රහල් පුතුට බුදුන් දැක්වීම....
රහල් පුතුට බුදුන් දැක්වීම....
ගලා යන සුදෝ සුදු බුදුරසින් මුලු තිලෝගැබ - එක
හෙලා අලුකොටින් ගනදුරු පලාහැර සියල්
නොලා සියනුවන් ඉවතට වඩින හෙමි හෙමින් මගවෙයැ
බලාපන්! පුත අර පියතුමා දෙස නුඹේ...
නකත්තරු කැලන් පිරිවර කොටින් නිල් ගුවන්කුස - දිලි
සරත් පුන්සඳ බඳු බුදුබඳින් හෙබි හෙබී
පසත් තුනු කැලුම් යුතු ව ම වඩින පින් පිඬක් බඳු - අර!
සුගත් හිමිතුමා ඔබෙ පියතුමා වෙහි පුතේ!
සොඳුරු සුබ මඟුල් ලකුණැති සුපිපි රත් පියුම් යුවලෙක
සිරිනි සිරි පතුල් යුග තබතබා මිහිමතේ
රැගත් දන නුවන් සවණක් රැසින් දිලි දිලී පෙර මඟ
වඩින රන් කඳ යි! ඔබෙ පියතුමා සුදු පුතේ!
පතළ ගුණ කඳින් මීකත් පලා නැගි උතුම් සත්බුමු
පියුම් පිට තබා පා යුග අබිරු සිය නඳින්
කියූ දෙට විලස් තිලොවට එදා සිටි වියේ මොල කැටි
ඒ ඔබේ පියා බැව් දැන ගන්න පොඩි පුතේ!
සනහමින් ලෙවන් සුදු බුදු රැසින් තෙම තෙමා මිහි පිට
ගලන ලෙස අහස් ගඟ ඔද වැඩී සිසි රැසින්
රැගෙන ගිහි සැපත් අතහැර තිරා අදිටනින් බුදුවෙමි
කියා ඔබ උපන් දිනයෙහි ගියා වනගතේ
යුතු ව මහ පුරිස් ලකුණිනි තනා ඔප් නැඟූ දඹරන්
රුවන් බඳු උතුම් බුදු බඳ වසා කහ කඩින්
විදා නෙත් කැළුම් සහ පිරිවරින් දිලි දිලී පෙර මඟ
වඩින පින් කඳ යි! ඔබෙ පියතුමා පොඩි පුතේ!
1946 වෙසක් සිරසර සඟරාවට මදුරුවිට දේවානන්ද හිමියන් විසින් පබඳින ලදී... එය වසුන් පිටුවේ ඡායාරූපයක් සමඟින් 2985 වසරේ දී යළිත් වෙසක් සිරිසර 50 වැනි සංවත්සරයේ දී එලිදැක්විණ. මෙම ඡායාරූපයෙහි දැක්වෙනුයේ වසුන් පිටුවේ දැක්වුණු එම සිතුවම යි.