Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රහස් මෙහෙයුමකදී ගිලාබත් වූ නැව USS ඉන්දියාන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රහස් මෙහෙයුමකදී ගිලාබත් වූ නැව USS ඉන්දියාන&#3

දෙවන ලෝක යුද්ධයේ අවසන් සති කිහිපයේදී ගිලාබත් වූ ඇමරිකා එක්සත් ජනපදයේ USS ඉන්දියානාපොලිස් නෞකාව පිළිබඳ මතකය අගෝස්තු මස තුන්වන සතියේදී යළි අලුත් වුණා. එයට හේතු වූයේ, මුහුදු පතුලේ සැඟව ගිය එම නෞකාව තිබෙන ස්ථානය සොයා ගැනීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත් වීමයි.

මෙම පර්යේෂකයන් කණ්ඩායම මෙහෙයවන ලද්දේ මයික්‍රසොෆ්ට් සමාගමේ සම-නිර්මාතෘ පෝල් ඇලන් ඇතුලු පිරිසක් විසිනුයි. පැසිෆික් සාගරයේ අඩි 18,000 ක් ගැඹුරු මුහුදු පතුලේ තැන්පත්ව තිබියදී එම නෞකාව සොයාගනු ලැබුණා.

USS ඉන්දියානාපොලිස් නෞකාව මුහුදු පතුලේ (Paul G Allen)

වසර දහ තුනක සේවා කාලය

USS ඉන්දියානාපොලිස් නෞකාව එක්සත් ජනපද නාවික හමුදා සේවයට ඇතුලත් කරගන්නා ලද්දේ 1932 වසරේදීයි. එතැන් පටන් 1945 දී ගිලාබත් වන තෙක් එය පැසිෆික් සාගරයේ විවිධ ස්ථානවල සේවයෙහි යොදවනු ලැබුණා. 1941 දෙසැම්බර් 7 වනදා පර්ල් හාබර් ප්‍රහාරය අවස්ථාවේදී එය ජොන්ස්ටන් ඇටෝලයේ පුහුණුවකට සහභාගී වෙමින් සිටියා. පර්ල් හාබර් ප්‍රහාරයෙන් පසු ආපසු යන ජපන් නැව් හඹා යාමට එම නෞකාව යෙදවුණ නමුත් එම මෙහෙයුම සාර්ථක වූයේ නැහැ.

පසු කාලීනව ඉන්දියානාපොලිස් යුද්ධ නැව නිව් ගිනියා, ඇලියුෂන් දූපත්, පිලිපීනය ආදී විවිධ ප්‍රදේශවල යුධ මෙහෙයුම් සඳහා සම්බන්ධ වුණා.

රහස් මෙහෙයුම

1945 ජූලි මාසයේදී USS ඉන්දියානාපොලිස් නෞකාවට රහස් මෙහෙයුමක් භාර කෙරුණා. ඒ හිරෝෂිමා නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් කෙරුණ ලිට්ල් බෝයි පරමාණු බෝම්බයට අවශ්‍ය යුරේනියම් සහ වෙනත් උපාංග ටිනියන් දිවයිනට රැගෙන යාමයි. මෙම මෙහෙයුමේ රහස්‍යභාවය හේතුවෙන් පරිවාර නැව් කිසිවක් නොමැතිව මෙම නෞකාව ඒ සඳහා පිටව ගියා. ජූලි 26 වනදා ටිනියන් වෙත පැමිණි ඉන්දියානාපොලිස් නෞකාව පසුව ගුවාම් වෙත ගොස්, එයින් ජූලි 28 වනදා පිටත් වූයේ පිලිපීනයට පැමිණීමටයි.

ජූලි 30 වනදා මැදියම් රැය පසුවී සුළු වේලාවකින් ජපන් නාවික හමුදාවේ I-58 සබ්මැරීනය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දියානාපොලිස් නෞකාව ගිලාබත් වුණා. එම ප්‍රහාරයෙන් නැව ගිලාබත් වීමට ගතවූයේ විනාඩි 12 ක් තරම් සුළු කාලයක් පමණයි. පරිවාර යාත්‍රා කිසිත් නොමැති වූ හෙයින් නෞකාව පහසුවෙන් මෙම ප්‍රහාරයට ලක් වූ අතර ඉතා ඉක්මණින් එය ගිලාබත් වූ හෙයින් බාහිර ලෝකයට ඒ පිළිබඳ දන්වා සිටීමේ හැකියාවක් ද ලැබුණේ නැහැ.

මෙම සිදුවීම වන අවස්ථාවේ ඉන්දියානාපොලිස් නෞකාවේ නාවික හමුදා සහ මැරීන් සෙබලුන් 1,196 ක් වූ අතර ඉන් බහුතරය දිවි ගලවා ගත්තා. නමුත් ප්‍රමාණවත් තරම් ජීවිතාරක්ෂක බෝට්ටු නොතිබූ නිසාත් ජීවිතාරක්ෂක ජැකට් නිමැති වීම නිසාත් බොහෝ නාවිකයන් සයුරේ පාවෙමින් සිටියා. විජලනය, දැඩි හිරු රශ්මිය, මෝරුන්ගේ ප්‍රහාර ආදියෙන් විශාල පිරිසක් මිය ගිය අතර දිවි ගලවා ගත්තේ 316 දෙදෙනකු පමණයි.

මෙතරම් ජීවිත අහිමි වීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ නාවික හමුදාව මෙම නෞකාවෙහි අතුරුදන්වීම පිළිබඳ අවධානය යොමු කිරීමට ප්‍රමාද වීමයි. පිලිපීනයේ ලෙයිටේ වෙත පැමිණීමට නියමිත පරිදි ජූලි 31 වනදා නෞකාව පැමිණියේ නැතත් නාවික හමුදාව ඒ පිළිබඳ විමසිලිමත් වීමට පටන් ගත්තේ ඉන් බොහෝ ප්‍රමාද වීමෙන්. දිවි ගලවාගත් නාවිකයන් බේරා ගන්නා ලද්දේ ප්‍රහාරයෙන් සිව් දිනකට පසුවයි.

කපිතාන්ට එරෙහි යුද්ධාධිකරණය

ඉන්දියානාපොලිස් නෞකාව ගිලාබත් වීම පිළිබඳ වරද පටවන ලද්දේ එහි කපිතාන්වරයා වූ චාර්ල්ස් බී. මැක්වේ III වෙතයි. ඔහුට එරෙහිව යුද්ධාධිකරණයක් පවත්වා ඒ පිළිබඳ වරදකරු කරනු ලැබුවා. කෙසේ නමුත් බොහෝ දෙනාගේ අදහස වූයේ නාවික හමුදාව සිය වරද සඟවා ගැනීම පිණිස කපිතාන්වරයා බිල්ලට දුන් බවයි. කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් බෙහෙවින් මානසික පීඩාවට පත් වූ ඔහු 1968 දී සිය දිවි නසාගත්තා.

කපිතාන් චාර්ල්ස් මැක්වේ (mgtvwkrg.files.wordpress.com)

මෙම ප්‍රහාරයෙන් දිවි ගලවාගත්තවුන් සහ වෙනත් අයගේ සහය ඇතිව ගෙනගිය සටනක ප්‍රතිඵලයක් ලෙස නාවිකයන් ගේ ජීවිත අහිමි වීම පිළිබඳ කපිතාන් මැක්වේ සතු වරදක් නොමැති යයි ප්‍රකාශ කළ යුතු බවට යෝජනාවක් එක්සත් ජනපද කොන්ග්රසය විසින් සම්මත කෙරුණා. ඒ 2000 වසරේදීයි. ඉන් වසරකට පසු මැක්වේගේ වාර්තාව සංශෝධනය කරන ලද බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

නෞකාව සොයා ගැනීම

ඉන්දියානාපොලිස් නෞකාවෙහි සුන්බුන් සොයා ගැනීම සඳහා විවිධ උත්සාහයන් මින් පෙර ගනු ලැබුණත් ඒවා සාර්ථක වූයේ නැහැ. 2016 දී රිචර්ඩ් හල්වර් නම් නාවික හමුදාවේ ඉතිහාසඥයකු විසින් සොයා ගන්නා ලද එතෙක් අනාවරණය නොවූ තොරතුරක් පෝල් ඇලන්ගේ කණ්ඩායමට මෙම සාර්ථකත්වය අත්කර ගැනීමට උපකාර වුණා. ඒ අනුව කියැවුණේ නාවික හමුදාවේ LST 779 නෞකාව ඉන්දියානාපොලිස් නෞකාව ප්‍රහාරයට ලක් වීමට පැය 11 කට පෙර එය නිරීක්ෂණය කළ බවයි.

රිචර්ඩ් හල්වර් (Screenshot PBS News Hour)

මේ අනුව මෙතෙක් මෙම නෞකාව විනාශ වූයේ යයි සිතූ ප්‍රදේශය නොව වෙනත් ප්‍රදේශයක් පරීක්ෂණයට ලක්කළ යුතු බව ඇලන් ගේ කණ්ඩායම තේරුම් ගත්තා. මේ අනුව ඔවුන් විසින් සිදු කළ පරීක්ෂණයන් අනුව ඉන් දියානාපොලිස් නෞකාව සොයාගනු ලැබුණා.

ඇලන්ගේ කණ්ඩායම දහතුන්දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් සිය ගවේෂණ කටයුතු සඳහා භාවිත කරන්නේ අඩි 250 ක් දිගැති, මීටර 6000 ක් ගැඹුරු මුහුදේ කිමිදිය හැකි නවීන උපකරණවලින් සමන්විත පෙට්‍රෙල් නම් නැවයි.

පෝල් ඇලන් (Forbes)

ඇලන්ගේ කණ්ඩායම මින් පෙර 2015 දී පිලිපීනයේ සිබුයාන් මුහුදේදී මුසාෂි නම් ජපන් යුධ නැව සොයා ගත්තේ වසර අටක උත්සාහයකින් පසුයි. ඔවුන් ඉන්දියානාපොලිස් නෞකාවේ සුන්බුන් හමුවූ ස්ථානය එක්සත් ජනපද නීතිප්‍රකාරව දිගටම පරීක්ෂා කරන බව සඳහන් කරනු ලැබුවා.

[QUOTE="Idias, post: 23442946, member: 556682"] [b]රහස් මෙහෙයුමකදී ගිලාබත් වූ නැව USS ඉන්දියාන[/b] [SIZE=4]දෙවන ලෝක යුද්ධයේ අවසන් සති කිහිපයේදී ගිලාබත් වූ ඇමරිකා එක්සත් ජනපදයේ USS ඉන්දියානාපොලිස් නෞකාව පිළිබඳ මතකය අගෝස්තු මස තුන්වන සතියේදී යළි අලුත් වුණා. එයට හේතු වූයේ, මුහුදු පතුලේ සැඟව ගිය එම නෞකාව තිබෙන ස්ථානය [URL="http://edition.cnn.com/2017/08/19/us/uss-indianapolis-wreckage-found/index.html"]සොයා ගැනීමට[/URL] පර්යේෂකයන් කණ්ඩායමක් සමත් වීමයි.[/SIZE] [SIZE=4]මෙම පර්යේෂකයන් කණ්ඩායම මෙහෙයවන ලද්දේ මයික්‍රසොෆ්ට් සමාගමේ සම-නිර්මාතෘ පෝල් ඇලන් ඇතුලු පිරිසක් විසිනුයි. පැසිෆික් සාගරයේ අඩි 18,000 ක් ගැඹුරු මුහුදු පතුලේ තැන්පත්ව තිබියදී එම නෞකාව සොයාගනු ලැබුණා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/09/15-6-701x394.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]USS ඉන්දියානාපොලිස් නෞකාව මුහුදු පතුලේ (Paul G Allen)[/SIZE] [B][SIZE=4]වසර දහ තුනක සේවා කාලය[B][/B][/SIZE][/B] [SIZE=4][URL="http://www.ussindianapolis.org/"]USS ඉන්දියානාපොලිස්[/URL] නෞකාව එක්සත් ජනපද නාවික හමුදා සේවයට ඇතුලත් කරගන්නා ලද්දේ 1932 වසරේදීයි. එතැන් පටන් 1945 දී ගිලාබත් වන තෙක් එය පැසිෆික් සාගරයේ විවිධ ස්ථානවල සේවයෙහි යොදවනු ලැබුණා. 1941 දෙසැම්බර් 7 වනදා පර්ල් හාබර් ප්‍රහාරය අවස්ථාවේදී එය ජොන්ස්ටන් ඇටෝලයේ පුහුණුවකට සහභාගී වෙමින් සිටියා. පර්ල් හාබර් ප්‍රහාරයෙන් පසු ආපසු යන ජපන් නැව් හඹා යාමට එම නෞකාව යෙදවුණ නමුත් එම මෙහෙයුම සාර්ථක වූයේ නැහැ.[/SIZE] [SIZE=4]පසු කාලීනව ඉන්දියානාපොලිස් යුද්ධ නැව නිව් ගිනියා, ඇලියුෂන් දූපත්, පිලිපීනය ආදී විවිධ ප්‍රදේශවල යුධ මෙහෙයුම් සඳහා සම්බන්ධ වුණා.[/SIZE] [B][SIZE=4]රහස් මෙහෙයුම[/SIZE][/B] [SIZE=4]1945 ජූලි මාසයේදී USS ඉන්දියානාපොලිස් නෞකාවට රහස් මෙහෙයුමක් භාර කෙරුණා. ඒ හිරෝෂිමා නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් කෙරුණ ලිට්ල් බෝයි පරමාණු බෝම්බයට අවශ්‍ය යුරේනියම් සහ වෙනත් උපාංග ටිනියන් දිවයිනට රැගෙන යාමයි. මෙම මෙහෙයුමේ රහස්‍යභාවය හේතුවෙන් පරිවාර නැව් කිසිවක් නොමැතිව මෙම නෞකාව ඒ සඳහා පිටව ගියා. ජූලි 26 වනදා ටිනියන් වෙත පැමිණි ඉන්දියානාපොලිස් නෞකාව පසුව ගුවාම් වෙත ගොස්, එයින් ජූලි 28 වනදා පිටත් වූයේ පිලිපීනයට පැමිණීමටයි.[/SIZE] [SIZE=4]ජූලි 30 වනදා මැදියම් රැය පසුවී සුළු වේලාවකින් ජපන් නාවික හමුදාවේ I-58 සබ්මැරීනය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දියානාපොලිස් නෞකාව ගිලාබත් වුණා. එම ප්‍රහාරයෙන් නැව ගිලාබත් වීමට ගතවූයේ විනාඩි 12 ක් තරම් සුළු කාලයක් පමණයි. පරිවාර යාත්‍රා කිසිත් නොමැති වූ හෙයින් නෞකාව පහසුවෙන් මෙම ප්‍රහාරයට ලක් වූ අතර ඉතා ඉක්මණින් එය ගිලාබත් වූ හෙයින් බාහිර ලෝකයට ඒ පිළිබඳ දන්වා සිටීමේ හැකියාවක් ද ලැබුණේ නැහැ.[/SIZE] [SIZE=4]මෙම සිදුවීම වන අවස්ථාවේ ඉන්දියානාපොලිස් නෞකාවේ නාවික හමුදා සහ මැරීන් සෙබලුන් 1,196 ක් වූ අතර ඉන් බහුතරය දිවි ගලවා ගත්තා. නමුත් ප්‍රමාණවත් තරම් ජීවිතාරක්ෂක බෝට්ටු නොතිබූ නිසාත් ජීවිතාරක්ෂක ජැකට් නිමැති වීම නිසාත් බොහෝ නාවිකයන් සයුරේ පාවෙමින් සිටියා. විජලනය, දැඩි හිරු රශ්මිය, මෝරුන්ගේ ප්‍රහාර ආදියෙන් විශාල පිරිසක් මිය ගිය අතර දිවි ගලවා ගත්තේ 316 දෙදෙනකු පමණයි.[/SIZE] [SIZE=4]මෙතරම් ජීවිත අහිමි වීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ නාවික හමුදාව මෙම නෞකාවෙහි අතුරුදන්වීම පිළිබඳ අවධානය යොමු කිරීමට ප්‍රමාද වීමයි. පිලිපීනයේ ලෙයිටේ වෙත පැමිණීමට නියමිත පරිදි ජූලි 31 වනදා නෞකාව පැමිණියේ නැතත් නාවික හමුදාව ඒ පිළිබඳ විමසිලිමත් වීමට පටන් ගත්තේ ඉන් බොහෝ ප්‍රමාද වීමෙන්. දිවි ගලවාගත් නාවිකයන් බේරා ගන්නා ලද්දේ ප්‍රහාරයෙන් සිව් දිනකට පසුවයි.[/SIZE] [B][SIZE=4]කපිතාන්ට එරෙහි යුද්ධාධිකරණය[/SIZE][/B] [SIZE=4]ඉන්දියානාපොලිස් නෞකාව ගිලාබත් වීම පිළිබඳ වරද පටවන ලද්දේ එහි කපිතාන්වරයා වූ චාර්ල්ස් බී. මැක්වේ III වෙතයි. ඔහුට එරෙහිව යුද්ධාධිකරණයක් පවත්වා ඒ පිළිබඳ වරදකරු කරනු ලැබුවා. කෙසේ නමුත් බොහෝ දෙනාගේ අදහස වූයේ නාවික හමුදාව සිය වරද සඟවා ගැනීම පිණිස කපිතාන්වරයා බිල්ලට දුන් බවයි. කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් බෙහෙවින් මානසික පීඩාවට පත් වූ ඔහු 1968 දී සිය දිවි නසාගත්තා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/09/219.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]කපිතාන් චාර්ල්ස් මැක්වේ (mgtvwkrg.files.wordpress.com)[/SIZE] [SIZE=4]මෙම ප්‍රහාරයෙන් දිවි ගලවාගත්තවුන් සහ වෙනත් අයගේ සහය ඇතිව ගෙනගිය සටනක ප්‍රතිඵලයක් ලෙස නාවිකයන් ගේ ජීවිත අහිමි වීම පිළිබඳ කපිතාන් මැක්වේ සතු වරදක් නොමැති යයි ප්‍රකාශ කළ යුතු බවට යෝජනාවක් එක්සත් ජනපද කොන්ග්රසය විසින් සම්මත කෙරුණා. ඒ 2000 වසරේදීයි. ඉන් වසරකට පසු මැක්වේගේ වාර්තාව සංශෝධනය කරන ලද බව නාවික හමුදාව ප්‍රකාශ කළා.[/SIZE] [B][SIZE=4]නෞකාව සොයා ගැනීම[/SIZE][/B] [SIZE=4]ඉන්දියානාපොලිස් නෞකාවෙහි සුන්බුන් සොයා ගැනීම සඳහා විවිධ උත්සාහයන් මින් පෙර ගනු ලැබුණත් ඒවා සාර්ථක වූයේ නැහැ. 2016 දී රිචර්ඩ් හල්වර් නම් නාවික හමුදාවේ ඉතිහාසඥයකු විසින් සොයා ගන්නා ලද [URL="http://www.pbs.org/newshour/bb/uss-indianapolis-wwii-navy-ship-dramatic-history-finally-rediscovered/"]එතෙක් අනාවරණය නොවූ තොරතුරක්[/URL] පෝල් ඇලන්ගේ කණ්ඩායමට මෙම සාර්ථකත්වය අත්කර ගැනීමට උපකාර වුණා. ඒ අනුව කියැවුණේ නාවික හමුදාවේ LST 779 නෞකාව ඉන්දියානාපොලිස් නෞකාව ප්‍රහාරයට ලක් වීමට පැය 11 කට පෙර එය නිරීක්ෂණය කළ බවයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/09/32-701x351.png?w=750[/IMG][/SIZE] [SIZE=4]රිචර්ඩ් හල්වර් (Screenshot PBS News Hour)[/SIZE] [SIZE=4]මේ අනුව මෙතෙක් මෙම නෞකාව විනාශ වූයේ යයි සිතූ ප්‍රදේශය නොව වෙනත් ප්‍රදේශයක් පරීක්ෂණයට ලක්කළ යුතු බව ඇලන් ගේ කණ්ඩායම තේරුම් ගත්තා. මේ අනුව ඔවුන් විසින් සිදු කළ පරීක්ෂණයන් අනුව ඉන් දියානාපොලිස් නෞකාව සොයාගනු ලැබුණා.[/SIZE] [SIZE=4]ඇලන්ගේ කණ්ඩායම දහතුන්දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් සිය ගවේෂණ කටයුතු සඳහා භාවිත කරන්නේ අඩි 250 ක් දිගැති, මීටර 6000 ක් ගැඹුරු මුහුදේ කිමිදිය හැකි නවීන උපකරණවලින් සමන්විත පෙට්‍රෙල් නම් නැවයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/09/49-701x394.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]පෝල් ඇලන් (Forbes)[/SIZE] [SIZE=4]ඇලන්ගේ කණ්ඩායම මින් පෙර 2015 දී පිලිපීනයේ සිබුයාන් මුහුදේදී මුසාෂි නම් ජපන් යුධ නැව සොයා ගත්තේ වසර අටක උත්සාහයකින් පසුයි. ඔවුන් ඉන්දියානාපොලිස් නෞකාවේ සුන්බුන් හමුවූ ස්ථානය එක්සත් ජනපද නීතිප්‍රකාරව දිගටම පරීක්ෂා කරන බව සඳහන් කරනු ලැබුවා.[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom