Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
රථවාහන පොලිසිය නීතිය ගැන නිසි අවබෝධයක් නැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රථවාහන පොලිසිය නීතිය ගැන නිසි අවබෝධයක් න&#3536

ථ වාහන රාජකාරි කරන පොලිස් නිලධාරීන් සුවිශේෂී බලයක් ආරෝපණය කර ගනිමින් ක්‍රියා කරන බවත් බොහොමයක් රථ වාහන රාජකාරි කරන පොලිස් නිලධාරීන් හුදෙක්ම නඩු එකතු කර ගැනීමේ කාර්යය සඳහා පමණක් නීතිය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව ඔවුන්ගේ අභිමතය මහා මාර්ගයේදී දැඩි ලෙස යොදා ගනිමින් පුද්ගලයන් අපහසුතාවට පත් කරන බවත් පුත්තලම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පවසයි.

පුත්තලම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා මේ බව ප්‍රකාශ කෙළේ ජංගම දුරකතනයකින් කතා කරමින් ලොරියක් පැදවූ බවට ආණමඩුව සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි නිකවැරටිය ලේක් රවුන්ඩ් පාර, මොහොමඩ් බාස්ඛාන් අහමඩ් පාරුක් නමැති විත්තිකරුට එරෙහිව තිබූ චෝදනාවෙන් නිෙදාස් කොට නිදහස් කර ඔහු මුදා හැරීමට නියෝග කරමිනි.

විත්තිකාර මොහොමඩ් බාස්ඛාන් අහමඩ් පාරුක් නමැත්තාට එරෙහිව මේ නඩුව ආණමඩුව සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණේ පල්ලම පොලිසියේ ස්ථානාධිපතිවරයා විසිනි.

විත්තිකරු ඔහුට එරෙහිව තිබූ චෝදනාවෙන් නිෙදාස් කොට නිදහස් කිරීමට නියෝග කරමින් පුත්තලම මහෙස්ත්‍රාත් දිසානායක මහතා ආණමඩුව සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේදී ලබාදී ඇති එම ලිඛිත නියෝගයේ තවදුරටත් මෙසේ සඳහන් වේ. රථ වාහන රාජකාරිවල නිරතව සිටින පොලිස් නිලධාරීන් හුදෙක්ම නඩු එකතු කර ගැනිමේ කාර්යය සඳහා පමණක් නීතිය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව ඔවුන්ගේ අභිමතය මහා මාර්ගයේදී ඉතා දැඩිව යොදා ගනිමින් පුද්ගලයන් අපහසුතාවට පත් කරන බව මේ නඩු විභාගය අතරතුර ලබාදුන් සාක්ෂි මඟින් පැහැදිලි වෙනවා.

මේ නඩුවට පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු ලෙස පල්ලම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලබාදී ඇති සාක්ෂි අනුව මේ නඩුවේ චූදිත අදාළ රථ වාහන වරද සිදුකළ බව කියන දිනයේ නඩු ලබා ගැනීම සඳහා පොලිසියෙන් පිටව ගිය බව සඳහන් කර ඇති අතර එම ප්රකාශයෙන්ම නඩු එකතු කිරීම සම්බන්ධයෙන් පොලිසියේ පවතින ක්‍රමවේදය මනාව පැහැදිලි වේ.

මේ නඩුවේ චූදිත නීතිඥයකු නොමැතිව සාක්ෂිකාර පොලිස් නිලධාරින්ගෙන් හරස් ප්‍රශ්න අසා ඇති අතර චූදිත සාක්ෂිකාර පොලිස් නිලධාරීන්ගෙන් හරස් ප්‍රශ්න ඇසිමේදී සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරීන් කොපමණ අපහසුතාවට පත්වූයේද යන්න නඩු විභාගය අවස්ථාවේදී මා හට නිරීක්ෂණය විය. විශේෂයෙන්ම සාක්ෂිකාර පොලිස් නිලධාරීන්ගෙන් අසන ලද ප්රශ්නවලදී චූදිත විසින් කරන ලදවරද මෝටර් රථ පනතේ කුමන වගන්තියක් යටතේ සඳහන් වන වරදක්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව කරුණු දැක්වීමට පවා සාක්ෂිකාර පොලිස් නිලධාරීන් අසමත්වීය. ජංගම දුරකතනයකින් අමතමින් රිය පැදවීම සහ අපරික්ෂාකාරී ලෙස ඵය පැදවීම යන චෝදනා දෙකක් එක් කොට දඬුවම් නියම කරන වගන්තිය ලෙස 224 වගන්තිය ඇතුළත් කරමින් ඉතා වැරැදි සහගත ලෙස පැමිණිල්ලක් අධිකරණයට ගොනු කර ඇත. මේ නඩුවේ පැමිණිල්ලේ එක,දෙක, සහ තුන වැනි සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරීන් තිදෙනා ප්‍රකාශ කර සිටියේ මේ නඩුවේ චූදිත ජංගම දුරකතනයකින් අමතමින් රිය පැදවූ බවයි.

එහෙත් මේ නඩුවේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන විශේෂයෙන්ම පල්ලම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජංගම දුරකතනයකින් කතා කරමින් රිය පැදවීම වරදක්ද යන්න පවා නොදැන සිටි බවද පැහැදිලි වේ. ඒ සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය පැහැදිලි කිරීමටද පල්ලම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අපොහොසත් වී ඇත. යම් රථවාහන වරදක් රියැදුරකු විසින් කළා යැයි පොලිස් නිලධාරීන් විසින් ප්‍රකාශ කිරීම ඔහු වරදකරුවකු කිරීමට තරම් ප්‍රමාණවත් වන බවට පොලිස් නිලධාරීන් කෙරෙහි මතයක් පවතී. එම නිසා රථ වාහන වැරැද්දක් කළ බවට පොලිස් නිලධාරියකු විසින් ප්‍රකාශ කළ විට එම වරද නොකළ බවට රියැදුරු කොපමණ ප්‍රකාශ කළද රථ වාහන පොලිස් නිලධාරීන් එය නොපිළිගනී. ඒ අනුව ඔවුන් රථවාහන රාජකාරිවලදී සුවිශේෂී බලයක් ආරෝපණය කර ගනිමින් කටයුතු කරන බව පෙනේ.

මේ නඩුවේ චූදිත පොලිසියේ එම බලයට අභියෝග කර ඇත. කරුණු සොයා බැලීමකින් තොරව සහ වැඩිදුර විමර්ශනයක් නොකර පුද්ගලයන්ට එරෙහිව නඩු පැවැරීම සහ පැමිණිල්ල කිසිදු සැලකිල්ලකින් තොරව ගොනු කරන බවට මේ නඩුවේ කරුණු අනුව පැහැදිලි වේ. රථ වාහන වරදක් කළ බවට විත්තිකරුවකුට එරෙහිව නඩුවක් පැවැරීම ඉතා සරල කටයුත්තක් ලෙස සලකමින් පොලිස් නිලධාරීන් කටයුතු කරන අතර ඊට අමතරව තමන්ට ලබා ගැනීමට නියම කර ඇති නඩු ප්‍රමාණය සම්පූර්ණ කර ගැනීම පිණිස එය කර ඇති බවද පැහැදිලි වේ.  Source: Mawbima...

[QUOTE="qihansa, post: 16360312, member: 2979"] [b]රථවාහන පොලිසිය නීතිය ගැන නිසි අවබෝධයක් නැ[/b] [SIZE="3"]ථ වාහන රාජකාරි කරන පොලිස් නිලධාරීන් සුවිශේෂී බලයක් ආරෝපණය කර ගනිමින් ක්‍රියා කරන බවත් බොහොමයක් රථ වාහන රාජකාරි කරන පොලිස් නිලධාරීන් හුදෙක්ම නඩු එකතු කර ගැනීමේ කාර්යය සඳහා පමණක් නීතිය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව ඔවුන්ගේ අභිමතය මහා මාර්ගයේදී දැඩි ලෙස යොදා ගනිමින් පුද්ගලයන් අපහසුතාවට පත් කරන බවත් පුත්තලම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පවසයි. පුත්තලම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා මේ බව ප්‍රකාශ කෙළේ ජංගම දුරකතනයකින් කතා කරමින් ලොරියක් පැදවූ බවට ආණමඩුව සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි නිකවැරටිය ලේක් රවුන්ඩ් පාර, මොහොමඩ් බාස්ඛාන් අහමඩ් පාරුක් නමැති විත්තිකරුට එරෙහිව තිබූ චෝදනාවෙන් නිෙදාස් කොට නිදහස් කර ඔහු මුදා හැරීමට නියෝග කරමිනි. විත්තිකාර මොහොමඩ් බාස්ඛාන් අහමඩ් පාරුක් නමැත්තාට එරෙහිව මේ නඩුව ආණමඩුව සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණේ පල්ලම පොලිසියේ ස්ථානාධිපතිවරයා විසිනි. විත්තිකරු ඔහුට එරෙහිව තිබූ චෝදනාවෙන් නිෙදාස් කොට නිදහස් කිරීමට නියෝග කරමින් පුත්තලම මහෙස්ත්‍රාත් දිසානායක මහතා ආණමඩුව සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේදී ලබාදී ඇති එම ලිඛිත නියෝගයේ තවදුරටත් මෙසේ සඳහන් වේ. රථ වාහන රාජකාරිවල නිරතව සිටින පොලිස් නිලධාරීන් හුදෙක්ම නඩු එකතු කර ගැනිමේ කාර්යය සඳහා පමණක් නීතිය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව ඔවුන්ගේ අභිමතය මහා මාර්ගයේදී ඉතා දැඩිව යොදා ගනිමින් පුද්ගලයන් අපහසුතාවට පත් කරන බව මේ නඩු විභාගය අතරතුර ලබාදුන් සාක්ෂි මඟින් පැහැදිලි වෙනවා. මේ නඩුවට පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු ලෙස පල්ලම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලබාදී ඇති සාක්ෂි අනුව මේ නඩුවේ චූදිත අදාළ රථ වාහන වරද සිදුකළ බව කියන දිනයේ නඩු ලබා ගැනීම සඳහා පොලිසියෙන් පිටව ගිය බව සඳහන් කර ඇති අතර එම ප්රකාශයෙන්ම නඩු එකතු කිරීම සම්බන්ධයෙන් පොලිසියේ පවතින ක්‍රමවේදය මනාව පැහැදිලි වේ. මේ නඩුවේ චූදිත නීතිඥයකු නොමැතිව සාක්ෂිකාර පොලිස් නිලධාරින්ගෙන් හරස් ප්‍රශ්න අසා ඇති අතර චූදිත සාක්ෂිකාර පොලිස් නිලධාරීන්ගෙන් හරස් ප්‍රශ්න ඇසිමේදී සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරීන් කොපමණ අපහසුතාවට පත්වූයේද යන්න නඩු විභාගය අවස්ථාවේදී මා හට නිරීක්ෂණය විය. විශේෂයෙන්ම සාක්ෂිකාර පොලිස් නිලධාරීන්ගෙන් අසන ලද ප්රශ්නවලදී චූදිත විසින් කරන ලදවරද මෝටර් රථ පනතේ කුමන වගන්තියක් යටතේ සඳහන් වන වරදක්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව කරුණු දැක්වීමට පවා සාක්ෂිකාර පොලිස් නිලධාරීන් අසමත්වීය. ජංගම දුරකතනයකින් අමතමින් රිය පැදවීම සහ අපරික්ෂාකාරී ලෙස ඵය පැදවීම යන චෝදනා දෙකක් එක් කොට දඬුවම් නියම කරන වගන්තිය ලෙස 224 වගන්තිය ඇතුළත් කරමින් ඉතා වැරැදි සහගත ලෙස පැමිණිල්ලක් අධිකරණයට ගොනු කර ඇත. මේ නඩුවේ පැමිණිල්ලේ එක,දෙක, සහ තුන වැනි සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරීන් තිදෙනා ප්‍රකාශ කර සිටියේ මේ නඩුවේ චූදිත ජංගම දුරකතනයකින් අමතමින් රිය පැදවූ බවයි. එහෙත් මේ නඩුවේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන විශේෂයෙන්ම පල්ලම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජංගම දුරකතනයකින් කතා කරමින් රිය පැදවීම වරදක්ද යන්න පවා නොදැන සිටි බවද පැහැදිලි වේ. ඒ සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය පැහැදිලි කිරීමටද පල්ලම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අපොහොසත් වී ඇත. යම් රථවාහන වරදක් රියැදුරකු විසින් කළා යැයි පොලිස් නිලධාරීන් විසින් ප්‍රකාශ කිරීම ඔහු වරදකරුවකු කිරීමට තරම් ප්‍රමාණවත් වන බවට පොලිස් නිලධාරීන් කෙරෙහි මතයක් පවතී. එම නිසා රථ වාහන වැරැද්දක් කළ බවට පොලිස් නිලධාරියකු විසින් ප්‍රකාශ කළ විට එම වරද නොකළ බවට රියැදුරු කොපමණ ප්‍රකාශ කළද රථ වාහන පොලිස් නිලධාරීන් එය නොපිළිගනී. ඒ අනුව ඔවුන් රථවාහන රාජකාරිවලදී සුවිශේෂී බලයක් ආරෝපණය කර ගනිමින් කටයුතු කරන බව පෙනේ. මේ නඩුවේ චූදිත පොලිසියේ එම බලයට අභියෝග කර ඇත. කරුණු සොයා බැලීමකින් තොරව සහ වැඩිදුර විමර්ශනයක් නොකර පුද්ගලයන්ට එරෙහිව නඩු පැවැරීම සහ පැමිණිල්ල කිසිදු සැලකිල්ලකින් තොරව ගොනු කරන බවට මේ නඩුවේ කරුණු අනුව පැහැදිලි වේ. රථ වාහන වරදක් කළ බවට විත්තිකරුවකුට එරෙහිව නඩුවක් පැවැරීම ඉතා සරල කටයුත්තක් ලෙස සලකමින් පොලිස් නිලධාරීන් කටයුතු කරන අතර ඊට අමතරව තමන්ට ලබා ගැනීමට නියම කර ඇති නඩු ප්‍රමාණය සම්පූර්ණ කර ගැනීම පිණිස එය කර ඇති බවද පැහැදිලි වේ. [/SIZE] Source: Mawbima... [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom