Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටේ දියුණුවට පැතුම්ගෙන් අදහසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Too Small to Fail

වොරන් බුෆේ කියන ප්‍රසිද්ධ ඇමෙරිකානු ආයෝජකයා කියනවා මම මෙතරම් පොහොසත් වෙන්න හේතු උනේ හරිම කාලේ හරිම රටේ ඉපදෙන්න වාසනාවන්ත උන නිසා කියලා. ඔහු ඉපදෙන්නේ 1930 දී ඇමෙරිකාවෙ දි. ඊට වසර 60 කට පස්සේ 1988 දී සුප්‍රසිද්ධ Economist සඟරාවේ කරන පරීක්ෂණයකින් කියනවා ලෝකේ ජීවත් වෙන්න හොඳම තැන ඇමෙරිකාව කියලා. ඒත් ලෝකය එකම තැන තිබුනේ නෑ. වෙනස් උනා. ඒ සමීක්ෂණයම 2012 දී කරන කොට ඇමෙරිකාව 16 වෙනියට වැටිලා. තායිවානෙත් ඊට උඩින්.

කලින් තෝරු මෝරු හිටපු ඒ ලිස්ට් එකේ දැන් වැඩිපුර හාල්මැස්සෝ පිරිලා. ස්විට්සර්ලන්තය, සිංගප්පූරුව, අයර්ලන්තය වගේ පොඩි රටවල් උඩට ඇවිත්. ඇමෙරිකාව වගේ දැවැන්ත රාජ්‍යන් වෙනුවට මිනිස්සු මිලියන 25 ක් වත් නැති කුඩා රජ්‍යයන් ඉදිරියට ගියේ මේ අන්තිමට ගෙවුණු අවුරුදු 30 ඇතුලත. දැන් ලෝකයේ ඒක පුද්ගල ආදායම අතින් ඉහළින්ම ඉන්න රටවල් 15 අතරින් 11 ක්ම ප්‍රමාණයෙන් පොඩි රටවල්. හොඳම මානව සංවර්ධන දර්ශකය තියෙන රටවල් 20 න් 15ක් ම කුඩා රාජ්‍ය යන්. එහෙනම් ලෝකයේ මේ කුඩා රාජ්‍යන් ඉක්මනින් දියුණු කලා නම් ලංකාවේ අපිට බැරි ඇයි? බලමු අපිට බැරි ඇයි කියල.

ඉස්සර ලෝකේ දියුණු වෙන්න නම් ලොකු රටක් වෙන එක, ලොකු ජනගහනයක් ඉන්න එක, ලොකු තාක්ෂණයක් තියෙන එක, ලොකු හමුදාවක් හා නාවික හමුදාවක් ඉන්න එක තමයි බල පෑවේ. එතකොට රට ඇතුලේ එකතු උන දැනුම, තාක්ෂණය, ප්රාග්ධනය භාවිතා කරලා අලුත් දේවල් නිර්මාණය කරලා ලෝකෙට අලෙවි කරලා ඒ ලොකු රටවල් දියුණු උනා.

පස්සේ පස්සේ ඒ දියුණුවේ පිහිටෙන්ම ලෝකය පුරා වේගයෙන් ගෝලියකරණය පැතිරුණා. සන්නිවේදනය, තොරතුරු තාක්ෂණය සහ ප්‍රවහනය කියන ක්ෂේත්‍ර තුනේ දැවැන්ත දියුණුව නිසා ලෝකය එකම ගම්මානයක් බවට පත් වුනා. ලොකු කුඩා රටවල් එවලට වෙන්වෙලා තිබුණු ලෝකය අන්තර්ජාතික වෙළඳ පොළ විසින් ටික ටික කුඩා කලා. එක රටක ප්‍රාග්ධනයෙන්, තව රටක දැනුම හා තාක්ෂණයෙන්, තවත් රටක අමුද්‍රව්‍ය හා ශ්‍රමයෙන් මුළු ලෝකෙටම අලෙවි කරන්න පුළුවන් නිශ්පාදන හැදෙන ජාල බිහිවුනා. ඒ නිසා රටක් පොඩියි කියලා නෑ, මේ ගොඩ නැගෙන අන්තර්ජාතික වෙළඳාමෙන් කොටසක් තමන්ට උරුම කර ගන්න කුඩා රටවල් වලට අවස්ථා හෙවත් opportunities ලැබුනා. ඒ opportunities හොඳින් අල්ල ගෙන ඒවාට අනුව රට හැඩ ගස්ස ගත්ත රාජ්‍යයන් ඒ දියුණු වෙන අන්තර්ජාතික දියුණුවෙන් තමන්ට කොටසක් කඩා ගත්තා. ධනය වපුර ගත්තා.

ඒ කුඩා රටවල් වලට තිබුනේ ඒ අන්තර්ජාතික වෙළඳාමෙන් තමන්ට කොටසක් දිනා ගන්න විතරයි. ඒ වෙනුවෙන් නියමිත වෘත්තීය දක්ෂකම් ඔවුන් ගෙන්වා ගත්තා, ඇති කර ගත්තා. මොකක්ද ඔවුන්ගේ රහස් වට්ටොරුව උනේ. ඒ තමයි අන්තර්ජාතික වෙළඳාමට විවෘතවීම සහ ඒ සමග තරඟ කරන්න හැකි මානව සම්පතක් දියුණු කර ගැනීම. අපි හිතනවා අපිට තියෙන හොඳම සම්පත ස්වාභාවික සම්පත කියලා. නෑ, අපිට තියෙන සම්පත මානව සම්පත. ඒක හැබැයි හොඳ අධ්‍යාපන ක්‍රමයකින් දියුණු කලොත් , ඒ ශ්‍රමය අන්තර්ජාතික වෙළඳපොළ තුල යොද වලා රට දිනව ගන්න පුළුවන්.

ඒත් එක්කම ඒ කුඩා රටවල් වල දකින්නට ලැබුන තව ලක්ෂණයක් තමයි දක්ෂයන්ට තැන දීම. රට ඇතුලේ වගේම , රටට පිටින් ආවත් දක්ෂයන් වැඩේට යෙදවීම තුලින් වැඩේ සාර්ථක කර ගන්න පුළුවන්. දැන් බලන්න දියුණු හැම රටකම වගේ රටට වෙන රට වලින් එන දක්ෂයන්ට එන්න ඉඩ දෙනවා, පුරවැසි කම දෙනවා. දක්ෂතාවය ආනයනය කරනවා. ඒ නිසා රට ඇතුලට මිනිස්සුන්ට පිටින් ආගමනය වෙන්න ඉඩ හදන්න ඕනේ.

ඒ වගේම දියුණු වෙන රටක් නම් වෙන වෙන වර්ග වල මිනිස්සු ඉඳීවී. ඕනෑම දියුණු රටක පිටින් ආපු මිනිස්සු ඉන්නවා. ලංකාවෙම අයත් කොච්චර පිටරට යනව ද? ඒ වගේ දියුණු රටවල් හොයා ගෙන මිනිස්සු එනවා. එතකොට රට තුල බහු ජනවාර්ගික සමාජයක් බිහි වෙනවා. අපි එය ඉවසන්න පුරුදු වෙන්න ඕනේ වගේම සමානාත්මතාවයෙන් සළකන්නත් පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා ආගමන වලට ඉඩ දීම, වෙනත් සංස්කෘතීන් ඉවසීම සහ ඔවුනට සමානාත්මතාවයෙන් සැළකීම කියන කාරණා අනාගත ලෝකයේ දී අපේ රට දියුණු කරනවා නම් අපි ඉගෙන ගන්න, පුරුදු පුහුණු කර ගන්න ඕනේ.

දැනට ලෝකයේ විවිධ රටවල මිනිස්සු මිශ්‍ර වේගෙන යන වේගෙට, රට රටවල් අතර හුවමාරු වන වේගෙට මිනිස්සුන්ට එක රටක විතරක් පුරවැසියෝ වෙලා ඉන්න බැරි වෙයි. එය ගෝලිය පුරවැසියා කියන තැනට තව දශක කීපයකින් ඒවි. එතකොට ඔය එක රටක පුරවැසිකම කියන එකේ වටිනාකම අඩු වෙයි.

ඒ වගේම අපේ රට කියාගෙන අපි වෙන් කර ගෙන , අපි වෙනස් කියලා හිටියට ඉස්සරහට අපිට එහෙම ඉන්න බැරි වෙයි. ලෝකය ගෝලියකරණය වෙන වේගෙත් එක්ක අපිටත් ටික ටික ඒ එක්ක අනුගත වෙන්න වෙනවා. නැතුව පවතින්නේ නෑ. දියුණු වෙන්න ඕනේ නම් ඒක අපිට භාර ගන්න වෙනවා.

ඇමෙරිකාව දියුණු වෙනකොට ලැබුණු ගෝලීය opportunities වලින් සිංගප්පූරුව, දකුණු කොරියාව වගේ රටවල් දියුණු උනා. ඒ වගේම චීනය දියුණු වෙනකොට ඒ ලැබෙන opportunities වලින් වියට්නාමය, තායිලන්තය , මැලේසියාව වගේ රටවල් දියුණු වෙනවා. අප එම opportunities අල්ලා ගන්න ප්‍රමාදයි. ඊළඟට ආයේ ඌරෙක් කැකුණ තලන්නේ ඉතිං ඉන්දියාව තමයි. ඉන්දියාව දියුණු වෙනකොට ලැබෙන opportunities අපි හරියට හඳුනා ගෙන ඒවායින් වාසි ගත්තේ නැත්නම් , අපිට ආයේ කොයි කාලේ අවස්ථාවක් ලැබෙයි ද දන්නේ නෑ. ( චීනය විසින් ලංකාවේ කරන ව්‍යාපෘති economic opportunities නෙවෙයි, ඒවා චීන අධිරාජ්‍යවාදයට අපි හසු වීම මිසක් අපේ දියුණුවක් නෙවෙයි, ඒ නිසා ඒක පටලවා ගන්න එපා.)

ඒ නිසා මේ රට හදන්න පුලුවන්. මේ රට නෙවෙයි අපිට ඕන එකක් හදන්න පුළුවන්. හැබැයි ඒක හරියට කලොත්. එහෙනම් අපි කර ගන්න ඕනේ වෙනස් කම් මොනව ද?

ලෝක වෙළඳාමට විවෘත වෙන්න ඕනේ. ඒකට බයේ හැංගිලා මේක කරන්න බෑ.

අපිට තියෙන ලොකුම සම්පත මානව සම්පත. ඒක දියුණු කරන්න ඕනේ හොඳ අධ්‍යාපන ක්‍රමයකින්. ගෝලියව හිතන, මිනිස්සුන්ට සමානාත්මතාවයෙන් සලකන, බහු සංස්කෘතික සමාජයක ජීවත් වෙන්න දන්න, ඉවසීම දන්න මිනිස් පරම්පරාවක් හදන්න ඕනේ.

ජාතිවාදය යට ගහලා , ජාතික සමගිය හදා ගන්න ඕනේ.

මිනිස්සුන්ට මීට වඩා පුද්ගලික නිදහස දෙන්න ඕනේ. ඒ නිදහසෙන් තමයි මිනිස්සු අලුතින් හිතන්න පෙළඹෙන්නේ, නව නිර්මාණ කරන්නේ.

සුදුස්සන්ට සුදුසු තැන දෙන ක්‍රමයක් ඕනේ. Meritocracy කියන්නෙ ඒකනේ. ඒ වගේම රටට වෙන රට වලින් දක්ෂයන්ට එන්න ඉඩ දෙන්න ඕනේ. Immigration ලේසි කරන්න ඕනේ.

ලෝකයේ වෙනස් වන වෙළඳ පොළ දැකලා එයින් කොටසක් කඩා ගෙන මේ රට ඇතුලට ගෙන්න පුළුවන් දැක්මක් තියෙන නායකයෝ ඕනේ. දේශපාලන නායකයෝ වගේම ව්‍යාපාරික නායකයෝ.

රට තුල යහපත් රාජ්‍ය පරිපාලනයක් හා හොඳින් නිතීය ක්‍රියාත්මක වන පරිසරයක් හදන්න ඕනේ.

ඔබ සමහර විට මේවාට සූදානම් නොවෙන්න පුළුවන්. හැබැයි දියුණු රටක් දිහා බැලුවොත් මේ දෙවල් එහේ තියෙනවා.

මෙහෙම වෙනකොට සමහර විට හිතෙනවා අපේ රට අපිට අහිමි වෙනව ද කියලා. එහෙම හිතෙන්නෙ අපිට විතරක් නෙවෙයි. බලන්න ලෝකය පුරා ජාතිකවාදී දේශපාලන රැල්ලක් එන්නෙ ඒ නිසා. ඇමෙරිකාවේ ට්‍රම්ප් දිනන්නේ, බ්‍රිතාන්‍යයේ Brexit එක දිනන්නේ, ලෝකය පුරාම එහෙම රැල්ලක් යන්නේ මේ ගෝලියකරණය කියන බැම්මෙන් ලෝකයම මිශ්‍ර වෙලා බැඳීගෙන යන කොට ඒ ඒ රට වලට තිබුන අනන්‍යතාවය ටික ටික බොඳ වෙන හින්දා. ඒකට කවුරුත් කැමති නෑ. ඒ නිසා තමන්ගේ රට ජාතිය රැක ගන්න කියලා ජාතිකවාදී ප්‍රතිපත්ති අරගෙන එනවා.

හබැයි එහෙම කරන එක හරියට අර කැරකෙන ලෝකේ අතින් අල්ලලා නවත්වන්න හදනවා වගේ. කරන්න බෑ. ලෝකය කැරකෙන විදියට එයා යනවා. ලෝකයේ ගෝලියකරණය එක්ක මුහු වෙලා යන එක තමයි විසඳුම. නැත්නම් අපිට ලෝකයේ ජනිත වන ධනයෙන් කොටසක් උරුම කර ගන්න ලැබෙන්නේනෑ. අපි හැමදාම දුප්පත්, ණය වෙච්චි, පසුගාමි ජාතියක් විදියට ඉතුරු වෙනවා. එතකොට කාලෙන් කාලෙට එන ලෝක බලවතුන්ගෙන් හිඟා කන , උන් අපෙන් සූරං කන යටත් විජිත බවට මේ රට පත් වෙනවා. එතකොට අපි මේ රට ඇතුලේ ඉන්න එවුන්ම ගහ මරාගෙන බේරන්න හදන රට කොහොමත් අපිට නෑ. අපි කාගෙවත් අතවැසියෝ වෙලා.

මේ ටික හැමෝටම තේරෙන එකක් නෑ. ඒත් තේරෙන අය ඉන්නවා. ඒ අයට පුළුවන් සාකච්ඡාවට එකතු වෙන්න.

රට මුදවන්න, අවුරුදු 30 කින් මේ රට හදන්න පුළුවන් කියලා අපි අපේ ඡන්දයට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයටම දැම්මා. ඔව් 30 කින් පුළුවන්. අපිට අවස්ථාව තියෙනවා. අපි පටන් ගන්න දන්නවා නම්, දන්න කෙනෙකුට කරන්න දෙනවා නම්.

පැතුම් කර්නර්

#පැතූනොමික්ස්

[QUOTE="riduna pm, post: 28735420, member: 567786"] Too Small to Fail වොරන් බුෆේ කියන ප්‍රසිද්ධ ඇමෙරිකානු ආයෝජකයා කියනවා මම මෙතරම් පොහොසත් වෙන්න හේතු උනේ හරිම කාලේ හරිම රටේ ඉපදෙන්න වාසනාවන්ත උන නිසා කියලා. ඔහු ඉපදෙන්නේ 1930 දී ඇමෙරිකාවෙ දි. ඊට වසර 60 කට පස්සේ 1988 දී සුප්‍රසිද්ධ Economist සඟරාවේ කරන පරීක්ෂණයකින් කියනවා ලෝකේ ජීවත් වෙන්න හොඳම තැන ඇමෙරිකාව කියලා. ඒත් ලෝකය එකම තැන තිබුනේ නෑ. වෙනස් උනා. ඒ සමීක්ෂණයම 2012 දී කරන කොට ඇමෙරිකාව 16 වෙනියට වැටිලා. තායිවානෙත් ඊට උඩින්. කලින් තෝරු මෝරු හිටපු ඒ ලිස්ට් එකේ දැන් වැඩිපුර හාල්මැස්සෝ පිරිලා. ස්විට්සර්ලන්තය, සිංගප්පූරුව, අයර්ලන්තය වගේ පොඩි රටවල් උඩට ඇවිත්. ඇමෙරිකාව වගේ දැවැන්ත රාජ්‍යන් වෙනුවට මිනිස්සු මිලියන 25 ක් වත් නැති කුඩා රජ්‍යයන් ඉදිරියට ගියේ මේ අන්තිමට ගෙවුණු අවුරුදු 30 ඇතුලත. දැන් ලෝකයේ ඒක පුද්ගල ආදායම අතින් ඉහළින්ම ඉන්න රටවල් 15 අතරින් 11 ක්ම ප්‍රමාණයෙන් පොඩි රටවල්. හොඳම මානව සංවර්ධන දර්ශකය තියෙන රටවල් 20 න් 15ක් ම කුඩා රාජ්‍ය යන්. එහෙනම් ලෝකයේ මේ කුඩා රාජ්‍යන් ඉක්මනින් දියුණු කලා නම් ලංකාවේ අපිට බැරි ඇයි? බලමු අපිට බැරි ඇයි කියල. ඉස්සර ලෝකේ දියුණු වෙන්න නම් ලොකු රටක් වෙන එක, ලොකු ජනගහනයක් ඉන්න එක, ලොකු තාක්ෂණයක් තියෙන එක, ලොකු හමුදාවක් හා නාවික හමුදාවක් ඉන්න එක තමයි බල පෑවේ. එතකොට රට ඇතුලේ එකතු උන දැනුම, තාක්ෂණය, ප්රාග්ධනය භාවිතා කරලා අලුත් දේවල් නිර්මාණය කරලා ලෝකෙට අලෙවි කරලා ඒ ලොකු රටවල් දියුණු උනා. පස්සේ පස්සේ ඒ දියුණුවේ පිහිටෙන්ම ලෝකය පුරා වේගයෙන් ගෝලියකරණය පැතිරුණා. සන්නිවේදනය, තොරතුරු තාක්ෂණය සහ ප්‍රවහනය කියන ක්ෂේත්‍ර තුනේ දැවැන්ත දියුණුව නිසා ලෝකය එකම ගම්මානයක් බවට පත් වුනා. ලොකු කුඩා රටවල් එවලට වෙන්වෙලා තිබුණු ලෝකය අන්තර්ජාතික වෙළඳ පොළ විසින් ටික ටික කුඩා කලා. එක රටක ප්‍රාග්ධනයෙන්, තව රටක දැනුම හා තාක්ෂණයෙන්, තවත් රටක අමුද්‍රව්‍ය හා ශ්‍රමයෙන් මුළු ලෝකෙටම අලෙවි කරන්න පුළුවන් නිශ්පාදන හැදෙන ජාල බිහිවුනා. ඒ නිසා රටක් පොඩියි කියලා නෑ, මේ ගොඩ නැගෙන අන්තර්ජාතික වෙළඳාමෙන් කොටසක් තමන්ට උරුම කර ගන්න කුඩා රටවල් වලට අවස්ථා හෙවත් opportunities ලැබුනා. ඒ opportunities හොඳින් අල්ල ගෙන ඒවාට අනුව රට හැඩ ගස්ස ගත්ත රාජ්‍යයන් ඒ දියුණු වෙන අන්තර්ජාතික දියුණුවෙන් තමන්ට කොටසක් කඩා ගත්තා. ධනය වපුර ගත්තා. ඒ කුඩා රටවල් වලට තිබුනේ ඒ අන්තර්ජාතික වෙළඳාමෙන් තමන්ට කොටසක් දිනා ගන්න විතරයි. ඒ වෙනුවෙන් නියමිත වෘත්තීය දක්ෂකම් ඔවුන් ගෙන්වා ගත්තා, ඇති කර ගත්තා. මොකක්ද ඔවුන්ගේ රහස් වට්ටොරුව උනේ. ඒ තමයි අන්තර්ජාතික වෙළඳාමට විවෘතවීම සහ ඒ සමග තරඟ කරන්න හැකි මානව සම්පතක් දියුණු කර ගැනීම. අපි හිතනවා අපිට තියෙන හොඳම සම්පත ස්වාභාවික සම්පත කියලා. නෑ, අපිට තියෙන සම්පත මානව සම්පත. ඒක හැබැයි හොඳ අධ්‍යාපන ක්‍රමයකින් දියුණු කලොත් , ඒ ශ්‍රමය අන්තර්ජාතික වෙළඳපොළ තුල යොද වලා රට දිනව ගන්න පුළුවන්. ඒත් එක්කම ඒ කුඩා රටවල් වල දකින්නට ලැබුන තව ලක්ෂණයක් තමයි දක්ෂයන්ට තැන දීම. රට ඇතුලේ වගේම , රටට පිටින් ආවත් දක්ෂයන් වැඩේට යෙදවීම තුලින් වැඩේ සාර්ථක කර ගන්න පුළුවන්. දැන් බලන්න දියුණු හැම රටකම වගේ රටට වෙන රට වලින් එන දක්ෂයන්ට එන්න ඉඩ දෙනවා, පුරවැසි කම දෙනවා. දක්ෂතාවය ආනයනය කරනවා. ඒ නිසා රට ඇතුලට මිනිස්සුන්ට පිටින් ආගමනය වෙන්න ඉඩ හදන්න ඕනේ. ඒ වගේම දියුණු වෙන රටක් නම් වෙන වෙන වර්ග වල මිනිස්සු ඉඳීවී. ඕනෑම දියුණු රටක පිටින් ආපු මිනිස්සු ඉන්නවා. ලංකාවෙම අයත් කොච්චර පිටරට යනව ද? ඒ වගේ දියුණු රටවල් හොයා ගෙන මිනිස්සු එනවා. එතකොට රට තුල බහු ජනවාර්ගික සමාජයක් බිහි වෙනවා. අපි එය ඉවසන්න පුරුදු වෙන්න ඕනේ වගේම සමානාත්මතාවයෙන් සළකන්නත් පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා ආගමන වලට ඉඩ දීම, වෙනත් සංස්කෘතීන් ඉවසීම සහ ඔවුනට සමානාත්මතාවයෙන් සැළකීම කියන කාරණා අනාගත ලෝකයේ දී අපේ රට දියුණු කරනවා නම් අපි ඉගෙන ගන්න, පුරුදු පුහුණු කර ගන්න ඕනේ. දැනට ලෝකයේ විවිධ රටවල මිනිස්සු මිශ්‍ර වේගෙන යන වේගෙට, රට රටවල් අතර හුවමාරු වන වේගෙට මිනිස්සුන්ට එක රටක විතරක් පුරවැසියෝ වෙලා ඉන්න බැරි වෙයි. එය ගෝලිය පුරවැසියා කියන තැනට තව දශක කීපයකින් ඒවි. එතකොට ඔය එක රටක පුරවැසිකම කියන එකේ වටිනාකම අඩු වෙයි. ඒ වගේම අපේ රට කියාගෙන අපි වෙන් කර ගෙන , අපි වෙනස් කියලා හිටියට ඉස්සරහට අපිට එහෙම ඉන්න බැරි වෙයි. ලෝකය ගෝලියකරණය වෙන වේගෙත් එක්ක අපිටත් ටික ටික ඒ එක්ක අනුගත වෙන්න වෙනවා. නැතුව පවතින්නේ නෑ. දියුණු වෙන්න ඕනේ නම් ඒක අපිට භාර ගන්න වෙනවා. ඇමෙරිකාව දියුණු වෙනකොට ලැබුණු ගෝලීය opportunities වලින් සිංගප්පූරුව, දකුණු කොරියාව වගේ රටවල් දියුණු උනා. ඒ වගේම චීනය දියුණු වෙනකොට ඒ ලැබෙන opportunities වලින් වියට්නාමය, තායිලන්තය , මැලේසියාව වගේ රටවල් දියුණු වෙනවා. අප එම opportunities අල්ලා ගන්න ප්‍රමාදයි. ඊළඟට ආයේ ඌරෙක් කැකුණ තලන්නේ ඉතිං ඉන්දියාව තමයි. ඉන්දියාව දියුණු වෙනකොට ලැබෙන opportunities අපි හරියට හඳුනා ගෙන ඒවායින් වාසි ගත්තේ නැත්නම් , අපිට ආයේ කොයි කාලේ අවස්ථාවක් ලැබෙයි ද දන්නේ නෑ. ( චීනය විසින් ලංකාවේ කරන ව්‍යාපෘති economic opportunities නෙවෙයි, ඒවා චීන අධිරාජ්‍යවාදයට අපි හසු වීම මිසක් අපේ දියුණුවක් නෙවෙයි, ඒ නිසා ඒක පටලවා ගන්න එපා.) ඒ නිසා මේ රට හදන්න පුලුවන්. මේ රට නෙවෙයි අපිට ඕන එකක් හදන්න පුළුවන්. හැබැයි ඒක හරියට කලොත්. එහෙනම් අපි කර ගන්න ඕනේ වෙනස් කම් මොනව ද? ලෝක වෙළඳාමට විවෘත වෙන්න ඕනේ. ඒකට බයේ හැංගිලා මේක කරන්න බෑ. අපිට තියෙන ලොකුම සම්පත මානව සම්පත. ඒක දියුණු කරන්න ඕනේ හොඳ අධ්‍යාපන ක්‍රමයකින්. ගෝලියව හිතන, මිනිස්සුන්ට සමානාත්මතාවයෙන් සලකන, බහු සංස්කෘතික සමාජයක ජීවත් වෙන්න දන්න, ඉවසීම දන්න මිනිස් පරම්පරාවක් හදන්න ඕනේ. ජාතිවාදය යට ගහලා , ජාතික සමගිය හදා ගන්න ඕනේ. මිනිස්සුන්ට මීට වඩා පුද්ගලික නිදහස දෙන්න ඕනේ. ඒ නිදහසෙන් තමයි මිනිස්සු අලුතින් හිතන්න පෙළඹෙන්නේ, නව නිර්මාණ කරන්නේ. සුදුස්සන්ට සුදුසු තැන දෙන ක්‍රමයක් ඕනේ. Meritocracy කියන්නෙ ඒකනේ. ඒ වගේම රටට වෙන රට වලින් දක්ෂයන්ට එන්න ඉඩ දෙන්න ඕනේ. Immigration ලේසි කරන්න ඕනේ. ලෝකයේ වෙනස් වන වෙළඳ පොළ දැකලා එයින් කොටසක් කඩා ගෙන මේ රට ඇතුලට ගෙන්න පුළුවන් දැක්මක් තියෙන නායකයෝ ඕනේ. දේශපාලන නායකයෝ වගේම ව්‍යාපාරික නායකයෝ. රට තුල යහපත් රාජ්‍ය පරිපාලනයක් හා හොඳින් නිතීය ක්‍රියාත්මක වන පරිසරයක් හදන්න ඕනේ. ඔබ සමහර විට මේවාට සූදානම් නොවෙන්න පුළුවන්. හැබැයි දියුණු රටක් දිහා බැලුවොත් මේ දෙවල් එහේ තියෙනවා. මෙහෙම වෙනකොට සමහර විට හිතෙනවා අපේ රට අපිට අහිමි වෙනව ද කියලා. එහෙම හිතෙන්නෙ අපිට විතරක් නෙවෙයි. බලන්න ලෝකය පුරා ජාතිකවාදී දේශපාලන රැල්ලක් එන්නෙ ඒ නිසා. ඇමෙරිකාවේ ට්‍රම්ප් දිනන්නේ, බ්‍රිතාන්‍යයේ Brexit එක දිනන්නේ, ලෝකය පුරාම එහෙම රැල්ලක් යන්නේ මේ ගෝලියකරණය කියන බැම්මෙන් ලෝකයම මිශ්‍ර වෙලා බැඳීගෙන යන කොට ඒ ඒ රට වලට තිබුන අනන්‍යතාවය ටික ටික බොඳ වෙන හින්දා. ඒකට කවුරුත් කැමති නෑ. ඒ නිසා තමන්ගේ රට ජාතිය රැක ගන්න කියලා ජාතිකවාදී ප්‍රතිපත්ති අරගෙන එනවා. හබැයි එහෙම කරන එක හරියට අර කැරකෙන ලෝකේ අතින් අල්ලලා නවත්වන්න හදනවා වගේ. කරන්න බෑ. ලෝකය කැරකෙන විදියට එයා යනවා. ලෝකයේ ගෝලියකරණය එක්ක මුහු වෙලා යන එක තමයි විසඳුම. නැත්නම් අපිට ලෝකයේ ජනිත වන ධනයෙන් කොටසක් උරුම කර ගන්න ලැබෙන්නේනෑ. අපි හැමදාම දුප්පත්, ණය වෙච්චි, පසුගාමි ජාතියක් විදියට ඉතුරු වෙනවා. එතකොට කාලෙන් කාලෙට එන ලෝක බලවතුන්ගෙන් හිඟා කන , උන් අපෙන් සූරං කන යටත් විජිත බවට මේ රට පත් වෙනවා. එතකොට අපි මේ රට ඇතුලේ ඉන්න එවුන්ම ගහ මරාගෙන බේරන්න හදන රට කොහොමත් අපිට නෑ. අපි කාගෙවත් අතවැසියෝ වෙලා. මේ ටික හැමෝටම තේරෙන එකක් නෑ. ඒත් තේරෙන අය ඉන්නවා. ඒ අයට පුළුවන් සාකච්ඡාවට එකතු වෙන්න. රට මුදවන්න, අවුරුදු 30 කින් මේ රට හදන්න පුළුවන් කියලා අපි අපේ ඡන්දයට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයටම දැම්මා. ඔව් 30 කින් පුළුවන්. අපිට අවස්ථාව තියෙනවා. අපි පටන් ගන්න දන්නවා නම්, දන්න කෙනෙකුට කරන්න දෙනවා නම්. පැතුම් කර්නර් #පැතූනොමික්ස්  [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom