Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට වහන්න පෙර - නලින් ද සිල්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට වහන්න පෙර - නලින් ද සිල්වා

රට වහන්න ඕන කියන කතාව අද රට පුරා පැතිරිලා. මේ කතාව ගෙනි යන්න මධ්‍යම පංතියකුත් රටේ ඉන්නවා. නිිදහස් අධ්‍යාපනයෙන් ප්‍රසාරණය වූ මේ මධ්‍යම පංතියට එතරම් විචාරයක් නැහැ. ඔවුන් බොහෝ විට බලන්නේ රටෙන් තමන්ට විය යුතු දේ මිසක් තමන්ගෙන් රටට විය යුතු දේ නො වෙයි. ඒත් ඔවුන්ට රටේ විශාල බලයක් තියෙනවා. මේ මධ්‍යම පංතියට බටහිර වෙද මහත්තුරු බටහිර වෙද හාමිනේලා වගේ ම බටහිර වෛද්‍ය ක්ෂෙත්රයේ ඒ ඒ රාජකාරි කරන අය, ගුරුබොරුවන් ආදීන් ඇතුළත් වෙනවා.

රට වහන්න ඉස්සෙල්ල අපි කල්පනාකාරී වෙන්න ඕන. මේ ඉල්ලීම පටන් ගත්තෙ කවුද? ඒක පිටිපස්සෙ ඉන්නෙ කවුද? මා නම් සඳහන් කරන්නේ නැහැ. ඒත් මේ රට වහන කතාව හා සම්බන්ධ ප්‍රධාන පුද්ගලයකු වන්නේ දෙමළ ජාතිවාදිියෙක්. ඔහු ජනවාර්ගික ව දෙමළ ද නැද්ද කියන ප්රශ්නය නොවෙයි මෙහි තියෙන්නෙ. ඔහු පසුගිය එල් ටී ටී ඊ ත්‍රස්තවාදය සමයේ කළ කී දේ. ඔහු රසායන විද්‍යාව දන්නවා ඇති. බ්‍රවුනිං ඇන්ඩ් ජෝසෆ් කියවා ඇති. ඒත් කනින්හම් කියවා නැතිව ඇති. කනින්හම් කියෙව්වත් මේ ප්රශ්නයේ දී ඒ වැදගත් වන්නේ නැහැ. මා නම් එකක්වත් කියවල නැහැ.

පසුගිය ගුරුබොරුවන්ගේ වර්ජනයත් මෙහෙය වූයේ සිංහල බෞද්ධ විරෝධීන්. සෙඩෙක් ආයතනයෙන් අහන්න. මොවුන් සමග පෙළ ගැහිලා ඉන්නෙ ජ වි පෙ හා කෙකරගාමීන්. අර පසුගිය දා මැස්සන් මැරෙන එකක් ගැන ළතෝනි දුන්නෙ අන්තරේ හිටපු කැඳවුම්කරුවෙක්. මේ අයගෙ ඉතිහාසය අප නොදන්නවා නො වෙයි. මේ සියල්ලන් සමග සමගි ජන බලවේගය ඉන්නවා ආණ්ඩු බලය ගන්න පුළුවන් කියල හිතමින්.

රට වහන්න කියන කතාව පිටුපස ඉන්න අයට අවශ්‍ය රටේ ආර්ථිකය කඩාකප්පල් කරල ආණ්ඩුව පළවා හැරීම පමණයි. ආණ්ඩුවේ පක්ෂ දහයකුත් කියනවා රට වහන්න කියල. ඔවුන්ගෙනුත් කිහිප දෙනකුට තියෙනවා 2024 තමන්ගේ ම වූ න්‍යාය පත්‍ර. ඒත් බහුතරයක් ඉල්ලා සිටින්නෙ ඔවුන් හිතන විධියට රට වහන එක අවශ්‍ය කියල හිතා ගෙන.

අද ආණ්ඩුවට බදු ඕන. විදේශ විනිමය ලබා ගැනීමත් අතිශයින් දුෂ්කරයි. කොවිඩ් ලංකාණ්ඩුව විසින් ඇති කරන ලද ප්‍රශ්නයක් නො වෙයි. අර අදක්ෂ පාලකයා රනිල් ඩොලර් ට්‍රිලියනයක් විතර ඉතුරු කරල ගියා නම් ටික කාලෙකට රට වහන්න තිබුණා. ඒත් ඔහු හා සජිත් ඉතිරි කරල ගිහින් තියෙන්නෙ ඩොලර් සොච්චමක් පමණයි. රට වහන එක ගැන රටේ පැත්තනුත් ජනතාවගේ පැත්තෙනුත් හිතන්න ඕන.

ආණ්ඩුවට අද ඩොලර් ඕන. එන්නතත් අපට නිකම් හම්බ වෙන්නෙ නැහැ. ඒ සඳහාත් විදේශ විනිමය ඕන. ඉන්ධන ගෙන්නන්නත් ඕන. දුප්පත් ජනයාට කෙසේ වෙතත් මධ්‍යම පංතියට අවශ්‍ය නොයෙකුත් භාණ්ඩ ගෙන්නන්නත් විනිමය ඕන. ඒ අතර පරිප්පු ටිකේ ඉඳන් අද අපට නැතිව ම බැරි ආහාර ගෙන්නන්නත් විදේශ විනිමය ඕන. අද විදේශ විනිමය උපයා ගන්න තියෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ භාණ්ඩ යම් ප්‍රමාණයක් හරි අපනයනය කිරීම. රට වැහුවොත් ඒ උපයා ගන්න ටිකත් නැති වේවි.

හැත්තෑවෙ දශකයෙ ආර්ථික අර්බුදය කාලෙ මිනිසුන් වගාවට පුරුදු වුණා. මට මතකයි පේරාදෙණියෙ ඉංජිනේරු පීඨය ඉදිරිපිටත් කුඹුරක් කළා. අද කිසිවකු වගාවක් ගැන කතා කරන්නෙ නැහැ. ආණ්ඩුව හැම දෙයක් ම ගෙනත් දෙනකන් බලන් ඉන්නවා. දැන්වත් පුළුවන් විධියට වගාවට බහිමු ද? අපොයි කෘෂිකර්ම උපදේශකයන් නම් අවශ්‍ය නැහැ. ඔවුන් දන්නේ බටහිර කෘෂිකර්මය. අපට ඕන ගොවිතැන.

රටේ පැත්තෙන් ගත්ත ම රෝගයට ප්‍රතිකාරයක් බටහිර වෙදකමේ නැති වුවත් දේශීය වෙදකමේ තියෙනවා. ඒ හරි ද බලන්න බටහිර පරීක්ෂා අවශ්‍ය නැහැ. ඒ දේශීය වෙදකමෙන් රෝගීන් සනීප වෙලා තියෙනවා නම් ඊට වඩා මොන පරීක්ෂණ ද? ආණ්ඩුව මෙයට වඩා දේශීය වෙදකමට තැන දෙන්න ඕන. පැණියට හිනා වුණාට අද තවත් පැණි සහ වෙනත් ප්‍රතිකාර තියෙනවා. ඒවා තොග වශයෙන් නිෂ්පාදනය කිරීමට ආණ්ඩුව ආධාර කරන්න ඕන. ඒ සඳහාත් ආණ්ඩුවට මුදල් අවශ්‍ය බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.

එන්නත කරගෙන යන්න. රට වැහුවොත් එන්නත දීම පිළිබඳ ප්‍රශ්නත් එන්න පුළුවන්. ඒ කුමක් වුවත් එන්නත ගැන පමණක් ම විශ්වාසය තියන්න එපා. ඩෙල්ටා විකෘතිය (ප්‍රභේදය) සමග සෙල්ලම් කරන්න බැහැ. අප වෛරසය ගැන පරෙස්සම් වෙන්න ඕන. ඒ සඳහා කවුරුත් කියන අත් සේදීම මුව ආවරණ පැළඳීම ආදිය කරන්න ඕන. ඒත් අප ආධ්‍යාත්මිකවත් පිරිසිදු වෙන්න ඕන. විසාලා මහනුවර දී බුදුහාමුදුුරුවන් කෙළේ පිරිත් දේශනා කිරීම. අද අපට පිරිත් ඇහෙනවා ද? රූපවාහිනියේ පිරිත් අහගෙන ඉන්නවා ද? හාමුදුරුවරුන්ගෙන් අප බැගෑපත් ව ඉල්ලනවා ආධ්‍යාත්මික පිරිසිදු බවත් ඇති කර ගන්න පින්කම් යෝජනා කරන්න කියා.

අද ඇත්තේ ඊනියා වෛද්‍ය විශේෂඥයන්ගේ ප්‍රශ්නයක් නො වෙයි. මුළු ලොව ම අද ආධ්‍යාත්මික ව පිරිහිලා. අමනුෂ්‍ය බලවේග අද ලෝකයේ බලවත්. කොහොමටත් බටහිර වෙද මහතුන්ට එන්නත හා සංඛ්‍යාන පමණයි තියෙන්නෙ. අපි ලෝකයට ආදර්ශයක් වෙමු. කඩා වැටෙන බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් අද අප යොමු කෙරී ඇත්තේ පන්සිල් කඩන තැනකට. සත්ව ඝාතන හොරකම්, කාමුක අපරාධ, මුසාවාද, මත්පැන් මත්ද්‍රව්‍යවලින් පිරි ලෝකයක අප ජීවත් වන්නේ. මේ ලෝකයට කොවිඩ් නාව නම් තමයි පුදුම වෙන්න ඕන.

පැරණි සිංහලයන් ටිකක් මුසාවාද කිව්වා. ඒත් කිසිවකු අමාරුවේ දාන්න නො වෙයි. අද වගේ චිකන් කෑවේ නැහැ. හොරකම් කෙළේ නැහැ. පිරිමි තම කාමුක අවශ්‍යතා පිරිමහා ගන්න පාවිච්චි කරන කාම භාණ්ඩ හැටියට ස්ත්‍රීන් සැලකුවේත් නැහැ. සුරනිමල රා ටිකක් බොන්න ඇති. ඒත් අද වගේ කට ගොන්නක් බී ගත්ත අය රටේ හිටියෙ නැහැ. අද ඇත්තේ බටහිිරින් පුරුදු වෙච්ච, පුරුදු කළ දේ. අනේ හාමුදුරුවනේ ජනතාවට අත් හෝදන එකට අමතර ව හිත් හෝදන්නත් ආධාර කරන්න.

ජනතාවගේ පැත්තෙන් බැලුව ම එදිනෙදා යමක් හම්බ කරන අයට රට වැහුව ම ප්‍රශ්න ඇති වෙනවා. ඔවුන්ට සහන මලු දෙන එක ප්‍රායෝගික නැහැ. සහන මල්ලටත් ආණ්ඩුවට කීයක් හරි යනවා. ඒ මදිවාට නැති අයට නොලැබී ඇති අයට සහන මලු ලැබෙන්න පුළුවන්. ඒ අප පන්සිල් නොරකින නිසා. කොහොමටත් ආණ්ඩුවට බදු මුදල් එකතු නූණොත් රජයේ සේවකයන්ට පඩි ගෙවන්න බැරි වේවි. අර රට වහන්න බෙරිහන් දෙන උදවිය එතකොට වර්ජන රැල්ලක් ඇති කරල විද්‍යාත්මක ව ආණ්ඩුව පෙරළන්න බලන් ඉන්නවා ද?

දැන් හැම දෙයක් ම කෙරෙන්නෙ විද්‍යාත්මක ව නොව. රතන හාමුදුරුවො විද්‍යාත්මක ව අමාත්‍ය මණ්ඩල හදනකම් බලන් ඉන්නවා. විද්‍යාත්මක ව හැදුවෙත් උන්වහන්සේට ඇමතිකමක් ලැබේවි ද? මේ අය නිවුටන් වැඩ කළ හැටි දන්නෙ නැහැ. රොබට් හුක් හිටිය නම් අහගන්න තිබුණා. සමහරුන් කියන විධියට හුක් තමයි ලෝකයේ ජීවත් වූ ප්‍රධාන ම කතා (ප්‍රවාද) නිර්මාණ කරුවා. ඔව්, ඔහු තමයි අර විද්‍යා සිසුන් පොඩි කාලෙ ඉගෙන ගන්න හුක් නියමය සංස්කරණය කළෙ. බටහිර වෙද මහත්තුරු හා වෙද හාමිනේලාත් හුක් නියමය දන්නවා.

ඉන්දියාව ගැන පහුගිය දවස්වල කතා වුණා. දැන් ඉන්දියාවෙ තත්වය හොඳ ද? ඉන්දියාව සති කීයක් රට ම වහලා තිබුණ ද? ඕස්ත්‍රේලියාව වගේ රටවල් වුණත් සම්පූර්ණයෙන් ම රට වහනවා ද? ඔය දැන උගත් මාධ්‍යවේදීන් ඒ ගැන හොයල බලනවා ද? විද්‍යාත්මක ව වුණත් කමක් නැහැ. ඒත් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියන සූත්‍රය නම් හරියන එකක් නැහැ.

රට වහනවට වැඩිය සංචරණ නීති හැකිතාක් දැඩි කරන එක හොඳය කියා හිතෙනවා. ඒ මහනුවර හා ගැටඹේ අවට පමණක් අත්හැරල රටේ ඉතිරි පළාත්වල ඉරිදා සිට ම ක්‍රියාත්මක කරන්න පුළුවන්. මහනුවර හා ගැටඹේ අවට දවල් පෙරහැර අවසන දිය කපල නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. දිය කපල පවු කපල දාන්නත් වැඩ කරමු.

[QUOTE="elajani, post: 26778969, member: 576186"] රට වහන්න පෙර - නලින් ද සිල්වා රට වහන්න ඕන කියන කතාව අද රට පුරා පැතිරිලා. මේ කතාව ගෙනි යන්න මධ්‍යම පංතියකුත් රටේ ඉන්නවා. නිිදහස් අධ්‍යාපනයෙන් ප්‍රසාරණය වූ මේ මධ්‍යම පංතියට එතරම් විචාරයක් නැහැ. ඔවුන් බොහෝ විට බලන්නේ රටෙන් තමන්ට විය යුතු දේ මිසක් තමන්ගෙන් රටට විය යුතු දේ නො වෙයි. ඒත් ඔවුන්ට රටේ විශාල බලයක් තියෙනවා. මේ මධ්‍යම පංතියට බටහිර වෙද මහත්තුරු බටහිර වෙද හාමිනේලා වගේ ම බටහිර වෛද්‍ය ක්ෂෙත්රයේ ඒ ඒ රාජකාරි කරන අය, ගුරුබොරුවන් ආදීන් ඇතුළත් වෙනවා. රට වහන්න ඉස්සෙල්ල අපි කල්පනාකාරී වෙන්න ඕන. මේ ඉල්ලීම පටන් ගත්තෙ කවුද? ඒක පිටිපස්සෙ ඉන්නෙ කවුද? මා නම් සඳහන් කරන්නේ නැහැ. ඒත් මේ රට වහන කතාව හා සම්බන්ධ ප්‍රධාන පුද්ගලයකු වන්නේ දෙමළ ජාතිවාදිියෙක්. ඔහු ජනවාර්ගික ව දෙමළ ද නැද්ද කියන ප්රශ්නය නොවෙයි මෙහි තියෙන්නෙ. ඔහු පසුගිය එල් ටී ටී ඊ ත්‍රස්තවාදය සමයේ කළ කී දේ. ඔහු රසායන විද්‍යාව දන්නවා ඇති. බ්‍රවුනිං ඇන්ඩ් ජෝසෆ් කියවා ඇති. ඒත් කනින්හම් කියවා නැතිව ඇති. කනින්හම් කියෙව්වත් මේ ප්රශ්නයේ දී ඒ වැදගත් වන්නේ නැහැ. මා නම් එකක්වත් කියවල නැහැ. පසුගිය ගුරුබොරුවන්ගේ වර්ජනයත් මෙහෙය වූයේ සිංහල බෞද්ධ විරෝධීන්. සෙඩෙක් ආයතනයෙන් අහන්න. මොවුන් සමග පෙළ ගැහිලා ඉන්නෙ ජ වි පෙ හා කෙකරගාමීන්. අර පසුගිය දා මැස්සන් මැරෙන එකක් ගැන ළතෝනි දුන්නෙ අන්තරේ හිටපු කැඳවුම්කරුවෙක්. මේ අයගෙ ඉතිහාසය අප නොදන්නවා නො වෙයි. මේ සියල්ලන් සමග සමගි ජන බලවේගය ඉන්නවා ආණ්ඩු බලය ගන්න පුළුවන් කියල හිතමින්. රට වහන්න කියන කතාව පිටුපස ඉන්න අයට අවශ්‍ය රටේ ආර්ථිකය කඩාකප්පල් කරල ආණ්ඩුව පළවා හැරීම පමණයි. ආණ්ඩුවේ පක්ෂ දහයකුත් කියනවා රට වහන්න කියල. ඔවුන්ගෙනුත් කිහිප දෙනකුට තියෙනවා 2024 තමන්ගේ ම වූ න්‍යාය පත්‍ර. ඒත් බහුතරයක් ඉල්ලා සිටින්නෙ ඔවුන් හිතන විධියට රට වහන එක අවශ්‍ය කියල හිතා ගෙන. අද ආණ්ඩුවට බදු ඕන. විදේශ විනිමය ලබා ගැනීමත් අතිශයින් දුෂ්කරයි. කොවිඩ් ලංකාණ්ඩුව විසින් ඇති කරන ලද ප්‍රශ්නයක් නො වෙයි. අර අදක්ෂ පාලකයා රනිල් ඩොලර් ට්‍රිලියනයක් විතර ඉතුරු කරල ගියා නම් ටික කාලෙකට රට වහන්න තිබුණා. ඒත් ඔහු හා සජිත් ඉතිරි කරල ගිහින් තියෙන්නෙ ඩොලර් සොච්චමක් පමණයි. රට වහන එක ගැන රටේ පැත්තනුත් ජනතාවගේ පැත්තෙනුත් හිතන්න ඕන. ආණ්ඩුවට අද ඩොලර් ඕන. එන්නතත් අපට නිකම් හම්බ වෙන්නෙ නැහැ. ඒ සඳහාත් විදේශ විනිමය ඕන. ඉන්ධන ගෙන්නන්නත් ඕන. දුප්පත් ජනයාට කෙසේ වෙතත් මධ්‍යම පංතියට අවශ්‍ය නොයෙකුත් භාණ්ඩ ගෙන්නන්නත් විනිමය ඕන. ඒ අතර පරිප්පු ටිකේ ඉඳන් අද අපට නැතිව ම බැරි ආහාර ගෙන්නන්නත් විදේශ විනිමය ඕන. අද විදේශ විනිමය උපයා ගන්න තියෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ භාණ්ඩ යම් ප්‍රමාණයක් හරි අපනයනය කිරීම. රට වැහුවොත් ඒ උපයා ගන්න ටිකත් නැති වේවි. හැත්තෑවෙ දශකයෙ ආර්ථික අර්බුදය කාලෙ මිනිසුන් වගාවට පුරුදු වුණා. මට මතකයි පේරාදෙණියෙ ඉංජිනේරු පීඨය ඉදිරිපිටත් කුඹුරක් කළා. අද කිසිවකු වගාවක් ගැන කතා කරන්නෙ නැහැ. ආණ්ඩුව හැම දෙයක් ම ගෙනත් දෙනකන් බලන් ඉන්නවා. දැන්වත් පුළුවන් විධියට වගාවට බහිමු ද? අපොයි කෘෂිකර්ම උපදේශකයන් නම් අවශ්‍ය නැහැ. ඔවුන් දන්නේ බටහිර කෘෂිකර්මය. අපට ඕන ගොවිතැන. රටේ පැත්තෙන් ගත්ත ම රෝගයට ප්‍රතිකාරයක් බටහිර වෙදකමේ නැති වුවත් දේශීය වෙදකමේ තියෙනවා. ඒ හරි ද බලන්න බටහිර පරීක්ෂා අවශ්‍ය නැහැ. ඒ දේශීය වෙදකමෙන් රෝගීන් සනීප වෙලා තියෙනවා නම් ඊට වඩා මොන පරීක්ෂණ ද? ආණ්ඩුව මෙයට වඩා දේශීය වෙදකමට තැන දෙන්න ඕන. පැණියට හිනා වුණාට අද තවත් පැණි සහ වෙනත් ප්‍රතිකාර තියෙනවා. ඒවා තොග වශයෙන් නිෂ්පාදනය කිරීමට ආණ්ඩුව ආධාර කරන්න ඕන. ඒ සඳහාත් ආණ්ඩුවට මුදල් අවශ්‍ය බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. එන්නත කරගෙන යන්න. රට වැහුවොත් එන්නත දීම පිළිබඳ ප්‍රශ්නත් එන්න පුළුවන්. ඒ කුමක් වුවත් එන්නත ගැන පමණක් ම විශ්වාසය තියන්න එපා. ඩෙල්ටා විකෘතිය (ප්‍රභේදය) සමග සෙල්ලම් කරන්න බැහැ. අප වෛරසය ගැන පරෙස්සම් වෙන්න ඕන. ඒ සඳහා කවුරුත් කියන අත් සේදීම මුව ආවරණ පැළඳීම ආදිය කරන්න ඕන. ඒත් අප ආධ්‍යාත්මිකවත් පිරිසිදු වෙන්න ඕන. විසාලා මහනුවර දී බුදුහාමුදුුරුවන් කෙළේ පිරිත් දේශනා කිරීම. අද අපට පිරිත් ඇහෙනවා ද? රූපවාහිනියේ පිරිත් අහගෙන ඉන්නවා ද? හාමුදුරුවරුන්ගෙන් අප බැගෑපත් ව ඉල්ලනවා ආධ්‍යාත්මික පිරිසිදු බවත් ඇති කර ගන්න පින්කම් යෝජනා කරන්න කියා. අද ඇත්තේ ඊනියා වෛද්‍ය විශේෂඥයන්ගේ ප්‍රශ්නයක් නො වෙයි. මුළු ලොව ම අද ආධ්‍යාත්මික ව පිරිහිලා. අමනුෂ්‍ය බලවේග අද ලෝකයේ බලවත්. කොහොමටත් බටහිර වෙද මහතුන්ට එන්නත හා සංඛ්‍යාන පමණයි තියෙන්නෙ. අපි ලෝකයට ආදර්ශයක් වෙමු. කඩා වැටෙන බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් අද අප යොමු කෙරී ඇත්තේ පන්සිල් කඩන තැනකට. සත්ව ඝාතන හොරකම්, කාමුක අපරාධ, මුසාවාද, මත්පැන් මත්ද්‍රව්‍යවලින් පිරි ලෝකයක අප ජීවත් වන්නේ. මේ ලෝකයට කොවිඩ් නාව නම් තමයි පුදුම වෙන්න ඕන. පැරණි සිංහලයන් ටිකක් මුසාවාද කිව්වා. ඒත් කිසිවකු අමාරුවේ දාන්න නො වෙයි. අද වගේ චිකන් කෑවේ නැහැ. හොරකම් කෙළේ නැහැ. පිරිමි තම කාමුක අවශ්‍යතා පිරිමහා ගන්න පාවිච්චි කරන කාම භාණ්ඩ හැටියට ස්ත්‍රීන් සැලකුවේත් නැහැ. සුරනිමල රා ටිකක් බොන්න ඇති. ඒත් අද වගේ කට ගොන්නක් බී ගත්ත අය රටේ හිටියෙ නැහැ. අද ඇත්තේ බටහිිරින් පුරුදු වෙච්ච, පුරුදු කළ දේ. අනේ හාමුදුරුවනේ ජනතාවට අත් හෝදන එකට අමතර ව හිත් හෝදන්නත් ආධාර කරන්න. ජනතාවගේ පැත්තෙන් බැලුව ම එදිනෙදා යමක් හම්බ කරන අයට රට වැහුව ම ප්‍රශ්න ඇති වෙනවා. ඔවුන්ට සහන මලු දෙන එක ප්‍රායෝගික නැහැ. සහන මල්ලටත් ආණ්ඩුවට කීයක් හරි යනවා. ඒ මදිවාට නැති අයට නොලැබී ඇති අයට සහන මලු ලැබෙන්න පුළුවන්. ඒ අප පන්සිල් නොරකින නිසා. කොහොමටත් ආණ්ඩුවට බදු මුදල් එකතු නූණොත් රජයේ සේවකයන්ට පඩි ගෙවන්න බැරි වේවි. අර රට වහන්න බෙරිහන් දෙන උදවිය එතකොට වර්ජන රැල්ලක් ඇති කරල විද්‍යාත්මක ව ආණ්ඩුව පෙරළන්න බලන් ඉන්නවා ද? දැන් හැම දෙයක් ම කෙරෙන්නෙ විද්‍යාත්මක ව නොව. රතන හාමුදුරුවො විද්‍යාත්මක ව අමාත්‍ය මණ්ඩල හදනකම් බලන් ඉන්නවා. විද්‍යාත්මක ව හැදුවෙත් උන්වහන්සේට ඇමතිකමක් ලැබේවි ද? මේ අය නිවුටන් වැඩ කළ හැටි දන්නෙ නැහැ. රොබට් හුක් හිටිය නම් අහගන්න තිබුණා. සමහරුන් කියන විධියට හුක් තමයි ලෝකයේ ජීවත් වූ ප්‍රධාන ම කතා (ප්‍රවාද) නිර්මාණ කරුවා. ඔව්, ඔහු තමයි අර විද්‍යා සිසුන් පොඩි කාලෙ ඉගෙන ගන්න හුක් නියමය සංස්කරණය කළෙ. බටහිර වෙද මහත්තුරු හා වෙද හාමිනේලාත් හුක් නියමය දන්නවා. ඉන්දියාව ගැන පහුගිය දවස්වල කතා වුණා. දැන් ඉන්දියාවෙ තත්වය හොඳ ද? ඉන්දියාව සති කීයක් රට ම වහලා තිබුණ ද? ඕස්ත්‍රේලියාව වගේ රටවල් වුණත් සම්පූර්ණයෙන් ම රට වහනවා ද? ඔය දැන උගත් මාධ්‍යවේදීන් ඒ ගැන හොයල බලනවා ද? විද්‍යාත්මක ව වුණත් කමක් නැහැ. ඒත් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියන සූත්‍රය නම් හරියන එකක් නැහැ. රට වහනවට වැඩිය සංචරණ නීති හැකිතාක් දැඩි කරන එක හොඳය කියා හිතෙනවා. ඒ මහනුවර හා ගැටඹේ අවට පමණක් අත්හැරල රටේ ඉතිරි පළාත්වල ඉරිදා සිට ම ක්‍රියාත්මක කරන්න පුළුවන්. මහනුවර හා ගැටඹේ අවට දවල් පෙරහැර අවසන දිය කපල නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. දිය කපල පවු කපල දාන්නත් වැඩ කරමු. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom