Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට උන්නු අපි සහ කොරෝනා සටන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරෝධායන කඳවුර බලා..

මම අර කලින් කිව්ව ටෝකන් එක එහම නැත්තන් යතුර හමුදාවේ ඉහළ නිලධාරියෙකුට ඉදිරිපත් කලාම තමයි අපිට බස් රථයට නගින්න අවසර ලැබෙන්නේ. ඒ කියන්නේ හමුදාව දාලා තියෙන කියාපටිපාටිය අපි නිවැරදිව අනුගමනය කරගෙන ඇවිල්ලා කියන එකයි. ඉතින් ටෝකන් එක ඒ අයට භාරදීලා තවත් ලියකියවිලි කීපයක් පුරවලා දීලා අපේ ට්‍රොලිය තල්ලු කරන් ගුවන්තොටුපොළ ඉස්සරහා වාහන අංගනයට එන්න ඕනේ.. අපි උස්සගෙන ආව අපේ බඩු බාහිර එක්ක බස් එකේ යන්නේ කොහොමද කියන එක මගේ ඔලුවේ ලොකුවටම තිබුණ හිසරදයක්.. ගොඩක් අය ලඟ අනිවාර්යෙන්ම කිලෝ 30ක විතර ලොකු බැගේජ් එකක් තියෙනවා.. ඉතින් ඒ හැමෝම කඳවුරට යන්න ඕනේ තමන්ගේ බැගේජ් එක්කනේ.. මගේ ප්‍රශ්නෙට උත්තරේ බස් එක ලඟට ආවාම ඉබේම විසඳුනා..

පොලිසියේ කාර් එකක්, අඩි 20 යුධ හමුදා කන්ටේනර් රථ දෙකක්, ලේලන්ඩ් වර්ගයේ බස් රථ 5ක්, ටටා වර්ගයේ කුඩා ඒ/සි බස් රථයක්, ඊට පිටි පස්සෙන් ගිලන් රථයක් පිළිවෙලට නතර කරලා තිබුණා.. ලේලන්ඩ් බස් 3ක් ඒ වෙද්දිත් ආසන ගාණට වගේ පිරිලා ඉවරයි.. අපි තල්ලු කරන් ආව ට්‍රොලියෙන් අපේ බැගේජ් ටික කන්ටේනරයට පටවනවා. ඒ දේවල් කරන්නෙත් සම්පූර්ණ නිරෝධායන ඇඳුම් ඇඳගත්තු අපේම හමුදාවේ සයෝදරයින්.. ඒ අය බෑගේජ් උස්සලා බොහොම පරෙස්සමට කන්ටේනර් එකට පටවනවා..උස්සලා අරන් විසි කරන්නෙවත්, තට්ටුව දිගේ ඇදගෙන යන්නෙවත් නෑ. මගීන්ගේ දහඩිය මහන්සියේ සහ අවසාන සති කීපයේ කඳුලු වල ප්‍රතිඵල තමයි ඔය බැගේජ් වල තියෙනේ.. මානූෂියම හමුදාව විදිහට නම් දාරාපු හමුදාව අපි වගේම අපේ බඩු බාහිර ටික පවා පරෙස්සම් කරන්න සෑහෙන්න මහන්සි උනා.. ඒක කියන්නම ඕනේ. තනි කන්ටේනර් එකේ බැගේජ් ටික ඔක්කොම අඩුක් කරන් ආවනම් ඒ අයට ඒකත් ලාභයි.. අඩුම ගානේ එක හමුදා රියදුරෙක් සහ සහයකයෙකුගේ වැඩ කොටස හරි අඩු වෙයි. ඒත් ඒ අය කන්ටේනර් දෙකක්ම යොදවලා තිබුණා.. ඒ නිසා මගීන්ගේ බැගේජ් වලට වෙන හානිය ටිකක් අවම වෙන්න ඇති..

(කීපදෙන්කුගේම බැගේජ් වල රෝද සහ යකඩ පට්ටම් ගැලවිලා තිබුණා. සමහරවිට මගදි එහා මෙහා වෙලා එහෙ මෙහේ හැප්පෙන්න ඇති. ඒවුනත් ඇතුළේ තියෙන දේවල් වලට හානියක් නොවී එච්චර දුරක් ආව එකත් ලොකු දෙයක් කියලා හැමෝම හිත හදා ගත්තේ හමුදාවේ කැපවීම සහ මහන්සිය ඇස් දෙකටම දැකපු නිසා වෙන්න ඇති.)

මගේ බැගේජ් එකෙත් රෝදයක් කැඩුනා ඒ අය උස්සන්න යද්දී.. කන්ටේනර් එකේ තට්ටුවේ හිටිය හමුදා සාමාජිකයා මගේ බැගේජ් එක බර ඇති කියලා හිතුවේ නෑ.. ඉතින් එයා ඒක උස්සද්දී එක පාරටම තට්ටුව උඩ ඉඳලා ආයේ පහළ තිබුණ මේසේ උඩටම ඇදගෙන වැටුණා.. උඩ ඉඳගෙනම "අයියෝ මචන්" කියලා කියද්දි මම හිනා වෙලා "කමක් නෑ.. මොනවා උනත් දැන් ඉතින් ලංකාවට ඇවිල්ලනේ.." කියලා කිව්වේ කැඩුනේ මගේ බැගේජ් එක උනත් අර හමුදා සාමාජිකයට ඒකේ අපහසුව දැනුනා කියලා මට තේරුණ නිසයි..

බැගේජ් ටික කන්ටේනර් එකට භාර දුන්නට පස්සේ අපි බස්රථ වලට ගොඩ වුණා.. අවසාන මගියත් බස් රථයට ගොඩ වුණාට පස්සේ නැවත වතාවක් නම් ලැයිස්තුව පරීක්ෂා කරලා සියලුම මගීන් බස් රථ වලට ගොඩ වුනා කියලා තහවුරු කර ගත්තට පස්සේ තමයි හමුදා නිලධාරීන් පිටිම පස්සේ තිබුණ ඒ අයට වෙන් කරපු බස් රථයට ගොඩවුණේ.. ඒ අයගේ වගකීම සහ ඒ අයගෙන් ලැබෙන ආරක්ෂාව ගැන ගතවුණ හැම විනාඩියකදිම අපේ හිත් වලට තදින්ම දැණුනා.. අපි ඒ ආරක්ෂාව කොයිතරම් විශ්වාස කළාද කියනවනම් ගුවන්තොටුපොළින් පිටත් වෙලා පැයක් විතර ගියාට පස්සෙයි අපි යන්නේ දියතලාව කඳවුරට කියලා දැන ගත්තේ.. කොහේ ගෙනිච්චත් අපි ඉන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාව යටතේ කියන හැඟිම ඇතුළෙම අපි ආරක්ෂා වෙලා හිටියා කිව්වත් නිවැරදියි.. මොකද දියතලාවේ යනවා කියද්දී කන්ඳකාඩු කඳවුරට ගෙනියයි කියලා බලාපොරොත්තුවෙන් හිටිය අය පවා "කමක් නෑ කොහේ එක්කන් ගියත් අපි ඉන්නේ අපේ රට ඇතුළෙ අපේ හමුදාව එක්කනේ.." කියන වචන ටික මට කිහිප දෙනෙකුගෙන්ම ඇහුණා..

මැදපෙරදිග ගිණි කූඨක අව්ව එක්ක ඔට්ටු වුණ මට ලංකාවට පය තිබ්බ ගමන් දියතලාවේ එක්කන් යනවා කිව්වාම ගෙදර යනවට වැඩිය ලොකු සතුටක් දැණුනා.. කඳවුර කොයි වගේ එකක් උනත් මම ආස කරන කොල පාට පරිසරය, සීතල කඳුකර පාරවල් මට මැවිලා පෙනුනා.. 30 වෙනිදා උදේ 6:30ට ඩුබායි කුළී රථයකින් ගුවන්තොටුපොළට ඇවිත්, එතන ඉඳලා ශ්‍රී ලංකන් එයා ලයින් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළට ගොඩබැහැලා, අධියර කීපයකට පස්සේ පෝලිම් කීපයක කාලේ ගත කරලා, ආයෙත් රාත්‍රී 11:00ට විතර ලේලන්ඩ් බස් එකකින් තවත් දිගු ගමණක් ආරම්භ කළා.. බස් රථයේ රියදුරාත් සම්පූර්ණ නිරෝධායන ඇඳුමකින් සැරසිලා රාජකාරියේ. එයාටත් සහයකයෙක් ලැබෙන්නේ නෑ.. සම්පූර්ණ ගමනම එයා තනියම ඉවර කරන්න ඕනේ කඳුකර පාරවල් වල මධ්‍යම රාත්‍රිය පූරාවට.. ඉදිරියෙන්ම මාර්ගයේ ප්‍රමුඛතාවය ලබා ගන්න නිල් රතු එළි විහිදවපු පොලිස් මෝටර් රථය. ඊලඟට ඩබල් සිග්නල් (Hazzard) දාපු හමුදාවේ කන්ටේනර් රථ දෙක.. ඊට පිටිපස්සෙන් ඩබල් සිග්නල් දාගෙන යන ලෙලන්ඩ් බස් රථ 5 සහ කුඩා ප්‍රමාණේ හමුදා බස් රථය.. පිටිම පස්සෙන් රතුපාට සංඥා එළි දල්වපු ගිලන් රථය.. වීශේෂ රථ පෙලක් විදිහට කටුනායක ගුවන්තොටුපොළින් පටන් ගත්තු ඒ ගමනෙ අවසානය උනු දියතලාව දක්වාම වාහන ගමන් කරපු පිළිවෙල පවා වෙනස් වුණේ නැත්තේ හමුදා අදීක්ෂණ කටයුතුවල පහසුවට වෙන්න ඇති.. ගොඩක් අය කරන්නේ තමන්ට පැවරුණ රාජකාරියක් තමයි.. ඒත් ඒ අයට විශේෂයෙන් ඒ වගේ රාජකාරි පැවරුණේ අපි නිසා කියන එක අපි අමතක කරනවා හරිම ඉක්මනට.. අනික මේ වෙලාවේ රාජකාරියක් කරනව කියන්නේ අවධානමක් ගන්නවා කියන එක.. ඉතින් ඒ අවධානමත් අපි නිසා ඇති උන අවධානමක්. ඒ නිසා වැටුපක් වෙනුවෙන් කරන රාජකාරියක් කියලා අතපිය දා ගන්නේ නැතුව අපිත් වගකීමක් ඇතුව අපිට ලැබෙන උපදෙස් නිවැරදිව පිළිපදින්නම ඕනේ අපි වෙනුවෙන් කැපවලා රාජකාරි කරන සියලුම දෙනාට නිසි ගෞරවය දෙන ගමන්....

මහ රෑ නිසා පාර හරි හැටි නොපෙනුනත් බස් එකේ ලයිට් වල එලියෙන් පේන වටපිටාව බලාගන්න තිබුණු අසාව නිසාම පිටි පස්සට වෙන්න, ඉඳගෙන හිටිය මම සැරින් සැරේට හිටගෙනත් ආවා.. හිතේ තිබුණ මානසික පීඩනය නිදහස් කර ගන්නත් එක්ක බස් එකේ ජනේලේ සම්පූර්ණෙන්ම ඇරලා දැම්මේ ඒ වෙලාවේ කඳුකරයට ඇද හැලුණු දැඩි වර්ෂාව පවා අමතක කරලා දාලා.. අවුරුදු ගාණක් කටුක රස්නෙක හිර වෙලා උන්නු මම ගහ කොල වලින් නහයට දැණුනු අමුතු සුවඳත් එක්ක ඇඟට දැණුන සීතල නිසා කඳුකරයට වශී වෙලා වගේ හිටියේ..

ජුනි මාසේ 30 වෙනිදා ඩුබායි වලින් උදේ 6:00ට විතර පටන් ගත්තු දීර්ඝ ගුවන් ගමන ජූලි මාසේ 1 වෙනිදා උදේ 4:00 ට විතර දියතලාවෙන් අවසන් වුණා.. පැය 5ක ගුවන් ගමනකට පස්සේ තවත් පැය කීපයක පරීක්ෂණ සහ පොලිම් වල කාලේ ගත කරලා ආයේ බස් එකක පැය 5ක විතර ගමනක් ආව නිසා මගීන් හැමෝම වගේ එළි වෙනකන් නිදා ගත්තා.. මොකද්දෝ වාසනාවකට හෝ අවසනාවකට බස්වල නින්ද නොයන අසාමාන්‍ය පුරුද්ද නිසා කඩින් කඩ යාන්තමට ඇස් දෙක පිය වුණත් මම දිගටම ඇහරගෙන ආවා..

ගැබිනි මව් වරුන් කීප දෙනෙක් සහ අලුත් උපන් ළදරුවන් එක්ක මවු වරුන් කීප දෙනෙක්ම බස් රථ වල ආව නිසා ඒ අයට දැනුනු එක එක අපහසුතා නිසා මාරුවෙන් මාරුවට ඒ අයව පිටිම පස්සෙන් ආව ගිලන් රථයටත් නැවත බස් රථයටත් මාරු කළා.. යුධ හමුදා කන්ටේනර් රථ දෙකේ සහ බස් රථ වල රියදුරන් කිසිම විවේකයක් නැතුව තද වැස්සේ තනියම එක දිගට කඳුකරය දිගේ සීරුවට තමන්ගේ රථය දියතලාව කඳවුරට වෙනකන් අරන් ආවා.. ශ්‍රී ලංකා යුධ හමුදාව හැම තිස්සෙම ජාත්‍යන්තර නිරෝධායන නීතී රීති වලට අනුව කටයුතු කළ නිසා කිසිම මගියෙකුට රියදුරු සමග ගනුදෙනු කරන්න අවසර නෑ.. අඩුම ගානේ ඒ අයට තමන් ලඟ තියෙන බිස්කට් එකකින්වත් සංග්‍රහ කරන්න අවසර නෑ.. හමුදාව යටතේ දෙයක් කරනවනම් අනිවාර්යෙන් විනය කියන දේ අවශ්‍යයි.. ඒ විනය සහ නීති මාලාව අකුරටම ක්‍රියාත්මක වුණා ඒ ගමන පුරාවටම.. රාත්‍රිය පුරා අවධියෙන් උන්නු මට ඒ හැම දේම හොඳින් පෙනුනා..

අදාළ නේවාසිකාගාර වලට යොමු කරන්න අවශ්‍ය මූලික වෙන් කිරීම් කර ගන්නකන් උදේ 4:30 වෙද්දී අපිව එළිමහනේ පෝලිම් ගැස්සුවා.. කාන්තාවන් වෙනම, පවුල් පිටින් ආව අය වෙනම (සැමියා, බිරිඳ,සහ ළමයින් එකට තියන්න ඒ අය උත්සහ කළා..) සහෝදරයින් සහ එකම රූම් එකේ ඉඳලා එකට ආව අයව මෙහේ ඇඳන් වලත් ලඟ ලඟම තියන්න ඒ අය කටයුතු කළා.. ගැබිනි මව්වරුන් වෙනමත් ඒ අයගේ සැමියා හෝ වෙනත් කෙනෙක් ලඟ ඉන්නවනම් ඔහු හෝ ඇයව ලඟින් තියන්නත් හමුදාවෙන් කටයුතු කළා.. ඒ කියන්නේ එහේ හිටිය විදිහටම මෙහෙත් තමන්ගේ සමීපතමයින් ලඟ ඉන්න ඒ අය අවස්ථාව දෙන්න උත්සහ කලා කියන එක.. ඒක අපිටත් පහසුවක් වගේම හඳුනා ගැනීම් කටයුතු වලදී හමුදාවටත් පහසුවක්. එකම ප්‍රදේශයකින් එකට ආව පිරිස් ලඟ ලඟම ඉන්න එකෙන් යම්කිසි සෞඛ්‍ය ගැටළුවක් ඇති වුනොත් ඒ අයට තීරණ ගන්න ඒකත් පහසුවක්.. ඒ වගේම යුධ හමුදා වෛද්‍යවරයෙක් විසින් අපි මෙහේ හැසිරිය යුතු පිළිවෙල, හමුදාවේ කාර්‍ය්භාරය සහ වගකීම වගේම අපේ යුතුකම් කොටස ගැනත් හැඳින්වීමක් කළා..

"රටට එල්ල වෙන ඕනෑම අභියෝගයක් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් කිසිම පැකිලීමකින් තොරව භාර ගන්නවා.. ඒක ත්‍රස්තවාදී උවදුරක්ද, ස්වභාවික විපතක්ද, මොකක් හරි වර්ජනයක්ද, එහෙම නැත්තං මේ වගේ සෞඛ්‍යමය ගැටලුවක්ද කියන දේ අදාළ නෑ. භාර දුන්නු අභියෝගෙට මුහුණ දෙන එක තමයි අපේ රාජකාරිය.. ඉතින් අපිට දැන් භාර වෙලා තියෙන වගකීම පිට රටින් අපේ රටට ඇතුළු වෙන ඔයාලා වගේ අයට මේ වෛරසය ශරීරගත වෙලා තියෙනවනම් ඒක මේ කඳවුරෙන් එළියට යන්න නොදී, රට ඇතුළට පැතිරෙන්න ඉඩ නොදී කඳවුර ඇතුළේම ඔයාලගෙන් ඒ වෛරසය අයින් කරලා රටේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාවට ඔයාලගෙන් හානියක් නොවෙන විදිහට ඔයාලව නැවත සමාජගත කරන එක.. අපි තාම කියන්නේ නෑ ඔයාල රෝගින් කියලා.. මොකද ඔයාල තාම එක පරීක්ෂණේකට විතරයි මුහුණ දීලා තියෙන්නේ.. ඒ නිසා ඔයාලව අපි රෝගීන් හැටියට සලකන්නේ නෑ. ඒවුනාට ඔයාලගෙන් සාමාන්‍ය ජනාතවට අවධානමක් නෑ කියලා අපි කියන්නෙත් නෑ.. ඒ නිසයි ඔයාලව සාමාන්‍ය ජනතාවගෙන් වෙන් කරලා ඒ වෙනුවට අපි ඔයාලව භාර ගත්තේ.. ඉතින් අපි ඔයාලව මෙතන තියා ගන්නේ අන්තර්ජාතික නිරෝධායන නීතිරීති වලට අනූකූලව වගකීමක් ඇතුව. ඔයාලා මේ රටට ගොඩ බැහැපු වෙලාවේ ඉඳලම අපේ අය ඒ නීති රීති ආරක්ෂා කර ගන්න ඔයාලට වැඩිය වෙහෙසුනා.. ඔයාලගෙ ෆ්ලයිට් එක ඔයාලව ගන්න එන්න දින ගණනාවකට කලිනුයි අපි මේ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තේ.. ඒ නිසා මේ ඉන්න දින 14 අපි කියන විදිහට අපේ නීතී යටතේ සැහැල්ලුවෙන් ඉන්න කියලා ඔයාලා හැමෝනගෙන්ම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.. අපි දාල තියෙන නීති රකින්න අපහසු, එහෙම නැත්තන් ඔයාලව අපහසුතාවයට හෝ හිරිහැරයකට පත් වෙන ඒවා නෙවෙයි.. ඔයාලට තියෙන්නෙ නිවැරදි දුරස්ථභාවය ආරක්ෂා කරගෙන තම තමන්ගේ ඇඳවල් වලට වෙලා සැහැල්ලුවෙන් දවස ගෙවන එක.. නීති පිළිපදින එකෙන් වෙන්නේ ඕගොල්ලො අපිට සහය වෙනවා කියන එක වගේම ඔයාලගේ ආරක්ෂාවත් වැඩි වෙනවා කියන එක...

විනාඩි 20ක විතර හැඳින්වීමකට පස්සේ අපි වෙනුවෙන් වෙන්වුණ කාමර සහ ඇඳන් කරා යොමු කෙරුණා..

ශ්‍රී ලංකා යුධ හමුදාව හෙවත් මනුෂ්‍යත්වයේ හමුදාව යටතේ ලැබුණු සත්කාර සමග යළි හමුවෙන තුරු...

[QUOTE="richlife, post: 25509176, member: 430068"] [SIZE=5]නිරෝධායන කඳවුර බලා..[/SIZE] [CENTER][SIZE=5] මම අර කලින් කිව්ව ටෝකන් එක එහම නැත්තන් යතුර හමුදාවේ ඉහළ නිලධාරියෙකුට ඉදිරිපත් කලාම තමයි අපිට බස් රථයට නගින්න අවසර ලැබෙන්නේ. ඒ කියන්නේ හමුදාව දාලා තියෙන කියාපටිපාටිය අපි නිවැරදිව අනුගමනය කරගෙන ඇවිල්ලා කියන එකයි. ඉතින් ටෝකන් එක ඒ අයට භාරදීලා තවත් ලියකියවිලි කීපයක් පුරවලා දීලා අපේ ට්‍රොලිය තල්ලු කරන් ගුවන්තොටුපොළ ඉස්සරහා වාහන අංගනයට එන්න ඕනේ..:yes: අපි උස්සගෙන ආව අපේ බඩු බාහිර එක්ක බස් එකේ යන්නේ කොහොමද කියන එක මගේ ඔලුවේ ලොකුවටම තිබුණ හිසරදයක්..:confused: ගොඩක් අය ලඟ අනිවාර්යෙන්ම කිලෝ 30ක විතර ලොකු බැගේජ් එකක් තියෙනවා..:baffled: ඉතින් ඒ හැමෝම කඳවුරට යන්න ඕනේ තමන්ගේ බැගේජ් එක්කනේ.. මගේ ප්‍රශ්නෙට උත්තරේ බස් එක ලඟට ආවාම ඉබේම විසඳුනා..:) පොලිසියේ කාර් එකක්, අඩි 20 යුධ හමුදා කන්ටේනර් රථ දෙකක්, ලේලන්ඩ් වර්ගයේ බස් රථ 5ක්, ටටා වර්ගයේ කුඩා ඒ/සි බස් රථයක්, ඊට පිටි පස්සෙන් ගිලන් රථයක් පිළිවෙලට නතර කරලා තිබුණා..:shocked: ලේලන්ඩ් බස් 3ක් ඒ වෙද්දිත් ආසන ගාණට වගේ පිරිලා ඉවරයි.. අපි තල්ලු කරන් ආව ට්‍රොලියෙන් අපේ බැගේජ් ටික කන්ටේනරයට පටවනවා. ඒ දේවල් කරන්නෙත් සම්පූර්ණ නිරෝධායන ඇඳුම් ඇඳගත්තු අපේම හමුදාවේ සයෝදරයින්.. ඒ අය බෑගේජ් උස්සලා බොහොම පරෙස්සමට කන්ටේනර් එකට පටවනවා..උස්සලා අරන් විසි කරන්නෙවත්, තට්ටුව දිගේ ඇදගෙන යන්නෙවත් නෑ. මගීන්ගේ දහඩිය මහන්සියේ සහ අවසාන සති කීපයේ කඳුලු වල ප්‍රතිඵල තමයි ඔය බැගේජ් වල තියෙනේ..:dull: මානූෂියම හමුදාව විදිහට නම් දාරාපු හමුදාව අපි වගේම අපේ බඩු බාහිර ටික පවා පරෙස්සම් කරන්න සෑහෙන්න මහන්සි උනා..:love: ඒක කියන්නම ඕනේ. තනි කන්ටේනර් එකේ බැගේජ් ටික ඔක්කොම අඩුක් කරන් ආවනම් ඒ අයට ඒකත් ලාභයි.. අඩුම ගානේ එක හමුදා රියදුරෙක් සහ සහයකයෙකුගේ වැඩ කොටස හරි අඩු වෙයි. ඒත් ඒ අය කන්ටේනර් දෙකක්ම යොදවලා තිබුණා..:) ඒ නිසා මගීන්ගේ බැගේජ් වලට වෙන හානිය ටිකක් අවම වෙන්න ඇති.. (කීපදෙන්කුගේම බැගේජ් වල රෝද සහ යකඩ පට්ටම් ගැලවිලා තිබුණා. සමහරවිට මගදි එහා මෙහා වෙලා එහෙ මෙහේ හැප්පෙන්න ඇති. ඒවුනත් ඇතුළේ තියෙන දේවල් වලට හානියක් නොවී එච්චර දුරක් ආව එකත් ලොකු දෙයක් කියලා හැමෝම හිත හදා ගත්තේ හමුදාවේ කැපවීම සහ මහන්සිය ඇස් දෙකටම දැකපු නිසා වෙන්න ඇති.) මගේ බැගේජ් එකෙත් රෝදයක් කැඩුනා ඒ අය උස්සන්න යද්දී..:dull: කන්ටේනර් එකේ තට්ටුවේ හිටිය හමුදා සාමාජිකයා මගේ බැගේජ් එක බර ඇති කියලා හිතුවේ නෑ.. ඉතින් එයා ඒක උස්සද්දී එක පාරටම තට්ටුව උඩ ඉඳලා ආයේ පහළ තිබුණ මේසේ උඩටම ඇදගෙන වැටුණා..:shocked: උඩ ඉඳගෙනම "අයියෝ මචන්" කියලා කියද්දි මම හිනා වෙලා "කමක් නෑ.. මොනවා උනත් දැන් ඉතින් ලංකාවට ඇවිල්ලනේ.." කියලා කිව්වේ කැඩුනේ මගේ බැගේජ් එක උනත් අර හමුදා සාමාජිකයට ඒකේ අපහසුව දැනුනා කියලා මට තේරුණ නිසයි..:) බැගේජ් ටික කන්ටේනර් එකට භාර දුන්නට පස්සේ අපි බස්රථ වලට ගොඩ වුණා.. අවසාන මගියත් බස් රථයට ගොඩ වුණාට පස්සේ නැවත වතාවක් නම් ලැයිස්තුව පරීක්ෂා කරලා සියලුම මගීන් බස් රථ වලට ගොඩ වුනා කියලා තහවුරු කර ගත්තට පස්සේ තමයි හමුදා නිලධාරීන් පිටිම පස්සේ තිබුණ ඒ අයට වෙන් කරපු බස් රථයට ගොඩවුණේ..:yes: ඒ අයගේ වගකීම සහ ඒ අයගෙන් ලැබෙන ආරක්ෂාව ගැන ගතවුණ හැම විනාඩියකදිම අපේ හිත් වලට තදින්ම දැණුනා.. අපි ඒ ආරක්ෂාව කොයිතරම් විශ්වාස කළාද කියනවනම් ගුවන්තොටුපොළින් පිටත් වෙලා පැයක් විතර ගියාට පස්සෙයි අපි යන්නේ දියතලාව කඳවුරට කියලා දැන ගත්තේ..:baffled: කොහේ ගෙනිච්චත් අපි ඉන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාව යටතේ කියන හැඟිම ඇතුළෙම අපි ආරක්ෂා වෙලා හිටියා කිව්වත් නිවැරදියි..:yes: මොකද දියතලාවේ යනවා කියද්දී කන්ඳකාඩු කඳවුරට ගෙනියයි කියලා බලාපොරොත්තුවෙන් හිටිය අය පවා "කමක් නෑ කොහේ එක්කන් ගියත් අපි ඉන්නේ අපේ රට ඇතුළෙ අපේ හමුදාව එක්කනේ.." කියන වචන ටික මට කිහිප දෙනෙකුගෙන්ම ඇහුණා..:love: මැදපෙරදිග ගිණි කූඨක අව්ව එක්ක ඔට්ටු වුණ මට ලංකාවට පය තිබ්බ ගමන් දියතලාවේ එක්කන් යනවා කිව්වාම ගෙදර යනවට වැඩිය ලොකු සතුටක් දැණුනා..:love: කඳවුර කොයි වගේ එකක් උනත් මම ආස කරන කොල පාට පරිසරය, සීතල කඳුකර පාරවල් මට මැවිලා පෙනුනා..:) 30 වෙනිදා උදේ 6:30ට ඩුබායි කුළී රථයකින් ගුවන්තොටුපොළට ඇවිත්, එතන ඉඳලා ශ්‍රී ලංකන් එයා ලයින් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළට ගොඩබැහැලා, අධියර කීපයකට පස්සේ පෝලිම් කීපයක කාලේ ගත කරලා, ආයෙත් රාත්‍රී 11:00ට විතර ලේලන්ඩ් බස් එකකින් තවත් දිගු ගමණක් ආරම්භ කළා..:shocked: බස් රථයේ රියදුරාත් සම්පූර්ණ නිරෝධායන ඇඳුමකින් සැරසිලා රාජකාරියේ. එයාටත් සහයකයෙක් ලැබෙන්නේ නෑ.. සම්පූර්ණ ගමනම එයා තනියම ඉවර කරන්න ඕනේ කඳුකර පාරවල් වල මධ්‍යම රාත්‍රිය පූරාවට.. ඉදිරියෙන්ම මාර්ගයේ ප්‍රමුඛතාවය ලබා ගන්න නිල් රතු එළි විහිදවපු පොලිස් මෝටර් රථය. ඊලඟට ඩබල් සිග්නල් (Hazzard) දාපු හමුදාවේ කන්ටේනර් රථ දෙක.. ඊට පිටිපස්සෙන් ඩබල් සිග්නල් දාගෙන යන ලෙලන්ඩ් බස් රථ 5 සහ කුඩා ප්‍රමාණේ හමුදා බස් රථය.. පිටිම පස්සෙන් රතුපාට සංඥා එළි දල්වපු ගිලන් රථය..:shocked: වීශේෂ රථ පෙලක් විදිහට කටුනායක ගුවන්තොටුපොළින් පටන් ගත්තු ඒ ගමනෙ අවසානය උනු දියතලාව දක්වාම වාහන ගමන් කරපු පිළිවෙල පවා වෙනස් වුණේ නැත්තේ හමුදා අදීක්ෂණ කටයුතුවල පහසුවට වෙන්න ඇති..:oo: ගොඩක් අය කරන්නේ තමන්ට පැවරුණ රාජකාරියක් තමයි.. ඒත් ඒ අයට විශේෂයෙන් ඒ වගේ රාජකාරි පැවරුණේ අපි නිසා කියන එක අපි අමතක කරනවා හරිම ඉක්මනට..:( අනික මේ වෙලාවේ රාජකාරියක් කරනව කියන්නේ අවධානමක් ගන්නවා කියන එක..:baffled: ඉතින් ඒ අවධානමත් අපි නිසා ඇති උන අවධානමක්. ඒ නිසා වැටුපක් වෙනුවෙන් කරන රාජකාරියක් කියලා අතපිය දා ගන්නේ නැතුව අපිත් වගකීමක් ඇතුව අපිට ලැබෙන උපදෙස් නිවැරදිව පිළිපදින්නම ඕනේ අපි වෙනුවෙන් කැපවලා රාජකාරි කරන සියලුම දෙනාට නිසි ගෞරවය දෙන ගමන්....:yes: මහ රෑ නිසා පාර හරි හැටි නොපෙනුනත් බස් එකේ ලයිට් වල එලියෙන් පේන වටපිටාව බලාගන්න තිබුණු අසාව නිසාම පිටි පස්සට වෙන්න, ඉඳගෙන හිටිය මම සැරින් සැරේට හිටගෙනත් ආවා..:P හිතේ තිබුණ මානසික පීඩනය නිදහස් කර ගන්නත් එක්ක බස් එකේ ජනේලේ සම්පූර්ණෙන්ම ඇරලා දැම්මේ ඒ වෙලාවේ කඳුකරයට ඇද හැලුණු දැඩි වර්ෂාව පවා අමතක කරලා දාලා..:rolleyes: අවුරුදු ගාණක් කටුක රස්නෙක හිර වෙලා උන්නු මම ගහ කොල වලින් නහයට දැණුනු අමුතු සුවඳත් එක්ක ඇඟට දැණුන සීතල නිසා කඳුකරයට වශී වෙලා වගේ හිටියේ..:love: ජුනි මාසේ 30 වෙනිදා ඩුබායි වලින් උදේ 6:00ට විතර පටන් ගත්තු දීර්ඝ ගුවන් ගමන ජූලි මාසේ 1 වෙනිදා උදේ 4:00 ට විතර දියතලාවෙන් අවසන් වුණා.. පැය 5ක ගුවන් ගමනකට පස්සේ තවත් පැය කීපයක පරීක්ෂණ සහ පොලිම් වල කාලේ ගත කරලා ආයේ බස් එකක පැය 5ක විතර ගමනක් ආව නිසා මගීන් හැමෝම වගේ එළි වෙනකන් නිදා ගත්තා..:dull: මොකද්දෝ වාසනාවකට හෝ අවසනාවකට බස්වල නින්ද නොයන අසාමාන්‍ය පුරුද්ද නිසා කඩින් කඩ යාන්තමට ඇස් දෙක පිය වුණත් මම දිගටම ඇහරගෙන ආවා..:) ගැබිනි මව් වරුන් කීප දෙනෙක් සහ අලුත් උපන් ළදරුවන් එක්ක මවු වරුන් කීප දෙනෙක්ම බස් රථ වල ආව නිසා ඒ අයට දැනුනු එක එක අපහසුතා නිසා මාරුවෙන් මාරුවට ඒ අයව පිටිම පස්සෙන් ආව ගිලන් රථයටත් නැවත බස් රථයටත් මාරු කළා..:yes: යුධ හමුදා කන්ටේනර් රථ දෙකේ සහ බස් රථ වල රියදුරන් කිසිම විවේකයක් නැතුව තද වැස්සේ තනියම එක දිගට කඳුකරය දිගේ සීරුවට තමන්ගේ රථය දියතලාව කඳවුරට වෙනකන් අරන් ආවා..:baffled: ශ්‍රී ලංකා යුධ හමුදාව හැම තිස්සෙම ජාත්‍යන්තර නිරෝධායන නීතී රීති වලට අනුව කටයුතු කළ නිසා කිසිම මගියෙකුට රියදුරු සමග ගනුදෙනු කරන්න අවසර නෑ..:no: අඩුම ගානේ ඒ අයට තමන් ලඟ තියෙන බිස්කට් එකකින්වත් සංග්‍රහ කරන්න අවසර නෑ..:shocked: හමුදාව යටතේ දෙයක් කරනවනම් අනිවාර්යෙන් විනය කියන දේ අවශ්‍යයි.. ඒ විනය සහ නීති මාලාව අකුරටම ක්‍රියාත්මක වුණා ඒ ගමන පුරාවටම.. රාත්‍රිය පුරා අවධියෙන් උන්නු මට ඒ හැම දේම හොඳින් පෙනුනා..:yes: අදාළ නේවාසිකාගාර වලට යොමු කරන්න අවශ්‍ය මූලික වෙන් කිරීම් කර ගන්නකන් උදේ 4:30 වෙද්දී අපිව එළිමහනේ පෝලිම් ගැස්සුවා.. :eek:කාන්තාවන් වෙනම, පවුල් පිටින් ආව අය වෙනම (සැමියා, බිරිඳ,සහ ළමයින් එකට තියන්න ඒ අය උත්සහ කළා..) සහෝදරයින් සහ එකම රූම් එකේ ඉඳලා එකට ආව අයව මෙහේ ඇඳන් වලත් ලඟ ලඟම තියන්න ඒ අය කටයුතු කළා..:love: ගැබිනි මව්වරුන් වෙනමත් ඒ අයගේ සැමියා හෝ වෙනත් කෙනෙක් ලඟ ඉන්නවනම් ඔහු හෝ ඇයව ලඟින් තියන්නත් හමුදාවෙන් කටයුතු කළා.. ඒ කියන්නේ එහේ හිටිය විදිහටම මෙහෙත් තමන්ගේ සමීපතමයින් ලඟ ඉන්න ඒ අය අවස්ථාව දෙන්න උත්සහ කලා කියන එක..:) ඒක අපිටත් පහසුවක් වගේම හඳුනා ගැනීම් කටයුතු වලදී හමුදාවටත් පහසුවක්. එකම ප්‍රදේශයකින් එකට ආව පිරිස් ලඟ ලඟම ඉන්න එකෙන් යම්කිසි සෞඛ්‍ය ගැටළුවක් ඇති වුනොත් ඒ අයට තීරණ ගන්න ඒකත් පහසුවක්.. ඒ වගේම යුධ හමුදා වෛද්‍යවරයෙක් විසින් අපි මෙහේ හැසිරිය යුතු පිළිවෙල, හමුදාවේ කාර්‍ය්භාරය සහ වගකීම වගේම අපේ යුතුකම් කොටස ගැනත් හැඳින්වීමක් කළා..:yes: "රටට එල්ල වෙන ඕනෑම අභියෝගයක් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් කිසිම පැකිලීමකින් තොරව භාර ගන්නවා..:yes: ඒක ත්‍රස්තවාදී උවදුරක්ද, ස්වභාවික විපතක්ද, මොකක් හරි වර්ජනයක්ද, එහෙම නැත්තං මේ වගේ සෞඛ්‍යමය ගැටලුවක්ද කියන දේ අදාළ නෑ. භාර දුන්නු අභියෝගෙට මුහුණ දෙන එක තමයි අපේ රාජකාරිය..:shocked: ඉතින් අපිට දැන් භාර වෙලා තියෙන වගකීම පිට රටින් අපේ රටට ඇතුළු වෙන ඔයාලා වගේ අයට මේ වෛරසය ශරීරගත වෙලා තියෙනවනම් ඒක මේ කඳවුරෙන් එළියට යන්න නොදී, රට ඇතුළට පැතිරෙන්න ඉඩ නොදී කඳවුර ඇතුළේම ඔයාලගෙන් ඒ වෛරසය අයින් කරලා රටේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාවට ඔයාලගෙන් හානියක් නොවෙන විදිහට ඔයාලව නැවත සමාජගත කරන එක.. අපි තාම කියන්නේ නෑ ඔයාල රෝගින් කියලා..:) මොකද ඔයාල තාම එක පරීක්ෂණේකට විතරයි මුහුණ දීලා තියෙන්නේ.. ඒ නිසා ඔයාලව අපි රෝගීන් හැටියට සලකන්නේ නෑ.:love: ඒවුනාට ඔයාලගෙන් සාමාන්‍ය ජනාතවට අවධානමක් නෑ කියලා අපි කියන්නෙත් නෑ..:eek: ඒ නිසයි ඔයාලව සාමාන්‍ය ජනතාවගෙන් වෙන් කරලා ඒ වෙනුවට අපි ඔයාලව භාර ගත්තේ..:dull: ඉතින් අපි ඔයාලව මෙතන තියා ගන්නේ අන්තර්ජාතික නිරෝධායන නීතිරීති වලට අනූකූලව වගකීමක් ඇතුව. ඔයාලා මේ රටට ගොඩ බැහැපු වෙලාවේ ඉඳලම අපේ අය ඒ නීති රීති ආරක්ෂා කර ගන්න ඔයාලට වැඩිය වෙහෙසුනා.. ඔයාලගෙ ෆ්ලයිට් එක ඔයාලව ගන්න එන්න දින ගණනාවකට කලිනුයි අපි මේ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තේ.. ඒ නිසා මේ ඉන්න දින 14 අපි කියන විදිහට අපේ නීතී යටතේ සැහැල්ලුවෙන් ඉන්න කියලා ඔයාලා හැමෝනගෙන්ම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.. අපි දාල තියෙන නීති රකින්න අපහසු, එහෙම නැත්තන් ඔයාලව අපහසුතාවයට හෝ හිරිහැරයකට පත් වෙන ඒවා නෙවෙයි.. ඔයාලට තියෙන්නෙ නිවැරදි දුරස්ථභාවය ආරක්ෂා කරගෙන තම තමන්ගේ ඇඳවල් වලට වෙලා සැහැල්ලුවෙන් දවස ගෙවන එක.. නීති පිළිපදින එකෙන් වෙන්නේ ඕගොල්ලො අපිට සහය වෙනවා කියන එක වගේම ඔයාලගේ ආරක්ෂාවත් වැඩි වෙනවා කියන එක...:) විනාඩි 20ක විතර හැඳින්වීමකට පස්සේ අපි වෙනුවෙන් වෙන්වුණ කාමර සහ ඇඳන් කරා යොමු කෙරුණා.. ශ්‍රී ලංකා යුධ හමුදාව හෙවත් මනුෂ්‍යත්වයේ හමුදාව යටතේ ලැබුණු සත්කාර සමග යළි හමුවෙන තුරු...:love:[/SIZE][/CENTER] [SIZE=5][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom