Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
රාග ගිනි නිවාලූ සේක් ම ය එ් මහ රහතුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාග ගිනි නිවාලූ සේක් ම ය එ් මහ රහතුන්

සැණකෙළි බිමේ ගැයුම් හා වැයුම් හඬ සිටු මැදුරටත් හොඳින් ම ඇසේ. එහෙත් සිටු දේවියගේ සිතේ උපන් දුක තුනී කිරීමටවත් එ් හඬට නො හැකි ය. සුවිශාල සිටු මැදුරේ ඉහළ ම මහලේ කැටයම් කළ ජනෙල් කවුළුවෙන් අඳුරු අහස දෙස නෙතු විහිදාගෙන ඕ මෙසේ සිතන්නී ය.

‘මයෙ පුතා ඉන්දැද්දී මේ සිටු මැදුර කොතරම් සොඳුරුව තිබ්බ ද? දැන්…. සොහොන වගේ පාළු වෙලා… අර මුඩු ශ්රමණයන් පිරිවරාගත් ශ්‍රමණ ගෞතමයන්ගෙන් බණ නෑසුවා නම්… හනේ තාමත් යස අගේට මේ සිටු මැදුරේ ඉන්නවානේ… දැන් ඉතිං වහලෙක් වගේ හිසත් මුඩු කරගෙන කසට වස්ත්‍ර දරාගෙන හිඟන්නෙක් වගේ පිඬු සිඟායනවා ඇති… අනේ මගේ කොල්ලට වෙච්ච දෙයක්…’

දෑසට ඉනූ උණු කඳුළු පිසදමාගත් ඈ සෙමෙන් පියවර තබමින් පියගැටපෙළ බැස මැදුරෙන් ඉවතට පැමිණියා ය. හිස හැරුණේ සැණකෙළි බිම දෙසටයි. ඇය දැන් එදෙසට පියවර තබන්නී ය. සතුටු වීමේ අදහසින් නම් නො වේ. දුක තුනී කර ගැනුමටයි. එහෙත් සැණකෙළි බිමේ දුටු දසුන, ඈ සිත තවත් පෑරුවේ ය.

සතළිස් කෝටියක ධනය අතහැර නොබෝ දා පැවිද්දට පත් තම එක ම පුතු වූ සමුද්දයන්ගේ සමීපතම මිතුරා සිය රූමත් බිරියත්, සිඟිති දරුවාත් සමඟ එහි පැමිණ සිටී. ඔහු තමාට සිනාසෙනු දුටු සිටු දේවිය හදවතින් ම නැතත් කෘත්‍රිම ව සරසාගත් මඳ සිනාවක් පෑවා ය. එහෙත් ඇයට වාවනු නො හැකි ය. වේගවත් කඳුළු කැට හදපත්ල දවාගෙන පැමිණ දෑස පුරවා ගති. එතැනම හිඳගත් සිටු දේවිය ඉකිගසමින් හඬන්නට වූවා ය.

කවරෙකු හෝ තම උරස මත අත තබනු දැනී ඉක්මනින් ම කඳුළු පිසගෙන, ඉකිය ද වාවාගෙන ඇය හිස ඔසවා බැලී ය. කරුණාබර බැල්මකින් තමා දෙස බලා සිටින්නේ සැවැත් නුවර අභිරූපී වෙසඟනකි. ඕ සිටුදේවියට මෙසේ පැවසුවා ය.

zzඇයි ද සිටුදේවියනි! සියල්ලන් සොම්නස් වන මේ සැණකෙළි බිමේ ඔබ පමණක් ෙදාම්නසින්…?”

මොහොතක් ඈ දෙස බලා සිටි සිටුදේවිය සුසුමක් පිටකරමින් ම මෙසේ තෙපළුවා ය.

‘‘මට දුකයි කෙල්ලේ… අර මුඩු ශ්‍රමණයෝ මගේ කොල්ලව මහණ කරගෙන රජගහනුවරට අරන් ගිහින් දැන් සෑහෙන දවසක්… පුතාව හැමදා ම හීනෙන් පේනවා.. අනේ උගේ වයසේ තරුණයෝ දකිද්දී මයේ පපුව හෝස් ගාල ගියා කෙල්ලේ..”

තමාත් එ් සිටුතරුණයා දැක කඩවසම් පෙනුමට වසඟ වූ බව වෙසඟනට සිහිපත් විය. හේ මහා ධනස්කන්ධයකට උරුමකම් කියන්නෙකි. නම සමුද්ද වුවත් දුටුවන් වසඟ කරවන තරම් සොඳුරු පෙනුමක් ඇති නිසා හැඳින්වූයේ සුන්දර සමුද්ද සිටුපුත්‍රයා ලෙසයි. තමාට එබඳු පුරුෂයෙකුගේ බිරිඳ වීමට ඇත්නම් කොතරම් වාසනාවක් දැයි ඇයට සිතිණි. ඇය සෙමෙන් සිටුදේවියට මෙසේ පැවසුවා ය.

‘‘ඔය ආවේගයට වගේ ගියාට මේ සිටුමැදුරේ සුවය මතක් වෙද්දී නොබෝ දිනක ම යළි පැමිණේවි සිටු දේවිය. ඔය කොතෙකුත් පැවිද්දන් සිවුරු හැර යන්නේ.”

එ් ප්රකාශයටවත් සිටුදේවියගේ සිත සතුටු නො වූවා සේ ය. හිස් අහස දෙසට දෑස් යොමුකළ ඇය තෙපළන්නට වූවා ය.

‘‘පුතා ගියේ නම් ලොකු තේරුමක් ඇති ගමනක් කියලයි මට හිතෙන්නේ… මගෙන් පැවිද්දට අවසර ඉල්ලද්දී මං කිව්වා ‘මේ සිටු මැදුරේ මෙච්චර සැප තියෙනවා. තැන්පත් ධනය විතරක් කෝටි හතළිහක්. උඹට ඕන තරම් කාල බීල සතුටු වෙයං. කැමති නම් දානෙත් දීපං. උඹ විතරක් එක ම කොල්ලා, උම නැතුව කොහොම ද මේ සිටු පරපුර පවත්වාගෙන යන්නේ’ කියලා. එ්ත් එ්කට දීපු උත්තරේ…..

‘අම්මා පොඞ්ඩක් හිතන්න අම්මා… අපේ මී මුත්තන්ගේ පරපුරේ ඉඳලා ම ධනය රැුස්කරන්ට වෙහෙසුනා. එ්ත් එ් කිසිවෙකු රැුස්කළ ධනයේ උරුමකාරයෝ වූණේ නෑ… තඹ දොයිතුවක්වත් නො ගෙනයි එ් අය එලොව ගියේ… අම්මටත්, අප්පච්චිටත්, මටත් මේ හැමෝටමත් එ්කයි ඉරණම.. අම්මා! සම්බුදු උපත දුර්ලභයි අම්මා! එ් සම්බුදුරජාණන් වහන්සේ ළඟ මාත් පැවිදිවෙන්ට කැමතියි අම්මා!….’

මට උත්තර නැතුව ගියා… තව ගොඩාක් දේත් කිව්වා… කැමැත්තකින් නෙවේ කෙල්ලේ මං අවසර දුන්නේ… අම්මා කෙනෙක් කොහොම ද මේ දුක ඉවසන්නේ…”

සිටු දේවිය ඉකි ගසමින් යළිත් හඬන්නට වූවා ය. මොහොතක් නිහඬව සිටි වෙසඟන මෙසේ පැවසුයේ සිටුදේවිය තිගැස්මට පත් කරවමිනි.

‘‘මං එයාව අයෙත් අරගෙන එන්නම්! හ්ම්… සිටුදේවිය මොකද කියන්නේ…”

නො සිතූ ලෙස එ් පැවසූ දෙය සිටුදේවියගේ සිත සතුටට පත් කළා ය. ඈ මෙසේ සිතන්නී ‘ඔව් මේකිට නම් බැරිකමකුත් නෑ.. ඇසිගෙඩි දිළිසෙනවා. කඩා හැලෙන වරලස, ඔව්! පිරිමියෙකුට උන්හිටිතැන් අමතක වෙන රූපයක්නෙ මේකිට තියෙන්නේ…’ මඳ සිනාවක් නඟාගෙන වෙසඟනට මෙසේ පැවසුවා ය.

‘‘එ්යි කෙල්ලේ! එහෙම වුණොත් උඹ තමයි සිටු මැදුරේ පතිනිය…”

වෙසඟන පසු දින ම මඟ වියදම් ද රැගෙන සේවිකාවන් කිහිප දෙනෙකු ද සමඟ සැවැත් නුවරින් නික්ම දින කිහිපයකින් රජගහ නුවරට පැමිණියා ය. සිය පිරිවරත් සමඟ ඇය එක්තරා වීදියකටයි පැමිණුනේ. එ් රජගහනුවර මහා වනයේ වැඩවසන ශ්රමණයන් වහන්සේලා පිඬු පිණිස නගරයට ඇතුළුවන වීදිය යි. එහි මන්දිරයක් ඈ කුලියට ගත්තා ය. එය සත්මහල් මැදුරකි. ටික දිනක් ඉහළ ම මහලේ කවුළුවෙන් පිඬු සිඟා හැසිරෙන ශ්රමණයන් දෙස බලා සිටි ඇය තමා සොයාගෙන පැමිණි සුන්දර සමුද්ද තෙරුන් ව හඳුනා ගත්තා ය.

ඉක්බිති සෑම උදෑසනක ම ඕ මිහිරි බොජුන් සකසන්නී, චාම් වස්ත්‍රයකින් සැරසෙන්නී, ගත සුවඳ ගල්වන්නී, තෙරුන් වඩිනා මඟ බලා සිටින්නී ය. සන්සුන් පියොවින් බිමට යොමාගත් නෙතු ඇතිව සුන්දර සමුද්ද තෙරුණුවෝ දිනපතා ම ඈ නිවස අසලට පිඬු සිඟා වඩින්නේ ය. ඈ දන් පිදීමට පෙරත් පසඟ පිහිටුවා වඳින්නී, සීරුවෙන් දන් හැන්ද පාත්‍රයේ නො ගටා බෙදන්නී, දන් පුදා අවසානයේ ද සාදු නද දී වඳින්නී සැදැහැති බව පෙන්වන්නී ය. මෙසේ වෙනසකින් තොරව දින කිහිපයක් ගෙවෙන්නට හැරියා ය.

දැන් තෙරුන් මැදුර තුළට වඩමවා ගත යුතු ය. වීදියේ කොල්ලන්නට සුළු මුදලක් දුන් ඇය තම මැදුර ඉදිරියේ සෙල්ලම් කිරීමට නියෝග දුන්නා ය. තෙරුන් වහන්සේ පිණ්ඩපාතය පිණිස වැඩම කරනු දුටු ඇය ඉදිරියට පැමිණුනා ය. තෙරුන් අබියස වන්දනා කොට ‘‘අනේ ස්වාමිනී! මේ දරුවෝ කීවාට අහන්නේ නෑ. මෙතැන ම සෙල්ලම. අපි කෙරෙහි අනුකම්පාවෙන් දානය පිළිගැනීමට මැදුර තුළට ම වඩිනු මැනැවි” යි ආයාචනා කළා ය.

නිහඬව ම ඇරයුම පිළිගත් තෙරුණුවෝ මැදුර තුළට වැඩම කොට දන් පිළිගෙන පෙරළා වැඩම කළේ ය. ඇගේ පළමු උපාය සාර්ථක විය. එදින පටන් මැදුරේ යටි මහලේ ම දානය පිළිගැන්වූවා ය. දින කිහිපයක් ගත වූ පසු ඈ සැකසූ දානය සත්වෙනි මහලේ තැබුවා ය. තෙරුන් වඩිනා තුරු මඟ බලා සිටියා ය.

සෝදාගත් හිස් පාත්‍රය ඇතැතිව සුන්දර සමුද්ද තෙරණුවෝ පිඬු පිණිස වැඩම කරනු පෙනේ. වෙනදා මෙන් ම පෙරගමනේ ගිය වෙසඟන සැදැහැතියක සේ මෙසේ පැවසුවා ය.

‘‘ස්වාමිනී, අද දානය මගේ මැදුරෙන් ම වළඳන සේක්වා! ඉහළ මහලේ දානය සූදානම් කොටයි තිබෙන්නේ. මා කෙරෙහි අනුකම්පාවෙන් වඩිනු මැනැවි” නිහඬව ම එ් ඇරයුම ද පිළිගත් තෙරුන් වහන්සේ ඇගේ මැදුරේ සත්වෙනි මහලට ම වැඩම කළේ ය. තෙරුන් වඩමවාගෙන යන අතරතුර මහලෙන් මහලට ඇති සියලූ ෙදාරවල් වසාගෙන යාමට වෙසඟන අමතක නො කළා ය. මේ, තමා මෙතෙක් කල් වෙහෙසුන කටයුත්තේ අවසානය යි.

තෙරණුවන් හට වැඩ හිඳීමට අසුන පෙන්වූ ඇය කාමරයකට පිවිසුණා ය. සුළු මොහොතක් ගත විය. කෙස් කළඹ මලින් සරසාගත්, ශරීරාවයව ප්‍රකට වන පරිදි වස්ත්‍ර හැඳගත්, රන් මිරිවැඩි යුගලක් පැලැඳි, රන් නුපුර පයලා ගත් ස්ත්‍රියක් ලෙසයි ඈ යළි කාමරයෙන් එළියට පැමිණුනේ. සුන්දර සමුද්ද තෙරුන් හට සිදුවන්නට යන්නේ කුමක්දැයි සිහිය ඉපදුණේ ය. එහෙත් අසුනෙන් නැඟිට යාමට උත්සාහ නො කළේ ය. නෙතු යුග බිමට නැඹුරු කර ගත්තා පමණි.

තෙරුන් සමීපයට පැමිණි වෙසඟන රන් මිරිවැඩි ගැලවූවා ය. තෙරුන් හට වන්දනා කරගෙන මිහිරි මොලොක් බසින් මෙසේ පැවසුවා ය.

‘‘ඔයා පැවිදිවෙලා හිටියත් තාම තරුණයි. මං කියන දේ අහන්නකෝ! මේ මනුස්ස ලෝකේ විඳින්න තියෙන සැප විඳලා ඉන්න. මං ඔයාට හැම සම්පතක් ම දෙන්නම්. මං ඔයාට මේ ඇත්තමයි කියන්නේ. ගින්දර වුණත් ගෙනැල්ලා දෙන්නම්.

වයසට ගිහිං හැරමිටි ගහන කාලේ එද්දී අපි දෙන්නා ම මහණ වෙමු. එතකොට අපි මේ ලෝක දෙක ම ජය ගත්තා වෙනවා.”

ලස්සනට ආභරණ පලඳා මිහිරි හඬින් ආයාචනා කරන මේ ස්ත්‍රිය සුන්දර සමුද්ද තෙරණුවෝ දුටුවේ මාරයා විසින් ඇටවූ තොණ්ඩුවක් ලෙසයි. උන් වහන්සේට එ් තුළින්

යෝනිසෝමනසිකාරය ඉපදිණි. කාමයන්ගේ ආදීනව ම ප්‍රකට විණි. අවබෝධයෙන් ම කලකිරීම ඇතිවිණි.

දැන් එ් සුන්දර සමුද්ද තෙරුන් ඉදිරියේ මේ වෙසඟන නොයෙක් රැඟුමන් රඟන්නී ය. මිහිරට ගයන්නී ය. වස්ත්‍ර ඈත් මෑත් කරන්නී ය. එහෙත් අසිරියෙකි! මේ විප්‍රකාර සියල්ල ඉදිරියේ සුන්දර සමුද්ද තෙරණුවෝ සම්බුදුරජුන්ගේ අනුශාසනය ම සිහිපත් කරමින් සන්සුන්ව සිටින්නේ ය.

මහා කාරුණික සම්බුදු දෙනෙතට මේ සිදුවීම දැකගන්නට ලැබිණි. තම පුත්‍ර රත්නයක් හිස් පාත්‍රය අත දරාගෙන, කුසගින්නේ, රාගාදී කෙලෙස් සමඟ යුධ වදිමින් සිටී. බුදුරජාණන් වහන්සේ සිහින් සිනාවක් නැගූ සේක. එය දුටු එකත්පසෙක සිටි ආනන්ද තෙරණුවෝ මෙසේ විමසුවේය.

‘‘ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස… තථාගතයන් වහන්සේ සිනා පහළ කිරීමට හේතුව කුමක් ද?

‘‘ආනන්දය, මේ මොහොතේ යුද්ධයක්. වෙසඟනකුයි මා පුත් සුන්දර සමුද්දයනුයි අතර යුද්ධයක්.” යැයි පැවසූ සම්බුදුරජාණන් වහන්සේ මිහිරි කුරවීක නාදයෙන් මෙසේ පැවසූ සේක.

‘‘යෝ’ධ කාමේ පහාත්වාන

අනාගාරෝ පරිබ්බජේ

කාමභව පරික්ඛීණං

ත’මහං බ්රෑම් බ්රාහ්මණං”

‘‘යමෙක් කාමයන් අත්හැර අනගාරික බුදු සසුනේ පැවිදිව ලබා කාම තණ්හා, භව තණ්හා ආදිය දුරු කළේ නම් එ් අරහත් මුනිවරයාටයි මා බ්‍රාහ්මණයා යැයි කියන්නෙ.්”

එසැණින් ම එ් සම්බුදු ස්වරය සුන්දර සමුද්ද තෙරුන් හට ද ඇසුණි. බුද්ධානුභාවය අසිරිමත් ය! තෙරුන් වහන්සේට තව තවත් වීරිය ඇතිවිය. සසරේ නොඇල්ම ඇතිවිය. එ් සිත සියලූ කෙලෙසුන්ගෙන් නිදහස් විය. අවිද්‍යාව සුණු විසුණු විය. දැන් මේ මැදුරේ සත්වැනි මහලේ වැඩ සිටින්නේ අභිඥලාභී මහ රහතන් වහන්සේනමකි. මේ ශ්‍රී සද්ධර්මය කෙතරම් අසිරිමත් ද?

කුතුහලයෙන් යුතුව ආනන්ද තෙරුන් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසුවේ ය.

‘‘ස්වාමීනී.. කවුද එ් යුද්ධයෙන් දිනන්නේ?”

‘‘ආනන්දය මාගේ පුතා දිනනවා…” යි සම්බුදුරජාණන් වහන්සේ පැවසූ සේක.

රැඟුමෙන් වෙහෙසට පත් වෙසඟන තෙරුන් දෙස පුදුමයෙන් බලා සිටිද්දී… පළඟ බැඳගෙන ම අහසට එසවුණු සුන්දර සමුද්ද මහරහතන් වහන්සේ සත්වෙනි මහලේ වහලයෙහි කැණිමඬල ද පලාගෙන වැඩම කළ සේක.

[QUOTE="S7Edge, post: 20736944, member: 559440"] [b]රාග ගිනි නිවාලූ සේක් ම ය එ් මහ රහතුන්[/b] [SIZE="3"]සැණකෙළි බිමේ ගැයුම් හා වැයුම් හඬ සිටු මැදුරටත් හොඳින් ම ඇසේ. එහෙත් සිටු දේවියගේ සිතේ උපන් දුක තුනී කිරීමටවත් එ් හඬට නො හැකි ය. සුවිශාල සිටු මැදුරේ ඉහළ ම මහලේ කැටයම් කළ ජනෙල් කවුළුවෙන් අඳුරු අහස දෙස නෙතු විහිදාගෙන ඕ මෙසේ සිතන්නී ය. ‘මයෙ පුතා ඉන්දැද්දී මේ සිටු මැදුර කොතරම් සොඳුරුව තිබ්බ ද? දැන්…. සොහොන වගේ පාළු වෙලා… අර මුඩු ශ්රමණයන් පිරිවරාගත් ශ්‍රමණ ගෞතමයන්ගෙන් බණ නෑසුවා නම්… හනේ තාමත් යස අගේට මේ සිටු මැදුරේ ඉන්නවානේ… දැන් ඉතිං වහලෙක් වගේ හිසත් මුඩු කරගෙන කසට වස්ත්‍ර දරාගෙන හිඟන්නෙක් වගේ පිඬු සිඟායනවා ඇති… අනේ මගේ කොල්ලට වෙච්ච දෙයක්…’ දෑසට ඉනූ උණු කඳුළු පිසදමාගත් ඈ සෙමෙන් පියවර තබමින් පියගැටපෙළ බැස මැදුරෙන් ඉවතට පැමිණියා ය. හිස හැරුණේ සැණකෙළි බිම දෙසටයි. ඇය දැන් එදෙසට පියවර තබන්නී ය. සතුටු වීමේ අදහසින් නම් නො වේ. දුක තුනී කර ගැනුමටයි. එහෙත් සැණකෙළි බිමේ දුටු දසුන, ඈ සිත තවත් පෑරුවේ ය. සතළිස් කෝටියක ධනය අතහැර නොබෝ දා පැවිද්දට පත් තම එක ම පුතු වූ සමුද්දයන්ගේ සමීපතම මිතුරා සිය රූමත් බිරියත්, සිඟිති දරුවාත් සමඟ එහි පැමිණ සිටී. ඔහු තමාට සිනාසෙනු දුටු සිටු දේවිය හදවතින් ම නැතත් කෘත්‍රිම ව සරසාගත් මඳ සිනාවක් පෑවා ය. එහෙත් ඇයට වාවනු නො හැකි ය. වේගවත් කඳුළු කැට හදපත්ල දවාගෙන පැමිණ දෑස පුරවා ගති. එතැනම හිඳගත් සිටු දේවිය ඉකිගසමින් හඬන්නට වූවා ය. කවරෙකු හෝ තම උරස මත අත තබනු දැනී ඉක්මනින් ම කඳුළු පිසගෙන, ඉකිය ද වාවාගෙන ඇය හිස ඔසවා බැලී ය. කරුණාබර බැල්මකින් තමා දෙස බලා සිටින්නේ සැවැත් නුවර අභිරූපී වෙසඟනකි. ඕ සිටුදේවියට මෙසේ පැවසුවා ය. zzඇයි ද සිටුදේවියනි! සියල්ලන් සොම්නස් වන මේ සැණකෙළි බිමේ ඔබ පමණක් ෙදාම්නසින්…?” මොහොතක් ඈ දෙස බලා සිටි සිටුදේවිය සුසුමක් පිටකරමින් ම මෙසේ තෙපළුවා ය. ‘‘මට දුකයි කෙල්ලේ… අර මුඩු ශ්‍රමණයෝ මගේ කොල්ලව මහණ කරගෙන රජගහනුවරට අරන් ගිහින් දැන් සෑහෙන දවසක්… පුතාව හැමදා ම හීනෙන් පේනවා.. අනේ උගේ වයසේ තරුණයෝ දකිද්දී මයේ පපුව හෝස් ගාල ගියා කෙල්ලේ..” තමාත් එ් සිටුතරුණයා දැක කඩවසම් පෙනුමට වසඟ වූ බව වෙසඟනට සිහිපත් විය. හේ මහා ධනස්කන්ධයකට උරුමකම් කියන්නෙකි. නම සමුද්ද වුවත් දුටුවන් වසඟ කරවන තරම් සොඳුරු පෙනුමක් ඇති නිසා හැඳින්වූයේ සුන්දර සමුද්ද සිටුපුත්‍රයා ලෙසයි. තමාට එබඳු පුරුෂයෙකුගේ බිරිඳ වීමට ඇත්නම් කොතරම් වාසනාවක් දැයි ඇයට සිතිණි. ඇය සෙමෙන් සිටුදේවියට මෙසේ පැවසුවා ය. ‘‘ඔය ආවේගයට වගේ ගියාට මේ සිටුමැදුරේ සුවය මතක් වෙද්දී නොබෝ දිනක ම යළි පැමිණේවි සිටු දේවිය. ඔය කොතෙකුත් පැවිද්දන් සිවුරු හැර යන්නේ.” එ් ප්රකාශයටවත් සිටුදේවියගේ සිත සතුටු නො වූවා සේ ය. හිස් අහස දෙසට දෑස් යොමුකළ ඇය තෙපළන්නට වූවා ය. ‘‘පුතා ගියේ නම් ලොකු තේරුමක් ඇති ගමනක් කියලයි මට හිතෙන්නේ… මගෙන් පැවිද්දට අවසර ඉල්ලද්දී මං කිව්වා ‘මේ සිටු මැදුරේ මෙච්චර සැප තියෙනවා. තැන්පත් ධනය විතරක් කෝටි හතළිහක්. උඹට ඕන තරම් කාල බීල සතුටු වෙයං. කැමති නම් දානෙත් දීපං. උඹ විතරක් එක ම කොල්ලා, උම නැතුව කොහොම ද මේ සිටු පරපුර පවත්වාගෙන යන්නේ’ කියලා. එ්ත් එ්කට දීපු උත්තරේ….. ‘අම්මා පොඞ්ඩක් හිතන්න අම්මා… අපේ මී මුත්තන්ගේ පරපුරේ ඉඳලා ම ධනය රැුස්කරන්ට වෙහෙසුනා. එ්ත් එ් කිසිවෙකු රැුස්කළ ධනයේ උරුමකාරයෝ වූණේ නෑ… තඹ දොයිතුවක්වත් නො ගෙනයි එ් අය එලොව ගියේ… අම්මටත්, අප්පච්චිටත්, මටත් මේ හැමෝටමත් එ්කයි ඉරණම.. අම්මා! සම්බුදු උපත දුර්ලභයි අම්මා! එ් සම්බුදුරජාණන් වහන්සේ ළඟ මාත් පැවිදිවෙන්ට කැමතියි අම්මා!….’ මට උත්තර නැතුව ගියා… තව ගොඩාක් දේත් කිව්වා… කැමැත්තකින් නෙවේ කෙල්ලේ මං අවසර දුන්නේ… අම්මා කෙනෙක් කොහොම ද මේ දුක ඉවසන්නේ…” සිටු දේවිය ඉකි ගසමින් යළිත් හඬන්නට වූවා ය. මොහොතක් නිහඬව සිටි වෙසඟන මෙසේ පැවසුයේ සිටුදේවිය තිගැස්මට පත් කරවමිනි. ‘‘මං එයාව අයෙත් අරගෙන එන්නම්! හ්ම්… සිටුදේවිය මොකද කියන්නේ…” නො සිතූ ලෙස එ් පැවසූ දෙය සිටුදේවියගේ සිත සතුටට පත් කළා ය. ඈ මෙසේ සිතන්නී ‘ඔව් මේකිට නම් බැරිකමකුත් නෑ.. ඇසිගෙඩි දිළිසෙනවා. කඩා හැලෙන වරලස, ඔව්! පිරිමියෙකුට උන්හිටිතැන් අමතක වෙන රූපයක්නෙ මේකිට තියෙන්නේ…’ මඳ සිනාවක් නඟාගෙන වෙසඟනට මෙසේ පැවසුවා ය. ‘‘එ්යි කෙල්ලේ! එහෙම වුණොත් උඹ තමයි සිටු මැදුරේ පතිනිය…” වෙසඟන පසු දින ම මඟ වියදම් ද රැගෙන සේවිකාවන් කිහිප දෙනෙකු ද සමඟ සැවැත් නුවරින් නික්ම දින කිහිපයකින් රජගහ නුවරට පැමිණියා ය. සිය පිරිවරත් සමඟ ඇය එක්තරා වීදියකටයි පැමිණුනේ. එ් රජගහනුවර මහා වනයේ වැඩවසන ශ්රමණයන් වහන්සේලා පිඬු පිණිස නගරයට ඇතුළුවන වීදිය යි. එහි මන්දිරයක් ඈ කුලියට ගත්තා ය. එය සත්මහල් මැදුරකි. ටික දිනක් ඉහළ ම මහලේ කවුළුවෙන් පිඬු සිඟා හැසිරෙන ශ්රමණයන් දෙස බලා සිටි ඇය තමා සොයාගෙන පැමිණි සුන්දර සමුද්ද තෙරුන් ව හඳුනා ගත්තා ය. ඉක්බිති සෑම උදෑසනක ම ඕ මිහිරි බොජුන් සකසන්නී, චාම් වස්ත්‍රයකින් සැරසෙන්නී, ගත සුවඳ ගල්වන්නී, තෙරුන් වඩිනා මඟ බලා සිටින්නී ය. සන්සුන් පියොවින් බිමට යොමාගත් නෙතු ඇතිව සුන්දර සමුද්ද තෙරුණුවෝ දිනපතා ම ඈ නිවස අසලට පිඬු සිඟා වඩින්නේ ය. ඈ දන් පිදීමට පෙරත් පසඟ පිහිටුවා වඳින්නී, සීරුවෙන් දන් හැන්ද පාත්‍රයේ නො ගටා බෙදන්නී, දන් පුදා අවසානයේ ද සාදු නද දී වඳින්නී සැදැහැති බව පෙන්වන්නී ය. මෙසේ වෙනසකින් තොරව දින කිහිපයක් ගෙවෙන්නට හැරියා ය. දැන් තෙරුන් මැදුර තුළට වඩමවා ගත යුතු ය. වීදියේ කොල්ලන්නට සුළු මුදලක් දුන් ඇය තම මැදුර ඉදිරියේ සෙල්ලම් කිරීමට නියෝග දුන්නා ය. තෙරුන් වහන්සේ පිණ්ඩපාතය පිණිස වැඩම කරනු දුටු ඇය ඉදිරියට පැමිණුනා ය. තෙරුන් අබියස වන්දනා කොට ‘‘අනේ ස්වාමිනී! මේ දරුවෝ කීවාට අහන්නේ නෑ. මෙතැන ම සෙල්ලම. අපි කෙරෙහි අනුකම්පාවෙන් දානය පිළිගැනීමට මැදුර තුළට ම වඩිනු මැනැවි” යි ආයාචනා කළා ය. නිහඬව ම ඇරයුම පිළිගත් තෙරුණුවෝ මැදුර තුළට වැඩම කොට දන් පිළිගෙන පෙරළා වැඩම කළේ ය. ඇගේ පළමු උපාය සාර්ථක විය. එදින පටන් මැදුරේ යටි මහලේ ම දානය පිළිගැන්වූවා ය. දින කිහිපයක් ගත වූ පසු ඈ සැකසූ දානය සත්වෙනි මහලේ තැබුවා ය. තෙරුන් වඩිනා තුරු මඟ බලා සිටියා ය. සෝදාගත් හිස් පාත්‍රය ඇතැතිව සුන්දර සමුද්ද තෙරණුවෝ පිඬු පිණිස වැඩම කරනු පෙනේ. වෙනදා මෙන් ම පෙරගමනේ ගිය වෙසඟන සැදැහැතියක සේ මෙසේ පැවසුවා ය. ‘‘ස්වාමිනී, අද දානය මගේ මැදුරෙන් ම වළඳන සේක්වා! ඉහළ මහලේ දානය සූදානම් කොටයි තිබෙන්නේ. මා කෙරෙහි අනුකම්පාවෙන් වඩිනු මැනැවි” නිහඬව ම එ් ඇරයුම ද පිළිගත් තෙරුන් වහන්සේ ඇගේ මැදුරේ සත්වෙනි මහලට ම වැඩම කළේ ය. තෙරුන් වඩමවාගෙන යන අතරතුර මහලෙන් මහලට ඇති සියලූ ෙදාරවල් වසාගෙන යාමට වෙසඟන අමතක නො කළා ය. මේ, තමා මෙතෙක් කල් වෙහෙසුන කටයුත්තේ අවසානය යි. තෙරණුවන් හට වැඩ හිඳීමට අසුන පෙන්වූ ඇය කාමරයකට පිවිසුණා ය. සුළු මොහොතක් ගත විය. කෙස් කළඹ මලින් සරසාගත්, ශරීරාවයව ප්‍රකට වන පරිදි වස්ත්‍ර හැඳගත්, රන් මිරිවැඩි යුගලක් පැලැඳි, රන් නුපුර පයලා ගත් ස්ත්‍රියක් ලෙසයි ඈ යළි කාමරයෙන් එළියට පැමිණුනේ. සුන්දර සමුද්ද තෙරුන් හට සිදුවන්නට යන්නේ කුමක්දැයි සිහිය ඉපදුණේ ය. එහෙත් අසුනෙන් නැඟිට යාමට උත්සාහ නො කළේ ය. නෙතු යුග බිමට නැඹුරු කර ගත්තා පමණි. තෙරුන් සමීපයට පැමිණි වෙසඟන රන් මිරිවැඩි ගැලවූවා ය. තෙරුන් හට වන්දනා කරගෙන මිහිරි මොලොක් බසින් මෙසේ පැවසුවා ය. ‘‘ඔයා පැවිදිවෙලා හිටියත් තාම තරුණයි. මං කියන දේ අහන්නකෝ! මේ මනුස්ස ලෝකේ විඳින්න තියෙන සැප විඳලා ඉන්න. මං ඔයාට හැම සම්පතක් ම දෙන්නම්. මං ඔයාට මේ ඇත්තමයි කියන්නේ. ගින්දර වුණත් ගෙනැල්ලා දෙන්නම්. වයසට ගිහිං හැරමිටි ගහන කාලේ එද්දී අපි දෙන්නා ම මහණ වෙමු. එතකොට අපි මේ ලෝක දෙක ම ජය ගත්තා වෙනවා.” ලස්සනට ආභරණ පලඳා මිහිරි හඬින් ආයාචනා කරන මේ ස්ත්‍රිය සුන්දර සමුද්ද තෙරණුවෝ දුටුවේ මාරයා විසින් ඇටවූ තොණ්ඩුවක් ලෙසයි. උන් වහන්සේට එ් තුළින් යෝනිසෝමනසිකාරය ඉපදිණි. කාමයන්ගේ ආදීනව ම ප්‍රකට විණි. අවබෝධයෙන් ම කලකිරීම ඇතිවිණි. දැන් එ් සුන්දර සමුද්ද තෙරුන් ඉදිරියේ මේ වෙසඟන නොයෙක් රැඟුමන් රඟන්නී ය. මිහිරට ගයන්නී ය. වස්ත්‍ර ඈත් මෑත් කරන්නී ය. එහෙත් අසිරියෙකි! මේ විප්‍රකාර සියල්ල ඉදිරියේ සුන්දර සමුද්ද තෙරණුවෝ සම්බුදුරජුන්ගේ අනුශාසනය ම සිහිපත් කරමින් සන්සුන්ව සිටින්නේ ය. මහා කාරුණික සම්බුදු දෙනෙතට මේ සිදුවීම දැකගන්නට ලැබිණි. තම පුත්‍ර රත්නයක් හිස් පාත්‍රය අත දරාගෙන, කුසගින්නේ, රාගාදී කෙලෙස් සමඟ යුධ වදිමින් සිටී. බුදුරජාණන් වහන්සේ සිහින් සිනාවක් නැගූ සේක. එය දුටු එකත්පසෙක සිටි ආනන්ද තෙරණුවෝ මෙසේ විමසුවේය. ‘‘ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස… තථාගතයන් වහන්සේ සිනා පහළ කිරීමට හේතුව කුමක් ද? ‘‘ආනන්දය, මේ මොහොතේ යුද්ධයක්. වෙසඟනකුයි මා පුත් සුන්දර සමුද්දයනුයි අතර යුද්ධයක්.” යැයි පැවසූ සම්බුදුරජාණන් වහන්සේ මිහිරි කුරවීක නාදයෙන් මෙසේ පැවසූ සේක. ‘‘යෝ’ධ කාමේ පහාත්වාන අනාගාරෝ පරිබ්බජේ කාමභව පරික්ඛීණං ත’මහං බ්රෑම් බ්රාහ්මණං” ‘‘යමෙක් කාමයන් අත්හැර අනගාරික බුදු සසුනේ පැවිදිව ලබා කාම තණ්හා, භව තණ්හා ආදිය දුරු කළේ නම් එ් අරහත් මුනිවරයාටයි මා බ්‍රාහ්මණයා යැයි කියන්නෙ.්” එසැණින් ම එ් සම්බුදු ස්වරය සුන්දර සමුද්ද තෙරුන් හට ද ඇසුණි. බුද්ධානුභාවය අසිරිමත් ය! තෙරුන් වහන්සේට තව තවත් වීරිය ඇතිවිය. සසරේ නොඇල්ම ඇතිවිය. එ් සිත සියලූ කෙලෙසුන්ගෙන් නිදහස් විය. අවිද්‍යාව සුණු විසුණු විය. දැන් මේ මැදුරේ සත්වැනි මහලේ වැඩ සිටින්නේ අභිඥලාභී මහ රහතන් වහන්සේනමකි. මේ ශ්‍රී සද්ධර්මය කෙතරම් අසිරිමත් ද? කුතුහලයෙන් යුතුව ආනන්ද තෙරුන් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසුවේ ය. ‘‘ස්වාමීනී.. කවුද එ් යුද්ධයෙන් දිනන්නේ?” ‘‘ආනන්දය මාගේ පුතා දිනනවා…” යි සම්බුදුරජාණන් වහන්සේ පැවසූ සේක. රැඟුමෙන් වෙහෙසට පත් වෙසඟන තෙරුන් දෙස පුදුමයෙන් බලා සිටිද්දී… පළඟ බැඳගෙන ම අහසට එසවුණු සුන්දර සමුද්ද මහරහතන් වහන්සේ සත්වෙනි මහලේ වහලයෙහි කැණිමඬල ද පලාගෙන වැඩම කළ සේක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom