Bahubuthayo Karaliyata Awith (බහුබූතයෝ කරලියට ඇවිත්) පද රචනය: සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ගී තණුව/සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ගායනය: ආචාර්ය නන්දා මාලිනී මහත්මිය සoගීත සoයෝජනය: සුගත් හෙට්ටිආරච්චි රූපරචනය: උපාලි ආරියසිරි
බහුබූතයෝ කරලියට ඇවිත් - ඔහෙ කලින් කලට බඩ පිනුම් ගසත් කටින් කෙබර ඇද හැලෙන කොටත් තව ඔල්වරසන් දෙනවානෙ අපිත් // පාට පාට සාටක පළඳං - රට හතරවටේ ගොස් වැඳ වැටෙමින් රාජ සභාවට පාර කපං - අර දිවිය රතෙන් යන හැටි බලපං දැකල නැතත් මුං සකස් කඩේ - එලු පාලි සඟිස්කෘත කටින් වැටේ රට විකුණං කන අතර තුරේ - දෙස බස රැස ගැනමයි කරච්චලේ උඩුපිල යටිපිල දෙකට බෙදී මුං අංකෙළියට ආවත් පේවී එකම පිලයි බැලුවම ඇහැරී - අං තට්ටුව අපෙ ඔලුවටමයි හරී බහුබූතයෝ කරලියට ඇවිත් ...