Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් පොදු අපේක්ෂකයකු ලෙස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් පොදු අපේක්ෂකයකු ලෙස

copyright: w3lanka website by Ajith Parakum

පොදු අපේක්ෂකයා ගැන සරත් ෆොන්සේකා ඊයේ පළ කළ අදහසක් අද දිවයින පුවත්පතේ පළ වී තිබිණි.

පොදු අපේක්ෂකයා පිළිබඳ සරත් ෆොන්සේකාගේ මෙම අදහස ලංකාවේ සමාජයේ පවතින අදහසක් පරාවර්තනය කරන්නකි. මෙය කියන්නට බොහෝ දෙනෙක් මැලි වෙති. එයට හේතුව ආණ්ඩුව විසින් ප්‍රවර්ධනය කරන මතවාදයන් හා ජාතිවාදයයි.

රනිල් වික්‍රමසිංහ ධනේශ්වර ලිබරල් දැක්මක් සහිත නායකයෙකි. 2001-2004 සමයේ ඔහු ලංකාවේ නිල නොලත් රාජ්‍ය නායකයා විය. එසමයේ ඔහු ඉතා දැඩි නව ලිබරල්වාදී ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් දියත් කරන්නට උත්සාහ දැරුවේ ය.

ඔහු ජාතීන්ගේ ප්රශ්නය විෂයෙහි අනුගමනය කළ ප්‍රතිපත්තිය වඩා උපායශීලී එකක් විය. මර්දිනය වෙනුවට බලය බෙදා ගැනීමේ සම්මුතියකට දෙමළ හා සිංහල ජාතිවාදයන් සිර කිරීමේ ප්‍රබල උත්සාහයක ඔහු නිරත වුණේ ය. ඒ සඳහා බටහිර සහයෝගය ලැබිණි. එහෙත්, සිංහල හා දෙමළ ජාතිවාදයන් ඔහුට වඩා ප්‍රබල විය. ඒවා එකිනෙකා සමග අනියම් සම්මුතියකින් කටයුතු කරමින් ඔහු පරාජය කළ ආකාරය 2005 ජනාධිපතිවරණයේදී කැපී පෙනිණි.

ඔහුගේ දැඩි නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට ජන සහාය දිනා ගැනීමට ඔහු අසමත් විය. ආසියානු සංවර්ධන බැංකුවේ උපදෙස් මත විදුලි බල මණ්ඩලය කොටස් කීපයකට කඩා ප්‍රතිව්‍යූහගත කිරීම වැනි ඔහුගේ යෝජනා දැඩි විරෝධයට හේතු විය.

ඔහුගේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට එරෙහිව මුලින් ම නැගී සිටියේ මේ රටේ ප්රගතිශීලී ව්‍යාපාරයයි. එදා රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව පෙරට ආ මහමාන්කඩවල පියරතන හිමියන් නායකත්වය දුන් දේශීය සම්පත් හා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය සැදුම් ලැබුවේ වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන කණ්ඩායම් ආදී සිවිල් සමාජ සංවිධානවලිනි.

පසු කලෙක ජවිපෙ නායකත්වය දුන් ජාතිවාදී රැල්ල විසින් රනිල් පරදවන ලදී. ඔහු වෙනුවෙන් පෙනී සිටීමට මේ රටේ ප්රගතිශීලී ව්‍යාපාරය ඉදිරිපත් නො වුණේ ඔහුගේ දැඩි නව ලිබරල්වාදී ආස්ථාන හේතුවෙනි.

එහෙත්, රනිල්ගේ නව ලිබරල්වාදය වෙනුවට මේ රටේ ජනතාවට ලැබුණේ අන්ත ජාතිවාදී, ආගම්වාදී, පවුල්වාදී, දූෂිත, ප්රජාතන්ත්ර විරෝධී, ඒකාධිපති, ලුම්පන් පාලනයකි.

එයට සාපේක්ෂව නව ලිබරල්වාදයේ පවා හික්මවා ගත හැකිකමක් හෙවත් චෙක්ස් ඇන් බැලන්සස් තිබිණි.

කෙසේ වෙතත්, මේ වන විට නව ලිබරල්වාදයේ පැරණි මාදිලිය ලෝකයෙන් ම ප්‍රතික්ෂේප වී තිබේ. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක වෙළඳ සංවිධානය ආදී සංවිධාන හරහා දැඩි ආක්රමණකාරී ස්වරූපයකින් ලෝකය මත පටවන ලද ආර්ථිකයන් හැඩගැස්වීමේ ක්‍රියාවලිය දැන් පසුබැස තිබේ. ඒ වෙනුවට මේ වන විට එම වැඩසටහන් ම ජාතිකවාදයන් සමග මුසු වෙමින් වෙනත් ස්වරූපයකින් සිදු වෙමින් තිබේ.

රනිල්ගේ පරාජය සිදු වුණේ ඔහුට වෙනස් වන තත්වයන් සමග හැඩගැසෙන්නට අපහසු වූ හෙයිනි. ඒ සඳහා ඔහුට කාලයක් ලැබුණේ ද නැත. එසේම නැගී ආ ජාතිවාදී රැල්ල හමුවේ දරාගෙන සිටීමේ ශක්තියක් ද ඔහුට නො තිබිණි. එහෙයින් ඔහුගේ පරාජය අනිවාර්ය එකක් විය.

2014 වන විට සිටින්නේ 2005 සිටි රනිල් නො වේ. හේතුව 2005 වන විට තිබුණු නවලිබරල්වාදී වැඩසටහන දැන් ඒ අන්දමින් ම ක්‍රියාත්මක නො වීමයි. එසේම, 2014 වන විට ලංකාව සම්බන්ධයෙන් චීනයේ බලපෑම අතිශය වැදගත් සාධකයක් වී තිබේ.

රනිල් වික්‍රමසිංහගේ ධනේශ්වර ලිබරල් හරයන් වෙනස් වී නැතත් ඔහුට වැඩ කිරීමට සිදු වනු ඇත්තේ වෙනස් වී තිබෙන සංදර්භයන් තුළයි. නිදසුනක් ලෙස රාජ්‍ය අංශය හකුළා පෞද්ගලික අංශය සංවර්ධනයේ එන්ජිම බවට පත් කිරීමේ ඔහුගේ පැරණි උපායමාර්ගය මහින්ද රාජපක්ෂ විසින් දැවැන්ත ලෙස ප්‍රසාරණය කරන ලද රාජ්‍ය අංශය විෂයෙහි ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න ප්රශ්නයකි. ඔහුට කරන්නට සිදු වනු ඇත්තේ රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීමේ ක්‍රමවේදයක් සොයන්නටයි. රාජ්‍ය අංශය දිය කර හැරීම හා පෞද්ගලික අංශය වර්ධනයේ එන්ජිම බවට පත් කිරීම තව දුරටත් ප්‍රායෝගික නැත.

එසේම, පෞද්ගලීකරණය වෙනුවට රාජ්‍ය ව්‍යවසාය රජයට හිමි සමාගම් ලෙස ම තබා ගනිමින් මහජන මුදලින් නො යැපෙන අන්දමින්, වඩා නිදහස් හා තරගකාරී වෙළඳපොළක පවත්වාගෙන යාමට ක්‍රම සෙවීමට සිදු වනු ඇත.

ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල දූෂණ අවම කිරීම, ඍජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම, සංචාරක ව්‍යාපාරය සඳහා වඩා හිතකර තත්වයක් ඇති කිරීම, විදේශ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම, ජාත්‍යන්තර වශයෙන් සාමය තහවුරු කර ගැනීම, සුළු ජාතීන් සමග සම්මුතියකට එළඹීම, ජාතිවාදයට වැට බැඳීම හා සංස්කෘතික තුලනය පවත්වා ගෙන යාම ඔහු හමුවේ ඇති අභියෝගයි.

රනිල්ගේ කලින් ප්රතිපත්තිවලින් සිදු වුණේ ඇති නැති පරතරය තව වැඩි වීමයි. මහින්ද එය තුලනය කළේ රජ්‍ය අංශය ප්‍රසාරණය කරමින් මධ්‍යම පංතිය ශක්තිමත් කිරීමෙනි.

සරත් ෆොන්සේකා සේ ම මා ද සිටින ස්ථාවරය වන්නේ ලංකාවේ මේ මොහොතේ රාජ්‍ය නායකත්වයට සුදුසු ම පුද්ගලයා රනිල් බවයි. මෙය සාපේක්ෂ කරුණක් මිස පරම දෙයක් නො වේ.

රනිල් බලයට ගෙන ඒම සමාජවාදයට ඉවහල් වන්නේ කෙසේදැයි ඔබ අසනු ඇත. මම මෙසේ කියමි. මේ සමාජය අන්ත දූෂිත ඒකාධිපතිවාදයකට, පවුල්වාදයකට මුළුමනින් ම නතු වී විනාශ වී යාම වළක්වා ගැනීම අනිවාර්යයෙන් ම සමාජවාදී පියවරකි.

පොදු අපේක්ෂක කුමන්ත්‍රණයට සම්බන්ධ පිරිස් මෙම කාරණා කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

රනිල් ගැන මම මෙසේ ද කියමි. ඔහු සිය පළමු ධුර කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනු ඇතැයි මම විශ්වාස නො කරමි. එහෙත්, වඩා ප්‍රශස්ථ ප්රජාතන්ත්රවාදී භාවිතාවක් සඳහා පියවර ගැනීමට ඔහු පෙළඹවිය යුතු ය. ජනාධිපතිවරයා සතු මුක්තිය අහෝසි කිරීම, කැබිනට් මණ්ඩලය සීමා කිරීම, ජනාධිපති පදවියට පත් විය හැකි වාර ගණන සීමා කිරීම, අධිකරණය, රාජ්‍ය සේවය හා පොලිසිය වැනි වැදගත් ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීම, විධායකය තුළ සුළු ජාතීන්ට අවස්ථා ලබා දීම සඳහා පියවර ගැනීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වැනි ක්‍රියාමාර්ග රනිල්ගෙන් අපේක්ෂා කළ හැකි ය.

ඒ සඳහා ඔහුට බලපෑම් කිරීම සඳහා මහජන ව්‍යාපාර ශක්තිමත් කළ යුතු ය.

[QUOTE="BINGU_PUTHA, post: 17399019, member: 469273"] [b]රනිල් පොදු අපේක්ෂකයකු ලෙස[/b] [IMG]http://3.bp.blogspot.com/-AUGhC41jiK8/VGx4dyihnNI/AAAAAAAAJgg/CnOeKMOn2TE/s1600/ranil.jpg[/IMG] [SIZE="4"] copyright: w3lanka website by Ajith Parakum පොදු අපේක්ෂකයා ගැන සරත් ෆොන්සේකා ඊයේ පළ කළ අදහසක් අද දිවයින පුවත්පතේ පළ වී තිබිණි. පොදු අපේක්ෂකයා පිළිබඳ සරත් ෆොන්සේකාගේ මෙම අදහස ලංකාවේ සමාජයේ පවතින අදහසක් පරාවර්තනය කරන්නකි. මෙය කියන්නට බොහෝ දෙනෙක් මැලි වෙති. එයට හේතුව ආණ්ඩුව විසින් ප්‍රවර්ධනය කරන මතවාදයන් හා ජාතිවාදයයි. රනිල් වික්‍රමසිංහ ධනේශ්වර ලිබරල් දැක්මක් සහිත නායකයෙකි. 2001-2004 සමයේ ඔහු ලංකාවේ නිල නොලත් රාජ්‍ය නායකයා විය. එසමයේ ඔහු ඉතා දැඩි නව ලිබරල්වාදී ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් දියත් කරන්නට උත්සාහ දැරුවේ ය. ඔහු ජාතීන්ගේ ප්රශ්නය විෂයෙහි අනුගමනය කළ ප්‍රතිපත්තිය වඩා උපායශීලී එකක් විය. මර්දිනය වෙනුවට බලය බෙදා ගැනීමේ සම්මුතියකට දෙමළ හා සිංහල ජාතිවාදයන් සිර කිරීමේ ප්‍රබල උත්සාහයක ඔහු නිරත වුණේ ය. ඒ සඳහා බටහිර සහයෝගය ලැබිණි. එහෙත්, සිංහල හා දෙමළ ජාතිවාදයන් ඔහුට වඩා ප්‍රබල විය. ඒවා එකිනෙකා සමග අනියම් සම්මුතියකින් කටයුතු කරමින් ඔහු පරාජය කළ ආකාරය 2005 ජනාධිපතිවරණයේදී කැපී පෙනිණි. ඔහුගේ දැඩි නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට ජන සහාය දිනා ගැනීමට ඔහු අසමත් විය. ආසියානු සංවර්ධන බැංකුවේ උපදෙස් මත විදුලි බල මණ්ඩලය කොටස් කීපයකට කඩා ප්‍රතිව්‍යූහගත කිරීම වැනි ඔහුගේ යෝජනා දැඩි විරෝධයට හේතු විය. ඔහුගේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට එරෙහිව මුලින් ම නැගී සිටියේ මේ රටේ ප්රගතිශීලී ව්‍යාපාරයයි. එදා රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව පෙරට ආ මහමාන්කඩවල පියරතන හිමියන් නායකත්වය දුන් දේශීය සම්පත් හා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය සැදුම් ලැබුවේ වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන කණ්ඩායම් ආදී සිවිල් සමාජ සංවිධානවලිනි. පසු කලෙක ජවිපෙ නායකත්වය දුන් ජාතිවාදී රැල්ල විසින් රනිල් පරදවන ලදී. ඔහු වෙනුවෙන් පෙනී සිටීමට මේ රටේ ප්රගතිශීලී ව්‍යාපාරය ඉදිරිපත් නො වුණේ ඔහුගේ දැඩි නව ලිබරල්වාදී ආස්ථාන හේතුවෙනි. එහෙත්, රනිල්ගේ නව ලිබරල්වාදය වෙනුවට මේ රටේ ජනතාවට ලැබුණේ අන්ත ජාතිවාදී, ආගම්වාදී, පවුල්වාදී, දූෂිත, ප්රජාතන්ත්ර විරෝධී, ඒකාධිපති, ලුම්පන් පාලනයකි. එයට සාපේක්ෂව නව ලිබරල්වාදයේ පවා හික්මවා ගත හැකිකමක් හෙවත් චෙක්ස් ඇන් බැලන්සස් තිබිණි. කෙසේ වෙතත්, මේ වන විට නව ලිබරල්වාදයේ පැරණි මාදිලිය ලෝකයෙන් ම ප්‍රතික්ෂේප වී තිබේ. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක වෙළඳ සංවිධානය ආදී සංවිධාන හරහා දැඩි ආක්රමණකාරී ස්වරූපයකින් ලෝකය මත පටවන ලද ආර්ථිකයන් හැඩගැස්වීමේ ක්‍රියාවලිය දැන් පසුබැස තිබේ. ඒ වෙනුවට මේ වන විට එම වැඩසටහන් ම ජාතිකවාදයන් සමග මුසු වෙමින් වෙනත් ස්වරූපයකින් සිදු වෙමින් තිබේ. රනිල්ගේ පරාජය සිදු වුණේ ඔහුට වෙනස් වන තත්වයන් සමග හැඩගැසෙන්නට අපහසු වූ හෙයිනි. ඒ සඳහා ඔහුට කාලයක් ලැබුණේ ද නැත. එසේම නැගී ආ ජාතිවාදී රැල්ල හමුවේ දරාගෙන සිටීමේ ශක්තියක් ද ඔහුට නො තිබිණි. එහෙයින් ඔහුගේ පරාජය අනිවාර්ය එකක් විය. 2014 වන විට සිටින්නේ 2005 සිටි රනිල් නො වේ. හේතුව 2005 වන විට තිබුණු නවලිබරල්වාදී වැඩසටහන දැන් ඒ අන්දමින් ම ක්‍රියාත්මක නො වීමයි. එසේම, 2014 වන විට ලංකාව සම්බන්ධයෙන් චීනයේ බලපෑම අතිශය වැදගත් සාධකයක් වී තිබේ. රනිල් වික්‍රමසිංහගේ ධනේශ්වර ලිබරල් හරයන් වෙනස් වී නැතත් ඔහුට වැඩ කිරීමට සිදු වනු ඇත්තේ වෙනස් වී තිබෙන සංදර්භයන් තුළයි. නිදසුනක් ලෙස රාජ්‍ය අංශය හකුළා පෞද්ගලික අංශය සංවර්ධනයේ එන්ජිම බවට පත් කිරීමේ ඔහුගේ පැරණි උපායමාර්ගය මහින්ද රාජපක්ෂ විසින් දැවැන්ත ලෙස ප්‍රසාරණය කරන ලද රාජ්‍ය අංශය විෂයෙහි ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න ප්රශ්නයකි. ඔහුට කරන්නට සිදු වනු ඇත්තේ රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීමේ ක්‍රමවේදයක් සොයන්නටයි. රාජ්‍ය අංශය දිය කර හැරීම හා පෞද්ගලික අංශය වර්ධනයේ එන්ජිම බවට පත් කිරීම තව දුරටත් ප්‍රායෝගික නැත. එසේම, පෞද්ගලීකරණය වෙනුවට රාජ්‍ය ව්‍යවසාය රජයට හිමි සමාගම් ලෙස ම තබා ගනිමින් මහජන මුදලින් නො යැපෙන අන්දමින්, වඩා නිදහස් හා තරගකාරී වෙළඳපොළක පවත්වාගෙන යාමට ක්‍රම සෙවීමට සිදු වනු ඇත. ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල දූෂණ අවම කිරීම, ඍජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම, සංචාරක ව්‍යාපාරය සඳහා වඩා හිතකර තත්වයක් ඇති කිරීම, විදේශ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම, ජාත්‍යන්තර වශයෙන් සාමය තහවුරු කර ගැනීම, සුළු ජාතීන් සමග සම්මුතියකට එළඹීම, ජාතිවාදයට වැට බැඳීම හා සංස්කෘතික තුලනය පවත්වා ගෙන යාම ඔහු හමුවේ ඇති අභියෝගයි. රනිල්ගේ කලින් ප්රතිපත්තිවලින් සිදු වුණේ ඇති නැති පරතරය තව වැඩි වීමයි. මහින්ද එය තුලනය කළේ රජ්‍ය අංශය ප්‍රසාරණය කරමින් මධ්‍යම පංතිය ශක්තිමත් කිරීමෙනි. සරත් ෆොන්සේකා සේ ම මා ද සිටින ස්ථාවරය වන්නේ ලංකාවේ මේ මොහොතේ රාජ්‍ය නායකත්වයට සුදුසු ම පුද්ගලයා රනිල් බවයි. මෙය සාපේක්ෂ කරුණක් මිස පරම දෙයක් නො වේ. රනිල් බලයට ගෙන ඒම සමාජවාදයට ඉවහල් වන්නේ කෙසේදැයි ඔබ අසනු ඇත. මම මෙසේ කියමි. මේ සමාජය අන්ත දූෂිත ඒකාධිපතිවාදයකට, පවුල්වාදයකට මුළුමනින් ම නතු වී විනාශ වී යාම වළක්වා ගැනීම අනිවාර්යයෙන් ම සමාජවාදී පියවරකි. පොදු අපේක්ෂක කුමන්ත්‍රණයට සම්බන්ධ පිරිස් මෙම කාරණා කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. රනිල් ගැන මම මෙසේ ද කියමි. ඔහු සිය පළමු ධුර කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනු ඇතැයි මම විශ්වාස නො කරමි. එහෙත්, වඩා ප්‍රශස්ථ ප්රජාතන්ත්රවාදී භාවිතාවක් සඳහා පියවර ගැනීමට ඔහු පෙළඹවිය යුතු ය. ජනාධිපතිවරයා සතු මුක්තිය අහෝසි කිරීම, කැබිනට් මණ්ඩලය සීමා කිරීම, ජනාධිපති පදවියට පත් විය හැකි වාර ගණන සීමා කිරීම, අධිකරණය, රාජ්‍ය සේවය හා පොලිසිය වැනි වැදගත් ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීම, විධායකය තුළ සුළු ජාතීන්ට අවස්ථා ලබා දීම සඳහා පියවර ගැනීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වැනි ක්‍රියාමාර්ග රනිල්ගෙන් අපේක්ෂා කළ හැකි ය. ඒ සඳහා ඔහුට බලපෑම් කිරීම සඳහා මහජන ව්‍යාපාර ශක්තිමත් කළ යුතු ය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom