Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ඔහුගේ මුල් ම ඉත්තන් ඇද තිබෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාලු මුවදොර විරෝධතාකරුවන් අද දවසේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වෙනවා යැයි දැනුම් දී තිබියදීත්, එහෙම ඉවත් වෙන්න පැය 12කට කලින් විරෝධතාකරුවන්ට ගසා පැන්නුවේ ඇයිද කියන එක මේ මොහොතේ බොහෝ දෙනෙකු උත්තර හොයන ප්රශ්නයයි.

මේ මොහොතේ දේශපාලනය තේරුම් ගන්න නම් මුලින් ම ඒ කාරණය decode කරගත යුතු වෙනවා.

යම් හෙයකින් අද සවස 2ට විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය භාරදුන්නා නම් ඔවුන් එය භාර දෙන්නේ ජයග්‍රාහී ලීලාවකිනුයි.

ඔවුන් උත්සවාකාරයෙන් එම ගොඩනැගිලි භාර දී, ප්රවෘත්ති සාකච්ඡාවක් ද පවත්වා, ආණ්ඩුවට අනතුරු හැඟවීමක් ද සිදුකොට, අවසානයේ "කපා කපා කෑලි කපා - අප වළකනු සිතනු එපා" වගේ සටන් පාඨ කියමින් ජයග්‍රාහී ලෙස එම ස්ථානයෙන් ඉවත් වෙනවා.

එතැනින් එහාට ගාලු මුවදොර අරගලය තිබුණත් නැතත් මේ විරෝධතාකරුවන් දේශපාලනයට ප්‍රබල විදියට මැදිහත් වෙන්න පටන් ගන්නවා. බලපෑම් එල්ල කරනවා. ඉල්ලීම් ඉදිරිපත් කරනවා. අනතුරු හඟවනවා. ඔවුන් වටා විශාල සමාජ බලයක් ගොඩනැගෙනවා.

ඒ වෙනුවට ඊයේ රාත්‍රියේ සිදුවුණේ හමුදාව සහ පොලීසිය දමා බල්ලන් බළලුන්ට පහර දෙන අන්දමට පහර දී විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් පන්නා දැමීමයි.

මේ අනපේක්ෂිත ප්‍රහාරය එල්ල කිරීමේ අරමුණ ම "ගාලු මුවදොර විරෝධතාකරුවන්" කියන සාධකය දේශපාලන සමීකරණයෙන් ඉවත් කිරීමයි.

"අරගලකරුවන්" කියන සාධකය සම්පූර්ණයෙන් ම නිශේධනය කිරීමයි.

රනිල් ට මෙතැන් සිට තමන් ගේ බලය තහවුරු කරගන්න නම් 'ගාලු මුවදොර විරෝධතාකරුවන්' කියන සාධකය සමීකරණයෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය වනවා.

මේක ගෝඨාභය ගේ කාලයේ විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල කොට ඔවුන් විසුරුවා හරින්නට උත්සාහ කරනවා වගේ වැඩක් නෙවෙයි.

මේක ඉතා ම සූක්ෂ්මව ගණනය කිරීම් සිදුකොට එල්ල කරන ලද දේශපාලනික ප්‍රහාරයක්.

ඇත්තට ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 134 දෙනෙකු ම රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දී ඔහු පැහැදිලි බහුතරයකින් ජනාධිපති තනතුරට පත් කරගත්තේ මේ වෙනුවෙන් ම තමයි.

මහින්දලාට, ජොන්ස්ටන්ලාට කළ හැකි ලොකු ම දෙය මැරයන් පිරිසක් අරලිය ගහ මන්දිරයට ගෙන්නාගෙන, උන්ට බඩ පිරෙන්නට කන්නට බොන්නට දී, අරගලකරුන්ට පහර දෙන්නට උසි ගන්වා ගාලු මුවදොරට මුදාහැරීම විතරයි.

ඒත් රනිල් ක්‍රීඩා කරන්නේ ඊට වඩා හුඟක් වෙනස් තලයකයි.

ඒ නිසා මහින්දලා, ගෝඨාභයලා පයගසන්නට බය වූ හුඟක් තැන්වල රනිල් පය ගසනවා. මර්දනය වෙනුවෙන් මහින්දලා, ගෝඨාභයලා යන්නට හීනෙන්වත් නොසිතූ දුරක් රනිල් ගමන් කරනවා.

ඒ නිසා ගෝඨාභයට හෝ මහින්දට එරෙහිව දක්වන ලද බොහෝ ප්රතිරෝධයන් රනිල්ට ඒ විදියට ම වලංගු වෙන්නේ නැහැ.

තමන් ජීවත් වූ ගෙදරත් අහිමිව තිබෙන නිසා රනිල්ට තවත් නැතිවන්නට දෙයකුත් නැහැ.

ඒ නිසා හැඟීම්බර ප්‍රතිචාර දැක්වීම්වලට නොයා "රනිල්" කියන ප්‍රශ්නයට දේශපාලනිකව පිළිතුරු සෙවිය යුතුයි.

හැඟීම්බර ප්‍රතිචාර දැක්වීම් කියන්නේ මේ මොහොතේ විනාශයට අතවැනීමක්. විනාශය කැඳවා ගන්නවා කියන්නේ ක්‍රීඩාව එතැනින් නතර වෙනවා (game over) කියන එකයි.

මේ මොහොතේ කළ යුතු වැදගත් ම දෙය ක්‍රීඩාව නතර කර නොගෙන දිගට ම තරගයේ රැඳී සිටීමයි.

ඒ නිසා මා නැවතත් මෙතැන කියන්නේ රනිල් ජනාධිපතිධූරයට පත්වුණු මොහොතේ කියපු කතාවමයි.

රනිල් ගෙදර යවන්නට හිතාගෙන "රනිල් ගෝ හෝම්" හෑෂ්ටැග් හැදීමත්, ගම්මාන හැදීමත්, හන්දි ගාණේ විරෝධතා පැවැත්වීමත් ලොකු තේරුමක් තියෙන වැඩ කියලා මම හිතන්නේ නැහැ. 88-89 කැරැල්ල මර්දනයේ ප්රමුඛ භූමිකාවක් නිරූපණය කරපු අයගෙන් දැනට ඉතිරිව සිටින එක ම සක්‍රීය දේශපාලනඥයා වන රනිල්ට එවැනි දේවල් කූඹියෙකු කනවා තරම් හෝ දැනෙනවා යැයි මා සිතන්නේ නැහැ.

මේ මොහොතේ අප අවධානය යොමු කළ යුතු ප්‍රධානත ම දෙය ප්රජාතන්ත්රවාදය සඳහා වන පුළුල් බහුජන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමයි.

මේක යූටියුබ්කරුවන්, නළු නිළියන්, දේශපාලනය විඥානයක් නැති ළමා ළපටින් නොව දේශපාලන පරිචයක් සහිත මිනිසුන් විසින් පෙරමුණ ගෙන සිදු කළ යුතු අතිශයින් ම දේශපාලනික ව්‍යාපෘතියක්. ඒ වගේ ම, පාර්ලිමේන්තු ක්‍රමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ප්රජාතන්ත්රවාදය විශ්වාස නොකරන අරාජිකවාදීන් සමග මේ කිසිවක් ඉදිරියට ගෙනයන්නට බැරි බවත් අප තේරුම් ගත යුතුයි.

මා සිතන්නේ සජිත්ට මේ වෙලාවේ කළ යුත්තේ කුමක්දැයි තේරෙන්නේ නැත්නම් අඩු තරමින් ඩලස්, චම්පික වැනි 88-89 අත්දැකීම් ද සහිතව දේශපාලනයට පැමිණි පරපුරට මෙතැනදී පාර්ලිමේන්තුව තුළත් එයින් පිටතත් විශාල කාර්යභාරයක් ඉටු කළ හැකියි.

ඔවුන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කාර්යභාරය තමන් අතට ගත යුතුයි.

මෙයින් ක්ෂණික ප්‍රතිඵල නොලැබෙන්නට පුළුවන්. එහෙත් මෙවැනි වැඩපිළිවෙලක් තුළ කාලයත් සමග ක්‍රමිකව පීඩනය ගොඩනැගිය යුතුයි.

දැන් රනිල් චෙස් ක්‍රීඩා කරනවා. ඔහු ඔහුගේ මුල් ම ඉත්තන් ඇද තිබෙනවා. එය දැක කලබල වී බෝඩ් එකත් පෙරළාගෙන බිම වැටෙන්නේ නැතිව, අප අපේ පියවර විධිමත්ව සැලසුම් කළ යුතුයි.

රසික ජයකොඩි

22 - 07 - 2022

#lka #SriLanka #life

[QUOTE="Smartm, post: 27991984, member: 114079"] ගාලු මුවදොර විරෝධතාකරුවන් අද දවසේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වෙනවා යැයි දැනුම් දී තිබියදීත්, එහෙම ඉවත් වෙන්න පැය 12කට කලින් විරෝධතාකරුවන්ට ගසා පැන්නුවේ ඇයිද කියන එක මේ මොහොතේ බොහෝ දෙනෙකු උත්තර හොයන ප්රශ්නයයි. මේ මොහොතේ දේශපාලනය තේරුම් ගන්න නම් මුලින් ම ඒ කාරණය decode කරගත යුතු වෙනවා. යම් හෙයකින් අද සවස 2ට විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය භාරදුන්නා නම් ඔවුන් එය භාර දෙන්නේ ජයග්‍රාහී ලීලාවකිනුයි. ඔවුන් උත්සවාකාරයෙන් එම ගොඩනැගිලි භාර දී, ප්රවෘත්ති සාකච්ඡාවක් ද පවත්වා, ආණ්ඩුවට අනතුරු හැඟවීමක් ද සිදුකොට, අවසානයේ "කපා කපා කෑලි කපා - අප වළකනු සිතනු එපා" වගේ සටන් පාඨ කියමින් ජයග්‍රාහී ලෙස එම ස්ථානයෙන් ඉවත් වෙනවා. එතැනින් එහාට ගාලු මුවදොර අරගලය තිබුණත් නැතත් මේ විරෝධතාකරුවන් දේශපාලනයට ප්‍රබල විදියට මැදිහත් වෙන්න පටන් ගන්නවා. බලපෑම් එල්ල කරනවා. ඉල්ලීම් ඉදිරිපත් කරනවා. අනතුරු හඟවනවා. ඔවුන් වටා විශාල සමාජ බලයක් ගොඩනැගෙනවා. ඒ වෙනුවට ඊයේ රාත්‍රියේ සිදුවුණේ හමුදාව සහ පොලීසිය දමා බල්ලන් බළලුන්ට පහර දෙන අන්දමට පහර දී විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් පන්නා දැමීමයි. මේ අනපේක්ෂිත ප්‍රහාරය එල්ල කිරීමේ අරමුණ ම "ගාලු මුවදොර විරෝධතාකරුවන්" කියන සාධකය දේශපාලන සමීකරණයෙන් ඉවත් කිරීමයි. "අරගලකරුවන්" කියන සාධකය සම්පූර්ණයෙන් ම නිශේධනය කිරීමයි. රනිල් ට මෙතැන් සිට තමන් ගේ බලය තහවුරු කරගන්න නම් 'ගාලු මුවදොර විරෝධතාකරුවන්' කියන සාධකය සමීකරණයෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය වනවා. මේක ගෝඨාභය ගේ කාලයේ විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල කොට ඔවුන් විසුරුවා හරින්නට උත්සාහ කරනවා වගේ වැඩක් නෙවෙයි. මේක ඉතා ම සූක්ෂ්මව ගණනය කිරීම් සිදුකොට එල්ල කරන ලද දේශපාලනික ප්‍රහාරයක්. ඇත්තට ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 134 දෙනෙකු ම රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දී ඔහු පැහැදිලි බහුතරයකින් ජනාධිපති තනතුරට පත් කරගත්තේ මේ වෙනුවෙන් ම තමයි. මහින්දලාට, ජොන්ස්ටන්ලාට කළ හැකි ලොකු ම දෙය මැරයන් පිරිසක් අරලිය ගහ මන්දිරයට ගෙන්නාගෙන, උන්ට බඩ පිරෙන්නට කන්නට බොන්නට දී, අරගලකරුන්ට පහර දෙන්නට උසි ගන්වා ගාලු මුවදොරට මුදාහැරීම විතරයි. ඒත් රනිල් ක්‍රීඩා කරන්නේ ඊට වඩා හුඟක් වෙනස් තලයකයි. ඒ නිසා මහින්දලා, ගෝඨාභයලා පයගසන්නට බය වූ හුඟක් තැන්වල රනිල් පය ගසනවා. මර්දනය වෙනුවෙන් මහින්දලා, ගෝඨාභයලා යන්නට හීනෙන්වත් නොසිතූ දුරක් රනිල් ගමන් කරනවා. ඒ නිසා ගෝඨාභයට හෝ මහින්දට එරෙහිව දක්වන ලද බොහෝ ප්රතිරෝධයන් රනිල්ට ඒ විදියට ම වලංගු වෙන්නේ නැහැ. තමන් ජීවත් වූ ගෙදරත් අහිමිව තිබෙන නිසා රනිල්ට තවත් නැතිවන්නට දෙයකුත් නැහැ. ඒ නිසා හැඟීම්බර ප්‍රතිචාර දැක්වීම්වලට නොයා "රනිල්" කියන ප්‍රශ්නයට දේශපාලනිකව පිළිතුරු සෙවිය යුතුයි. හැඟීම්බර ප්‍රතිචාර දැක්වීම් කියන්නේ මේ මොහොතේ විනාශයට අතවැනීමක්. විනාශය කැඳවා ගන්නවා කියන්නේ ක්‍රීඩාව එතැනින් නතර වෙනවා (game over) කියන එකයි. මේ මොහොතේ කළ යුතු වැදගත් ම දෙය ක්‍රීඩාව නතර කර නොගෙන දිගට ම තරගයේ රැඳී සිටීමයි. ඒ නිසා මා නැවතත් මෙතැන කියන්නේ රනිල් ජනාධිපතිධූරයට පත්වුණු මොහොතේ කියපු කතාවමයි. රනිල් ගෙදර යවන්නට හිතාගෙන "රනිල් ගෝ හෝම්" හෑෂ්ටැග් හැදීමත්, ගම්මාන හැදීමත්, හන්දි ගාණේ විරෝධතා පැවැත්වීමත් ලොකු තේරුමක් තියෙන වැඩ කියලා මම හිතන්නේ නැහැ. 88-89 කැරැල්ල මර්දනයේ ප්රමුඛ භූමිකාවක් නිරූපණය කරපු අයගෙන් දැනට ඉතිරිව සිටින එක ම සක්‍රීය දේශපාලනඥයා වන රනිල්ට එවැනි දේවල් කූඹියෙකු කනවා තරම් හෝ දැනෙනවා යැයි මා සිතන්නේ නැහැ. මේ මොහොතේ අප අවධානය යොමු කළ යුතු ප්‍රධානත ම දෙය ප්රජාතන්ත්රවාදය සඳහා වන පුළුල් බහුජන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමයි. මේක යූටියුබ්කරුවන්, නළු නිළියන්, දේශපාලනය විඥානයක් නැති ළමා ළපටින් නොව දේශපාලන පරිචයක් සහිත මිනිසුන් විසින් පෙරමුණ ගෙන සිදු කළ යුතු අතිශයින් ම දේශපාලනික ව්‍යාපෘතියක්. ඒ වගේ ම, පාර්ලිමේන්තු ක්‍රමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ප්රජාතන්ත්රවාදය විශ්වාස නොකරන අරාජිකවාදීන් සමග මේ කිසිවක් ඉදිරියට ගෙනයන්නට බැරි බවත් අප තේරුම් ගත යුතුයි. මා සිතන්නේ සජිත්ට මේ වෙලාවේ කළ යුත්තේ කුමක්දැයි තේරෙන්නේ නැත්නම් අඩු තරමින් ඩලස්, චම්පික වැනි 88-89 අත්දැකීම් ද සහිතව දේශපාලනයට පැමිණි පරපුරට මෙතැනදී පාර්ලිමේන්තුව තුළත් එයින් පිටතත් විශාල කාර්යභාරයක් ඉටු කළ හැකියි. ඔවුන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කාර්යභාරය තමන් අතට ගත යුතුයි. මෙයින් ක්ෂණික ප්‍රතිඵල නොලැබෙන්නට පුළුවන්. එහෙත් මෙවැනි වැඩපිළිවෙලක් තුළ කාලයත් සමග ක්‍රමිකව පීඩනය ගොඩනැගිය යුතුයි. දැන් රනිල් චෙස් ක්‍රීඩා කරනවා. ඔහු ඔහුගේ මුල් ම ඉත්තන් ඇද තිබෙනවා. එය දැක කලබල වී බෝඩ් එකත් පෙරළාගෙන බිම වැටෙන්නේ නැතිව, අප අපේ පියවර විධිමත්ව සැලසුම් කළ යුතුයි. - රසික ජයකොඩි 22 - 07 - 2022 #lka #SriLanka #life [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom