Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රණමඟ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රණමඟ ඔස්සේ නන්දිකඩාල් - විස්තීර්ණයක්

මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ රණමඟ ඔස්සේ නන්දිකඩාල් ග්‍රන්ථය තිස් වසරක යුද්ධය පුරා සිදුවූ ඉතිහාසයෙන් සැඟවී ගිය වීර ධීර ක්‍රියා මෙන්ම පාවා දීම් , බියසුළු ක්‍රියා, යුද්දයෙන් ගසාගෙන කෑම , ආත්මාර්ථය මුල් කරගෙන සිදු කල පහත් ක්‍රියා යනාදී සියල්ලක්ම යම් මට්ටමකට හෙළි කරනු ලබයි. එම නිසා මෙම ග්‍රන්ථය ඇස් ඇරවන්නක් ලෙස නම් කලාට වරදක් නැත.

මේ මහා යුද්දයේ සිදුවූයේ කුමක්ද කියා දැන ගැනීමට රට වෙනුවෙන් යුදට යාමට තම දරුවන් හමුදාවට දුන් දෙමාපියන්ටද යුද්දය වෙනුවෙන් බදු ගෙවූ රටවැසියන්ටද අයිතියක් තිබේ. එම නිසා කාලාන්තරයක් පුරා ලංකාවේ ජනමාධ්‍ය විසින් යුද්දය ගැන ගොතා කියූ බොරු මෙන්ම ව්‍යාජ වීර සළු පොරවාගෙන සිටි උදවියගේ නිරුවතද මේ ග්‍රන්ථය නිසා හෙළි වෙමින් පවතී.

ඉතා දරුණු මෙන්ම සැහැසි ත්‍රස්තවාදී සංවිධානයක් වූ ප්රභාකරන් ගේ එල් ටී ටී ඊ සංවිධානය පරාජය කරනු ලැබුවේ ගම් වලින් පැමිණි දුප්පත් කොල්ලන් විසිනි. මේ සඳහා අතලොස්සක් වූ නිර්භීත සහ යුද කලාවේ නිපුණ වූ නිලධාරීන් පිරිසක් සංග්‍රාමයට නායකත්වය දුන්හ. මෙය ඊලාම් යුද්දයේ සත්‍ය කතාවයි. අනාගත පරපුර විසින් දැනගත යුත්තේද මෙම සත්‍යයයි.

එහෙත් මෙම ජයග්‍රහණය ලබා දුන් විරුවන් ලේ දහඩිය වගුරද්දී වන්නියේ කැලෑ වල ඔවුන් ගේ ප්‍රාණයන් නිරුද්ධ වෙද්දී ආත්මාර්ථකාමී මෙන්ම බියගුළු නරුමයන් කටින් යුද්ද කරමින් මේ විරුවන් ගේ කකුල් වලින් ඇද්දහ. එසේම නියමිත වේලාවට අතිරේක හමුදා මෙන්ම උණ්ඩ ලබා නොදුන්හ නැතහොත් ප්‍රමාද කළහ . සෙබළුන්ව රවටා ඔවුන්ව මරුවාගේ කටට යවනු ලැබීය. සමහරක් බියගුළු නිලධාරීන් සොල්දාදුවන් යුද්දයේ තනි කොට තමන් ගේ පණ පමනක් බේරාගනිමින් පළා ගියහ. ඇතැම් නරුමයන් විසින් සොල්දාදුවාට යුද හමුදාව වහක් කොට ඔවුන්ට ඇබ්සන්ට් වීමට කටයුතු සැලසූහ. යුනිෆෝම් ඇඳි හොරුන් සෙබළුන් ගේ රැෂන් වලින් පවා ගසා කෑහ. නිල ඇඳුම් ඇඳි ඇතැම් අපගාමිකයන් සෙබලියන් ලිංගික වහලියන් මෙන් යොදා ගත්හ. සමහරක් තරුණ භටයන් ලිංගික ක්‍රියා සඳහා බලහත්කාරයෙන් යොදා ගනු ලැබීය. මේ ඊලාම් යුද්දයේ සඟවාගෙන තබාගත් අශෝභන පාර්ශවයයි. මෙම පහත් ක්‍රියා යම් ප්‍රමාණයකට එළිදරවු කිරීමට මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් යම් උත්සහයක් ගෙන තිබේ. එය වර්ණනීය ක්‍රියාවක් ලෙස මම දකිමි.

ඊලාම් යුද්දයට මුහුණ දුන් සොල්දාදුවන් ගේ මානසික සෞඛ්‍යය නගා සිටුවමින් ඔවුන්ට උපදේශනයෙන් සහ මනෝ ප්‍රතිකාරයෙන් සහය වීමට හැකිවීම ජීවිතයේ මා ලද එක් භාග්‍යකි. මේ කාලය තුලදී මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් හෙළි කරන ධීර වීර ක්‍රියා මෙන්ම පහත් නරුම ක්‍රියා මම සියැසින් දුටුවෙමි නැතහොත් විශ්වාස කළ හැකි මූලාශ්රයන් මගින් ඇසුවෙමි. මේවා අප රට ජනතාව විසින් දැනගත යුතු සත්‍යන් වෙති.

මගේ අත්දැකීම් අනුව යුද හමුදා වෛද්‍ය බළකායේ සේවය කළ වෛද්‍යවරුන් ගෙන් අති බහුතරය ඉතා කැපවීමෙන් අවංකව සේවය කලහ. මේ අතර ප්‍රී ඉන්ටන්වරු ලෙස හඳුන්වන ලද විදේශ වෛද්‍ය පීඨ වලින් උපාධි ලත් නවක වෛද්‍යවරු රැසක් ද වූහ. මොවුන් ද කැපවීමෙන් රාජකාරි කල අතර සමහරක් දිවි පරදුවට තබා ක්‍රියාන්විත ප්‍රදේශ වලටද ගියහ. එහෙත් ක්‍රියාන්විතයේදී මේ ප්‍රී ඉන්ටන්වරයෙක් මිය ගියේ නම් ඔවුනට කිසිදු දීමනාවක් නොලැබීමේ සම්භාවිතාව ඉහල විය. එහෙත් අපගේ වෛද්‍ය සේවාවන් විසින් මේ විදේශ උපාධිධාරී ප්‍රී ඉන්ටර්න්වරුන් ගේ සේවාවාවන් යුද කාලයේදීවත් ඉන් පසුවත් අගය කිරීමක් කලේ නැත. මේ කාලය පුරා ඔවුන්ට බොහෝ විට සලකන ලද්දේ හරිජනයන්ට මෙනි. සමහර විට නිලධාරී නිවස්න වලදී පවා මොවුන්ට වෙනස්කම් කරනු ලැබීය.

යුද හමුදා වෛද්‍ය බළකායේ සේවය කළ වෛද්‍යවරුන් ගෙන් අති බහුතරය ඉතා කැපවීමෙන් අවංකව සේවය කල නමුදු මේ කිරි කළයට ගොම දැමූ කසඩයන් කිහිප දෙනෙකු ගැන යම් ප්‍රමානයකට හෙලිදරව්වක් කල යුතුය. මින් නිල ඇඳුම් ඇඳි එක් වෛද්‍යවරයෙක් එක්තරා බළකායක අණදෙන නිලධාරියෙකු වූවද ඔහු හමුදාවේ ගොඩනැගිලි උපාංග සොරකම් කිරීමක් සඳහා චාජ් එකේ ගිය අයෙකු වීය. මොහු බලගතු ඉහල නිලධාරීන් ශේප් එකේ තබා ගත්තේ ඔවුනට කාන්තා සෙබලියන් ලබා දීම මගිනි. එම නිසා සොරකම් චෝදනා ලැබුවද ඔහුට යහතින් සිටීමේ භාග්‍ය ලැබුනි.

කාන්තා සෙබලියන් අපයෝජනය වීම ගැන වෛද්‍ය බළකායේ කාන්තා නිලධාරිනියක වූ ලුතිනන් කර්නල් වෛද්‍ය තමාරා වික්‍රමසිංහ බලවත් සේ විරෝධය දැක්වූවද ඔහු තම හිතවතුන් මගින් ලුතිනන් කර්නල් වෛද්‍ය තමාරා වික්‍රමසිංහ බල රහිත කොට දැමුවේය.

යුද හමුදා රෝහලේ අණදෙන නිලධාරියෙකු ලෙස සේවය කල එක් වෛද්‍යවරයෙක් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂනයෙන් ආරම්භ කල යුද ආතති ප්‍රතිකාර සායනය කෙරෙහි දැක්වූයේ ඉරිසියා සහගත ප්රතිචාරයකි. මේ නිසා දහසක් සොල්දාදුවන්ට උපදේශනයෙන් මනෝ ප්‍රතිකාරයෙන් උපකාරී වූ මධ්‍යස්ථානය වසා දැමෙන අන්දමට මොහු කටයුතු කලේය. මේ නිසා පසුකාලීනව යුද ආතතියට ලක් වූ සොල්දාදුවන් 400 කට ආසන්න ප්‍රමාණයක් දිවි නසා ගනු ලැබූ බව වාර්තා විය.

මේ පුද්ගලයා ඉතා නිහින මෙන්ම දීන ගතිගුණ වලින් යුක්ත විය. උසස් නිලධාරීන් ගෙන් ඇමතුමක් එන විට ඔහු අසුනින් නැගිටින්නේය. ඔහුගේ නමේ මුල් අකුරු කේපී හෙවත් වචනයේ පරිසමාප්තියෙන් කොන්ද පණ නැති අයෙකු බව පෙන්වීය. තමාගේ ගැලවීම උදෙසා ඕනෑම කෙනෙකු බිල්ලට දීමට හෙතෙම පුරුදුව සිටියේය.

ජෙනරාල් ෆොන්සේකා මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා යුද හමුදා රෝහලේ සිටියදී ඔහුගෙන් ලකුණු දමා ගැනීමට මේ නිලධාරියා ඔහුගේ මුත්‍රා බෝතලය ඔසවාගෙන ගියේය. මෙය සොල්දාදුවෙකු විසින් කල යුතු කාර්යකි. මේ විකාරය දුටු එක් මේජර්වරයෙක් "මචං අපේ සී.ඕට (USP) යූඑස්පී එකක් ජෙනරාල් ෆොන්සේකා ගෙන් ලැබෙයි "කීවේය. යූඑස්පී යනු උත්තම සේවා පදක්කම. එහෙත් වෛද්‍ය බළකායේ මේජර්වරයා ඉන් අදහස් කලේ උත්තම සේවා පදක්කම නොවේ යූරීන් (මුත්‍රා) සේවා පදක්කම බව කීවේ එතැන සිටි සෑමදෙනාම සිනා ගස්සවමිනි.

නිහින දීන අයුරින් ක්‍රියා කල,ඉරිසියාව සහ කුහක කමේ ලක්ෂණ පෙන්වූ මෙම නිලධාරියා සමග අනුරාධපුර රෝහලේ සීමාවාසික පුහුණුව නිම කල වෛද්‍යවරයෙකු මට පැවසුවේ මොහුගේ මෙකී චර්යාවන් සඳහා පවුල් පසුබිම, ආර්ථික දුෂ්කරතා මෙන්ම කුල පීඩිත සාධකයන් ද ඉවහල් වූ බවයි. මොහු විසින් මේ පෙන්වන ලද්දේ වෛද්‍යවරයෙකු වීමෙන් පසු සහ නිල ඇඳුම ඇඳීමෙන් පසු පන්තිය මාරු කිරීම නිසා හටගත් එරියස් ය. එහෙත් මේ එරියස් නිසා ඊලාම් යුද්දයේදී යුද කම්පනයට ලක් වූ සොල්දාදුවන් දහස් ගනනකට උපදේශන සේවාවන් අහිමි විය. මේවා ජනතාව දැනගත යුතුය.

ආබාධිත වූ සොල්දාදුවන් පුනරුත්ථාපනයද යුද සමයේදී නිසි ලෙස ඉටු නොවූ බව මම වගකීමකින් යුතුව කියමි. මේ සඳහා බොහෝ නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් ද සාක්ෂි දරති. මෙම ඒකකයේ සිටි එක් උසස් නිලධාරිනියක් උද්දච්චකමේ ප්‍රතිමූර්තියක් වූවාය. ඇය සැලකුවේ ඇයට කේලාම් සපයන අයට පමණි. එසේම තම සිත් නොගත් සමහර ආබාධිත සොල්දාදුවන්ව පන්න පන්නා පලි ගැනීමට මේ ඉතිරිය පුරුදුව සිටියාය. මේ හේතුවෙන් බොහෝ නිලධාරීන් කීවේ ආබාධිත වූ සොල්දාදුවන් පුනරුත්ථාපනයට පෙර මේ නිලධාරිනිය පුනරුත්ථාපනය කල යුතු බවයි.

ජොනී බට්ටන්ට කකුල් ගිය සොල්දාදුවන් බොහොමයක් ඒ කාලයේ මා වෙත පැමින ඇඞූ කඳුලෙන් කීවේ මැඩම් විසින් ඔවුන් ගේ බස් පාස් එක අවලංගු කල බවය. එහෙත් මේ දුප්පත් සොල්දාදුවන්ට සාධාරණය ඉටු කිරීමට අපට බලතල නොවීය. ඒ නිසා මා බොහෝ විට කලේ මේ අසරණයන්ට සතියක නිවාඩුවක් නිර්දේශ කිරීමයි. එයද බොහෝ විට ඇය විසින් කපා දැමුවාය.

මේ කාන්තාව අනාරක්ෂිත (insecurity) බවින් පෙළුනාය. ඇයගේ සැමියාගේ මිථ්‍යාචාරයන් නිසා ඇය සෑම අයෙකුව සැක කලාය. ඇයට අනුව සොල්දාදුවා යනු හොරෙකි වංචාකරුවෙකි. එසේම තමාට වඩා උගත් දක්ෂ වෛද්‍යවරු දුටුවේ හමුදාවට ලැබූ සම්පතක් ලෙස නොව තමන්ට වූ තර්ජනයක් ලෙසටය. මේ නිසා පුනරුත්ථාපනය පිලිබඳව ආචාර්ය උපාධියක් තිබූ වෛද්‍ය සමන්ත වාකීෂ්ඨ වැනි දක්ෂයන් පුනරුත්ථාපන අංශයෙන් පළවා හැරීමට ඇය ක්‍රියා කලාය. යුද හමුදා පුනරුථාපන අංශයේ බලෙන් හෝ තියාගත යුතුව තිබූ මේ වෛද්‍යවරයා දැන් සේවය කරන්නේ ඕස්ටේරලියාවේය.

නිරවුල් මානසිකත්වයක් තිබූ පුද්ගලයෙකුට හමුදා පුනරුථාපන අංශය භාර නොදී පෞරුෂ අක්‍රමතා තිබූ තැනැත්තියකට සොල්දාදුවන් ගේ පුනරුත්ථාපනය භාර දීම නිසා ආබාධිත සොලාදුවන්ට වෛද්‍ය සමන්ත වාකීෂ්ඨ වැනි දක්ෂයන් ගේ සේවාව ලබා ගැනීමට තිබූ මං අසුරා දැමීම ජාතික අපරාධයක් ලෙස මම දකිමි.

මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් හෙලි කරන තවත් සාධයක් නම් බොරු වීරකම් ගැන සඳහන් කරමින් හමුදා මූලස්ථානය නොමග යැවීමයි. කොටි ත්රස්තවාදීන් ඉදිරියට එන විට පළා ගොස් බොරු සයිටේශන් හෙවත් ආහවනයන් ඉදිරිපත් කොට RSP, RWP වැනි පදක්කම් ලාභීන්ද සත්‍ය වීරයන් අතර අසුන් ගෙන සිටිති.

මෙහිදී මට එවකට කර්නල්වරයෙකු වූ සරත් ඇඹව කියූ කතාවක් මතක් වේ. කලවංචිකුඩි කඳවුර කොටි ග්රහනයෙන් මුදා ගැනීම නිසා ඔහු ලැබූ වීර පදක්කම ප්‍රහාරය ආසන්නයේවත් නොසිටි රේඩියෝ සෙට් වලින් පමණක් යුද්ද කල කවටයන් කීප දෙනෙකුටද ලබා දීම නිසා ඔහු තම විරු පදක්කම බේරේ වැවට විසි කල බවය. පදක්කම බේරේ වැවට විසි කල බව සමහරක් විට අතිශයෝක්තියක් විය හැකි නමුදු රේඩියෝ සෙට් වලින් පමණක් යුද්ද කල කවටයන්ද විරු පදක්කම් ඊලාම් යුද්දයේදී ලබා ගත් බව නම් සත්‍යකි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා බළකා අතර ඉතා පහසුවෙන් හඳුනාගත හැකි භේධ තිබේ. සමහර නිත්‍ය නිලධාරීන් තම ඒකකයේ සිටි ස්වේච්ඡා නිලධාරීන් පාගා දමමින් හමුදා නායකත්වයට නිගා දෙන අන්දමට කටයුතු කල අයුරු මෙහිදී මට සිහිපත් වේ. යුද්දයේදී සතුරාගේ උණ්ඩ ආවේ නිත්‍ය සහ ස්වේච්ඡා ලෙස වෙන් වෙන්ව නොවන බව මොවුන් දැන සිටියේද කියා යන්න ගැටළුවකි. ගෝත්‍රික මානසිකත්වයෙන් ක්‍රියා කල ඇතැම් නිලධාරීන් පරම විර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ කපිතන් සාලිය අලදෙනියද ස්වේච්ඡා නිලධාරියෙකු වූ බව අමතක කලා විය හැකිය. මෙවැනි භේද නොසලකමින් ඊලාම් යුද්දයේදී වීරත්වයෙන් සටන් වැදි ස්වේච්ඡා නිලධාරීන් ගැන ජනරාල් කමල් ගුණරත්න තම කෘතියේ සඳහන් කරයි.

හමුදාවේ යුද නිපුනයන් අතර මනප්පුලාද වූහ. එහෙත් බලය බොහෝ විට තිබුනේ මනප්පුවන් අතය. යුද හමුදාවේ එක්තරා මනප්පු නිලධාරියෙකු කේන්දර බැලීම , බළි ඇරීම වැනි ක්‍රියා සඳහා ප්‍රසිද්ධිය ඉසිලීය. හමුදාපති කෙනෙකු හෝ ප්‍රධාන මාණ්ඩලික නිලධාරියෙකු තමාගේ සාක්කුවේ දමා ගැනීමට අවශ්‍ය වූ විට ඔහු කරන්නේ එම නිලධාරියාගේ බිරිඳ වෙත ගොස් " මැඩම් ඉස්සරහට සර්ට පොඩ්ඩක් අපල තියනවා මේ ජීවම් කරපු සුරේ දාගන්න " කියා තඹ සුරයක් දෙයි. අපල වලට බිය වන උසස් නිලධාරියා තඹ සුරය තම ගෙලේ හෝ දිය ලණුවේ එල්වා ගනී. මෙලෙස බය පැකට් විකුනූ මෙම නිලධාරියා තමන්ට සේවා දිගුවක් ලබා ගැනීම සඳහා කල තොවිලයක් ගැන දිවයින පුවත් පතේ පළ වීම එවකට හමුදාපතිව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මොහුට සේවා දිගුවක් නොදී හමුදාවෙන් යවන ලදි.තවද මේ ජෝකර් නිලධාරී තැන එල් ටී ටී ඊ සංවිධානය පරාජය කිරීමට නම් හනුමා කෝවිලක් ඉදි කල යුතු බවද ප්‍රසිද්ධියේ කීවේය.

කමල් ගුණරත්න මහතා තම කෘතියෙන් යුද්ද කාලයේදී හමුදාවේදී සිදුවූ ලිංගික හිංසනයන් ගැන ප්‍රමාණවත් තොරතුරු කතා නොකිරීම අඩුවක් ලෙස මම දකිමි. මේ කාලයේදී සමහර නිලධාරීන් සෙබලියන්ට මෙන්මද කාන්තා නිලධාරිනියන්ටද ලිංගික බලහත්කාරකම් සිදු කල බව නොරහසකි. එක් කාන්තා නිලධාරිනියක් තමාව දූෂණය කිරීමට ආ උසස් නිලධාරියාට විරුද්ධව හමුදා පොලිසියට පැමිණිලි කල නමුදු විභාගයේදී හමුදා අධිකාරය ගත්තේ වින්දිතයාගේ පාර්ශවය නොව උසස් නිලධාරියාගේ පැත්තය. මේ නිසා ඇය අසරණව හමුදාව හැර ගියාය.

ගැහැණුන් පමණක් නොව පිරිමින් ද දූෂණය කිරීම සිදු වූ බව මෙහිදී කිව යුතුය. සමහර බංකර් වල මෙලෙස කුරුටු ගී ලියා තිබුනේය ; රට බේරා ගැනීමට උතුරට ආ සෙබලා ..ක බේරා ගැනීමට බංකරය වටේ දුවයි.

කුජීත නිලධාරීන් මෙන්ම සමහර සාජන්ලා කෝප්‍රල්ලා නවක සොල්දාදුවන් ගෙන් බලහත්කාරයෙන් ශරීර උදව් ලබා ගත්තෝය. මෙලෙස අපයෝජනයට ලක් කරන ලද සොල්දාදුවෙක් මනෝ ප්‍රතිකාරයන් සඳහා මා වෙත යොමු කොට තිබුනි. මෙම ලිංගික අපයෝජනය නිසා ඔහු තද බල ලෙස සමායෝජන අක්‍රමතාවකට (Adjustment Disorder) ලක්වී සිටියේය. පසුව ඔහු හමුදාවෙන් පැන ගියේය. මේ කොටින් ගෙන් රට බේරා ගැනීමට ආ නවක සොල්දාදුවෙකුට නිහින ජේෂ්ඨයන් විසින් දුන් ත්‍යාගයකි.

කතුවරයා හමුදාවේ මිය ගිය සාමාජිකයන් ගේ පවුල් සහ එල් ටී ටී ඊ සංවිධානයේ මහාවිරු පවුල් සැසඳීමක් කරමින් හමුදාවේ මිය ගිය සාමාජිකයන් ගේ පවුල් වලට නිසි ගරුත්වය මෙන්ම පොදු රැකවරණය නොලැබුනු බව පවසයි. එය සත්‍ය කරුණකි. එල් ටී ටී ඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් වූවද තම මිය ගිය සාමාජිකයන් ගේ පවුල් වල සුභ සාදනය බැලුවේය. එහෙත් හමුදාවේ සිටි සමහර නරුමයන් මිය ගිය සොල්දාදුවන් ගේ බිරින්දෑවරුන්ටද ලිංගික බලපෑම් කල අයුරු යුද වැන්දඹුවන් ගේ උපදේශන කටයුතු වලදී අපට අනාවරණය විය.

මේජර් ජනරාල් ගුණරත්න යුද්දය අස්සේ සුද්දයද දුන් මර්ෂියන් ගැන සඳහන් කරයි. මෙවැනි ප්‍රකට මර්ෂියෙක් උතුරු නැගෙනහිර ද්‍රවිඩ සිවිල් වැසියන් ගේ නිවාස වලින් කොල්ලකා ගත් රූපාවාහිනී කැසට් රෙකෝඩර් තොගයක් සමග යුද හමුදා පොලිසියට අසු වූ විට ඔහු කීවේ එවා නිලධාරී නිවස්නය සඳහා ගෙන යන බවයි. කෙසේ නමුත් මේ සිද්ධිය ඔහු යටපත් කිරීමට සමත් විය. පසු කාලයක මොහු ජෙනරාල් නන්ද සිල්වා , බ්‍රිගේඩියර් තම්මිට වැනි අවංක නිලධාරීන් නායකත්වය දුන් ජාතික ශිෂ්‍ය භට බළකායේ සුක්කානම අතට ගෙන ශිෂ්‍ය භටයන් ගේ රැෂන් වලින් මෙන්ම බළකායේ බෙහෙත් ෆාමසි වලට විකිනීමෙන් ද මුදල් උපයා ගත්තේය. ඇවන්ගාඩ් නඩුවේදී කොමිසම හමුවේ බොරු සාක්ෂී දීම නිසා තම නිලයත් යුද හමුදාවත් අපකීර්තියට ලක් කල මෙම පුද්ගලයා වැනි බොල් පිළිම නිරාවරණය කිරීම සම්බන්ධයෙන් මේජර් ජනරාල් කමල් ගුණරත්නට බහුමානය හිමි විය යුතුය.

මේ අනුව පෙනී යන්නේ සත්‍ය රණවිරුවන් යුද්ධය කලේ එල් ටී ටී ඊ සංවිධානය සමග පමණක් නොවන බවයි. ඔවුන් කුජීත නිලධාරිවාදය මෙන්ම බියගුල්ලන් , බොරුකාරයන් , කොමිස්කාරයන් ,පාවා දෙන්නන්, මර්ෂිවාදීන් , කාම උන්මත්තකයන් වැනි මූලාවයවන් සමගද සටන් කලහ. මේ නිසා සත්‍ය සෙබලා පෙරමුණු ගනනාවකට එරෙහිව සටන් කලේය. මේ නිසා ඊලාම් යුද්දය යනු මහා බරපතල සංග්රාමයකි. මේ රෝග කාරක මුල කාලයේදීම හඳුනාගෙන නිසි පිලියම් යෙදීමට යුද හමුදා නායකත්වයට හැකියාවක් තිබුනේ නම් වසර තිහක් නොව දශකයකටත් මෙහා කාලයකදී යුද ජයග්‍රහණය ලබා ගැනීමට හැකිව තිබුණි. එයද කතුවරයා විසින් පෙන්වා දෙන්නේය.

රණමඟ ඔස්සේ නන්දිකඩාල් යනු පරිපූර්ණ කෘතියක් කියා මම නොකියමි. එම කෘතියේ ධූසර ප්‍රදේශයන් යම් ප්‍රමාණයකට තිබේ. කතුවරයා යුද භූමියේදී දිවි නසාගත් සොල්දාදුවන් බානසුළු අධමයන් ලෙස නම් කිරීම ගැන මම එකඟ නොවෙමි. ඒ මන්ද යත් යුද කම්පනය (Combat Shock ) පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) , පශ්චාත් සංග්‍රාමික විශාදය (Post Combat Depression) වැනි හේතු නිසාද සොල්දාදුවන් බංකර වලදී දිවි තොර කර ගැනීමට යොමුවූ බවට සාධක තිබෙන නිසාය. මෙම සාධකයන් ගැන කතුවරයා දැණුවත් වූයේ නම් මැනවි.

යම් යම් අඩුපාඩු තිබුනද සමස්ත වශයෙන් ගත් කල මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ රණමඟ ඔස්සේ නන්දිකඩාල් ග්‍රන්ථය ඊලාම් යුද්ධය පිලිබඳ ලියැවුණු ටෙස්ටමෝනියක් හෙවත් සාක්ෂාත්කරයක් කිව හැකිය. එවැනි ග්රන්ථයක් පාඨකයාට ලබා දීම වනාහී දැවැන්ත ප්රයත්නයකි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

http://transyl2014.blogspot.com

[QUOTE="50KG, post: 20818338, member: 558780"] [B][SIZE=6]රණමඟ ඔස්සේ නන්දිකඩාල් - විස්තීර්ණයක් [/SIZE][/B] [IMG]http://www.frontpage.lk/img/news/19f18eeb8e5b1.jpg[/IMG] [SIZE=3][FONT=arial]මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ රණමඟ ඔස්සේ නන්දිකඩාල් ග්‍රන්ථය තිස් වසරක යුද්ධය පුරා සිදුවූ ඉතිහාසයෙන් සැඟවී ගිය වීර ධීර ක්‍රියා මෙන්ම පාවා දීම් , බියසුළු ක්‍රියා, යුද්දයෙන් ගසාගෙන කෑම , ආත්මාර්ථය මුල් කරගෙන සිදු කල පහත් ක්‍රියා යනාදී සියල්ලක්ම යම් මට්ටමකට හෙළි කරනු ලබයි. එම නිසා මෙම ග්‍රන්ථය ඇස් ඇරවන්නක් ලෙස නම් කලාට වරදක් නැත. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][FONT=arial] [SIZE=3] [/SIZE][/FONT] [SIZE=3] [/SIZE][FONT=arial] [SIZE=3]මේ මහා යුද්දයේ සිදුවූයේ කුමක්ද කියා දැන ගැනීමට රට වෙනුවෙන් යුදට යාමට තම දරුවන් හමුදාවට දුන් දෙමාපියන්ටද යුද්දය වෙනුවෙන් බදු ගෙවූ රටවැසියන්ටද අයිතියක් තිබේ. එම නිසා කාලාන්තරයක් පුරා ලංකාවේ ජනමාධ්‍ය විසින් යුද්දය ගැන ගොතා කියූ බොරු මෙන්ම ව්‍යාජ වීර සළු පොරවාගෙන සිටි උදවියගේ නිරුවතද මේ ග්‍රන්ථය නිසා හෙළි වෙමින් පවතී. [/SIZE][/FONT] [SIZE=3] [/SIZE][FONT=arial] [SIZE=3] [/SIZE] [SIZE=3]ඉතා දරුණු මෙන්ම සැහැසි ත්‍රස්තවාදී සංවිධානයක් වූ ප්රභාකරන් ගේ එල් ටී ටී ඊ සංවිධානය පරාජය කරනු ලැබුවේ ගම් වලින් පැමිණි දුප්පත් කොල්ලන් විසිනි. මේ සඳහා අතලොස්සක් වූ නිර්භීත සහ යුද කලාවේ නිපුණ වූ නිලධාරීන් පිරිසක් සංග්‍රාමයට නායකත්වය දුන්හ. මෙය ඊලාම් යුද්දයේ සත්‍ය කතාවයි. අනාගත පරපුර විසින් දැනගත යුත්තේද මෙම සත්‍යයයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එහෙත් මෙම ජයග්‍රහණය ලබා දුන් විරුවන් ලේ දහඩිය වගුරද්දී වන්නියේ කැලෑ වල ඔවුන් ගේ ප්‍රාණයන් නිරුද්ධ වෙද්දී ආත්මාර්ථකාමී මෙන්ම බියගුළු නරුමයන් කටින් යුද්ද කරමින් මේ විරුවන් ගේ කකුල් වලින් ඇද්දහ. එසේම නියමිත වේලාවට අතිරේක හමුදා මෙන්ම උණ්ඩ ලබා නොදුන්හ නැතහොත් ප්‍රමාද කළහ . සෙබළුන්ව රවටා ඔවුන්ව මරුවාගේ කටට යවනු ලැබීය. සමහරක් බියගුළු නිලධාරීන් සොල්දාදුවන් යුද්දයේ තනි කොට තමන් ගේ පණ පමනක් බේරාගනිමින් පළා ගියහ. ඇතැම් නරුමයන් විසින් සොල්දාදුවාට යුද හමුදාව වහක් කොට ඔවුන්ට ඇබ්සන්ට් වීමට කටයුතු සැලසූහ. යුනිෆෝම් ඇඳි හොරුන් සෙබළුන් ගේ රැෂන් වලින් පවා ගසා කෑහ. නිල ඇඳුම් ඇඳි ඇතැම් අපගාමිකයන් සෙබලියන් ලිංගික වහලියන් මෙන් යොදා ගත්හ. සමහරක් තරුණ භටයන් ලිංගික ක්‍රියා සඳහා බලහත්කාරයෙන් යොදා ගනු ලැබීය. මේ ඊලාම් යුද්දයේ සඟවාගෙන තබාගත් අශෝභන පාර්ශවයයි. මෙම පහත් ක්‍රියා යම් ප්‍රමාණයකට එළිදරවු කිරීමට මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් යම් උත්සහයක් ගෙන තිබේ. එය වර්ණනීය ක්‍රියාවක් ලෙස මම දකිමි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඊලාම් යුද්දයට මුහුණ දුන් සොල්දාදුවන් ගේ මානසික සෞඛ්‍යය නගා සිටුවමින් ඔවුන්ට උපදේශනයෙන් සහ මනෝ ප්‍රතිකාරයෙන් සහය වීමට හැකිවීම ජීවිතයේ මා ලද එක් භාග්‍යකි. මේ කාලය තුලදී මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් හෙළි කරන ධීර වීර ක්‍රියා මෙන්ම පහත් නරුම ක්‍රියා මම සියැසින් දුටුවෙමි නැතහොත් විශ්වාස කළ හැකි මූලාශ්රයන් මගින් ඇසුවෙමි. මේවා අප රට ජනතාව විසින් දැනගත යුතු සත්‍යන් වෙති. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මගේ අත්දැකීම් අනුව යුද හමුදා වෛද්‍ය බළකායේ සේවය කළ වෛද්‍යවරුන් ගෙන් අති බහුතරය ඉතා කැපවීමෙන් අවංකව සේවය කලහ. මේ අතර ප්‍රී ඉන්ටන්වරු ලෙස හඳුන්වන ලද විදේශ වෛද්‍ය පීඨ වලින් උපාධි ලත් නවක වෛද්‍යවරු රැසක් ද වූහ. මොවුන් ද කැපවීමෙන් රාජකාරි කල අතර සමහරක් දිවි පරදුවට තබා ක්‍රියාන්විත ප්‍රදේශ වලටද ගියහ. එහෙත් ක්‍රියාන්විතයේදී මේ ප්‍රී ඉන්ටන්වරයෙක් මිය ගියේ නම් ඔවුනට කිසිදු දීමනාවක් නොලැබීමේ සම්භාවිතාව ඉහල විය. එහෙත් අපගේ වෛද්‍ය සේවාවන් විසින් මේ විදේශ උපාධිධාරී ප්‍රී ඉන්ටර්න්වරුන් ගේ සේවාවාවන් යුද කාලයේදීවත් ඉන් පසුවත් අගය කිරීමක් කලේ නැත. මේ කාලය පුරා ඔවුන්ට බොහෝ විට සලකන ලද්දේ හරිජනයන්ට මෙනි. සමහර විට නිලධාරී නිවස්න වලදී පවා මොවුන්ට වෙනස්කම් කරනු ලැබීය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]යුද හමුදා වෛද්‍ය බළකායේ සේවය කළ වෛද්‍යවරුන් ගෙන් අති බහුතරය ඉතා කැපවීමෙන් අවංකව සේවය කල නමුදු මේ කිරි කළයට ගොම දැමූ කසඩයන් කිහිප දෙනෙකු ගැන යම් ප්‍රමානයකට හෙලිදරව්වක් කල යුතුය. මින් නිල ඇඳුම් ඇඳි එක් වෛද්‍යවරයෙක් එක්තරා බළකායක අණදෙන නිලධාරියෙකු වූවද ඔහු හමුදාවේ ගොඩනැගිලි උපාංග සොරකම් කිරීමක් සඳහා චාජ් එකේ ගිය අයෙකු වීය. මොහු බලගතු ඉහල නිලධාරීන් ශේප් එකේ තබා ගත්තේ ඔවුනට කාන්තා සෙබලියන් ලබා දීම මගිනි. එම නිසා සොරකම් චෝදනා ලැබුවද ඔහුට යහතින් සිටීමේ භාග්‍ය ලැබුනි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කාන්තා සෙබලියන් අපයෝජනය වීම ගැන වෛද්‍ය බළකායේ කාන්තා නිලධාරිනියක වූ ලුතිනන් කර්නල් වෛද්‍ය තමාරා වික්‍රමසිංහ බලවත් සේ විරෝධය දැක්වූවද ඔහු තම හිතවතුන් මගින් ලුතිනන් කර්නල් වෛද්‍ය තමාරා වික්‍රමසිංහ බල රහිත කොට දැමුවේය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]යුද හමුදා රෝහලේ අණදෙන නිලධාරියෙකු ලෙස සේවය කල එක් වෛද්‍යවරයෙක් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂනයෙන් ආරම්භ කල යුද ආතති ප්‍රතිකාර සායනය කෙරෙහි දැක්වූයේ ඉරිසියා සහගත ප්රතිචාරයකි. මේ නිසා දහසක් සොල්දාදුවන්ට උපදේශනයෙන් මනෝ ප්‍රතිකාරයෙන් උපකාරී වූ මධ්‍යස්ථානය වසා දැමෙන අන්දමට මොහු කටයුතු කලේය. මේ නිසා පසුකාලීනව යුද ආතතියට ලක් වූ සොල්දාදුවන් 400 කට ආසන්න ප්‍රමාණයක් දිවි නසා ගනු ලැබූ බව වාර්තා විය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ පුද්ගලයා ඉතා නිහින මෙන්ම දීන ගතිගුණ වලින් යුක්ත විය. උසස් නිලධාරීන් ගෙන් ඇමතුමක් එන විට ඔහු අසුනින් නැගිටින්නේය. ඔහුගේ නමේ මුල් අකුරු කේපී හෙවත් වචනයේ පරිසමාප්තියෙන් කොන්ද පණ නැති අයෙකු බව පෙන්වීය. තමාගේ ගැලවීම උදෙසා ඕනෑම කෙනෙකු බිල්ලට දීමට හෙතෙම පුරුදුව සිටියේය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ජෙනරාල් ෆොන්සේකා මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා යුද හමුදා රෝහලේ සිටියදී ඔහුගෙන් ලකුණු දමා ගැනීමට මේ නිලධාරියා ඔහුගේ මුත්‍රා බෝතලය ඔසවාගෙන ගියේය. මෙය සොල්දාදුවෙකු විසින් කල යුතු කාර්යකි. මේ විකාරය දුටු එක් මේජර්වරයෙක් "මචං අපේ සී.ඕට (USP) යූඑස්පී එකක් ජෙනරාල් ෆොන්සේකා ගෙන් ලැබෙයි "කීවේය. යූඑස්පී යනු උත්තම සේවා පදක්කම. එහෙත් වෛද්‍ය බළකායේ මේජර්වරයා ඉන් අදහස් කලේ උත්තම සේවා පදක්කම නොවේ යූරීන් (මුත්‍රා) සේවා පදක්කම බව කීවේ එතැන සිටි සෑමදෙනාම සිනා ගස්සවමිනි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නිහින දීන අයුරින් ක්‍රියා කල,ඉරිසියාව සහ කුහක කමේ ලක්ෂණ පෙන්වූ මෙම නිලධාරියා සමග අනුරාධපුර රෝහලේ සීමාවාසික පුහුණුව නිම කල වෛද්‍යවරයෙකු මට පැවසුවේ මොහුගේ මෙකී චර්යාවන් සඳහා පවුල් පසුබිම, ආර්ථික දුෂ්කරතා මෙන්ම කුල පීඩිත සාධකයන් ද ඉවහල් වූ බවයි. මොහු විසින් මේ පෙන්වන ලද්දේ වෛද්‍යවරයෙකු වීමෙන් පසු සහ නිල ඇඳුම ඇඳීමෙන් පසු පන්තිය මාරු කිරීම නිසා හටගත් එරියස් ය. එහෙත් මේ එරියස් නිසා ඊලාම් යුද්දයේදී යුද කම්පනයට ලක් වූ සොල්දාදුවන් දහස් ගනනකට උපදේශන සේවාවන් අහිමි විය. මේවා ජනතාව දැනගත යුතුය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ආබාධිත වූ සොල්දාදුවන් පුනරුත්ථාපනයද යුද සමයේදී නිසි ලෙස ඉටු නොවූ බව මම වගකීමකින් යුතුව කියමි. මේ සඳහා බොහෝ නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් ද සාක්ෂි දරති. මෙම ඒකකයේ සිටි එක් උසස් නිලධාරිනියක් උද්දච්චකමේ ප්‍රතිමූර්තියක් වූවාය. ඇය සැලකුවේ ඇයට කේලාම් සපයන අයට පමණි. එසේම තම සිත් නොගත් සමහර ආබාධිත සොල්දාදුවන්ව පන්න පන්නා පලි ගැනීමට මේ ඉතිරිය පුරුදුව සිටියාය. මේ හේතුවෙන් බොහෝ නිලධාරීන් කීවේ ආබාධිත වූ සොල්දාදුවන් පුනරුත්ථාපනයට පෙර මේ නිලධාරිනිය පුනරුත්ථාපනය කල යුතු බවයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ජොනී බට්ටන්ට කකුල් ගිය සොල්දාදුවන් බොහොමයක් ඒ කාලයේ මා වෙත පැමින ඇඞූ කඳුලෙන් කීවේ මැඩම් විසින් ඔවුන් ගේ බස් පාස් එක අවලංගු කල බවය. එහෙත් මේ දුප්පත් සොල්දාදුවන්ට සාධාරණය ඉටු කිරීමට අපට බලතල නොවීය. ඒ නිසා මා බොහෝ විට කලේ මේ අසරණයන්ට සතියක නිවාඩුවක් නිර්දේශ කිරීමයි. එයද බොහෝ විට ඇය විසින් කපා දැමුවාය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ කාන්තාව අනාරක්ෂිත (insecurity) බවින් පෙළුනාය. ඇයගේ සැමියාගේ මිථ්‍යාචාරයන් නිසා ඇය සෑම අයෙකුව සැක කලාය. ඇයට අනුව සොල්දාදුවා යනු හොරෙකි වංචාකරුවෙකි. එසේම තමාට වඩා උගත් දක්ෂ වෛද්‍යවරු දුටුවේ හමුදාවට ලැබූ සම්පතක් ලෙස නොව තමන්ට වූ තර්ජනයක් ලෙසටය. මේ නිසා පුනරුත්ථාපනය පිලිබඳව ආචාර්ය උපාධියක් තිබූ වෛද්‍ය සමන්ත වාකීෂ්ඨ වැනි දක්ෂයන් පුනරුත්ථාපන අංශයෙන් පළවා හැරීමට ඇය ක්‍රියා කලාය. යුද හමුදා පුනරුථාපන අංශයේ බලෙන් හෝ තියාගත යුතුව තිබූ මේ වෛද්‍යවරයා දැන් සේවය කරන්නේ ඕස්ටේරලියාවේය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නිරවුල් මානසිකත්වයක් තිබූ පුද්ගලයෙකුට හමුදා පුනරුථාපන අංශය භාර නොදී පෞරුෂ අක්‍රමතා තිබූ තැනැත්තියකට සොල්දාදුවන් ගේ පුනරුත්ථාපනය භාර දීම නිසා ආබාධිත සොලාදුවන්ට වෛද්‍ය සමන්ත වාකීෂ්ඨ වැනි දක්ෂයන් ගේ සේවාව ලබා ගැනීමට තිබූ මං අසුරා දැමීම ජාතික අපරාධයක් ලෙස මම දකිමි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් හෙලි කරන තවත් සාධයක් නම් බොරු වීරකම් ගැන සඳහන් කරමින් හමුදා මූලස්ථානය නොමග යැවීමයි. කොටි ත්රස්තවාදීන් ඉදිරියට එන විට පළා ගොස් බොරු සයිටේශන් හෙවත් ආහවනයන් ඉදිරිපත් කොට RSP, RWP වැනි පදක්කම් ලාභීන්ද සත්‍ය වීරයන් අතර අසුන් ගෙන සිටිති. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙහිදී මට එවකට කර්නල්වරයෙකු වූ සරත් ඇඹව කියූ කතාවක් මතක් වේ. කලවංචිකුඩි කඳවුර කොටි ග්රහනයෙන් මුදා ගැනීම නිසා ඔහු ලැබූ වීර පදක්කම ප්‍රහාරය ආසන්නයේවත් නොසිටි රේඩියෝ සෙට් වලින් පමණක් යුද්ද කල කවටයන් කීප දෙනෙකුටද ලබා දීම නිසා ඔහු තම විරු පදක්කම බේරේ වැවට විසි කල බවය. පදක්කම බේරේ වැවට විසි කල බව සමහරක් විට අතිශයෝක්තියක් විය හැකි නමුදු රේඩියෝ සෙට් වලින් පමණක් යුද්ද කල කවටයන්ද විරු පදක්කම් ඊලාම් යුද්දයේදී ලබා ගත් බව නම් සත්‍යකි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා බළකා අතර ඉතා පහසුවෙන් හඳුනාගත හැකි භේධ තිබේ. සමහර නිත්‍ය නිලධාරීන් තම ඒකකයේ සිටි ස්වේච්ඡා නිලධාරීන් පාගා දමමින් හමුදා නායකත්වයට නිගා දෙන අන්දමට කටයුතු කල අයුරු මෙහිදී මට සිහිපත් වේ. යුද්දයේදී සතුරාගේ උණ්ඩ ආවේ නිත්‍ය සහ ස්වේච්ඡා ලෙස වෙන් වෙන්ව නොවන බව මොවුන් දැන සිටියේද කියා යන්න ගැටළුවකි. ගෝත්‍රික මානසිකත්වයෙන් ක්‍රියා කල ඇතැම් නිලධාරීන් පරම විර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ කපිතන් සාලිය අලදෙනියද ස්වේච්ඡා නිලධාරියෙකු වූ බව අමතක කලා විය හැකිය. මෙවැනි භේද නොසලකමින් ඊලාම් යුද්දයේදී වීරත්වයෙන් සටන් වැදි ස්වේච්ඡා නිලධාරීන් ගැන ජනරාල් කමල් ගුණරත්න තම කෘතියේ සඳහන් කරයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හමුදාවේ යුද නිපුනයන් අතර මනප්පුලාද වූහ. එහෙත් බලය බොහෝ විට තිබුනේ මනප්පුවන් අතය. යුද හමුදාවේ එක්තරා මනප්පු නිලධාරියෙකු කේන්දර බැලීම , බළි ඇරීම වැනි ක්‍රියා සඳහා ප්‍රසිද්ධිය ඉසිලීය. හමුදාපති කෙනෙකු හෝ ප්‍රධාන මාණ්ඩලික නිලධාරියෙකු තමාගේ සාක්කුවේ දමා ගැනීමට අවශ්‍ය වූ විට ඔහු කරන්නේ එම නිලධාරියාගේ බිරිඳ වෙත ගොස් " මැඩම් ඉස්සරහට සර්ට පොඩ්ඩක් අපල තියනවා මේ ජීවම් කරපු සුරේ දාගන්න " කියා තඹ සුරයක් දෙයි. අපල වලට බිය වන උසස් නිලධාරියා තඹ සුරය තම ගෙලේ හෝ දිය ලණුවේ එල්වා ගනී. මෙලෙස බය පැකට් විකුනූ මෙම නිලධාරියා තමන්ට සේවා දිගුවක් ලබා ගැනීම සඳහා කල තොවිලයක් ගැන දිවයින පුවත් පතේ පළ වීම එවකට හමුදාපතිව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මොහුට සේවා දිගුවක් නොදී හමුදාවෙන් යවන ලදි.තවද මේ ජෝකර් නිලධාරී තැන එල් ටී ටී ඊ සංවිධානය පරාජය කිරීමට නම් හනුමා කෝවිලක් ඉදි කල යුතු බවද ප්‍රසිද්ධියේ කීවේය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කමල් ගුණරත්න මහතා තම කෘතියෙන් යුද්ද කාලයේදී හමුදාවේදී සිදුවූ ලිංගික හිංසනයන් ගැන ප්‍රමාණවත් තොරතුරු කතා නොකිරීම අඩුවක් ලෙස මම දකිමි. මේ කාලයේදී සමහර නිලධාරීන් සෙබලියන්ට මෙන්මද කාන්තා නිලධාරිනියන්ටද ලිංගික බලහත්කාරකම් සිදු කල බව නොරහසකි. එක් කාන්තා නිලධාරිනියක් තමාව දූෂණය කිරීමට ආ උසස් නිලධාරියාට විරුද්ධව හමුදා පොලිසියට පැමිණිලි කල නමුදු විභාගයේදී හමුදා අධිකාරය ගත්තේ වින්දිතයාගේ පාර්ශවය නොව උසස් නිලධාරියාගේ පැත්තය. මේ නිසා ඇය අසරණව හමුදාව හැර ගියාය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ගැහැණුන් පමණක් නොව පිරිමින් ද දූෂණය කිරීම සිදු වූ බව මෙහිදී කිව යුතුය. සමහර බංකර් වල මෙලෙස කුරුටු ගී ලියා තිබුනේය ; රට බේරා ගැනීමට උතුරට ආ සෙබලා ..ක බේරා ගැනීමට බංකරය වටේ දුවයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කුජීත නිලධාරීන් මෙන්ම සමහර සාජන්ලා කෝප්‍රල්ලා නවක සොල්දාදුවන් ගෙන් බලහත්කාරයෙන් ශරීර උදව් ලබා ගත්තෝය. මෙලෙස අපයෝජනයට ලක් කරන ලද සොල්දාදුවෙක් මනෝ ප්‍රතිකාරයන් සඳහා මා වෙත යොමු කොට තිබුනි. මෙම ලිංගික අපයෝජනය නිසා ඔහු තද බල ලෙස සමායෝජන අක්‍රමතාවකට (Adjustment Disorder) ලක්වී සිටියේය. පසුව ඔහු හමුදාවෙන් පැන ගියේය. මේ කොටින් ගෙන් රට බේරා ගැනීමට ආ නවක සොල්දාදුවෙකුට නිහින ජේෂ්ඨයන් විසින් දුන් ත්‍යාගයකි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කතුවරයා හමුදාවේ මිය ගිය සාමාජිකයන් ගේ පවුල් සහ එල් ටී ටී ඊ සංවිධානයේ මහාවිරු පවුල් සැසඳීමක් කරමින් හමුදාවේ මිය ගිය සාමාජිකයන් ගේ පවුල් වලට නිසි ගරුත්වය මෙන්ම පොදු රැකවරණය නොලැබුනු බව පවසයි. එය සත්‍ය කරුණකි. එල් ටී ටී ඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් වූවද තම මිය ගිය සාමාජිකයන් ගේ පවුල් වල සුභ සාදනය බැලුවේය. එහෙත් හමුදාවේ සිටි සමහර නරුමයන් මිය ගිය සොල්දාදුවන් ගේ බිරින්දෑවරුන්ටද ලිංගික බලපෑම් කල අයුරු යුද වැන්දඹුවන් ගේ උපදේශන කටයුතු වලදී අපට අනාවරණය විය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේජර් ජනරාල් ගුණරත්න යුද්දය අස්සේ සුද්දයද දුන් මර්ෂියන් ගැන සඳහන් කරයි. මෙවැනි ප්‍රකට මර්ෂියෙක් උතුරු නැගෙනහිර ද්‍රවිඩ සිවිල් වැසියන් ගේ නිවාස වලින් කොල්ලකා ගත් රූපාවාහිනී කැසට් රෙකෝඩර් තොගයක් සමග යුද හමුදා පොලිසියට අසු වූ විට ඔහු කීවේ එවා නිලධාරී නිවස්නය සඳහා ගෙන යන බවයි. කෙසේ නමුත් මේ සිද්ධිය ඔහු යටපත් කිරීමට සමත් විය. පසු කාලයක මොහු ජෙනරාල් නන්ද සිල්වා , බ්‍රිගේඩියර් තම්මිට වැනි අවංක නිලධාරීන් නායකත්වය දුන් ජාතික ශිෂ්‍ය භට බළකායේ සුක්කානම අතට ගෙන ශිෂ්‍ය භටයන් ගේ රැෂන් වලින් මෙන්ම බළකායේ බෙහෙත් ෆාමසි වලට විකිනීමෙන් ද මුදල් උපයා ගත්තේය. ඇවන්ගාඩ් නඩුවේදී කොමිසම හමුවේ බොරු සාක්ෂී දීම නිසා තම නිලයත් යුද හමුදාවත් අපකීර්තියට ලක් කල මෙම පුද්ගලයා වැනි බොල් පිළිම නිරාවරණය කිරීම සම්බන්ධයෙන් මේජර් ජනරාල් කමල් ගුණරත්නට බහුමානය හිමි විය යුතුය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ අනුව පෙනී යන්නේ සත්‍ය රණවිරුවන් යුද්ධය කලේ එල් ටී ටී ඊ සංවිධානය සමග පමණක් නොවන බවයි. ඔවුන් කුජීත නිලධාරිවාදය මෙන්ම බියගුල්ලන් , බොරුකාරයන් , කොමිස්කාරයන් ,පාවා දෙන්නන්, මර්ෂිවාදීන් , කාම උන්මත්තකයන් වැනි මූලාවයවන් සමගද සටන් කලහ. මේ නිසා සත්‍ය සෙබලා පෙරමුණු ගනනාවකට එරෙහිව සටන් කලේය. මේ නිසා ඊලාම් යුද්දය යනු මහා බරපතල සංග්රාමයකි. මේ රෝග කාරක මුල කාලයේදීම හඳුනාගෙන නිසි පිලියම් යෙදීමට යුද හමුදා නායකත්වයට හැකියාවක් තිබුනේ නම් වසර තිහක් නොව දශකයකටත් මෙහා කාලයකදී යුද ජයග්‍රහණය ලබා ගැනීමට හැකිව තිබුණි. එයද කතුවරයා විසින් පෙන්වා දෙන්නේය. [/SIZE] [SIZE=3] [/SIZE] [/FONT] [SIZE=3] [/SIZE][FONT=arial] [SIZE=3]රණමඟ ඔස්සේ නන්දිකඩාල් යනු පරිපූර්ණ කෘතියක් කියා මම නොකියමි. එම කෘතියේ ධූසර ප්‍රදේශයන් යම් ප්‍රමාණයකට තිබේ. කතුවරයා යුද භූමියේදී දිවි නසාගත් සොල්දාදුවන් බානසුළු අධමයන් ලෙස නම් කිරීම ගැන මම එකඟ නොවෙමි. ඒ මන්ද යත් යුද කම්පනය (Combat Shock ) පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) , පශ්චාත් සංග්‍රාමික විශාදය (Post Combat Depression) වැනි හේතු නිසාද සොල්දාදුවන් බංකර වලදී දිවි තොර කර ගැනීමට යොමුවූ බවට සාධක තිබෙන නිසාය. මෙම සාධකයන් ගැන කතුවරයා දැණුවත් වූයේ නම් මැනවි. [/SIZE][/FONT] [SIZE=3] [/SIZE][FONT=arial] [SIZE=3] [/SIZE][/FONT] [SIZE=3] [/SIZE][FONT=arial] [SIZE=3]යම් යම් අඩුපාඩු තිබුනද සමස්ත වශයෙන් ගත් කල මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ රණමඟ ඔස්සේ නන්දිකඩාල් ග්‍රන්ථය ඊලාම් යුද්ධය පිලිබඳ ලියැවුණු ටෙස්ටමෝනියක් හෙවත් සාක්ෂාත්කරයක් කිව හැකිය. එවැනි ග්රන්ථයක් පාඨකයාට ලබා දීම වනාහී දැවැන්ත ප්රයත්නයකි. [/SIZE][/FONT] [SIZE=3] [/SIZE][FONT=arial] [SIZE=3] [/SIZE][/FONT] [SIZE=3] [/SIZE][FONT=arial] [SIZE=3] [/SIZE][/FONT] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][FONT=arial][B][SIZE=3]වෛද්‍ය රුවන් එම් ජයතුංග [/SIZE] [/B][/FONT] [url]http://transyl2014.blogspot.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom