඵලදායී ලෙස යොදාගන්නා අයෙකු වෙත විතැන් වෙන එකයි. එහෙම නැත්නම් කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට වැඩිම වටිනාකමක් දෙන පාරිභෝගිකයෙකු වෙත විතැන් වෙන එකයි. අතරමැදියන් නිසා මේ විතැන් වීම වඩා වේගයෙන් හා වඩා කාර්යක්ෂම ලෙස සිදු වෙනවා. රට තුළ සිදු වන ගනුදෙනු ප්‍රමාණය ඉහළ යනවා. දදේනිය ඉහළ යනවා. අතරමැදියෝ නැත්නම් රටේ වත්මන් ජාතික ආදායමෙන් තුනෙන් එකකට වඩා වැඩි කොටසක් නැති වෙනවා.

#ඉකොනොමැට්ටා

[QUOTE="riduna pm, post: 29477975, member: 567786"] නිදහසෙන් පසු ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති වල වී වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල බරක් තබා තිබුනත්, මුළු රටේම වී වගාව සම්පූර්ණයෙන්ම නැවැත්තුවත් රුපියල් ලක්ෂයක මාසික ඒක පුද්ගල ආදායමෙන් අඩු වෙන්නේ රුපියල් 838ක් පමණයි. ඒ . කෘෂිකාර්මික අංශයට සාපේක්ෂව කර්මාන්ත අංශයෙන් දදේනියට වැඩි දායකත්වයක් ලැබෙනවා. අර රුපියල් ලක්ෂයේ මාසික ආදායමට කර්මාන්ත අංශයෙන් ලැබෙන දායකත්වය රුපියල් 28,103.40ක්. ඒ කියන්නේ, සැලකිය යුතු දායකත්වයක්. මේ කොටස ඇතුළේ ඉදිරියෙන්ම තිබෙන්නේ ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයේ දායකත්වය. එය රුපියල් 7,567.14ක්. ඒ කියන්නේ දදේනියෙන් 7.56%ක්. මුළු කෘෂිකාර්මික අංශයේම දායකත්වයට ආසන්නව සමානයි. ආහාරපාන හා දුම්කොළ සැකසුම් වලින් තවත් රුපියල් 7,472.66ක් එකතු වෙනවා. තේ සැකසුම් කර්මාන්තයේ දායකත්වය තිබෙන්නේ මේ කොටස තුළ විය යුතුයි. ඔය අනු අංශ දෙක එකතු වුණාම කර්මාන්ත නිෂ්පාදිතයෙන් බාගයකට වඩා වැඩියි. ඉදිකිරීම් කර්මාන්තයෙන් තවත් රුපියල් 5,085.30ක් එකතු වෙනවා. කැණීම් හා ගල් කැඩීම් වලින් රුපියල් 1,406.32ක් එකතු වෙනවා. අනෙකුත් සියලුම කර්මාන්ත වලින් ඉතිරි රුපියල් 6,572.02ක මුදල එකතු වෙනවා. ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය - රුපියල් 7,567.14 ආහාරපාන හා දුම්කොළ සැකසුම් - රුපියල් 7,472.66 ඉදිකිරීම් කර්මාන්තය - රුපියල් 5,085.30 කැණීම් හා ගල් කැඩීම් - රුපියල් 1,406.32 අනෙකුත් සියලු කර්මාන්ත අංශ - රුපියල් 6,572.02 ලංකාවේ වත්මන් ආර්ථිකය මූලික වශයෙන්ම සේවා ආර්ථිකයක්. ඉහත කී රුපියල් ලක්ෂයෙන් රුපියල් 57,541.20ක්ම ලැබෙන්නේ සේවා අංශ වලින්. බස්නාහිර පළාත වැනි නාගරික පළාත් පැත්තකින් තියලා නැගෙනහිර, වයඹ, උතුරු මැද වගේ කෘෂිකාර්මික පළාත් සැලකුවත්, ඒ පළාත් වල ආර්ථිකයට වැඩිම දායකත්වයක් සපයන්නේ සේවා අංශය මිසක් කෘෂිකාර්මික අංශය නෙමෙයි. කාර්මික අංශයේ දායකත්වය වුනත් කෘෂිකාර්මික අංශයේ දායකත්වයට වඩා වැඩියි. ඒ කියන්නේ, සේවා, කාර්මික හා කෘෂිකාර්මික අංශ වලින් ආර්ථිකයට ලැබෙන දායකත්වයේ අනුපිළිවෙල සැලකූ විට රටේ පළාත් අතර වෙනසක් නැහැ. වයඹ පළාතේ දදේනියෙන් 48.9%කුත්, අනෙක් හැම පළාතකම දදේනියෙන් බාගයකට වඩා වැඩියෙනුත් ලැබෙන්නේ සේවා අංශයෙන්. සේවා අංශයේ විවිධ අනු අංශ වලින් රටේ ජාතික ආදායමට ලැබෙන දායකත්වය (ඉහත කී රුපියල් ලක්ෂයක මාසික ඒක පුද්ගල ආදායමේ කොටස් ලෙස) පහත පරිදියි. තොග හා සිල්ලර වෙළඳාම - රුපියල් 14,269.40 ප්‍රවාහනය - රුපියල් 10,558.00 බැංකු රක්ෂණ ඇතුළු මූල්‍ය සේවා - රුපියල් 7,886.01 නිවාස හා දේපොළ වෙළඳාම් - රුපියල් 3,993.74 ආහාරපාන හා නවාතැන් සැපයීම් - රුපියල් 2,015.30 පරිගණක හා තොරතුරු තාක්ෂණ සේවාවන් - රුපියල් 1,466.58 පොදු පරිපාලනය හා ආරක්ෂාව - රුපියල් 3,886.82 අධ්‍යාපනය - රුපියල් 1.841.56 සෞඛ්‍යය - රුපියල් 1,794.04 අනෙකුත් විවිධ සේවාවන් - රුපියල් 8,833.67 මේ සේවාවන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පරිගණක හා තොරතුරු තාක්ෂණ සේවාවන්, ආහාරපාන හා නවාතැන් සැපයීම් වගේ දේවල් ගත්තහම වෙන්නේ සේවා නිෂ්පාදනයක් කරලා එය පාරිභෝගිකයාට සෘජුව අලෙවි කරන එක. සමහර විට නිෂ්පාදනය සහ අලෙවිය එකම මොහොතේ සිදු වෙන්න පුළුවන්. මෙයින් වෙනස්ව, තොග හා සිල්ලර වෙළඳාම වගේ සේවාවන් අතරමැදි සේවාවන්. මෙහිදී සපයන සේවාව වන්නේ නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සම්බන්ධ කරන එක. කැලණියේ ජීවත් වන කෙනෙක් ලඟම තියෙන සුපිරි වෙළඳසැලකින් මිසක් අම්පාරේ වී ගොවියෙක් ලඟට ගිහින් හාල් මිල දී ගන්නේ නැහැ. නිෂ්පාදකයාව සහ පාරිභෝගිකයාව සම්බන්ධ කරවන්නේ අතරමැදි තොග හා සිල්ලර වෙළෙන්දන් විසින්. භාණ්ඩ හා මගී ප්‍රවාහනය ගත්තත් එය මේ වගේම අතරමැදි සේවාවක්. ශ්‍රමිකයෙකුට හා ශ්‍රමය මිල දී ගන්නා අයෙකුට සම්බන්ධ වෙන්න තිබෙන ස්ථානීය බාධකය ප්‍රවාහන සේවා සපයන්නා විසින් ඉවත් කරනවා. සමහර විට දෙපැත්තේ ඉන්නේ සේවා නිෂ්පාදකයෙක් හා සේවා සපයන්නෙක් වෙන්න පුළුවන්. පාසැල් වෑන් වලින් කරන්නෙත්, විනෝද චාරිකා යද්දී වෙන්නෙත් ඒක. බැංකු විසින් කරන්නෙත් ඔය වැඩේමයි. මෙහිදී වෙන්නේ ඉතිරි කරන්නන් හා ණය ගන්නන් සම්බන්ධ කරවීම. බැංකු නැත්නම් ඔය වැඩේ ඔය විදිහට වෙන්නේ නැහැ. තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහනය, නිවාස හා දේපොළ වෙළඳාම් හා බැංකු රක්ෂණ ඇතුළු මූල්‍ය සේවා කියන කොටස් හතර එකතු කළොත් දදේනියෙන් 36.7%ක්. මේවා අතරමැදි සේවා. මීට සාපේක්ෂව, කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ සියල්ලම එකතු කළත් ලැබෙන්නේ 36.0%ක පමණ දායකත්වයක් පමණයි. අතරමැදියෝ නැත්නම් රටේ ජාතික ආදායමෙන් තුනෙන් පංගුවකට වඩා නැති වෙනවා. කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ සියල්ල නැති වුනත් ලැබෙන්නේ එකම ප්‍රතිඵලය. කෘෂිකාර්මික හා කර්මාන්ත නිෂ්පාදන නොවැදගත් බවක් මෙයින් කිසිසේත්ම අදහස් වන්නේ නැහැ. එම නිෂ්පාදන නැත්නම් සේවා අංශ වලට පවතින්න බැහැ. නමුත් එහි අනෙක් පැත්තත් ඒ වගේම තමයි. සේවා අංශ නැත්නම් කෘෂිකාර්මික හා කර්මාන්ත නිෂ්පාදන ඔය මට්ටමේ පවතින්නේත් නැහැ. අම්පාරේ වී ගොවියා සහ කැළණියේ පාරිභෝගිකයෙකු අතර තොග හා සිල්ලර වෙළෙන්දන් ගණනාවක් ඉන්නවා. ප්‍රවාහන සේවා සපයන්නෝ ඉන්නවා. ඒ අයට බැංකු, රක්ෂණ වැනි මූල්‍ය සේවා සපයන්නෝ ඉන්නවා. මේ අයව ඉවත් කරලා අම්පාරේ වී ගොවියාට කැළණියේ පාරිභෝගිකයා එක්ක කෙළින්ම සම්බන්ධ වෙන්න ඉඩ සලසන එක වඩා කාර්යක්ෂමද? කිසිසේත්ම නැහැ. එය වඩා කාර්යක්ෂමනම් ඒ වැඩේ මේ වෙද්දීත් වෙලා. එහෙම වෙලා නැත්තේ එය අකාර්යක්ෂම නිසා. අම්පාරේ වී ගොවියාට සහ කැළණියේ පාරිභෝගිකයාට සම්බන්ධ වෙන්න අතරමැදියෙකු හෝ අතරමැදියන් ජාලයක් අවශ්‍යයි. මේ අතරමැදියන් ඉවත් කළ හැකි එකම ක්‍රමය ඒ වෙනුවට රජය ආදේශ කරන එක. ඒ කියන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් හදන එක. එහෙම කළා කියලා පිරිවැය නැති වෙන්නේ නැහැ. පිරිවැය ඒ විදිහටම තියෙනවා. තොග හා සිල්ලර වෙළඳාම හෝ ප්‍රවාහනය කියන්නේ අදාළ ව්‍යාපාර වල අයිතිකාරයෝ පමණක් නෙමෙයි. මේ අංශ වල සේවය කරන ශ්‍රමිකයින් විශාල පිරිසක් ඉන්නවා. ජාතික ආදායමේ අදාළ පංගුව මේ සියලු දෙනා අතර බෙදී යනවා. ඒ අය තමන් උපයන ආදායම වියදම් කරද්දී කෘෂිකාර්මික හා කර්මාන්ත නිෂ්පාදිත සඳහා ඉල්ලුම වැඩි වෙනවා. අදාළ නිෂ්පාදන අංශ වල ආදායම් ඉහළ යනවා. ඒ අනුව, සේවා අංශ විසින් ජාතික ආදායමට අගය එකතු කිරීමක් නොකළේනම්, එහි බලපෑම කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ වලටත් දැනෙනවා. ලංකාවේ ගොඩක් අය පහසුවෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම විදිහට සිල්ලර කඩයක් දමන එක, ත්‍රිරෝද රථ සේවා සපයන එක වගේ අතරමැදි සේවාවන් ගැන හිතනවා. මෙය සමහර අයගේ විවේචනයට ලක් වෙනවා. නමුත්, ආදායමක් උපයන්න පුලුවන්නම්, මෙහි කිසිම වැරැද්දක් නැහැ. ආදායමක් උපයනවා කියන්නේ ආර්ථිකයට ඊට සමාන අගය එකතු කිරීමක් කරලා. ඒ සඳහා, බී ළූණු වවන්නම අවශ්‍ය නැහැ. කඩෙන් බී ළූණු මිල දී ගන්න පුළුවන් ආදායමක් ලැබෙනවානම් එච්චරයි. බී ළූණු නැත්නම් ලොකු ලූනු වෙන්නේ කලින් බොම්බයි ළූණු ලෙස හැඳින්වුණු ළූණු වර්ගය. මේවා අනාදිමත් කාලයක සිට ලංකාවේ වවපුවා නෙමෙයි. බොම්බයි ළූණු කියන නමින්ම කියවෙන පරිදි මේ ළූණු වර්ගය ලංකාවට ආනයනය කරන්නේ ඉන්දියාවෙන්. ලංකාවේ කෑම වේලකට නැතුවම බැරි මයිසූර් පරිප්පු මයිසූර් පරිප්පු වුනෙත් ඔය හේතුව නිසා. මේ ආහාර වර්ග වල නම් වෙනස් වුනේ 1988/89 කාලයේදී. ජවිපෙ ඉන්දියානු විරෝධය එක්ක නිල නොවන ලෙස බොම්බයි ළූණු, මයිසූර් පරිප්පු තහනම් වෙනවා. මේ ආහාර ද්‍රව්‍ය විකුණන වෙළෙන්දන්ට මරණ තර්ජන එනවා. නමුත් ඔය කාලය වෙද්දීත් ලංකාවේ ලොකු ළූණු වවනවා. ජවිපෙ තර්ජන නිසා ලංකාවේ වවන ලොකු ළූනුත් විකුණගන්න අමාරු වෙනවා. ඔය කාලයේ තමයි රජය විසින් බොම්බයි ළූණු කියන නම වෙනුවට ලංකා ලොකු ළූණු කියන නම ආදේශ කළේ. ඔය විදිහටම මයිසූර් පරිප්පු රතු පරිප්පු වුනා. දැන් ලංකාවේ ලොකු ලූනු වවන්නේ යම් කිසි අවස්ථාවක මේ ආහාර වර්ගය ඉන්දියාවෙන් ආනයනය කළ නිසා. නැත්නම් ලංකාවේ ලොකු ළූණු කියා දෙයක් නැහැ. දැන් ලංකාවේ වවන අර්තාපල්, කැරට්, බෝංචි වගේ ගොඩක් දේවල් මුලින් වෙනත් රටකින් ආනයනය කළ නිසා රට ඇතුළේ ඉල්ලුමක් හැදී ඒ අනුව රට ඇතුළේ නිෂ්පාදනයක්ද ඇති වූ දේවල් මිසක් අනාදිමත් කාලයක සිට ලංකාවේ තිබුණු ආහාර ද්‍රව්‍ය නෙමෙයි. මිනිස්සුන්ගේ රුචිකත්වය විවිධයි. එයට සීමාවක් නැහැ. අපිට කන්න අවශ්‍ය, කන්න කැමති දේවල් අපිම වවාගෙන කන්න අවශ්‍ය නැහැ. කැමති කෙනෙක් එහෙම කරන එකේ කිසිම වැරැද්දක් නැතත්, කැමති දෙයක් කඩෙන් සල්ලි දීලා අරගෙන කන්න අවශ්‍ය කෙනෙක් එහෙම කරන එකෙත් කිසිම වැරැද්දක් නැහැ. කඩෙන් තමන්ට අවශ්‍ය දේ මිල දී ගැනීම සඳහා අවශ්‍ය ආදායම කොහොම හරි හොයාගන්න පුළුවන්නම් එච්චරයි. ආදායම හොයාගන්නේ වී වවලද, බී ළූණු වවලද නැත්නම් ත්‍රිරෝද රථ සේවාවක් සපයලාද කියන එක වැදගත් නැහැ. එය පෞද්ගලික තේරීමක්. මේ මොන දේ කළත් කරන්නේ රටේ ආර්ථිකයට අගය එකතු කිරීමක්. එක ක්‍රමයකින් අගය එකතු කරන එක වෙන ක්‍රමයකින් අගය එකතු කරන එකට වඩා බාල වැඩක් නෙමෙයි. ආනයන ගැන කියන්න තියෙන්නෙත් ඔය කතාවමයි. වෙන රටකින් බී ළූණු ආනයනය කරන්න ප්‍රමාණවත් විදේශ විණිමය ප්‍රමාණයක් උපයන්න පුළුවන්නම් බී ළූණු රට ඇතුළේම හදන්න අවශ්‍ය නැහැ. පැහැදිලි ලෙසම එය අකාර්යක්ෂමයි. ඒ වගේම, එහෙම කළා කියලා රටේ විදේශ විණිමය අර්බුදයක් ඇති වෙන්නෙත් නැහැ. රටක ආර්ථිකයක් දියුණු වෙන්නේ රටේ සිදුවන නිදහස් ගනුදෙනු ප්‍රමාණය ඉහළ යන තරමටයි. නිදහස් ගනුදෙනුවක් සිදුවන හැම විටකම සිදුවන්නේ රටේ තිබෙන සීමිත සම්පත් ප්‍රමාණය ඒවා වඩා ඵලදායී ලෙස යොදාගන්නා අයෙකු වෙත විතැන් වෙන එකයි. එහෙම නැත්නම් කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට වැඩිම වටිනාකමක් දෙන පාරිභෝගිකයෙකු වෙත විතැන් වෙන එකයි. අතරමැදියන් නිසා මේ විතැන් වීම වඩා වේගයෙන් හා වඩා කාර්යක්ෂම ලෙස සිදු වෙනවා. රට තුළ සිදු වන ගනුදෙනු ප්‍රමාණය ඉහළ යනවා. දදේනිය ඉහළ යනවා. අතරමැදියෝ නැත්නම් රටේ වත්මන් ජාතික ආදායමෙන් තුනෙන් එකකට වඩා වැඩි කොටසක් නැති වෙනවා. #ඉකොනොමැට්ටා [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom