Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට ඉදගෙන රට හදන්නේ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට ඉඳගෙන රට හදන්නේ කොහොමද ?

අපි ප්රජාතන්ත්රවාදය , නිදහස, සමානාත්මතාවය , විවෘත ආර්ථිකය , ආර්ථික නිදහස ගැන පොත පතේ කියවනවා. ඒත් ඒවා හැබහින් අත්දකින කොට ඇත්තෙන්ම ඒ අත්දැකීම වෙනස්.

මම මුලින්ම රටකට ගියේ සිංගප්පූරුවේ සහ මැලේසියාවේ ක්‍රිකට් සංචාරකයකට. ඒ 2005 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් ටීම් එක එක්ක. ආයේ අවුරුද්දක එහෙම ගියා, තව පාරක් ඉන්දියාවෙත් ගියා. ඒ හිටපු සති දෙකට තුනට රටක් ගැන අවබෝධයක් එන්නේ නෑ.

මම සිංගප්පූරුවේ මුලින්ම රැකියාවට යන්නේ 2010 දි. එහේ ගිහින් කාලයක් යනකොට අපේ රටෙයි එහෙයි වෙනස තේරෙන්න ගත්තා. එහෙදි හම්බෙන ලංකාවෙන් එන හැමෝම අහන්නේ අපේ රටත් මේ වගේ හදා ගන්න කවදා පුළුවන් වෙයි ද කියලා. ඔය ගැන මාත් නිතරම කල්පනා කලා. මම ඕස්ට්‍රේලියාවේ , බ්‍රිතාන්‍යයේ , හොංකොං වල සංචාරය කලා. ඒ වැඩිදුර ඉගෙන ගන්න. එතකොට තේරුණා අපේ රටේ තත්ත්වය ගැන. ඇයි අපිටත් රටක් විදියට දියුණු වෙන්න බැරි කියලා හිතුවා. පොත් කියෙව්වා, තොරතුරු හෙව්වා, අන්තර්ජාලය පීරුවා, මිනිස්සු එක්ක කතා කලා. සිංගප්පූරුව ගැන පොතක් ලිව්වා. "වගුරු බිමෙන් ඉසුරු පුරට" සිංගප්පූරුවේන් උගත් පාඩම් කියන පොත නිකුත් කලේ ඒවායේ ප්‍රථිපලයක් විදියට.

ඇත්තෙන්ම අපිටත් අපේ රට හදන්න පුළුවන්. අවශ්‍ය ස්වාභාවික සම්පත් නෙවෙයි. අපේ දේශපාලන ආර්ථික ක්‍රමය නිවැරදි කර ගන්න එක. ඒ ගැන තව හොයන්න හිතුනා.

පසු කාලීනව බිරිඳගේ විශේෂඥ වෛද්‍ය පුහුණුවට එංගලන්තයේ යන්න තියෙන බව අපිදැන ගෙන හිටියා. අවුරුදු 2ක් එංගලන්තයේ ඉන්න ලැබෙන එක ලොකු අවස්ථාවක්. ඒක සම්පූර්ණයෙන් ලොකු අධ්‍යනය කටයුත්තක්. නගර සැලසුමේ ඉඳලා, කුණු බැහැර කරන එක වෙනකම් මේ රට වලින් ලබා ගත් අත්දැකීම අති මහත්. ඒවා පොතේ පතේ කියෙව්වාට, වීඩියෝවක් බැලුවාට ලැබෙන දෙට වඩා ගොඩක් වෙනස්. අපි ඒකනේ දැකලා තියෙන්නේ සමහර වෙලාවට internship එකක් දෙනවා. මේකත් ඒ වගේ.

අපි රට හදන්න කලින් හැබහින්ම එහෙම යථාර්ථයක් අත්දැකලා තියෙන එක ඉතාම වැදගත්. ඒ අතින් සිංගප්පූරුව මෙන්ම එංගලන්තය කියන්නේ මට විශ්වවිද්‍යාල දෙකක්. උපාධි සහතික නැති උපාධි දෙකක්.

මට පුළුවන් නම් මම ඇමෙරිකාවට ගිහින් තවත් නිදහස් වෙළඳපොළ ගැන ඉගෙන ගන්න, නෙදර්ලන්තයට, ඊශ්‍රායලයට ගිහින් කෘෂි කර්මාන්තය ඉගෙන ගන්න, ඩෙන්මාර්කයට ගිහින් සුළං බලට ගැන ඉගෙන ගන්න , ෆින්ලන්තයට ගිහින් අධ්‍යාපනය ගැන ඉගෙන ගන්න, මම යනවා. රෝහණ විජේවීර රුසියාවට ගිහින් සමාජ වාදය ඉගෙන ගෙන ආවාට වඩා වෙනස් වේවි ඒක.

මේ සියළු අත්දැකීමෙන් මම එකක් දන්නවා. ඒ තමයි අපේ රට හදන්න පුළුවන් කියන එක. ඒක ප්රත්යක්ෂවම තේරුම් අරගෙන ඉන්නේ. ඒකයි මේ වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන්නේ.

ඒත් ඒ මොකට ද? කවුරු හරි ඇහැව්වොත්, ඒක තමයි මගේ passion එක, මගේ කැමැත්ත. සමහරු ගෙවල් හදනවා, සමහරු ව්‍යාපාර හදනවා, සමහරු career එකක් හදනවා, සමහරු හම්බ කරනවා. සමහරු වාහන ගන්නවා. ඒ වගේ අපි එකි නෙකාට තියෙනවා ආශාවල්. ජීවත් වෙන්න කැමති අරමුණු. මගේ එක රටක් හදන එක. ඔව් අපේ රට තමයි. බොහෝම කැමැත්තෙන් ඒ අරමුණ වෙනුවෙන් මහන්සි වෙනවා.

මෙච්චර ඉක්මනින් 2025 ට ලෑස්ති වෙන්න වෙයි කියලා හිතුවේ නෑ. ඒ නිසා එංගලන්තයේ අවුරුදු 2ක් ඉන්න ප්ලෑන් කලේ. ගියපාර ඡන්දයට වියදම් කරපු සල්ලි වලින් තව ලක්ෂ 35 ක ණය තියෙනවා. ඔව් වැඩේ ලේසි නෑ. ඒක ලංකාවෙදි හම්බ කරලා ගෙවා ගන්න අමාරුයි. ඒ නිසා ඒක ගෙවලා ඉක්මනින් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔව් ඔය පොළොවට ඉක්මනින් පය ගහන්න බලාගෙන මේ ඉන්නෙ. මට මෙහෙ හරි කම්මැලියි. ගහක් කොලක් හිටව ගෙන, කැඩුණු ඉස්කෝලයක් හදාගෙන, ඈත පන්සල් වල හාමුදුරුවරු දෙන දානේ ටිකක් රහ බලලා, පාර අයිනේ තැම්බෙන බඩ ඉරිඟු කරලක් කාලා, හබරණ පාරේ අලි බලලා, කොස් කැලේ ලඟ ප්ලේන්ටියක් බීලා මහ රෑ කළුවරේ වාහන පදින ජොලිය මෙහේ නෑ බොලං. I miss me!

ජයවේවා !

පැතුම් කර්නර්

[QUOTE="Mr Robot, post: 27127505, member: 576252"] රට ඉඳගෙන රට හදන්නේ කොහොමද ? අපි ප්රජාතන්ත්රවාදය , නිදහස, සමානාත්මතාවය , විවෘත ආර්ථිකය , ආර්ථික නිදහස ගැන පොත පතේ කියවනවා. ඒත් ඒවා හැබහින් අත්දකින කොට ඇත්තෙන්ම ඒ අත්දැකීම වෙනස්. මම මුලින්ම රටකට ගියේ සිංගප්පූරුවේ සහ මැලේසියාවේ ක්‍රිකට් සංචාරකයකට. ඒ 2005 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් ටීම් එක එක්ක. ආයේ අවුරුද්දක එහෙම ගියා, තව පාරක් ඉන්දියාවෙත් ගියා. ඒ හිටපු සති දෙකට තුනට රටක් ගැන අවබෝධයක් එන්නේ නෑ. මම සිංගප්පූරුවේ මුලින්ම රැකියාවට යන්නේ 2010 දි. එහේ ගිහින් කාලයක් යනකොට අපේ රටෙයි එහෙයි වෙනස තේරෙන්න ගත්තා. එහෙදි හම්බෙන ලංකාවෙන් එන හැමෝම අහන්නේ අපේ රටත් මේ වගේ හදා ගන්න කවදා පුළුවන් වෙයි ද කියලා. ඔය ගැන මාත් නිතරම කල්පනා කලා. මම ඕස්ට්‍රේලියාවේ , බ්‍රිතාන්‍යයේ , හොංකොං වල සංචාරය කලා. ඒ වැඩිදුර ඉගෙන ගන්න. එතකොට තේරුණා අපේ රටේ තත්ත්වය ගැන. ඇයි අපිටත් රටක් විදියට දියුණු වෙන්න බැරි කියලා හිතුවා. පොත් කියෙව්වා, තොරතුරු හෙව්වා, අන්තර්ජාලය පීරුවා, මිනිස්සු එක්ක කතා කලා. සිංගප්පූරුව ගැන පොතක් ලිව්වා. "වගුරු බිමෙන් ඉසුරු පුරට" සිංගප්පූරුවේන් උගත් පාඩම් කියන පොත නිකුත් කලේ ඒවායේ ප්‍රථිපලයක් විදියට. ඇත්තෙන්ම අපිටත් අපේ රට හදන්න පුළුවන්. අවශ්‍ය ස්වාභාවික සම්පත් නෙවෙයි. අපේ දේශපාලන ආර්ථික ක්‍රමය නිවැරදි කර ගන්න එක. ඒ ගැන තව හොයන්න හිතුනා. පසු කාලීනව බිරිඳගේ විශේෂඥ වෛද්‍ය පුහුණුවට එංගලන්තයේ යන්න තියෙන බව අපිදැන ගෙන හිටියා. අවුරුදු 2ක් එංගලන්තයේ ඉන්න ලැබෙන එක ලොකු අවස්ථාවක්. ඒක සම්පූර්ණයෙන් ලොකු අධ්‍යනය කටයුත්තක්. නගර සැලසුමේ ඉඳලා, කුණු බැහැර කරන එක වෙනකම් මේ රට වලින් ලබා ගත් අත්දැකීම අති මහත්. ඒවා පොතේ පතේ කියෙව්වාට, වීඩියෝවක් බැලුවාට ලැබෙන දෙට වඩා ගොඩක් වෙනස්. අපි ඒකනේ දැකලා තියෙන්නේ සමහර වෙලාවට internship එකක් දෙනවා. මේකත් ඒ වගේ. අපි රට හදන්න කලින් හැබහින්ම එහෙම යථාර්ථයක් අත්දැකලා තියෙන එක ඉතාම වැදගත්. ඒ අතින් සිංගප්පූරුව මෙන්ම එංගලන්තය කියන්නේ මට විශ්වවිද්‍යාල දෙකක්. උපාධි සහතික නැති උපාධි දෙකක්. මට පුළුවන් නම් මම ඇමෙරිකාවට ගිහින් තවත් නිදහස් වෙළඳපොළ ගැන ඉගෙන ගන්න, නෙදර්ලන්තයට, ඊශ්‍රායලයට ගිහින් කෘෂි කර්මාන්තය ඉගෙන ගන්න, ඩෙන්මාර්කයට ගිහින් සුළං බලට ගැන ඉගෙන ගන්න , ෆින්ලන්තයට ගිහින් අධ්‍යාපනය ගැන ඉගෙන ගන්න, මම යනවා. රෝහණ විජේවීර රුසියාවට ගිහින් සමාජ වාදය ඉගෙන ගෙන ආවාට වඩා වෙනස් වේවි ඒක. මේ සියළු අත්දැකීමෙන් මම එකක් දන්නවා. ඒ තමයි අපේ රට හදන්න පුළුවන් කියන එක. ඒක ප්රත්යක්ෂවම තේරුම් අරගෙන ඉන්නේ. ඒකයි මේ වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන්නේ. ඒත් ඒ මොකට ද? කවුරු හරි ඇහැව්වොත්, ඒක තමයි මගේ passion එක, මගේ කැමැත්ත. සමහරු ගෙවල් හදනවා, සමහරු ව්‍යාපාර හදනවා, සමහරු career එකක් හදනවා, සමහරු හම්බ කරනවා. සමහරු වාහන ගන්නවා. ඒ වගේ අපි එකි නෙකාට තියෙනවා ආශාවල්. ජීවත් වෙන්න කැමති අරමුණු. මගේ එක රටක් හදන එක. ඔව් අපේ රට තමයි. බොහෝම කැමැත්තෙන් ඒ අරමුණ වෙනුවෙන් මහන්සි වෙනවා. මෙච්චර ඉක්මනින් 2025 ට ලෑස්ති වෙන්න වෙයි කියලා හිතුවේ නෑ. ඒ නිසා එංගලන්තයේ අවුරුදු 2ක් ඉන්න ප්ලෑන් කලේ. ගියපාර ඡන්දයට වියදම් කරපු සල්ලි වලින් තව ලක්ෂ 35 ක ණය තියෙනවා. ඔව් වැඩේ ලේසි නෑ. ඒක ලංකාවෙදි හම්බ කරලා ගෙවා ගන්න අමාරුයි. ඒ නිසා ඒක ගෙවලා ඉක්මනින් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔව් ඔය පොළොවට ඉක්මනින් පය ගහන්න බලාගෙන මේ ඉන්නෙ. මට මෙහෙ හරි කම්මැලියි. ගහක් කොලක් හිටව ගෙන, කැඩුණු ඉස්කෝලයක් හදාගෙන, ඈත පන්සල් වල හාමුදුරුවරු දෙන දානේ ටිකක් රහ බලලා, පාර අයිනේ තැම්බෙන බඩ ඉරිඟු කරලක් කාලා, හබරණ පාරේ අලි බලලා, කොස් කැලේ ලඟ ප්ලේන්ටියක් බීලා මහ රෑ කළුවරේ වාහන පදින ජොලිය මෙහේ නෑ බොලං. I miss me! ජයවේවා ! පැතුම් කර්නර් [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom