Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස්සාව_මාරු කරන්නත් හිතේ හයිය තියෙන්න ඕනෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රස්සාව_මාරු කරන්නත් හිතේ හයිය තියෙන්න ඕන&#3545

[ATTACH]75152[/ATTACH]

රස්සාව මාරු කරන්නත් හිතේ හයිය තියෙන්න ඕනෙ

අසිත සමරවීර / කළමනාකාර අධ්යක්ෂ - Atlas

දරුවන් හා බැඳුණු ව්‍යාපාරයක, නිෂ්පාදන 100ක් පමණ කෙරෙන කර්මාන්තයක නව නායකත්වය දරන්නෙ ඔහුයි. දෙස් විදෙස් අත්දැකීම් ලබමින්, සිය පසුබිම ද පෝෂණය කරගනිමින් ඔහු පැමිණියේ විටෙක හෙමිහිනි. තවත් විටෙක වේගයෙනි. මේ ඔහුගේ කතාවයි.

කනට පුරුදු ඇට්ලස් නම, Atlas Axillia වුණේ ඇයි...

නිර්මාල් මදනායකට හිමිව තිබූ ඇට්ලස් සමාගමේ දැන් සියයට හැත්තෑපහක කොටස් අයිති, හේමාස් සමූහයට. ‘සිලෝන් පෙන්සිල් කොම්පැනි’ ලෙස තිබූ මුල් නම තමයි, පසු කලෙක ඇට්ලස් වුණේ. නමුත් හේමාස් අයිතිය සමග නමේ වෙනසක් සිදු වුණේ නැහැ. අවුරුදු කිහිපයක පටන් භාවිත වන නම තමයි, Atlas Axillia.

අලුත් හිමිකාරිත්වයත් සමග, අලුත් නායකත්වය දරන ඔබ කවුද....

කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්න කැමැති, අභියෝග බාරගන්න බොහොමත්ම කැමැති, ඒ වගේම විදෙස් රටවල වැඩකර අත්දැකීම් ඇති සරල මනුෂ්‍යයෙක්.

මොනවද ඔබට තිබෙන විදෙස් අත්දැකීම්....

මගේ බිරියගේ ෆැෂන් ඩිසයිනින් උපාධිය සම්පූර්ණකර ගන්න අවුරුදු තුනක් ඇමෙරිකාවේ ගත කරන්න වුණා. ඒ් වෙනුවෙන් එතෙක් මම වැඩ කළ නෙස්ලේ සමාගමෙන් ඉවත් වුණා. අපි ඇමෙරිකාවේ හිටපු අවුරුදු තුනේදී මං ‘කොනිකා මිනොල්ටා’ සමාගමට බැඳුණා. ආහාර පාන නිෂ්පාදන අංශයේ වැඩ කරපු මං, කැමරා ආම්පන්න සහ ෆොටෝ කොපි අංශයේ වෙනස්ම රැකියාවක් තෝරා ගත්තා. ලංකාවට ඇවිත් ජෝන් කීල්ස් සමාගමේ, කීල්ස් ෆුඩ්ස් ආයතනයේ ප්‍රධාන විධායක වුණා. එයින් මට අවස්ථාව ලැබුණා, වයස 39 දී විශාල සමාගමක ප්‍රධානියෙක් වෙන්න. ඒ අවුරුදු හතර තුළ මං ආයතනයේ හුඟක් වෙනස්කම් කළා. වර්ධනය කළා. ඒ වෙනස්වීම් ගැන දැන ගත්තු මේ ක්ෂේත්රයේම ඩුබායි සමාගමක් මට ආරාධනා කළා. මං ගියා. ඒ සමාගමත් ආයතන 18 ක් සහිත දැවැන්ත එකක්. සකස් කළ මස් ආහාර, බේකරි නිෂ්පාදන සහ මුහුදු ආහාර නිෂ්පාදන යන අංශ තුනක් අයිති ඒ් එක් විශාල ආයතනයක ප්‍රධාන විධායක ලෙස අවුරුදු හයක් වැඩ කළා. මං ලංකාවට ආවේ 2015. ඒ ඇවිත් CBLසමාගමෙත් වැඩ කළා. ඇට්ලස් එකට ආවේ මාස කිහිපයකට උඩදී.

ඔබ බොහොම ඉක්මනින් ආයතන මාරු කරන කෙනෙක් වගෙයි...

එක විදියකින් බලනකොට ඔව්. තව විදියකට බලනකොට නැහැ. හුඟක් ආයතනවල මං අවුරුදු 4-12 කාලවල හිටියා.කොහොම වුණත්, ඒක මට නම් හුඟක් කැමැති දෙයක්. මොකද ඔය කාරණාව දිහා දෙවිදියකට බලන්න පුළුවන් නිසා.

මොකක්ද ඒ දෙවිදිය...

හුඟක් ආයතනවල ඉහළ කළමනාකාරිත්වයේ ඉන්න අය, එකම ආයතනයකට දිගු කලක් වැඩ කර තිබෙන බව ඇත්ත. ඒකෙ හොඳයි නරකයි දෙකම තිබෙනවා. අනෙක් කරුණ තමයි, අලුත් පරපුර එක තැනක හිරවෙලා ඉන්න කැමැති නැහැ. ඉක්මනින් උඩට යන්නයි හිතන්නේ. අත්දැකීම් ගන්නයි බලන්නේ. ඇමෙරිකාවේ බොහෝ IT සමාගම්වල කවුරුවත් අවුරුදු ගණන් හිරවෙලා ඉන්න හිතන්නෙවත් නැහැ. මොකද, මනුස්සයෙක් අවුරුදු දහයක් විස්සක් එකතැනෙක කොටුවෙලා හිටියොත් ඔවුන් හිතන්නෙ ඒ මනුස්සයගේ කුසලතා ඉවරයි, කියලා.

එතකොට මේ දෙවිදියෙන් ඔබ කැමැති විදිය...

සමාගම් කිහිපයක වැඩ කරන එක හොඳයි කියන තැනයි මම ඉන්නෙත්. මොකද, ඉක්මනින් ආයතන මාරු කරන කොට, ඒ අලුත් ආයතනයේ අලුත් අභියෝගවලට මුහුණ දෙන්නත් අලුත් සංස්කෘතියකට හැඩ ගැහෙන්නත් හිතේ ලොකු ආත්ම ශක්තියක් තිබෙන්න ඕනේ. තමන්ගෙ හැකියාව, කුසලතාව ගැන ලොකු විශ්වාසයක් තිබෙන්නත් ඕනේ. හේතුව, විවිධ අභියෝග ඇති වෙනස් පරිසරයක අලුත් පිරිසක් එක්ක වැඩ කරන්න වෙන්නෙ තමන්ටයි. හොඳ ආත්ම ශක්තියක් නැති කෙනෙකුට බැහැ එහෙම අත් හරින්න වගේම, අලුත් දේ පිළිගන්න.

සේවකයන් පිළිබඳ ඔබට තිබෙන සිතිවිල්ල කුමක්ද...

අපේ රටේ මිනිස්සු තුළ හුඟක් දක්ෂතා ඇති අය ඉන්නවා. නමුත් සමහර ආකල්ප අතින් ඔවුන් ඉන්නෙ හුඟක් පිටුපස්සේ. ඒ නිසාම, ඔවුන්ගේ දියුණුවත් සීමා වෙනවා. පමාවෙනවා. මගේ වගකීම, මගේ කණ්ඩායම තුළ තිබෙන එවැනි බාධක ඉවත් කරලා, ඔවුන් ආකල්පමය වර්ධනයක් ඇති සේවක පිරිසක් බවට පත් කිරීමයි.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

මුලින්ම, කොල්ලුපිටිය ශාන්ත තෝමස් විදුහලේ, ඊළඟට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ, ඉස්කෝලෙ කාලෙ මං ටීම් එකට සෙල්ලම් කරපු රගර් ක්‍රීඩකයෙක්. උස පැනීම් ඇතුළු ක්‍රීඩා කිහිපයක් කළ මලල ක්‍රීඩකයෙක්. ඔරු පැදීමේ සහ පිහිනුම් ශූරයෙක්. ඔය හැම දේම අතරේ හොඳින් ඉගෙන ගත් ශිෂ්‍යයෙක්.

විෂයක් හැටියට දක්ෂ වුණේ මොනවටද...

ගණිතය සහ ඉංග්‍රීසිවලට. මගේ අම්මා ගුරුවරියක්. ඒ නිසා මේ විෂයන් දෙක කෙරෙහි අම්මත් විශේෂයෙන් බැලුවා. තාත්තා පුද්ගලික අංශයේ හොඳ රස්සාවක් කළ කෙනෙක්. අපිට හිටියේ, නිතර වේදිකා නාට්‍ය බලන්න යන, පොත් කියවන, උත්සවවලට සහභාගිවන අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. උගත්කම නිසා ඒ දෙන්නට සමාජයේ හොඳ තැනක් තිබුණා. සල්ලිවලට වඩා ඒ දෙන්නට තිබුණු පිළිගැනීම, පුංචි කාලේ පටන් මං දැක්කා. මං ඒ ගෞරවයට පිළිගැනීමට ආසා කළා.

හැම දේම අඩු නැති ළමා කාලයක් තිබෙන ළමයි, කවදාවත් දරාගැනීම, අරපිරිමැස්ම ඉගෙන ගන්නෙ නැහැ. මේ කතාව ඔබටත් අදාළ ද...

ගෙදර කාර් එකක් තිබුණට තාත්තා අපිව ඉස්කෝලෙ යැව්වෙ බස් එකේ. මට ඉන්නෙ අක්කා විතරයි. අපි පදිංචිවෙලා හිටියේ වැල්ලවත්තෙ. වැල්ලවත්තෙ ඉඳන් හැමදාම මම ඉස්කෝලෙට ගියෙත් ආවෙත් බස් එකේ තනියම. පොකට් මනි කියලවත්, එකම පුතා කියලවත් හිතේ හැටියට දේවල් මට ලැබුණෙ නැහැ. දෙමවුපියෝ සැප පහසුකම් දුන්නට, විනය අංක එකට සැලකුවා. මං ඕනෙ තරම් තාත්තාගෙන් ගුටි කාලා තියෙනවා.

එතකොට ඔබ උසස් අධ්‍යාපනය ලැබුවේ...

මාව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරුණා. රටේ කලබල. විශ්වවිද්‍යාලයට යන්න අවුරුද්දක් දෙකක් බලා ඉන්න වුණා. ඒක අතෑරලා මං ඇමෙරිකාවෙ වොෂිංටන් යුනිවර්සිටියට ගියා. ‘බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්’ උපාධියක් කළා.

වියදම් කරන්න පුළුවන් දෙමවුපියො හිටපු එක ඔබට ආශිර්වාදයක් වුණා...එහෙම නේද...

මගේ දෙමවුපියන්ට මහලොකු සල්ලියක් තිබුණෙ නැහැ. පුළුවන් තරම කරලා ඒ අය යැව්වා.පුළුවන් විදියට සල්ලිත් එව්වා. මං පාට් ටයිම් ජොබ් කරලා, මදි පාඩුව හොයා ගත්තා. රෙස්ටෝරන්ට් එකක මං සැන්ඩ්විචස් හැදුවා. ලියුම් කාමරයේ වැඩ කළා. අවුරුදු හතරක උපාධිය හුඟක් මහන්සිවෙලා, අවුරුදු තුනහමාරකින් ඉවර කරෙගන මං ලංකාවට ආවා.

එතකොට ඔබේ පළමු රස්සාව....

නෙස්ලේ සමාගමේ, මැනේජ්මන්ට් ට්‍රේනි කෙනෙක්. ඒ වුණාට හය මාසයක්ම කරන්න වුණේ සේල්ස් රෙප් රස්සාව. අලුත්ගම, බේරුවල, පයාගල, බෙන්තොට පළාත්වල හැම නෙස්ලේ නිෂ්පාදනයක්ම විකිණුවා. අවුරුද්දකට පස්සේ, බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් විදියට උසස් වුණා. ඒ ‘රෙපින්’ ජීවිතය තමයි, මං ලබපු දුෂ්කරම අත්දැකීම. ප්‍රමෝෂන් එකෙන් පස්සෙ මං පිටරට ගිහින් මාස්ටර්ස් කළා. ආපහු නෙස්ලේ සමාගමට ආවා. එහිම බෙවරේජ් ගෲප් එකේ, හෙඩ් ඔෆ් මාකටින් වුණා. වෙළෙඳපොළ සහ ආයතනික වශයෙන් හොඳම අත්දැකීම් ලැබුවේ මේ කාලේ.

බොහෝ කලක් ආහාරපාන නිෂ්පාදනයේ ඉඳලා දැන් පැන්සල් මකන එක්ක ඉඳිද්දි මොකද හිතෙන්නෙ...

ඔය හැම කර්මාන්තයකම සමහර වෙනස්කම් තිබෙනවා. ඒ වගේම සමහර සමානකමුත් තිබෙනවා. පැන්සල් වුණත් ආහාර වුණත් පාරිභෝගික ඉල්ලුම, සැපයුම, ප්‍රචාරණය ඔය හැම දේම එකයි. වෙනස් වෙන්නේ නිෂ්පාදනය පමණයි. ආහාරවල තාක්ෂණය,කොලිටිය, වගේම යම් රසායන ක්‍රියාවලියක් තිබෙනවා. යෝගට් එකක් හදද්දී, මාසයකින් කල් ඉකුත්වන එක ගැන හිතන්න ඕනේ. ඒ වගේම, පැන්සල් පෑන්වලත් කොලිටිය තිබෙනවා. නමුත් වෙන විදියකට. ඒ කියන්නෙ එකම රාමුවක්. වෙනස් අභියෝග. මට ඔය හැමදේම පුරුදුයි කියන්නෙ මං විශේෂයි.

හැමදේම ලාබෙට චීනෙන් ගෙන්වද්දී ඔබේ කර්මාන්තයට බලපෑමක් නැද්ද...

අපේ නිෂ්පාදන සියයට අසූවක් පමණ නිපදවන්නේ අපේ රටේ. සියයට විස්සක විතර ප්‍රමාණයක් පිටරටින් ගෙන්වනවා. ඒ වගේම, බංගලිදේශය, පිලිපීනයට සහ මැදපෙරදිගට පෑන් ඇතුළු නිෂ්පාදන කිහිපයක් යවනවා. අපේ රටේ මිනිරන්වලින්, ඉදිරියේදී පැන්සල් ලංකාවෙම නිෂ්පාදනය කරන්න මගේ ලොකු ආශාවක් තිබෙනවා. චීනයෙන් මොන දේ ලාබෙනට ආවත්, අපිට සිටින හොඳ පාරිභෝගික ජාලය නිසා අපිට ප්‍රශ්නයක් නැහැ.

කවුද ඔබ කැමැති ව්‍යාපාර නායකයින් ...

ජෝන් කීල්ස් සමාගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක මහත්මයාට මං හුඟක් කැමැතියි. ඔහුට සියුම් ඉවක් තිබෙනවා. ඕනෑම පුංචි කාරණාවක් සියුම් තැනෙකින් ග්‍රහණය කරගන්න ඔහු දක්ෂයි. ඒ වගේම, හේමාස් සමූහයේ සභාපතිවරයා, හුසේන් එසුෆාලි මහත්මයාටත් කැමැතියි.

ආයතනයක් සාර්ථක වෙන්න බලපාන ප්‍රබල හේතු දෙකක් කියන්න...

පොදු කරුණ තමයි, දැක්ම. තමන්ගේ කර්මාන්තය යන්නෙ කොහේටද කියන දැක්ම නායකයාට තිබෙන්නම ඕනේ. උදාහරණයක් කියන්නම්. ක්‍රිකට් ක්‍රීඩාවේදී අත්දැකීම් නැති පිතිකරුවෙක් බලන්නෙ පන්දු යවන්නාගේ අතේ රැඳුණු පන්දුව දිහා. නමුත් අත්දැකීම් ඇති කෙනා බලන්නේ පන්දු යවන්නාගේ බෝලය රැඳුණු අත දිහා. එවිට, ඔහුට හැකියාව තිබෙනවා, බෝලෙ කොහේටද යන්නෙ කියන එක අනුමාන කරන්න.

එතකොට අනෙක...

හොඳ සේවක ඵලදායිතාවක් ලබාගත හැකි ලෙස සේවක මණ්ඩලය හදා ගන්න එක. ඔවුන් වෙනුවෙන් කතා කරන, ඔවුන් උනන්දු කරවන, ඔවුන්ගේම කෙනෙක් වීමයි වැදගත්. ඇට්ලස් සමාගමේ 1200 ක පමණ සේවක පිරිසක් ඉන්නවා. මේ හැම කෙනා එක්කම කතා කරන්න බැරි බව ඇත්ත. නමුත් පොදුවේ ඔවුන්ගේ යහපත වෙනුවෙන් පෙනී හිඳින්න මට පුළුවන්. මේ ඔෆිස් එක ඇතුළේ තිබෙන්නෙ ඒක ලන්ච් රූම් එකයි. මම MD කියලා විශේෂයක් නැහැ. අපි හැමෝම කෑම කන්නෙත් එකම තැනෙක. අඩුම තරමේ ඒ වෙලාවටවත් අනෙක් අය එක්ක හිනාවෙලා වචනයක් කතා කරන්න ලැබෙන එක ගැන මට සතුටුයි.

ඔය කිව්වට, අලුත් බොස් කෙනෙක් ආවම, දිනාගන්න- බෙදාගන්න පොරකන අයත් ඉන්නවනේ...

රාජකාරියේදී මං හැම දෙයක් දිහාම බලන්නෙ ප්‍රොෆෙෂනල් විදියට. ඒ වගේම, කාටත් සාධාරණ පොදු ක්‍රමයකට. ඒ නිසා මට නම් කවුරුත් එකයි. අනික නිර්මාල් මදනායක මහත්මයා, මේ ආයතනයේ සේවකයන්ට හොඳින් සැලකූ හාම්පුතෙක්. ඒ හොඳ දේ අපි එලෙසම ඉදිරියට ගෙන යනවා. එකම වෙනස හේමාස් සමූහයේ සංස්කෘතියත් මීට එකතුවීම පමණයි. මේ ආයතනවල ප්‍රධාන දේ වැඩ කිරීම. පර්ෆෝමන්ස්. ඒ නිසා අනෙක් දේවල් ගැන හිතන්න මෙහෙ අයට තිබෙන වෙලාව අඩුයි.

රටටම කඩදාසි හැදූ අක්කර සිය ගණනක් විශාල වාලච්චේන, ඇඹිලිපිටිය කඩදාසි කම්හල් වසා දමලා. මැෂින් යකඩවලට විකිණිලා. දැන් ඔබලාත් කඩදාසි පිටරටින් ගේනවා ඇති...

ඔව්. ඉන්දුනීසියාවෙන් සහ ඉන්දියාවෙන් තමයි දැන් අපිත් කඩදාසි ගෙන්වන්නේ. ලංකාවේ කර්මාන්ත වැහිලා යන තැනට වැටිලා තියෙනවා නම්, රටක් හැටියට ඒක අපි වහාම අනෙක් පැත්තට හරවන්න ඕනේ. අපි තවමත් ප්‍රමාද නැහැ. කාට හරි උවමනාව තිබෙනවා නම් මේ කර්මාන්ත යළි ගොඩ ගන්න, තවත් අවස්ථා ඕනෙ තරම් තිබෙනවා. මොකද වෙන රටවල් හා සසඳද්දී අපි ජිවත් වෙන්නේ බොහොම වාසනාවන්ත මහ පොළොවක් තිබෙන රටක.

කේලම් ඇහුවොත් නායකයා නැතිකරගන්නේ, තමන්ට ඉන්න හොඳම සේවකයා විය හැකියි, මේ කතාවට ඔබත් එකඟද...

කේලමකින් වුණත් ආයතනයට සිද්ධවෙන යහපතක් තිබෙනවා නම් ඒ ගැන ටිකක් හෙව්වට කමක් නැහැ. හැබැයි පුද්ගලයෙක් විනාශ කරන්න කියන කේලම් මං පිළිගන්නෙ නැහැ. අනික හොඳ ආකල්ප ඇතිකර ගත්තාම, ඒ පුද්ගලයා කේලම් කියන්න යන්නෙත් නැහැ. සේවකයන් දැනුමින් ආකල්පවලින් පිරුණු අය කරන එක ආයතනයකටත් හොඳ දෙයක් කියන්නෙ ඒ නිසා. ඒ වගේම, නායකයා හැමදේම ප්‍රොෆෙෂනල් විදියට හැන්ඩ්ල් කරනවා නම්, සේවකයෝ ඔය තැනට එන්නෙත් නැහැ.

ජීවිතය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍ය කුමක් ද...

කීල්ස් ෆුඩ්ස් සමාගමේ CEO හැටියට සම්බන්ධ වීම. එතැනින් තමයි, මං ඉහළ කළමනාකාරිත්වයට පිවිසෙන්නේ. එතැනින් එහාට මං බොහොම ඉක්මනින් ඉහළට ගියා.

ඔබටත් ව්‍යාපාර තිබෙනවාද...

මට ඒ දක්ෂතාව අඩුයි. මං කැමැති මේ විදියට වැඩකරන්න. හැබැයි මගේ වයිෆ් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. එයාට ඇඳුම් ව්‍යාපාරයක් තිබෙනවා. ‘අනායා’ එයාගෙ බ්‍රෑන්ඩ් එක. අපේ දූගේ නම. ‘අනායා’ බ්‍රෑන්ඩ් එක දැනට පිටරට විතරයි තිබෙන්නේ.

රන්ජන් රාමනායක ඔබේ නෑයෙක්ද...

සමහරු කියනවා මගේ පෙනුම රනිල් වික්‍රමසිංහ වගේ කියලා. සමහරු රන්ජන් වගේ කියනවා. හැබැයි ඒ දෙන්නගෙන් කවුරුවත්ම මගේ නෑයො නම් නෙවෙයි.

කෝ ඔබ තුළ හිටි ක්‍රීඩකයා...

තවම ඉන්නවා. මං ජිම් එකට යනවා. සයිකල් පදිනවා. අපේ යළුවො කණ්ඩායමක්ම ඉන්නවා. සයික්ලීන් කරන. අපි කොළඹ ඉඳන් වැලිගමට - ගාල්ලට සයිකල් පදිනවා. ආපහු කොළඹටත් පදිනවා. ලැබෙන හැම වැඩිපුර වෙලාවක්ම මං වැය කරන්නෙ සයික්ලීන් වෙනුවෙන්.

ඔබ දරුවන්ට සමීප තාත්තෙක්ද...

මට ඉන්නෙ දූයි. පුතයි. දූ අනායා. වයස දහයයි. පුතා සෙෂාන්. වයස අටයි. ඒ දෙන්නගෙ හොඳම යාළුවා මං. දෙන්නම තවම පුංචි නිසා හුඟක් මාව හොයනවා.

ඔබේ ජීවිතයෙන් කාට හරි ගන්න තියෙන හොඳම දේ කුමක්ද...

මං තරුණ කාලෙ ඉඳන් හුඟක් අංශ ඉගෙන ගන්න උත්සාහ කළා. ඒ නිසා මාකටින් ෆීල්ඩ් එකෙන් ආවට, මං හොඳ බැලන්ස් එකක් හදාගත්තා. රස්සාවක් මාරු කරද්දී මං බය නැත්තෙ ඒ නිසා. මගේ අධ්‍යාපනික ශත්තිය වගේම, පළපුරුද්ද, අත්දැකීම් ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා. ෆීල්ඩ් එක මොකක් වුණත් මං අත ගහන්න බය නැත්තේ ඒ නිසා. ඔබත් වෘත්තීය ජීවිතය පටන් ගත්තා නම් එකම තැනක ඇලී ගැලී ඉන්න එපා. පුළුවන් තරම් හැම අංශයකම වැඩ කරන්න. අධ්‍යයනය කරන්න. ‘ඕල් රවුන්ඩර්’ කෙනෙකුට ලෝකෙ කවදත් තැනක් තිබෙනවා.-

ඉනෝකා පෙරේරා බණ්ඩාර

සල්පිල

-Silumina-

ඡායාරූප - ගයාන් පුෂ්පික

[QUOTE="YelaWolf, post: 24265800, member: 563129"] [b]රස්සාව_මාරු කරන්නත් හිතේ හයිය තියෙන්න ඕනෙ[/b] [CENTER][ATTACH]75152._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][B] [SIZE="5"][B]රස්සාව මාරු කරන්නත් හිතේ හයිය තියෙන්න ඕනෙ අසිත සමරවීර / කළමනාකාර අධ්යක්ෂ - Atlas[/B][/SIZE] දරුවන් හා බැඳුණු ව්‍යාපාරයක, නිෂ්පාදන 100ක් පමණ කෙරෙන කර්මාන්තයක නව නායකත්වය දරන්නෙ ඔහුයි. දෙස් විදෙස් අත්දැකීම් ලබමින්, සිය පසුබිම ද පෝෂණය කරගනිමින් ඔහු පැමිණියේ විටෙක හෙමිහිනි. තවත් විටෙක වේගයෙනි. මේ ඔහුගේ කතාවයි. කනට පුරුදු ඇට්ලස් නම, Atlas Axillia වුණේ ඇයි... නිර්මාල් මදනායකට හිමිව තිබූ ඇට්ලස් සමාගමේ දැන් සියයට හැත්තෑපහක කොටස් අයිති, හේමාස් සමූහයට. ‘සිලෝන් පෙන්සිල් කොම්පැනි’ ලෙස තිබූ මුල් නම තමයි, පසු කලෙක ඇට්ලස් වුණේ. නමුත් හේමාස් අයිතිය සමග නමේ වෙනසක් සිදු වුණේ නැහැ. අවුරුදු කිහිපයක පටන් භාවිත වන නම තමයි, Atlas Axillia. අලුත් හිමිකාරිත්වයත් සමග, අලුත් නායකත්වය දරන ඔබ කවුද.... කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්න කැමැති, අභියෝග බාරගන්න බොහොමත්ම කැමැති, ඒ වගේම විදෙස් රටවල වැඩකර අත්දැකීම් ඇති සරල මනුෂ්‍යයෙක්. මොනවද ඔබට තිබෙන විදෙස් අත්දැකීම්.... මගේ බිරියගේ ෆැෂන් ඩිසයිනින් උපාධිය සම්පූර්ණකර ගන්න අවුරුදු තුනක් ඇමෙරිකාවේ ගත කරන්න වුණා. ඒ් වෙනුවෙන් එතෙක් මම වැඩ කළ නෙස්ලේ සමාගමෙන් ඉවත් වුණා. අපි ඇමෙරිකාවේ හිටපු අවුරුදු තුනේදී මං ‘කොනිකා මිනොල්ටා’ සමාගමට බැඳුණා. ආහාර පාන නිෂ්පාදන අංශයේ වැඩ කරපු මං, කැමරා ආම්පන්න සහ ෆොටෝ කොපි අංශයේ වෙනස්ම රැකියාවක් තෝරා ගත්තා. ලංකාවට ඇවිත් ජෝන් කීල්ස් සමාගමේ, කීල්ස් ෆුඩ්ස් ආයතනයේ ප්‍රධාන විධායක වුණා. එයින් මට අවස්ථාව ලැබුණා, වයස 39 දී විශාල සමාගමක ප්‍රධානියෙක් වෙන්න. ඒ අවුරුදු හතර තුළ මං ආයතනයේ හුඟක් වෙනස්කම් කළා. වර්ධනය කළා. ඒ වෙනස්වීම් ගැන දැන ගත්තු මේ ක්ෂේත්රයේම ඩුබායි සමාගමක් මට ආරාධනා කළා. මං ගියා. ඒ සමාගමත් ආයතන 18 ක් සහිත දැවැන්ත එකක්. සකස් කළ මස් ආහාර, බේකරි නිෂ්පාදන සහ මුහුදු ආහාර නිෂ්පාදන යන අංශ තුනක් අයිති ඒ් එක් විශාල ආයතනයක ප්‍රධාන විධායක ලෙස අවුරුදු හයක් වැඩ කළා. මං ලංකාවට ආවේ 2015. ඒ ඇවිත් CBLසමාගමෙත් වැඩ කළා. ඇට්ලස් එකට ආවේ මාස කිහිපයකට උඩදී. ඔබ බොහොම ඉක්මනින් ආයතන මාරු කරන කෙනෙක් වගෙයි... එක විදියකින් බලනකොට ඔව්. තව විදියකට බලනකොට නැහැ. හුඟක් ආයතනවල මං අවුරුදු 4-12 කාලවල හිටියා.කොහොම වුණත්, ඒක මට නම් හුඟක් කැමැති දෙයක්. මොකද ඔය කාරණාව දිහා දෙවිදියකට බලන්න පුළුවන් නිසා. මොකක්ද ඒ දෙවිදිය... හුඟක් ආයතනවල ඉහළ කළමනාකාරිත්වයේ ඉන්න අය, එකම ආයතනයකට දිගු කලක් වැඩ කර තිබෙන බව ඇත්ත. ඒකෙ හොඳයි නරකයි දෙකම තිබෙනවා. අනෙක් කරුණ තමයි, අලුත් පරපුර එක තැනක හිරවෙලා ඉන්න කැමැති නැහැ. ඉක්මනින් උඩට යන්නයි හිතන්නේ. අත්දැකීම් ගන්නයි බලන්නේ. ඇමෙරිකාවේ බොහෝ IT සමාගම්වල කවුරුවත් අවුරුදු ගණන් හිරවෙලා ඉන්න හිතන්නෙවත් නැහැ. මොකද, මනුස්සයෙක් අවුරුදු දහයක් විස්සක් එකතැනෙක කොටුවෙලා හිටියොත් ඔවුන් හිතන්නෙ ඒ මනුස්සයගේ කුසලතා ඉවරයි, කියලා. එතකොට මේ දෙවිදියෙන් ඔබ කැමැති විදිය... සමාගම් කිහිපයක වැඩ කරන එක හොඳයි කියන තැනයි මම ඉන්නෙත්. මොකද, ඉක්මනින් ආයතන මාරු කරන කොට, ඒ අලුත් ආයතනයේ අලුත් අභියෝගවලට මුහුණ දෙන්නත් අලුත් සංස්කෘතියකට හැඩ ගැහෙන්නත් හිතේ ලොකු ආත්ම ශක්තියක් තිබෙන්න ඕනේ. තමන්ගෙ හැකියාව, කුසලතාව ගැන ලොකු විශ්වාසයක් තිබෙන්නත් ඕනේ. හේතුව, විවිධ අභියෝග ඇති වෙනස් පරිසරයක අලුත් පිරිසක් එක්ක වැඩ කරන්න වෙන්නෙ තමන්ටයි. හොඳ ආත්ම ශක්තියක් නැති කෙනෙකුට බැහැ එහෙම අත් හරින්න වගේම, අලුත් දේ පිළිගන්න. සේවකයන් පිළිබඳ ඔබට තිබෙන සිතිවිල්ල කුමක්ද... අපේ රටේ මිනිස්සු තුළ හුඟක් දක්ෂතා ඇති අය ඉන්නවා. නමුත් සමහර ආකල්ප අතින් ඔවුන් ඉන්නෙ හුඟක් පිටුපස්සේ. ඒ නිසාම, ඔවුන්ගේ දියුණුවත් සීමා වෙනවා. පමාවෙනවා. මගේ වගකීම, මගේ කණ්ඩායම තුළ තිබෙන එවැනි බාධක ඉවත් කරලා, ඔවුන් ආකල්පමය වර්ධනයක් ඇති සේවක පිරිසක් බවට පත් කිරීමයි. කොහේද ඔබ ඉගෙන ගත්තෙ... මුලින්ම, කොල්ලුපිටිය ශාන්ත තෝමස් විදුහලේ, ඊළඟට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ, ඉස්කෝලෙ කාලෙ මං ටීම් එකට සෙල්ලම් කරපු රගර් ක්‍රීඩකයෙක්. උස පැනීම් ඇතුළු ක්‍රීඩා කිහිපයක් කළ මලල ක්‍රීඩකයෙක්. ඔරු පැදීමේ සහ පිහිනුම් ශූරයෙක්. ඔය හැම දේම අතරේ හොඳින් ඉගෙන ගත් ශිෂ්‍යයෙක්. විෂයක් හැටියට දක්ෂ වුණේ මොනවටද... ගණිතය සහ ඉංග්‍රීසිවලට. මගේ අම්මා ගුරුවරියක්. ඒ නිසා මේ විෂයන් දෙක කෙරෙහි අම්මත් විශේෂයෙන් බැලුවා. තාත්තා පුද්ගලික අංශයේ හොඳ රස්සාවක් කළ කෙනෙක්. අපිට හිටියේ, නිතර වේදිකා නාට්‍ය බලන්න යන, පොත් කියවන, උත්සවවලට සහභාගිවන අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. උගත්කම නිසා ඒ දෙන්නට සමාජයේ හොඳ තැනක් තිබුණා. සල්ලිවලට වඩා ඒ දෙන්නට තිබුණු පිළිගැනීම, පුංචි කාලේ පටන් මං දැක්කා. මං ඒ ගෞරවයට පිළිගැනීමට ආසා කළා. හැම දේම අඩු නැති ළමා කාලයක් තිබෙන ළමයි, කවදාවත් දරාගැනීම, අරපිරිමැස්ම ඉගෙන ගන්නෙ නැහැ. මේ කතාව ඔබටත් අදාළ ද... ගෙදර කාර් එකක් තිබුණට තාත්තා අපිව ඉස්කෝලෙ යැව්වෙ බස් එකේ. මට ඉන්නෙ අක්කා විතරයි. අපි පදිංචිවෙලා හිටියේ වැල්ලවත්තෙ. වැල්ලවත්තෙ ඉඳන් හැමදාම මම ඉස්කෝලෙට ගියෙත් ආවෙත් බස් එකේ තනියම. පොකට් මනි කියලවත්, එකම පුතා කියලවත් හිතේ හැටියට දේවල් මට ලැබුණෙ නැහැ. දෙමවුපියෝ සැප පහසුකම් දුන්නට, විනය අංක එකට සැලකුවා. මං ඕනෙ තරම් තාත්තාගෙන් ගුටි කාලා තියෙනවා. එතකොට ඔබ උසස් අධ්‍යාපනය ලැබුවේ... මාව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරුණා. රටේ කලබල. විශ්වවිද්‍යාලයට යන්න අවුරුද්දක් දෙකක් බලා ඉන්න වුණා. ඒක අතෑරලා මං ඇමෙරිකාවෙ වොෂිංටන් යුනිවර්සිටියට ගියා. ‘බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්’ උපාධියක් කළා. වියදම් කරන්න පුළුවන් දෙමවුපියො හිටපු එක ඔබට ආශිර්වාදයක් වුණා...එහෙම නේද... මගේ දෙමවුපියන්ට මහලොකු සල්ලියක් තිබුණෙ නැහැ. පුළුවන් තරම කරලා ඒ අය යැව්වා.පුළුවන් විදියට සල්ලිත් එව්වා. මං පාට් ටයිම් ජොබ් කරලා, මදි පාඩුව හොයා ගත්තා. රෙස්ටෝරන්ට් එකක මං සැන්ඩ්විචස් හැදුවා. ලියුම් කාමරයේ වැඩ කළා. අවුරුදු හතරක උපාධිය හුඟක් මහන්සිවෙලා, අවුරුදු තුනහමාරකින් ඉවර කරෙගන මං ලංකාවට ආවා. එතකොට ඔබේ පළමු රස්සාව.... නෙස්ලේ සමාගමේ, මැනේජ්මන්ට් ට්‍රේනි කෙනෙක්. ඒ වුණාට හය මාසයක්ම කරන්න වුණේ සේල්ස් රෙප් රස්සාව. අලුත්ගම, බේරුවල, පයාගල, බෙන්තොට පළාත්වල හැම නෙස්ලේ නිෂ්පාදනයක්ම විකිණුවා. අවුරුද්දකට පස්සේ, බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් විදියට උසස් වුණා. ඒ ‘රෙපින්’ ජීවිතය තමයි, මං ලබපු දුෂ්කරම අත්දැකීම. ප්‍රමෝෂන් එකෙන් පස්සෙ මං පිටරට ගිහින් මාස්ටර්ස් කළා. ආපහු නෙස්ලේ සමාගමට ආවා. එහිම බෙවරේජ් ගෲප් එකේ, හෙඩ් ඔෆ් මාකටින් වුණා. වෙළෙඳපොළ සහ ආයතනික වශයෙන් හොඳම අත්දැකීම් ලැබුවේ මේ කාලේ. බොහෝ කලක් ආහාරපාන නිෂ්පාදනයේ ඉඳලා දැන් පැන්සල් මකන එක්ක ඉඳිද්දි මොකද හිතෙන්නෙ... ඔය හැම කර්මාන්තයකම සමහර වෙනස්කම් තිබෙනවා. ඒ වගේම සමහර සමානකමුත් තිබෙනවා. පැන්සල් වුණත් ආහාර වුණත් පාරිභෝගික ඉල්ලුම, සැපයුම, ප්‍රචාරණය ඔය හැම දේම එකයි. වෙනස් වෙන්නේ නිෂ්පාදනය පමණයි. ආහාරවල තාක්ෂණය,කොලිටිය, වගේම යම් රසායන ක්‍රියාවලියක් තිබෙනවා. යෝගට් එකක් හදද්දී, මාසයකින් කල් ඉකුත්වන එක ගැන හිතන්න ඕනේ. ඒ වගේම, පැන්සල් පෑන්වලත් කොලිටිය තිබෙනවා. නමුත් වෙන විදියකට. ඒ කියන්නෙ එකම රාමුවක්. වෙනස් අභියෝග. මට ඔය හැමදේම පුරුදුයි කියන්නෙ මං විශේෂයි. හැමදේම ලාබෙට චීනෙන් ගෙන්වද්දී ඔබේ කර්මාන්තයට බලපෑමක් නැද්ද... අපේ නිෂ්පාදන සියයට අසූවක් පමණ නිපදවන්නේ අපේ රටේ. සියයට විස්සක විතර ප්‍රමාණයක් පිටරටින් ගෙන්වනවා. ඒ වගේම, බංගලිදේශය, පිලිපීනයට සහ මැදපෙරදිගට පෑන් ඇතුළු නිෂ්පාදන කිහිපයක් යවනවා. අපේ රටේ මිනිරන්වලින්, ඉදිරියේදී පැන්සල් ලංකාවෙම නිෂ්පාදනය කරන්න මගේ ලොකු ආශාවක් තිබෙනවා. චීනයෙන් මොන දේ ලාබෙනට ආවත්, අපිට සිටින හොඳ පාරිභෝගික ජාලය නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. කවුද ඔබ කැමැති ව්‍යාපාර නායකයින් ... ජෝන් කීල්ස් සමාගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක මහත්මයාට මං හුඟක් කැමැතියි. ඔහුට සියුම් ඉවක් තිබෙනවා. ඕනෑම පුංචි කාරණාවක් සියුම් තැනෙකින් ග්‍රහණය කරගන්න ඔහු දක්ෂයි. ඒ වගේම, හේමාස් සමූහයේ සභාපතිවරයා, හුසේන් එසුෆාලි මහත්මයාටත් කැමැතියි. ආයතනයක් සාර්ථක වෙන්න බලපාන ප්‍රබල හේතු දෙකක් කියන්න... පොදු කරුණ තමයි, දැක්ම. තමන්ගේ කර්මාන්තය යන්නෙ කොහේටද කියන දැක්ම නායකයාට තිබෙන්නම ඕනේ. උදාහරණයක් කියන්නම්. ක්‍රිකට් ක්‍රීඩාවේදී අත්දැකීම් නැති පිතිකරුවෙක් බලන්නෙ පන්දු යවන්නාගේ අතේ රැඳුණු පන්දුව දිහා. නමුත් අත්දැකීම් ඇති කෙනා බලන්නේ පන්දු යවන්නාගේ බෝලය රැඳුණු අත දිහා. එවිට, ඔහුට හැකියාව තිබෙනවා, බෝලෙ කොහේටද යන්නෙ කියන එක අනුමාන කරන්න. එතකොට අනෙක... හොඳ සේවක ඵලදායිතාවක් ලබාගත හැකි ලෙස සේවක මණ්ඩලය හදා ගන්න එක. ඔවුන් වෙනුවෙන් කතා කරන, ඔවුන් උනන්දු කරවන, ඔවුන්ගේම කෙනෙක් වීමයි වැදගත්. ඇට්ලස් සමාගමේ 1200 ක පමණ සේවක පිරිසක් ඉන්නවා. මේ හැම කෙනා එක්කම කතා කරන්න බැරි බව ඇත්ත. නමුත් පොදුවේ ඔවුන්ගේ යහපත වෙනුවෙන් පෙනී හිඳින්න මට පුළුවන්. මේ ඔෆිස් එක ඇතුළේ තිබෙන්නෙ ඒක ලන්ච් රූම් එකයි. මම MD කියලා විශේෂයක් නැහැ. අපි හැමෝම කෑම කන්නෙත් එකම තැනෙක. අඩුම තරමේ ඒ වෙලාවටවත් අනෙක් අය එක්ක හිනාවෙලා වචනයක් කතා කරන්න ලැබෙන එක ගැන මට සතුටුයි. ඔය කිව්වට, අලුත් බොස් කෙනෙක් ආවම, දිනාගන්න- බෙදාගන්න පොරකන අයත් ඉන්නවනේ... රාජකාරියේදී මං හැම දෙයක් දිහාම බලන්නෙ ප්‍රොෆෙෂනල් විදියට. ඒ වගේම, කාටත් සාධාරණ පොදු ක්‍රමයකට. ඒ නිසා මට නම් කවුරුත් එකයි. අනික නිර්මාල් මදනායක මහත්මයා, මේ ආයතනයේ සේවකයන්ට හොඳින් සැලකූ හාම්පුතෙක්. ඒ හොඳ දේ අපි එලෙසම ඉදිරියට ගෙන යනවා. එකම වෙනස හේමාස් සමූහයේ සංස්කෘතියත් මීට එකතුවීම පමණයි. මේ ආයතනවල ප්‍රධාන දේ වැඩ කිරීම. පර්ෆෝමන්ස්. ඒ නිසා අනෙක් දේවල් ගැන හිතන්න මෙහෙ අයට තිබෙන වෙලාව අඩුයි. රටටම කඩදාසි හැදූ අක්කර සිය ගණනක් විශාල වාලච්චේන, ඇඹිලිපිටිය කඩදාසි කම්හල් වසා දමලා. මැෂින් යකඩවලට විකිණිලා. දැන් ඔබලාත් කඩදාසි පිටරටින් ගේනවා ඇති... ඔව්. ඉන්දුනීසියාවෙන් සහ ඉන්දියාවෙන් තමයි දැන් අපිත් කඩදාසි ගෙන්වන්නේ. ලංකාවේ කර්මාන්ත වැහිලා යන තැනට වැටිලා තියෙනවා නම්, රටක් හැටියට ඒක අපි වහාම අනෙක් පැත්තට හරවන්න ඕනේ. අපි තවමත් ප්‍රමාද නැහැ. කාට හරි උවමනාව තිබෙනවා නම් මේ කර්මාන්ත යළි ගොඩ ගන්න, තවත් අවස්ථා ඕනෙ තරම් තිබෙනවා. මොකද වෙන රටවල් හා සසඳද්දී අපි ජිවත් වෙන්නේ බොහොම වාසනාවන්ත මහ පොළොවක් තිබෙන රටක. කේලම් ඇහුවොත් නායකයා නැතිකරගන්නේ, තමන්ට ඉන්න හොඳම සේවකයා විය හැකියි, මේ කතාවට ඔබත් එකඟද... කේලමකින් වුණත් ආයතනයට සිද්ධවෙන යහපතක් තිබෙනවා නම් ඒ ගැන ටිකක් හෙව්වට කමක් නැහැ. හැබැයි පුද්ගලයෙක් විනාශ කරන්න කියන කේලම් මං පිළිගන්නෙ නැහැ. අනික හොඳ ආකල්ප ඇතිකර ගත්තාම, ඒ පුද්ගලයා කේලම් කියන්න යන්නෙත් නැහැ. සේවකයන් දැනුමින් ආකල්පවලින් පිරුණු අය කරන එක ආයතනයකටත් හොඳ දෙයක් කියන්නෙ ඒ නිසා. ඒ වගේම, නායකයා හැමදේම ප්‍රොෆෙෂනල් විදියට හැන්ඩ්ල් කරනවා නම්, සේවකයෝ ඔය තැනට එන්නෙත් නැහැ. ජීවිතය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍ය කුමක් ද... කීල්ස් ෆුඩ්ස් සමාගමේ CEO හැටියට සම්බන්ධ වීම. එතැනින් තමයි, මං ඉහළ කළමනාකාරිත්වයට පිවිසෙන්නේ. එතැනින් එහාට මං බොහොම ඉක්මනින් ඉහළට ගියා. ඔබටත් ව්‍යාපාර තිබෙනවාද... මට ඒ දක්ෂතාව අඩුයි. මං කැමැති මේ විදියට වැඩකරන්න. හැබැයි මගේ වයිෆ් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. එයාට ඇඳුම් ව්‍යාපාරයක් තිබෙනවා. ‘අනායා’ එයාගෙ බ්‍රෑන්ඩ් එක. අපේ දූගේ නම. ‘අනායා’ බ්‍රෑන්ඩ් එක දැනට පිටරට විතරයි තිබෙන්නේ. රන්ජන් රාමනායක ඔබේ නෑයෙක්ද... සමහරු කියනවා මගේ පෙනුම රනිල් වික්‍රමසිංහ වගේ කියලා. සමහරු රන්ජන් වගේ කියනවා. හැබැයි ඒ දෙන්නගෙන් කවුරුවත්ම මගේ නෑයො නම් නෙවෙයි. කෝ ඔබ තුළ හිටි ක්‍රීඩකයා... තවම ඉන්නවා. මං ජිම් එකට යනවා. සයිකල් පදිනවා. අපේ යළුවො කණ්ඩායමක්ම ඉන්නවා. සයික්ලීන් කරන. අපි කොළඹ ඉඳන් වැලිගමට - ගාල්ලට සයිකල් පදිනවා. ආපහු කොළඹටත් පදිනවා. ලැබෙන හැම වැඩිපුර වෙලාවක්ම මං වැය කරන්නෙ සයික්ලීන් වෙනුවෙන්. ඔබ දරුවන්ට සමීප තාත්තෙක්ද... මට ඉන්නෙ දූයි. පුතයි. දූ අනායා. වයස දහයයි. පුතා සෙෂාන්. වයස අටයි. ඒ දෙන්නගෙ හොඳම යාළුවා මං. දෙන්නම තවම පුංචි නිසා හුඟක් මාව හොයනවා. ඔබේ ජීවිතයෙන් කාට හරි ගන්න තියෙන හොඳම දේ කුමක්ද... මං තරුණ කාලෙ ඉඳන් හුඟක් අංශ ඉගෙන ගන්න උත්සාහ කළා. ඒ නිසා මාකටින් ෆීල්ඩ් එකෙන් ආවට, මං හොඳ බැලන්ස් එකක් හදාගත්තා. රස්සාවක් මාරු කරද්දී මං බය නැත්තෙ ඒ නිසා. මගේ අධ්‍යාපනික ශත්තිය වගේම, පළපුරුද්ද, අත්දැකීම් ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා. ෆීල්ඩ් එක මොකක් වුණත් මං අත ගහන්න බය නැත්තේ ඒ නිසා. ඔබත් වෘත්තීය ජීවිතය පටන් ගත්තා නම් එකම තැනක ඇලී ගැලී ඉන්න එපා. පුළුවන් තරම් හැම අංශයකම වැඩ කරන්න. අධ්‍යයනය කරන්න. ‘ඕල් රවුන්ඩර්’ කෙනෙකුට ලෝකෙ කවදත් තැනක් තිබෙනවා.- ඉනෝකා පෙරේරා බණ්ඩාර සල්පිල -Silumina- ඡායාරූප - ගයාන් පුෂ්පික[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom