Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රතන සූත්‍රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව පිණිස වදාළ ආරක්ෂක පිරිත් ලෙස රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත ආදිය එදා පටන් ශ්‍රාවකයන් වනපොත් කරගෙන ආරක්ෂාව සලසාගත් බව සසුන් දන්නෝ දනිත්. කෙසේ නමුත් කර්ම විපාකයෙන් ආවරණය නොවිණි නම්, සිතේ ක්ලේෂාදියෙන් වැසිී නැත්නම්, විශ්වාසය මැනවින් තිබේ නම් කරන පිරිතෙන් හාස්කම් දැක්විය හැක්කේ ය. එය දිව්‍ය ඖෂධයක් කීවත් මදි ය. ඊටත් වඩා බලගතු ය. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ බලය ගැන සිතීමට යම් කරුණක් සිහිකරවන්නම්.

මන්ත්‍ර විද්‍යාව දන්නා අය පෘථග්ජන ලෝකයේ අක්ෂර, ශබ්ද, පද සංයෝගයෙන් නොයෙක් ප්රාතිහාර්යන් සිදු කරයි. අතීතයේ මන්ත්‍ර බලයෙන් නොපෙනී යෑම, අහසින් යෑම, වශී කිරීම, විරසක කිරීම, ගල් පැලීම, ගල් උණු කිරීම, නොයෙක් දේ මැවීම, අංගම් පිල්ලි ආදි නොයෙක් ගුප්ත ක්රමයන් තුළින් විස්කම් දැක්වී ය. අදටත් සමහර විද්‍යාවෝ වෙත්. ඒ සියල්ල අවිද්‍යාවෙන් වැසුණු ලොව අවබෝධ කර නොගත් රාග ද්වේෂ මෝහ තුළ කැළඹුණු ලෝකයේ හපන්කම් ය. ඒත් එක් වචනයෙන් දහසක් ලෝකධාතු කම්පා කරවන, රහතුන් බිහිකරවන, දෙවියන් බඹුන් පවා හිස නමන, හිරු සඳු ද සරණ ගිය, තුන් ලොව අගපත්, සියල්ල දක්නා අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනයේ ආනුභාවය කොතරම් ද? එසේ නම් ඒ ආරක්ෂක පිරිත් දේශනා අප හට කොයි තරම් පිළිසරණක් ද?

සමහර මන්ත්‍රධාරීන් මිය ගියාට පසු ඔහුගේ ශරීරය යක්ෂයන් විසින් ක්‍රෝධයෙන් භක්ෂණය කරන අවස්ථා තිබේ යයි අප කුඩා අවදියේ අපගේ මුත්තාගෙන් අසා තිබේ. ඔවුන්ගේ ඇටකටු පවා හූනියමකි. ඒත් අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුද්ධ වචනය ස්පර්ශ වූ ශ්‍රීමත් දන්ත ධාතූන් වහන්සේලා සුදු බුදුරැස් විහිදුවමින් අදටත් වැඩ සිටිති. බොහෝ දෙනා ස්වර්ග මෝක්ෂ සැප සලසා ගනිති. ඒ උතුම් දන්ත ධාතූන් වහන්සේගේ හත් වරක් ම ස්පර්ශ වූ, එක් වරක දී අසූහාරදහසක් මග ඵල ලැබූ දොළොස් අවුරුදු රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය ක්ෂණයෙන් පහ වූ ගෞතම බුද්ධ ශාසනයේ මහා සත්‍යක්‍රියාව වන රතන සූත්‍රයේ ආනුභාවය වචනයෙන් නම් කෙසේ කියම් ද?

රතන සූත්‍රයේ ආනුභාවය, ආරක්ෂාව සක්වළ ලක්ෂ කෝටියක පැතිරී ඇති බව දෙවියන් සහිත ලෝකයේ ප්‍රසිද්ධ කරුණකි. විසාලා මහනුවර දී යම් ආශීර්වාදයක් රතන සූත්‍රය මුල් කරගෙන සැලසුනා නම් මෙයින් සක්වළ ලක්ෂ කෝටියකින් එහා ද ඒ ආශීර්වාදය ඒ ලෙසින් ම සැලසෙන බව එහි අර්ථය යි. රතන සූත්‍රයේ අර්ථ විස්තරය ඉගෙන ගන්නාවිට ලොමු ඩැහැ ගැන්වේ. පුදුමාකාර බුද්ධානුස්සතියක්, ධම්මානුස්සතියක්, සංඝානුස්සතියක් හට ගනී. ඒ උත්තම සත්‍යක්‍රියාව සිහිකරන විට තවත් නම් ආරක්ෂාවක් අවශ්‍ය නැතැයි සිතෙනු ඇත. රතන සූත්‍රය සජ්ඣායනා කර කර මියගියත් කම් නැතැයි සිතෙනු ඇත.

රතන සූත්‍රය පිරිත් කර ගන්න අයුරු

හොඳින් සිල් සමාදන් ව තෙරුවන් වැඳ හැකි නම් ඇනවුම් පිරිතත් වරක් සජ්ඣායනය කර, රතන සූත්‍රයෙන් අදාළ කාරණය සිහිකර පිරිත් කරන්න. රතන සූත්‍රය යනු උදේ හවස සිහි කළ යුතු මහා ආනුභාව සම්පන්න ආරක්ෂා පිරිත යි. එයින් එහා බලයක් නැතැයි කිව හැකි තරම්. මනා ව සිත පහදවාගෙන වරක් සජ්ඣායනා කළත් ඇති. සිහි කළත් ඇති. සිහි කළත් ප්‍රමාණවත් නම් තුන්වර, සත්වර, විසිඑක් වර, එකසිය අට වර, දහස් වර, ලක්ෂවර සජ්ඣායනා කිරීම ගැන කතා කළ හැකි දෙයක් වේ ද? සිහි කරන්න කරන්න පිහිටයි. වාර ගණන පුරවන්ට වේගයෙන් සජ්ඣායනා කිරීම නිවැරදි දැයි සලකා බලත්වා. හිත ක්ලේෂයෙන් යටපත් වූ විට පිරිතේ බලය ආවරණය වන බව මිලින්ද ප්රශ්නයේ එන බැවිනි. සිත පහන් බව යි, විශ්වාසය යි පෙරට ගනිත්වා! වාර ගණන පසුව සිතත්වා!

රතන සූත්‍රය ආරක්ෂාවට ගන්නා අයුරු

නිතර රතන සූත්‍රය සජ්ඣායනා කරමින් සිටින කෙනාට සියලු උවදුරු දුරුවෙන්නට පටන් ගනී. පළමුවෙන් මෙසේ කරන්න. පිරිසිදු පැන්වලට හෝ තැඹිලි ගෙඩියකට තමාගේ දිව වේලෙන තුරු, තොල් වේලෙන තුරු, උගුර ආතුර වන තුරු, සිතට දැනෙන තුරු රතන සූත්‍රය සජ්ඣායනා කරන්න. එය තුන් වරක් හෝ හත් වරක් හෝ විසි එක් වරක් හෝ සිය වරක් හෝ එකසිය අටවරක් හෝ වන්නට පිළිවනි. ඉන් අනතුරුව එය හිස් බඩට පානය කරන්න. පළමුවෙන් තමා ආරක්ෂා විය යුතු ය. ඉන් අනතුරුව අන් අයට ද සෙත් කළ හැකි ය. පැරණි පොත්පත් හා ජන සංස්කෘතියේ එන ආරක්ෂා විධි කෙම් ක්‍රම අසන්නට කියවන්නට ලැබුණු ලෙස මෙසේ සටහන් කරමු.

අමනුෂ්‍ය කරදරවලට

උතුම් සෑයක්, උතුම් බෝධියක් සමීපයේ හෝ ධාතු මන්දිරයක හෝ බුදුන් වඳින ස්ථානයේ පහනක් දල්වා පිරිත් පැන්, තැඹිලි, අබ, සුවඳ කුඩු, මුහුදු වැලි, නූල්, පිරිත් කිරීමට පිරිසිදු තෙල් ආදිය පිරුවටයක් යෙදූ අසුනක තබා සිල් සමාදන් ව තෙරුවන් වැඳ ඇනවුම් පිරිත කියා රතන සූත්‍රයෙන් පිරිත් කරන්න. අතීතයේ බොහෝ දෙනා 108 වර පිරිත් කිරීමට ප්‍රිය කළහ. එසේ බොහෝ වාර ගණනක් පිරිත් කරනු. ඉන් අනතුරුව ආතුරයාට තැඹිලි හිස් බඩට බොන්න දෙනු. පිරිත් පැන් තුන් වරුව දෙනු. පිරිත් නූල් බඳිනු. අබ හා සුවඳ කුඩු ආතුරයාටත්, නිවසටත් උදේ හවස දින 7ක් දුම් අල්ලනු. පිරිත් තෙලින් උදේ සවස දින 21ක් පහන් දල්වනු. නිවසට ඉඩමට පිරිත් පැන්, මුහුදු වැලි ඉසිනු. සෑම කටයුත්තක දී ම රතන සූත්‍රය සජ්ඣායනා කර කර කරනු. අමනුෂ්‍ය උවදුරුවලට පමණක් නොව භූමි දෝස, බහිරව දෝස, ප්‍රේත දෝස, සියල්ලට ම ප්‍රත්‍යක්ෂයි. නොපෑගුණු තැනකින් ගත් ගල් එලෙස පිරිත් කොට ඉඩමේ වළලනු, භූමි ආරක්ෂාවයි. රන් තැඹිලි තෙල්, සඳුන් තෙල් පිරිත් කොට සුරයක දමා පැලඳීම සියලු යහපතයි.

“යං කිංචි විත්තං” යන ගාථාව කියා පැන් ඉසීමෙන් යක්ෂ දිෂ්ටි දුරු වේ. සෑ මළුවක ගිතෙල් පහන් දල්වා සමන් පිච්ච මල් පුදා රතන සූත්‍රය සජ්ඣායනා කිරීමෙන් (108 වරක්) තමන් කරන්නට යන දේ යහපත් ද අයහපත් ද යන්න තමාට ම පෙන්නුම් කරයි.

පුංචි ළමුන්ට

සිහිනෙන් බය වෙනවාට පිරිත් පැන් දෙනු. පිරිත් තෙල් ගානු. පිරිත් නූල තබනු. කිරි වමන දානවාට මව් කිරට පිරිත් කර දෙනු. බඩ රිදෙනවාට හා පණුවන්ට වදකහ මව් කිරෙන් ගලගා පිරිත් කොට පොවනු. රතු බිබිලි හා හමේ රෝග, සිහිනෙන් බය වීම, ඇඬීම ආදියට අබ පිරිත් කොට දුම් අල්ලනු. අළුවලට පිරිත් කොට මොට්ටු තබනු. ඇඬීම නවතී. නාවනා කල පිරිත් පැන් කලවන් කරනු උවදුරු දුරු වේ. ඉඳුල් කැවීමේ දී පිරිත් කරනු. සියලු ආරක්ෂාවයි. නිතර අඬනවාට පිරිත් කියමින් ළමයාගේ රෙදි කොණ ගැටගසනු. ඇඬීම නවතී.

නඩුහබ හා සතුරු කරදරවල දී තමන් යුක්ති නම් (නිවැරදි නම්) පිරිත් තෙලින් තිලක දී යනු. රන් තැඹිලි තෙල්, සඳුන් තෙල් 108 වර පිරිත් කොට රන් සුරයක හෝ වෙනත් සුරයක දා පැලඳගෙන යනු. යුක්තිය දිනයි. සතුරන් මිතුරු වේ. නිතර ගාථා සිහි කරනු. යුක්තිය දිනයි. සමන් පිච්ච මල් පුදා සෑයක් බෝධියක් ළඟ පිරිත් කොට සතුරන් මැදට යනු. මිතුරු වේ. ඉඩම් ආරවුල්වල දී තමන් යුක්ති නම් සපුමල් පිරිත් කොට ඒ ඉඩමට දමනු. ආරවුල් සන්සිඳේ.

විෂ කැවුනාම

ඇඹුල් වර්ග 5ක් අඬු කෝප්පයක පමණට ගෙන රතන සූත්‍රයෙන් පෙර පරිදි පිරිත් කොට හිස් බඩට බොනු. පැය භාගයකින් එකවිට පිරිත් කළ තැඹිලි ගෙඩියක් බොන්න. සියලු අන වින හූනියම් කැපී යයි. සත්තයි. සීලය සමාදන් ව පහන් සිතින් මෛත්‍රිය වඩමින් කරන්න. ඉක්මන් සුවය සැලසේ. නිතර පිරිත් පැන් බොන්න. දුම් ඇල්ලීම ආදි වත් කරන්න. සර්ප විෂට පිරිත් තෙල් ගානු. විෂ බසී. විෂ ගෙඩිවල දී පිරිත් තෙල් – සර්වවිෂාදී ආදි ඊට ගාන බෙහෙතක් පිරිත් කොට ගා පිරිමදිනු. සුව වේ.

දරුවන් නැතුවාට

සත් දවසක් බඹසර රැක බෝධි පූජා පවත්වා බාර වනු. ස්ත්‍රිය ඍතු වූ දවසේ 108 පිරිත් කොට පැන් බොනු. දරු ගැබ පිහිටයි. පිරිත් පැන් නිතර බොනු. කුස දරුවාට ආරක්ෂාවයි. දරුවන් නැත්නම් ඉහත පරිදි ඇඹුල් පහ පිරිත් කොට බඬේ විෂ නැතිකර ගන්න. දරු ප්‍රසූතියේ දී සියලු ආරක්ෂාවයි. උදේ හවස භාවිත කරනු.

සතුන්ගෙන් වන උවදුරුවලට

පිරිත් තෙල් ගානු. සර්පයෝ නොකත්. කෑවත් විෂ බසී. සපුමල් පිරිත් කොට වී අටු – කොටුවලට දමනු. සතුන් නොකත්. පිරිත් පැනින් ගවයන් නාවනු. ගවයෝ බෝ වෙත්. කැලේ යන විට සිහි කර කර යනු. උවදුරු නොපැමිණෙත්. බීජ ඉසින විට, හාන විට, කුඹුරු කොටන විට පිරිත් කිරීමෙන් සතුන් නොකත්. ගොයමට ඉසිනු. මැස්සන් නැති වේ. තේ වගාවට, රබර් වගාවට, පොල් වගාවට, එළවළු වගාවට, පළතුරු වගාවට සුදුසු පරිදි යොදාගනු. පිස්සු බලු විෂට පිරිත් පැන් දී පිරිත් තෙල් ගානු. සියලු උවදුරුවලට උදේ සවස සිහි කරනු.

වෙනත් රෝග

සියලු රෝග, උවදුරු, උපද්‍රවවල දී පිරිත් කිරීම, පිරිත් පැන් දීම, නූල් දැමීම සියලු ආරක්ෂාව පිණිස පවතී. මෙය භාග්‍යවතුන් වහන්සේගේ ම හදමඩලෙන් පැන නැගුනු සත්‍යක්‍රියා ආශීර්වාදය බැවින් තුන් ලොවට ම ආරක්ෂාව යි. පිරිත් පැන් බොනු. පිරිත් පැනින් මූණ සෝදනු. මූණේ අඳුර නැතිවී ශ්‍රීයා වැඬේ. වසංගත දුරු වේ. පිරිත් තෙල් කකුලේ ගා යන්න. පහසුවෙන් දුර යන්න පුළුවන් වෙයි. ශරීරයට බෙහෙත් අහන්නේ නැතිවාට බෙහෙතට පිරිත් කර දෙනු. බෙහෙත අහයි. මී මැස්මොරේට පිරිත් කොට සතියක් තුන්වරුව පිරිත් පැන් දෙනු. සුව වේ.

සියලු ආරක්ෂාවට නිතර සිහි කරනු, සියලු ආරක්ෂාවයි.

මෝර පිරිත, වැසි පිරිත (මත්ස්‍යරාජ පිරිත), වට්ටක පිරිත ආදිය භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවධියෙහි තිරිසන් සතෙකු ව කළ සත්‍ය ක්‍රියා, ආරක්ෂා බලය කල්පයක් පවතී නම් තුන්ලොව ජයගත් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ නිකෙලෙස් හදමඩලේ පැන නැගුණු සත්‍යක්‍රියාව කොතරම් ආනුභාව සම්පන්න ද? රතන සූත්‍රයේ අර්ථ විමසන විට දී මේ උතුම් සූත්‍ර දේශනාව කියමින් මියගියත් කම් නැතැයි අනිවාර්යයෙන් සිතෙනු ඇත. විශාලා මහනුවර දී පන්ලක්ෂ අසූ අට දහසක් පිනැතියන් මඟ ඵල ලැබූ දේශනාව යි. භාග්‍යවතුන් වහන්සේ සත් වරක් දේශනා කළ දේශනාව යි. රතන සූත්‍රයේ එක් අකුරක රහතන් වහන්සේලා කී නමක් නම් වැඩ සිටීත්ද? මෙතෙක් දේවාලවල ගිය වාරවල දී රතන සූත්‍රය පිරිත් කළා නම් මේ වන විට රතන සූත්‍රය සිද්ධි වනු ඇත. රතන සූත්‍ර ආනුභාවයෙන් කළ නොහැක්කක් නැත. කර්මයෙන් ආවරණය වී නොමැති නම්, සිතේ පංච නීවරණ බලවත් නැත්නම්, විශ්වාසය බලවත් නම් ඒ ශ්‍රද්ධාවන්තයාට රතන සූත්‍රය වනාහි ඉර්ධියකි. එබැවින් රතන සූත්‍රය නිතර භාවිත කරන්න. මුළු ලොවට ම සෙත් පතන්න.

[QUOTE="raterala, post: 25220743, member: 474806"] [SIZE=5]අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව පිණිස වදාළ ආරක්ෂක පිරිත් ලෙස රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත ආදිය එදා පටන් ශ්‍රාවකයන් වනපොත් කරගෙන ආරක්ෂාව සලසාගත් බව සසුන් දන්නෝ දනිත්. කෙසේ නමුත් කර්ම විපාකයෙන් ආවරණය නොවිණි නම්, සිතේ ක්ලේෂාදියෙන් වැසිී නැත්නම්, විශ්වාසය මැනවින් තිබේ නම් කරන පිරිතෙන් හාස්කම් දැක්විය හැක්කේ ය. එය දිව්‍ය ඖෂධයක් කීවත් මදි ය. ඊටත් වඩා බලගතු ය. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ බලය ගැන සිතීමට යම් කරුණක් සිහිකරවන්නම්. මන්ත්‍ර විද්‍යාව දන්නා අය පෘථග්ජන ලෝකයේ අක්ෂර, ශබ්ද, පද සංයෝගයෙන් නොයෙක් ප්රාතිහාර්යන් සිදු කරයි. අතීතයේ මන්ත්‍ර බලයෙන් නොපෙනී යෑම, අහසින් යෑම, වශී කිරීම, විරසක කිරීම, ගල් පැලීම, ගල් උණු කිරීම, නොයෙක් දේ මැවීම, අංගම් පිල්ලි ආදි නොයෙක් ගුප්ත ක්රමයන් තුළින් විස්කම් දැක්වී ය. අදටත් සමහර විද්‍යාවෝ වෙත්. ඒ සියල්ල අවිද්‍යාවෙන් වැසුණු ලොව අවබෝධ කර නොගත් රාග ද්වේෂ මෝහ තුළ කැළඹුණු ලෝකයේ හපන්කම් ය. ඒත් එක් වචනයෙන් දහසක් ලෝකධාතු කම්පා කරවන, රහතුන් බිහිකරවන, දෙවියන් බඹුන් පවා හිස නමන, හිරු සඳු ද සරණ ගිය, තුන් ලොව අගපත්, සියල්ල දක්නා අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනයේ ආනුභාවය කොතරම් ද? එසේ නම් ඒ ආරක්ෂක පිරිත් දේශනා අප හට කොයි තරම් පිළිසරණක් ද? සමහර මන්ත්‍රධාරීන් මිය ගියාට පසු ඔහුගේ ශරීරය යක්ෂයන් විසින් ක්‍රෝධයෙන් භක්ෂණය කරන අවස්ථා තිබේ යයි අප කුඩා අවදියේ අපගේ මුත්තාගෙන් අසා තිබේ. ඔවුන්ගේ ඇටකටු පවා හූනියමකි. ඒත් අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුද්ධ වචනය ස්පර්ශ වූ ශ්‍රීමත් දන්ත ධාතූන් වහන්සේලා සුදු බුදුරැස් විහිදුවමින් අදටත් වැඩ සිටිති. බොහෝ දෙනා ස්වර්ග මෝක්ෂ සැප සලසා ගනිති. ඒ උතුම් දන්ත ධාතූන් වහන්සේගේ හත් වරක් ම ස්පර්ශ වූ, එක් වරක දී අසූහාරදහසක් මග ඵල ලැබූ දොළොස් අවුරුදු රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය ක්ෂණයෙන් පහ වූ ගෞතම බුද්ධ ශාසනයේ මහා සත්‍යක්‍රියාව වන රතන සූත්‍රයේ ආනුභාවය වචනයෙන් නම් කෙසේ කියම් ද? රතන සූත්‍රයේ ආනුභාවය, ආරක්ෂාව සක්වළ ලක්ෂ කෝටියක පැතිරී ඇති බව දෙවියන් සහිත ලෝකයේ ප්‍රසිද්ධ කරුණකි. විසාලා මහනුවර දී යම් ආශීර්වාදයක් රතන සූත්‍රය මුල් කරගෙන සැලසුනා නම් මෙයින් සක්වළ ලක්ෂ කෝටියකින් එහා ද ඒ ආශීර්වාදය ඒ ලෙසින් ම සැලසෙන බව එහි අර්ථය යි. රතන සූත්‍රයේ අර්ථ විස්තරය ඉගෙන ගන්නාවිට ලොමු ඩැහැ ගැන්වේ. පුදුමාකාර බුද්ධානුස්සතියක්, ධම්මානුස්සතියක්, සංඝානුස්සතියක් හට ගනී. ඒ උත්තම සත්‍යක්‍රියාව සිහිකරන විට තවත් නම් ආරක්ෂාවක් අවශ්‍ය නැතැයි සිතෙනු ඇත. රතන සූත්‍රය සජ්ඣායනා කර කර මියගියත් කම් නැතැයි සිතෙනු ඇත. [B]රතන සූත්‍රය පිරිත් කර ගන්න අයුරු[/B] හොඳින් සිල් සමාදන් ව තෙරුවන් වැඳ හැකි නම් ඇනවුම් පිරිතත් වරක් සජ්ඣායනය කර, රතන සූත්‍රයෙන් අදාළ කාරණය සිහිකර පිරිත් කරන්න. රතන සූත්‍රය යනු උදේ හවස සිහි කළ යුතු මහා ආනුභාව සම්පන්න ආරක්ෂා පිරිත යි. එයින් එහා බලයක් නැතැයි කිව හැකි තරම්. මනා ව සිත පහදවාගෙන වරක් සජ්ඣායනා කළත් ඇති. සිහි කළත් ඇති. සිහි කළත් ප්‍රමාණවත් නම් තුන්වර, සත්වර, විසිඑක් වර, එකසිය අට වර, දහස් වර, ලක්ෂවර සජ්ඣායනා කිරීම ගැන කතා කළ හැකි දෙයක් වේ ද? සිහි කරන්න කරන්න පිහිටයි. වාර ගණන පුරවන්ට වේගයෙන් සජ්ඣායනා කිරීම නිවැරදි දැයි සලකා බලත්වා. හිත ක්ලේෂයෙන් යටපත් වූ විට පිරිතේ බලය ආවරණය වන බව මිලින්ද ප්රශ්නයේ එන බැවිනි. සිත පහන් බව යි, විශ්වාසය යි පෙරට ගනිත්වා! වාර ගණන පසුව සිතත්වා! [B]රතන සූත්‍රය ආරක්ෂාවට ගන්නා අයුරු[/B] නිතර රතන සූත්‍රය සජ්ඣායනා කරමින් සිටින කෙනාට සියලු උවදුරු දුරුවෙන්නට පටන් ගනී. පළමුවෙන් මෙසේ කරන්න. පිරිසිදු පැන්වලට හෝ තැඹිලි ගෙඩියකට තමාගේ දිව වේලෙන තුරු, තොල් වේලෙන තුරු, උගුර ආතුර වන තුරු, සිතට දැනෙන තුරු රතන සූත්‍රය සජ්ඣායනා කරන්න. එය තුන් වරක් හෝ හත් වරක් හෝ විසි එක් වරක් හෝ සිය වරක් හෝ එකසිය අටවරක් හෝ වන්නට පිළිවනි. ඉන් අනතුරුව එය හිස් බඩට පානය කරන්න. පළමුවෙන් තමා ආරක්ෂා විය යුතු ය. ඉන් අනතුරුව අන් අයට ද සෙත් කළ හැකි ය. පැරණි පොත්පත් හා ජන සංස්කෘතියේ එන ආරක්ෂා විධි කෙම් ක්‍රම අසන්නට කියවන්නට ලැබුණු ලෙස මෙසේ සටහන් කරමු. [B]අමනුෂ්‍ය කරදරවලට[/B] උතුම් සෑයක්, උතුම් බෝධියක් සමීපයේ හෝ ධාතු මන්දිරයක හෝ බුදුන් වඳින ස්ථානයේ පහනක් දල්වා පිරිත් පැන්, තැඹිලි, අබ, සුවඳ කුඩු, මුහුදු වැලි, නූල්, පිරිත් කිරීමට පිරිසිදු තෙල් ආදිය පිරුවටයක් යෙදූ අසුනක තබා සිල් සමාදන් ව තෙරුවන් වැඳ ඇනවුම් පිරිත කියා රතන සූත්‍රයෙන් පිරිත් කරන්න. අතීතයේ බොහෝ දෙනා 108 වර පිරිත් කිරීමට ප්‍රිය කළහ. එසේ බොහෝ වාර ගණනක් පිරිත් කරනු. ඉන් අනතුරුව ආතුරයාට තැඹිලි හිස් බඩට බොන්න දෙනු. පිරිත් පැන් තුන් වරුව දෙනු. පිරිත් නූල් බඳිනු. අබ හා සුවඳ කුඩු ආතුරයාටත්, නිවසටත් උදේ හවස දින 7ක් දුම් අල්ලනු. පිරිත් තෙලින් උදේ සවස දින 21ක් පහන් දල්වනු. නිවසට ඉඩමට පිරිත් පැන්, මුහුදු වැලි ඉසිනු. සෑම කටයුත්තක දී ම රතන සූත්‍රය සජ්ඣායනා කර කර කරනු. අමනුෂ්‍ය උවදුරුවලට පමණක් නොව භූමි දෝස, බහිරව දෝස, ප්‍රේත දෝස, සියල්ලට ම ප්‍රත්‍යක්ෂයි. නොපෑගුණු තැනකින් ගත් ගල් එලෙස පිරිත් කොට ඉඩමේ වළලනු, භූමි ආරක්ෂාවයි. රන් තැඹිලි තෙල්, සඳුන් තෙල් පිරිත් කොට සුරයක දමා පැලඳීම සියලු යහපතයි. “යං කිංචි විත්තං” යන ගාථාව කියා පැන් ඉසීමෙන් යක්ෂ දිෂ්ටි දුරු වේ. සෑ මළුවක ගිතෙල් පහන් දල්වා සමන් පිච්ච මල් පුදා රතන සූත්‍රය සජ්ඣායනා කිරීමෙන් (108 වරක්) තමන් කරන්නට යන දේ යහපත් ද අයහපත් ද යන්න තමාට ම පෙන්නුම් කරයි. [B]පුංචි ළමුන්ට[/B] සිහිනෙන් බය වෙනවාට පිරිත් පැන් දෙනු. පිරිත් තෙල් ගානු. පිරිත් නූල තබනු. කිරි වමන දානවාට මව් කිරට පිරිත් කර දෙනු. බඩ රිදෙනවාට හා පණුවන්ට වදකහ මව් කිරෙන් ගලගා පිරිත් කොට පොවනු. රතු බිබිලි හා හමේ රෝග, සිහිනෙන් බය වීම, ඇඬීම ආදියට අබ පිරිත් කොට දුම් අල්ලනු. අළුවලට පිරිත් කොට මොට්ටු තබනු. ඇඬීම නවතී. නාවනා කල පිරිත් පැන් කලවන් කරනු උවදුරු දුරු වේ. ඉඳුල් කැවීමේ දී පිරිත් කරනු. සියලු ආරක්ෂාවයි. නිතර අඬනවාට පිරිත් කියමින් ළමයාගේ රෙදි කොණ ගැටගසනු. ඇඬීම නවතී. නඩුහබ හා සතුරු කරදරවල දී තමන් යුක්ති නම් (නිවැරදි නම්) පිරිත් තෙලින් තිලක දී යනු. රන් තැඹිලි තෙල්, සඳුන් තෙල් 108 වර පිරිත් කොට රන් සුරයක හෝ වෙනත් සුරයක දා පැලඳගෙන යනු. යුක්තිය දිනයි. සතුරන් මිතුරු වේ. නිතර ගාථා සිහි කරනු. යුක්තිය දිනයි. සමන් පිච්ච මල් පුදා සෑයක් බෝධියක් ළඟ පිරිත් කොට සතුරන් මැදට යනු. මිතුරු වේ. ඉඩම් ආරවුල්වල දී තමන් යුක්ති නම් සපුමල් පිරිත් කොට ඒ ඉඩමට දමනු. ආරවුල් සන්සිඳේ. [B]විෂ කැවුනාම[/B] ඇඹුල් වර්ග 5ක් අඬු කෝප්පයක පමණට ගෙන රතන සූත්‍රයෙන් පෙර පරිදි පිරිත් කොට හිස් බඩට බොනු. පැය භාගයකින් එකවිට පිරිත් කළ තැඹිලි ගෙඩියක් බොන්න. සියලු අන වින හූනියම් කැපී යයි. සත්තයි. සීලය සමාදන් ව පහන් සිතින් මෛත්‍රිය වඩමින් කරන්න. ඉක්මන් සුවය සැලසේ. නිතර පිරිත් පැන් බොන්න. දුම් ඇල්ලීම ආදි වත් කරන්න. සර්ප විෂට පිරිත් තෙල් ගානු. විෂ බසී. විෂ ගෙඩිවල දී පිරිත් තෙල් – සර්වවිෂාදී ආදි ඊට ගාන බෙහෙතක් පිරිත් කොට ගා පිරිමදිනු. සුව වේ. [B]දරුවන් නැතුවාට[/B] සත් දවසක් බඹසර රැක බෝධි පූජා පවත්වා බාර වනු. ස්ත්‍රිය ඍතු වූ දවසේ 108 පිරිත් කොට පැන් බොනු. දරු ගැබ පිහිටයි. පිරිත් පැන් නිතර බොනු. කුස දරුවාට ආරක්ෂාවයි. දරුවන් නැත්නම් ඉහත පරිදි ඇඹුල් පහ පිරිත් කොට බඬේ විෂ නැතිකර ගන්න. දරු ප්‍රසූතියේ දී සියලු ආරක්ෂාවයි. උදේ හවස භාවිත කරනු. [B]සතුන්ගෙන් වන උවදුරුවලට[/B] පිරිත් තෙල් ගානු. සර්පයෝ නොකත්. කෑවත් විෂ බසී. සපුමල් පිරිත් කොට වී අටු – කොටුවලට දමනු. සතුන් නොකත්. පිරිත් පැනින් ගවයන් නාවනු. ගවයෝ බෝ වෙත්. කැලේ යන විට සිහි කර කර යනු. උවදුරු නොපැමිණෙත්. බීජ ඉසින විට, හාන විට, කුඹුරු කොටන විට පිරිත් කිරීමෙන් සතුන් නොකත්. ගොයමට ඉසිනු. මැස්සන් නැති වේ. තේ වගාවට, රබර් වගාවට, පොල් වගාවට, එළවළු වගාවට, පළතුරු වගාවට සුදුසු පරිදි යොදාගනු. පිස්සු බලු විෂට පිරිත් පැන් දී පිරිත් තෙල් ගානු. සියලු උවදුරුවලට උදේ සවස සිහි කරනු. [B]වෙනත් රෝග[/B] සියලු රෝග, උවදුරු, උපද්‍රවවල දී පිරිත් කිරීම, පිරිත් පැන් දීම, නූල් දැමීම සියලු ආරක්ෂාව පිණිස පවතී. මෙය භාග්‍යවතුන් වහන්සේගේ ම හදමඩලෙන් පැන නැගුනු සත්‍යක්‍රියා ආශීර්වාදය බැවින් තුන් ලොවට ම ආරක්ෂාව යි. පිරිත් පැන් බොනු. පිරිත් පැනින් මූණ සෝදනු. මූණේ අඳුර නැතිවී ශ්‍රීයා වැඬේ. වසංගත දුරු වේ. පිරිත් තෙල් කකුලේ ගා යන්න. පහසුවෙන් දුර යන්න පුළුවන් වෙයි. ශරීරයට බෙහෙත් අහන්නේ නැතිවාට බෙහෙතට පිරිත් කර දෙනු. බෙහෙත අහයි. මී මැස්මොරේට පිරිත් කොට සතියක් තුන්වරුව පිරිත් පැන් දෙනු. සුව වේ. [B]සියලු ආරක්ෂාවට නිතර සිහි කරනු, සියලු ආරක්ෂාවයි.[/B] මෝර පිරිත, වැසි පිරිත (මත්ස්‍යරාජ පිරිත), වට්ටක පිරිත ආදිය භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවධියෙහි තිරිසන් සතෙකු ව කළ සත්‍ය ක්‍රියා, ආරක්ෂා බලය කල්පයක් පවතී නම් තුන්ලොව ජයගත් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ නිකෙලෙස් හදමඩලේ පැන නැගුණු සත්‍යක්‍රියාව කොතරම් ආනුභාව සම්පන්න ද? රතන සූත්‍රයේ අර්ථ විමසන විට දී මේ උතුම් සූත්‍ර දේශනාව කියමින් මියගියත් කම් නැතැයි අනිවාර්යයෙන් සිතෙනු ඇත. විශාලා මහනුවර දී පන්ලක්ෂ අසූ අට දහසක් පිනැතියන් මඟ ඵල ලැබූ දේශනාව යි. භාග්‍යවතුන් වහන්සේ සත් වරක් දේශනා කළ දේශනාව යි. රතන සූත්‍රයේ එක් අකුරක රහතන් වහන්සේලා කී නමක් නම් වැඩ සිටීත්ද? මෙතෙක් දේවාලවල ගිය වාරවල දී රතන සූත්‍රය පිරිත් කළා නම් මේ වන විට රතන සූත්‍රය සිද්ධි වනු ඇත. රතන සූත්‍ර ආනුභාවයෙන් කළ නොහැක්කක් නැත. කර්මයෙන් ආවරණය වී නොමැති නම්, සිතේ පංච නීවරණ බලවත් නැත්නම්, විශ්වාසය බලවත් නම් ඒ ශ්‍රද්ධාවන්තයාට රතන සූත්‍රය වනාහි ඉර්ධියකි. එබැවින් රතන සූත්‍රය නිතර භාවිත කරන්න. මුළු ලොවට ම සෙත් පතන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom