Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රණවිරුවෙකුගේ කඳුළු කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රණවිරුවෙකුගේ කඳුළු කතාව

A/L කාලේ ගාල්ලේ කරක් ගැහුවා වගේම කරාපිටියේ වල බහින්නත් අමතක කලේ නෑ! ඒ දවස්වල මගේ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා කරාපිටිය රෝහලේ නැවැත්තුවා. දවස් දෙක තුනක් ඔහුව බලන්න අපි රෝහලට ගියා. තුන් වෙනි දවසේ මම තමයි ඔහු ලඟ හිටියේ..

කරාපිටිය රෝහල කියන්නේ නුහුරු තැනක් නෙවෙයි. ඒ නිසා යාළුවා එක්ක ෆන් එකේ හිටියා. උගේ තුවාලේ පොඩ්ඩක් උද්දන්නත් අමතක කලේ නෑ..

යාළුවට එහා ඇඳවල් දෙකේම හිටියේ ආමි ස්කිනිය ගහපු අයියලා දෙන්නෙක්. මම හිතුවා ආමි එකේ වෙන්න ඇති කියලා. ඇත්තටම ආමි එකේ තමයි. යාළුවගේ ඇඳ ලඟම හිටපු කෙනාගේ කකුල් දෙකම නෑ. වම් අතත් බැන්ඩේජ් කරලා..

එදා රාත්රිය ගෙවිලා ගියා. හිස් ඇඳක් තිබුණ නිසා මටත් හොඳට නිදාගන්න ලැබුණා.

උදේම මම තේ එකක් බීලා එනකොට යාළුවා කිව්වා දැන් ටිකට් කපනවා කියලා. ඒ එක්කම එයා මුහුණ සෝදන් එන්න ගියා.

ඒකෙන් මට අර කකුල් නැති ආමි එකේ අයියා එක්ක ටිකක් කතා කරන්න ලැබුණා.වල් පල් දෙඩුවා.. ගොඩක් සමීප වුණා. ගොඩක් හොඳ කෙනෙක්.

මම ඇහුවා මොකක් වෙලාද කකුල් නැති වුණේ කියලා..

ඔහු මට සම්පූර්ණ කතාවම කිව්වා!

මල්ලි මම මුලින්ම ආමි එකට ආවේ අවුරුදු 22දි. ඒ කාලේ යුද්දෙ ලොකුවටම තිබුණ කාලේ.. අපේ උන් එකා දෙන්නා මැරෙනකොට මට බලන් ඉන්න බැරි වුණා.. අපේ ගෙදර හිටියේ මම විතරයි.මට සහෝදරයෝ නෑ. ඉතින් මම අම්මගෙන් ඇහුවා මමත් ආමි එකට යන්නද කියලා..අම්මා එපා කිව්වා.. කෙල්ලත් එපා කිව්වා.. කවුද මල්ලි යුද්ධ වලට යනවට කැමති.

පස්සේ මම දෙන්නම කැමති කරගෙන ආමි එකට බැඳුනා. මට කිලිනොච්චියේ වැඩ සෙට් වුණේ.. යුද්දේ දරුණුම හරිය.

ඒ දවස් වල ගෙදර එන්නෙත් කලාතුරකින්.ආවම මගේ කෙල්ල මට තුවක්කුව උස්සගන්න බැරි තරම් බරට අතේ පිරිත් නූල් බඳිනවා.. අම්මා කහ වතුරෙන් මාව නාවනවා.. මිරිස් පුච්චනවා.. මාව ඉඹිනවා.. ගෙදර ආවම එක යුද්දයයි!! මතක් වුනත් සතුටුයි මල්ලි..

මම එක පාරක් ආවම මගේ කෙල්ල කිව්වා ඊලඟ පාර ආවම බඳිමු කියලා.. එයා මට පණ වගේ ආදරෙයි මල්ලි. මගෙත් පණ.

අපි සති දෙකකින් විතර බස් එකේ කිලිනොච්චියේ අළුත් බංකරයකට ගියා.

එදා තමයි කාලකන්නිම දවස මල්ලි. මගදි බෝම්බයක් ගැහුවා අපිට. ඒකෙන් ලොකු හානියක් වුණේ නෑ. ඒත් උන් ඇවිත් අපට වෙඩි තිබ්බා. මගේ යාළුවෝ ඇස් ඉස්සරහම මැරුණා. මගේ උරහිසටයි, බඩටයි දෙකක් වැදුනා.

උන් ඇවිත් අපේ බොඩීස් ඔක්කොම එලියට ඇදලා ගත්තා. බොඩීස් ටික පෝලිම් කලා. එතන ලොක්කා වගේ හිටියේ ගෑණියෙක්. දෙමලෙන් මොනවද කියලා තුවක්කුවක් අරගෙන අපේ කකුල් වලට වෙඩි තියාගෙන ගියා. පණ තියෙන උන් ඉන්නවද බලන්න එහෙම කරන්නේ.

මගේ දණහිස් දෙකම කුඩු වෙන්න වැදුනා. කකුල් දෙකම නෑ වගේ දැනුණා. අස්ථි ඔක්කොම කුඩු වෙලා.. මාර ඉවසීමක් ඉවසුවේ මල්ලි. කනක් හරි හෙල්ලුනානම් ඊලඟ උණ්ඩේ බහින්නේ මගේ පපුවට..ඒත් දැන්නම් හිතෙනවා එහෙම උනානම් හොඳයි කියලා. මම ඉවසුවේ මගේ රත්තරං අම්මයි කෙල්ලයි මතක් වෙලා.මට තාත්තා නෑ.

පස්සේ උන් අපේ බොඩීස් දාලා ගියා. උදේට ගන්න වෙන්න ඇති.මේක වුණේ හවස. මම ටිකක් රෑ වෙන්න ඇරලා අපේ පණ තියෙන උන් ඉන්නවද බැලුවා. මම හිටියේ කෙලවරේම. මගේ දකුණු අත විතරයි වැඩ කලේ.. වම් උරහිසටත් වෙඩි වැදුනා..

බඩෙන් ලේ යනවා ගොඩක්. කකුල් වලිනුත් ඒ වගේ.මම අමාරුවෙන් බඩේ රෙදි කෑල්ලක් ගැට ගහගෙන කකුල් වලත් ඔතාගත්තා. කකුල් තියෙනවද කියලාවත් මට දැනුනේ නෑ.පස්සේ දකුණු අතින් ඇදි ඇදි ගියා. තණකොල තිබුණ නිසා පාර හිටින්නේ නෑ. ලේ පාරවල් මමම පිහදැම්මා..

මට මතකයි රෑ අට නවය වගේ වෙනකම්ම මම බඩගෑවා.. ඇස් බොඳවෙනවත් මතකයි.තවත් මට යා ගන්න බැරි වුණා.. මට මතක් වුනේම අම්මයි මගේ කෙල්ලයි. මට අන්තිමට මතක එච්චරයි. එතනදි මට සිහිය නැතිවෙලා..

අපේ කෑම්ප් එකේ අය අපිව හොයන් ඇවිත්.ආරංචිය ගිහින් අපි නැති නිසා. එවෙලෙම වගේ ඔවුන් මාව දැකලා මාව රෝහලට අරන් ගිහින්. ගොඩක් ලේ ගිහින් නිසා මැරෙයිම කිව්වලු. ඒත් බේරිලා. මට හරියට සිහියක් තිබිලා නෑ මාස තුනක් විතර. මනස විකෘති වෙලා.මම එතකොට හිටියේ කොළඹ රෝහලේ.

මට සිහිය ආව ගමන් හොයලා තියෙන්නේ අම්මයි කෙල්ලයි. මම ගාල්ලෙමයි මල්ලි. එයාලා මාව අම්මා පෙන්වන්න එක්ක ආවා.

අනේ දෙයියනේ මගේ අම්මා නැති වෙලා!

මම දන්නෙත් නෑ දෙවියනේ.. මම ඔළුව ඇඳේ ගහගෙන මැරෙන්න හැදුවා.ඒත් යාළුවෝ මගේ කෙල්ල ගැන කියලා මාව නැවත්තුවා.

මට ඒකි ගැන හිතන්නවත් වෙලාවක් තිබුණේ නෑ. මගේ කකුල් දෙකම කපලා.මම ඒක දන්නෙත් පස්සේ..

ටිකක් සනීප වුනාම අපේ මේජර් මාව මගේ කෙල්ල බලන්න එක්ක ගියා.. මට එයා දිහා බලන්න බෑ.මගේ කකුල් දෙකම නෑ.. එයා අඬාවි. එයා හරි ලාමකයි. චූටි දේටත් අඬනවා.ඒත් මට බලන්න ආස හිතුනා.

වෑන් එකෙන් අපි ගෙදරටම ගියා. ගෙවල් වහදාලා. මේජර් අල්ලපු ගෙදර සිරිපාල මාමගෙන් ඇහුවා මේ ගෙදර පියුමි කොහෙද කියලා.. ඒ මගේ කෙල්ලගේ නම..

අනේ මල්ලියෝ..

ඒ මාමා කිව්වා ඒ දුව කසාද බැඳලා පවුල් පිටින්ම කොළඹ ගියා කියලා..

දෙවෙනි වතාවටත් මම මැරුණා මල්ලියෝ..

මම දන්නේ නෑ එයා කැමැත්තෙන් බැන්දද, ගෙදරින් බන්දලා දුන්නද කියලා..

ඒත් එයා තමයි මල්ලි මේ ලෝකේ ඉන්න හොඳම කෙල්ල..

මට තාම මතකයි මගේ අතේ පිරිත් නූල් ගැට ගහන හැටි.. ඒ කාලේ යාළුවෝ මට හිනාවෙනවා සිරීපාදේ ඉඳිකටු පානෙවත් ඔච්චර නූල් නෑ කියලා..

කාලය ගොඩක් දේ වෙනස් කලා මල්ලි.

මම ගොළුයි.. අසරණයි!

මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ!

මම කිව්වා ජීවිතේ ඔහොම තමයි අයියේ. සතුට කියන දේ අපට හරි අඩුවෙන් ලැබෙන්නේ කියලා..

ඔහු කිව්වා

"ඒක ඇත්ත මල්ලි"..

ඒ එක්කම ඔහු ඇහුවා,

උඹ දන්නවද මල්ලි දැන් මගේ අන්තිම බලාපොරොත්තුව..

මොකක්ද අයියේ?

මගේ දකුණු අත දෙයියන්ගේ පිහිටෙන් තාම වැඩ කරනවා මල්ලි. මේ ලෝකෙට මම ගොඩක් දේවල් දුන්නා.. ඉතින් මේ ඉතිරි ටිකත් දැන් අරන් ගිහින් තේරුමක් නෑ. කොහොමහරි තව ටිකක් සනීප වුනාම අපේ මේජර්ව ෂේප් කරගෙන මැරුණම මගේ ඇස් දෙකයි, වකුගඩුයි, අනිත් දන් දෙන්න පුළුවන් දේවලුයි පිනට දෙන්න කොලයක අත්සන් කරගන්න ඕන.මගේ දකුණු අත ඒක කරාවි.

ඒ කිව්වේ අයියේ..

වසනම් බොන්නේ නෑ කොල්ලෝ වකුගඩු දෙන නිසා.. ඒත් අත්සන් කරලා පස්සේ දවසෙම මම මැරෙනවා..

"පිස්සුද අයියේ.. හීනෙකින්වත් හිතන්න එපා."

ඒ මම.

මට මෙහෙම ඉඳන් මගේ අම්මට ගිය තැනකට දෙයක් කරන්නවත් බෑ මල්ලි. මගේ ඇස් දෙක දන් දෙනවා මගේ අම්මට නිවන් දකින්න ලැබෙන්න කියලා.. වකුගඩු දෙක දෙනවා මගේ තාත්තයි කෙල්ලයි වෙනුවෙන්..

එපා කියන්නද හා කියන්නද තියා හුස්මගන්නවත් සිහිය නැති මා එවෙලෙම වගේ යාළුවගේ ටිකට් කපන්න තිබුණ නිසා ඒ වැඩ ටික කරන්නට යන්න සිදු වුණා..

පසුව,

මම මාසයක් සතියට දෙවතාවක් බැගින් ඔහු බලන්න ගියා..

එක දවසක මම යනවිට ඔහු සිටියේ නෑ.ඔහු මාස තුන හතරක් පමණ එහි සිටි නිසා ගොඩක් අය අඳුරනවා.මම ලඟ හිටපු ඇටෙන්ඩන්ස් කෙනෙක්ගෙන් ඇහුවා ඔහු කෝ කියලා..

ඔහු කියපු දේ මට තාම දෝන්කාර දෙනවා.

"එයා සනීප වෙලා අම්මා හිටපු ගෙදර බලන්න යන්න ඕන කියලා ගියා. අම්මගේ ෆොටෝ එකත් තුරුල් කරන් රෝදපුටුවත් එක්කම බැල්කනි එකෙන් වැටිලා මිනිහා මැරිලා"..

කරාපිටියටමයි මිනිය ගෙනත් තියෙන්නේ..

පස්සේ ආරංචි වුණා ඔහුගේ ඇස් දෙකයි, වකුගඩුයි දන් දීලා කියලා..

ඔහු ඔහුගේ අරමුණ ජයගත්තා..

ඒ තරම් කටුක ජීවිතයක් ලස්සනට නිමා කලා..

මහා වෙස්සන්තරයාණනි,

ලේ, මස්, ඇට, මිදුළු සියල්ල මෙන්ම තම පෙම්වතියද ආදරයෙන් අන් අය වෙනුවෙන් දන් දී ගිය නුඹ,

"ඔච්චර ලස්සන හිත ඇයි මට දන් දීලා නොගියේ..?"

අමුතුවෙන් පින් දෙන්න දෙයක් නෑ!

ඔබට කොහොමත් නිවන උරුමයි!!!

- උන්මාදකරු -

සටහන -

Sunindu Shirantha Wickramarachchige

(කරුණාකර සටහනේ අයිතිය සුරකින්න)

(Copied from facebook post)

[QUOTE="Gipsy Danger, post: 22586348, member: 496112"] [b]රණවිරුවෙකුගේ කඳුළු කතාව[/b] A/L කාලේ ගාල්ලේ කරක් ගැහුවා වගේම කරාපිටියේ වල බහින්නත් අමතක කලේ නෑ! ඒ දවස්වල මගේ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා කරාපිටිය රෝහලේ නැවැත්තුවා. දවස් දෙක තුනක් ඔහුව බලන්න අපි රෝහලට ගියා. තුන් වෙනි දවසේ මම තමයි ඔහු ලඟ හිටියේ.. කරාපිටිය රෝහල කියන්නේ නුහුරු තැනක් නෙවෙයි. ඒ නිසා යාළුවා එක්ක ෆන් එකේ හිටියා. උගේ තුවාලේ පොඩ්ඩක් උද්දන්නත් අමතක කලේ නෑ.. යාළුවට එහා ඇඳවල් දෙකේම හිටියේ ආමි ස්කිනිය ගහපු අයියලා දෙන්නෙක්. මම හිතුවා ආමි එකේ වෙන්න ඇති කියලා. ඇත්තටම ආමි එකේ තමයි. යාළුවගේ ඇඳ ලඟම හිටපු කෙනාගේ කකුල් දෙකම නෑ. වම් අතත් බැන්ඩේජ් කරලා.. එදා රාත්රිය ගෙවිලා ගියා. හිස් ඇඳක් තිබුණ නිසා මටත් හොඳට නිදාගන්න ලැබුණා. උදේම මම තේ එකක් බීලා එනකොට යාළුවා කිව්වා දැන් ටිකට් කපනවා කියලා. ඒ එක්කම එයා මුහුණ සෝදන් එන්න ගියා. ඒකෙන් මට අර කකුල් නැති ආමි එකේ අයියා එක්ක ටිකක් කතා කරන්න ලැබුණා.වල් පල් දෙඩුවා.. ගොඩක් සමීප වුණා. ගොඩක් හොඳ කෙනෙක්. මම ඇහුවා මොකක් වෙලාද කකුල් නැති වුණේ කියලා.. ඔහු මට සම්පූර්ණ කතාවම කිව්වා! මල්ලි මම මුලින්ම ආමි එකට ආවේ අවුරුදු 22දි. ඒ කාලේ යුද්දෙ ලොකුවටම තිබුණ කාලේ.. අපේ උන් එකා දෙන්නා මැරෙනකොට මට බලන් ඉන්න බැරි වුණා.. අපේ ගෙදර හිටියේ මම විතරයි.මට සහෝදරයෝ නෑ. ඉතින් මම අම්මගෙන් ඇහුවා මමත් ආමි එකට යන්නද කියලා..අම්මා එපා කිව්වා.. කෙල්ලත් එපා කිව්වා.. කවුද මල්ලි යුද්ධ වලට යනවට කැමති. පස්සේ මම දෙන්නම කැමති කරගෙන ආමි එකට බැඳුනා. මට කිලිනොච්චියේ වැඩ සෙට් වුණේ.. යුද්දේ දරුණුම හරිය. ඒ දවස් වල ගෙදර එන්නෙත් කලාතුරකින්.ආවම මගේ කෙල්ල මට තුවක්කුව උස්සගන්න බැරි තරම් බරට අතේ පිරිත් නූල් බඳිනවා.. අම්මා කහ වතුරෙන් මාව නාවනවා.. මිරිස් පුච්චනවා.. මාව ඉඹිනවා.. ගෙදර ආවම එක යුද්දයයි!! මතක් වුනත් සතුටුයි මල්ලි.. මම එක පාරක් ආවම මගේ කෙල්ල කිව්වා ඊලඟ පාර ආවම බඳිමු කියලා.. එයා මට පණ වගේ ආදරෙයි මල්ලි. මගෙත් පණ. අපි සති දෙකකින් විතර බස් එකේ කිලිනොච්චියේ අළුත් බංකරයකට ගියා. එදා තමයි කාලකන්නිම දවස මල්ලි. මගදි බෝම්බයක් ගැහුවා අපිට. ඒකෙන් ලොකු හානියක් වුණේ නෑ. ඒත් උන් ඇවිත් අපට වෙඩි තිබ්බා. මගේ යාළුවෝ ඇස් ඉස්සරහම මැරුණා. මගේ උරහිසටයි, බඩටයි දෙකක් වැදුනා. උන් ඇවිත් අපේ බොඩීස් ඔක්කොම එලියට ඇදලා ගත්තා. බොඩීස් ටික පෝලිම් කලා. එතන ලොක්කා වගේ හිටියේ ගෑණියෙක්. දෙමලෙන් මොනවද කියලා තුවක්කුවක් අරගෙන අපේ කකුල් වලට වෙඩි තියාගෙන ගියා. පණ තියෙන උන් ඉන්නවද බලන්න එහෙම කරන්නේ. මගේ දණහිස් දෙකම කුඩු වෙන්න වැදුනා. කකුල් දෙකම නෑ වගේ දැනුණා. අස්ථි ඔක්කොම කුඩු වෙලා.. මාර ඉවසීමක් ඉවසුවේ මල්ලි. කනක් හරි හෙල්ලුනානම් ඊලඟ උණ්ඩේ බහින්නේ මගේ පපුවට..ඒත් දැන්නම් හිතෙනවා එහෙම උනානම් හොඳයි කියලා. මම ඉවසුවේ මගේ රත්තරං අම්මයි කෙල්ලයි මතක් වෙලා.මට තාත්තා නෑ. පස්සේ උන් අපේ බොඩීස් දාලා ගියා. උදේට ගන්න වෙන්න ඇති.මේක වුණේ හවස. මම ටිකක් රෑ වෙන්න ඇරලා අපේ පණ තියෙන උන් ඉන්නවද බැලුවා. මම හිටියේ කෙලවරේම. මගේ දකුණු අත විතරයි වැඩ කලේ.. වම් උරහිසටත් වෙඩි වැදුනා.. බඩෙන් ලේ යනවා ගොඩක්. කකුල් වලිනුත් ඒ වගේ.මම අමාරුවෙන් බඩේ රෙදි කෑල්ලක් ගැට ගහගෙන කකුල් වලත් ඔතාගත්තා. කකුල් තියෙනවද කියලාවත් මට දැනුනේ නෑ.පස්සේ දකුණු අතින් ඇදි ඇදි ගියා. තණකොල තිබුණ නිසා පාර හිටින්නේ නෑ. ලේ පාරවල් මමම පිහදැම්මා.. මට මතකයි රෑ අට නවය වගේ වෙනකම්ම මම බඩගෑවා.. ඇස් බොඳවෙනවත් මතකයි.තවත් මට යා ගන්න බැරි වුණා.. මට මතක් වුනේම අම්මයි මගේ කෙල්ලයි. මට අන්තිමට මතක එච්චරයි. එතනදි මට සිහිය නැතිවෙලා.. අපේ කෑම්ප් එකේ අය අපිව හොයන් ඇවිත්.ආරංචිය ගිහින් අපි නැති නිසා. එවෙලෙම වගේ ඔවුන් මාව දැකලා මාව රෝහලට අරන් ගිහින්. ගොඩක් ලේ ගිහින් නිසා මැරෙයිම කිව්වලු. ඒත් බේරිලා. මට හරියට සිහියක් තිබිලා නෑ මාස තුනක් විතර. මනස විකෘති වෙලා.මම එතකොට හිටියේ කොළඹ රෝහලේ. මට සිහිය ආව ගමන් හොයලා තියෙන්නේ අම්මයි කෙල්ලයි. මම ගාල්ලෙමයි මල්ලි. එයාලා මාව අම්මා පෙන්වන්න එක්ක ආවා. අනේ දෙයියනේ මගේ අම්මා නැති වෙලා! මම දන්නෙත් නෑ දෙවියනේ.. මම ඔළුව ඇඳේ ගහගෙන මැරෙන්න හැදුවා.ඒත් යාළුවෝ මගේ කෙල්ල ගැන කියලා මාව නැවත්තුවා. මට ඒකි ගැන හිතන්නවත් වෙලාවක් තිබුණේ නෑ. මගේ කකුල් දෙකම කපලා.මම ඒක දන්නෙත් පස්සේ.. ටිකක් සනීප වුනාම අපේ මේජර් මාව මගේ කෙල්ල බලන්න එක්ක ගියා.. මට එයා දිහා බලන්න බෑ.මගේ කකුල් දෙකම නෑ.. එයා අඬාවි. එයා හරි ලාමකයි. චූටි දේටත් අඬනවා.ඒත් මට බලන්න ආස හිතුනා. වෑන් එකෙන් අපි ගෙදරටම ගියා. ගෙවල් වහදාලා. මේජර් අල්ලපු ගෙදර සිරිපාල මාමගෙන් ඇහුවා මේ ගෙදර පියුමි කොහෙද කියලා.. ඒ මගේ කෙල්ලගේ නම.. අනේ මල්ලියෝ.. ඒ මාමා කිව්වා ඒ දුව කසාද බැඳලා පවුල් පිටින්ම කොළඹ ගියා කියලා.. දෙවෙනි වතාවටත් මම මැරුණා මල්ලියෝ.. මම දන්නේ නෑ එයා කැමැත්තෙන් බැන්දද, ගෙදරින් බන්දලා දුන්නද කියලා.. ඒත් එයා තමයි මල්ලි මේ ලෝකේ ඉන්න හොඳම කෙල්ල.. මට තාම මතකයි මගේ අතේ පිරිත් නූල් ගැට ගහන හැටි.. ඒ කාලේ යාළුවෝ මට හිනාවෙනවා සිරීපාදේ ඉඳිකටු පානෙවත් ඔච්චර නූල් නෑ කියලා.. කාලය ගොඩක් දේ වෙනස් කලා මල්ලි. *********** මම ගොළුයි.. අසරණයි! මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ! මම කිව්වා ජීවිතේ ඔහොම තමයි අයියේ. සතුට කියන දේ අපට හරි අඩුවෙන් ලැබෙන්නේ කියලා.. ඔහු කිව්වා "ඒක ඇත්ත මල්ලි".. ඒ එක්කම ඔහු ඇහුවා, උඹ දන්නවද මල්ලි දැන් මගේ අන්තිම බලාපොරොත්තුව.. මොකක්ද අයියේ? මගේ දකුණු අත දෙයියන්ගේ පිහිටෙන් තාම වැඩ කරනවා මල්ලි. මේ ලෝකෙට මම ගොඩක් දේවල් දුන්නා.. ඉතින් මේ ඉතිරි ටිකත් දැන් අරන් ගිහින් තේරුමක් නෑ. කොහොමහරි තව ටිකක් සනීප වුනාම අපේ මේජර්ව ෂේප් කරගෙන මැරුණම මගේ ඇස් දෙකයි, වකුගඩුයි, අනිත් දන් දෙන්න පුළුවන් දේවලුයි පිනට දෙන්න කොලයක අත්සන් කරගන්න ඕන.මගේ දකුණු අත ඒක කරාවි. ඒ කිව්වේ අයියේ.. වසනම් බොන්නේ නෑ කොල්ලෝ වකුගඩු දෙන නිසා.. ඒත් අත්සන් කරලා පස්සේ දවසෙම මම මැරෙනවා.. "පිස්සුද අයියේ.. හීනෙකින්වත් හිතන්න එපා." ඒ මම. මට මෙහෙම ඉඳන් මගේ අම්මට ගිය තැනකට දෙයක් කරන්නවත් බෑ මල්ලි. මගේ ඇස් දෙක දන් දෙනවා මගේ අම්මට නිවන් දකින්න ලැබෙන්න කියලා.. වකුගඩු දෙක දෙනවා මගේ තාත්තයි කෙල්ලයි වෙනුවෙන්.. එපා කියන්නද හා කියන්නද තියා හුස්මගන්නවත් සිහිය නැති මා එවෙලෙම වගේ යාළුවගේ ටිකට් කපන්න තිබුණ නිසා ඒ වැඩ ටික කරන්නට යන්න සිදු වුණා.. පසුව, මම මාසයක් සතියට දෙවතාවක් බැගින් ඔහු බලන්න ගියා.. එක දවසක මම යනවිට ඔහු සිටියේ නෑ.ඔහු මාස තුන හතරක් පමණ එහි සිටි නිසා ගොඩක් අය අඳුරනවා.මම ලඟ හිටපු ඇටෙන්ඩන්ස් කෙනෙක්ගෙන් ඇහුවා ඔහු කෝ කියලා.. ඔහු කියපු දේ මට තාම දෝන්කාර දෙනවා. "එයා සනීප වෙලා අම්මා හිටපු ගෙදර බලන්න යන්න ඕන කියලා ගියා. අම්මගේ ෆොටෝ එකත් තුරුල් කරන් රෝදපුටුවත් එක්කම බැල්කනි එකෙන් වැටිලා මිනිහා මැරිලා".. කරාපිටියටමයි මිනිය ගෙනත් තියෙන්නේ.. පස්සේ ආරංචි වුණා ඔහුගේ ඇස් දෙකයි, වකුගඩුයි දන් දීලා කියලා.. ඔහු ඔහුගේ අරමුණ ජයගත්තා.. ඒ තරම් කටුක ජීවිතයක් ලස්සනට නිමා කලා.. මහා වෙස්සන්තරයාණනි, ලේ, මස්, ඇට, මිදුළු සියල්ල මෙන්ම තම පෙම්වතියද ආදරයෙන් අන් අය වෙනුවෙන් දන් දී ගිය නුඹ, "ඔච්චර ලස්සන හිත ඇයි මට දන් දීලා නොගියේ..?" අමුතුවෙන් පින් දෙන්න දෙයක් නෑ! ඔබට කොහොමත් නිවන උරුමයි!!! - උන්මාදකරු - සටහන - [URL="https://www.facebook.com/sunindushirantha.wickramarachchige?fref=mentions"]Sunindu Shirantha Wickramarachchige[/URL] (කරුණාකර සටහනේ අයිතිය සුරකින්න) (Copied from facebook post) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom