Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ගේ ඉරණම ! – වික්ටර් අයිවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ විකාර රූපි ආකාරයකට ය.අරගල කරුවන්ගේ කැමැත්ත අකමැත්ත කුමක් වුවත් අරගලය දේසපාලන අර්තයෙන් ලබාදී තිබෙන එක් වැදගත් ප්‍රතිපලයක් මෙසේය; අති විශාල මහජන බලයකින් රටේ රාජ්‍යය බලය හිමිකර ගෙන සිටි රාජ්‍යය පාලනය ගැන අවබෝදයක් නොතිබූ ගෝඨාභය ජනාධිපතිවරයා ඔහු ගේ දූර කාලයෙන් අඩක් සම්පූර්ණ වීමෙන් පසුව ඔහු එම තනතුරෙන් පහ කොට එක ආසනයකට පමනක් හිමිකම තිබූ රාජ්‍ය පාලනය ගැන තියුනු අවබෝදයක් තිබෙන පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ බහු තරයකගේ කැමැත්ත ඇතිව ජනාධිපති දූරයට පත් කළේය.ඔහු එම තනතුරට පත්වන අවස්තාව වන විට රාජ්‍යය තිබුනේ දිගින් දිගට කල යුතු ප්රතිසංස්කරන වලින් වැලකී සිටීම නිසාත් අවසානයේ අරගල කරුවන් ගෙන් එල්ල වන අභියෝගයන් ඉදිරියේ කඩා බිඳ වැටෙන තත්වයකය.සාම්ප්‍රදායික රාජ්‍යය පාලකයින්ට රාජ්‍යය කලමාණාකරනය කිරීමට තිබෙන හැකියාවද විශාල ප්‍රමනයකට බිඳ වැටී තිබුන අතර අරගල කරුවන් කිසියම් ප්‍රමානයකට රාජ්‍යයට අනදිය හැකි බලයක් හිමි කර ගනිමින් තිබුනි.එම තත්වයට ජනාධිපති ගෝඨාභයගේ දුර්වල කලමණාකරන රටාවද බලපා තිබුනි.රනිල් වික්‍රම සිංහ ජනාධිපති දූරයත් පත් පලමු පැය 48 ඇතුලත ආරක්ෂක හමුදාවල බලය යොදා ගනිමින් අරගල කරුවන් රාජ්‍යයෙන් උදුරාගෙන තිබුන එම ශක්තිය නැවත එයට ලබා දෙමින් රාජ්‍ය පාලන විෂයෙහි ගොඩ නැගී තිබුන අරාජකත්වය කිසියම් විශාල ප්‍රමාණයකට නැති කළේය.නව ජනාධිපතිවරයාගේ එම ප්‍රතිපත්තිය අරගල කරුවන් ගේ බලවත් කෝපයට හේතුවී ඇතත් දෛවයේ සරදමකට මෙන් අරගල කරුවන්ගේ ප්‍රධාන අභිලාශය ලෙස සැලකිය හැකි ” ක්රමයේ ගැබුරු වෙනස” ක් සදහා අවශ්‍ය වියුහමය ප්රතිසංස්කරන වැඩ සටහනකට රාජ්‍යයේ දොරටු විවුර්ත කරන්නාගේ භූමිකාව ක්‍රියාවට නැගීමට මහජනයා විසින් නොව ඉතිහාසය විසින් තෝරගත් පුද්ගලයා බවට පත්ව සිටින්නේද ජනාධිපති රනිල් වික්‍රම සිංහ ය.

ජරාජීර්ණ වීම

ක්රමයේ ගැබුරු වෙනසක් ඇති කිරීමට හේතුවන වියුහමය ප්රතිසංස්කරන වැඩ සටහනකට රට යොමු නොකරන්නේ නම් විශාල විනාශයකට රට තල්ලු වී යනු ඇති බව මා කියන්නට වූයේ අභ්‍යන්තර යුද්දයේ අවසානයත් සමග 2010 වසරේ සිටය.බිහිසුනු හා දැවැන්ත කැරලි දෙකක් ජය ගැනීමට රාජ්‍යය සමත් වී තිබුනද ඉන්පසු රාජ්‍යය තිබුනේ යහපත් තත්වයක නොව එම කැරලි වලින් ඇතිව තිබූ බරපතල තුවාල නිසා බෙලහීන හා අබල දුබල තත්වයකට පත් තත්වයකය.සිංහළ දෙමළ කැරලිකරුවන් අතින් සේම කැරලි මර්දනය කල ආරක්ෂක හමුදා අතින්ද විශාල පිරිසකගේ ජීවිත විනාශ වී තිබුන අතර ඊටත් වඩා විශාල පිරිසක් හිංසාවට හා පීඩාවට ලක්ව සිටියේය .කැරලි කරුවන් හා ආරක්ෂක හමුදා තරඟ කාරි ස්වරූපයකින් සමාජය මත මුදා හැර තිබුන කෲරත්වය සමාජ මනස විකුර්ති කිරීමට හා රෝගි කිරීමට හේතුවී තිබුනි.නීනියට ඉහලින් සිටින විදායක ජනාධිපති වරයෙකු සහිත දේසපාලන ක්‍රමයක් පවත්වාගෙන යාම නිසා විධායකය, විවස්තාදායකය හා අධිකරනය අතර තිබිය යුතු සංවරණය හා තුලනය මුලු මනින් බිද වැටී තිබුන අතර දූෂනය පාලනයකින් තොරව සමස්ත ආයතන ක්‍රමය වෙලාගෙන වේගයෙන් පැතිර යන බිහිසුනු පිලිකාවක් බවට පත්ව තිබුනි.සමාජ ක්‍රමය තුල තිබිය යුතු සමගිය හා ඒකාග්ර තාවද මුලු මනින් කඩා බිඳවැටෙන තත්වයකට පත්ව තිබුනි.රටේ ආර්තික කටයුතු සිදුවෙමින් තිබුනේද අක්‍රමවත් හා අයාලේ යන තත්වයකය.රට ගැබුරු ප්රතිසංස්කරන වැඩ සටහනකට යොමු නොකලහොත් සමස්ත ක්‍රමය කඩා බිඳවැටී රට අරාජක තත්වයකට තල්ලූ වී යනු ඇති බව මගේ නිරීක්ෂනය වී තිබුනි.අභ්‍යන්තර යුද්දය අවසානයේදී මා එම තත්වය මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාට පැහැදිලි කිරීමට උත්සහා කලද යුද්දයේ ජයග්රහනයෙන් ඇස් අන්ධ කරගෙන සිටි ජනාධිපතිට එම යතාර්තය තේරුම් ගැනීමට හැකිවූයේ නැත.ඉන්පසු යහපාලන ආණ්ඩුව යටතේ කරනලද සීමිත ප්‍රතිසංස්කරණ වැඩ සටහනද රටේ තිබුන අර්බුදයේ තරම ට ගැලපෙන ප්රතිසංස්කරන වැඩ සටහනක් නොවීය.මා හා මංගල සමරවීර අතර නැවත සමීප දේසපාලන මිත්‍රත්වයක් ඇතිවූයේ ඔහු ගේ චරිතාපදානය වෙනුවෙන් මාතර පැවති උතසවයේදී ලන්කාවේ අර්බුදය අලලා මා කරන ලද දේශනය හා ඊට ඔහු දක්වන ලද අවංක ප්‍රතිචාරය නිසාය.අත්‍යාවශ්‍ය ප්‍රතිස්ංස්කරන නොසලකා ක්‍රියා කිරීම නිසා නිසා රටේ අර්බුදය පුපුරන සුලු තත්වයකට වර්දනය වී ඇති බවත් සමහර විට මැතිවරනයෙන් පසුව පිපිරෙන තත්වයක් ඇතිවී රට බංකොලොත් තත්වයකට ඇද වැටී අවසානයේ රට අරාජක තත්වයකට තල්ලුවී යනු ඇති බව මම ඒම දේශනයේදී කීවෙමි.ඒ වන විට මංගල රටේ මුදල් ඇමති වූ අතර ඔහු සිය ස්තූති කතා වේදී මගේ විග්‍රහය පිලි ගත්තා පමනක් නොව දැන හෝ නොදැන එම අර්බුදයට දායක වීම ගැන ප්‍රසිද්දියේ සිය කණගාටුවද පල කලේය.ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජය ගැනීමට හේතුවන ප්රතිසංස්කරන වැඩ සටහනක් ගැන අප දෙදෙනා සකච්චා කරන තැනකට ගියේ එහි ප්‍රතිපලක් වශයෙනි.ඒ සදහා මංගල කැඳවන ලද සකච්චා දෙකකට රනිල් වික්රමසිංහද සහභාගි විය.මේ දෙදෙනාම පරන දේසපලකයින් අතර සිටි නවීන අදහස් දැරූ වෙනස් වන නූතන ලෝකය ගැන තියුණු වැටහීමක් තිබුනු දේසපලකයින් දෙදෙනෙකු ලේස සැලකිය හැකිය. අප සාකච්චාවට ලක් කලේ රාජ්‍යය හා දේසපාලන ක්රමයේ ඇතිවී තිබුන බිඳ වැටීම හා ආයතන ක්‍රමය වේලාගෙන පැතිර ගොස් තිබුන දූෂනය ගැන ය. එම සාකච්චා ඉතාමත් අව්‍යාජ ආකාරයෙන් සිදුවූ සාකච්චා ලෙස සැලකිය හැකිය.මා එම කාලයේදී එම පරන නායකයින් දෙපල ගැන දරන ලද මතය වූයේ බලයේ සිටින්නේ කවරෙකු වුවද ක්රමයේ ගැබුරු වෙනසක් සඳහා වන ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට දොරටු විවුර්ත කර ගැනීම සඳහා ඔවුන් ලවා පුරෝගාමි කාර්‍ය් බාරයක් ඉටු කර ගැනීමට හැකිවනු ඇතැයි කියාය.

ගෝඨාභය හා රනිල්

ආරම්භවී තිබුන තරුණ අරගලය උත්සන්න වෙමින් තිබෙන අවස්තාවක මා විසින් හදා ගත් ප්රතිසංස්කරන වැඩ සටහනක කෙටුම් පතක් සමග මා ජනාධිපති ගෝඨාභය හමු වන්නට ගියේ ක්රමයේ ගැබුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ප්රතිසංස්කරන වැඩ සටහනකට රට යොමු කල හැකි නම් ගෙවුම් ශේෂ අර්බුදයට අතිරේක වශයෙන් සමාජ- දේසපාලන අර්බුදයද විසදාගැනීමට හේතුවන ලෙස ක්රමයේ ගැබුරු වෙනසක් ඇති කරගනිමින් රටේ ගමන් මගද හරි මගකට ගත හැකිවනු ඇතැයි කියන විස්වාසයකින් යුතුවය.ඒ ගැන මා මීට පෙර ලියා තිබෙන බැවින් එක් කරුනක් ගැන පමණක් කතා කරමි.ජනාධිපතිවරයා එම සමස්ත යෝජනාවලියට එකග වීම මගේ පුදුමයට හේතු විය.

යෝජනාවලියේ අවසාන අංගය ලෙස තිබූ එක්සත් ජාතින්ගේ සංවිදානය මෙම වැඩ සටනේ නිරීක්ෂකයෙකු ලෙස සම්බන්ද කර ගත යුතූයි කියන අදහසට ද ජනාධිපත්වරයා එකග වීම ඊටත් වඩා මා ගේ පුදුමයට හේතුවූ බව කිව යුතුය.රනිල් වික්‍රමසිංහ අගමැති දූරයට පත්වීමෙන් පසුව ජනාධ්පති වරයා මාගේ වැඩ සටහන ගැන ඔහු සමගද සකච්චා කර තිබෙන අතර අගමැති වරයාද ඒ ගැන මා සමග සකච්චා කලේය.අගමැතිවරයා ඒ වන විටත් මගේ ප්‍රතිස්ංස්කරන අදහස් ගැන දැන සිටි අතර ඔහු සිටියේද තිබෙන ක්රමයේ යහපත් හා ගැබුරු වෙනසක් අත්‍යාවශ්‍ය වේයැයි කියන මතයේය.එම සාකච්චාවෙන් පසුව මා හා අගමැති අතර කෙරෙන සම්බන්දීකරනය අගමැතිවරයා විසින් බාරදී තිබුනේ අචාර්ය අරුණ කුලතුංගට හා මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආර්.යු හල්වතුර යන දෙදෙනාටය.අගමැති වරයා ඒ ගැන ඔවුන් සමග කරන ලද සාකච්චාවේදී මාගේ ප්‍රතිසන්ස්කරන ලියවිල්ල ඉතා කුඩා වුවත් එහි අන්තර්ගතය මහා වැලි යෝජනා ක්රමයටත් වඩා විශාල බව අගමැතිවරයා කී බව මට අරුන කුලතුංග ගෙන් දැන ගන්නට ලැබුනි.එහෙත් ඒ මොහොතේ රටේ පැවති කලබල කාරි තත්වය නිසා ඒ අදහස් පැවතුනේ හිස් අවකාශයේ පාවෙන දේවල් ලෙසය.අගමැති දූරයේ සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපති දූරයට පත්වීමෙන් පසු ජූලි 20 වනදා දුර කතනයෙන් මා අමතා කතා කොට ප්රතිසංස්කරන වැඩ සටහන ගැන සාකච්චා කිරීම සදහා ජූලි 22 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයට එන ලෙස මට දැනුම් දුන්නේය..මා එදින එහි ගියේ ඒ වන විට පරිපූරන බලය ලැබී තිබුන තත්වයක් තුල නව ජනාධිපත්වරයා ප්රතිසංස්කරන වැඩ සටහන ගැන කෙසේ කල්පනා කරනු ඇත්ද යන්න ගැන ඇති කරගත් කුතුහලයකින් යුතුවය.එහෙත් ප්‍රතිස්ංස්කරන පිලිබදව ඔහු තුළ පැවති ස්තීර සාර භාවයේ කිසිදු වෙනසක් සිදුවී නැති බව ඔහු සමග කෙරුනු කතා බහේදී මා ඉක්මනින් තෙරුම් ගත්තෙමි.රටේ යහපතට අවශ්‍ය කරන සියලු මූලික ප්රතිසංස්කරන ඇති කල යුතු බව ජනාධිපාතිවරයා දරන ලද මතය විය. වර්ගය, කුලය, ආගම, ලිංගය හා සංස්කෘතිය යන සාදක ගෝල්ෆේස් තරුණ අරගලයේ ප්රාදාන සංරචකයන් ලෙස ක්‍රියා කර තිබෙන අකාරය ගැනද අපි කතා කලෙමු.වැඩ වසම් කුල බේදයට තිබෙන පිලිගැනීම අහෝසි කොට වර්ග, ආගම් , ලිංගික හා සංස්කෘතික සමාජ කණ්ඩායම් වලට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිති වාසිකම් ලබා දෙන ප්‍රවේශ්යක් තුළ ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමේ වැදගත් කම හා එය ප්රතිසංස්කරන වැඩ සටහනේ ප්‍රදානම අංගයක් කර ගැනීමේ අවශ්‍යතාව ගැනද අපි කතා කලෙමු.මුලදී සාකච්චාවට සහබාගිවූ තුන්වැනි කෙනා වූයේ සමන් ආතාවුද හෙට්ටි පමණය.ඉන්පසු ජනාධිපති වරයා ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා විදේශ උපදේශිකා ශේනුකා සෙනවිරත්න එහි කැදවා මෙම ප්රතිසංස්කරන වැඩ සටහනේ නිරීක්ෂකයකු ලෙස ක්‍රියා කිරීම සදහා ආරාදනා කරන ලිපියක් එක්සත් ජාතින්ගේ සංවිදානයට යවන ලෙස උපදෙස් දුන්නේය.ඉතා බලවත් ජාත්‍යන්තර නිරීක්ෂකයෙකුද යොදා ගනිමින් ක්රමයේ ගැබුරු යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවන වන විහුහමය ප්‍රතිස්ංස්කරන වැඩ සටහනකට දොරටු විවුර්ත කිරීමට ඒ මගින් ජනාධිපතිවරයා පෙන්නුම් කල අදිෂ්ටානය මගේ පුදුමයට හේතු වූ බව කිව යුතුය.

ඉරනමේ අසිරිය

රනිල් ජනාධිපති දූරයට පත්විය යුතුව තිබුනේ 1999 වසරේ අග පැවති ජනාධිපති වරනයේ දී ය.එහෙත් ටවුන් හෝල් බෝම්බ සිද්දිය නිසා එම ජයග්‍රහනය වැලකුනේය.ඉන් පසු 2005 ජනාධිපති වරනය ජය ගැනීමේ වැඩි හැකියාවක් තිබුනේද රනිල්ටය.එහෙත්. ප්රභාකරන් පනවන ලද චන්ද තහනම නිසා එම ජයග්රහනයද වැලකුනි.මහින්ද පරාජය කිරීම සදහා පොදු අපේක්ෂකයෙකු අවශ්‍යයි කියන අදහස නිසා 2015 ජනාධිපතිවරනයට තරග කොට එය ජය ගැනීමට තිබුන හැකියාවද අහිමි විය.ඉන් පසු 2020 පාර්ලිමේන්තු මැතිවරනයත් සමග එලබෙන කාලය රනිල් වික්‍රමසිංහට දේසපාලන අර්තයෙන් මුහුන දෙන්නට සිදුවූ නරකම කාලය විය හැකිය.පාර්ලිමේන්තු මැතිවරනයෙන් එජාප යට එකම ආසනයක් වත් දිනා ගැනීමට නොහැකිවූ අතර රනිල් පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තුවෙනි.ආස්චර්ය ජනක සේම බිහිසුනු දේවල් සිදුවන්නේ ඉන්පසුවය.රනිල්ට අගමැති කම ලැබුනේ ද ,ඒ සමග නිවස හා එහි පුසතකාලය ගිනි බත් වූයේද ,ඉන් පසුව ගෝඨාභය ජනාදිපතිවරයා රටෙන් පලායාමෙන් පසු වැඩ බලන ජනාධිපති දූරයට පත්වූයේද, ඉන් පසු පාරිමේන්තුවේ පැවති චන්දයකින් ජනාධිපති දූරයට පත්වූයේද තරුන අරගලයේ අතුරු ප්‍රතිපලයන් ලෙස සැලකිය හැකිය.ඔහු පරන දේස්පාලන පරපුර අතර සිටින බුද්දිමය අර්තයෙන් විශිෂ්ටයාද, දක්ෂතම රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙසද සැලකිය හැකිය ගෝඨාභය ජනමාද්‍ය විසින් පුම්බන ලද චරිතයක් ලෙසද රනිල් ජනමාද්‍ය විසින් සැලසුම් සහගතව විනාශකර දමන ලද චරිතයක් ලෙසද සැලකිය හැකිය.ගෙවුම් ශේෂ අර්බුදයෙන් ලංකාව මුදා ගැනීම සදහා ක්‍රියා කරන අතර රටේ පවතින දූෂිත,අකාරයක්ෂම හා අසාදාරන ක්රමයේ සැබෑ යහපත් හා ගැබුරු විපර්යාසයක් ඇති කිරීමට හේතුවන ප්රතිසංස්කරන වැඩ සටහනකට රට යොමු කොට ක්රමයේ සැබෑ වෙන්සක් ඇති කරලීමට සමත් වෙතොත් ලංකාව ගලවා ගලවා ගත් වීරයා ලෙස ඔහුගේ නාමය ඉතිහාසයට එකතු වනු ඇත.

- https://sinhala.lankanewsweb.net/08/04/24374/

[QUOTE="monson, post: 28041395, member: 30005"] රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ විකාර රූපි ආකාරයකට ය.අරගල කරුවන්ගේ කැමැත්ත අකමැත්ත කුමක් වුවත් අරගලය දේසපාලන අර්තයෙන් ලබාදී තිබෙන එක් වැදගත් ප්‍රතිපලයක් මෙසේය; අති විශාල මහජන බලයකින් රටේ රාජ්‍යය බලය හිමිකර ගෙන සිටි රාජ්‍යය පාලනය ගැන අවබෝදයක් නොතිබූ ගෝඨාභය ජනාධිපතිවරයා ඔහු ගේ දූර කාලයෙන් අඩක් සම්පූර්ණ වීමෙන් පසුව ඔහු එම තනතුරෙන් පහ කොට එක ආසනයකට පමනක් හිමිකම තිබූ රාජ්‍ය පාලනය ගැන තියුනු අවබෝදයක් තිබෙන පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ බහු තරයකගේ කැමැත්ත ඇතිව ජනාධිපති දූරයට පත් කළේය.ඔහු එම තනතුරට පත්වන අවස්තාව වන විට රාජ්‍යය තිබුනේ දිගින් දිගට කල යුතු ප්රතිසංස්කරන වලින් වැලකී සිටීම නිසාත් අවසානයේ අරගල කරුවන් ගෙන් එල්ල වන අභියෝගයන් ඉදිරියේ කඩා බිඳ වැටෙන තත්වයකය.සාම්ප්‍රදායික රාජ්‍යය පාලකයින්ට රාජ්‍යය කලමාණාකරනය කිරීමට තිබෙන හැකියාවද විශාල ප්‍රමනයකට බිඳ වැටී තිබුන අතර අරගල කරුවන් කිසියම් ප්‍රමානයකට රාජ්‍යයට අනදිය හැකි බලයක් හිමි කර ගනිමින් තිබුනි.එම තත්වයට ජනාධිපති ගෝඨාභයගේ දුර්වල කලමණාකරන රටාවද බලපා තිබුනි.රනිල් වික්‍රම සිංහ ජනාධිපති දූරයත් පත් පලමු පැය 48 ඇතුලත ආරක්ෂක හමුදාවල බලය යොදා ගනිමින් අරගල කරුවන් රාජ්‍යයෙන් උදුරාගෙන තිබුන එම ශක්තිය නැවත එයට ලබා දෙමින් රාජ්‍ය පාලන විෂයෙහි ගොඩ නැගී තිබුන අරාජකත්වය කිසියම් විශාල ප්‍රමාණයකට නැති කළේය.නව ජනාධිපතිවරයාගේ එම ප්‍රතිපත්තිය අරගල කරුවන් ගේ බලවත් කෝපයට හේතුවී ඇතත් දෛවයේ සරදමකට මෙන් අරගල කරුවන්ගේ ප්‍රධාන අභිලාශය ලෙස සැලකිය හැකි ” ක්රමයේ ගැබුරු වෙනස” ක් සදහා අවශ්‍ය වියුහමය ප්රතිසංස්කරන වැඩ සටහනකට රාජ්‍යයේ දොරටු විවුර්ත කරන්නාගේ භූමිකාව ක්‍රියාවට නැගීමට මහජනයා විසින් නොව ඉතිහාසය විසින් තෝරගත් පුද්ගලයා බවට පත්ව සිටින්නේද ජනාධිපති රනිල් වික්‍රම සිංහ ය. [B]ජරාජීර්ණ වීම[/B] ක්රමයේ ගැබුරු වෙනසක් ඇති කිරීමට හේතුවන වියුහමය ප්රතිසංස්කරන වැඩ සටහනකට රට යොමු නොකරන්නේ නම් විශාල විනාශයකට රට තල්ලු වී යනු ඇති බව මා කියන්නට වූයේ අභ්‍යන්තර යුද්දයේ අවසානයත් සමග 2010 වසරේ සිටය.බිහිසුනු හා දැවැන්ත කැරලි දෙකක් ජය ගැනීමට රාජ්‍යය සමත් වී තිබුනද ඉන්පසු රාජ්‍යය තිබුනේ යහපත් තත්වයක නොව එම කැරලි වලින් ඇතිව තිබූ බරපතල තුවාල නිසා බෙලහීන හා අබල දුබල තත්වයකට පත් තත්වයකය.සිංහළ දෙමළ කැරලිකරුවන් අතින් සේම කැරලි මර්දනය කල ආරක්ෂක හමුදා අතින්ද විශාල පිරිසකගේ ජීවිත විනාශ වී තිබුන අතර ඊටත් වඩා විශාල පිරිසක් හිංසාවට හා පීඩාවට ලක්ව සිටියේය .කැරලි කරුවන් හා ආරක්ෂක හමුදා තරඟ කාරි ස්වරූපයකින් සමාජය මත මුදා හැර තිබුන කෲරත්වය සමාජ මනස විකුර්ති කිරීමට හා රෝගි කිරීමට හේතුවී තිබුනි.නීනියට ඉහලින් සිටින විදායක ජනාධිපති වරයෙකු සහිත දේසපාලන ක්‍රමයක් පවත්වාගෙන යාම නිසා විධායකය, විවස්තාදායකය හා අධිකරනය අතර තිබිය යුතු සංවරණය හා තුලනය මුලු මනින් බිද වැටී තිබුන අතර දූෂනය පාලනයකින් තොරව සමස්ත ආයතන ක්‍රමය වෙලාගෙන වේගයෙන් පැතිර යන බිහිසුනු පිලිකාවක් බවට පත්ව තිබුනි.සමාජ ක්‍රමය තුල තිබිය යුතු සමගිය හා ඒකාග්ර තාවද මුලු මනින් කඩා බිඳවැටෙන තත්වයකට පත්ව තිබුනි.රටේ ආර්තික කටයුතු සිදුවෙමින් තිබුනේද අක්‍රමවත් හා අයාලේ යන තත්වයකය.රට ගැබුරු ප්රතිසංස්කරන වැඩ සටහනකට යොමු නොකලහොත් සමස්ත ක්‍රමය කඩා බිඳවැටී රට අරාජක තත්වයකට තල්ලූ වී යනු ඇති බව මගේ නිරීක්ෂනය වී තිබුනි.අභ්‍යන්තර යුද්දය අවසානයේදී මා එම තත්වය මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාට පැහැදිලි කිරීමට උත්සහා කලද යුද්දයේ ජයග්රහනයෙන් ඇස් අන්ධ කරගෙන සිටි ජනාධිපතිට එම යතාර්තය තේරුම් ගැනීමට හැකිවූයේ නැත.ඉන්පසු යහපාලන ආණ්ඩුව යටතේ කරනලද සීමිත ප්‍රතිසංස්කරණ වැඩ සටහනද රටේ තිබුන අර්බුදයේ තරම ට ගැලපෙන ප්රතිසංස්කරන වැඩ සටහනක් නොවීය.මා හා මංගල සමරවීර අතර නැවත සමීප දේසපාලන මිත්‍රත්වයක් ඇතිවූයේ ඔහු ගේ චරිතාපදානය වෙනුවෙන් මාතර පැවති උතසවයේදී ලන්කාවේ අර්බුදය අලලා මා කරන ලද දේශනය හා ඊට ඔහු දක්වන ලද අවංක ප්‍රතිචාරය නිසාය.අත්‍යාවශ්‍ය ප්‍රතිස්ංස්කරන නොසලකා ක්‍රියා කිරීම නිසා නිසා රටේ අර්බුදය පුපුරන සුලු තත්වයකට වර්දනය වී ඇති බවත් සමහර විට මැතිවරනයෙන් පසුව පිපිරෙන තත්වයක් ඇතිවී රට බංකොලොත් තත්වයකට ඇද වැටී අවසානයේ රට අරාජක තත්වයකට තල්ලුවී යනු ඇති බව මම ඒම දේශනයේදී කීවෙමි.ඒ වන විට මංගල රටේ මුදල් ඇමති වූ අතර ඔහු සිය ස්තූති කතා වේදී මගේ විග්‍රහය පිලි ගත්තා පමනක් නොව දැන හෝ නොදැන එම අර්බුදයට දායක වීම ගැන ප්‍රසිද්දියේ සිය කණගාටුවද පල කලේය.ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජය ගැනීමට හේතුවන ප්රතිසංස්කරන වැඩ සටහනක් ගැන අප දෙදෙනා සකච්චා කරන තැනකට ගියේ එහි ප්‍රතිපලක් වශයෙනි.ඒ සදහා මංගල කැඳවන ලද සකච්චා දෙකකට රනිල් වික්රමසිංහද සහභාගි විය.මේ දෙදෙනාම පරන දේසපලකයින් අතර සිටි නවීන අදහස් දැරූ වෙනස් වන නූතන ලෝකය ගැන තියුණු වැටහීමක් තිබුනු දේසපලකයින් දෙදෙනෙකු ලේස සැලකිය හැකිය. අප සාකච්චාවට ලක් කලේ රාජ්‍යය හා දේසපාලන ක්රමයේ ඇතිවී තිබුන බිඳ වැටීම හා ආයතන ක්‍රමය වේලාගෙන පැතිර ගොස් තිබුන දූෂනය ගැන ය. එම සාකච්චා ඉතාමත් අව්‍යාජ ආකාරයෙන් සිදුවූ සාකච්චා ලෙස සැලකිය හැකිය.මා එම කාලයේදී එම පරන නායකයින් දෙපල ගැන දරන ලද මතය වූයේ බලයේ සිටින්නේ කවරෙකු වුවද ක්රමයේ ගැබුරු වෙනසක් සඳහා වන ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට දොරටු විවුර්ත කර ගැනීම සඳහා ඔවුන් ලවා පුරෝගාමි කාර්‍ය් බාරයක් ඉටු කර ගැනීමට හැකිවනු ඇතැයි කියාය. [B]ගෝඨාභය හා රනිල්[/B] ආරම්භවී තිබුන තරුණ අරගලය උත්සන්න වෙමින් තිබෙන අවස්තාවක මා විසින් හදා ගත් ප්රතිසංස්කරන වැඩ සටහනක කෙටුම් පතක් සමග මා ජනාධිපති ගෝඨාභය හමු වන්නට ගියේ ක්රමයේ ගැබුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ප්රතිසංස්කරන වැඩ සටහනකට රට යොමු කල හැකි නම් ගෙවුම් ශේෂ අර්බුදයට අතිරේක වශයෙන් සමාජ- දේසපාලන අර්බුදයද විසදාගැනීමට හේතුවන ලෙස ක්රමයේ ගැබුරු වෙනසක් ඇති කරගනිමින් රටේ ගමන් මගද හරි මගකට ගත හැකිවනු ඇතැයි කියන විස්වාසයකින් යුතුවය.ඒ ගැන මා මීට පෙර ලියා තිබෙන බැවින් එක් කරුනක් ගැන පමණක් කතා කරමි.ජනාධිපතිවරයා එම සමස්ත යෝජනාවලියට එකග වීම මගේ පුදුමයට හේතු විය. යෝජනාවලියේ අවසාන අංගය ලෙස තිබූ එක්සත් ජාතින්ගේ සංවිදානය මෙම වැඩ සටනේ නිරීක්ෂකයෙකු ලෙස සම්බන්ද කර ගත යුතූයි කියන අදහසට ද ජනාධිපත්වරයා එකග වීම ඊටත් වඩා මා ගේ පුදුමයට හේතුවූ බව කිව යුතුය.රනිල් වික්‍රමසිංහ අගමැති දූරයට පත්වීමෙන් පසුව ජනාධ්පති වරයා මාගේ වැඩ සටහන ගැන ඔහු සමගද සකච්චා කර තිබෙන අතර අගමැති වරයාද ඒ ගැන මා සමග සකච්චා කලේය.අගමැතිවරයා ඒ වන විටත් මගේ ප්‍රතිස්ංස්කරන අදහස් ගැන දැන සිටි අතර ඔහු සිටියේද තිබෙන ක්රමයේ යහපත් හා ගැබුරු වෙනසක් අත්‍යාවශ්‍ය වේයැයි කියන මතයේය.එම සාකච්චාවෙන් පසුව මා හා අගමැති අතර කෙරෙන සම්බන්දීකරනය අගමැතිවරයා විසින් බාරදී තිබුනේ අචාර්ය අරුණ කුලතුංගට හා මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආර්.යු හල්වතුර යන දෙදෙනාටය.අගමැති වරයා ඒ ගැන ඔවුන් සමග කරන ලද සාකච්චාවේදී මාගේ ප්‍රතිසන්ස්කරන ලියවිල්ල ඉතා කුඩා වුවත් එහි අන්තර්ගතය මහා වැලි යෝජනා ක්රමයටත් වඩා විශාල බව අගමැතිවරයා කී බව මට අරුන කුලතුංග ගෙන් දැන ගන්නට ලැබුනි.එහෙත් ඒ මොහොතේ රටේ පැවති කලබල කාරි තත්වය නිසා ඒ අදහස් පැවතුනේ හිස් අවකාශයේ පාවෙන දේවල් ලෙසය.අගමැති දූරයේ සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපති දූරයට පත්වීමෙන් පසු ජූලි 20 වනදා දුර කතනයෙන් මා අමතා කතා කොට ප්රතිසංස්කරන වැඩ සටහන ගැන සාකච්චා කිරීම සදහා ජූලි 22 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයට එන ලෙස මට දැනුම් දුන්නේය..මා එදින එහි ගියේ ඒ වන විට පරිපූරන බලය ලැබී තිබුන තත්වයක් තුල නව ජනාධිපත්වරයා ප්රතිසංස්කරන වැඩ සටහන ගැන කෙසේ කල්පනා කරනු ඇත්ද යන්න ගැන ඇති කරගත් කුතුහලයකින් යුතුවය.එහෙත් ප්‍රතිස්ංස්කරන පිලිබදව ඔහු තුළ පැවති ස්තීර සාර භාවයේ කිසිදු වෙනසක් සිදුවී නැති බව ඔහු සමග කෙරුනු කතා බහේදී මා ඉක්මනින් තෙරුම් ගත්තෙමි.රටේ යහපතට අවශ්‍ය කරන සියලු මූලික ප්රතිසංස්කරන ඇති කල යුතු බව ජනාධිපාතිවරයා දරන ලද මතය විය. වර්ගය, කුලය, ආගම, ලිංගය හා සංස්කෘතිය යන සාදක ගෝල්ෆේස් තරුණ අරගලයේ ප්රාදාන සංරචකයන් ලෙස ක්‍රියා කර තිබෙන අකාරය ගැනද අපි කතා කලෙමු.වැඩ වසම් කුල බේදයට තිබෙන පිලිගැනීම අහෝසි කොට වර්ග, ආගම් , ලිංගික හා සංස්කෘතික සමාජ කණ්ඩායම් වලට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිති වාසිකම් ලබා දෙන ප්‍රවේශ්යක් තුළ ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමේ වැදගත් කම හා එය ප්රතිසංස්කරන වැඩ සටහනේ ප්‍රදානම අංගයක් කර ගැනීමේ අවශ්‍යතාව ගැනද අපි කතා කලෙමු.මුලදී සාකච්චාවට සහබාගිවූ තුන්වැනි කෙනා වූයේ සමන් ආතාවුද හෙට්ටි පමණය.ඉන්පසු ජනාධිපති වරයා ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා විදේශ උපදේශිකා ශේනුකා සෙනවිරත්න එහි කැදවා මෙම ප්රතිසංස්කරන වැඩ සටහනේ නිරීක්ෂකයකු ලෙස ක්‍රියා කිරීම සදහා ආරාදනා කරන ලිපියක් එක්සත් ජාතින්ගේ සංවිදානයට යවන ලෙස උපදෙස් දුන්නේය.ඉතා බලවත් ජාත්‍යන්තර නිරීක්ෂකයෙකුද යොදා ගනිමින් ක්රමයේ ගැබුරු යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවන වන විහුහමය ප්‍රතිස්ංස්කරන වැඩ සටහනකට දොරටු විවුර්ත කිරීමට ඒ මගින් ජනාධිපතිවරයා පෙන්නුම් කල අදිෂ්ටානය මගේ පුදුමයට හේතු වූ බව කිව යුතුය. [B]ඉරනමේ අසිරිය[/B] රනිල් ජනාධිපති දූරයට පත්විය යුතුව තිබුනේ 1999 වසරේ අග පැවති ජනාධිපති වරනයේ දී ය.එහෙත් ටවුන් හෝල් බෝම්බ සිද්දිය නිසා එම ජයග්‍රහනය වැලකුනේය.ඉන් පසු 2005 ජනාධිපති වරනය ජය ගැනීමේ වැඩි හැකියාවක් තිබුනේද රනිල්ටය.එහෙත්. ප්රභාකරන් පනවන ලද චන්ද තහනම නිසා එම ජයග්රහනයද වැලකුනි.මහින්ද පරාජය කිරීම සදහා පොදු අපේක්ෂකයෙකු අවශ්‍යයි කියන අදහස නිසා 2015 ජනාධිපතිවරනයට තරග කොට එය ජය ගැනීමට තිබුන හැකියාවද අහිමි විය.ඉන් පසු 2020 පාර්ලිමේන්තු මැතිවරනයත් සමග එලබෙන කාලය රනිල් වික්‍රමසිංහට දේසපාලන අර්තයෙන් මුහුන දෙන්නට සිදුවූ නරකම කාලය විය හැකිය.පාර්ලිමේන්තු මැතිවරනයෙන් එජාප යට එකම ආසනයක් වත් දිනා ගැනීමට නොහැකිවූ අතර රනිල් පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තුවෙනි.ආස්චර්ය ජනක සේම බිහිසුනු දේවල් සිදුවන්නේ ඉන්පසුවය.රනිල්ට අගමැති කම ලැබුනේ ද ,ඒ සමග නිවස හා එහි පුසතකාලය ගිනි බත් වූයේද ,ඉන් පසුව ගෝඨාභය ජනාදිපතිවරයා රටෙන් පලායාමෙන් පසු වැඩ බලන ජනාධිපති දූරයට පත්වූයේද, ඉන් පසු පාරිමේන්තුවේ පැවති චන්දයකින් ජනාධිපති දූරයට පත්වූයේද තරුන අරගලයේ අතුරු ප්‍රතිපලයන් ලෙස සැලකිය හැකිය.ඔහු පරන දේස්පාලන පරපුර අතර සිටින බුද්දිමය අර්තයෙන් විශිෂ්ටයාද, දක්ෂතම රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙසද සැලකිය හැකිය ගෝඨාභය ජනමාද්‍ය විසින් පුම්බන ලද චරිතයක් ලෙසද රනිල් ජනමාද්‍ය විසින් සැලසුම් සහගතව විනාශකර දමන ලද චරිතයක් ලෙසද සැලකිය හැකිය.ගෙවුම් ශේෂ අර්බුදයෙන් ලංකාව මුදා ගැනීම සදහා ක්‍රියා කරන අතර රටේ පවතින දූෂිත,අකාරයක්ෂම හා අසාදාරන ක්රමයේ සැබෑ යහපත් හා ගැබුරු විපර්යාසයක් ඇති කිරීමට හේතුවන ප්රතිසංස්කරන වැඩ සටහනකට රට යොමු කොට ක්රමයේ සැබෑ වෙන්සක් ඇති කරලීමට සමත් වෙතොත් ලංකාව ගලවා ගලවා ගත් වීරයා ලෙස ඔහුගේ නාමය ඉතිහාසයට එකතු වනු ඇත. - [URL]https://sinhala.lankanewsweb.net/08/04/24374/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom