Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...!

රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...!

ශ්‍රී ලංකාව තුළ ආගම්වාදය සහ ජාතිවාදය තරම් ප්‍රසිද්ධ මාතෘකාවක් නොවන නමුත් රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය අවසන් කිරීමට කාලය උදාවී තිබේ. නව ආණ්ඩුක්ර ව්‍යවස්ථාව අරභයා ඇතිවෙමින් පවතින බහුත්වවාදී කතිකාව හුදෙක් ජනවාර්ගිකත්වය ඉලක්ක කරගනිමින් ගොඩනැගීම වෙනුවට සියලු පීඩිත ජනයාගේ අභිලාෂයන් ඉටු කරගැනීමට යොදාගත හැකි බව මාගේ අදහසයි. බහුත්වාදී දේශපාලන පරිකල්පනය කුලය මගහැරයාම පිළිබද වික්ටර් අයිවන් මහතා දක්වන අදහස මෙසේය: කුල අසමානතාව පිළිබද මාතෘකාව ආරම්භයේ සිට අද දක්වාම දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබද න්‍යාය පත්රට ඇතුළත් කිරීමට පීඩකයා පමණක් නොව පීඩිතයාද කැමති නැත. කුල ක්‍රමය ඇති කර තිබෙන උස් පහත් භේදයෙන් පීඩා ලබන අය පවා ඊට එරෙහිව අනියම් ලෙස මිස සෘජු ලෙස සටන් නොකරති.

කුලය පිළිබද සමාජ අවධානය ගිලිහී යාමෙන් ලංකාවේ කුල ක්‍රමය අහෝසි වන බව මුසාවකි. මන්ද ශත වර්ෂාධික කාලයක් පුරුද්දක් හා උරුමයක් ලෙස පුහුණු කරන ලද කුල ක්‍රමය පවත්වාගෙන යාමට මිනිසුන් දක්වන ආශාව සතිඅන්ත පුවත්පත්වල මංගල දැන්වීම් කියවීමෙන් ඔබට වැටහෙනු ඇත. එමනිසා කාලයාගේ ඇවෑමෙන් කුලභේදය අහෝසි වනතුරු නොසිට ඊට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබද කතිකාව ඉදිරියට ගැනීම ජාතික වැදගත්කමකින් යුක්තය. වැඩවසම් යුගයේ සිට වර්ථමානය දක්වා මෙරට සමාජ ආර්ථික ක්‍රියාවලියට කුලය විසින් කරන ලද බලපෑම අධ්‍යනය කිරීම මෙන්ම දේශපාලනය තුළ කුල ධුරාවලියෙහි හැඩගැස්ම අධ්‍යනය කිරීම මෙම ලිපියෙහි අරමුණයි. මෙහි අවසානයෙහි කුල ක්‍රමය අහෝසි කරනු වස් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉලක්ක කරගනිමින් රාජ්‍ය වෙත ඉදිරිපත් කරනු ලබන අදහස් හා යෝජනා කිහිපයක්ද අඩංගු වෙයි.

ඉතිහාසය

කුල ක්‍රමය අසල්වැසි ඉන්දියාවෙන් අපට දායාද කරන ලද දෙයක් වුවද ඉන්දීය කුල ක්‍රමය පැනනැගී ඇත්තේ ආගමික මූලයන්ගෙනි. එය චතුර් වර්ණ ලෙස හදුන්වයි. නමුත් ලංකාවෙහි කුල ක්‍රමයට පදනම් වී ඇත්තේ ශ්‍රම විභජනය හෙවත් රැකියාවෙහි ස්භාවයයි. ලංකාවේ කුල මූලිකව කොටස් දෙකකට බෙදී ක්‍රියාත්මක විය. එනම් කෘෂිකර්මාන්තයෙහි නියැලෙන ජනතාව සහ කෘෂිකාර්මික නොවන කර්මාන්ත වල නියැලෙන ජනතාව වශයෙනි. ලාංකිකයන්ගෙන් බහුතරය කෘෂිකර්මාන්තයෙහි නිරත උසස් කුල වලට අයත් වු අතර කෘෂිකර්මාන්තයෙහි නොයෙදුනු ජනතාව හීන හෙවත් තත්වයෙන් පහත්කොට සළකනු ලැබීය. නමුත් මෙම කුල ධුරාවලියෙහි අනුපිළිවෙල මෙන්න කුල ගණන පිළිබදවත් විවිධ මත පවතී. රොබට් නොක්ස්ගේ ලේඛන වලට අනුව ලංකාවේ කුල ගණන දොළහකි. ජනවංශයට අනුව එය විසි හයකි.

ඊට අනුව ඉඩම් හිමි ගොවියන් සහ ගව පාලනයෙහි නිරතවුවන් ගොවිගම කුලය ලෙසත් මසුන් මැරීමේ නිරතවුවන් කරාව කුලය ලෙසත් කුරුදු තැලීමේ රැකියාවෙහි නිරතවුවන් සලාගම කුලය ලෙසත් රා මැදීමේ නිරතවුවන් දුරාව කුලය ලෙසත් හදුන්වනු ලැබීය. එමෙන්ම අලුහුණු කර්මාන්තයේ නිරතවුවන් හුණු කුලය ලෙසත් ආචාරි/ගල්ලද්දු හෙවත් ලොකුරු වැඩවල නිරතවුවන් නවන්දන්න කුලය ලෙසත් රෙදි ඇපිල්ලීම තම ජීවිකාව කොටගත් අය හේන හෙවත් රදා කුලයට අයත් වුවන් ලෙස සළකනු ලැබීය. ඊට අමතරව හකුරු සෑදීමේ නිරතවුවන් වහුම්පුර හෙවත් හකුරු කුලය ලෙසත් වලං සෑදීමේ නිරතවුවන් කුඹල් හෙවත් හඩහැල කුලය ලෙසත් ශ්‍රී මහා බෝධිය රැක ගැනීම නිරතවුවන් සහ ඇත්ගොව්වන් දුර කුලය ලෙසත් නැටුම් සහ නක්ෂත්ර වැඩ වල නිරතවුවන් නැකති හෙවත් බෙරවා කුලය ලෙසත් හැදින්විය. සේවකයන් සහ බර උසුලන්නෝ අයත් වුයේ බත්ගම හෙවත් පදු කුලයටයි. මල බෙර ගැසීම ගහල කුලයට සහ පැදුරු විවීම කින්නර කුලයට අයත් රැකියා විය. හිගමනින් ජීවත්වු ජනතාව අයත් වුයේ රොඩී කුලයටයි.

1832 වසරේ කොල්බෘක් ප්‍රතිසංස්කරණ හරහා රාජකාරි ක්‍රමය අහෝසි කිරීමත් සමග කුලය මත පදනම් වු වැඩවසම් සේවා ක්‍රමය වෙනුවට තමන් කැමති රැකියාවක නිරතවීමේ හැකියාව උදාවිය. එමෙන්ම නීතිය ඉදිරියෙහි සියලුදෙනාම සමානයන් ලෙස සලකන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වු බවද පතපොතෙහි සදහන් වේ. නමුත් බහුතරයක් මෙරට වැසියන් සිය සම්ප්‍රදායික රැකියාවල නිරතවීමට කැමැත්තක් දැක්වු නිසාත් වෙනත් රැකියාවලට යොමු වු අයට දිගින් දිගටම කුල භේදය බලපෑම් කළ නිසාත් බ්‍රිතාන්‍ය යටත් විජිත ආණ්ඩුවට පවා කුලය ක්‍රමය නොසළකා රාජ්‍ය පාලනය ගෙන යාමට නොහැකි විය. බ්‍රිතාන්‍ය පාලකයින්ද සම්ප්‍රදායට ගරු කරන මුවාවෙන් ව්‍යාපාර අයිතිය සහ දේශපාලන නිදහස සමාජයේ ඉහළ කුලවලට ලබාදෙන ලදී. පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණෙහි සහ කොටි සංවිධානයෙහි අරගලවලට මෙම කුල පීඩනය හේතුවක් වු බව ඉතිහාසයේ සදහන් වේ.

පවුල සහ කුලය

පවුල ආදරය එක්රැස් කරන ගබඩාව මෙන්ම කුල ක්රමයෙහි මුලික ඒකකයද වෙයි. කුලය සහ පවුල පිළිබද කුමාරි ජයවර්ධන දක්වන්නේ මෙවන් අදහසකි: ක්රියාකාරීවීමේ සහ පක්ෂපාතිත්වයේ ඒකකයක් ලෙස පවුලේ එකමුතුව සහ පවුලේ ගරුත්වය පිළිබද සංකල්පය කුල ගරුත්වයත් කුලවාදී හැගීමත් එක්තරා දුරකට කුල ධුරාවලියක් පවත්වාගෙන යාම සදහා ක්‍රියාත්මක වෙයි. පවුල්වාදයෙන් තොරව ලංකාවේ කුලය ආරක්ෂා නොහැකිව තිබින. පවුල් බලය ආරක්ෂා කරගැනීමට එදා මෙන්ම අදත් විවාහ කටයුතු වලදී කුල රීති දැඩිව ක්‍රියාත්මක වෙයි. සිය කුලයෙන් බැහැරව හිර ගනුදෙනු තහනම් වන අතර කුලහීනයෙකු සමග විවාහවීම පවුලෙන් නෙරපීමට තරම් හේතුවකි. වර්ථමානයේ මෙවැනි සිදුවීම් සුලබ නොවුනද කුල පීඩනය හේතුවෙන් විවාහ පත්වීම ප්‍රමාද වු සහ කුල ගැටලුව හේතුවෙන් අසරණ වු පවුල් විශාල ප්‍රමාණයක් ඇත.

ධනවාදය සහ කුලය

සුචරිතවාදය සුඛ පරමවාදය මගින් ඉවත්කොට වෙළද දැන්වීම් මගින් සමාජ මානසිකත්වය හසුරවන සහ ජාතිය, ආගම, ලිංගිකත්වය, පන්තිය හා කුලය වැනි සමාජ බෙදීම් අභාවයට ගොස් ඒ වෙනුවට භාණ්ඩ හිමිකාරිත්වය ආදේශ කර නිදහස හා සමානාත්මතාවය තීරණය කොට ඇති යුගයක ධනවාදයේ පැවැත්මට කුලවාදයෙහි බලපෑම අවම වනු ඇත. නමුත් අවසාන ධනවාදය මෙතෙක් ප්රාග්ධනය මැදිහත් නොවු සංස්කෘතිය හා කලාව වැනි විෂයන් වෙතට ගලායමින් පවතින හෙයින් නව ලිබරල් ධනවාදයෙහි පැවැත්ම තහවුරු කිරීමට සිංහලේ මෙන්ම කුලේ වුවද භාවිතා කිරීමේ අවධානමක් පවතී. අතීතයේදී මෙන් ඉඩම් හිමිකාරිත්වයට සහ ව්‍යාපාර බලපත්‍ර ලබාගැනීමට මෙන්ම රැකියාවකට ඇතුල්වීමට කුල සාධකය තීරණාත්මක නොවුවද සියයට සියයක් ආර්ථික ක්‍රියාවලිය කුල ධුරාවලිය නොසළකා හැර නොමැති බවද සදහන් කළ යුතුය.

දේශපාලනය සහ කුලය

කුල ක්‍රමය අවසන් කිරීමට ඇති මුලික බාධාව ලංකාවේ දේශපාලනයට කුලය විසින් ඇති කරන බලපෑමය. ධනේෂ්වර කදවුර මෙන්ම වාමාංශික කදවුරද දේශපාලනයේදී කුල සාධකය තීරණාත්මක කොට ගනිති. ලංකාවට සර්ව ජන ඡන්ද බලය හදුන්වා දිය යුතු බවට යෝජනා වු පළමු අවස්ථාවේදී ලාංකීය කම්කරු ව්‍යාපාරයේ පියා ලෙස හැදින්වෙන ඊ. ඒ. ගුණසිංහ හැර ඩී. ඇස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක හා පොන්නම්බලම් රාමනාදන් වැනි සියලු ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් ඊට විරුද්ධ විය. ඊට මුලික හේතුව කුල භේදය බව අමතක නොකළ යුතුය. නිදහසේ සිට අද දක්වාම දේශපාලන බල පොරය පැවතින්නේ ගොවිගම කුලයට අයත් පවුල් කාටල අතර බවට වික්ටර් අයිවන් දක්වන අදහසෙහි සත්‍යතාවක් තිබේ. අදටත් දේශපාලන පක්ෂ මැතිවරණ සදහා නාමයෝජනා ලබාදීමේදී කුලයට බර තබන අතර වත්මන් පාර්ලිමේන්තු සංයුතියද එහි ප්රතිළුලයකි.

ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ අරගලයන්ට මෙම කුල පීඩනය හේතුවක් වු බව ඔප්පු කිරීමට වික්ටර් අයිවන් කරුණු ඉදිරිපත් කරන්නේ මෙසේය: ජවිපේ හා එල්ටීටීඊයේ ව්‍යාප්තිය හා වර්ධනය කෙරෙහි සිංහල හා දෙමළ සමාජයේ පවත්නා කුල ප්‍රශ්ණය බලපෑවේය. මෙම ව්‍යාපාර දෙකෙහිම ඔලුව සමන්විත වුයේ කරාව කුලයෙන් වුවද කද සමන්විත වුයේ පීඩිත කුලවලටද වැඩි තැනක් ලැබෙන ආකාරයට සකස් වු මිශ්‍රකුල සංයුතියකිනි. මෙම ව්‍යාපාර දෙකම ඔවුන්ගේ සටනට අවශ්‍ය පාද සෙබලුන් වැඩි කොට ලබාගත්තේ පීඩිත කුල වලිනි. මෙම ව්‍යාපාර දෙක අතින් මරණයට පත් වු වැඩි පිරිස සිංහල සමාජයේ ගොවිගම හා දෙමළ සමාජයේ වෙල්ලාල කුලවලට අයත් වන විට ආරක්ෂක හමුදා අතින් මරණයට පත් අයගෙන් වැඩි පිරිස අයත් වුයේ සිංහල හෝ දෙමළ සමාජයේ පීඩිත කුලවලටය. ඉහත සංවිධාන දෙකම කුල භේදයට එරෙහිව අනියමින් ගෙනගිය සටන අසාර්ථක වුයෙන් අදටත් දේශපාලනයට වැදගත් සාධයක්ව කුලය පවතින බව මෙහිලා සදහන් කළ යුතුය.

අදහස් හා යෝජනා

කුල ක්‍රමය සම්බන්ධයෙන් දිගු අධ්‍යනයක නිරත රාවය පුවත්පතෙහි ප්‍රධාන කතෘ වික්ටර් අයිවන් මහතා සිය ලේඛන හරහා අවධාරණය කරන්නේ කුල භේදය හේතුවෙන් පීඩාවට පත් වු ජනයාට සහන සලසන වැඩපිළිවෙළක් පිළිබදවය. ඔහු සිය දේශපාලනයේ පවුල හා කුලය ග්‍රන්ථය හදුන්වා දෙමින් යෝජනා කරන්නේ ජනගහනයේ කුල අනුපාතයන්ට අනුව පාර්ලිමේන්තු නියෝජනත්වයක් හිමි වියයුතු බවයි. දිගු කාලයක් පුරා කුල ධුරාවලිය සමාජ ගැටලු රාශියකයකට හේතු වු හෙයින් කුල පීඩනයෙන් අසාධාරණයට ලක් වු අයට යුක්තිය ඉටු කිරීමේ අරමුණින් එම යෝජනාව ඉතාමත් වැදගත්ය. නමුත් එයින් කුලයට වටිනාකමක් ලැබෙන හෙයින් අවස්ථාවාදී දේශපාලකයින්ට එය වාසි සහගත විය හැකි මෙන්ම නැවත කුලය ස්ථාපිතවීමට මාර්ගයක්ද විය හැකිය. එමනිසා අප කුල ක්‍රමය සපුරා අහෝසි කරන ක්‍රමවේදයකට යා යුතු බව මාගේ යෝජනාවයි.

ලංකාවේ කුලය හදුනා ගන්නේ පවුලේ නම හෙවත් වාසගම මගින් ය. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක සහ සත්හඩ පුවත්පතෙහි ප්‍රධාන කතුවරයා ලෙස කටයුතු කරන දීප්ති කුමාර ගුණරත්න මහතා වරක් යෝජනා කළ පරිදි සියලු පහළ කුල යැයි කියන වාසගම් ව්‍යවස්ථාපිත නීතියක් මගින් වෙනස් කිරීම මෙම කුල ගැටලුව අවසන් කිරීමට ගත හැකි වේගවත් සහ පහසු පියවරකි. එය නව උප්පැන්න සහතිකයක් ලබාදීමෙන් සිදු කළ හැකිය. ඊට කුලවාදය අවසන් කිරීම වැනි විප්ලවීය තීන්දුවක් ගැනීමට වත්මන් දේශපාලන නායකත්වයට උවමනාවක් තිබිය යුතුය. කුලවාදය පවත්වාගෙන යාමෙන් තමන්ට හිමිවන වාසි නොතකා ඊට එරෙහිව සටන් කළ යුතුය. සමාජය සංවිධානය කරමින් සිවිල් සමාජය එයට අවංක දායකත්වය සැපයිය යුතුය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නාමයට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ පුරවැසියන් වන අප සතු වගකීමකි.

තුසිත බාලසූරිය- සමබිම පුවත්පත

[QUOTE="Stein, post: 21303689, member: 558948"] [b]රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...![/b] [SIZE="5"][COLOR="DarkGreen"] [COLOR="DarkRed"][SIZE="6"] රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...![/SIZE][/COLOR] ශ්‍රී ලංකාව තුළ ආගම්වාදය සහ ජාතිවාදය තරම් ප්‍රසිද්ධ මාතෘකාවක් නොවන නමුත් රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය අවසන් කිරීමට කාලය උදාවී තිබේ. නව ආණ්ඩුක්ර ව්‍යවස්ථාව අරභයා ඇතිවෙමින් පවතින බහුත්වවාදී කතිකාව හුදෙක් ජනවාර්ගිකත්වය ඉලක්ක කරගනිමින් ගොඩනැගීම වෙනුවට සියලු පීඩිත ජනයාගේ අභිලාෂයන් ඉටු කරගැනීමට යොදාගත හැකි බව මාගේ අදහසයි. බහුත්වාදී දේශපාලන පරිකල්පනය කුලය මගහැරයාම පිළිබද වික්ටර් අයිවන් මහතා දක්වන අදහස මෙසේය: කුල අසමානතාව පිළිබද මාතෘකාව ආරම්භයේ සිට අද දක්වාම දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබද න්‍යාය පත්රට ඇතුළත් කිරීමට පීඩකයා පමණක් නොව පීඩිතයාද කැමති නැත. කුල ක්‍රමය ඇති කර තිබෙන උස් පහත් භේදයෙන් පීඩා ලබන අය පවා ඊට එරෙහිව අනියම් ලෙස මිස සෘජු ලෙස සටන් නොකරති. කුලය පිළිබද සමාජ අවධානය ගිලිහී යාමෙන් ලංකාවේ කුල ක්‍රමය අහෝසි වන බව මුසාවකි. මන්ද ශත වර්ෂාධික කාලයක් පුරුද්දක් හා උරුමයක් ලෙස පුහුණු කරන ලද කුල ක්‍රමය පවත්වාගෙන යාමට මිනිසුන් දක්වන ආශාව සතිඅන්ත පුවත්පත්වල මංගල දැන්වීම් කියවීමෙන් ඔබට වැටහෙනු ඇත. එමනිසා කාලයාගේ ඇවෑමෙන් කුලභේදය අහෝසි වනතුරු නොසිට ඊට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබද කතිකාව ඉදිරියට ගැනීම ජාතික වැදගත්කමකින් යුක්තය. වැඩවසම් යුගයේ සිට වර්ථමානය දක්වා මෙරට සමාජ ආර්ථික ක්‍රියාවලියට කුලය විසින් කරන ලද බලපෑම අධ්‍යනය කිරීම මෙන්ම දේශපාලනය තුළ කුල ධුරාවලියෙහි හැඩගැස්ම අධ්‍යනය කිරීම මෙම ලිපියෙහි අරමුණයි. මෙහි අවසානයෙහි කුල ක්‍රමය අහෝසි කරනු වස් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉලක්ක කරගනිමින් රාජ්‍ය වෙත ඉදිරිපත් කරනු ලබන අදහස් හා යෝජනා කිහිපයක්ද අඩංගු වෙයි. [COLOR="DarkRed"]ඉතිහාසය[/COLOR] කුල ක්‍රමය අසල්වැසි ඉන්දියාවෙන් අපට දායාද කරන ලද දෙයක් වුවද ඉන්දීය කුල ක්‍රමය පැනනැගී ඇත්තේ ආගමික මූලයන්ගෙනි. එය චතුර් වර්ණ ලෙස හදුන්වයි. නමුත් ලංකාවෙහි කුල ක්‍රමයට පදනම් වී ඇත්තේ ශ්‍රම විභජනය හෙවත් රැකියාවෙහි ස්භාවයයි. ලංකාවේ කුල මූලිකව කොටස් දෙකකට බෙදී ක්‍රියාත්මක විය. එනම් කෘෂිකර්මාන්තයෙහි නියැලෙන ජනතාව සහ කෘෂිකාර්මික නොවන කර්මාන්ත වල නියැලෙන ජනතාව වශයෙනි. ලාංකිකයන්ගෙන් බහුතරය කෘෂිකර්මාන්තයෙහි නිරත උසස් කුල වලට අයත් වු අතර කෘෂිකර්මාන්තයෙහි නොයෙදුනු ජනතාව හීන හෙවත් තත්වයෙන් පහත්කොට සළකනු ලැබීය. නමුත් මෙම කුල ධුරාවලියෙහි අනුපිළිවෙල මෙන්න කුල ගණන පිළිබදවත් විවිධ මත පවතී. රොබට් නොක්ස්ගේ ලේඛන වලට අනුව ලංකාවේ කුල ගණන දොළහකි. ජනවංශයට අනුව එය විසි හයකි. ඊට අනුව ඉඩම් හිමි ගොවියන් සහ ගව පාලනයෙහි නිරතවුවන් ගොවිගම කුලය ලෙසත් මසුන් මැරීමේ නිරතවුවන් කරාව කුලය ලෙසත් කුරුදු තැලීමේ රැකියාවෙහි නිරතවුවන් සලාගම කුලය ලෙසත් රා මැදීමේ නිරතවුවන් දුරාව කුලය ලෙසත් හදුන්වනු ලැබීය. එමෙන්ම අලුහුණු කර්මාන්තයේ නිරතවුවන් හුණු කුලය ලෙසත් ආචාරි/ගල්ලද්දු හෙවත් ලොකුරු වැඩවල නිරතවුවන් නවන්දන්න කුලය ලෙසත් රෙදි ඇපිල්ලීම තම ජීවිකාව කොටගත් අය හේන හෙවත් රදා කුලයට අයත් වුවන් ලෙස සළකනු ලැබීය. ඊට අමතරව හකුරු සෑදීමේ නිරතවුවන් වහුම්පුර හෙවත් හකුරු කුලය ලෙසත් වලං සෑදීමේ නිරතවුවන් කුඹල් හෙවත් හඩහැල කුලය ලෙසත් ශ්‍රී මහා බෝධිය රැක ගැනීම නිරතවුවන් සහ ඇත්ගොව්වන් දුර කුලය ලෙසත් නැටුම් සහ නක්ෂත්ර වැඩ වල නිරතවුවන් නැකති හෙවත් බෙරවා කුලය ලෙසත් හැදින්විය. සේවකයන් සහ බර උසුලන්නෝ අයත් වුයේ බත්ගම හෙවත් පදු කුලයටයි. මල බෙර ගැසීම ගහල කුලයට සහ පැදුරු විවීම කින්නර කුලයට අයත් රැකියා විය. හිගමනින් ජීවත්වු ජනතාව අයත් වුයේ රොඩී කුලයටයි. 1832 වසරේ කොල්බෘක් ප්‍රතිසංස්කරණ හරහා රාජකාරි ක්‍රමය අහෝසි කිරීමත් සමග කුලය මත පදනම් වු වැඩවසම් සේවා ක්‍රමය වෙනුවට තමන් කැමති රැකියාවක නිරතවීමේ හැකියාව උදාවිය. එමෙන්ම නීතිය ඉදිරියෙහි සියලුදෙනාම සමානයන් ලෙස සලකන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වු බවද පතපොතෙහි සදහන් වේ. නමුත් බහුතරයක් මෙරට වැසියන් සිය සම්ප්‍රදායික රැකියාවල නිරතවීමට කැමැත්තක් දැක්වු නිසාත් වෙනත් රැකියාවලට යොමු වු අයට දිගින් දිගටම කුල භේදය බලපෑම් කළ නිසාත් බ්‍රිතාන්‍ය යටත් විජිත ආණ්ඩුවට පවා කුලය ක්‍රමය නොසළකා රාජ්‍ය පාලනය ගෙන යාමට නොහැකි විය. බ්‍රිතාන්‍ය පාලකයින්ද සම්ප්‍රදායට ගරු කරන මුවාවෙන් ව්‍යාපාර අයිතිය සහ දේශපාලන නිදහස සමාජයේ ඉහළ කුලවලට ලබාදෙන ලදී. පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණෙහි සහ කොටි සංවිධානයෙහි අරගලවලට මෙම කුල පීඩනය හේතුවක් වු බව ඉතිහාසයේ සදහන් වේ. [COLOR="darkred"]පවුල සහ කුලය[/COLOR] පවුල ආදරය එක්රැස් කරන ගබඩාව මෙන්ම කුල ක්රමයෙහි මුලික ඒකකයද වෙයි. කුලය සහ පවුල පිළිබද කුමාරි ජයවර්ධන දක්වන්නේ මෙවන් අදහසකි: ක්රියාකාරීවීමේ සහ පක්ෂපාතිත්වයේ ඒකකයක් ලෙස පවුලේ එකමුතුව සහ පවුලේ ගරුත්වය පිළිබද සංකල්පය කුල ගරුත්වයත් කුලවාදී හැගීමත් එක්තරා දුරකට කුල ධුරාවලියක් පවත්වාගෙන යාම සදහා ක්‍රියාත්මක වෙයි. පවුල්වාදයෙන් තොරව ලංකාවේ කුලය ආරක්ෂා නොහැකිව තිබින. පවුල් බලය ආරක්ෂා කරගැනීමට එදා මෙන්ම අදත් විවාහ කටයුතු වලදී කුල රීති දැඩිව ක්‍රියාත්මක වෙයි. සිය කුලයෙන් බැහැරව හිර ගනුදෙනු තහනම් වන අතර කුලහීනයෙකු සමග විවාහවීම පවුලෙන් නෙරපීමට තරම් හේතුවකි. වර්ථමානයේ මෙවැනි සිදුවීම් සුලබ නොවුනද කුල පීඩනය හේතුවෙන් විවාහ පත්වීම ප්‍රමාද වු සහ කුල ගැටලුව හේතුවෙන් අසරණ වු පවුල් විශාල ප්‍රමාණයක් ඇත. [COLOR="darkred"]ධනවාදය සහ කුලය[/COLOR] සුචරිතවාදය සුඛ පරමවාදය මගින් ඉවත්කොට වෙළද දැන්වීම් මගින් සමාජ මානසිකත්වය හසුරවන සහ ජාතිය, ආගම, ලිංගිකත්වය, පන්තිය හා කුලය වැනි සමාජ බෙදීම් අභාවයට ගොස් ඒ වෙනුවට භාණ්ඩ හිමිකාරිත්වය ආදේශ කර නිදහස හා සමානාත්මතාවය තීරණය කොට ඇති යුගයක ධනවාදයේ පැවැත්මට කුලවාදයෙහි බලපෑම අවම වනු ඇත. නමුත් අවසාන ධනවාදය මෙතෙක් ප්රාග්ධනය මැදිහත් නොවු සංස්කෘතිය හා කලාව වැනි විෂයන් වෙතට ගලායමින් පවතින හෙයින් නව ලිබරල් ධනවාදයෙහි පැවැත්ම තහවුරු කිරීමට සිංහලේ මෙන්ම කුලේ වුවද භාවිතා කිරීමේ අවධානමක් පවතී. අතීතයේදී මෙන් ඉඩම් හිමිකාරිත්වයට සහ ව්‍යාපාර බලපත්‍ර ලබාගැනීමට මෙන්ම රැකියාවකට ඇතුල්වීමට කුල සාධකය තීරණාත්මක නොවුවද සියයට සියයක් ආර්ථික ක්‍රියාවලිය කුල ධුරාවලිය නොසළකා හැර නොමැති බවද සදහන් කළ යුතුය. [COLOR="darkred"]දේශපාලනය සහ කුලය[/COLOR] කුල ක්‍රමය අවසන් කිරීමට ඇති මුලික බාධාව ලංකාවේ දේශපාලනයට කුලය විසින් ඇති කරන බලපෑමය. ධනේෂ්වර කදවුර මෙන්ම වාමාංශික කදවුරද දේශපාලනයේදී කුල සාධකය තීරණාත්මක කොට ගනිති. ලංකාවට සර්ව ජන ඡන්ද බලය හදුන්වා දිය යුතු බවට යෝජනා වු පළමු අවස්ථාවේදී ලාංකීය කම්කරු ව්‍යාපාරයේ පියා ලෙස හැදින්වෙන ඊ. ඒ. ගුණසිංහ හැර ඩී. ඇස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක හා පොන්නම්බලම් රාමනාදන් වැනි සියලු ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් ඊට විරුද්ධ විය. ඊට මුලික හේතුව කුල භේදය බව අමතක නොකළ යුතුය. නිදහසේ සිට අද දක්වාම දේශපාලන බල පොරය පැවතින්නේ ගොවිගම කුලයට අයත් පවුල් කාටල අතර බවට වික්ටර් අයිවන් දක්වන අදහසෙහි සත්‍යතාවක් තිබේ. අදටත් දේශපාලන පක්ෂ මැතිවරණ සදහා නාමයෝජනා ලබාදීමේදී කුලයට බර තබන අතර වත්මන් පාර්ලිමේන්තු සංයුතියද එහි ප්රතිළුලයකි. ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ අරගලයන්ට මෙම කුල පීඩනය හේතුවක් වු බව ඔප්පු කිරීමට වික්ටර් අයිවන් කරුණු ඉදිරිපත් කරන්නේ මෙසේය: ජවිපේ හා එල්ටීටීඊයේ ව්‍යාප්තිය හා වර්ධනය කෙරෙහි සිංහල හා දෙමළ සමාජයේ පවත්නා කුල ප්‍රශ්ණය බලපෑවේය. මෙම ව්‍යාපාර දෙකෙහිම ඔලුව සමන්විත වුයේ කරාව කුලයෙන් වුවද කද සමන්විත වුයේ පීඩිත කුලවලටද වැඩි තැනක් ලැබෙන ආකාරයට සකස් වු මිශ්‍රකුල සංයුතියකිනි. මෙම ව්‍යාපාර දෙකම ඔවුන්ගේ සටනට අවශ්‍ය පාද සෙබලුන් වැඩි කොට ලබාගත්තේ පීඩිත කුල වලිනි. මෙම ව්‍යාපාර දෙක අතින් මරණයට පත් වු වැඩි පිරිස සිංහල සමාජයේ ගොවිගම හා දෙමළ සමාජයේ වෙල්ලාල කුලවලට අයත් වන විට ආරක්ෂක හමුදා අතින් මරණයට පත් අයගෙන් වැඩි පිරිස අයත් වුයේ සිංහල හෝ දෙමළ සමාජයේ පීඩිත කුලවලටය. ඉහත සංවිධාන දෙකම කුල භේදයට එරෙහිව අනියමින් ගෙනගිය සටන අසාර්ථක වුයෙන් අදටත් දේශපාලනයට වැදගත් සාධයක්ව කුලය පවතින බව මෙහිලා සදහන් කළ යුතුය. [COLOR="darkred"]අදහස් හා යෝජනා[/COLOR] කුල ක්‍රමය සම්බන්ධයෙන් දිගු අධ්‍යනයක නිරත රාවය පුවත්පතෙහි ප්‍රධාන කතෘ වික්ටර් අයිවන් මහතා සිය ලේඛන හරහා අවධාරණය කරන්නේ කුල භේදය හේතුවෙන් පීඩාවට පත් වු ජනයාට සහන සලසන වැඩපිළිවෙළක් පිළිබදවය. ඔහු සිය දේශපාලනයේ පවුල හා කුලය ග්‍රන්ථය හදුන්වා දෙමින් යෝජනා කරන්නේ ජනගහනයේ කුල අනුපාතයන්ට අනුව පාර්ලිමේන්තු නියෝජනත්වයක් හිමි වියයුතු බවයි. දිගු කාලයක් පුරා කුල ධුරාවලිය සමාජ ගැටලු රාශියකයකට හේතු වු හෙයින් කුල පීඩනයෙන් අසාධාරණයට ලක් වු අයට යුක්තිය ඉටු කිරීමේ අරමුණින් එම යෝජනාව ඉතාමත් වැදගත්ය. නමුත් එයින් කුලයට වටිනාකමක් ලැබෙන හෙයින් අවස්ථාවාදී දේශපාලකයින්ට එය වාසි සහගත විය හැකි මෙන්ම නැවත කුලය ස්ථාපිතවීමට මාර්ගයක්ද විය හැකිය. එමනිසා අප කුල ක්‍රමය සපුරා අහෝසි කරන ක්‍රමවේදයකට යා යුතු බව මාගේ යෝජනාවයි. ලංකාවේ කුලය හදුනා ගන්නේ පවුලේ නම හෙවත් වාසගම මගින් ය. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක සහ සත්හඩ පුවත්පතෙහි ප්‍රධාන කතුවරයා ලෙස කටයුතු කරන දීප්ති කුමාර ගුණරත්න මහතා වරක් යෝජනා කළ පරිදි සියලු පහළ කුල යැයි කියන වාසගම් ව්‍යවස්ථාපිත නීතියක් මගින් වෙනස් කිරීම මෙම කුල ගැටලුව අවසන් කිරීමට ගත හැකි වේගවත් සහ පහසු පියවරකි. එය නව උප්පැන්න සහතිකයක් ලබාදීමෙන් සිදු කළ හැකිය. ඊට කුලවාදය අවසන් කිරීම වැනි විප්ලවීය තීන්දුවක් ගැනීමට වත්මන් දේශපාලන නායකත්වයට උවමනාවක් තිබිය යුතුය. කුලවාදය පවත්වාගෙන යාමෙන් තමන්ට හිමිවන වාසි නොතකා ඊට එරෙහිව සටන් කළ යුතුය. සමාජය සංවිධානය කරමින් සිවිල් සමාජය එයට අවංක දායකත්වය සැපයිය යුතුය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නාමයට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ පුරවැසියන් වන අප සතු වගකීමකි.[/COLOR][/SIZE] [COLOR="DarkSlateGray"][SIZE="4"][SIZE="3"]තුසිත බාලසූරිය- සමබිම පුවත්පත[/SIZE][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom