Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
රබර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රබර්.

ලොකු අයියයි, තමරක්කයි ඇවිත් යුද්ධප්රෙකාශ කලා.දූනගහ වත්තෙ මගෙ කෑල්ලෙ රබර් දාන්න එපාලු. මං මොලයක් නැති හරකෙක්ලු. එක්කො ඒක බදු දෙන්නලු, නැත්තං විකුණන්නලු. තමරක්කා කිව්වා පාලිත අයියට කියලා ඔන්නං බ්රෝ.කර් කෙනෙකුත් හොයලා දෙන්නං කියලා.

"යකෝ අක්කර කාලක රබර් හිටෝලා තෝ අහවල් දෙයක් කරන්නද? කව්ද කිරි කපන්නෙ? උඹ කාටද කිරි විකුණන්නෙ? දැන් මේ හරියෙ කොහෙවත් රබර් නෑ... උඹට නං හෑබෑවටම පිස්සු....." ලොකු අයියා ගෝරනාඩු කරද්දි තිලිණිගෙ මූණෙ හීන් හිනාවක් නැටුවා.ලොකු අයියටයි තමරක්කටයි කෝල් කරලා මේ ආරංචිය කනේ තියන්න ඇත්තෙ තිලිණිම මිසක් වෙන කවුරුවත් නෙමේනෙ.

"බලපං මේ ගෙයි හැටි, වවුල් තිප්පොලක් වගේ, තිලිණිම ඉන්නවා මිසක් මං වගේ ගෑනියෙක් නං දමලා ගහලා යනවා... උඹ ඔය රබර් දාන්න වියදං කරන සල්ලි වලින් පොඩි කඩ කෑලි දෙකක් නග්ගලා කුලියට දීපංකො, නැත්තං විකුණලා ගෙයි වැඩක් කර ගනිංකො...."

" මෙයා රබර් දාන්න හදන්නෙ ඔෆිස් එකේ දහ මාසෙ ණය අරං අක්කෙ... බලන්නකො..." තමරක්කා නතර කරනකොට තිලිණි පටන් ගත්තා.

" උඹට ඔල්මාදෙද?, ඉඩම පැනලා යන්නෙ නෑනෙ... ඒ සල්ලි වලින් ගෙයි තීන්ත ටිකක් ගාපන්කො... අම්මයි තාත්තයි කොච්චර පිලිවෙලට තියං හිටපු තැනක්ද මේ.....?" තමරක්කා හීල්ලුවා. මං ගොලුවෙක් බීරෙක් වගේ ඔහෙ බලන් හිටියා. තමරක්කා කලින් ගියෙ පොඩි එකාව පංතියෙන් ගන්න තියනවා කියලා.

"මල්ලියෙ උඹ මෝඩයෙක් නෙමේනෙ නිකං මේ තේරුමක් නැති විකාර වැඩ වලට, සල්ලි නාස්ති කරන්න එපා... උඹ හිතයි අපි අපේ කොටහවල් වික්ක නිසා ඉරිසියාවට උඹේ පංගුවත් විකුණන්න කියනවා කියලා, විකුණන්නැත්තං ඔහෙ තිබිච්චාවෙ... තේරුමක් නැති වැඩ කරලා සල්ලි නාස්ති කර ගන්නෙ නැතුව." අක්කා යන ගමන් කියලා ගියා.

ලොකු අයියා ගියෙ පහළ කුමාරලෑ ගෙදෙට්ටත් ගිහින් එහෙන් ඇඹරැල්ලා කඩන්. තිලිණි ලොකු අයියට ගෙනියන්න කෙහෙල් මුහ දෙක තුනකුයි, දෙහි ගෙඩි ටිකකුයි ඔතනවා මං දැක්කා. එහෙ කුමාරි අක්කට ආයෙත් ළමයි හම්බ වෙන්නලු.

"පොලොස් බැලුවා..., පායන හින්දද කොහෙද තාම නෑ අයියෙ.... කොහෙන් හරි හොයං පොලොස් ඇඹුලක් හදං අපි වෙලාවක ඒ පැත්තෙ එන්නං...." තිලිණි කිව්වම ලොකු අයියා මොකවත් කියන්නැතුව හිනා වුනා.

"මල්ලි, මෝඩකං කරලා මිනිස්සු හිනස්සන්නැතුව උඹේ ගෑනිටයි ළමයිටයි යන කල දවසක් බලහං..'' අයියා හිව්වෙ චූටි පුතා වඳිනකොට ඔලුව අත ගාන ගමං. මං මොකවත් කියන්න ගියෙ නෑ. ලොකු අයියගෙ අලුත්ම අලුත් පැණි පාට cherry QQ කාර් එක චූටි පුතාටයි, තිලිණිටයි වෙනසක් කරලා තිබුනා.

"ඒක මරු නේද තාත්තෙ...? පාට තමයි කැත.. අපි ගන්නකොට රතු පාට එකේ කලු පාට ඉරි වැටිච්ච එකක් ගමු.." පුතා කිව්වෙ ලොකු අයියා ගෙනාපු චොකලට් කේක් කන ගමන්.

"ඊට කලින් අර මෝටබයිසිකලේ පැච් එක දාන්න කියලා තාත්තට කියන්න... කාර්..? අපි කාර් ගන්නෙ ඉතිං ලබන ආත්මෙ තමා පුතේ..." තිලිණි ගස්සගෙන කුස්සියට ගියා.

ගොඩක් රෑ වෙනකං මට නින්ද ගියෙ නෑ. තිලිණිත් එහෙට මෙහෙට පෙරලුනේ නිදි නැතුව. මං එයාගෙ ඇඟට උඩින් අතක් දැම්මම එය මගෙ අත නොහිතපු වේගෙකින් තල්ලු කලා.

"යන්න අනේ යන්න... මටත් කියලා ඉවසන්න පුලුවන් සීමාවක් තියනව..." එයාගෙ සද්දෙ හෙම්බිරිස්සා ගතියයි.ඒත් තීරණාත්මකයි. එයා අඬලා. ඒ වෙනදට කියන හුරතල් එපා කිවිල්ල හරි, මහන්සියට කියන කම්මැලි නිදිමත හඬ හරි නෙමේ . එයා මේ හෙම්බිරිස්සා කටහඬින් කතා කරනවා මම අහලා තියෙන්නෙ හරි අඩුවෙන්. මං අනික් පැත්ත හැරුනා.

ඒ ඉඩමට දූනගහ වත්ත කිව්වට එකෙ තිබුනෙ රබර්. දූන කියලා ගස් වර්ගයක් තිබුණද කියලා මම දැනන් හිටියෙ නෑ. ඉස්සර ඒක නොබෙදපු අක්කර දොලහක තනි රබර් වත්තක්. මහප්පයි, බාප්පල දෙන්නයි, තාත්තයි හිටියට රබර් වත්තෙ වැඩ සිද්ද වුනේ අපේ ආච්චිට ඕනෙ විදියට. අපි පොඩිම කාලෙ සිරිපාල බාප්පා අපිට රබර් ඇට වලින් හුළං පෙති හදලා දෙනවා මට හොඳට මතකයි. මහ වෙලේ අරින සරුංගල් නූල් කැඩිලා ඇවිත් ගොඩක් වෙලාවට නවතින්නෙ දූනගහ වත්තෙ රබර් අතු උඩ. බාප්ප ගස් නැගලා අරන් දෙන සරුංගල් අපි වෙනින් පාට සව් කඩදාසි අලෝලා ආයෙමත් මහ වෙලේම උඩ අරිනවා උදේට රබර් අතු අස්සෙන් ඉර එළිය ගලන්නෙ පතුරු පතුරු වලට බෙදිලා. ඒ එළි පතුරු එක්කො රත්තරං පාටයි, නැත්තං ඇස් නිලංකාර කරවන තරං සුදුයි.ඒකෙ පුදුම ලස්සනක් තිබුනෙ.රබර් ගසුත් මාසෙන් මාසෙට එක එක විදියයි. පෙබරවාරි කොළ නිවාඩුවට ගස් හෙළුවෙන්. ඒ කාලෙට රබර් ගස් හොල්මං වගෙයි. ටක ටකස් ගගා රබර් ගෙඩි පුපුර පුපුර රබර් ඇට හැලෙනවා. දුඹුරු පාටට පොළවෙ අඟල් තුන හතරක් උසට වෙලිච්ච රබර් කොළ තට්ටුව. ගමේ ගෑනු රබර් දර අහුලන්නෙ ඔය කාලෙට. වේලිලා වැටෙන හීන් රබර් කෝටු එකට තියලා පෝර වැල් පොටකින් බැඳන් එයාලා යනවා. ඒ කෝටු වලින් බැදුමක් බදින්න, මැල්ලුමක් මලවන්න වගේ පොඩි පොඩි උයමං මිසක් ලොකු උයමං කරන්න බැහැ, සුරුස් ගාලා ඉක්මනට පත්තු වෙලා ඉවර වෙන නිසා. කොළ නිවාඩුවට අපි පෝර උර අරන් ගිහින් රබර් ඇට එකතු කරනවා. වෙනම උරේකට රබර් ගෙඩි වල කටු එකතු කරනවා. ඒ කටු පොල් කටු වගේ දරට ගන්නවා.රබර් ඇට කිලෝ ගාණට බාග ලොරියකින් එන වෙලෙන්ඳෙක් සල්ලි වලට ගන්නවා. ඒ ඇට වලින් මොනවා කරනවද කියලා තවම මම දන්නෙ නෑ.තෙල් හිඳිනවා කියලා තමා කියන්නෙ. ඒත් ඒ තෙල් මොනවට පාවිච්චි කරනවද කියලා දන්නෙ නෑ. අවුරුද්ද ලබනකොට ආයෙ රබර් ගස් දලු දාලා. මුලින්ම එන්නෙ තද රතු පාට ගින්දර වගේ දලු. ඊළඟට ඒවා දිලිසෙන අලු පාටකට හැරෙනවා. ළා කොළ පාට වෙලා අන්තිමට තමා අර දීප්තිමත් තද කොළ පාට වෙන්නෙ. හැලෙන්න කිට්ටු වෙනකොට ඒවා කහ පාටයි. ටික දවසකින් ඒවා තැඹිලි පාට වෙනවා. ජනවාරි අග ඒ තැඹිලි පාට, කහ පාට රබර් කොළ සර සර ගගා හැලිලා හුළඟෙ පා වෙනවා. රබර් අතු අස්සෙන් තැඹිලි පාටට ඉර නගිනකොට, බහිනකොට මොකක්දෝ පාලුවක් හිතෙනවා.

දූනගහ වත්ත ගැන හිතනකොට මට ගෑනු හතර දෙනෙක්ව ඔළුවට එනව. ඒ අපේ ආච්චි, සබීතා පෙරේරා, වීරෙ නැන්දා, මල්කාන්ති.

ආච්චිව මතක් වෙන්නෙ ඒ රබර් කෑල්ලට අධිගෘහිත නාකි දේවතාවියක් වගේ. හීතල පින්නෙ පරණ අත් දිග පිරිමි ෂර්ට් එකක් ඇඳන් කිරි බාල්දියයි පිහියයි අරන් ආච්චි කිරි කපන්න යනවා මට අද වගේ මතකයි. පෙලක්දාට මායි තමරක්කයිත් ආච්චිගෙ පස්සෙන් යනවා. "මේ කිරි කැපිල්ල හැමෝටම කරන්න බෑ බං, ගහට ආදරේ පාන්න ඕනෙ, නැත්තං ගහ කිරි හංගනවා... ආච්චි පෙලක් දාට කියනවා. අපි බොහොම උන්නදුවෙන් බලන් ඉන්නවා කිරි කැපීමේ තාක්ෂණය. ඒත් කවදාවත් ආච්චි අපි අතට කිරි පිහිය දුන්නෙ නෑ. ගස් වලට බේත් බඳින කාලෙට ඒ වැඩේ කලෙත් ආච්චිමයි. ආච්චි මැරෙණකම්ම රබර් කිරි කැපුවා. එයා මැරෙණකොට මට අවුරුදු දොලහයි. කිරි කපන්න ගිය ගමන් පොළඟෙක් දෂ්ඨ කරලයි එයා නැති වුනේ. ආච්චිගෙ මිනිය වැලලුවෙත් දූනගහ වත්තෙම කෙලවරක. පස්සෙ ඒ කෑල්ල ගියෙ සිරිපාල බාප්පලට. එයාලා ඒක ඒ කාලෙම වික්කා කියලා සෑහෙන්න හිත් අමනාපකං තිබුනා තාත්තලා බාප්පලා අතරෙ.

ඒ මරණෙන් පස්සෙ ඉඩම බෙදන හැටි ගැන කාලයක් කට්ටිය අතරෙ වාද විවාද තිබුණා. ඒ කාලෙ කිරි කැපුවෙ වීරෙ නැන්දා. එයා අපේ දුර නෑයෙක් කිව්වට නෑකම මොකක්ද කියලා මම දැනන් හිටියෙ නැහැ. වීරෙ නැන්දා කපන කිරි වල ආදායම බෙදිච්ච හැටි ගැනත් පොඩි පොඩි ආරවුල් තිබුනත්, එයා සෑහෙන කාලයක් කිරි කැපුවා. ඒ නැන්දා බැඳලා හිටියෙ වීරෙ මාමව නිසා කවුරුත් එයාට කිව්වෙ වීරෙ නැන්දා කියලා.

වීරෙ නැන්දා ගැන එක සිද්දියක් මට හොඳට මතකයි. ඒ මතකෙ කොන්ද දිගේ ගලන හීතල වතුර පාරක් වගේ. ඒක වුනේ ආච්චිගෙ තුන්මාසෙ දානෙටත් කලින්. එදා දවල් මම රබර් වත්තට ආවෙ ඔට්ටපාලු ටිකක් ගලවන්න. ඔට්ටපාලු හිරට ඔතලා හදන බෝල වලින් තමා අපි මහ වෙලේ එල්ලෙ ගැහුවෙ. ඒ බෝලෙ කිස් කනවා. පාරක් වැදුනොත් ඉතින් දුම් පිටවෙනවා. මං ඔට්ටපාලු ගලවද්දි වීරෙ නැන්දා කිරි බාල්දිය අඬව අඬව ආවෙ කිරි අකුලන්න.එයා මාව දැක්කද නොදැක්කද කියලා මට තාම නිච්චියක් නෑ. ඒත් මගෙ හිත කියන්නෙ එයා මාව නොදකින්න ඇති කියලයි. වීරෙ නැන්දා කෙරෝලක ඉඳලා කිරි ඇකිලුවා.එදා ටිකක් බීරිං කරපු දවසක්. වීරෙ නැන්දා ඇඳන් හිටියෙ දම් පාට ලොකු මල් චීත්තෙකුයි, සුදු බ්ලවුස් එකකුයි. ගස් දෙක තුනක කිරි අකුලපු නැන්දා එක පාරටම පාත් වෙලා චීත්තෙ උස්සලා මුත්රාත කලා. චීත්තෙ සෑහෙන්න ඉස්සුන නිසා පිටිපස්සෙන් මට හොඳට එයාගෙ තට්ටං පෙනුනා. තණකොළ උඩට මුත්රාක වැටෙන සද්දෙ පවා ඇහුනා. ඒ මුත්රාඳ පාර හොඳට තදට , බලගතු විදියට පොළවට විද්දා. මට කෙළ ගිලුනෙත් නෑ. පොඩි කෙල්ලො ඔය වැඩේ කරනවා දැකලා තිබුනට මහ ගෑනියෙක් ඕක කරනවා දැකපු පලවෙනි වතාව ඒ. මොකද්ද වෙන්නෙ කියලා හරියටම ඒ කාලෙ තේරුමක් නැතත් මගෙ අවයව පණ පිහිටනවා මට දැනුනා. ඒ තප්පර කීපෙ මහ පුදුම තප්පර කීපයක්. මට දැනුනෙ සිහි නැතුව මාව වැටෙන්න යනවා වගේ. මං රබර් ගහකට හේත්තු වෙලා ඒකට මගෙ ඇඟ තියලා තද කලා. වීරෙ නැන්දා මාව දකී කියන බයත් තිබ්බ හින්දා මං හිටියෙ මුවා වෙලා. වීරෙ නැන්දා මොකවත් වුනේ නෑ වගේ ගහෙන් ගහට කිරි අකුලං ගියා. හදිස්සියෙම මං දැක්කා මගෙ කකුලෙ ඇඟිලි කරුවක කූඩැල්ලෙක් එල්ලිලා. ඌ ලේ බීලා බීලා ඉදිමිලා. මම වේලිච්ච රබර් කොළේකින් ඌව ඇදලා දැම්ම පාර එතනින් ලේ විද්දා. මම එහෙම්ම රබර් මුල ගාව වාඩි වුනා.මං දැනන් හිටියෙ නෑ ඒ පණ පිහිටපු දරදඬුවත් එක්ක මොනවා කරන්නද කියලා. මගෙ අත එතෙන්ට ගියා. එදා තමයි ජීවිතේ පළවෙනි වතාවට මං තනියෙන් සතුටු වුනේ. ඒ හිරි වැටිල්ලට මං ආසා වුනා වගේම ඒක මාව සෑහෙන්න බය කලා. මට මහ කිලුටු කාලකණ්නි කමක් දැනුනා. එදා මං එල්ලෙ ගහන්න ගියෙ නෑ. පල්ලෙහා ලිඳට ගිහින් අත් දෙක රිදෙනකම්ම වතුර ඇද ඇද නෑවා. මාව රතු වෙනකම්ම පොල් මුඩ්ඩකින් හොඳට ඇඟ ඇතිල්ලුවා. ආයෙ ආයෙමත් වීරෙ නැන්දා කිරි අකුලන වෙලාවට මං එයාට නොපෙනි කොහෙ හරි රැකං හිටියට මම බලන්න හිටිය දේ මට දකින්න වුනේ නෑ. මං පෙලක් දාට වීරෙ නැන්දා මුත්රාය කරපු තැනට ගිහින් බලනවා. එතන පස් වල සුවඳ බලනවා.

ඔය ඉඩ කඩං කතා බස් නිසා වීරෙ නැන්දලා ඒ දවස් වල අපේ ගෙදර ලොකු උදවියත් එක්ක වැඩි කතා නෑ. අපි එක්ක උනත් එහෙමට ලොකු කතාවක් තිබුනෙ නැති නිසා මට කවදාවත් වීරෙ නැන්දත් එක්ක හරියට කතා බස් කරන්න ලැබුනෙ නෑ. අනික එයාව මුණට මුණ මුනගැහිච්ච ගමන් මගෙ කටේ කෙල හිඳිලා දනිස් පණ නැතිවෙලා මට මොකද්දෝ වෙනවා. ඉතින් මම කරන්නෙ පුලුවන් ඉක්මනින් එතනින් මාරු වෙන එක. එදා සිද්දියෙන් පස්සෙ මට දැනුනා තවදුරටත් මං සරුංගල් පස්සෙ දුවන පොඩි එකා නෙමේ කියලා. වීරෙ නැන්දා මගෙ හීන වලට ආවෙ මහ විසාල පපුවක් තියන තෙත බරිත යකින්නක් විදියට. ඒ යක්ෂනී මගෙ හීන වලදි මාව රබර් ගහකට තියලා හේත්තු කරලා නොමරා මැරුවා."තොපේ මහ එවුන් මේ ඉඩං තනියෙන් අයිති කර ගන්න නේද දත කන්නෙ ?" කියල මට දස වද දුන්නා. ඒවා අමුතුම තාලෙ වද. ඒ හීන වලින් මම බය වුනත්, මගෙ සරම තෙමුනත් එවා ආයෙ ආයෙ පේනව නං කියල මට හිතුනා. ඒත් හැබෑවටම ඒ ගෑනි හතර පෝයට සිල් ගන්න නිවිච්චි ගෑනියෙක්. අපේ අම්මලා නැන්දලට තරං සද්ද කටක්වත් වීරෙ නැන්දට තිබුනෙ නෑ.ඒත් මට හිතා ගන්න බැරි තරමටම මගෙ හීන වලට එන වීරෙ නැන්දා දරුණුයි.

වීරෙ මාමට පොල් වත්තක මුර වැඩක් හම්බවෙලා ඒ පවුලම ඒ කාලෙ ගමෙන් ගියා. මට ඒක දරන්න බැරි පාලුවක් වුනා. මං හවස් අතේ රබර් කෑල්ලට ගිහින් ඔහේ බලං ඉන්නවා. පොළවටම දිරලා නාරටි බේරිච්චි රබර් කොළ ගෙනත් පොත් අස්සෙ දා ගන්නවා. ඒ කාලෙ මට රබර් කඳන් මතුපිටේ වැවිච්ච පෙඳ පාසි වලින් අමුතු අමුතු රටා පේනවා. ගෑනු මූණු, තුවක්කු, බල්ලො වගේ එක එක හැඩතල. වීරෙ නැන්දා නැති නිසා කිරි කැපිල්ල ටික දවසකට අත් ඇරුනා. පස්සෙ කිරි කැපිල්ලට ආවෙ මිසි නෝනා කියලා නාකි අම්මන්ඩියක්. ඒ ගෑනි ගස් තුවාල කරනවා, කැපිල්ල හරි නෑ කියලා අම්මල ඒ දවස්වල බනිනවා මට මතකයි.

දෙවෙනි ගමන චිත්ර්පටිය පෙන්නුවෙ අපි දහයෙ පන්තියෙ ඉන්දැද්දි.අපි ඒක බැලුවෙ පාට කමිස ඇඳන් ගිහින් ඉස්කෝලෙන් කට්ටි පැනලා. ඒකෙ එක තැනක තියනවා සබීතා පෙරේරා රබර් වත්තක් වගේ තැනක බිම මුනිං අතට නිදාගෙන කකුල් දෙකත් ටිකක් උස්සල බොහෝම දඟ විදියට වන වන සනත් ගුණතිලකත් එක්ක කතා කර කර ඉන්න සීන් එකක්. ඒක කොළ නිවාඩු කාලෙට අපේ රබර් වත්ත වගේමයි. මං දෙවනි ගමන අට පාරක් බැලුවා. ඒකෙ සනත්ගෙ පැත්තෙ නාකි උඩඟු ගෑනු ටික ගැන පුදුම වෛරයක් මගෙ හිතට ආවෙ අර අහිංසක සබීතට දෙන වද වලට. ඒ කාලෙ මගෙ රෑ හීන වලට ආවෙ වීරෙ නැන්ද නෙමේ සබීතා. ඒ ආවෙ වීරෙ නැන්දා වගේ යක්ෂ විදියට නෙමේ බොහෝම අහිංසක කෝමළ විදියකට. එයා රබර් කොළ ගොල්ලෙ පෙරලුනා. අපි රබර් ගස් අස්සෙ හැංගි මුත්තං කලා. එයා රබර් කඳන් අස්සෙන් එබිලා හීන් හිනාවක් පාලා කොණ්ඩ කරල් දෙක වන වන පිටිපස්ස බල බල හිනා වෙවී දිව්වා. මගෙ ඔළුව එයාගෙ උකුලෙ තියාගෙන රබර් කොළ ගොල්ලෙ වාඩි වෙලා මගෙ කොණ්ඩෙ අත ගෑවා. අන්තිමට අපි එහෙම්මම වැතිරුනා.

සබීතා මගෙ හීන වලට ආවෙ මල්කාන්ති මුණගැහෙනකන් විතරයි. (ඒත් පස්සෙ කාලෙක සබීතා ආයෙමත් මගෙ හීන වලට රිංගන්න ගත්තා). ඒක වුනේ අහම්බෙන්. දවසක් මම හවස හයට විතර ගල් පොත්ත හරියට වෙන්න තියන රබර් ගහකට හේත්තු වෙලා ඇඟ හිරි වැටෙන ඒ වැඩේ කරමින් හිටියා. මගෙ ඇස් පියවිලා තිබුනෙ.ඒ වෙලාවට ඒ හරියට එන්න කිසිම කෙනෙකුට හේතුවක් තිබුනෙ නෑ. ටකස් ගාලා දර කෝට්ටක් කැඩෙනවා පෑගිලා ඇහුනා. එතන හිටියෙ මල්කාන්ති. මාව දැක්කා විතරයි එයා දිව්වා. මට දැනුනෙ මාව මැරෙන්න යන තරම් ලැජ්ජාවක්. මං එහෙම්ම ගෙදෙර දිව්වා. ඒ වෙලාවෙ මල්කාන්තිගෙ මූණෙ තිබුනු ඉරියව්ව මතක් කර ගන්න අදටත් මට බෑ.සෑහෙන දවසක් යනකං යනකං මම පුදුම බයකින් හිටියෙ මල්කාන්ති ඒක කාට හරි කියලා ඇති කියලා. බැරිම තැන මං වෙච්චිදේ එල්ලෙ ගහන්න ගිය වෙලාවක නිමලෙට කිව්වා. ඌ බඩ අල්ලගෙන හිනා වුනා.

"යකෝ උඹ නියම චාන්ස් එකක්නෙ අතඇරලා තියෙන්නෙ...., උඹ නම් මහ ගොනෙක් බං"

ටික දවසකින් මටත් හිතෙන්න ගත්තා මං මහ ගොනෙක් තමා කියලා.මල්කාන්ති කලුයි. උසයි. ඒකි මට වැඩිය අවුරුදක් හරි දෙකක් හරි වැඩිමල් මයෙ හිතේ. එයාට පොඩි බොල්ලෑවකුත් තිබුනා. එත් කැතම නෑ. ලස්සනයි කියලා කියන්නත් බෑ හැබැයි.ආයෙ මං මල්කාන්තිව දැක්කෙ සති ගාණකින්. ඒකි රබර් කෑල්ල අයිනෙ දර එකතු කරනවා. මං ඒ වෙලාවෙ ලාම්පු තෙල් ගේන්න කඩේ යන ගමන්. මං පුලුවන් තරන් ඒ පැත්ත නොබලයි යන්න බැලුවෙ. ඒත් සැරින්සැරේ මට බැලුනා. මල්කාන්ති ලොකුවට හිනා වුනා. ඒක නිකන් මං හොරේ දන්නව කියන ජාතියෙ හිනාවක්. මං අහක බලාගෙන ගියා .

"ඒ.. ඒ.. ඒයි..." මට ටිකක් දුර යන්න දීලා මල්කාන්ති අඬගැහුවා. " මගෙ වේගෙ බාල වුනා.

"මං දැක්කා ඔයා එදා කර කර හිටපු වැඩේ..." මේකි හිකිස් ගගා හිනා වෙවී කියනවා. මං මොකවත් නොකියා ආයෙ යන්න පිටත් වුනා.

" මං ඒක තමරත් එක්ක කියන්නද ?" අපේ අක්කා ඒකිගෙ පංතියෙ හිටියෙ. මගෙ කටට කුණුහරුප වැලක් ආවත් එ ඒවා කටින් එලියට පැන්නෙ නෑ. මොකද කරන්නෙ කියලා දන්නෙ නැතුව මං එහෙම්මම නතර වෙලා බලං හිටියා.

" මං දවස් ගානක් දැක්කා ඔයා ඔය වැඩේට ඔතෙන්ට එනවා...ආයෙ යනවනං අපිටත් අඬගහන්ඩ, අපිත් එන්නං" ඒකි කටේ දිවේ නොගෑවි කිව්වා. මට දැනුනෙ අප්පිරියාවට කලවං වෙච්චි ආසාවක්.පස්සෙ පස්සෙ අපි දිගටම රබර් කෑල්ලෙදි මුණගැහුනා. ඒකිට හරියට දාඩිය දානව. නළලෙයි, උඩු තොල් පටිය දිගෙයි දාඩිය බිංදු බිංදු දිලිසෙන්න ගන්නවා. අනික මල්කාන්තිට තිබුනෙ යක්ෂ කෑ ගැහිල්ලක්. පෙලක් වෙලාවට මට ඒකිට කොනිත්තන්න, එහෙම නැත්තං කම්මුලට පාරක් ගහන්න වෙනවා ඒ බළල් සද්දෙ නතර කරන්න. ඒ කාලෙ මහ ගිනි ගත්තු කාලයක් දවල්ට මං මගෙ හිතට දිවුරගන්නවා ආයෙනං ඒ ජරා බැල්ලිව හම්බවෙන්න යන්නෙ නෑ කියලා. එත් හවසට මගෙ කකුල් ඉබේම ඒ පැත්තට ඇදෙනවා. නිමලෙලා, සුමිත්ලාහිට ඕකිත් එක්ක ඇයිහොඳයි කං තිබ්බ විත්තිය මං දැනගත්තෙ පස්සෙ.

එක දිගට ගොඩක් දේවල් වෙන්න ගත්තා. මල්කාන්තිව මරලා අපේ රබර් කෑල්ලෙම පුච්ච්ලා තිබුනා. ඒක කලේ JVP කලබල පිටින් දාලා සුමිත්ලෑ තාත්තා කියලා හා හූවක් තිබුනා. මල්කාන්ති විතරක් නෙමේ දන්න නොදන්න තව ගොඩක් කොල්ලො කෙල්ලො රබර් වත්තෙ පිච්චුනා. අපි හිටියෙත් හැංගිලා. මං මල්කාන්තිගෙ මිනිය බලන්න ගියෙ නැත්තෙ මට එච්චර හයියක් තිබුනෙ නැති නිසා. හීනෙං දත් විලිස්සගෙන කොණ්ඩෙ වනාගෙන උඩුතොලේ දාඩිය බිංදු දිලිසෙද්දි මල්කාන්ති මගෙ පස්සෙන් පන්නං ආවා . ඒ හීන වලට බයවෙලා ඇහැරෙද්දි මගෙ සරම තෙමිලා තිබුනෙ මුත්රා් වලින්. සෑහෙන කාලයක් යනකං ඇඳේ මුත්රාව වෙන එක මට නතර කරගන්න බැරිවුනා. ඇඳිරි වැටුනට පස්සෙ කවුරුවත් රබර් කෑල්ල පැත්තට ගියෙ නෑ. හැමෝම කිව්වෙ හොල්මන් තියනවා කියලා. මල්කාන්ති පාරෙ යන වාහන වලට අත දාලා කොළඹ යන පාර අහනවලු, පුච්චලා මරපු සමන්ත අයියා සිගරට් පත්තු කරගන්න ගින්දර ඉල්ලනවලු. ඔය මොන මොන කතා තිබුනත් මං දවල් වරුවට රබර් කෑල්ලට ගිහින් කාටවත් නොපෙනෙනෙ තැනකට වෙලා ඔහෙ වාඩි වෙලා ඉන්නවා. කලිං නෑහිච්ච රෑහි හඬවල් ඔය කාලෙ මට ඇහෙන්න ගත්තා. පෙලක් වෙලාවට මට ඇඬුනා හරි හේතුවක් දන්නෙ නැතුවම. රබර් අත්තක ලණුවක් පටලෝලා එල්ලෙන්න හිතිච්චි වාරත් අනන්තයි. මං සිගරට් බොන්න පුරුදු වුනෙත් ඔය කාලෙ. ඒ පුරුද්ද තවම මට අත් ඇරගන්න බෑ.

මං පේරාදෙණියට තේරෙනකොටමයි පපුවෙ අමාරුවකින් තාත්තා නැතිවුනේ. මම පේරාදෙණි යන්න බෑ කිව්වත් ලොකු අයියයි අම්මයි බල කරලා කියා හිටියා මං යා යුතුම බව. පේරාදෙණියෙ තිබුනෙත් රබර් වතු ගතියක්. තෙත තණ කොළ, ලොකු හෙවණ ගස්. මං එහෙට කැමති වුනා. මං ඒ ගස් යට වාඩි වෙලා සිගරට් බිව්වා. වැඩිය ගෙදර ගියෙත් නෑ. මගෙ හිතට සාමයක් දැනුනා. මං කවි ලියන්න ගත්තා. ඉරිදා පත්තර පිටු වල ඒ කවි පල වුනා. ඉරිදා සිළුමිණේ කවි පල වුනාම එවා බලලා ගමේ යාලුවො මට ලියුං එව්වා තව හොඳට කවි ලියන්න කියලා. ලොකු අය්යගෙ ලියුං වල තිබුනෙ පිස්සු වැඩ නොකර විභාග ගොඩ දා ගනිං කියලා. මට කෙල්ලෙක් හිටියෙ නැතත් මාව දාල ගිය කෙල්ලෙක් ගැන හිතාගෙනයි මම දිගම දිග කවි ලිව්වෙ . බුලත්සිංහලෙන් ඇවිත් හිටපු මඩාට ඕනෙ වුනේ ලොකේ දිගම නවකතාව ලියන්න. JVP කලා කියලා උන්ගෙ තාත්තව මරලා තිබුනා. උගෙ ඔළුගෙඩිය එක එක කතන්දර වලින් පිරිලා තිබුනු නිසා ඌ ගොඩක් වෙලාවට විභාග ඇන ගත්තා. ඌ කිව්වෙ ඒක අධ්යාඩපන ක්ර්මේ වැරැද්ද කියලා. පාඩුවෙ කැමති පොතක් ගහක් යටට ගිහින් කියවන්න නොදෙන, හරියට කවියක් ලියාගන්න නොදෙන අධ්යාදපන ක්රඩමේට මාත් වෛර කලා. තුන් වෙනි අවුරුද්දෙදි තමා මට මේනුව හම්බවුනේ. මේනු මහවෙ. එහෙ රබර් වතු නෑ කියලා එයා කිව්වා. මේනුයි මම රබර් වතු ගතියක් තියන අහුමුලුවල හම්බවුනත් එයා හුඟක් පරිස්සම් ළමයෙක්. එයාට ඉලක්ක තිබුනා. එයාට ඕනෙ උනේ කවදා හරි පේරාදෙණියෙම උගන්නන්න. එයාගෙ අකුරු රවුම්. ලස්සනයි. අනික එයාට හොඳට මතක හිටිනවා. මම අවුට් වෙනකොට එයා ස්පෙෂල් එකක් කරනවා . එතකොට හැමදේම වතුර වගේ දියාරු වෙලා. එයාට වැඩ තිබුනා. යාලුවො හිටියා. මට වගේ ගස් යට ඉඳන් කවි ලියන්න එයාට වෙලාව තිබුනෙ නැහැ.

අවුට් වෙලා මං ගෙදර එනකොට රබර් ගලවලා, ඉඩම බෙදලා. අපිට දුන්නු කොටස මදි, බෙදිල්ල අසාදාරනයි කියලා අම්මා තිස්සෙම කියෙව්වා. අපේ කොටසෙ රබර් දරට විකුනලා, ගෙදරට ෆ්රිදජ් එකක් ගෙනත්. මගෙ පපුව හෝස් ගාලා ගියා රතු පස් මතුවෙච්චි ඉඩම දැකලා. මාව බාගෙට මැරුණා. තැන් තැන් වල ඉතුරු කරපු රබර් ගස් ගාවට ගිහින් මං ඒවා අත ගෑවා. මට ආයෙ පේරාදෙණි යන්න ඕනෙ වුනත් එහෙ කිසි කෙනෙක් මං එනකන් බලන් හිටියෙ නෑ. ගම තවදුරටත් ගම වුනෙත් නෑ. මං ඒ කිසි තැනකට අයිති වුනෙත් නෑ. අපේ කොටස ආයෙ තුනට බෙදලා තමරක්කා එයාගෙ අක්කර කාල දෑවැද්දට අරන් බැන්දා.එයාල ඒක වික්කෙ බැන්ද අලුතමයි. අයියත් බැඳලා ගියාම අම්මා අක්කලගෙ ගෙදර ගියා. මට තිලිණිව හම්බවුනේ තුම්මෝදර ඉස්කෝලෙ උගන්නද්දි. එයා ඉගැන්නුවෙ ගණං ,මම සිංහල. එයගෙ ගම වැල්ලම්පිටියෙ. එහෙ රබර් වතු නෑ කියලා එයා නොකිව්වත් ආශ්ර්ය කරන්න අරං ටික දවසකින් මට තේරුණා. මට ඕනෙ වුනේ ඔය පාදුක්ක පැත්තෙ රබර් වත්තක් ගාවට මෝටසයිකලේ ගිහින් කතා කර කර ඉන්න. එයාට ඕනෙ වුනේ චිත්ර පටියක් බලන්න යන්න හරි, හංවැල්ල ටවුන් එකේ සාරි තෝරන්න යන්න හරි.

අපි බැන්දට පස්සෙත් මම සැරි සැරේ තනියම පාදුක්ක පැත්තෙ විසාල රබර් වත්තක් ගාවට ගිහින් ටික වෙලාවක් ඔහෙ වාඩි වෙලා ඉන්න පුරුදු වුනා. කොච්චර කලත් ඒක වෙනම විදියක සැනසීමක්. චූටි පුතාට මම රබර් ඇට හුළං පෙති හදලා දෙනවා එහෙම ගිය වෙලාවට අහුලං එන රබර් ඇට වලින්. කොල්ලට ගානක් නෑ. ඌ ටික වෙලාවක් සෙල්ලන් කරලා ඔහෙ දාල යනවා. එයා කැමති සෙල්ලන් කාර් වලට.[/SIZE]

මේක මම උපුටා ගත්තේ http://www.kirikawadi.blogspot.com/2011/10/blog-post.html

[QUOTE="lkkanika, post: 14848683, member: 139899"] [SIZE="5"]රබර්. ලොකු අයියයි, තමරක්කයි ඇවිත් යුද්ධප්රෙකාශ කලා.දූනගහ වත්තෙ මගෙ කෑල්ලෙ රබර් දාන්න එපාලු. මං මොලයක් නැති හරකෙක්ලු. එක්කො ඒක බදු දෙන්නලු, නැත්තං විකුණන්නලු. තමරක්කා කිව්වා පාලිත අයියට කියලා ඔන්නං බ්රෝ.කර් කෙනෙකුත් හොයලා දෙන්නං කියලා. "යකෝ අක්කර කාලක රබර් හිටෝලා තෝ අහවල් දෙයක් කරන්නද? කව්ද කිරි කපන්නෙ? උඹ කාටද කිරි විකුණන්නෙ? දැන් මේ හරියෙ කොහෙවත් රබර් නෑ... උඹට නං හෑබෑවටම පිස්සු....." ලොකු අයියා ගෝරනාඩු කරද්දි තිලිණිගෙ මූණෙ හීන් හිනාවක් නැටුවා.ලොකු අයියටයි තමරක්කටයි කෝල් කරලා මේ ආරංචිය කනේ තියන්න ඇත්තෙ තිලිණිම මිසක් වෙන කවුරුවත් නෙමේනෙ. "බලපං මේ ගෙයි හැටි, වවුල් තිප්පොලක් වගේ, තිලිණිම ඉන්නවා මිසක් මං වගේ ගෑනියෙක් නං දමලා ගහලා යනවා... උඹ ඔය රබර් දාන්න වියදං කරන සල්ලි වලින් පොඩි කඩ කෑලි දෙකක් නග්ගලා කුලියට දීපංකො, නැත්තං විකුණලා ගෙයි වැඩක් කර ගනිංකො...." " මෙයා රබර් දාන්න හදන්නෙ ඔෆිස් එකේ දහ මාසෙ ණය අරං අක්කෙ... බලන්නකො..." තමරක්කා නතර කරනකොට තිලිණි පටන් ගත්තා. " උඹට ඔල්මාදෙද?, ඉඩම පැනලා යන්නෙ නෑනෙ... ඒ සල්ලි වලින් ගෙයි තීන්ත ටිකක් ගාපන්කො... අම්මයි තාත්තයි කොච්චර පිලිවෙලට තියං හිටපු තැනක්ද මේ.....?" තමරක්කා හීල්ලුවා. මං ගොලුවෙක් බීරෙක් වගේ ඔහෙ බලන් හිටියා. තමරක්කා කලින් ගියෙ පොඩි එකාව පංතියෙන් ගන්න තියනවා කියලා. "මල්ලියෙ උඹ මෝඩයෙක් නෙමේනෙ නිකං මේ තේරුමක් නැති විකාර වැඩ වලට, සල්ලි නාස්ති කරන්න එපා... උඹ හිතයි අපි අපේ කොටහවල් වික්ක නිසා ඉරිසියාවට උඹේ පංගුවත් විකුණන්න කියනවා කියලා, විකුණන්නැත්තං ඔහෙ තිබිච්චාවෙ... තේරුමක් නැති වැඩ කරලා සල්ලි නාස්ති කර ගන්නෙ නැතුව." අක්කා යන ගමන් කියලා ගියා. ලොකු අයියා ගියෙ පහළ කුමාරලෑ ගෙදෙට්ටත් ගිහින් එහෙන් ඇඹරැල්ලා කඩන්. තිලිණි ලොකු අයියට ගෙනියන්න කෙහෙල් මුහ දෙක තුනකුයි, දෙහි ගෙඩි ටිකකුයි ඔතනවා මං දැක්කා. එහෙ කුමාරි අක්කට ආයෙත් ළමයි හම්බ වෙන්නලු. "පොලොස් බැලුවා..., පායන හින්දද කොහෙද තාම නෑ අයියෙ.... කොහෙන් හරි හොයං පොලොස් ඇඹුලක් හදං අපි වෙලාවක ඒ පැත්තෙ එන්නං...." තිලිණි කිව්වම ලොකු අයියා මොකවත් කියන්නැතුව හිනා වුනා. "මල්ලි, මෝඩකං කරලා මිනිස්සු හිනස්සන්නැතුව උඹේ ගෑනිටයි ළමයිටයි යන කල දවසක් බලහං..'' අයියා හිව්වෙ චූටි පුතා වඳිනකොට ඔලුව අත ගාන ගමං. මං මොකවත් කියන්න ගියෙ නෑ. ලොකු අයියගෙ අලුත්ම අලුත් පැණි පාට cherry QQ කාර් එක චූටි පුතාටයි, තිලිණිටයි වෙනසක් කරලා තිබුනා. "ඒක මරු නේද තාත්තෙ...? පාට තමයි කැත.. අපි ගන්නකොට රතු පාට එකේ කලු පාට ඉරි වැටිච්ච එකක් ගමු.." පුතා කිව්වෙ ලොකු අයියා ගෙනාපු චොකලට් කේක් කන ගමන්. "ඊට කලින් අර මෝටබයිසිකලේ පැච් එක දාන්න කියලා තාත්තට කියන්න... කාර්..? අපි කාර් ගන්නෙ ඉතිං ලබන ආත්මෙ තමා පුතේ..." තිලිණි ගස්සගෙන කුස්සියට ගියා. ගොඩක් රෑ වෙනකං මට නින්ද ගියෙ නෑ. තිලිණිත් එහෙට මෙහෙට පෙරලුනේ නිදි නැතුව. මං එයාගෙ ඇඟට උඩින් අතක් දැම්මම එය මගෙ අත නොහිතපු වේගෙකින් තල්ලු කලා. "යන්න අනේ යන්න... මටත් කියලා ඉවසන්න පුලුවන් සීමාවක් තියනව..." එයාගෙ සද්දෙ හෙම්බිරිස්සා ගතියයි.ඒත් තීරණාත්මකයි. එයා අඬලා. ඒ වෙනදට කියන හුරතල් එපා කිවිල්ල හරි, මහන්සියට කියන කම්මැලි නිදිමත හඬ හරි නෙමේ . එයා මේ හෙම්බිරිස්සා කටහඬින් කතා කරනවා මම අහලා තියෙන්නෙ හරි අඩුවෙන්. මං අනික් පැත්ත හැරුනා. ඒ ඉඩමට දූනගහ වත්ත කිව්වට එකෙ තිබුනෙ රබර්. දූන කියලා ගස් වර්ගයක් තිබුණද කියලා මම දැනන් හිටියෙ නෑ. ඉස්සර ඒක නොබෙදපු අක්කර දොලහක තනි රබර් වත්තක්. මහප්පයි, බාප්පල දෙන්නයි, තාත්තයි හිටියට රබර් වත්තෙ වැඩ සිද්ද වුනේ අපේ ආච්චිට ඕනෙ විදියට. අපි පොඩිම කාලෙ සිරිපාල බාප්පා අපිට රබර් ඇට වලින් හුළං පෙති හදලා දෙනවා මට හොඳට මතකයි. මහ වෙලේ අරින සරුංගල් නූල් කැඩිලා ඇවිත් ගොඩක් වෙලාවට නවතින්නෙ දූනගහ වත්තෙ රබර් අතු උඩ. බාප්ප ගස් නැගලා අරන් දෙන සරුංගල් අපි වෙනින් පාට සව් කඩදාසි අලෝලා ආයෙමත් මහ වෙලේම උඩ අරිනවා උදේට රබර් අතු අස්සෙන් ඉර එළිය ගලන්නෙ පතුරු පතුරු වලට බෙදිලා. ඒ එළි පතුරු එක්කො රත්තරං පාටයි, නැත්තං ඇස් නිලංකාර කරවන තරං සුදුයි.ඒකෙ පුදුම ලස්සනක් තිබුනෙ.රබර් ගසුත් මාසෙන් මාසෙට එක එක විදියයි. පෙබරවාරි කොළ නිවාඩුවට ගස් හෙළුවෙන්. ඒ කාලෙට රබර් ගස් හොල්මං වගෙයි. ටක ටකස් ගගා රබර් ගෙඩි පුපුර පුපුර රබර් ඇට හැලෙනවා. දුඹුරු පාටට පොළවෙ අඟල් තුන හතරක් උසට වෙලිච්ච රබර් කොළ තට්ටුව. ගමේ ගෑනු රබර් දර අහුලන්නෙ ඔය කාලෙට. වේලිලා වැටෙන හීන් රබර් කෝටු එකට තියලා පෝර වැල් පොටකින් බැඳන් එයාලා යනවා. ඒ කෝටු වලින් බැදුමක් බදින්න, මැල්ලුමක් මලවන්න වගේ පොඩි පොඩි උයමං මිසක් ලොකු උයමං කරන්න බැහැ, සුරුස් ගාලා ඉක්මනට පත්තු වෙලා ඉවර වෙන නිසා. කොළ නිවාඩුවට අපි පෝර උර අරන් ගිහින් රබර් ඇට එකතු කරනවා. වෙනම උරේකට රබර් ගෙඩි වල කටු එකතු කරනවා. ඒ කටු පොල් කටු වගේ දරට ගන්නවා.රබර් ඇට කිලෝ ගාණට බාග ලොරියකින් එන වෙලෙන්ඳෙක් සල්ලි වලට ගන්නවා. ඒ ඇට වලින් මොනවා කරනවද කියලා තවම මම දන්නෙ නෑ.තෙල් හිඳිනවා කියලා තමා කියන්නෙ. ඒත් ඒ තෙල් මොනවට පාවිච්චි කරනවද කියලා දන්නෙ නෑ. අවුරුද්ද ලබනකොට ආයෙ රබර් ගස් දලු දාලා. මුලින්ම එන්නෙ තද රතු පාට ගින්දර වගේ දලු. ඊළඟට ඒවා දිලිසෙන අලු පාටකට හැරෙනවා. ළා කොළ පාට වෙලා අන්තිමට තමා අර දීප්තිමත් තද කොළ පාට වෙන්නෙ. හැලෙන්න කිට්ටු වෙනකොට ඒවා කහ පාටයි. ටික දවසකින් ඒවා තැඹිලි පාට වෙනවා. ජනවාරි අග ඒ තැඹිලි පාට, කහ පාට රබර් කොළ සර සර ගගා හැලිලා හුළඟෙ පා වෙනවා. රබර් අතු අස්සෙන් තැඹිලි පාටට ඉර නගිනකොට, බහිනකොට මොකක්දෝ පාලුවක් හිතෙනවා. දූනගහ වත්ත ගැන හිතනකොට මට ගෑනු හතර දෙනෙක්ව ඔළුවට එනව. ඒ අපේ ආච්චි, සබීතා පෙරේරා, වීරෙ නැන්දා, මල්කාන්ති. ආච්චිව මතක් වෙන්නෙ ඒ රබර් කෑල්ලට අධිගෘහිත නාකි දේවතාවියක් වගේ. හීතල පින්නෙ පරණ අත් දිග පිරිමි ෂර්ට් එකක් ඇඳන් කිරි බාල්දියයි පිහියයි අරන් ආච්චි කිරි කපන්න යනවා මට අද වගේ මතකයි. පෙලක්දාට මායි තමරක්කයිත් ආච්චිගෙ පස්සෙන් යනවා. "මේ කිරි කැපිල්ල හැමෝටම කරන්න බෑ බං, ගහට ආදරේ පාන්න ඕනෙ, නැත්තං ගහ කිරි හංගනවා... ආච්චි පෙලක් දාට කියනවා. අපි බොහොම උන්නදුවෙන් බලන් ඉන්නවා කිරි කැපීමේ තාක්ෂණය. ඒත් කවදාවත් ආච්චි අපි අතට කිරි පිහිය දුන්නෙ නෑ. ගස් වලට බේත් බඳින කාලෙට ඒ වැඩේ කලෙත් ආච්චිමයි. ආච්චි මැරෙණකම්ම රබර් කිරි කැපුවා. එයා මැරෙණකොට මට අවුරුදු දොලහයි. කිරි කපන්න ගිය ගමන් පොළඟෙක් දෂ්ඨ කරලයි එයා නැති වුනේ. ආච්චිගෙ මිනිය වැලලුවෙත් දූනගහ වත්තෙම කෙලවරක. පස්සෙ ඒ කෑල්ල ගියෙ සිරිපාල බාප්පලට. එයාලා ඒක ඒ කාලෙම වික්කා කියලා සෑහෙන්න හිත් අමනාපකං තිබුනා තාත්තලා බාප්පලා අතරෙ. ඒ මරණෙන් පස්සෙ ඉඩම බෙදන හැටි ගැන කාලයක් කට්ටිය අතරෙ වාද විවාද තිබුණා. ඒ කාලෙ කිරි කැපුවෙ වීරෙ නැන්දා. එයා අපේ දුර නෑයෙක් කිව්වට නෑකම මොකක්ද කියලා මම දැනන් හිටියෙ නැහැ. වීරෙ නැන්දා කපන කිරි වල ආදායම බෙදිච්ච හැටි ගැනත් පොඩි පොඩි ආරවුල් තිබුනත්, එයා සෑහෙන කාලයක් කිරි කැපුවා. ඒ නැන්දා බැඳලා හිටියෙ වීරෙ මාමව නිසා කවුරුත් එයාට කිව්වෙ වීරෙ නැන්දා කියලා. වීරෙ නැන්දා ගැන එක සිද්දියක් මට හොඳට මතකයි. ඒ මතකෙ කොන්ද දිගේ ගලන හීතල වතුර පාරක් වගේ. ඒක වුනේ ආච්චිගෙ තුන්මාසෙ දානෙටත් කලින්. එදා දවල් මම රබර් වත්තට ආවෙ ඔට්ටපාලු ටිකක් ගලවන්න. ඔට්ටපාලු හිරට ඔතලා හදන බෝල වලින් තමා අපි මහ වෙලේ එල්ලෙ ගැහුවෙ. ඒ බෝලෙ කිස් කනවා. පාරක් වැදුනොත් ඉතින් දුම් පිටවෙනවා. මං ඔට්ටපාලු ගලවද්දි වීරෙ නැන්දා කිරි බාල්දිය අඬව අඬව ආවෙ කිරි අකුලන්න.එයා මාව දැක්කද නොදැක්කද කියලා මට තාම නිච්චියක් නෑ. ඒත් මගෙ හිත කියන්නෙ එයා මාව නොදකින්න ඇති කියලයි. වීරෙ නැන්දා කෙරෝලක ඉඳලා කිරි ඇකිලුවා.එදා ටිකක් බීරිං කරපු දවසක්. වීරෙ නැන්දා ඇඳන් හිටියෙ දම් පාට ලොකු මල් චීත්තෙකුයි, සුදු බ්ලවුස් එකකුයි. ගස් දෙක තුනක කිරි අකුලපු නැන්දා එක පාරටම පාත් වෙලා චීත්තෙ උස්සලා මුත්රාත කලා. චීත්තෙ සෑහෙන්න ඉස්සුන නිසා පිටිපස්සෙන් මට හොඳට එයාගෙ තට්ටං පෙනුනා. තණකොළ උඩට මුත්රාක වැටෙන සද්දෙ පවා ඇහුනා. ඒ මුත්රාඳ පාර හොඳට තදට , බලගතු විදියට පොළවට විද්දා. මට කෙළ ගිලුනෙත් නෑ. පොඩි කෙල්ලො ඔය වැඩේ කරනවා දැකලා තිබුනට මහ ගෑනියෙක් ඕක කරනවා දැකපු පලවෙනි වතාව ඒ. මොකද්ද වෙන්නෙ කියලා හරියටම ඒ කාලෙ තේරුමක් නැතත් මගෙ අවයව පණ පිහිටනවා මට දැනුනා. ඒ තප්පර කීපෙ මහ පුදුම තප්පර කීපයක්. මට දැනුනෙ සිහි නැතුව මාව වැටෙන්න යනවා වගේ. මං රබර් ගහකට හේත්තු වෙලා ඒකට මගෙ ඇඟ තියලා තද කලා. වීරෙ නැන්දා මාව දකී කියන බයත් තිබ්බ හින්දා මං හිටියෙ මුවා වෙලා. වීරෙ නැන්දා මොකවත් වුනේ නෑ වගේ ගහෙන් ගහට කිරි අකුලං ගියා. හදිස්සියෙම මං දැක්කා මගෙ කකුලෙ ඇඟිලි කරුවක කූඩැල්ලෙක් එල්ලිලා. ඌ ලේ බීලා බීලා ඉදිමිලා. මම වේලිච්ච රබර් කොළේකින් ඌව ඇදලා දැම්ම පාර එතනින් ලේ විද්දා. මම එහෙම්ම රබර් මුල ගාව වාඩි වුනා.මං දැනන් හිටියෙ නෑ ඒ පණ පිහිටපු දරදඬුවත් එක්ක මොනවා කරන්නද කියලා. මගෙ අත එතෙන්ට ගියා. එදා තමයි ජීවිතේ පළවෙනි වතාවට මං තනියෙන් සතුටු වුනේ. ඒ හිරි වැටිල්ලට මං ආසා වුනා වගේම ඒක මාව සෑහෙන්න බය කලා. මට මහ කිලුටු කාලකණ්නි කමක් දැනුනා. එදා මං එල්ලෙ ගහන්න ගියෙ නෑ. පල්ලෙහා ලිඳට ගිහින් අත් දෙක රිදෙනකම්ම වතුර ඇද ඇද නෑවා. මාව රතු වෙනකම්ම පොල් මුඩ්ඩකින් හොඳට ඇඟ ඇතිල්ලුවා. ආයෙ ආයෙමත් වීරෙ නැන්දා කිරි අකුලන වෙලාවට මං එයාට නොපෙනි කොහෙ හරි රැකං හිටියට මම බලන්න හිටිය දේ මට දකින්න වුනේ නෑ. මං පෙලක් දාට වීරෙ නැන්දා මුත්රාය කරපු තැනට ගිහින් බලනවා. එතන පස් වල සුවඳ බලනවා. ඔය ඉඩ කඩං කතා බස් නිසා වීරෙ නැන්දලා ඒ දවස් වල අපේ ගෙදර ලොකු උදවියත් එක්ක වැඩි කතා නෑ. අපි එක්ක උනත් එහෙමට ලොකු කතාවක් තිබුනෙ නැති නිසා මට කවදාවත් වීරෙ නැන්දත් එක්ක හරියට කතා බස් කරන්න ලැබුනෙ නෑ. අනික එයාව මුණට මුණ මුනගැහිච්ච ගමන් මගෙ කටේ කෙල හිඳිලා දනිස් පණ නැතිවෙලා මට මොකද්දෝ වෙනවා. ඉතින් මම කරන්නෙ පුලුවන් ඉක්මනින් එතනින් මාරු වෙන එක. එදා සිද්දියෙන් පස්සෙ මට දැනුනා තවදුරටත් මං සරුංගල් පස්සෙ දුවන පොඩි එකා නෙමේ කියලා. වීරෙ නැන්දා මගෙ හීන වලට ආවෙ මහ විසාල පපුවක් තියන තෙත බරිත යකින්නක් විදියට. ඒ යක්ෂනී මගෙ හීන වලදි මාව රබර් ගහකට තියලා හේත්තු කරලා නොමරා මැරුවා."තොපේ මහ එවුන් මේ ඉඩං තනියෙන් අයිති කර ගන්න නේද දත කන්නෙ ?" කියල මට දස වද දුන්නා. ඒවා අමුතුම තාලෙ වද. ඒ හීන වලින් මම බය වුනත්, මගෙ සරම තෙමුනත් එවා ආයෙ ආයෙ පේනව නං කියල මට හිතුනා. ඒත් හැබෑවටම ඒ ගෑනි හතර පෝයට සිල් ගන්න නිවිච්චි ගෑනියෙක්. අපේ අම්මලා නැන්දලට තරං සද්ද කටක්වත් වීරෙ නැන්දට තිබුනෙ නෑ.ඒත් මට හිතා ගන්න බැරි තරමටම මගෙ හීන වලට එන වීරෙ නැන්දා දරුණුයි. වීරෙ මාමට පොල් වත්තක මුර වැඩක් හම්බවෙලා ඒ පවුලම ඒ කාලෙ ගමෙන් ගියා. මට ඒක දරන්න බැරි පාලුවක් වුනා. මං හවස් අතේ රබර් කෑල්ලට ගිහින් ඔහේ බලං ඉන්නවා. පොළවටම දිරලා නාරටි බේරිච්චි රබර් කොළ ගෙනත් පොත් අස්සෙ දා ගන්නවා. ඒ කාලෙ මට රබර් කඳන් මතුපිටේ වැවිච්ච පෙඳ පාසි වලින් අමුතු අමුතු රටා පේනවා. ගෑනු මූණු, තුවක්කු, බල්ලො වගේ එක එක හැඩතල. වීරෙ නැන්දා නැති නිසා කිරි කැපිල්ල ටික දවසකට අත් ඇරුනා. පස්සෙ කිරි කැපිල්ලට ආවෙ මිසි නෝනා කියලා නාකි අම්මන්ඩියක්. ඒ ගෑනි ගස් තුවාල කරනවා, කැපිල්ල හරි නෑ කියලා අම්මල ඒ දවස්වල බනිනවා මට මතකයි. දෙවෙනි ගමන චිත්ර්පටිය පෙන්නුවෙ අපි දහයෙ පන්තියෙ ඉන්දැද්දි.අපි ඒක බැලුවෙ පාට කමිස ඇඳන් ගිහින් ඉස්කෝලෙන් කට්ටි පැනලා. ඒකෙ එක තැනක තියනවා සබීතා පෙරේරා රබර් වත්තක් වගේ තැනක බිම මුනිං අතට නිදාගෙන කකුල් දෙකත් ටිකක් උස්සල බොහෝම දඟ විදියට වන වන සනත් ගුණතිලකත් එක්ක කතා කර කර ඉන්න සීන් එකක්. ඒක කොළ නිවාඩු කාලෙට අපේ රබර් වත්ත වගේමයි. මං දෙවනි ගමන අට පාරක් බැලුවා. ඒකෙ සනත්ගෙ පැත්තෙ නාකි උඩඟු ගෑනු ටික ගැන පුදුම වෛරයක් මගෙ හිතට ආවෙ අර අහිංසක සබීතට දෙන වද වලට. ඒ කාලෙ මගෙ රෑ හීන වලට ආවෙ වීරෙ නැන්ද නෙමේ සබීතා. ඒ ආවෙ වීරෙ නැන්දා වගේ යක්ෂ විදියට නෙමේ බොහෝම අහිංසක කෝමළ විදියකට. එයා රබර් කොළ ගොල්ලෙ පෙරලුනා. අපි රබර් ගස් අස්සෙ හැංගි මුත්තං කලා. එයා රබර් කඳන් අස්සෙන් එබිලා හීන් හිනාවක් පාලා කොණ්ඩ කරල් දෙක වන වන පිටිපස්ස බල බල හිනා වෙවී දිව්වා. මගෙ ඔළුව එයාගෙ උකුලෙ තියාගෙන රබර් කොළ ගොල්ලෙ වාඩි වෙලා මගෙ කොණ්ඩෙ අත ගෑවා. අන්තිමට අපි එහෙම්මම වැතිරුනා. සබීතා මගෙ හීන වලට ආවෙ මල්කාන්ති මුණගැහෙනකන් විතරයි. (ඒත් පස්සෙ කාලෙක සබීතා ආයෙමත් මගෙ හීන වලට රිංගන්න ගත්තා). ඒක වුනේ අහම්බෙන්. දවසක් මම හවස හයට විතර ගල් පොත්ත හරියට වෙන්න තියන රබර් ගහකට හේත්තු වෙලා ඇඟ හිරි වැටෙන ඒ වැඩේ කරමින් හිටියා. මගෙ ඇස් පියවිලා තිබුනෙ.ඒ වෙලාවට ඒ හරියට එන්න කිසිම කෙනෙකුට හේතුවක් තිබුනෙ නෑ. ටකස් ගාලා දර කෝට්ටක් කැඩෙනවා පෑගිලා ඇහුනා. එතන හිටියෙ මල්කාන්ති. මාව දැක්කා විතරයි එයා දිව්වා. මට දැනුනෙ මාව මැරෙන්න යන තරම් ලැජ්ජාවක්. මං එහෙම්ම ගෙදෙර දිව්වා. ඒ වෙලාවෙ මල්කාන්තිගෙ මූණෙ තිබුනු ඉරියව්ව මතක් කර ගන්න අදටත් මට බෑ.සෑහෙන දවසක් යනකං යනකං මම පුදුම බයකින් හිටියෙ මල්කාන්ති ඒක කාට හරි කියලා ඇති කියලා. බැරිම තැන මං වෙච්චිදේ එල්ලෙ ගහන්න ගිය වෙලාවක නිමලෙට කිව්වා. ඌ බඩ අල්ලගෙන හිනා වුනා. "යකෝ උඹ නියම චාන්ස් එකක්නෙ අතඇරලා තියෙන්නෙ...., උඹ නම් මහ ගොනෙක් බං" ටික දවසකින් මටත් හිතෙන්න ගත්තා මං මහ ගොනෙක් තමා කියලා.මල්කාන්ති කලුයි. උසයි. ඒකි මට වැඩිය අවුරුදක් හරි දෙකක් හරි වැඩිමල් මයෙ හිතේ. එයාට පොඩි බොල්ලෑවකුත් තිබුනා. එත් කැතම නෑ. ලස්සනයි කියලා කියන්නත් බෑ හැබැයි.ආයෙ මං මල්කාන්තිව දැක්කෙ සති ගාණකින්. ඒකි රබර් කෑල්ල අයිනෙ දර එකතු කරනවා. මං ඒ වෙලාවෙ ලාම්පු තෙල් ගේන්න කඩේ යන ගමන්. මං පුලුවන් තරන් ඒ පැත්ත නොබලයි යන්න බැලුවෙ. ඒත් සැරින්සැරේ මට බැලුනා. මල්කාන්ති ලොකුවට හිනා වුනා. ඒක නිකන් මං හොරේ දන්නව කියන ජාතියෙ හිනාවක්. මං අහක බලාගෙන ගියා . "ඒ.. ඒ.. ඒයි..." මට ටිකක් දුර යන්න දීලා මල්කාන්ති අඬගැහුවා. " මගෙ වේගෙ බාල වුනා. "මං දැක්කා ඔයා එදා කර කර හිටපු වැඩේ..." මේකි හිකිස් ගගා හිනා වෙවී කියනවා. මං මොකවත් නොකියා ආයෙ යන්න පිටත් වුනා. " මං ඒක තමරත් එක්ක කියන්නද ?" අපේ අක්කා ඒකිගෙ පංතියෙ හිටියෙ. මගෙ කටට කුණුහරුප වැලක් ආවත් එ ඒවා කටින් එලියට පැන්නෙ නෑ. මොකද කරන්නෙ කියලා දන්නෙ නැතුව මං එහෙම්මම නතර වෙලා බලං හිටියා. " මං දවස් ගානක් දැක්කා ඔයා ඔය වැඩේට ඔතෙන්ට එනවා...ආයෙ යනවනං අපිටත් අඬගහන්ඩ, අපිත් එන්නං" ඒකි කටේ දිවේ නොගෑවි කිව්වා. මට දැනුනෙ අප්පිරියාවට කලවං වෙච්චි ආසාවක්.පස්සෙ පස්සෙ අපි දිගටම රබර් කෑල්ලෙදි මුණගැහුනා. ඒකිට හරියට දාඩිය දානව. නළලෙයි, උඩු තොල් පටිය දිගෙයි දාඩිය බිංදු බිංදු දිලිසෙන්න ගන්නවා. අනික මල්කාන්තිට තිබුනෙ යක්ෂ කෑ ගැහිල්ලක්. පෙලක් වෙලාවට මට ඒකිට කොනිත්තන්න, එහෙම නැත්තං කම්මුලට පාරක් ගහන්න වෙනවා ඒ බළල් සද්දෙ නතර කරන්න. ඒ කාලෙ මහ ගිනි ගත්තු කාලයක් දවල්ට මං මගෙ හිතට දිවුරගන්නවා ආයෙනං ඒ ජරා බැල්ලිව හම්බවෙන්න යන්නෙ නෑ කියලා. එත් හවසට මගෙ කකුල් ඉබේම ඒ පැත්තට ඇදෙනවා. නිමලෙලා, සුමිත්ලාහිට ඕකිත් එක්ක ඇයිහොඳයි කං තිබ්බ විත්තිය මං දැනගත්තෙ පස්සෙ. එක දිගට ගොඩක් දේවල් වෙන්න ගත්තා. මල්කාන්තිව මරලා අපේ රබර් කෑල්ලෙම පුච්ච්ලා තිබුනා. ඒක කලේ JVP කලබල පිටින් දාලා සුමිත්ලෑ තාත්තා කියලා හා හූවක් තිබුනා. මල්කාන්ති විතරක් නෙමේ දන්න නොදන්න තව ගොඩක් කොල්ලො කෙල්ලො රබර් වත්තෙ පිච්චුනා. අපි හිටියෙත් හැංගිලා. මං මල්කාන්තිගෙ මිනිය බලන්න ගියෙ නැත්තෙ මට එච්චර හයියක් තිබුනෙ නැති නිසා. හීනෙං දත් විලිස්සගෙන කොණ්ඩෙ වනාගෙන උඩුතොලේ දාඩිය බිංදු දිලිසෙද්දි මල්කාන්ති මගෙ පස්සෙන් පන්නං ආවා . ඒ හීන වලට බයවෙලා ඇහැරෙද්දි මගෙ සරම තෙමිලා තිබුනෙ මුත්රා් වලින්. සෑහෙන කාලයක් යනකං ඇඳේ මුත්රාව වෙන එක මට නතර කරගන්න බැරිවුනා. ඇඳිරි වැටුනට පස්සෙ කවුරුවත් රබර් කෑල්ල පැත්තට ගියෙ නෑ. හැමෝම කිව්වෙ හොල්මන් තියනවා කියලා. මල්කාන්ති පාරෙ යන වාහන වලට අත දාලා කොළඹ යන පාර අහනවලු, පුච්චලා මරපු සමන්ත අයියා සිගරට් පත්තු කරගන්න ගින්දර ඉල්ලනවලු. ඔය මොන මොන කතා තිබුනත් මං දවල් වරුවට රබර් කෑල්ලට ගිහින් කාටවත් නොපෙනෙනෙ තැනකට වෙලා ඔහෙ වාඩි වෙලා ඉන්නවා. කලිං නෑහිච්ච රෑහි හඬවල් ඔය කාලෙ මට ඇහෙන්න ගත්තා. පෙලක් වෙලාවට මට ඇඬුනා හරි හේතුවක් දන්නෙ නැතුවම. රබර් අත්තක ලණුවක් පටලෝලා එල්ලෙන්න හිතිච්චි වාරත් අනන්තයි. මං සිගරට් බොන්න පුරුදු වුනෙත් ඔය කාලෙ. ඒ පුරුද්ද තවම මට අත් ඇරගන්න බෑ. මං පේරාදෙණියට තේරෙනකොටමයි පපුවෙ අමාරුවකින් තාත්තා නැතිවුනේ. මම පේරාදෙණි යන්න බෑ කිව්වත් ලොකු අයියයි අම්මයි බල කරලා කියා හිටියා මං යා යුතුම බව. පේරාදෙණියෙ තිබුනෙත් රබර් වතු ගතියක්. තෙත තණ කොළ, ලොකු හෙවණ ගස්. මං එහෙට කැමති වුනා. මං ඒ ගස් යට වාඩි වෙලා සිගරට් බිව්වා. වැඩිය ගෙදර ගියෙත් නෑ. මගෙ හිතට සාමයක් දැනුනා. මං කවි ලියන්න ගත්තා. ඉරිදා පත්තර පිටු වල ඒ කවි පල වුනා. ඉරිදා සිළුමිණේ කවි පල වුනාම එවා බලලා ගමේ යාලුවො මට ලියුං එව්වා තව හොඳට කවි ලියන්න කියලා. ලොකු අය්යගෙ ලියුං වල තිබුනෙ පිස්සු වැඩ නොකර විභාග ගොඩ දා ගනිං කියලා. මට කෙල්ලෙක් හිටියෙ නැතත් මාව දාල ගිය කෙල්ලෙක් ගැන හිතාගෙනයි මම දිගම දිග කවි ලිව්වෙ . බුලත්සිංහලෙන් ඇවිත් හිටපු මඩාට ඕනෙ වුනේ ලොකේ දිගම නවකතාව ලියන්න. JVP කලා කියලා උන්ගෙ තාත්තව මරලා තිබුනා. උගෙ ඔළුගෙඩිය එක එක කතන්දර වලින් පිරිලා තිබුනු නිසා ඌ ගොඩක් වෙලාවට විභාග ඇන ගත්තා. ඌ කිව්වෙ ඒක අධ්යාඩපන ක්ර්මේ වැරැද්ද කියලා. පාඩුවෙ කැමති පොතක් ගහක් යටට ගිහින් කියවන්න නොදෙන, හරියට කවියක් ලියාගන්න නොදෙන අධ්යාදපන ක්රඩමේට මාත් වෛර කලා. තුන් වෙනි අවුරුද්දෙදි තමා මට මේනුව හම්බවුනේ. මේනු මහවෙ. එහෙ රබර් වතු නෑ කියලා එයා කිව්වා. මේනුයි මම රබර් වතු ගතියක් තියන අහුමුලුවල හම්බවුනත් එයා හුඟක් පරිස්සම් ළමයෙක්. එයාට ඉලක්ක තිබුනා. එයාට ඕනෙ උනේ කවදා හරි පේරාදෙණියෙම උගන්නන්න. එයාගෙ අකුරු රවුම්. ලස්සනයි. අනික එයාට හොඳට මතක හිටිනවා. මම අවුට් වෙනකොට එයා ස්පෙෂල් එකක් කරනවා . එතකොට හැමදේම වතුර වගේ දියාරු වෙලා. එයාට වැඩ තිබුනා. යාලුවො හිටියා. මට වගේ ගස් යට ඉඳන් කවි ලියන්න එයාට වෙලාව තිබුනෙ නැහැ. අවුට් වෙලා මං ගෙදර එනකොට රබර් ගලවලා, ඉඩම බෙදලා. අපිට දුන්නු කොටස මදි, බෙදිල්ල අසාදාරනයි කියලා අම්මා තිස්සෙම කියෙව්වා. අපේ කොටසෙ රබර් දරට විකුනලා, ගෙදරට ෆ්රිදජ් එකක් ගෙනත්. මගෙ පපුව හෝස් ගාලා ගියා රතු පස් මතුවෙච්චි ඉඩම දැකලා. මාව බාගෙට මැරුණා. තැන් තැන් වල ඉතුරු කරපු රබර් ගස් ගාවට ගිහින් මං ඒවා අත ගෑවා. මට ආයෙ පේරාදෙණි යන්න ඕනෙ වුනත් එහෙ කිසි කෙනෙක් මං එනකන් බලන් හිටියෙ නෑ. ගම තවදුරටත් ගම වුනෙත් නෑ. මං ඒ කිසි තැනකට අයිති වුනෙත් නෑ. අපේ කොටස ආයෙ තුනට බෙදලා තමරක්කා එයාගෙ අක්කර කාල දෑවැද්දට අරන් බැන්දා.එයාල ඒක වික්කෙ බැන්ද අලුතමයි. අයියත් බැඳලා ගියාම අම්මා අක්කලගෙ ගෙදර ගියා. මට තිලිණිව හම්බවුනේ තුම්මෝදර ඉස්කෝලෙ උගන්නද්දි. එයා ඉගැන්නුවෙ ගණං ,මම සිංහල. එයගෙ ගම වැල්ලම්පිටියෙ. එහෙ රබර් වතු නෑ කියලා එයා නොකිව්වත් ආශ්ර්ය කරන්න අරං ටික දවසකින් මට තේරුණා. මට ඕනෙ වුනේ ඔය පාදුක්ක පැත්තෙ රබර් වත්තක් ගාවට මෝටසයිකලේ ගිහින් කතා කර කර ඉන්න. එයාට ඕනෙ වුනේ චිත්ර පටියක් බලන්න යන්න හරි, හංවැල්ල ටවුන් එකේ සාරි තෝරන්න යන්න හරි. අපි බැන්දට පස්සෙත් මම සැරි සැරේ තනියම පාදුක්ක පැත්තෙ විසාල රබර් වත්තක් ගාවට ගිහින් ටික වෙලාවක් ඔහෙ වාඩි වෙලා ඉන්න පුරුදු වුනා. කොච්චර කලත් ඒක වෙනම විදියක සැනසීමක්. චූටි පුතාට මම රබර් ඇට හුළං පෙති හදලා දෙනවා එහෙම ගිය වෙලාවට අහුලං එන රබර් ඇට වලින්. කොල්ලට ගානක් නෑ. ඌ ටික වෙලාවක් සෙල්ලන් කරලා ඔහෙ දාල යනවා. එයා කැමති සෙල්ලන් කාර් වලට.[/SIZE][/SIZE] මේක මම උපුටා ගත්තේ [url]http://www.kirikawadi.blogspot.com/2011/10/blog-post.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom