Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රත්ගම විදුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්ගම විදුරද උබට කිව්වේ ඌ හොද මිනිහෙක් කියලා අස්සව ගන්න ත්‍රෙඩ් එකක් දාන්න කියලා?

ඉතාලියට පැන්න රත්ගම විදුරගේ කෙරුවාව

නම : විදුර ලක්ෂාන් ද සොයිසා විජේසිංහ හෙවත් ‘රත්ගම විදුර’

උපන්දිනය : 1978 මාර්තු මස 26 වැනිදා.

ලිපිනය : ගෙවල් 10, පොලීසිය පිටුපස, රත්ගම

ප්‍රතිවාදී කල්ලියක් විසින් සිය මලණුවන් වෙඩි තබා ඝාතනය කරනු ලැබූ පලිය ගැනීමට “පාතාලයේ අයියා” කෙනෙකු වූ පුබුදුමුණී විදුර ලක්ෂාන් ද සොයිසා විජේසිංහ හෙවත් ‘රත්ගම විදුර’ දැන් සිටින්නේ ඉතාලියේ බව මෙරට බුද්ධි අංශ වාර්තා කරයි. ඉකුත් 2006 වර්ෂයේදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් මෙරටින් හොර රහසේ පලා යන විදුර ගැන ඉකුත් සතියේදී මෙරටින් යළිත් ඇසෙන්නට විය. ඒ, ඉකුත් 20 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කිලෝග්‍රෑම් සියයකට අධික ප්‍රමාණය ගැන සිදුකළ විමර්ශනයේදීය. රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් මෙම හෙරොයින් තොගය ඉතාලියේ සිට මෙරටට මුහුදු මාර්ගය ඔස්සේ එවා ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඒවා කොළඹට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබී ඇති බවත් විශේෂ කාර්ය බළකායේ විමර්ශන ඇසට හසුව තිබිණී.

මෙම සිද්ධියේදී සැකකරුවන් තිදෙනෙක් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත්තේ හෙරොයින් තොගයත් සමගය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඉන්දික හෙවත් ‘ලේනා’ නැමැති කොටිකාවත්තේ පදිංචි සැකකරුවකු වෙන අතර මොහු, අංගොඩ ලොක්කාගේ ගුරා වූ ඇල්වල සරත් කුමාර නොහොත් ‘දෙල්ගහවත්තේ චිටී’ ගේ හොඳම ගෝලයා බව බුද්ධි අංශ සඳහන් කරයි.

මෙම හෙරොයින් තොගය ඉතාලියේ සිටින රත්ගම විදුර මෙන්ම ඉතාලියේ සිටින චමින්ද නැමැත්තාගේ බවට තොරතුරුවලින් අනාවරණය වී ඇති බවට විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙකු පවසා තිබිණී. ඉන්දියාවට පැන ගොස් සිටියදී මරණයට පත්වූ අංගොඩ ලොක්කා ගේ හොඳම ගෝලයකු වූ ‘දෙල්ගහවත්තේ රත්තරං’ යන අයගේ සහෝදරයා වූයේ මේ කියන ඉතාලි චමින්දය. දෙල්ගහවත්තේ රත්තරං මීට වසර කිහිපයකට පෙර අංගොඩ මංසන්ධියේදී ඝාතනයට ලක් වෙන්නේ කඩුවෙල සමයංගේ නියෝගයකට අනුවය. විදෙස් ගතව සිටි විදුර ගැන නැවතත් කතා කරන්නට වූයේ මේ හෙරොයින් තත්ත්වය නිසාවෙනි.

පුබුදුමුණී දිනුර ලක්ෂාන් ද සොයිසා විජේසිංහ නමැති තම බාල සහෝදරයා ප්‍රතිවාදී කල්ලියෙන් වෙඩි පහර කා මියගිය පසු රත්ගම විදුර කළේ තම අනෙක් සහෝදරයා වන කපිල ද සමග ගොස් මල්ලී මැරූ එකා මරා දැමීමය. ඒ වන විටත් ගමේ අයියා කෙනෙකු ලෙසින් කරළියට එමින් සිටි විදුර, මේ සිදුවීම පාලමක් කර ගත්තා වැනිය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෙබළ අංක එස් පී 19255 යටතේ කලක් සේවය කරමින් සිටි විදුර, රට ගැන හිතනවාට වඩා සිතුවේ වෙනත් අරමුණක් ගැනය. ඒ හේතුවෙන්ම නාවික හමුදාව සදහටම අත්හැරි ඔහු ගමේ කල්ලි සාමාජිකත්වයට නායකත්වය දුන්නේය.

කප්පම් ගැනීම් පැහැර ගැනීම් අතින් ඉදිරියට එමින් සිටි විදුරගේ කණ්ඩායමට එක්ව සිටියේ, ගීත් මෙන්ඩිස් ගුණසේකර, ලියනාරච්චිගේ දොන් ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන නොහොත් ‘බවුසර් දුෂාන්ත’, ලියනගේ වසන්ත මෙන්ඩිස් නොහොත් ‘සේල් වසන්ත’, මොරුක්කුවා දුර ලලිත් වසන්ත මෙන්ඩිස් නොහොත් ‘ලලිත් අයියා’, යන අයය.

මෙරට බුද්ධි අංශ පෙන්වා දෙන අලුත්ම වාර්තා අනුව මොහොමඩ් සිද්ධික්, දෙමටගොඩ රුවන්, බොරැල්ලේ කුඩු තිලාන්, වැලිගම චින්තක, තංගල්ලේ රණා, මාතර රසික, කොස්ගොඩ තාරක, පොඩි ලැසී, මීගමුවේ ලොම්බේ නිමල්, වාරියපොළ සරංග යන අය අතුළු මේ පිරිස් බන්ධනාගාරයේ සිට හෝ එළියේ සිට අඩු වැඩි වශයෙන් මෙරට හෙරොයින් ඡාවාරම සිදුකරන බව සඳහන් වෙයි.

මාකදුරේ මධූෂ් මෙන්ම කංජිපානි ඉම්රාන් ඩුබායි රාජ්‍යයේ දී පොලීසියට කොටු කරන්නේ ඩුබායි මොරිල් නොහොත් අන්නාසි මොරිල් බවට ඉකුත් කාලවකවානුවේදී බුද්ධි අංශ සොයා ගෙන තිබිණී. මේ කියන අන්නාසි මොරිල් සෘජුවම පාකිස්ථානය සමග සම්බන්ධ වෙමින් මෙරටට හෙරොයින් ගෙන්වීම සිදුකරමින් සිටින බවත්, මැලේසියාවේ සිටින ප්‍රබල ව්‍යාපාරිකයකු වන මුජහිඩීන් ද ඩුබායි සිටි ශිරාන් බාසික් ද යන අය ද මේ වන විට හොරොයින් මාෆියාවේ කරළියට පැමිණ සිටි අයවලුන් වන බවත් බුද්ධි අංශ වාර්තා මගින් අනාවරණය කර ගෙන තිබිණී. නවතම බුද්ධි අංශ වාර්තා අනුව මේ කියන අයට නොදෙවෙනිව දැන් නම් කියැවෙන්නේ රත්ගම විදුර, කොස්ගොඩ සුජී සහ ඉතාලි චමින්ද ගැනය.

හෙරොයින් කියූ සැණින් අපේ රටේ ඕනෑම ලොකු පොඩි කා අතරත් එක්වරම මතකයට නැගෙන්නේ ‘මාකදුරේ මධූෂ්’ සහ ‘වෙලේ සුදා’ ය. අද මධූෂ් නොඑන්නම ගොසින්ය. වෙලේසුදා ඉන්නේ බූස්ස බන්ධනාගාරයේ සිරගතවය. මේ දෙදෙනාගෙන් මිදුනු හෙරොයින් ලෝකයේ දැන් රඟන්නේ ඉහත කී ලොකු අයියලා බව බුද්ධි අංශ තහවුරු කරගෙන තිබිණි.

මෙම හෙරොයින් තොගය ඉතාලියේ සිටින රත්ගම විදුර මෙන්ම ඉතාලියේ සිටින චමින්ද නැමැත්තාගේ බවට තොරතුරුවලින් අනාවරණය වී ඇති බවට විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙකු පවසා තිබිණී. ඉන්දියාවට පැන ගොස් සිටියදී මරණයට පත්වූ අංගොඩ ලොක්කා ගේ හොඳම ගෝලයකු වූ ‘දෙල්ගහවත්තේ රත්තරං’ යන අයගේ සහෝදරයා වූයේ මේ කියන ඉතාලි චමින්දය.

මාකදුරේ මධූෂ්ට රත්ගම විදුර මුණගැසෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේ දීය. තම සහෝදරයා මැරූ පලිය ගත් විදුර බන්ධනාගාර ගත වෙයි. ඒ 2005 වර්ෂයේදී බවට සඳහන් වෙයි. එහිදී මධූෂ්, විදුර කුලුපග මිතුරන් විය. කලක් ගතවූ පසු මධූෂ් හිරගේ තුළ සිටියදී විදුර එළියට එයි. මධූෂ් හිරෙන් ඇප ලබා එද්දී විදුර පැදුරටත් නොකියා පලා ගොස් සිටියේය. විදුරත් මධූෂුත් එකට එක්ව හෙරොයින් ව්‍යාපාරයේ නිරත වූ බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන නොතිබිණි.

කොස්ගොඩ සුජී, මාකදුරේ මධූෂ් හැරුණු කොට දකුණු පළාත හොල්ලාගෙන සිටි එස් ටී එෆ් නදුන්ය. දැන් ඔහුද සිටින්නේ ඉතාලියේය. නදුන් යනු කොස්ගොඩ සුජීගේ ළඟම ඥාතියෙකි. සුජී පාතාලයට අත් පොත් තැබුවේ නදුන්ගෙනි. කලක් රත්ගම හොල්ලාගෙන හිටි රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් විදුරගේ සහ නදුන්ගේ සහචරයින්ගෙන් බේරීමට රත්ගම සිට හික්කඩුවට එයි. ඒ, රත්ගම තමන්ට ආරක්ෂිත තැනක් නොවන බවට මනෝජ් මෙන්ඩිස්ට සිතුණ නිසාය. මනෝජ් මෙන්ඩිස් හික්කඩුවට එන්නේ විදුරගේ කල්ලියේ ‘ගීත්’ ව වෙඩි තබා ඝාතනය කර සදාකාලිකවම නිහඩ කරවාය.

පොඩි ලැසී යනු රත්ගම විදුරගේ සමීපතම ගෝලයෙකි. තම පියා සහ සහෝදරයා ඝාතනය කිරීම පිටුපස මනෝජ් මෙන්ඩිස් සිටිතැයි පොඩි ලැසී සැක කරමින් සිටියේය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සිතූ විදුර, පොඩි ලැසීගේ සිතුවිලිවලට පෝර දැම්මේය. අවසානයේදී හික්කඩුව හෝටලයකදී පොඩි ලැසීගේ ගිනි අවියෙන් නිකුත් වූ වෙඩි උණ්ඩයකට නතුව මනෝජ් මෙන්ඩිස් ජීවිතයෙන් සමු ගත්තේය.

නදුන් දැන් නිහඬය. එහෙත් විදුර වරින් වර කරළියට එයි. 2013 වර්ෂයේදී මෙරට සිට මැදපෙරදිගට හෙරොයින් බෙදා හැරීමේ ජාවාරමක් රත්ගම විදුර විසින් සිදුකළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ හෙළිදරව්වකදී සඳහන් විණි. රුපියල් කෝටි 6ක් වටිනා හෙරොයින් කිලෝ 10ක් හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත්හ. එම සැකකරුවන් ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයන්ය. ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම ඉතාලියේ සිටින මාෆියා කල්ලියක් සමග රත්ගම විදුර සිදුකරන බවකි.

එසේම, 2013 වර්ෂයේ නොවැම්බර් මස 5 වැනිදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ලයිබීරියානු ජාතිකයකුගේ ගමන් මල්ලේ තිබී සොයා ගත් විසිටින් කාඩ් පතෙන් තහවුරු වී ඇත්තේ ද මෙම ජාවාරම රත්ගම විදුර මුල්වී සිදුකරන්නට යෙදුන එකක් බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තොරතුරු අනාවරණය කරගෙන තිබිණී.

මෙරට නොසිටියත් රත්ගම විදුර මෙන්ම විදෙස් ගතව සිටින බොහෝ පාතාල අයියලා මේ රට විනාශ කරන්නට මේ දරන වෑයම ගැන ආරක්ෂක අංශවල විශේෂ අවධානය යොමු විය යුතුමය. මධූෂ්, අංගොඩ ලොක්කා, රත්මලානේ රොහා මේ කියන අය අද මරු තුරුල්ලේය. මහා පරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන වෙලේ සුදා ද ඉන්නේ කිසිවක් කර කියා ගත නොහැකි ව බූස්ස බන්ධනාගාරයේය. ඒත් මේ ‘කුඩු’ ඉවරයි ද? මේවා කාගේද? විදෙස් ගතව සිටින මේ අයියලා සිදුකරන්නේ කුමක්ද? කොරෝනා වයිරසය මේ සියල්ල ගිලගෙන තිබුණත්, මේ කුඩු ගැන ද අවධානය යොමු නොකළොත් අපේ රටේ අනාගතයට කුමක් වේදැයි කාට නම් කිව හැකිද?

ලංකාදීප

[QUOTE="kasun_kbp, post: 28675419, member: 534657"] රත්ගම විදුරද උබට කිව්වේ ඌ හොද මිනිහෙක් කියලා අස්සව ගන්න ත්‍රෙඩ් එකක් දාන්න කියලා? ඉතාලියට පැන්න රත්ගම විදුරගේ කෙරුවාව නම : විදුර ලක්ෂාන් ද සොයිසා විජේසිංහ හෙවත් ‘රත්ගම විදුර’ උපන්දිනය : 1978 මාර්තු මස 26 වැනිදා. ලිපිනය : ගෙවල් 10, පොලීසිය පිටුපස, රත්ගම ප්‍රතිවාදී කල්ලියක් විසින් සිය මලණුවන් වෙඩි තබා ඝාතනය කරනු ලැබූ පලිය ගැනීමට “පාතාලයේ අයියා” කෙනෙකු වූ පුබුදුමුණී විදුර ලක්ෂාන් ද සොයිසා විජේසිංහ හෙවත් ‘රත්ගම විදුර’ දැන් සිටින්නේ ඉතාලියේ බව මෙරට බුද්ධි අංශ වාර්තා කරයි. ඉකුත් 2006 වර්ෂයේදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් මෙරටින් හොර රහසේ පලා යන විදුර ගැන ඉකුත් සතියේදී මෙරටින් යළිත් ඇසෙන්නට විය. ඒ, ඉකුත් 20 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කිලෝග්‍රෑම් සියයකට අධික ප්‍රමාණය ගැන සිදුකළ විමර්ශනයේදීය. රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් මෙම හෙරොයින් තොගය ඉතාලියේ සිට මෙරටට මුහුදු මාර්ගය ඔස්සේ එවා ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඒවා කොළඹට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබී ඇති බවත් විශේෂ කාර්ය බළකායේ විමර්ශන ඇසට හසුව තිබිණී. මෙම සිද්ධියේදී සැකකරුවන් තිදෙනෙක් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත්තේ හෙරොයින් තොගයත් සමගය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඉන්දික හෙවත් ‘ලේනා’ නැමැති කොටිකාවත්තේ පදිංචි සැකකරුවකු වෙන අතර මොහු, අංගොඩ ලොක්කාගේ ගුරා වූ ඇල්වල සරත් කුමාර නොහොත් ‘දෙල්ගහවත්තේ චිටී’ ගේ හොඳම ගෝලයා බව බුද්ධි අංශ සඳහන් කරයි. මෙම හෙරොයින් තොගය ඉතාලියේ සිටින රත්ගම විදුර මෙන්ම ඉතාලියේ සිටින චමින්ද නැමැත්තාගේ බවට තොරතුරුවලින් අනාවරණය වී ඇති බවට විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙකු පවසා තිබිණී. ඉන්දියාවට පැන ගොස් සිටියදී මරණයට පත්වූ අංගොඩ ලොක්කා ගේ හොඳම ගෝලයකු වූ ‘දෙල්ගහවත්තේ රත්තරං’ යන අයගේ සහෝදරයා වූයේ මේ කියන ඉතාලි චමින්දය. දෙල්ගහවත්තේ රත්තරං මීට වසර කිහිපයකට පෙර අංගොඩ මංසන්ධියේදී ඝාතනයට ලක් වෙන්නේ කඩුවෙල සමයංගේ නියෝගයකට අනුවය. විදෙස් ගතව සිටි විදුර ගැන නැවතත් කතා කරන්නට වූයේ මේ හෙරොයින් තත්ත්වය නිසාවෙනි. පුබුදුමුණී දිනුර ලක්ෂාන් ද සොයිසා විජේසිංහ නමැති තම බාල සහෝදරයා ප්‍රතිවාදී කල්ලියෙන් වෙඩි පහර කා මියගිය පසු රත්ගම විදුර කළේ තම අනෙක් සහෝදරයා වන කපිල ද සමග ගොස් මල්ලී මැරූ එකා මරා දැමීමය. ඒ වන විටත් ගමේ අයියා කෙනෙකු ලෙසින් කරළියට එමින් සිටි විදුර, මේ සිදුවීම පාලමක් කර ගත්තා වැනිය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෙබළ අංක එස් පී 19255 යටතේ කලක් සේවය කරමින් සිටි විදුර, රට ගැන හිතනවාට වඩා සිතුවේ වෙනත් අරමුණක් ගැනය. ඒ හේතුවෙන්ම නාවික හමුදාව සදහටම අත්හැරි ඔහු ගමේ කල්ලි සාමාජිකත්වයට නායකත්වය දුන්නේය. කප්පම් ගැනීම් පැහැර ගැනීම් අතින් ඉදිරියට එමින් සිටි විදුරගේ කණ්ඩායමට එක්ව සිටියේ, ගීත් මෙන්ඩිස් ගුණසේකර, ලියනාරච්චිගේ දොන් ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන නොහොත් ‘බවුසර් දුෂාන්ත’, ලියනගේ වසන්ත මෙන්ඩිස් නොහොත් ‘සේල් වසන්ත’, මොරුක්කුවා දුර ලලිත් වසන්ත මෙන්ඩිස් නොහොත් ‘ලලිත් අයියා’, යන අයය. මෙරට බුද්ධි අංශ පෙන්වා දෙන අලුත්ම වාර්තා අනුව මොහොමඩ් සිද්ධික්, දෙමටගොඩ රුවන්, බොරැල්ලේ කුඩු තිලාන්, වැලිගම චින්තක, තංගල්ලේ රණා, මාතර රසික, කොස්ගොඩ තාරක, පොඩි ලැසී, මීගමුවේ ලොම්බේ නිමල්, වාරියපොළ සරංග යන අය අතුළු මේ පිරිස් බන්ධනාගාරයේ සිට හෝ එළියේ සිට අඩු වැඩි වශයෙන් මෙරට හෙරොයින් ඡාවාරම සිදුකරන බව සඳහන් වෙයි. මාකදුරේ මධූෂ් මෙන්ම කංජිපානි ඉම්රාන් ඩුබායි රාජ්‍යයේ දී පොලීසියට කොටු කරන්නේ ඩුබායි මොරිල් නොහොත් අන්නාසි මොරිල් බවට ඉකුත් කාලවකවානුවේදී බුද්ධි අංශ සොයා ගෙන තිබිණී. මේ කියන අන්නාසි මොරිල් සෘජුවම පාකිස්ථානය සමග සම්බන්ධ වෙමින් මෙරටට හෙරොයින් ගෙන්වීම සිදුකරමින් සිටින බවත්, මැලේසියාවේ සිටින ප්‍රබල ව්‍යාපාරිකයකු වන මුජහිඩීන් ද ඩුබායි සිටි ශිරාන් බාසික් ද යන අය ද මේ වන විට හොරොයින් මාෆියාවේ කරළියට පැමිණ සිටි අයවලුන් වන බවත් බුද්ධි අංශ වාර්තා මගින් අනාවරණය කර ගෙන තිබිණී. නවතම බුද්ධි අංශ වාර්තා අනුව මේ කියන අයට නොදෙවෙනිව දැන් නම් කියැවෙන්නේ රත්ගම විදුර, කොස්ගොඩ සුජී සහ ඉතාලි චමින්ද ගැනය. හෙරොයින් කියූ සැණින් අපේ රටේ ඕනෑම ලොකු පොඩි කා අතරත් එක්වරම මතකයට නැගෙන්නේ ‘මාකදුරේ මධූෂ්’ සහ ‘වෙලේ සුදා’ ය. අද මධූෂ් නොඑන්නම ගොසින්ය. වෙලේසුදා ඉන්නේ බූස්ස බන්ධනාගාරයේ සිරගතවය. මේ දෙදෙනාගෙන් මිදුනු හෙරොයින් ලෝකයේ දැන් රඟන්නේ ඉහත කී ලොකු අයියලා බව බුද්ධි අංශ තහවුරු කරගෙන තිබිණි. මෙම හෙරොයින් තොගය ඉතාලියේ සිටින රත්ගම විදුර මෙන්ම ඉතාලියේ සිටින චමින්ද නැමැත්තාගේ බවට තොරතුරුවලින් අනාවරණය වී ඇති බවට විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙකු පවසා තිබිණී. ඉන්දියාවට පැන ගොස් සිටියදී මරණයට පත්වූ අංගොඩ ලොක්කා ගේ හොඳම ගෝලයකු වූ ‘දෙල්ගහවත්තේ රත්තරං’ යන අයගේ සහෝදරයා වූයේ මේ කියන ඉතාලි චමින්දය. මාකදුරේ මධූෂ්ට රත්ගම විදුර මුණගැසෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේ දීය. තම සහෝදරයා මැරූ පලිය ගත් විදුර බන්ධනාගාර ගත වෙයි. ඒ 2005 වර්ෂයේදී බවට සඳහන් වෙයි. එහිදී මධූෂ්, විදුර කුලුපග මිතුරන් විය. කලක් ගතවූ පසු මධූෂ් හිරගේ තුළ සිටියදී විදුර එළියට එයි. මධූෂ් හිරෙන් ඇප ලබා එද්දී විදුර පැදුරටත් නොකියා පලා ගොස් සිටියේය. විදුරත් මධූෂුත් එකට එක්ව හෙරොයින් ව්‍යාපාරයේ නිරත වූ බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන නොතිබිණි. කොස්ගොඩ සුජී, මාකදුරේ මධූෂ් හැරුණු කොට දකුණු පළාත හොල්ලාගෙන සිටි එස් ටී එෆ් නදුන්ය. දැන් ඔහුද සිටින්නේ ඉතාලියේය. නදුන් යනු කොස්ගොඩ සුජීගේ ළඟම ඥාතියෙකි. සුජී පාතාලයට අත් පොත් තැබුවේ නදුන්ගෙනි. කලක් රත්ගම හොල්ලාගෙන හිටි රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් විදුරගේ සහ නදුන්ගේ සහචරයින්ගෙන් බේරීමට රත්ගම සිට හික්කඩුවට එයි. ඒ, රත්ගම තමන්ට ආරක්ෂිත තැනක් නොවන බවට මනෝජ් මෙන්ඩිස්ට සිතුණ නිසාය. මනෝජ් මෙන්ඩිස් හික්කඩුවට එන්නේ විදුරගේ කල්ලියේ ‘ගීත්’ ව වෙඩි තබා ඝාතනය කර සදාකාලිකවම නිහඩ කරවාය. පොඩි ලැසී යනු රත්ගම විදුරගේ සමීපතම ගෝලයෙකි. තම පියා සහ සහෝදරයා ඝාතනය කිරීම පිටුපස මනෝජ් මෙන්ඩිස් සිටිතැයි පොඩි ලැසී සැක කරමින් සිටියේය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සිතූ විදුර, පොඩි ලැසීගේ සිතුවිලිවලට පෝර දැම්මේය. අවසානයේදී හික්කඩුව හෝටලයකදී පොඩි ලැසීගේ ගිනි අවියෙන් නිකුත් වූ වෙඩි උණ්ඩයකට නතුව මනෝජ් මෙන්ඩිස් ජීවිතයෙන් සමු ගත්තේය. නදුන් දැන් නිහඬය. එහෙත් විදුර වරින් වර කරළියට එයි. 2013 වර්ෂයේදී මෙරට සිට මැදපෙරදිගට හෙරොයින් බෙදා හැරීමේ ජාවාරමක් රත්ගම විදුර විසින් සිදුකළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ හෙළිදරව්වකදී සඳහන් විණි. රුපියල් කෝටි 6ක් වටිනා හෙරොයින් කිලෝ 10ක් හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත්හ. එම සැකකරුවන් ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයන්ය. ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම ඉතාලියේ සිටින මාෆියා කල්ලියක් සමග රත්ගම විදුර සිදුකරන බවකි. එසේම, 2013 වර්ෂයේ නොවැම්බර් මස 5 වැනිදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ලයිබීරියානු ජාතිකයකුගේ ගමන් මල්ලේ තිබී සොයා ගත් විසිටින් කාඩ් පතෙන් තහවුරු වී ඇත්තේ ද මෙම ජාවාරම රත්ගම විදුර මුල්වී සිදුකරන්නට යෙදුන එකක් බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තොරතුරු අනාවරණය කරගෙන තිබිණී. මෙරට නොසිටියත් රත්ගම විදුර මෙන්ම විදෙස් ගතව සිටින බොහෝ පාතාල අයියලා මේ රට විනාශ කරන්නට මේ දරන වෑයම ගැන ආරක්ෂක අංශවල විශේෂ අවධානය යොමු විය යුතුමය. මධූෂ්, අංගොඩ ලොක්කා, රත්මලානේ රොහා මේ කියන අය අද මරු තුරුල්ලේය. මහා පරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන වෙලේ සුදා ද ඉන්නේ කිසිවක් කර කියා ගත නොහැකි ව බූස්ස බන්ධනාගාරයේය. ඒත් මේ ‘කුඩු’ ඉවරයි ද? මේවා කාගේද? විදෙස් ගතව සිටින මේ අයියලා සිදුකරන්නේ කුමක්ද? කොරෝනා වයිරසය මේ සියල්ල ගිලගෙන තිබුණත්, මේ කුඩු ගැන ද අවධානය යොමු නොකළොත් අපේ රටේ අනාගතයට කුමක් වේදැයි කාට නම් කිව හැකිද? [URL='https://www.lankadeepa.lk/rasawitha/%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1--%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A--%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80/57-582912']ලංකාදීප[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom