Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රවී කරුණානායක දියණියන්ට ස්තුතිය පළ කළා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රවී කරුණානායක දියණියන්ට ස්තුතිය පළ කළා...

"අංශභාගය සැදී සිටි මගේ අම්මා ට මිනී ඔළු එව්වා. බිරිඳ සහ දරුවන්ට මිනිස් අතපය එව්වා" යනුවෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක අද (10) අමාත්‍ය තනතුරෙන් ඉවත් වෙමින් කියා සිටියා.

ඉතිහාසය විසින් තමා නිවැරදි බව තීන්දු කරනු ඇති බවයි ඔහු එහිදී අවධාරණය කර සිටියේ.

තමන්ට මානසික පීඩනයන් එල්ල වෙද්දීත් ශක්තිය ලබා දීම ගැන, "මෙලා ඔබටත්, ඔනෙල්ලා, ෂෙනෙල්ලා, මිනෙල්ලා දියණියන්ටත් ස්තුතියි. ඔබ මට හැමදාමත් ආදරෙයි. මගේ ආදරය ඔබ ළඟයි." යනුවෙන් අමාත්‍යවරයා සිය පවුලේ පිරිසට ස්තුතිය පළ කළා.

මේ වනවිට රටේම කතාබහට ලක්ව ඇති එම සම්පුර්ණ කතාව පහතින් කියවිය හැකියි.

එහිදී අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ කල සම්පුර්ණ කතාව,

"ගරු කතානායකතුමෙනි,

පසුගිය දින කීපයේ ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා මා සම්බන්ධ විවිධ ප්රවෘත්ති පළ වුණා. අදහස් හුවමාරු වුණා. පාර්ලිමේන්තුවේදීත්, මන්ත්‍රීවරුන් යම් යම් මත පළ කළා. මට විරුද්ධව විශ්වාස භංග යෝජනාවකුත් බාර දී තියෙනවා.

ඒ නිසා මම හිතුවේ මේ ගරු සභාවට කරුණු පැහැදිලි කිරීමක් කරන්නයි.

කොළඹ 03 මොනාක් නිවාස සංකීර්ණයේ නිවෙසක මා පදිංචි වී සිටීම පිළිබඳව ප්‍රශ්නයක් මතුවුණා. ඒ නිසා බැඳුම්කර කොමිසම හමුවේ මම කරුණු ඉදිරිපත් කළා. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා වගකිවයුතු ඇමතිවරයෙක් හැටියට මේ ගරු සභාව ඉදිරියේ කරුණු පැහැදිලි කිරීම හා මගේ ස්ථාවරය ප්‍රකාශ කිරීම වැදගත් කියා මා සිතුවා.

මම මුලින්ම මේ පිළිබඳ සත්‍ය කරුණු මේ ගරු සභාව ඉදිරියේ පැහැදිලි කරන්නම්.

අප පදිංචිවී සිට බත්තරමුල්ලේ නිවාසයේ අලූත්වැඩියා කටයුතු නිසා, වෙනත් නිවසකට යෑමේ අවශ්‍යතාවයක් මතුවී තිබුණා. මට නිල නිවාසයක් ද තිබුණේ නෑ. ඒ නිසා පවුලේ උදවිය වෙනත් නිවාසයක් සෙව්වා. නහිල් විජේසූරිය මහතාගේ දියණියට අයත් නිවාසයක් ලැබුණ බව අපේ පවුලේ අය මට පැවසුවා. අප ඒ නිවසේ පදිංචියට ගියා.

නහිල් විජේසූරිය මහතාගේ දියණිය මගේ දියණියගේ පාසැල් මිතුරියක්. නමුත් ඇය දේශපාලනඥයෙකුගේ නමට නිවෙස බදු දීමට අකමැති වී තියෙනවා. ඒ නිසා මේ දෙදෙනාගේම පාසැල් මිත්‍රයෙක් වූ අර්ජුන ඇලෝසියස් ගේ සමාගමක් වෙත මේ නිවෙස බදු දෙන ලෙස මගේ දියණිය යෝජනා කළා. ඒ සමාගමේ නමට නිවෙස බදු දුන්නා. අපේ දියණිය බදු මුදල් ඒ සමාගමට ප්‍රතිපූර්ණය කළා.

පසු කලෙක නිවෙස විකුණා දැමීමට හිමිකාරිය තීරණය කළ නිසා අපේ පවුලේ සමාගමක් විසින් එය මිලදී ගත්තා. ඒ සඳහා සෙලාන් බැංකුවෙන් ණය මුදලක් ලබා ගත්තා. Seylan Bank – Ref: No – WTL/CRD/2016 – 1535, 29September 2016දරණ එම ණය මුදල සම්බන්ධ ලේඛන මම සභාගත කරනවා.

මේ ණය වාරික ගෙවීම් සමාගම වෙනුවෙන් සිදු කළේ සමාගමේ සභාපතිවරයායි. මේ සියළු ගෙවීම් සමාගමේ ගිණුම් ගතවී තියෙනවා.

මේ ක්‍රියාදාමය පිළිබඳ සැඟවීමට කිසිවක් නැහැ. සවිස්තර තොරතුරු අවශ්‍ය අධිකාරීන් වෙත, අවශ්‍ය අවස්ථාවන්හි ලබා දීමට අපට පුළුවන්.

ගරු කතානායකතුමෙනි,

මම දේශපාලනයට පිවිසුණේ අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා සමග තිබුණු සමීප ඇසුර නිසයි. එතුමාත් දේශපාලනයෙන් හම්බ කරපු කෙනෙක් නෙවෙයි. ඒත් එතුමාටත් නැව් ගිලපු ලලිත් කියමින් අපහාස කළා. චෝදනා කළා. නමුත් කාලයත් සමග ඒ චෝදනා සියල්ල බොරු බව ඔප්පු වෙලා තියෙනවා. එතුමාගේ ඇසුර නිසා දේශපාලනයට අවතීර්ණ වෙත්දී මම සාර්ථක ව්‍යාපාරිකයෙක්. මම මගේ පුද්ගලික මුදල් දේශපාලනය නිසා නැති කරගත්තා මිස, දේශපාලනයෙන් මුදල් හම්බ කළේ නැහැ.

නීති විරෝධී ලෙස හෝ, අනිසි ලෙස හෝ නිවසක් ලබා ගැනීමට තරම් අවශ්‍යතාවයක් මට නැහැ. මේ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මගේ බත්තරමුල්ලේ නිවසට පැමිණ තියෙනවා. අපේ පැත්තේ මන්ත්‍රීවරු විතරක් නෙවෙයි. අනික් පැත්තේ අයත්. විවිධ දේශපාලන සාකච්ඡාවලට ආවා. හිතවත් කමට ආවා. කාලා බීලා සතුටු වෙන්නත් ආවා. පක්ෂ මාරු කරන්නත් ආවා.

ඒ ආපු හැමෝම මගේ වත්කම් ගැන දන්නවා. මම නීති විරෝධී විදියට මුදල් හම්බ කරලා නැති බවත් දන්නවා. මගේ ව්‍යාපාරික කටයුතු සඳහා කිසිම අවස්ථාවක දේශපාලන බලය පාවිච්චි කරලා නැති බවත් දන්නවා. මම දේශපාලනයෙන් මුදල් හම්බ කරලා නැති බව, මට විරුද්ධ විශ්වාස භංග යෝජනාව අත්සන් කරපු හුඟක් අය පුද්ගලිකවම දන්නවා.

ගරු කතානායකතුමෙනි,

ඉස්සර ඇමතිවරයෙක් තියා ඇමතිවරයෙකුට ගෑවුණු කෙනෙක්වත් කොමිසම් ඉස්සරහට කැඳවලා නෑ. බලයෙන් ඔළුව පුම්බාගත්තු ඇමතිවරු ඒ කාලයේ හැසිරුණු ආකාරය අපි දන්නවා. අගමැතිවරු කටයුතු කරපු හැටි අපි දන්නවා. ජනාධිපතිවරු කටයුතු කළේ රජවරු වගෙයි. ඒ අය තවමත් නීතියට මුවා වෙන්න උත්සාහ කරනවා.

අපි එහෙම නෑ. අපි නීතියට ගරු කරනවා. යුක්තියට හිස නමනවා. බැඳුම්කර කොමිසම වෙත සාක්ෂි කරුවෙන් ලෙස ගිහින් සාක්ෂි ලබා දී මා පෙන්නුම් කළේ ඒ නව දේශපාලන සංස්කෘතියයි. නව දේශපාලන සදාචාරයයි.

බැඳුම්කර කොමිසම පත් කළේ බැඳුම්කර නිකුත් කිරීමේ දී සිදුවූ කරුණු පිළිබඳව සොයා බලන්නයි. නමුත් දැන් ප්‍රසිද්ධ සංවාද පැවැත්වෙන්නේ පුද්ගලික සමාගම් හා නිවාස බදු දීමේ ප්‍රශ්නයක් ගැනයි.

බැඳුම්කර කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා මගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳ අවස්ථා කීපයකදීම විනිශ්චයකාරවරුන් මැදිහත් වුණා. ඔහුට අවවාද කළා. කොමිසමේ විනිශ්චයකරුවන් මැදිහත් හා අපක්ෂපාතී ලෙස කටයුතු කොට සත්‍යය සොයා ගන්නා බව මට විශ්වාසයි.

අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයාගේ හැසීරීම ගැන හෝ, වෘත්තීය නිපුණත්වයේ අඩුපාඩු ගැන හෝ මම මෙතන කතා කරන්න යන්නේ නෑ. ඔහු ඒ තරමටම ආවේගශීලීව හැසිරීමට හේතුව අපට ළඟදීම හෙළිදරව් වේවි. උසස්වීම් ලබා ගැනීමේ තරගයක ප්‍රථිපලයක් වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනත් හේතුවක් වෙන්නත් පුළුවන්.

නමුත් මම මෙතන අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙන කරුණක්.

රජයේ නීතිපති දෙපාර්තමේන්තුවට, තමන්ගේම රජයේ ඇමතිවරයෙක්ව ආවේගශීලීව වුණත් ප්‍රශ්න කරන්න පුළුවන් නිදහසක් අද තියෙනවා. එදා ඇමතිවරයෙක්ව ප්‍රශ්න කරන්න තියා ඇමතිවරයෙක් සම්බන්ධ ෆයිල් එකක් ඇරලා බලන්නවත් නීතිපති දෙපාර්තමේන්තුවට නිදහස තිබුණේ නෑ. ශක්තිය තිබුණේ නෑ.

අනික් අතට, මේ අවස්ථවේ පිටු 8803ක් පැය 48ක පමණ කෙටි කාලයක් තුළ විමර්ශණය කරන්නට නීතිපති දෙපාර්තමේන්තුව සමත් වුණා. එය යහපත් ලක්ෂණයක්.

අප නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ රටට ලබා ගන්නා ණය ආධාර සම්බන්ධයෙනුත් ඒ ආකාරයෙන්ම කඩිනමින් ක්‍රියා කරන ලෙසයි. යහපාලනය වෙනුවෙන් රජය ගෙන එන පණත් පිළිබඳවත් ඒ ආකාරයෙන්ම කඩිනමින් කරන ලෙසයි. කලින් රජයේ මැති ඇමතිවරුන්ගේ දූෂණ හා වංචා සෙවීම සම්බන්ධ කාර්යයන්හිදීත් මේ කාර්යක්ෂමතාවයම පවත්වාගෙන යන ලෙසයි. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂණ පවත්වා අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ලිපිගොනු 87සම්බන්ධයෙන් ද මේ ආකාරයෙන්ම කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

ගරු කතානායකතුමෙනි,

මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අවුරුදු 32ක් තිස්සේ වෙහෙසුණා. පක්ෂයේ දුෂ්කර කාලයන්වලදී ඒ අභියෝගයන්ට මුහුණ දුන්නා. මගේ පුද්ගලික අභිලාශයන් සියල්ල පක්ෂය වෙනුවෙන් කැප කළා. ඒ නිසාම මට ජීවිත තර්ජන ආවා. මට බොරු චෝදනා එල්ල කරමින් නඩු පැවරුවා. මාව අත්අඩංගුවට ගන්න උත්සාහ කළා. විදේශ විනිමය නඩුවකට මාව පටලවා අවුරුදු 10ක් තිස්සේ නඩුව ඇහුවා. අන්තිමේදී මාව නිදොස් කොට නිදහස් කළා. ඒ නඩුවෙන් චෝදනා ලැබූ රාජ් රාජරත්නම් මහතා ළඟ සේවය කළ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද මහබැංකුවේ අධිපති. මා මේ කරුණු කියන්නේ විපක්ෂයේ දී අපව දේශපාලන පළිගැනීම් වලට ලක් කළ බව පෙන්වා දෙන්නයි. ඒ කාලේ දේශපාලන වශයෙන් පළිගත්තා. දැන් චරිත ඝාතනය කරනවා.

ඒ කාලයේ පීඩනයට පත් කළේ මාව විතරක් නෙවෙයි. අංශභාගය සැදී අසනීපයෙන් සිටි මගේ අම්මා ට මිනී ඔළු එව්වා. බිරිඳ සහ දරුවන්ට මිනිස් අතපය එව්වා. ඒ සියළු දෙනා භීතියට පත් කෙරෙව්වා. ඒ සියල්ල මැද මම එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් මගේ සේවය අකුරටම ඉටු කළා. පක්ෂය දෙකඩ කරන උත්සාහයන් වැලැක්වුවා. නායකත්වය වෙනස් කිරීමේ කුමන්ත්‍රණ පරාජය කළා. පක්ෂයත්, පක්ෂ නායකතුමාත් ආරක්ෂා කළා.

මම ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් දිගටම පෙනී සිටනවා. අපේ පාක්ෂිකයාත්, පක්ෂයත්, පක්ෂ නායකත්වයත් ආරක්ෂා කරනවා. එතනදී මගේ පුද්ගලිකත්වයට වඩා පක්ෂය ගැන හිතනවා. රට ගැන හිතනවා.

2015ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පාලනය පරාජය කිරීමට සියළු ප්රගතිශීලී බලවේග එක්විය යුතු බව අප විශ්වාස කළා. පොදු අපේක්ෂකයෙකු ඉදිරියට ගෙන ආ යුතු බව අප පැවසූවා. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස නම් කළ අවස්ථාවේ ජනාධිපතිවරණය සඳහා හංසයා ලාංඡනය ලබා දුන්නේද මමයි. ඒ සියල්ල කළේ රටේ අනාගතය වෙනුවෙනුයි.

ගරු කතානායකතුමෙනි,

දැන් මට මගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අවසර දෙන්න.

මම මගේ අමාත්‍ය ධූරය පාවිච්චි කළේ ජනතාවට සේවය කරන්නයි. අවුරුදු 20ක් පමණ තිස්සේ විවිධ අසාධාරණයන්ට ලක්වුණු අපේ පාක්ෂිකයන්ට සාධාරණය ඉටු කරන්නයි. රට වෙනුවෙන් හරි දේ කරන්නයි. පැය 24ම මගේ දුරකථනය විවෘතව තිබුණු බව මේ සභාවේ ඉන්න පක්ෂ, විපක්ෂ සැවොම දන්නවා. මම තනතුර පාවිච්චි කළේ සේවය කරන්න මිස බලය හා වරප්‍රසාද භුක්ති විදින්න නෙවෙයි.

මේ තනතුරු, මැති ඇමතිකම්, බලය ආදිය තාවකාලිකයි. සදාකාලික වන්නේ අප කළ සේවයයි. අපගේ ගුණයහපත් කමයි. අපගේ අවංක කමයි. නමුත් මේ බව බොහෝ දෙනෙක් වටහා ගන්නේ නෑ. ඔවුන් තනතුරු සදාකාලික බව සිතනවා. බලය සදාකාලික බව සිතනවා. ඒ නිසා බලයෙන් පහ වුණාට පසුවත් බලය පිළිබඳවම සිහින මවනවා. බලය ලබා ගැනීම සඳහා ඕනෑම බාල වැඩක් කරනවා. තමන්ට බලය ලැබෙනවා නම් රටට හෙණ ගැහුවත් ඔවුන්ට කමක් නෑ.

නමුත් ජනවාරි 08වන දා විප්ලවයෙන් අප වෙහෙසුණේ ඊට වඩා වෙනස් සමාජයක් බිහි කරන්නයි.

මට එල්ල කරන චෝදනාවන්ට කිසිම පදනමක් නෑ. ඒ කිසිවකට මා සම්බන්ධ නැහැ. නමුත් සමහර කණ්ඩායම් සහ මාධ්‍ය දැනටම මා වැරදිකරුවෙක් කර තියෙනවා. පසුගිය දින දහය ෙදාළහ තුළ අපේ ජනමාධ්‍ය මා සම්බන්ධව කටයුතු කළේ ඉතිහාසයේ කිසිම අවස්ථාවක කටයුතු නොකළ ආකාරයකටයි. ඔවුන් මාව කුරුසියට දක්කා ඇන ගැසිය යුතු බව පවසනවා. මම ඒවායින් සැලෙන්නේ නෑ.

යේසුස් ක්‍රිස්තුන් වහන්සේ ට අපවාදවලට මුහුණ දීමට සිදු වුණා. බුදු රජාණන් වහන්සේටත් අපවාදවලට මුහුණ දීමට සිදු වුණා.

අට ලෝ දහමට අනුව මෙවැනි අවස්ථාවන් හා අභියෝගයන් ඕනෑම කෙනෙකුගේ ජීවිත වලට එල්ල වෙනවා. ඒ අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය මට තියෙනවා.

නමුත් මට විරුද්ධව ඇති චෝදනා පදනම් කර ගනිමින්, යහපාලන රජය අස්ථාවරත්වයට පත් කිරීමේ කුමණ්ත්‍රණයක් දියත් වන බව මට වැටහෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ප්රජාතන්ත්රවාදී වැඩ පිළිවෙල කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ක්‍රියත්මක වන බව මට දැනෙනවා. ජනතාව ප්‍රතික්ෂේප කළ අය, දූෂණ හා වංචා චෝදනාවලට ලක්වූ අය, අපරාධ සිදු කළ අය, මේ කුමන්ත්රණකාරී උත්සාහයන් පිටුපස ඉන්නවා. තමන්ගේ වැරදි වලට ලැබෙන දඬුවම් වලින් ගැලවීම සඳහා ඔවුන් යළි බලය ලබා ගැනීමට උත්සාහ දරනවා.

ගරු කතානායකතුමෙනි,

මේ බලලෝභී අවස්ථාවාදී කුමන්ත්රණකරුවන්ට එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නට ඉඩ දෙන්නට බැහැ. මේ බලලෝභී කුමන්ත්රණකරුවන්ට යහපාලන රජය බිඳදමන්නට දෙන්න බැහැ. මේ කුමන්ත්රණකරුවන්ට ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් ප්රජාන්ත්රවාදී වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න දෙන්න බැහැ. ඒකාධිපති රාජපක්ෂ රෙජීමයෙන් විනාශ වූ රට යළි ගොඩනැගීමේ වෑයම දුර්වල කරන්න දෙන්න බැහැ.

ඒ නිසා මුළු රටටම ආදර්ශයක් දෙමින්, අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා.

ගරු කතානායකතුමෙනි,

ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරාවි.

අපේ පක්ෂයේ ප්‍රබලයින් ගණනාවකට මෙවැනි චෝදනා එල්ල වුණා. ශ්‍රීමත් ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ආර් ප්‍රේමදාස, ජේ ආර් ජයවර්ධන, මැතිතුමන්ලා සියළු දෙනාටම චෝදනා එල්ල වුණා. නමුත් ඒ සියල්ල පදනම් විරහිතබව ඉතිහාසය ඔප්පු කර තිබෙනවා.

ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ සඳහන් වෙනවා.

“සත්‍ය වසන් කිරීමට කෙතරම් උත්සාහ දැරුව ද, සත්‍ය කිසිවකට යටපත් නොවන්නේය. සත්‍ය වසන් කිරීමට උත්සාහ දරන්නන්ට හිමි වනුයේ අන්ත පරාජයයි.”

ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරන බව මම පවසන්නේ ඒ නිසයි.

තිරුක්කුරල් නම් දෙමළ කාව්‍ය සංග්‍රහයේ මෙහෙම කවියක් තියෙනවා. “සදාචාරාත්මකව නිවැරදි දේ කරන්න. හැම අවස්ථාවකදීම. හැම තැනකදීම.”

මගේ චේතනාව නිවැරදි දේ කිරීමයි මගේ අරමුණ අවංකව සේවය කිරීමයි. කවර චෝදනාවක් එල්ල වුණත්, මම දිගින් දිගටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා. අපරාධ හා දූෂණ මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් සටන් කරනවා. අපේ පාක්ෂිකයන් රැකබලා ගැනීම සඳහා වෙහෙසෙනවා. ජනවාරි 08වෙනිදා විප්ලවයෙන් අප ආරක්ෂා කරගත් දේශපාලන හා සමාජ අගයයන් වෙනුවෙන් කැප වෙනවා.

ගරු කතානායකතුමෙනි,

මම ඉල්ලා අස්වීමේ තීරණය ගත්තේ දුකකින් හෝ කම්පාවකින් නෙවෙයි. ආඩම්බරයෙන්.

මම මගේ තනතුර කැප කරන්නේ මේ සභාවේ ගරුත්වය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ අපේ පක්ෂයට සැබැවින්ම ආදරය කරන මැතිඇමතිවරු සහ පසුපෙළ මන්ත්‍රීවරු වෙනුවෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ මගේ ඡන්දදායකයින් වෙනුවෙන්. අපේ පක්ෂයට ආදරය කරන සියළු දෙනා වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතිය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශීලාචාර පාලන ක්‍රමයක් වෙනුවෙන්. මම මේ තනතුර කැප කරන්නේ රටේ ප්රජාතන්ත්රවාදී පාලනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් යහපාලන සම්මුතිවාදී රජය වෙනුවෙන්. ඒ නිසා මේ තීරණය ගැන ආඩම්බර වෙනවා.

මෙතනදී මගේ බිරිඳ සහ දරුවන් මුහුණ පා ඇති මානසික පීඩනය ගැනත් සඳහන් කළ යුතුයි. අපේ සමහර මාධ්‍යයන් සහ පුද්ගලයන් මගේ බිරිඳගේත්, දූවරුන්ගේත් චරිත ඝාතනය කරනවා. ඔවුන්ටත් පහර ගහනවා. ඔවුන් දැන් ඉන්නේ ඒ සියළු පීඩනයන් හා අපහාස විදිමින්. ඒ සියල්ල මැදත්, ඔවුන් මට මේ තීරණය ගැනීමට ශක්තියක් වුණා. ඒ ශක්තිය මට ලබා දීම ගැන, මෙලා ඔබටත්, ඔනෙල්ලා, ෂෙනෙල්ලා, මිනෙල්ලා දියණියන්ටත් ස්තුතියි. ඔබ මට හැමදාමත් ආදරෙයි. මගේ ආදරය ඔබ ළඟයි.

ගරු කතානායකතුමෙනි,

බුදුන් වහන්සේගේ ශ්‍රේෂඨ ධර්මය අඩංගු ධම්ම පදයේ එක් ගාථාවක මෙසේ දැක්වෙනවා.

“යමෙක් අනුන්ට ද්වේෂ නොකළ, නිරපරාධ වූ පිරිසිදු පුද්ගලයෙකුට අපරාධයක් කරයි ද, උඩු හුළඟට දැමූ දූවිල්ලක් සේ, එහි පව එය කළ පුද්ගලයා කරාම එයි.”

ධම්ම පදයේ තවත් ගාථාවක මෙහෙම සඳහන් වනවා.

“ඝන ගල් පව්ව සිව් දිගින් හමන සුළඟින් නොසෙල්වෙන්නේ යම් සේ ද, එසේම නින්දා ප්‍රශංසා දෙකේදී පණ්ඩිතයෝ නොසැලෙති.”

අන්න ඒ නිසා ම, මගේ පක්ෂය සහ මගේ රට වෙනුවෙන් මම අද ගත් මේ තීරණය පිළිබඳව මම නැවතත් ආඩම්බර වෙනවා. "

(රවී කරුණානායක අමාත්‍යවරයා තම අමාත්‍ය තනතුරෙන් ඉවත්ව පැමිණි අවස්ථාවේ දියණියන් බලා සිටි ආකාරය-ඡායාරූප ඉෂාර කොඩිකාරගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගත්තකි)

[QUOTE="iboy, post: 22077469, member: 563719"] [b]රවී කරුණානායක දියණියන්ට ස්තුතිය පළ කළා...[/b] [SIZE="6"]"අංශභාගය සැදී සිටි මගේ අම්මා ට මිනී ඔළු එව්වා. බිරිඳ සහ දරුවන්ට මිනිස් අතපය එව්වා" යනුවෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක අද (10) අමාත්‍ය තනතුරෙන් ඉවත් වෙමින් කියා සිටියා. ඉතිහාසය විසින් තමා නිවැරදි බව තීන්දු කරනු ඇති බවයි ඔහු එහිදී අවධාරණය කර සිටියේ. තමන්ට මානසික පීඩනයන් එල්ල වෙද්දීත් ශක්තිය ලබා දීම ගැන, "මෙලා ඔබටත්, ඔනෙල්ලා, ෂෙනෙල්ලා, මිනෙල්ලා දියණියන්ටත් ස්තුතියි. ඔබ මට හැමදාමත් ආදරෙයි. මගේ ආදරය ඔබ ළඟයි." යනුවෙන් අමාත්‍යවරයා සිය පවුලේ පිරිසට ස්තුතිය පළ කළා. මේ වනවිට රටේම කතාබහට ලක්ව ඇති එම සම්පුර්ණ කතාව පහතින් කියවිය හැකියි. එහිදී අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ කල සම්පුර්ණ කතාව, "ගරු කතානායකතුමෙනි, පසුගිය දින කීපයේ ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා මා සම්බන්ධ විවිධ ප්රවෘත්ති පළ වුණා. අදහස් හුවමාරු වුණා. පාර්ලිමේන්තුවේදීත්, මන්ත්‍රීවරුන් යම් යම් මත පළ කළා. මට විරුද්ධව විශ්වාස භංග යෝජනාවකුත් බාර දී තියෙනවා. ඒ නිසා මම හිතුවේ මේ ගරු සභාවට කරුණු පැහැදිලි කිරීමක් කරන්නයි. කොළඹ 03 මොනාක් නිවාස සංකීර්ණයේ නිවෙසක මා පදිංචි වී සිටීම පිළිබඳව ප්‍රශ්නයක් මතුවුණා. ඒ නිසා බැඳුම්කර කොමිසම හමුවේ මම කරුණු ඉදිරිපත් කළා. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා වගකිවයුතු ඇමතිවරයෙක් හැටියට මේ ගරු සභාව ඉදිරියේ කරුණු පැහැදිලි කිරීම හා මගේ ස්ථාවරය ප්‍රකාශ කිරීම වැදගත් කියා මා සිතුවා. මම මුලින්ම මේ පිළිබඳ සත්‍ය කරුණු මේ ගරු සභාව ඉදිරියේ පැහැදිලි කරන්නම්. අප පදිංචිවී සිට බත්තරමුල්ලේ නිවාසයේ අලූත්වැඩියා කටයුතු නිසා, වෙනත් නිවසකට යෑමේ අවශ්‍යතාවයක් මතුවී තිබුණා. මට නිල නිවාසයක් ද තිබුණේ නෑ. ඒ නිසා පවුලේ උදවිය වෙනත් නිවාසයක් සෙව්වා. නහිල් විජේසූරිය මහතාගේ දියණියට අයත් නිවාසයක් ලැබුණ බව අපේ පවුලේ අය මට පැවසුවා. අප ඒ නිවසේ පදිංචියට ගියා. නහිල් විජේසූරිය මහතාගේ දියණිය මගේ දියණියගේ පාසැල් මිතුරියක්. නමුත් ඇය දේශපාලනඥයෙකුගේ නමට නිවෙස බදු දීමට අකමැති වී තියෙනවා. ඒ නිසා මේ දෙදෙනාගේම පාසැල් මිත්‍රයෙක් වූ අර්ජුන ඇලෝසියස් ගේ සමාගමක් වෙත මේ නිවෙස බදු දෙන ලෙස මගේ දියණිය යෝජනා කළා. ඒ සමාගමේ නමට නිවෙස බදු දුන්නා. අපේ දියණිය බදු මුදල් ඒ සමාගමට ප්‍රතිපූර්ණය කළා. පසු කලෙක නිවෙස විකුණා දැමීමට හිමිකාරිය තීරණය කළ නිසා අපේ පවුලේ සමාගමක් විසින් එය මිලදී ගත්තා. ඒ සඳහා සෙලාන් බැංකුවෙන් ණය මුදලක් ලබා ගත්තා. Seylan Bank – Ref: No – WTL/CRD/2016 – 1535, 29September 2016දරණ එම ණය මුදල සම්බන්ධ ලේඛන මම සභාගත කරනවා. මේ ණය වාරික ගෙවීම් සමාගම වෙනුවෙන් සිදු කළේ සමාගමේ සභාපතිවරයායි. මේ සියළු ගෙවීම් සමාගමේ ගිණුම් ගතවී තියෙනවා. මේ ක්‍රියාදාමය පිළිබඳ සැඟවීමට කිසිවක් නැහැ. සවිස්තර තොරතුරු අවශ්‍ය අධිකාරීන් වෙත, අවශ්‍ය අවස්ථාවන්හි ලබා දීමට අපට පුළුවන්. ගරු කතානායකතුමෙනි, මම දේශපාලනයට පිවිසුණේ අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා සමග තිබුණු සමීප ඇසුර නිසයි. එතුමාත් දේශපාලනයෙන් හම්බ කරපු කෙනෙක් නෙවෙයි. ඒත් එතුමාටත් නැව් ගිලපු ලලිත් කියමින් අපහාස කළා. චෝදනා කළා. නමුත් කාලයත් සමග ඒ චෝදනා සියල්ල බොරු බව ඔප්පු වෙලා තියෙනවා. එතුමාගේ ඇසුර නිසා දේශපාලනයට අවතීර්ණ වෙත්දී මම සාර්ථක ව්‍යාපාරිකයෙක්. මම මගේ පුද්ගලික මුදල් දේශපාලනය නිසා නැති කරගත්තා මිස, දේශපාලනයෙන් මුදල් හම්බ කළේ නැහැ. නීති විරෝධී ලෙස හෝ, අනිසි ලෙස හෝ නිවසක් ලබා ගැනීමට තරම් අවශ්‍යතාවයක් මට නැහැ. මේ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මගේ බත්තරමුල්ලේ නිවසට පැමිණ තියෙනවා. අපේ පැත්තේ මන්ත්‍රීවරු විතරක් නෙවෙයි. අනික් පැත්තේ අයත්. විවිධ දේශපාලන සාකච්ඡාවලට ආවා. හිතවත් කමට ආවා. කාලා බීලා සතුටු වෙන්නත් ආවා. පක්ෂ මාරු කරන්නත් ආවා. ඒ ආපු හැමෝම මගේ වත්කම් ගැන දන්නවා. මම නීති විරෝධී විදියට මුදල් හම්බ කරලා නැති බවත් දන්නවා. මගේ ව්‍යාපාරික කටයුතු සඳහා කිසිම අවස්ථාවක දේශපාලන බලය පාවිච්චි කරලා නැති බවත් දන්නවා. මම දේශපාලනයෙන් මුදල් හම්බ කරලා නැති බව, මට විරුද්ධ විශ්වාස භංග යෝජනාව අත්සන් කරපු හුඟක් අය පුද්ගලිකවම දන්නවා. ගරු කතානායකතුමෙනි, ඉස්සර ඇමතිවරයෙක් තියා ඇමතිවරයෙකුට ගෑවුණු කෙනෙක්වත් කොමිසම් ඉස්සරහට කැඳවලා නෑ. බලයෙන් ඔළුව පුම්බාගත්තු ඇමතිවරු ඒ කාලයේ හැසිරුණු ආකාරය අපි දන්නවා. අගමැතිවරු කටයුතු කරපු හැටි අපි දන්නවා. ජනාධිපතිවරු කටයුතු කළේ රජවරු වගෙයි. ඒ අය තවමත් නීතියට මුවා වෙන්න උත්සාහ කරනවා. අපි එහෙම නෑ. අපි නීතියට ගරු කරනවා. යුක්තියට හිස නමනවා. බැඳුම්කර කොමිසම වෙත සාක්ෂි කරුවෙන් ලෙස ගිහින් සාක්ෂි ලබා දී මා පෙන්නුම් කළේ ඒ නව දේශපාලන සංස්කෘතියයි. නව දේශපාලන සදාචාරයයි. බැඳුම්කර කොමිසම පත් කළේ බැඳුම්කර නිකුත් කිරීමේ දී සිදුවූ කරුණු පිළිබඳව සොයා බලන්නයි. නමුත් දැන් ප්‍රසිද්ධ සංවාද පැවැත්වෙන්නේ පුද්ගලික සමාගම් හා නිවාස බදු දීමේ ප්‍රශ්නයක් ගැනයි. බැඳුම්කර කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා මගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳ අවස්ථා කීපයකදීම විනිශ්චයකාරවරුන් මැදිහත් වුණා. ඔහුට අවවාද කළා. කොමිසමේ විනිශ්චයකරුවන් මැදිහත් හා අපක්ෂපාතී ලෙස කටයුතු කොට සත්‍යය සොයා ගන්නා බව මට විශ්වාසයි. අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයාගේ හැසීරීම ගැන හෝ, වෘත්තීය නිපුණත්වයේ අඩුපාඩු ගැන හෝ මම මෙතන කතා කරන්න යන්නේ නෑ. ඔහු ඒ තරමටම ආවේගශීලීව හැසිරීමට හේතුව අපට ළඟදීම හෙළිදරව් වේවි. උසස්වීම් ලබා ගැනීමේ තරගයක ප්‍රථිපලයක් වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනත් හේතුවක් වෙන්නත් පුළුවන්. නමුත් මම මෙතන අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙන කරුණක්. රජයේ නීතිපති දෙපාර්තමේන්තුවට, තමන්ගේම රජයේ ඇමතිවරයෙක්ව ආවේගශීලීව වුණත් ප්‍රශ්න කරන්න පුළුවන් නිදහසක් අද තියෙනවා. එදා ඇමතිවරයෙක්ව ප්‍රශ්න කරන්න තියා ඇමතිවරයෙක් සම්බන්ධ ෆයිල් එකක් ඇරලා බලන්නවත් නීතිපති දෙපාර්තමේන්තුවට නිදහස තිබුණේ නෑ. ශක්තිය තිබුණේ නෑ. අනික් අතට, මේ අවස්ථවේ පිටු 8803ක් පැය 48ක පමණ කෙටි කාලයක් තුළ විමර්ශණය කරන්නට නීතිපති දෙපාර්තමේන්තුව සමත් වුණා. එය යහපත් ලක්ෂණයක්. අප නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ රටට ලබා ගන්නා ණය ආධාර සම්බන්ධයෙනුත් ඒ ආකාරයෙන්ම කඩිනමින් ක්‍රියා කරන ලෙසයි. යහපාලනය වෙනුවෙන් රජය ගෙන එන පණත් පිළිබඳවත් ඒ ආකාරයෙන්ම කඩිනමින් කරන ලෙසයි. කලින් රජයේ මැති ඇමතිවරුන්ගේ දූෂණ හා වංචා සෙවීම සම්බන්ධ කාර්යයන්හිදීත් මේ කාර්යක්ෂමතාවයම පවත්වාගෙන යන ලෙසයි. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂණ පවත්වා අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ලිපිගොනු 87සම්බන්ධයෙන් ද මේ ආකාරයෙන්ම කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. ගරු කතානායකතුමෙනි, මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අවුරුදු 32ක් තිස්සේ වෙහෙසුණා. පක්ෂයේ දුෂ්කර කාලයන්වලදී ඒ අභියෝගයන්ට මුහුණ දුන්නා. මගේ පුද්ගලික අභිලාශයන් සියල්ල පක්ෂය වෙනුවෙන් කැප කළා. ඒ නිසාම මට ජීවිත තර්ජන ආවා. මට බොරු චෝදනා එල්ල කරමින් නඩු පැවරුවා. මාව අත්අඩංගුවට ගන්න උත්සාහ කළා. විදේශ විනිමය නඩුවකට මාව පටලවා අවුරුදු 10ක් තිස්සේ නඩුව ඇහුවා. අන්තිමේදී මාව නිදොස් කොට නිදහස් කළා. ඒ නඩුවෙන් චෝදනා ලැබූ රාජ් රාජරත්නම් මහතා ළඟ සේවය කළ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද මහබැංකුවේ අධිපති. මා මේ කරුණු කියන්නේ විපක්ෂයේ දී අපව දේශපාලන පළිගැනීම් වලට ලක් කළ බව පෙන්වා දෙන්නයි. ඒ කාලේ දේශපාලන වශයෙන් පළිගත්තා. දැන් චරිත ඝාතනය කරනවා. ඒ කාලයේ පීඩනයට පත් කළේ මාව විතරක් නෙවෙයි. අංශභාගය සැදී අසනීපයෙන් සිටි මගේ අම්මා ට මිනී ඔළු එව්වා. බිරිඳ සහ දරුවන්ට මිනිස් අතපය එව්වා. ඒ සියළු දෙනා භීතියට පත් කෙරෙව්වා. ඒ සියල්ල මැද මම එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් මගේ සේවය අකුරටම ඉටු කළා. පක්ෂය දෙකඩ කරන උත්සාහයන් වැලැක්වුවා. නායකත්වය වෙනස් කිරීමේ කුමන්ත්‍රණ පරාජය කළා. පක්ෂයත්, පක්ෂ නායකතුමාත් ආරක්ෂා කළා. මම ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් දිගටම පෙනී සිටනවා. අපේ පාක්ෂිකයාත්, පක්ෂයත්, පක්ෂ නායකත්වයත් ආරක්ෂා කරනවා. එතනදී මගේ පුද්ගලිකත්වයට වඩා පක්ෂය ගැන හිතනවා. රට ගැන හිතනවා. 2015ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පාලනය පරාජය කිරීමට සියළු ප්රගතිශීලී බලවේග එක්විය යුතු බව අප විශ්වාස කළා. පොදු අපේක්ෂකයෙකු ඉදිරියට ගෙන ආ යුතු බව අප පැවසූවා. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස නම් කළ අවස්ථාවේ ජනාධිපතිවරණය සඳහා හංසයා ලාංඡනය ලබා දුන්නේද මමයි. ඒ සියල්ල කළේ රටේ අනාගතය වෙනුවෙනුයි. ගරු කතානායකතුමෙනි, දැන් මට මගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අවසර දෙන්න. මම මගේ අමාත්‍ය ධූරය පාවිච්චි කළේ ජනතාවට සේවය කරන්නයි. අවුරුදු 20ක් පමණ තිස්සේ විවිධ අසාධාරණයන්ට ලක්වුණු අපේ පාක්ෂිකයන්ට සාධාරණය ඉටු කරන්නයි. රට වෙනුවෙන් හරි දේ කරන්නයි. පැය 24ම මගේ දුරකථනය විවෘතව තිබුණු බව මේ සභාවේ ඉන්න පක්ෂ, විපක්ෂ සැවොම දන්නවා. මම තනතුර පාවිච්චි කළේ සේවය කරන්න මිස බලය හා වරප්‍රසාද භුක්ති විදින්න නෙවෙයි. මේ තනතුරු, මැති ඇමතිකම්, බලය ආදිය තාවකාලිකයි. සදාකාලික වන්නේ අප කළ සේවයයි. අපගේ ගුණයහපත් කමයි. අපගේ අවංක කමයි. නමුත් මේ බව බොහෝ දෙනෙක් වටහා ගන්නේ නෑ. ඔවුන් තනතුරු සදාකාලික බව සිතනවා. බලය සදාකාලික බව සිතනවා. ඒ නිසා බලයෙන් පහ වුණාට පසුවත් බලය පිළිබඳවම සිහින මවනවා. බලය ලබා ගැනීම සඳහා ඕනෑම බාල වැඩක් කරනවා. තමන්ට බලය ලැබෙනවා නම් රටට හෙණ ගැහුවත් ඔවුන්ට කමක් නෑ. නමුත් ජනවාරි 08වන දා විප්ලවයෙන් අප වෙහෙසුණේ ඊට වඩා වෙනස් සමාජයක් බිහි කරන්නයි. මට එල්ල කරන චෝදනාවන්ට කිසිම පදනමක් නෑ. ඒ කිසිවකට මා සම්බන්ධ නැහැ. නමුත් සමහර කණ්ඩායම් සහ මාධ්‍ය දැනටම මා වැරදිකරුවෙක් කර තියෙනවා. පසුගිය දින දහය ෙදාළහ තුළ අපේ ජනමාධ්‍ය මා සම්බන්ධව කටයුතු කළේ ඉතිහාසයේ කිසිම අවස්ථාවක කටයුතු නොකළ ආකාරයකටයි. ඔවුන් මාව කුරුසියට දක්කා ඇන ගැසිය යුතු බව පවසනවා. මම ඒවායින් සැලෙන්නේ නෑ. යේසුස් ක්‍රිස්තුන් වහන්සේ ට අපවාදවලට මුහුණ දීමට සිදු වුණා. බුදු රජාණන් වහන්සේටත් අපවාදවලට මුහුණ දීමට සිදු වුණා. අට ලෝ දහමට අනුව මෙවැනි අවස්ථාවන් හා අභියෝගයන් ඕනෑම කෙනෙකුගේ ජීවිත වලට එල්ල වෙනවා. ඒ අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය මට තියෙනවා. නමුත් මට විරුද්ධව ඇති චෝදනා පදනම් කර ගනිමින්, යහපාලන රජය අස්ථාවරත්වයට පත් කිරීමේ කුමණ්ත්‍රණයක් දියත් වන බව මට වැටහෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ප්රජාතන්ත්රවාදී වැඩ පිළිවෙල කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ක්‍රියත්මක වන බව මට දැනෙනවා. ජනතාව ප්‍රතික්ෂේප කළ අය, දූෂණ හා වංචා චෝදනාවලට ලක්වූ අය, අපරාධ සිදු කළ අය, මේ කුමන්ත්රණකාරී උත්සාහයන් පිටුපස ඉන්නවා. තමන්ගේ වැරදි වලට ලැබෙන දඬුවම් වලින් ගැලවීම සඳහා ඔවුන් යළි බලය ලබා ගැනීමට උත්සාහ දරනවා. ගරු කතානායකතුමෙනි, මේ බලලෝභී අවස්ථාවාදී කුමන්ත්රණකරුවන්ට එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නට ඉඩ දෙන්නට බැහැ. මේ බලලෝභී කුමන්ත්රණකරුවන්ට යහපාලන රජය බිඳදමන්නට දෙන්න බැහැ. මේ කුමන්ත්රණකරුවන්ට ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් ප්රජාන්ත්රවාදී වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න දෙන්න බැහැ. ඒකාධිපති රාජපක්ෂ රෙජීමයෙන් විනාශ වූ රට යළි ගොඩනැගීමේ වෑයම දුර්වල කරන්න දෙන්න බැහැ. ඒ නිසා මුළු රටටම ආදර්ශයක් දෙමින්, අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා. ගරු කතානායකතුමෙනි, ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරාවි. අපේ පක්ෂයේ ප්‍රබලයින් ගණනාවකට මෙවැනි චෝදනා එල්ල වුණා. ශ්‍රීමත් ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ආර් ප්‍රේමදාස, ජේ ආර් ජයවර්ධන, මැතිතුමන්ලා සියළු දෙනාටම චෝදනා එල්ල වුණා. නමුත් ඒ සියල්ල පදනම් විරහිතබව ඉතිහාසය ඔප්පු කර තිබෙනවා. ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ සඳහන් වෙනවා. “සත්‍ය වසන් කිරීමට කෙතරම් උත්සාහ දැරුව ද, සත්‍ය කිසිවකට යටපත් නොවන්නේය. සත්‍ය වසන් කිරීමට උත්සාහ දරන්නන්ට හිමි වනුයේ අන්ත පරාජයයි.” ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරන බව මම පවසන්නේ ඒ නිසයි. තිරුක්කුරල් නම් දෙමළ කාව්‍ය සංග්‍රහයේ මෙහෙම කවියක් තියෙනවා. “සදාචාරාත්මකව නිවැරදි දේ කරන්න. හැම අවස්ථාවකදීම. හැම තැනකදීම.” මගේ චේතනාව නිවැරදි දේ කිරීමයි මගේ අරමුණ අවංකව සේවය කිරීමයි. කවර චෝදනාවක් එල්ල වුණත්, මම දිගින් දිගටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා. අපරාධ හා දූෂණ මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් සටන් කරනවා. අපේ පාක්ෂිකයන් රැකබලා ගැනීම සඳහා වෙහෙසෙනවා. ජනවාරි 08වෙනිදා විප්ලවයෙන් අප ආරක්ෂා කරගත් දේශපාලන හා සමාජ අගයයන් වෙනුවෙන් කැප වෙනවා. ගරු කතානායකතුමෙනි, මම ඉල්ලා අස්වීමේ තීරණය ගත්තේ දුකකින් හෝ කම්පාවකින් නෙවෙයි. ආඩම්බරයෙන්. මම මගේ තනතුර කැප කරන්නේ මේ සභාවේ ගරුත්වය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ අපේ පක්ෂයට සැබැවින්ම ආදරය කරන මැතිඇමතිවරු සහ පසුපෙළ මන්ත්‍රීවරු වෙනුවෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ මගේ ඡන්දදායකයින් වෙනුවෙන්. අපේ පක්ෂයට ආදරය කරන සියළු දෙනා වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතිය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශීලාචාර පාලන ක්‍රමයක් වෙනුවෙන්. මම මේ තනතුර කැප කරන්නේ රටේ ප්රජාතන්ත්රවාදී පාලනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් යහපාලන සම්මුතිවාදී රජය වෙනුවෙන්. ඒ නිසා මේ තීරණය ගැන ආඩම්බර වෙනවා. මෙතනදී මගේ බිරිඳ සහ දරුවන් මුහුණ පා ඇති මානසික පීඩනය ගැනත් සඳහන් කළ යුතුයි. අපේ සමහර මාධ්‍යයන් සහ පුද්ගලයන් මගේ බිරිඳගේත්, දූවරුන්ගේත් චරිත ඝාතනය කරනවා. ඔවුන්ටත් පහර ගහනවා. ඔවුන් දැන් ඉන්නේ ඒ සියළු පීඩනයන් හා අපහාස විදිමින්. ඒ සියල්ල මැදත්, ඔවුන් මට මේ තීරණය ගැනීමට ශක්තියක් වුණා. ඒ ශක්තිය මට ලබා දීම ගැන, මෙලා ඔබටත්, ඔනෙල්ලා, ෂෙනෙල්ලා, මිනෙල්ලා දියණියන්ටත් ස්තුතියි. ඔබ මට හැමදාමත් ආදරෙයි. මගේ ආදරය ඔබ ළඟයි. ගරු කතානායකතුමෙනි, බුදුන් වහන්සේගේ ශ්‍රේෂඨ ධර්මය අඩංගු ධම්ම පදයේ එක් ගාථාවක මෙසේ දැක්වෙනවා. “යමෙක් අනුන්ට ද්වේෂ නොකළ, නිරපරාධ වූ පිරිසිදු පුද්ගලයෙකුට අපරාධයක් කරයි ද, උඩු හුළඟට දැමූ දූවිල්ලක් සේ, එහි පව එය කළ පුද්ගලයා කරාම එයි.” ධම්ම පදයේ තවත් ගාථාවක මෙහෙම සඳහන් වනවා. “ඝන ගල් පව්ව සිව් දිගින් හමන සුළඟින් නොසෙල්වෙන්නේ යම් සේ ද, එසේම නින්දා ප්‍රශංසා දෙකේදී පණ්ඩිතයෝ නොසැලෙති.” අන්න ඒ නිසා ම, මගේ පක්ෂය සහ මගේ රට වෙනුවෙන් මම අද ගත් මේ තීරණය පිළිබඳව මම නැවතත් ආඩම්බර වෙනවා. " (රවී කරුණානායක අමාත්‍යවරයා තම අමාත්‍ය තනතුරෙන් ඉවත්ව පැමිණි අවස්ථාවේ දියණියන් බලා සිටි ආකාරය-ඡායාරූප ඉෂාර කොඩිකාරගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගත්තකි)[/SIZE] [IMG]https://1.bp.blogspot.com/-hXzTjL6ZLGM/WYxj4TpzjyI/AAAAAAAAUfk/AESrPo3YcRI44bhrncCPobpJj2PJ97tPQCLcBGAs/s1600/20708077_10156609251657627_8606685137599062481_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom