රනිල්ගේ_වැරැද්ද
රනිල්ගේ ඇති වැරැද්ද මොකක්ද?
උවිදු කුරුකුලසූරිය
ලන්ඩනයේ මහ රැජිනට කිඹුහුමක් ගියහොත් හෙම්බිරිස්සාව හැදෙන මට්ටමේ පිරිසකගෙන් සමන්විත බමුණු කුලයේ කුමන්ත‍්‍රණකරුවන් කල්ලියක් විසින් මෙහෙයවනු ලබන කොළඹ කේන්ද්‍රීය බලපෑම් කණ්ඩායමක තත්ත්වයට එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලය තුළ ඌණනය වී ඇත. ආදි කාලයේදී යූ.ඇන්.පී.ය බමුණු කුලයත්, මහජනයාත් යන දෙපාර්ශ්වය විසින්ම එකසේ සහයෝගය ලබා දෙනු ලබන උද්දීප්ත වූ දේශපාලන ව්‍යාපාරයක්ව තිබිණ. මැතිවරණ ජයග‍්‍රහණය කිරීම පසෙක තැබුවද ප‍්‍රමාණවත් දේශපාලන සංකර්ෂණයක් ලබා ගැනීම සඳහා වුවද තම අහිමි වූ ප‍්‍රතිරූපය සහ ශක්තිය එය විසින් නැවත ලබා ගත යුතුය. ජනාධිපති රාජපක්ෂ වනාහි හිටපු ජනාධිපති පේ‍්‍රමදාස මෙන්ම බිම් මට්ටමේ දේශපාලනය පිළිබඳව හසල අවබෝධයක් ඇත්තෙකු බැවින් රනිල්ගේ වැඩ ප‍්‍රමාණය සීමා වී ඇත.”
-දෙසැම්බර් 22 බ‍්‍රහස්පතින්දා ‘දි අයිලන්ඞ්’ පත‍්‍රයේ කතුවැකියෙන් උපුටා ගන්නා ලද්දකි.
අපි ලන්ඩනයෙන් පටන් ගනිමු! මාග‍්‍රට් තැචර් කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත්වන්නේ 1975 පෙබරවාරි 11 වනදාය. 1979 දී පැවැති මැතිවරණයෙන් ජයග‍්‍රහණය කොට අගමැති ධුරයට පත්වන ඇය, 1983 සහ 1987 යන වසරවල පැවැති මැතිවරණද පිටපිටම ජයග‍්‍රහණය කරමින් ගතවූ වසර 150 තුළ එංගලන්තයේ වැඩිම කාලයක් ධුරය දැරූ අගමැති බවට පත් විය. 1990 දී ජෝන් මේජර් පක්ෂයේ නායකත්වයට පත්වූ අතර 1992 සිට 1997 දක්වා ඔහු අගමැති වශයෙන් කටයුතු කළේය. ඒ අනුව එක්සත් රාජධානියේ ඇති යූ.ඇන්.පී.යේ පිළිබිඹුව වන කොන්සර්වේටිව් පක්ෂය එක දිගට වසර 18 ක කාලයක් බලයේ සිටීමට සමත් විය.
1973 දී ජේ.ආර්. ජයවර්ධන යූ.ඇන්.පී. යේ නායකත්වයට පත් වූ අතර ඔහු 1977 මැතිවරණය ජයග‍්‍රහණය කළේය. ඔහු කඩිනමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට ලංකාවේ ප‍්‍රථම විධායක ජනාධිපති ධුරයට පත්විය. ඉන් අනතුරුව පේ‍්‍රමදාස සහ ඩී.බී. විජේතුංග ජනාධිපතිවරුන් වශයෙන් 1994 දක්වා කටයුතු කළහ. එනම්, එංගලන්තයේ කොන්සර්වේටිව් පක්ෂය කළාක් මෙන්ම යූ.ඇන්.පී.ය ද අවුරුදු 17 ක් බලයේ සිටීමට සමත් විය. යූ.ඇන්.පී.ය මෙන්ම කොන්සර්වේටිව් පක්ෂයද විවෘත ආර්ථිකය මත පදනම් වූ එක හා සමාන දේශපාලන චින්තනයක් බෙදා හදා ගත් අතර එය අනුගමනය කළහ. ජනසතු කර්මාන්ත පුද්ගලිකකරණය කිරීම සහ වෘත්තීය සමිතිවල බලය බිඳීම සඳහා ක‍්‍රියා කළ දැඩි සහ සම්මුති විරහිත ස්වරූපය පිළිබඳව ඔවුහු ප‍්‍රසිද්ධියට පත්වූහ.
යූ.ඇන්.පී.ය 1994 දී ද කොන්සර්වේටිව් පක්ෂය 1997 දී ද මැතිවරණයෙන් පරාජය විය. ඉන් පසු රටවල් දෙකෙහිම වාමාංශිකයන් දේශපාලන බලයට පැමිණියහ. නමුත් ඔවුන් බලයට පත්වූයේ නව දේශපාලන දර්ශනයක් සමඟය. ටෝනි බ්ලෙයාර් ‘වගකීම් සහගත ධනවාදයක්’ පිළිබඳව දේශනා කරමින් ද චන්ද්‍රිකා බණ්ඩාරනායක ‘විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක්’ දීම පිළිබඳව දේශනා කරමින් බලයට පැමිණියාය. මේවා කරන ලද්දේ විවෘත ආර්ථිකය අඛණ්ඩව ඉදිරියට ගෙන යන අතරම වාමාංශිකයන් සතුටු කිරීම ද පිණිසය. ඊනියා සමාජවාදී/ සෝවියට් මාදිලියේ ආර්ථික පර්යාය බිඳ වැටීම සම්පූර්ණ විය.
මෙම නව ප‍්‍රපංචය විසින් වාමාංශය අතරමැදට කිට්ටු ස්ථානයකට ගෙන ආවේය. ආර්ථික පෙරමුණේදී විරුද්ධ පක්ෂය සහ පාලක පක්ෂය අතර ඒ හැටි වෙනසක් දැකීමට නොහැකි විය. බැසිල් රාජපක්ෂ ඇමරිකාවට කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉල්ලා සිටි සියල්ල ආණ්ඩුව විසින් ඉටු කරන ලද බවයි. මහ බැංකුවේ අධිපති කබ්රාල් ඇමරිකාවට කීවේ නව බදු ක‍්‍රම හඳුන්වා දීම සහ මූල්‍ය ප‍්‍රතිපත්තිය වෙනස් කිරීම ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉල්ලා ඇති සියලූ දේ ලංකාවේ ආණ්ඩුව විසින් ඉටු කර ඇති බවයි.
1997 දී කොන්සර්වේටිව් පක්ෂය පරාජය වූ පසු ලොව පුරා හැමතැනම පොදුවේ සිදුවන ආකාරයට පක්ෂ අභ්‍යන්තර නායකත්ව අරගල මතුවන්නට විය. ඔවුහු නායකයන් පස් දෙනෙකු මාරු කළහ: 1997 සිට 2001 දක්වා විලියම් හේග්, 2001 සිට 2003 දක්වා ඩන්කන් ස්මිත්, 2003 සිට 2005 දක්වා මයිකල් හොවාඞ් සහ 2003 සිට 2005 දක්වා ඬේවිඞ් කැමරන්. ඩේවිඩ් කැමරන් හැරුණු විට මේ සියලූ දෙනාම මහ මැතිවරණයන්හිදී පරාජය වූ අතර ආණ්ඩුවක් පිහිටුවීමට අසමත් වූහ. 2010 මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂය වැඩිම ආසන සංඛ්‍යාව දිනා ගත් නමුත් ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය බහුතරය සඳ හා ඔවුන්ට තවත් ආසන 19 ක් හිඟ විය. බලයට පැමිණීම සඳහා ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂය සමඟ සභාගයක් ඇති කරගැනීම සඳහා නියෝජ්‍ය අගමැති ධුරය ඇතුළු බලවත් අමාත්‍යාංශ ප‍්‍රමාණයක් ඔවුන් වෙත ප‍්‍රදානය කිරීමට කොන්සර්වේටිව් පක්ෂයට සිදු විය.
නමුත් ලංකාවේදී ජන්දයෙන් පරාජය වීම් නොතකා රනිල් වික‍්‍රමසිංහ පක්ෂ නායකත්වයේ දිගටම රැඳී සිටියි. මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මතු කිරීමට මම කැමැත්තෙමි. පළමුව කොන්සර්වේටිව් පක්ෂය තම පරාජයෙන් පසුව පක්ෂ නායකයන් පස් දෙනෙකු මාරු කළ බව සැබෑ නමුත් ඔවුන් නායකත්වයේ වෙනස් වීම නිසා මැතිවරණයක් ජයගැනීමට සමත් වී ද? දෙවනුව, මැතිවරණ පරාජයන් නොතකා පක්ෂ නායකයන් නායකත්වයේ රැඳී සිටීම ලංකාවේ සම්ප‍්‍රදායකි. ලංකාවේ පැරණිම සහ සමහරවිට වඩාම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ලෙස සැලකිය හැකි ලංකා සමසමාජ පක්ෂය දෙස බලමු. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා එහි ආරම්භයේ සිටම ඔහු මියයන තෙක්ම පක්ෂ නායකයා වශයෙන් කටයුතු කළේය. සිරිමා බණ්ඩාරනායක ඇය මිය යන තුරුම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ රැඳී සිටියාය. මරා දමන තුරුම විජේවීර ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විය. මෙම සම්ප‍්‍රදාය වෙනස් කිරීමට යමෙකු යෝජනා කරන්නේ නම් එය වෙනම කාරණයකි. නමුත් මැතිවරණ පරාජය වීම යනු රනිල්ට පමණක් සීමාවූ සාධකයක් නොවන බව කෙනෙකු විසින් පිළිගත යුතුය.
මගේ තර්කය නම් පරාජයට හේතුව රනිල් නොවන බවයි. සාම ක‍්‍රියාවලියේ නියමුවා ලෙස සිහිපත් කරනු ලැබීමට රනිල් අවාසනාවන්ත විය. ඇත්ත වශයෙන්ම එම සාම ක‍්‍රියාවලියෙන් සිදු වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය දුර්වල කිරීමට මග පෑදීමයි. මා ඔහුගේ සාම උපාය මාර්ගය අනුමත නොකරන නමුත් ඔහුගේ පක්ෂය තුළ සිටින ඔහුගේ විරුද්ධවාදීන් සහ දේශපේ‍්‍රමීන් වශයෙන් පෙනී සිටින සහ මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබන අනෙකුත් විවේචකයන්ද එය පිළිගත යුතුය.මාධ්‍ය නිදහස පිළිබඳව සහ ආර්ථික ප‍්‍රතිපත්තිය පිළිබඳව ඔහු කළ ප‍්‍රතිසංස්කරණ දෙදහස් ගණන්වල මුල් භාගයේදී ආර්ථිකය වේගවත්ව සුවපත් වීම සඳහා වන අඩිතාලමෙන් කොටසක් දැමීය. සෑම යහපත් නායකයකු මෙන්ම ඔහු විපක්ෂයේ, මාධ්‍යයන්හි සහ පසු පෙළ මන්ත‍්‍රීවරුන්ගේ කෑ කෝ ගැසීම් හමුවේ කුලප්පු වීමට කෙරෙන පෙළඹවීමට යට නොවීය.
රනිල් මැතිවරණය ජයග‍්‍රහණය කොට අගමැති ධුරයට පත්වූ විට ඔහු හොඳය. 2004 අපේ‍්‍රල් මැතිවරණය පරාජය වීමත් සමඟම ඔහුට විරුද්ධව මඩ ව්‍යාපාරයන් ආරම්භ විය. 2004 මැයි මාසයේදී කොළඹ සිටි ඇමරිකානු තානාපති ජෙෆ්රි ජේ. ලන්ස්ටීඞ් වොෂින්ටනයට ලියා යවන ලද්දේ ළඟ දී පැවැත්වුණු මැතිවරණය පරාජය වීමෙන් පසුව යූ.ඇන්.පී. නායක රනිල් වික‍්‍රමසිංහ තම පක්ෂය තුළ ප‍්‍රබල විවේචනයකට ලක්ව සිටින බවය. පැරණි යූ.ඇන්.පී. සාමාජිකයන් පවා වික‍්‍රමසිංහගේ මැතිවරණ උපාය මාර්ගය විවේචනය කරන ලද බවද මේ විවේචන බොහෝ දුරට සිදු වූයේ පුද්ගලික මට්ටමෙන් බවද ඔහු ලියා යැව්වේය.
උදාහරණයක් වශයෙන් 2004 මැයි 10 වනදා ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොන්සියුලර්වරයා සමඟ වූ සාකච්ඡාවකදී හිටපු අභ්‍යන්තර කටයුතු සහ ක‍්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමති ජෝන් අමරතුංග කියා ඇත්තේ එ.ජා.ප. ය මැතිවරණය පරාජය වීමට එක් හේතුවක් නම් රනිල්ගේ ආකර්ෂණයක් නැතිකම බවයි. මේ චෝදනා සැබෑ නම් 2001 මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කළේ කෙසේද?
සෑම දේශපාලන පක්ෂයකම අතෘප්තිමත් පුද්ගලයින් සහ කචල්කාරයන් සිටිති. 1999 දී රනිල් තම ප‍්‍රථම මැතිවරණයට මුහුණදීමට පෙර සිටම එ.ජා.ප.යේ සමහර කොටස්, විශේෂයෙන්ම විජේපාල මෙන්ඩිස් සහ සුසිල් මුණසිංහ වැනි බලවත් පුද්ගලයන් ප‍්‍රසිද්ධියේ රනිල් විවේචනය කිරීමට පටන් ගත්හ. 1997 දී මම රනිල්ගෙන් මෙසේ ඇසුවෙමි. ”මොකක්ද මේකෙ තේරුම? මොකද මේ වගේ විවේචන ප‍්‍රසිද්ධියේ සිද්ධ වෙන්නෙ?” රනිල් මෙසේ පිළිතුරු දුන්නේය. ”මම පේ‍්‍රමදාස නෙවෙයි. ඔවුන් විවේචනය කරපුවාවේ. ජනාධිපති පේ‍්‍රමදාස කිසි කෙනෙකුට තමන්ව විවේචනය කරන්න ඉඩ දුන්නෙ නැහැ. එයා විවේචකයන් මර්දනය කළා. අන්තිමේදී එයාට ඒකේ ප‍්‍රතිඵලවලට මුහුණ දෙන්න වුණා.”ඔබ චන්ද්‍රිකාගේ දේශපාලන යෝජනාවලියට නැත්නම් දේශපාලන පැකේජයට සහයෝගය නොදෙන්නේ ඇයි?” තවත් අවස්ථාවක මම රනිල්ගෙන් විමසුවෙමි. ”ප‍්‍රශ්නෙ තියෙන්නෙ පාර්ලිමේන්තු කණ්ඩායමෙයි, කෘත්‍යාධිකාරී මණ්ඩලයෙයි. ඒ අයව නාම යෝජනා කරලා පත් කෙරුවේ ගාමිණී දිසානායක.” රනිල් පිළිතුරු දුන්නේය. පිළිතුර පැහැදිලිය. ඔහු පක්ෂයේ නායකයා වුවත් තීරණ ගන්නා මණ්ඩලය පැවතියේ ඔහුගේ පාලනය යටතේ නොවේ. ඔවුන් පත් කොට තිබුණේ ඔහුගේ ප‍්‍රතිවාදියා වූ අභාවප‍්‍රාප්ත ගාමිණී දිසානායක විසිනි. සෑම නායකයෙකුම කලින් කලට වෙනස්කම් ඇති කිරීමට කැමති වන අතර රනිල් එසේ වෙනස්කම් ඇති කිරීමට බලාපොරොත්තු වන්නේ නම් පක්ෂයේ නායකයා වශයෙන් එය සම්පූර්ණයෙන්ම ඔහුගේ අයිතියකි. එවැනි තීරණ ගැනීමට අවශ්‍ය ආධිපත්‍යයක් පක්ෂ නායකයා වෙත තිබිය යුතුය. එය යූ.ඇන්.පී.යේ සම්ප‍්‍රදායයි. (මෙහි නරක වර්ෂන් එක ලංකාවේ පැරණිතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක තිස්ස විතාරණ ඇමතිවරයාය. තමාට වාසිදායක ලෙස තීරණ ලබා ගැනීම සඳහා ඔහු පක්ෂයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ සාමාජික ලැයිස්තු මැනිපියුලේට් කළේය. එ.ජා.ප. කැරලිකරුවන්ට සම්ප‍්‍රදාය වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙන මාර්ගයක් සොයා ගත යුතුය. නමුත් රනිල් පරාජිතයෙකු වීම හෝ ඔහුට විරුද්ධව එල්ල කරන ඔහුගේ ලිංගික නැඹුරුව පිළිබඳ ඊනියා චෝදනා හෝ ඔහුගේ සිනහව මත එම මාර්ගය පදනම් නොවිය යුතුය.
තම දෙවැනි ධුර කාලය ආරම්භ කිරීම සඳහා දිවුරුම් දීමට පෙර 18 වන සංශෝධනය ගෙන ඒමට මහින්ද රාජපක්ෂ පෙළඹීම පිටුපස තිබෙන හේතුව කුමක්ද? තමා දෙවන ධුර කාලය සඳහා ජනාධිපති ධුරයට පත් වුවද ඊළඟ ජනාධිපති ධුරයට පත් වීම සඳහා වන අරගලයන් පක්ෂය තුළින්ම ඇරඹෙන බවද තමාට එය පාලනය කිරීමට නොහැකි වන බවද ඔහු දැන සිටියේය. ජේ.ආර්. ජයවර්ධන සහ චන්ද්‍රිකා කුමාරතුංග යන දෙදෙනාම තම දෙවන ධුර කාලයන්හි දී පක්ෂය තුළ නායකත්ව අරගලවලට මුහුණ දුන්හ.
උත්ප‍්‍රාසාත්මක ලෙස එංගලන්තයේ දේශපාලන පක්ෂ තුළද ගම් මට්ටමෙන් හා බිම් මට්ටමෙන් නායකත්වය සඳහා මතුවූ අරගල ඇතිවිය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් පත්කරනු ලබනවා වෙනුවට බිම් මට්ටමේ සාමාජිකයන් විසින් පත් කරනු ලැබූ පළමු කොන්සර්වේටිව් පක්ෂ නායකයා ඩන්කන් ස්මිත් විය. කෙසේ වුවද එය එතරම් සතුටුදායක අත්දැකීමක් නොවීය. තමා විසින්ම නිහඬ මිනිසා ලෙස හඳු න්වාගනු ලැබූ ඔහු පක්ෂ නායකයා වශයෙන් කිසිදු මැතිවරණයකට මුහුණ දීමට පෙරාතුවම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාස භංග යෝජනාවකින් පරාජයට පත් විය.
එ.ජා.ප.යට මහින්ද හෝ පේ‍්‍රමදාස වැනි නායකයකු අවශ්‍ය බව සමහරු තර්ක කරති. ඇත්ත තමයි, රනිල් ඔවුන් වගේ නෙවෙයි. එක් අතකින් මා සිතන්නේ රටට තවත් පේ‍්‍රමදාස කෙනෙකු හෝ රාජපක්ෂ කෙනෙකු අවශ්‍ය නැති බවයි. අඩු ගණනේ පේ‍්‍රමදාස වැනි පුතෙකු හෝ අවශ්‍ය නැති බවයි. මේ අදහස දේශනා කරන අය අමතක කරන්නේ පේ‍්‍රමදාස හෝ මහින්ද යනු කෙතරම් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලකයන්ද යන්නයි. අනෙක් අතට එ.ජා.ප.යට මහින්ද වැනි නායකයෙකු ලැබුණහොත් ඡුන්ද දායකයන් මෙසේ කියනු ඇත. ”ආ. දැනටමත් මහින්ද බලයේ ඉන්නවනේ. ඉතින් මොකටද ඒ වගේ තව එක්කෙනෙක්. මහින්දට පුළුවන් යූ.ඇන්.පී.කාරයට වඩා හොඳට වැඩේ කරන්න. මහින්ද දැනටමත් වාර දෙකක්ම පත් වෙලා තියෙන නිසා එයා හොඳයි ආධුනිකයෙකුට වැඩිය.”
1994 මැතිවරණයෙන් පසුව එජාපය කැඩී බිදී යෑම ආරම්භ විය. එය යුගයක අවසානය වූ අතර ඒ සා දීර්ඝ කාලයක් බලයේ රස විඳ සිටි බොහෝ දෙනෙකුට කම්පනයක් ගෙන දුන් කාල පරිච්ඡේදයක් විය. කාලයාගේ ඇවෑමෙන් මහජනයාට පක්ෂයක් එපා වන හෙයින් එය නොවැළැක්විය හැක්කක් විය. 1991 පමණ සිට පේ‍්‍රමදාස යුගය අවසන් වන බවට හැගීමක් ඇතිවෙමින් තිබිණි. ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි අළුත් පක්ෂයක් පිහිටුවාගෙන තිබූ අතර එජාපයේ බිම් මට්ටම දියවී යාම සහ පාක්ෂිකයන් පක්ෂය හැරයාම ආරම්භ වෙමින් තිබිණි.
රනිල් යනු පරාජිතයෙකු යැයි සලකන පිරිස අමතක නොකළ යුතු කරුණක් නම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය මියගොස් හෝ ඝාතනයට ලක්ව තිබූ බවයි. එමෙන්ම රනිල් නායකත්වයට පත් වූයේ සිය ප‍්‍රතිවාදියා වූ ගාමිණී දිසානායකට පක්ෂපාතී පාර්ලිමේන්තු කණ්ඩායමක් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් සමග බවය. ඉතින් පක්ෂය ගොඩනැගීම සහ නව දේශපාලන දර්ශනයක් ගොඩ නැගීම වනාහි සරල අභියෝගයක් නොවීය.
සිංහල බෞද්ධ ඡන්ද පදනම බිඳ වැටීම ගැන එජාප කැරළිකරුවන් ළතැවෙන බවත් එය නැවත දිනාගැනීමට ඔවුන්ට අවශ්‍ය බවත් මම අසා ඇත්තෙමි. මා සිතන විදියට ඔවුන්ගේ නායක සජිත් පේ‍්‍රමදාස රටපුරා ඇවිදිමින් පන්සල්වලට විශාල මුදල් බෙදා දෙන්නේ එබැවින් විය යුතුය.
ඇත්තවශයෙන්ම රනිල් එවැන්නෙක් නොවේ. ලසන්ත වික‍්‍රමතුංගගේ අවමංගල්‍ය සංවිධායක කමිටුවේ දී අප අවමංගල්‍ය කටයුතු පිළිබඳ කරන ලද සාකච්ඡාවට රනිල් සහ කරු ජයසූරිය යන දෙදෙනාම සහභාගී වූ බව මට මතකය. මාදුළුවාවේ සෝභිත හිමි වැනි අයෙකුට අවමංගල්‍ය සභාවේ කතා කිරීමට අවස්ථාවක් ලබා දිය යුතු යැයි කිසිවෙකු විසින් යෝජනා කළේය. ”අපි මෙය ගිහියන්ගේ කටයුත්තක් වශයෙන් සිදු කරමු” යන්න රනිල්ගේ ස්ථාවරය විය. රනිල්ට දේශපාලනය සහ ආගම මිශ‍්‍ර කිරීමට අවශ්‍ය නොවීය.
සැබැවින්ම එය ඔහුගේ පක්ෂයේ ඉතිහාසය සහ එහි නායකයන්ගේ දර්ශනයට පටහැණිය. ”අපි එක ලෙය ඇති එක ජාතියක් වෙමු. අප තෝරාගනු ලැබූ ජනතාවකි. බුදුන් දේශනා කළේ සිය ධර්මය වසර 5500 ක් පවතින බවය. එහි තේරුම එම ධර්මයේ භාරකරුවන් වන අපද එපමණ කාලයක් පවතින බවය.” යනුවෙන් ඩී. එස්. සේනානායක පැවසීය. එය වනාහි දක්ෂිණාංශික ජාතිකවාදයේ දේශපාලන දර්ශනය විය. තම දේශපාලනයේ මුල් යුගයේදී රනිල් ද එම දර්ශනයට හිමිකම් කීවේය. ඔබ 80 දශකයේ මුල් භාගයේ, විශේෂයෙන්ම 1983 කෝලාහල වලින් පසුව ඔහුගේ පාර්ලිමේන්තු කතා කියවුවහොත් ඒ බව දැකගත හැකි වනු ඇත. ඒ ජාතිවාදී නාසිවාදය හේතුවෙන් රටට ගෙවන්නට සිදුවූ වන්දිය අපි සැවොම දනිමු. එජාප කැරළිකරුවන්ට අවශ්‍ය වන්නේ නැවතත් ආපස්සට ගොස් පස්වැනි ඊළාම් යුද්ධය ඇති කිරීමටද?