Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
55 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රවීට සහ ශානිට බිය වූ අට දෙනාගේ පොලිස් කෝලම..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය දා මාලිමාව විශ්‍රාමික පොලිස් සාමුහිකයක් ගොඩ නගා එහි පළමු රැස්වීම මහරගම තරුණ සේවා රඟහලේදී පැවත් වීය. 3000 කට ආසන්න විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිළධාරීන් එයට සහභාගී වී සිටිනු දුටිමි. එහි ප්‍රධානියා හැටියට කටයුතු කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි කීර්තිමත් නිළධාරියකු මෙන්ම රහස් පොලීසිය (CID) භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නයි. අති දක්ෂ විමර්ෂකයකු මෙන්ම රහස් පොලිසියේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ශානී අබේසේකර ද එදින මාලිමා වේදිකාවේ සිටිනු දුටිමි. පොලීසියේ 3000 කට ආසන්න විශ්‍රාමික පිරිසක් රැස්වීමේ සිටිය ද අටේ කල්ලිය පහර දෙන්නේ ශානිට සහ රවීටය. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයක් ගොඩ නගා විශ්‍රාමික නිළධාරීන් දස දහස් ගණනින් එකතු කළ අනුර කුමාර දිසානායක දැන් නම් එන පොට හොඳ නැති බව කිල්ලෝට වල හුනු තිබෙන බොහෝ අයට දැණුනේ විශ්‍රාමික පොලිස් සාමුහිකය ජුනි 09 වන දා එලි දැක්වීමත් සමගය. හොරුන්ට, දූෂිතයන්ට, ජාවාරම් කරුවන්ට, මනුෂ්‍ය ඝාතකයන්ට, පාස්කු ප්‍රහාරකයන්ට වෙව්ලීම තදින්ම දැනුනේ අනුර කුමාරත් සමග රවී සහ ශානී වේදිකවට ගොඩ වන විටය. අනුර කුමාර සතුව තිබෙන ෆයිල් ගණනට වඩා ශානී ලඟ රාජපක්ෂලාගේ ෆයිල් ගොන්නක් තිබෙන බව ඔවුන් දනී. එවන් තත්වයක් තුල ඔවුන්ට කඩේ යන හිටපු පොලිස්පති චන්ද්‍රා ප්රනාන්දුලාට සුලු දිය පහ නොවන්නේ නම් පුදුම විය යුතුය.

අට දෙනාගේ පොලිස් කෝලම..

කලබලයට පත් රාජපක්ෂලා පොලීසියේ විශ්‍රාමික නිළධාරීන් හත් අට දෙනෙකු වහා කැඳවා ඔවුන්ට තිර පිටපතක් අතට දී ඊයේ (13) මාධ්‍ය සාකච්ඡාවක් පවත් වනවා දුටිමි. එහි ප්‍රධානත්වය ඉසුලුවේ පොලිසියේ සිටි අපකීර්තිමත් පොලිස්පති වරයකු වූ චන්ද්‍රා ප්‍රනාන්දු ය. පොලීසියේ පිරිහීමට බොහෝ සෙයින් දායක වූ ඔහු පිළිබඳව පොලීසියේ අයට අමුතුවෙන් කිවයුතු නැත. පොලීසිය බැසිල් රාජපක්ෂගේ පක්ෂ කාර්යාලයක් බවට පත්කළේ චන්ද්‍රා ප්‍රනාන්දු බව දන්නෝ දනිති. විශ්‍රාම යාමෙන් පසු විවිධ දේශපාලන පත්වීම් ලැබූ චන්ද්‍රා ප්‍රනාන්දු මෑතක් වන තුරු ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේය. රනිල් වික්‍රමසිංහගේ ආගමනයත් සමග රටින් පලාගොස් සිටි බැසිල් රාජපක්ෂ නැවත ලංකාවට පැමිණි මොහොතේ ඔහුව පිළිගැනිමට ගුවන් තොටුපලට ගොස් දෙකට තුනට නැවී වැඳ වැටෙනවා රූපවාහිනී මාධ්‍ය වලින් ඔබ සියලු දෙනා දකින්නට ඇති. ස්වාධීන කොමිෂන් සභා වල සභාපතිවරුන්ගේ ස්වාධීනත්වයේ තරම ඔබට එයින් වටහා ගත හැක. චන්ද්‍රා ප්‍රනාන්දු රාජපක්ෂලාගේ සියලු මැතිවරණ වලදී පොලීසියට බලපෑම් කරමින් මාධ්‍ය ඉදිරියට විත් රාජපක්ෂ වන්දනාවේ ගිය බව රහසක් නොවේ. ඔහු අදටත් කරන්නේ රාජපක්ෂලාගේ පවු වලට කරගැසීමය.

හොරු බේරන පොලිස් කොන්ත්‍රාත්තුව...

මමද ඉතා හොඳින් දන්නා එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වී සිටි නිළධාරීන් කිහිප දෙනෙකුම සක්‍රීය සේවයේ සිටි සමයේ විවිධ චෝදනාවලට ලක් වී වැඩ තහනම් වී සිට රනිල් වික්‍රමසිංහගේ හෝ මහින්ද රාජපක්ෂගේ ආශීර්වාදයෙන් නැවත සේවයට පැමිණි අයයි. එමෙන්ම දේශපාලකයන්ගෙ පිහිටෙන් උසස් වීම් හා වරප්‍රසාද ලබාගැනීමට අමතරව ඔවුන් සමහරක් අදටත් විවිධ රාජ්‍ය ආයතන වල තනතුරු දරමින් සිටී.

EB, ASP විභාග අසමත් නියෝජ්‍ය පොලිස්පති..

මා හොඳින්ම දන්නා එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකුට 88/89 මනුෂ්‍ය ඝාතන නඩු කිහිපයක් තිබුණි. ඒවාට සිදුවූ දේ මෑතක් වන තුරු පොලීසියේ සේවය කොට විශ්‍රාම ගිය නිළධාරීන් හොඳින්ම දනී. තවත් එම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති වරයකු ලෙස විශ්‍රාම ගිය අයෙක් සහකාර පොලිස් අධිකාරී විභාගය සහ කාර්යක්ෂමතා කඩඉම් විභාගය (EB) පවා අසමත් විය. එහෙත් මහින්ද රාජපක්ෂගේ අන්තේවාසිකයයකු වීම නිසාම ඔහුට සියලු උසස්වීම් හා වරප්‍රසාද ලැබුණි. එක්තරා වකවානුවක බස්නාහිර පලාත භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දරට (පසුව පොලිස්පති) පැය 24න් වයඹ පලාතට මාරුවක් ලැබෙන්නේ එම විභාග අසමත් නිළධාරියා වෙනත් ප්‍රදේශයකට මාරු කර යැවීම නිසාය. රාජපක්ෂ සමයේ ඔහුට පොලීසිය තුල අසීමිත බලයක් තිබුණි.

ශානිට සහ රවීට ඇයි මෙච්චර භය..

එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ සියලුම දෙනාට තිබෙන ප්රශ්නය අන් කිසිවක් නොව ශානී සහ රවී මාලිමාවට එකතු වීමය. මොවුන් රාජපක්ෂලාට, රනිල්ට හෝ සජිත් ප්‍රේමදාසට එකතු වූයේ නම් කිසිවෙක් මාධ්‍ය සාකච්ඡා තබන්නේ නැත. සජිත් ප්‍රේමදාස ලඟට ගියේ නම් එවෙලේම තනතුරු ලබා දී මාධ්‍ය සාකච්ඡා තබා ඔවුන් පිළිගැනීමට ඉඩ තිබුණි .

මාලිමාව විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය පිහිටවූ අවස්ථාවේදීත් ඔය ආකාරයටම කමල් ගුණරත්නලා, දයා රත්නායකලා මාධ්‍ය සාකච්ඡා පැවැත් වීය. එහෙත් දයා රත්නායක සජිත් සමග එකතු වී තනතුරක් භාර ගත්තද කිසිවෙක් ඒ පිළිබඳ කතා නොකරයි. හිටපු හමුදාපති මහේෂ් සේනානායක විදේශ රටක සිට පැමිණ සජබය සමග එකතු වී මාලිමාවේ ත්‍රිවිධ හමුදා සාමුහිකය ගැන කලබල වී මාධ්‍ය සාකච්ඡා තියයි. එහෙත්, ඔවුන්ගේ දේශපාලන පිමි ගැන කිසිවෙක් කලබල නොවෙති. මාලිමාවට යමෙක් එකතු වන විට ගැරඬින්ට භූමිතෙල් ගැසූවාක් මෙන් ඔවුන් දඟලති. මෙය හුදෙක් එක්තරා ජාවාරම්කාර පැලැන්තියකින් මහජනයා අතට බලය මාරුවීමට ආසන්නව තිබෙන බව ඔවුන් දන්නා නිසාවෙනි.

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ලඟඳීම එලියට..

රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර දෙදෙනා සතුව පාස්කු ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු ඇත. කවදා හෝ ඔවුන් ඒවා එලියට දැමූ දාට රාජපක්ෂලා ඇතුලු පොලිසියේ බොහෝ පිරිසකට වන දේ ඔවුන් හොඳාකාරවම දනිති. ගෝටාබය රාජපක්ෂ ජනාධිපති ලෙස දිවිවුරුම් දී කළ පළමු රාජකාරිය වූයේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම නොවෙයි. CID අධ්යක්ෂ තනතුරෙන් ශානී අබේසේකර ඉවත් කොට තනතුරෙන්ද පහළ දමා දකුණු පලාතේ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස මාරු කර යැවීමය. ඉන් නොනැවතී විවිධ චෝදනා එල්ල කොට ශානි අබේසේකර රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය. ඔහුගේ විශ්‍රාම වැටුප පවා අහිමි කළ රාජපක්ෂලා ශානිට දිය හැකි වධ තිස් දෙකම දුන්නේය. ශානී ඒ සියල්ලටම ඉවසීමෙන් මුහුන දුන්නේ කවදා හෝ යුක්තිය ඉටුවන බව දැන සිටි නිසාය. එය එසේම විය. ගෝටාබය රාජපක්ෂ විසින් එවකට රහස් පොලීසියේ සේවය කළ නිළධාරීන් 700 කට රටින් බැහැරව යෑම තහනම් කොට නියෝගයක් නිකුත් කළේය. රටේ සාමාන්‍ය ක්‍රමය එවැනි විදේශ ගමන් තහනමක් පැනවිය හැක්කේ අධිකරණයකටය. එහෙත් එවකට රටේ ක්‍රියාත්මක වූයේ “ගෝටාස් ලෝ” ය. ඔහු ඔවුන් සියලු දෙනා මාරු කොට ඔහුට අවශ්‍ය අය රහස් පොලීසියට පත් කරගත්තේය.

රනිල්ගේ පාස්කු කොමිසම වගේ..

රාජපක්ෂලාගේ ආරක්ෂකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හදිසියේම පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිෂන් සභාවක් දැනට දිනකට කලින් පත් කරන්නේ ඔය අතර තුරය. නැවත වතාවතාවක් රවී සහ ශානී දඩයම් කිරීම සඳහා මෙය පිහිටුවන්නට ඇති බවට සැකයක් පවතී. එහෙත් කොමිෂන් සභාව වාර්ථාව නිකුත් කරන කාලය වන විට රනිල් වික්‍රමසිංහ ගෙදර ගොස් සිටිනු ඇත. බැසිල් රාජපක්ෂ අමෙරිකාවට පැනගොස් සිටී. ගෝටාබය නැවත මාලදිවයිනට හෝ සිංගප්පුරුවට පැන ගොස් සිටිනු ඇත. කිල්ලෝට වල හුනු තිබෙන තවත් බොහෝ අයට නුදුරේම හිරබත් කෑමට නියමිත බව දන්නා සමහරුන් සිහිනෙන් බිය වෙමින් සිටින බව පේන්නට තිබේ.

දැන් ප්‍රමාද වැඩියි චන්ද්‍රා..

විශ්‍රාමික පොලිස් නිළධාරීන් හත් අට දෙනෙක් මාධ්‍ය ඉදිරියට ගෙනවිත් තමන්ගේ පව් සෝදා ගැනීමට රාජපක්ෂලා සහ ඔවුන්ගේ කපටි ආරක්ෂකයා වන රනිල් වික්‍රමසිංහ කෙතරම් උත්සාහ කළ ද කීමට ඇත්තේ දැන් ඔවුන් සියල්ලෝම “ප්‍රමාද වැඩියි” කියාය. වෙමින් තිබෙන්නේ මහා වෙනසකි. පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා සක්‍රීය සේවයේ සිටින සියයට අසූවකට වඩා නිළධාරීන් සහ සෙසු නිළයන් කළයුත්තේ කුමක් ද කියා මේ වන් විටත් තීරණය කොට හමාරය. රාජ්‍ය සේවයේ සිටින සියයට 75 කට වැඩි පිරිසක් වෙනසක් කිරීමට සූදානමින් සිටිති. ඔවුන් සියල්ලෝම බලා සිටින්නේ මැතිවරණය එන තුරුය. හොරුන්ගේ, දූෂිතයන්ගේ වාරය දැන් හමාරය. මේ එන්නේ අදූෂිතයන්ගේ හා අවංකයන්ගේ වාරයයි. එය නොතේරෙන විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ ඔහුගේ ගෝල බාලයන් හත් අට දෙනාට මාධ්‍ය සාකච්ඡා සියයක් පැවත් වුවද අපට කීමට ඇත්තේ “කණගාටුයි දැන් ප්‍රමාද වැඩියි” කියාය. අනිවාර්යයෙන්ම ලබන නොවැම්බර් වන විට අලුත් ආණ්ඩුවක් රටේ පාලන බලය හොබවනු ඇත. නව පුනරුද යුගයක් ඇරැඹෙනු ඇත. එය හිරු සඳු මෙන් විශ්වාසය.

-ශාන්ත ජයරත්න

ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)

[QUOTE="SLK_sri, post: 29889430, member: 569192"] පසුගිය දා මාලිමාව විශ්‍රාමික පොලිස් සාමුහිකයක් ගොඩ නගා එහි පළමු රැස්වීම මහරගම තරුණ සේවා රඟහලේදී පැවත් වීය. 3000 කට ආසන්න විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිළධාරීන් එයට සහභාගී වී සිටිනු දුටිමි. එහි ප්‍රධානියා හැටියට කටයුතු කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි කීර්තිමත් නිළධාරියකු මෙන්ම රහස් පොලීසිය (CID) භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නයි. අති දක්ෂ විමර්ෂකයකු මෙන්ම රහස් පොලිසියේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ශානී අබේසේකර ද එදින මාලිමා වේදිකාවේ සිටිනු දුටිමි. පොලීසියේ 3000 කට ආසන්න විශ්‍රාමික පිරිසක් රැස්වීමේ සිටිය ද අටේ කල්ලිය පහර දෙන්නේ ශානිට සහ රවීටය. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයක් ගොඩ නගා විශ්‍රාමික නිළධාරීන් දස දහස් ගණනින් එකතු කළ අනුර කුමාර දිසානායක දැන් නම් එන පොට හොඳ නැති බව කිල්ලෝට වල හුනු තිබෙන බොහෝ අයට දැණුනේ විශ්‍රාමික පොලිස් සාමුහිකය ජුනි 09 වන දා එලි දැක්වීමත් සමගය. හොරුන්ට, දූෂිතයන්ට, ජාවාරම් කරුවන්ට, මනුෂ්‍ය ඝාතකයන්ට, පාස්කු ප්‍රහාරකයන්ට වෙව්ලීම තදින්ම දැනුනේ අනුර කුමාරත් සමග රවී සහ ශානී වේදිකවට ගොඩ වන විටය. අනුර කුමාර සතුව තිබෙන ෆයිල් ගණනට වඩා ශානී ලඟ රාජපක්ෂලාගේ ෆයිල් ගොන්නක් තිබෙන බව ඔවුන් දනී. එවන් තත්වයක් තුල ඔවුන්ට කඩේ යන හිටපු පොලිස්පති චන්ද්‍රා ප්රනාන්දුලාට සුලු දිය පහ නොවන්නේ නම් පුදුම විය යුතුය. [HEADING=3]අට දෙනාගේ පොලිස් කෝලම..[/HEADING] කලබලයට පත් රාජපක්ෂලා පොලීසියේ විශ්‍රාමික නිළධාරීන් හත් අට දෙනෙකු වහා කැඳවා ඔවුන්ට තිර පිටපතක් අතට දී ඊයේ (13) මාධ්‍ය සාකච්ඡාවක් පවත් වනවා දුටිමි. එහි ප්‍රධානත්වය ඉසුලුවේ පොලිසියේ සිටි අපකීර්තිමත් පොලිස්පති වරයකු වූ චන්ද්‍රා ප්‍රනාන්දු ය. පොලීසියේ පිරිහීමට බොහෝ සෙයින් දායක වූ ඔහු පිළිබඳව පොලීසියේ අයට අමුතුවෙන් කිවයුතු නැත. පොලීසිය බැසිල් රාජපක්ෂගේ පක්ෂ කාර්යාලයක් බවට පත්කළේ චන්ද්‍රා ප්‍රනාන්දු බව දන්නෝ දනිති. විශ්‍රාම යාමෙන් පසු විවිධ දේශපාලන පත්වීම් ලැබූ චන්ද්‍රා ප්‍රනාන්දු මෑතක් වන තුරු ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේය. රනිල් වික්‍රමසිංහගේ ආගමනයත් සමග රටින් පලාගොස් සිටි බැසිල් රාජපක්ෂ නැවත ලංකාවට පැමිණි මොහොතේ ඔහුව පිළිගැනිමට ගුවන් තොටුපලට ගොස් දෙකට තුනට නැවී වැඳ වැටෙනවා රූපවාහිනී මාධ්‍ය වලින් ඔබ සියලු දෙනා දකින්නට ඇති. ස්වාධීන කොමිෂන් සභා වල සභාපතිවරුන්ගේ ස්වාධීනත්වයේ තරම ඔබට එයින් වටහා ගත හැක. චන්ද්‍රා ප්‍රනාන්දු රාජපක්ෂලාගේ සියලු මැතිවරණ වලදී පොලීසියට බලපෑම් කරමින් මාධ්‍ය ඉදිරියට විත් රාජපක්ෂ වන්දනාවේ ගිය බව රහසක් නොවේ. ඔහු අදටත් කරන්නේ රාජපක්ෂලාගේ පවු වලට කරගැසීමය. [HEADING=3]හොරු බේරන පොලිස් කොන්ත්‍රාත්තුව...[/HEADING] මමද ඉතා හොඳින් දන්නා එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වී සිටි නිළධාරීන් කිහිප දෙනෙකුම සක්‍රීය සේවයේ සිටි සමයේ විවිධ චෝදනාවලට ලක් වී වැඩ තහනම් වී සිට රනිල් වික්‍රමසිංහගේ හෝ මහින්ද රාජපක්ෂගේ ආශීර්වාදයෙන් නැවත සේවයට පැමිණි අයයි. එමෙන්ම දේශපාලකයන්ගෙ පිහිටෙන් උසස් වීම් හා වරප්‍රසාද ලබාගැනීමට අමතරව ඔවුන් සමහරක් අදටත් විවිධ රාජ්‍ය ආයතන වල තනතුරු දරමින් සිටී. [HEADING=3]EB, ASP විභාග අසමත් නියෝජ්‍ය පොලිස්පති..[/HEADING] මා හොඳින්ම දන්නා එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකුට 88/89 මනුෂ්‍ය ඝාතන නඩු කිහිපයක් තිබුණි. ඒවාට සිදුවූ දේ මෑතක් වන තුරු පොලීසියේ සේවය කොට විශ්‍රාම ගිය නිළධාරීන් හොඳින්ම දනී. තවත් එම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති වරයකු ලෙස විශ්‍රාම ගිය අයෙක් සහකාර පොලිස් අධිකාරී විභාගය සහ කාර්යක්ෂමතා කඩඉම් විභාගය (EB) පවා අසමත් විය. එහෙත් මහින්ද රාජපක්ෂගේ අන්තේවාසිකයයකු වීම නිසාම ඔහුට සියලු උසස්වීම් හා වරප්‍රසාද ලැබුණි. එක්තරා වකවානුවක බස්නාහිර පලාත භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දරට (පසුව පොලිස්පති) පැය 24න් වයඹ පලාතට මාරුවක් ලැබෙන්නේ එම විභාග අසමත් නිළධාරියා වෙනත් ප්‍රදේශයකට මාරු කර යැවීම නිසාය. රාජපක්ෂ සමයේ ඔහුට පොලීසිය තුල අසීමිත බලයක් තිබුණි. [HEADING=3]ශානිට සහ රවීට ඇයි මෙච්චර භය..[/HEADING] එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ සියලුම දෙනාට තිබෙන ප්රශ්නය අන් කිසිවක් නොව ශානී සහ රවී මාලිමාවට එකතු වීමය. මොවුන් රාජපක්ෂලාට, රනිල්ට හෝ සජිත් ප්‍රේමදාසට එකතු වූයේ නම් කිසිවෙක් මාධ්‍ය සාකච්ඡා තබන්නේ නැත. සජිත් ප්‍රේමදාස ලඟට ගියේ නම් එවෙලේම තනතුරු ලබා දී මාධ්‍ය සාකච්ඡා තබා ඔවුන් පිළිගැනීමට ඉඩ තිබුණි . මාලිමාව විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය පිහිටවූ අවස්ථාවේදීත් ඔය ආකාරයටම කමල් ගුණරත්නලා, දයා රත්නායකලා මාධ්‍ය සාකච්ඡා පැවැත් වීය. එහෙත් දයා රත්නායක සජිත් සමග එකතු වී තනතුරක් භාර ගත්තද කිසිවෙක් ඒ පිළිබඳ කතා නොකරයි. හිටපු හමුදාපති මහේෂ් සේනානායක විදේශ රටක සිට පැමිණ සජබය සමග එකතු වී මාලිමාවේ ත්‍රිවිධ හමුදා සාමුහිකය ගැන කලබල වී මාධ්‍ය සාකච්ඡා තියයි. එහෙත්, ඔවුන්ගේ දේශපාලන පිමි ගැන කිසිවෙක් කලබල නොවෙති. මාලිමාවට යමෙක් එකතු වන විට ගැරඬින්ට භූමිතෙල් ගැසූවාක් මෙන් ඔවුන් දඟලති. මෙය හුදෙක් එක්තරා ජාවාරම්කාර පැලැන්තියකින් මහජනයා අතට බලය මාරුවීමට ආසන්නව තිබෙන බව ඔවුන් දන්නා නිසාවෙනි. [HEADING=3]පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ලඟඳීම එලියට..[/HEADING] රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර දෙදෙනා සතුව පාස්කු ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු ඇත. කවදා හෝ ඔවුන් ඒවා එලියට දැමූ දාට රාජපක්ෂලා ඇතුලු පොලිසියේ බොහෝ පිරිසකට වන දේ ඔවුන් හොඳාකාරවම දනිති. ගෝටාබය රාජපක්ෂ ජනාධිපති ලෙස දිවිවුරුම් දී කළ පළමු රාජකාරිය වූයේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම නොවෙයි. CID අධ්යක්ෂ තනතුරෙන් ශානී අබේසේකර ඉවත් කොට තනතුරෙන්ද පහළ දමා දකුණු පලාතේ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස මාරු කර යැවීමය. ඉන් නොනැවතී විවිධ චෝදනා එල්ල කොට ශානි අබේසේකර රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය. ඔහුගේ විශ්‍රාම වැටුප පවා අහිමි කළ රාජපක්ෂලා ශානිට දිය හැකි වධ තිස් දෙකම දුන්නේය. ශානී ඒ සියල්ලටම ඉවසීමෙන් මුහුන දුන්නේ කවදා හෝ යුක්තිය ඉටුවන බව දැන සිටි නිසාය. එය එසේම විය. ගෝටාබය රාජපක්ෂ විසින් එවකට රහස් පොලීසියේ සේවය කළ නිළධාරීන් 700 කට රටින් බැහැරව යෑම තහනම් කොට නියෝගයක් නිකුත් කළේය. රටේ සාමාන්‍ය ක්‍රමය එවැනි විදේශ ගමන් තහනමක් පැනවිය හැක්කේ අධිකරණයකටය. එහෙත් එවකට රටේ ක්‍රියාත්මක වූයේ “ගෝටාස් ලෝ” ය. ඔහු ඔවුන් සියලු දෙනා මාරු කොට ඔහුට අවශ්‍ය අය රහස් පොලීසියට පත් කරගත්තේය. [HEADING=3]රනිල්ගේ පාස්කු කොමිසම වගේ..[/HEADING] රාජපක්ෂලාගේ ආරක්ෂකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හදිසියේම පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිෂන් සභාවක් දැනට දිනකට කලින් පත් කරන්නේ ඔය අතර තුරය. නැවත වතාවතාවක් රවී සහ ශානී දඩයම් කිරීම සඳහා මෙය පිහිටුවන්නට ඇති බවට සැකයක් පවතී. එහෙත් කොමිෂන් සභාව වාර්ථාව නිකුත් කරන කාලය වන විට රනිල් වික්‍රමසිංහ ගෙදර ගොස් සිටිනු ඇත. බැසිල් රාජපක්ෂ අමෙරිකාවට පැනගොස් සිටී. ගෝටාබය නැවත මාලදිවයිනට හෝ සිංගප්පුරුවට පැන ගොස් සිටිනු ඇත. කිල්ලෝට වල හුනු තිබෙන තවත් බොහෝ අයට නුදුරේම හිරබත් කෑමට නියමිත බව දන්නා සමහරුන් සිහිනෙන් බිය වෙමින් සිටින බව පේන්නට තිබේ. [HEADING=3]දැන් ප්‍රමාද වැඩියි චන්ද්‍රා..[/HEADING] විශ්‍රාමික පොලිස් නිළධාරීන් හත් අට දෙනෙක් මාධ්‍ය ඉදිරියට ගෙනවිත් තමන්ගේ පව් සෝදා ගැනීමට රාජපක්ෂලා සහ ඔවුන්ගේ කපටි ආරක්ෂකයා වන රනිල් වික්‍රමසිංහ කෙතරම් උත්සාහ කළ ද කීමට ඇත්තේ දැන් ඔවුන් සියල්ලෝම “ප්‍රමාද වැඩියි” කියාය. වෙමින් තිබෙන්නේ මහා වෙනසකි. පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා සක්‍රීය සේවයේ සිටින සියයට අසූවකට වඩා නිළධාරීන් සහ සෙසු නිළයන් කළයුත්තේ කුමක් ද කියා මේ වන් විටත් තීරණය කොට හමාරය. රාජ්‍ය සේවයේ සිටින සියයට 75 කට වැඩි පිරිසක් වෙනසක් කිරීමට සූදානමින් සිටිති. ඔවුන් සියල්ලෝම බලා සිටින්නේ මැතිවරණය එන තුරුය. හොරුන්ගේ, දූෂිතයන්ගේ වාරය දැන් හමාරය. මේ එන්නේ අදූෂිතයන්ගේ හා අවංකයන්ගේ වාරයයි. එය නොතේරෙන විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ ඔහුගේ ගෝල බාලයන් හත් අට දෙනාට මාධ්‍ය සාකච්ඡා සියයක් පැවත් වුවද අපට කීමට ඇත්තේ “කණගාටුයි දැන් ප්‍රමාද වැඩියි” කියාය. අනිවාර්යයෙන්ම ලබන නොවැම්බර් වන විට අලුත් ආණ්ඩුවක් රටේ පාලන බලය හොබවනු ඇත. නව පුනරුද යුගයක් ඇරැඹෙනු ඇත. එය හිරු සඳු මෙන් විශ්වාසය. [HEADING=3]-ශාන්ත ජයරත්න[/HEADING] ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom