Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රන් දෙවොලේ මෙහෙයුමේ මොසාඩ් කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රන් දෙවොලේ මෙහෙයුමේ මොසාඩ් කතාව

රන් දෙවොලේ මෙහෙයුමේ මොසාඩ් කතාව

ජූනි 06 වැනි දින ඉන්දියාවේ විශේෂ දිනයකි. ඒ එදින Operation Blue Star හෙවත් රන්දෙවොල ගලවා ගැනීමේ මෙහෙයුමේ සංවත්සර දිනය වන බැවිනි. Operation Blue Star හමුදාමය ඉතිහාසයේ අති විශේෂ වූ මෙහෙයුමකි.

Operation Blue Star ක්‍රියාත්මක වුණේ 1984 වසරේදී ඉන්දියාවේ අම්රිත්සාර්හි රන්දෙවොල අත්පත් කරගෙන සිටි කාලිස්ථානි ත්රස්තයන්ගෙන් දෙවොල මුදා ගැනීම සඳහාය.

කාලිස්ථානී බෙදුම්වාදීන්ගේ නායකයා වූයේ එවකට 37 හැවිරිදි ආගමික දේශකයකු වූ ජාර්නාලි සිංග් බින්ද්‍රන්වාලේ නැමැත්තාය. සික් ජාතික ආගමික අන්තවාදියෙකු වූ ඔහුට වුවමනා වී තිබුණේ සික් නිජභූමියක් හෙවත් -"කාලිස්ථානයක් බිහි කිරීමටය. ඔහු පැවසුවේ සික් ජාතිකයින්ට ඉන්දියාවේ බහුතරය වන හින්දුන්ගේ වහලුන් ලෙස ක්රියාකරන්නට සිදුව ඇති බවයි. ඔහුගේ මේ අදහස් පිළිගත් ඔහුගේ තරුණ අනුගාමිකයෝද පන්ජාබ් ප්‍රාන්තයේ විවිධ කලකෝලහාල කරන්නට වූයේ පොලිසියට පහර දෙමින්, ගම්මුන් බියවද්දමින් සහ දේපල පැහැරගනිමිනි. මේ සියල්ලෙන් ඔවුන් අවසානයේදී බලාපොරොත්තු වුණේ සික්වරුන්ට විශේෂ වූ නිජභූමියක් ලෙස වෙනම බිම් ප්‍රදේශයක් බෙදා ගැනීමයි. මේ අරමුණ ඇතිව ඔහු විසින් සන්නද්ධ ත්‍රස්ත කල්ලියක්ද නිර්මාණය කරන ලදී. ඔහුගේ සන්නද්ධ කණ්ඩායමේ සෙබළුන්ගෙන් වැඩි හරියක්ම හමුදා හා පොලිස් බළකායන්හි සේවය කොට නික්මුණු අයයි.

p17 2බින්ද්‍රන්වාලේ ප්රමුඛ මේ කාලිස්ථාන් බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිය අම්රිත්සාර්හි රන් දෙවොල අත්පත් කරගන්නේ 1981 වසරේදීය. එතැන් සිට පන්ජාබ් ප්‍රාන්තය පුරා විවිධ ත්‍රස්ත ක්‍රියා කරන්නට ඔවුන් පෙළඹුණු අතර 1984 වන විට බින්ද්රන්වාලේගේ ත්‍රස්ත කල්ලිය විසින් ඉන්දියානු ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සාමාන්‍ය වැසියන් සියයකට වඩා ඝාතනය කොට තිබිණ. ඔවුන්ගේ ප්‍රහාරවලට ලක්වූ බහුතරය අහිංසක සාමාන්‍ය වැසියන්ය.

කාලිස්ථාන් ත්‍රස්ත තර්ජන උත්සන්න වෙත්ම පන්ජාබය ප්‍රාන්ත පාලනයෙන් වෙන් කොට ජනාධිපති පාලනය යටතට පත් කරන ලදුව තිබිණ.

එවකට ඉන්දියානු අගමැතිනියව උන් ඉන්දිරා ගාන්ධි බින්ද්රන්වාලේගේ ත්‍රස්ත ක්‍රියාවලට එරෙහිව ක්‍රියා කරන්නට දැඩි තීන්දුවක් ගෙන තිබිණ. ඒ අනුව විශේෂ පුහුණුවක් ලත් කොමාන්ඩෝ භටයන් විසි දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් රාත්‍රී යාමයේ බින්ද්රන්වාලේගේ සටන්කාමීන් වාඩිලාගෙන උන් රන් දෙවොලට ඇතුල් වූහ. ඒ සන්නද්ධ කාලිස්ථානි ත්රස්තයින්ගෙන් රන් දෙවොල නිදහස් කරගැනීම සඳහාය. මේ මෙහෙයුම -Operation Blue Star"නම් විය.

p17 31984 ජූනි 06 වන දින රන්දෙවොලට ඇතුළු වූ මේ විශේෂ කොමාන්ඩෝ භට කණ්ඩායම ඉන්දියානු හමුදාවේ 56 වැනි කොමාන්ඩෝ රෙජිමේන්තුවේම කොටසක් විය. සංවේදී පොදු ස්ථානයක් ත්‍රස්ත ග්‍රහණයකට පත්ව ඇති විටක හෝ, ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමකදී හෝ මෙහෙයුම් සිදුකෙරෙන ආකාරය ගැන විශේෂ පුහුණුව ලත් ඒකකයකට ඉන්දියානු හමුදාව තුළ සිටියේ මේ පිරිස පමණකි.

එවකට SG Commandos යනුවෙන් හැඳින්වුණු මෙම විශේෂ ඒකකයට පුහුණුව ලබා දී තිබුණේ ඊශ්‍රායල් බුද්ධි අංශය වන Mossad විශේෂඥ කණ්ඩායමක් විසිනි. මෙවන් විශේෂ මෙහෙයුම් සඳහා එස් ජී කොමාන්ඩෝ ඒකකය නිර්මාණය කරන ලද්දේ 1981 වසරේදීය. මේ කණ්ඩායමට පුහුණුව ලබා දුන් ඊශ්‍රායල කොමාන්ඩෝ නිලධාරීන් 1977 වසරේ උගන්ඩාවේ එන්ටෙබ් ගුවන්තොටුපළේ ප්‍රාණ ඇපකරුවන් බේරාගන්නට මෙහෙයුම් කළ විශේෂ කොමාන්ඩෝ නිලධාරීන්ය.

p17 4ඒ වන විට ඉන්දියාවත් ඊශ්‍රායලයත් අතර තානාපති සබඳතා නොතිබුණු බැවින් කොමාන්ඩෝ ඒකකයට මෙම පුහුණුව සම්බන්ධීකරණය කරනු ලැබුවේ ඉන්දීය ඔත්තු සේවය වන Research and Analysis Wing 'RAW' ආයතනය විසිනි. මෙකී පුහුණුව ඉන්දියානු එස් ජී කොමාන්ඩෝ භටයින් වෙත ලබා දෙන්නේ රහසිගත පදනමක් මත Sayeret Matkal නම් ඊශ්‍රායල් ආරක්ෂක බළකායේ විශේෂ ඒකකයක් මගිනි.

1983 වසරේදී මෙම කොමාන්ඩෝ කණ්ඩායමට සති තුනක විශේෂ ත්‍රස්ත විරෝධී පුහුණුවක් ලබා දෙන ලදී. මේ සඳහාම ගොඩනැඟිලි සංකීර්ණ, ජනාකීර්ණ මාවත් සහ රථ වාහන සහිත විශේෂ පසුතලයක්ද නිර්මාණය කරන ලදී.

මෙයින් අවුරුදු තිස් හතරකට පෙරාතුව 1984 ජූනි හය වෙනිදා මේ විශේෂ කොමාන්ඩෝ කණ්ඩායම රන් දෙවොලට ඇතුළු වූ අවස්ථාවේ ඔවුන් මේ ලැබූ විශේෂ පුහුණුව බෙහෙවින් ප්‍රයෝජනවත් විය.

මේ කොමාන්ඩෝ භටයින් දෙවොලට ඇතුළු වූයේ කළු පැහැති ඇඳුමින් සැරසී, රාත්‍රී කාලයේදී පවා පැහැදිලිව දැකිය හැකි Night vision කණ්ණාඩිද පැළඳගෙනය. ඔවුන්ගේ ඇඳුම් කට්ටලයට M1 වානේ හෙල්මටයක්ද, AK 47 රයිෆලයක් හා විශේෂිත පිස්තෝල රැගෙන යා හැකි වෙඩි නොවදින කබායක්ද ඇතුළත් විය.

එහෙත් ඉන්දියානු හමුදාව බින්ද්රන්වාලේගේ හැකියාව පිළිබඳව තක්සේරු කර තිබුණු අයුරු නිවැරදි නොවීය. රන්දෙවොල තුළ සැඟවී උන් කාලිස්ථානි ත්රස්තයන්ගෙන් කොමාන්ඩෝ බළකායට නොසිතූ තරම් ප්‍රබල ප්‍රහාරයක් එල්ල විය. ඒ කාලිස්ථානී ත්රස්තයින්ව මෙහෙයවනු ලැබුවේ ගර්හාවට පත් කරනු ලැබූ ඉන්දියානු හමුදා මේජර්වරයෙකු වූ ෂාබෙග් සින්ග් විසිනි. ෂාබෙග් සින්ග් බංග්ලාදේශයේ මුක්තිබාහිනි බළකායන්ට විශේෂ පුහුණුව ලබාදීම හේතුවෙන් අති විශිෂ්ට සේවා පදක්කම් ලාභියෙකු විය. එහෙත් පසුකාලීනව විවිධ දූෂණ චෝදනා ලබා හමුදාවෙන් නෙරපා හැරුණු අයෙකි.

රන්දෙවොල තුළ සැඟවී සිටි කලිස්ථානි ත්‍රස්තයින් විසින් එල්ල කළ අනපේක්ෂිත ප්‍රබල ප්‍රහාරයකට මුහුණ දෙන්නට එස් ජී කොමාන්ඩෝ ඒකකයට සිදු විය. එනිසාම මේ ත්‍රස්තයින්ට එරෙහිව අමතර කොමාන්ඩෝ බළකායක්ද රන් දෙවොල වෙත යොදවන්නට ඉන්දියානු හමුදාවට සිදු විය. තියුණු සටනකින් පසුව පසුදා උදෑසන වන විට රන් දෙවොල ත්රස්තයින්ගෙන් නිදහස් කරගන්නට ඉන්දියානු හමුදාවට හැකි විය. මෙම විශේෂ කොමාන්ඩෝ බළකාය පසුකාලීනව විශේෂ පුද්ගලයින්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන ඒකකයක් බවට පත් කෙරිණ.

සෑම වසරකම ජූනි හය වෙනි දින රන්දෙවොල නිදහස් කරගත් සුවිශේෂී හමුදා මෙහෙයුම ස්මරණය කෙරෙන විශේෂ දිනයක් බවට පත් විය.

නිම්මි මුදිතා හේරත්

සංස්කරණය චතුර පමුණුව

[QUOTE="araki, post: 23325356, member: 360239"] [b]රන් දෙවොලේ මෙහෙයුමේ මොසාඩ් කතාව[/b] [SIZE="5"]රන් දෙවොලේ මෙහෙයුමේ මොසාඩ් කතාව ජූනි 06 වැනි දින ඉන්දියාවේ විශේෂ දිනයකි. ඒ එදින Operation Blue Star හෙවත් රන්දෙවොල ගලවා ගැනීමේ මෙහෙයුමේ සංවත්සර දිනය වන බැවිනි. Operation Blue Star හමුදාමය ඉතිහාසයේ අති විශේෂ වූ මෙහෙයුමකි. Operation Blue Star ක්‍රියාත්මක වුණේ 1984 වසරේදී ඉන්දියාවේ අම්රිත්සාර්හි රන්දෙවොල අත්පත් කරගෙන සිටි කාලිස්ථානි ත්රස්තයන්ගෙන් දෙවොල මුදා ගැනීම සඳහාය. කාලිස්ථානී බෙදුම්වාදීන්ගේ නායකයා වූයේ එවකට 37 හැවිරිදි ආගමික දේශකයකු වූ ජාර්නාලි සිංග් බින්ද්‍රන්වාලේ නැමැත්තාය. සික් ජාතික ආගමික අන්තවාදියෙකු වූ ඔහුට වුවමනා වී තිබුණේ සික් නිජභූමියක් හෙවත් -"කාලිස්ථානයක් බිහි කිරීමටය. ඔහු පැවසුවේ සික් ජාතිකයින්ට ඉන්දියාවේ බහුතරය වන හින්දුන්ගේ වහලුන් ලෙස ක්රියාකරන්නට සිදුව ඇති බවයි. ඔහුගේ මේ අදහස් පිළිගත් ඔහුගේ තරුණ අනුගාමිකයෝද පන්ජාබ් ප්‍රාන්තයේ විවිධ කලකෝලහාල කරන්නට වූයේ පොලිසියට පහර දෙමින්, ගම්මුන් බියවද්දමින් සහ දේපල පැහැරගනිමිනි. මේ සියල්ලෙන් ඔවුන් අවසානයේදී බලාපොරොත්තු වුණේ සික්වරුන්ට විශේෂ වූ නිජභූමියක් ලෙස වෙනම බිම් ප්‍රදේශයක් බෙදා ගැනීමයි. මේ අරමුණ ඇතිව ඔහු විසින් සන්නද්ධ ත්‍රස්ත කල්ලියක්ද නිර්මාණය කරන ලදී. ඔහුගේ සන්නද්ධ කණ්ඩායමේ සෙබළුන්ගෙන් වැඩි හරියක්ම හමුදා හා පොලිස් බළකායන්හි සේවය කොට නික්මුණු අයයි. p17 2බින්ද්‍රන්වාලේ ප්රමුඛ මේ කාලිස්ථාන් බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිය අම්රිත්සාර්හි රන් දෙවොල අත්පත් කරගන්නේ 1981 වසරේදීය. එතැන් සිට පන්ජාබ් ප්‍රාන්තය පුරා විවිධ ත්‍රස්ත ක්‍රියා කරන්නට ඔවුන් පෙළඹුණු අතර 1984 වන විට බින්ද්රන්වාලේගේ ත්‍රස්ත කල්ලිය විසින් ඉන්දියානු ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සාමාන්‍ය වැසියන් සියයකට වඩා ඝාතනය කොට තිබිණ. ඔවුන්ගේ ප්‍රහාරවලට ලක්වූ බහුතරය අහිංසක සාමාන්‍ය වැසියන්ය. කාලිස්ථාන් ත්‍රස්ත තර්ජන උත්සන්න වෙත්ම පන්ජාබය ප්‍රාන්ත පාලනයෙන් වෙන් කොට ජනාධිපති පාලනය යටතට පත් කරන ලදුව තිබිණ. එවකට ඉන්දියානු අගමැතිනියව උන් ඉන්දිරා ගාන්ධි බින්ද්රන්වාලේගේ ත්‍රස්ත ක්‍රියාවලට එරෙහිව ක්‍රියා කරන්නට දැඩි තීන්දුවක් ගෙන තිබිණ. ඒ අනුව විශේෂ පුහුණුවක් ලත් කොමාන්ඩෝ භටයන් විසි දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් රාත්‍රී යාමයේ බින්ද්රන්වාලේගේ සටන්කාමීන් වාඩිලාගෙන උන් රන් දෙවොලට ඇතුල් වූහ. ඒ සන්නද්ධ කාලිස්ථානි ත්රස්තයින්ගෙන් රන් දෙවොල නිදහස් කරගැනීම සඳහාය. මේ මෙහෙයුම -Operation Blue Star"නම් විය. p17 31984 ජූනි 06 වන දින රන්දෙවොලට ඇතුළු වූ මේ විශේෂ කොමාන්ඩෝ භට කණ්ඩායම ඉන්දියානු හමුදාවේ 56 වැනි කොමාන්ඩෝ රෙජිමේන්තුවේම කොටසක් විය. සංවේදී පොදු ස්ථානයක් ත්‍රස්ත ග්‍රහණයකට පත්ව ඇති විටක හෝ, ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමකදී හෝ මෙහෙයුම් සිදුකෙරෙන ආකාරය ගැන විශේෂ පුහුණුව ලත් ඒකකයකට ඉන්දියානු හමුදාව තුළ සිටියේ මේ පිරිස පමණකි. එවකට SG Commandos යනුවෙන් හැඳින්වුණු මෙම විශේෂ ඒකකයට පුහුණුව ලබා දී තිබුණේ ඊශ්‍රායල් බුද්ධි අංශය වන Mossad විශේෂඥ කණ්ඩායමක් විසිනි. මෙවන් විශේෂ මෙහෙයුම් සඳහා එස් ජී කොමාන්ඩෝ ඒකකය නිර්මාණය කරන ලද්දේ 1981 වසරේදීය. මේ කණ්ඩායමට පුහුණුව ලබා දුන් ඊශ්‍රායල කොමාන්ඩෝ නිලධාරීන් 1977 වසරේ උගන්ඩාවේ එන්ටෙබ් ගුවන්තොටුපළේ ප්‍රාණ ඇපකරුවන් බේරාගන්නට මෙහෙයුම් කළ විශේෂ කොමාන්ඩෝ නිලධාරීන්ය. p17 4ඒ වන විට ඉන්දියාවත් ඊශ්‍රායලයත් අතර තානාපති සබඳතා නොතිබුණු බැවින් කොමාන්ඩෝ ඒකකයට මෙම පුහුණුව සම්බන්ධීකරණය කරනු ලැබුවේ ඉන්දීය ඔත්තු සේවය වන Research and Analysis Wing 'RAW' ආයතනය විසිනි. මෙකී පුහුණුව ඉන්දියානු එස් ජී කොමාන්ඩෝ භටයින් වෙත ලබා දෙන්නේ රහසිගත පදනමක් මත Sayeret Matkal නම් ඊශ්‍රායල් ආරක්ෂක බළකායේ විශේෂ ඒකකයක් මගිනි. 1983 වසරේදී මෙම කොමාන්ඩෝ කණ්ඩායමට සති තුනක විශේෂ ත්‍රස්ත විරෝධී පුහුණුවක් ලබා දෙන ලදී. මේ සඳහාම ගොඩනැඟිලි සංකීර්ණ, ජනාකීර්ණ මාවත් සහ රථ වාහන සහිත විශේෂ පසුතලයක්ද නිර්මාණය කරන ලදී. මෙයින් අවුරුදු තිස් හතරකට පෙරාතුව 1984 ජූනි හය වෙනිදා මේ විශේෂ කොමාන්ඩෝ කණ්ඩායම රන් දෙවොලට ඇතුළු වූ අවස්ථාවේ ඔවුන් මේ ලැබූ විශේෂ පුහුණුව බෙහෙවින් ප්‍රයෝජනවත් විය. මේ කොමාන්ඩෝ භටයින් දෙවොලට ඇතුළු වූයේ කළු පැහැති ඇඳුමින් සැරසී, රාත්‍රී කාලයේදී පවා පැහැදිලිව දැකිය හැකි Night vision කණ්ණාඩිද පැළඳගෙනය. ඔවුන්ගේ ඇඳුම් කට්ටලයට M1 වානේ හෙල්මටයක්ද, AK 47 රයිෆලයක් හා විශේෂිත පිස්තෝල රැගෙන යා හැකි වෙඩි නොවදින කබායක්ද ඇතුළත් විය. එහෙත් ඉන්දියානු හමුදාව බින්ද්රන්වාලේගේ හැකියාව පිළිබඳව තක්සේරු කර තිබුණු අයුරු නිවැරදි නොවීය. රන්දෙවොල තුළ සැඟවී උන් කාලිස්ථානි ත්රස්තයන්ගෙන් කොමාන්ඩෝ බළකායට නොසිතූ තරම් ප්‍රබල ප්‍රහාරයක් එල්ල විය. ඒ කාලිස්ථානී ත්රස්තයින්ව මෙහෙයවනු ලැබුවේ ගර්හාවට පත් කරනු ලැබූ ඉන්දියානු හමුදා මේජර්වරයෙකු වූ ෂාබෙග් සින්ග් විසිනි. ෂාබෙග් සින්ග් බංග්ලාදේශයේ මුක්තිබාහිනි බළකායන්ට විශේෂ පුහුණුව ලබාදීම හේතුවෙන් අති විශිෂ්ට සේවා පදක්කම් ලාභියෙකු විය. එහෙත් පසුකාලීනව විවිධ දූෂණ චෝදනා ලබා හමුදාවෙන් නෙරපා හැරුණු අයෙකි. රන්දෙවොල තුළ සැඟවී සිටි කලිස්ථානි ත්‍රස්තයින් විසින් එල්ල කළ අනපේක්ෂිත ප්‍රබල ප්‍රහාරයකට මුහුණ දෙන්නට එස් ජී කොමාන්ඩෝ ඒකකයට සිදු විය. එනිසාම මේ ත්‍රස්තයින්ට එරෙහිව අමතර කොමාන්ඩෝ බළකායක්ද රන් දෙවොල වෙත යොදවන්නට ඉන්දියානු හමුදාවට සිදු විය. තියුණු සටනකින් පසුව පසුදා උදෑසන වන විට රන් දෙවොල ත්රස්තයින්ගෙන් නිදහස් කරගන්නට ඉන්දියානු හමුදාවට හැකි විය. මෙම විශේෂ කොමාන්ඩෝ බළකාය පසුකාලීනව විශේෂ පුද්ගලයින්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන ඒකකයක් බවට පත් කෙරිණ. සෑම වසරකම ජූනි හය වෙනි දින රන්දෙවොල නිදහස් කරගත් සුවිශේෂී හමුදා මෙහෙයුම ස්මරණය කෙරෙන විශේෂ දිනයක් බවට පත් විය. නිම්මි මුදිතා හේරත් සංස්කරණය චතුර පමුණුව [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom