Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
රයිදරාපදානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙ මගෙ පොත් එකතුවෙ තිබ්බ පරණ පොතක් මට සෑහෙන කාලෙකට පස්සෙ මතක් උනා. අපෙ [USER=575911]@Solo Rider[/USER] ගෙ ජීවිත කතාව. අප්‍රිකාවෙ දුශ්කර කැලෑ ගම්මානෙක ඉපදිලා, සෑහෙන දුක් කම්කටොලු මැද්දෙ අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න ගමන් පහේ 'ශිෂ්ණත්වෙ' පාස් වෙලා ටවුමෙ ඉස්කෝලෙකට ඇවිත්, එහෙදිත් ටවුමෙ පොශ් බල්ලොන්ගෙ කෙනෙහිලිකම් විඳ දරාගෙන ජීවිතේ ජයගෙන ලංකාවට මයිග්රේට් වෙච්ච සොලෝ රයිඩර්ගෙ ජීවිත කතාව. ජීවිතේ ජයගන්න ගේමක් ගහන කොල්ලො, කෙල්ලො, බල්ලො, බැල්ලියො හැමෝම කියවිය යුතු පොතක්.

[SPOILER="සිරා කතාව"]

නෑ නෑ, මේ අර වෝල්ටියකින් රට වටේ රස්තියාදු ගහන හිපාටුවා ගැන පොතක් නෙමේ. මේ 'සෝලෝ' කියන අප්‍රිකානු කැලෑ බලු පැටියගෙ ඇත්තම කතාව. මේ පොත ලියලා තියෙන්නෙ මේ අප්‍රිකානු කැලෑ බල්ලෝ ගැන වාර්තා වැඩසටහනක් හදන්න, අවුරුදු ගානක් තිස්සෙ සෙරෙන්ගෙටි වල උන් යන යන තැන් වලට ගිහින් අධ්‍යයනය කරපු වන්ජීවි ඡායාරූප ශිල්පී Hugo Van Lavick සහ එයාගෙ නෝනා Jane Goodall. Jane Goodall ව නම් උඹලා අහලත් ඇති, අර චිම්පන්සී නෝනා. තමුන්ගෙ ජීවිතෙන් අවුරුදු හැටක් විතර චිම්පන්සීලාව අධ්‍යයනය කරන්න, සංරක්ශණය කරන්න කැප කරපු ලෝකෙ අග්‍රගණ්‍ය primatologist කෙනෙක්. එයා තමා පොතේ intro එක ලියලා තියෙන්නෙ.

කැලෑ බලු පැටියෙක්ට ලොකු වෙනකන් survive වෙන එක එච්චර ලේසි වැඩක් නෙමේ. විශේෂෙන් තමුන්ගෙ රැලේ උන්ගෙන්ම අඩු කුලේ සැලකුම් හම්බෙනවා නම්. කැලෑ බල්ලෝ රංචුවක් සාමාන්‍යයෙන් තැන් තැන් වලට යන සංචාරක ජීවිතයක් ගත කරන්නෙ. උන් පැටව් දාන්නෙ අවුරුද්දෙ එක කාලෙක විතරයි. රංචුවේ ඉන්න ගෑනු සත්තු දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි කීප දෙනෙක් හරි පැටව් දාන්න ලං උනාම උන් තැනිතලාවේ ආරක්ෂිත තැනක නතර වෙනවා. පැටවු ලොකු උනාම ආයෙම උන් ගමන පටන් ගන්නවා. Hugo සහ Jane එයාලා 'Genghis Pack' කියලා නම් කරලා තිබුණ කැලෑ බල්ලෝ පහළොස් දෙනෙක් ගෙන් විතර සමන්විත වුන මේ රංචුව අවුරුදු දෙකක් තිස්සෙ සෙරෙන්ගේටි තැනිතලාව පුරා තැනින් තැනට යමින නිරීක්ෂණය කරලා තිබුණා. ටික කාලයක් මිසින් වෙලා හිටපු මේ රංචුව ආපහු 1969 දවසකදි Hugo ට හම්බ වෙනවා. ඒ වෙද්දි ඒකේ නායිකාව 'හැවොක්' කියන dominant female. රැලේ හිටපු 'ලෝටස්' බැල්ල සහ උගේ ගේ සහකාරයා උන 'රිනොගෝ' ඒ වෙද්දි රැලෙන් පිටමං වෙලා (බොහෝ විට හැවොක් විසින් පන්නපු නිසා) වෙනම ජීවත් වෙන්න පටන් අරන් තිබුණා. හයරාකි එකේ ඊලඟට හිටියෙ 'ඒන්ජල්' කියන බැල්ල. හැවොක් මුලින්ම ගැබ් ගත්ත 1970 දි තමයි හියුගෝලා ශූටිං පටන් ගන්නෙ. හැවොක්ට පැටව් ලැබුනට පස්සෙ ඒන්ජල් ගැබ් ගන්නවා. සාමාන්‍යයෙන් බැල්ලකට පැටවු ලැබුනට පස්සෙ රංචුවෙ අනිත් සත්තු උන්ව බලාගන්න උදව් වෙනවා. ඒන්ජල් කියන්නෙත් එහෙම අනිත් උන්ගෙ පැටවුනුත් තමුන්ගෙ වගේ බලාගත්ත ගෑනු සතෙක්. ඒන්ජල්, හැවොක්ගෙ පැටවුන්වත් ඒ විදියට බලාගන්න උත්සහ කරනවා. ඒත් මොකක් හරි හේතුවකට හැවොක් ඒන්ජල්ට තමුන්ගෙ පැටවුන්ට ලං වෙන්න දෙන්නෙ නෑ. ගැබ්බර කාලෙ ඉඳන්ම ඒන්ජල්ට හැවොක්ගෙන් සැරින් සැරේ ප්‍රහාර එල්ල වෙනවා. රැලේ අනිත් උන්ටත් ඒන්ජල්ට වැඩිය ලං වෙන්න හැවොක් නිතර ඉඩ දෙන්නෙ නෑ. කොටින්ම ඒන්ජල්ගෙ සහකාරයා 'බ්රූටස්' ට වත් ඒන්ජල් ට සලකන්න හැවොක් ඉඩ දෙන්නෙ නෑ. ඉතින් ගැබ්බර කාලෙ ඉඳන්ම ඒන්ජල්ට රැල ඇතුලෙ ජීවිතේ ගැටගහගන්න එක තවත් අමාරු වෙනවා.

හැවොක් පැටවු දාලා සති හතරකට විතර පස්සෙ හැවොක් තෝරගෙන තිබුනු ගුලට ටිකක් ඈතින් තැනක ඒන්ජල් පැටවු ප්‍රසූත කරනවා (කෑලෑ බැල්ලියො පැටවු දාන්නෙ උන්ගෙ රංචුවෙ ටෙරිටරි එක ඇතුලෙ තියෙන ගුලක් තෝරගෙන. පැටවුන්ගෙ පලවෙනි සති කීපය ගතවෙන්නෙ මේ ගුල ඇතුලෙ). සාමාන්‍යයෙන් බැල්ලකට පැටවු ලැබුනම රංචුවෙ අනිත් පිරිමි සත්තු ඒ බැල්ලට කන්න ගෙනත් දෙනවා. ඒ උන්ගෙ දඩයම් මස් ආපහු වමාරලා. පැටවු ටිකක් ලොකු උනාම උන්ට කන්න ගෙනත් දෙන්නෙත් මේ විදියටමයි. පැටවුන්ව තනි කරලා උන්ගෙ අම්මා ගුලෙන් එලියට ඇවිත් ඉන්නෙත් ටික වෙලාවකට විතරයි. රංචුවෙ නායිකාව හින්දා හැවොක්ටවත්, පැටවුන්ටවත් කෑමෙන් අඩුවක් තිබ්බෙ නෑ. ඒත් රැල ඇතුලෙ හුදෙකලා වෙලා උන්නු ඒන්ජල්ට කෑමක් හොයාගන්න ලේසි වෙන්නෙ නෑ. ගුල ඇතුලෙ හාමත් වෙන ඒන්ජල්ට ගුලෙන් එලියට එන්නෙ ඉතුරු වෙච්ච ඉඳුලක් වත් වට පිටාවෙන් හොයාගෙන යන්තන් හරි බඩ පුරවන් පැටවුන්ට කිරි ටිකක් දෙන්න. ඒත් හැවොක් බලාගෙන ඉන්නෙත් මේ වෙලාව එනකන්.

ඒන්ජල් ගුලෙන් ටික ටික ඈතට යන අතරෙ හැවොක් හෙමින් සීරුවෙ ඒන්ජල්ගෙ ගුලට රිංගනවා. ආපහු එලියට එන්නෙ ඒන්ජල්ගෙ අලුත උපන් පැටියෙක් වත් කටින් අරන්. මේ ඌ ගුලෙන් එළියේ ලෝකේ දකින පලවෙනි වතාව. හැබැයි ඒ මිනිත්තු කීපයක් විතරයි. ගුලෙන් ටිකක් ඈතට පැටියව උස්සගෙන ගිය හැවොක් ඌව මරා දානවා. ඊළඟට තව පැටියෙක්. තවත් එකෙක්...

මේ විදියට දවස් කීපයක් තිස්සේ හැවොක් මේ වැඩේ කරනවා. අසරණ ඒන්ජල්ට මේක ඉව වැටෙද්දී ගුල ඇතුලෙ ඉතුරු වෙලා ඉන්නෙ එක පැටියයි. ඒ පැටියට Hugo සහ Jane තියපු නම, 'සෝලෝ'. දවසක් අන්තිම දඩයමට හැවොක් ගුලට රිංගන්න කලින් ඒන්ජල් ඉක්මන් වෙනවා. ඇතුලට රිංගපු ඒන්ජල්ට ගොරවලා, ගුල වටේ ටිකක් පහුරු ගාලා, හැවොක් ආපහු හැරිලා යනවා. සෝලෝව නූලෙන් බේරගත්තත් ඒන්ජල්ට දිගටම ගුල ඇතුලට වෙලා පැටියව ආරක්ෂා කරන්න බෑ. තමුන්ගෙ වගේම සෝලෝගේ බඩ පුරවන්නත් ඒන්ජල්ට ආපහු ඉක්මනින්ම මේ ගුලෙන් එලියට යන්න වෙනවා. ඒ අතරෙ සෝලෝට මොනවා වේවිද?

[MEDIA=youtube]Am_MpH7Xt8w[/MEDIA]

මේ ලස්සන documentary එක සෝලෝගේ ජීවිත කතාව ගැන. මට මේ පොත මතක් උනේ මේ ලඟදි animal planet එකේ ගිය වැඩසටහනක් දැකලා. 2006 අවුරුද්දෙ, මම පොඩි කාලෙ book fair එකෙන් ගත්ත පොතක්. මම තෝරපු එකකුත් නෙමේ මට මතක විදියට අම්මා තෝරලා ගත්ත පොතක්. ඒ දවස් වල ආසාවෙන් කියෙව්වා. කාලෙකට පස්සේ ඒ පරණ මතක අලුත් උනා. ඉතිං උබලත් එක්ක මේක බෙදාගන්න හිතුනා.

[/SPOILER]

[QUOTE="AVES, post: 29751154, member: 566447"] මෙ මගෙ පොත් එකතුවෙ තිබ්බ පරණ පොතක් මට සෑහෙන කාලෙකට පස්සෙ මතක් උනා. අපෙ [USER=575911]@Solo Rider[/USER] ගෙ ජීවිත කතාව. අප්‍රිකාවෙ දුශ්කර කැලෑ ගම්මානෙක ඉපදිලා, සෑහෙන දුක් කම්කටොලු මැද්දෙ අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න ගමන් පහේ 'ශිෂ්ණත්වෙ' පාස් වෙලා ටවුමෙ ඉස්කෝලෙකට ඇවිත්, එහෙදිත් ටවුමෙ පොශ් බල්ලොන්ගෙ කෙනෙහිලිකම් විඳ දරාගෙන ජීවිතේ ජයගෙන ලංකාවට මයිග්රේට් වෙච්ච සොලෝ රයිඩර්ගෙ ජීවිත කතාව. ජීවිතේ ජයගන්න ගේමක් ගහන කොල්ලො, කෙල්ලො, බල්ලො, බැල්ලියො හැමෝම කියවිය යුතු පොතක්. [url=https://ibb.co/dfVMLtn][img]https://i.ibb.co/tHvKxzy/20240418-164540.jpg[/img][/url] [SPOILER="සිරා කතාව"] නෑ නෑ, මේ අර වෝල්ටියකින් රට වටේ රස්තියාදු ගහන හිපාටුවා ගැන පොතක් නෙමේ. මේ 'සෝලෝ' කියන අප්‍රිකානු කැලෑ බලු පැටියගෙ ඇත්තම කතාව. මේ පොත ලියලා තියෙන්නෙ මේ අප්‍රිකානු කැලෑ බල්ලෝ ගැන වාර්තා වැඩසටහනක් හදන්න, අවුරුදු ගානක් තිස්සෙ සෙරෙන්ගෙටි වල උන් යන යන තැන් වලට ගිහින් අධ්‍යයනය කරපු වන්ජීවි ඡායාරූප ශිල්පී Hugo Van Lavick සහ එයාගෙ නෝනා Jane Goodall. Jane Goodall ව නම් උඹලා අහලත් ඇති, අර චිම්පන්සී නෝනා. තමුන්ගෙ ජීවිතෙන් අවුරුදු හැටක් විතර චිම්පන්සීලාව අධ්‍යයනය කරන්න, සංරක්ශණය කරන්න කැප කරපු ලෝකෙ අග්‍රගණ්‍ය primatologist කෙනෙක්. එයා තමා පොතේ intro එක ලියලා තියෙන්නෙ. කැලෑ බලු පැටියෙක්ට ලොකු වෙනකන් survive වෙන එක එච්චර ලේසි වැඩක් නෙමේ. විශේෂෙන් තමුන්ගෙ රැලේ උන්ගෙන්ම අඩු කුලේ සැලකුම් හම්බෙනවා නම්. කැලෑ බල්ලෝ රංචුවක් සාමාන්‍යයෙන් තැන් තැන් වලට යන සංචාරක ජීවිතයක් ගත කරන්නෙ. උන් පැටව් දාන්නෙ අවුරුද්දෙ එක කාලෙක විතරයි. රංචුවේ ඉන්න ගෑනු සත්තු දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි කීප දෙනෙක් හරි පැටව් දාන්න ලං උනාම උන් තැනිතලාවේ ආරක්ෂිත තැනක නතර වෙනවා. පැටවු ලොකු උනාම ආයෙම උන් ගමන පටන් ගන්නවා. Hugo සහ Jane එයාලා 'Genghis Pack' කියලා නම් කරලා තිබුණ කැලෑ බල්ලෝ පහළොස් දෙනෙක් ගෙන් විතර සමන්විත වුන මේ රංචුව අවුරුදු දෙකක් තිස්සෙ සෙරෙන්ගේටි තැනිතලාව පුරා තැනින් තැනට යමින නිරීක්ෂණය කරලා තිබුණා. ටික කාලයක් මිසින් වෙලා හිටපු මේ රංචුව ආපහු 1969 දවසකදි Hugo ට හම්බ වෙනවා. ඒ වෙද්දි ඒකේ නායිකාව 'හැවොක්' කියන dominant female. රැලේ හිටපු 'ලෝටස්' බැල්ල සහ උගේ ගේ සහකාරයා උන 'රිනොගෝ' ඒ වෙද්දි රැලෙන් පිටමං වෙලා (බොහෝ විට හැවොක් විසින් පන්නපු නිසා) වෙනම ජීවත් වෙන්න පටන් අරන් තිබුණා. හයරාකි එකේ ඊලඟට හිටියෙ 'ඒන්ජල්' කියන බැල්ල. හැවොක් මුලින්ම ගැබ් ගත්ත 1970 දි තමයි හියුගෝලා ශූටිං පටන් ගන්නෙ. හැවොක්ට පැටව් ලැබුනට පස්සෙ ඒන්ජල් ගැබ් ගන්නවා. සාමාන්‍යයෙන් බැල්ලකට පැටවු ලැබුනට පස්සෙ රංචුවෙ අනිත් සත්තු උන්ව බලාගන්න උදව් වෙනවා. ඒන්ජල් කියන්නෙත් එහෙම අනිත් උන්ගෙ පැටවුනුත් තමුන්ගෙ වගේ බලාගත්ත ගෑනු සතෙක්. ඒන්ජල්, හැවොක්ගෙ පැටවුන්වත් ඒ විදියට බලාගන්න උත්සහ කරනවා. ඒත් මොකක් හරි හේතුවකට හැවොක් ඒන්ජල්ට තමුන්ගෙ පැටවුන්ට ලං වෙන්න දෙන්නෙ නෑ. ගැබ්බර කාලෙ ඉඳන්ම ඒන්ජල්ට හැවොක්ගෙන් සැරින් සැරේ ප්‍රහාර එල්ල වෙනවා. රැලේ අනිත් උන්ටත් ඒන්ජල්ට වැඩිය ලං වෙන්න හැවොක් නිතර ඉඩ දෙන්නෙ නෑ. කොටින්ම ඒන්ජල්ගෙ සහකාරයා 'බ්රූටස්' ට වත් ඒන්ජල් ට සලකන්න හැවොක් ඉඩ දෙන්නෙ නෑ. ඉතින් ගැබ්බර කාලෙ ඉඳන්ම ඒන්ජල්ට රැල ඇතුලෙ ජීවිතේ ගැටගහගන්න එක තවත් අමාරු වෙනවා. හැවොක් පැටවු දාලා සති හතරකට විතර පස්සෙ හැවොක් තෝරගෙන තිබුනු ගුලට ටිකක් ඈතින් තැනක ඒන්ජල් පැටවු ප්‍රසූත කරනවා (කෑලෑ බැල්ලියො පැටවු දාන්නෙ උන්ගෙ රංචුවෙ ටෙරිටරි එක ඇතුලෙ තියෙන ගුලක් තෝරගෙන. පැටවුන්ගෙ පලවෙනි සති කීපය ගතවෙන්නෙ මේ ගුල ඇතුලෙ). සාමාන්‍යයෙන් බැල්ලකට පැටවු ලැබුනම රංචුවෙ අනිත් පිරිමි සත්තු ඒ බැල්ලට කන්න ගෙනත් දෙනවා. ඒ උන්ගෙ දඩයම් මස් ආපහු වමාරලා. පැටවු ටිකක් ලොකු උනාම උන්ට කන්න ගෙනත් දෙන්නෙත් මේ විදියටමයි. පැටවුන්ව තනි කරලා උන්ගෙ අම්මා ගුලෙන් එලියට ඇවිත් ඉන්නෙත් ටික වෙලාවකට විතරයි. රංචුවෙ නායිකාව හින්දා හැවොක්ටවත්, පැටවුන්ටවත් කෑමෙන් අඩුවක් තිබ්බෙ නෑ. ඒත් රැල ඇතුලෙ හුදෙකලා වෙලා උන්නු ඒන්ජල්ට කෑමක් හොයාගන්න ලේසි වෙන්නෙ නෑ. ගුල ඇතුලෙ හාමත් වෙන ඒන්ජල්ට ගුලෙන් එලියට එන්නෙ ඉතුරු වෙච්ච ඉඳුලක් වත් වට පිටාවෙන් හොයාගෙන යන්තන් හරි බඩ පුරවන් පැටවුන්ට කිරි ටිකක් දෙන්න. ඒත් හැවොක් බලාගෙන ඉන්නෙත් මේ වෙලාව එනකන්. ඒන්ජල් ගුලෙන් ටික ටික ඈතට යන අතරෙ හැවොක් හෙමින් සීරුවෙ ඒන්ජල්ගෙ ගුලට රිංගනවා. ආපහු එලියට එන්නෙ ඒන්ජල්ගෙ අලුත උපන් පැටියෙක් වත් කටින් අරන්. මේ ඌ ගුලෙන් එළියේ ලෝකේ දකින පලවෙනි වතාව. හැබැයි ඒ මිනිත්තු කීපයක් විතරයි. ගුලෙන් ටිකක් ඈතට පැටියව උස්සගෙන ගිය හැවොක් ඌව මරා දානවා. ඊළඟට තව පැටියෙක්. තවත් එකෙක්... මේ විදියට දවස් කීපයක් තිස්සේ හැවොක් මේ වැඩේ කරනවා. අසරණ ඒන්ජල්ට මේක ඉව වැටෙද්දී ගුල ඇතුලෙ ඉතුරු වෙලා ඉන්නෙ එක පැටියයි. ඒ පැටියට Hugo සහ Jane තියපු නම, 'සෝලෝ'. දවසක් අන්තිම දඩයමට හැවොක් ගුලට රිංගන්න කලින් ඒන්ජල් ඉක්මන් වෙනවා. ඇතුලට රිංගපු ඒන්ජල්ට ගොරවලා, ගුල වටේ ටිකක් පහුරු ගාලා, හැවොක් ආපහු හැරිලා යනවා. සෝලෝව නූලෙන් බේරගත්තත් ඒන්ජල්ට දිගටම ගුල ඇතුලට වෙලා පැටියව ආරක්ෂා කරන්න බෑ. තමුන්ගෙ වගේම සෝලෝගේ බඩ පුරවන්නත් ඒන්ජල්ට ආපහු ඉක්මනින්ම මේ ගුලෙන් එලියට යන්න වෙනවා. ඒ අතරෙ සෝලෝට මොනවා වේවිද? [MEDIA=youtube]Am_MpH7Xt8w[/MEDIA] මේ ලස්සන documentary එක සෝලෝගේ ජීවිත කතාව ගැන. මට මේ පොත මතක් උනේ මේ ලඟදි animal planet එකේ ගිය වැඩසටහනක් දැකලා. 2006 අවුරුද්දෙ, මම පොඩි කාලෙ book fair එකෙන් ගත්ත පොතක්. මම තෝරපු එකකුත් නෙමේ මට මතක විදියට අම්මා තෝරලා ගත්ත පොතක්. ඒ දවස් වල ආසාවෙන් කියෙව්වා. කාලෙකට පස්සේ ඒ පරණ මතක අලුත් උනා. ඉතිං උබලත් එක්ක මේක බෙදාගන්න හිතුනා. [url=https://ibb.co/t2LGh0K][img]https://i.ibb.co/dpmTcNM/20240418-165425.jpg[/img][/url] [url=https://ibb.co/1fLRtnN][img]https://i.ibb.co/nsbQN0y/20240418-165555.jpg[/img][/url] [/SPOILER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom