Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාග ද්වේශ-මෝහ නසා දමන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාග ද්වේශ-මෝහ නසා දමන්නේ කොහොමද?

රාග ද්වේශ-මෝහ නසා දමන්නේ කොහොමද?

බුද්ධත්වයට පත්වන උතුමෝ රාග භවය උදුරා දමන්නාහ. ද්වේශ භවය උදුරා දමන්නාහ. මෝහ භවය උදුරා දමන්නාහ. එවැනිහු මමත්වය උදුරා දමන්නෝය. මමත්වය නැති කළ ‘භව’ උදුරා දැමූ (උද්ධ කළ) පුද්ගලයෝ ස්වභාවිකත්වයට පත් වන්නෝය. බුදු, පසේ බුදු, මහරහත් වහන්සේලා ඒ තත්ත්වයට පත්වූවන්ය. ස්වාභාවිකත්වයට පත්වීම යනු ලෝක යථාථතය අවබෝධ කර ගැනීමයි. ලෝක යථාර්තයට පත් වන තුරුම සියලු සත්ත්වයෝ විකෘති මානසිකත්වයක ගමන් කරති. මේ විකෘති ස්වභාවයෙන් මිදීමට සියල්ලෝ වග බලා ගත යුතුය. අද ඒ සඳහා තවත් කොටසක්...

බෝසතාණන් වහන්සේ ‘කිං සච්ච ගවේෂී’, ‘කිං කුසල ගවේෂී’ සත්‍යය යනු කුමක්ද? කුසලය යනු කුමක්දැයි සෙවුවේ ස්වාභාවිකත්වයයි. අස්වාභාවිකත්වයෙන් මිදී ස්වාභාවිකත්වයට පත් වන ආකාරයයි. ස්වාභාවිකත්වයට පත් වු උතුමන් තුළ ‘මම’ කියා කෙනෙක් නෑ. මගේ කියා දෙයක් නෑ. යථා භූත ඥාන දර්ශනයේ පවතින වටිනාකම එයයි. ධර්මයේ තවත් කාරණා තුනකින් මෙය විස්තර කළොත්. මඤ්ඤති - මම යැයි ගැනීමට කෙනෙක් නැත. මා මඤ්ඤ - මගේ යැයි ගැනීමට කෙනෙක් නැත. න මඤ්ඤති - මමත්වයක් නැත.

මේ කාරණා තුන ඉවත් කර ගන්නටයි අපි උත්සහ කරන්නට ඕනෙ.

හැමවිටම ස්වාභාවිකත්වයට හෙවත් රාග, ද්වේෂ, මෝහ අස් කරන උදුරා දමනදේම සොයමින් ඒ සඳහාම කටයුතු කරන්නට ඕනෙ. ඒවා ටිකින් ටික ගලවා දමන්නට හැක්කේ කවරකින්ද යන්න සොයා බලන්නට ඕනේ.

ඉදිරියේ වෙසක් කාලසීමාව උදාවෙනවා. ඒ කාලයේ වැඩියෙන් කටයුතු කළ යුත්තේ මමත්වය හෝ මගේ දේවල් හෝ බබළවා ගැනීම සඳහා කටයුතු කිරීමට නොවෙයි.

දැන් සමහරු වෙසක් කූඩු හදනවා. වෙසක් කූඩුව හැමතැනම තමන්ගේ නම තමන්ගේ ආයතනවල නම ප්‍රදර්ශනය කරනවා. දන්සලක් දුන්නත් එහෙමයි. ලොකු පිනක් සිදුකර ගත්තත්, මමත්වය වැඩි දියුණුවක් සිදු කර ගන්නවා.

කවර පූජාවක් කළත් පිනක් කළත් හැම විටම ක්‍රියා කළ යුත්තේ ප්‍රදර්ශනයට යමක් සිදු කර සසර වඩා ගන්නට නොවෙයි. තමන්ගේ රාග, ද්වේෂ, මෝහ උගුල්ලා දැමීමටයි.

ඔබම කල්පනා කර බලන්න වෙසක් කාලයට කොයිතරම් පින්කම් තුළ ‘මමත්වය’ රෝපණය කර ගැනීමක් කරනවාද කියලා. එහෙනම් හොඳට මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. පිං කියන්නේ අස්වාභාවිකත්වයට වැඩි නැඹුරුතාවක් තියෙන දෙයක්. පෘථග්ජනයන් වැඩිපුර කැමති පින් කිරීමට හා පව් කිරීමටයි. මේ දෙකම අස්වාභාවිකත්වයේ දේවල්.

හැබැයි කුසලය සම්පූර්ණයෙන්ම ස්වාභාවිකත්වයට නැඹුරුයි. එය රාග, ද්වේෂ, මෝහ උගුල්ලවා දැමීමට සමත්. එහෙනම් වැඩියෙන් කුසල් කරන තරමට නිර්වාණ අවබෝධයට ළං වෙනවා. දැන් ඔබ මේ ලිපියෙන් අවබෝධයට ගත යුතු දෙයක් තියෙනවා. මේ වෙසක් කාලය මුළුමනින්ම යොදවන්න ඕනැ පින් කිරීමට වඩා තමන්ගේ කුසල් වැඩි දියුණු කර ගැනීමටයි. කුසල් සඳහා තමන්ට කළ හැක්කේ මොනවාදැයි නිතර නිතරම මෙනෙහි කර බලන්න. විමසා බලන්න.

‘පාප කර්ම’ පෘථග්ජනයන් විසින් නිතර සිදු කර ගන්නා දෙයක්. එය කොහොමත් රාග, ද්වේෂ, මෝහ වඩන නිසා අස්වාභාවිකත්වයට අයිතියි. නමුත් පින කොහොමද අස්වාභාවික වෙන්නේ. කුසලය ස්වාභාවිකයි, පින් අස්වාභාවිකයි කියලා මා දේශනා කරනවා. කොහොමද එහෙම වෙන්නේ. එය ඉතා සරලව ඔබට පැහැදිලි කර දෙන්නම්.

පිරිසුදු දිය දහරකින් භාජනයකට ජලය පුරවා ගන්න. දැන් ඔබ පුරවා ගත් ජලය ස්වාභාවිකයි. ස්වාභාවික තත්ත්වයේ තියෙන්නේ.

ඇළ දොළේ ජලය, ගංගා ජලය, ළිදේ ජලය සියල්ල ස්වාභාවිකයි. දැන් අපි මේ ස්වාභාවික ජලය අස්වාභාවිකත්වයට පත් කර ගන්නවා.

ඒ සඳහා ජලය හොඳින් නටවා ගන්නවා. හොඳින් නටා බුබුළු දමන ජලය අස්වාභාවිකයි. මේ අස්වාභාවික වුණේ ඊට සුළු මොහොතකට පෙර ස්වාභාවික මට්ටමේ තිබුණු ජලයයි.

උදාහරණයක් ලෙස ජලයේ උපරිම අස්වාභාවික මට්ටම සෙල්සියස් අංශක 100ට ගත්හොත් ඒ මට්ටමේදී ඔබට ජලය අල්ලන්න බෑ. මොකද වෙන්නේ. දැවෙනවා. පිච්චෙනවා, තැවෙනවා. මේ තමයි විඳවන මට්ටම. දුග් ගතිං (දුක් ගතිය) රාග, ද්වේෂ, මෝහ ඉතාම තදින් රෝපණය වුණු අවස්ථාව උණු ජලය සේල්සියස් අංශක 100ට පවතින අවස්ථාවට සමයි. තමන්ම රාගයෙන්, ද්වේශයෙන් මෝහයෙන් ද නිතරම නිරන්තරව දවනවා තවනවා, පුලුස්සනවා, වේදනා දෙවනවා මේ උණු ජලය ක්‍රමයෙන් නිවා ගන්නවා.

ටිකක් නිවා ගත්තම තේ එකක්, හදාගෙන බොන්නට පුළුවන්. මුහුණ අතපය සේදීමට පුළුවන් මට්ටමක් එනවා. අපි ඒ මට්ටම සෙල්සියස් අංශක 50 මට්ටම ලෙස ගනිමු. මේ අවස්ථාව වුණත් ජලයේ අස්වාභාවික මට්ටමක්මැයි. හේතුව ස්වාභාවික මට්ටමේ නෑ. ඒත් මඳ උණු ජලයක් නිසා අප පිනවන මට්ටමක්, ‘පින’ අපි සලකන්නේ එවැනි මට්ටමකින් තබායි.

‘අස්වාභාවික’ හෙවත් පෘථග්ජන අවස්ථාවේ මට්ටම් දෙකක් තියෙන බව ඔබට පැහැදිලිය.

එකක් විඳවන මට්ටම. අනික පිනවන මට්ටම ‘පින්’ කම් කරන්න යොමු කරන්නේ ආගමෙන්. බුද්ධ දර්ශනය තුළ තියෙන්නේ කුසල් කිරීම. බෝසතාණන් වහන්සේ බොහෝ පින්කම් කළා. ඒ පින්කම් නිසා උන්වහන්සේ දිව්‍ය, මනුෂ්‍ය, ආදි සුගති ආත්ම භාව ලබා ගත්තා. නමුත් එය අස්වාභාවික මට්ටමේ දෙයක්. ඒ නිසා ‘සත්‍යය’ ඉන් නොලැබෙන බව උන්වහන්සේ විශ්වාස කළා.

ඉන් පසුවයි. සත්‍යය කුමක්ද? කුසලය කුමක්ද?,

කිංසච්ච ගවේෂී, කිං කුසල ගවේෂී යන ගවේෂණය කිරීම පටන් ගත්තේ ඒ ගවේෂණයේ ප්‍රතිඵලය විදිහටයි, සත්‍යාවබෝධය කිරීමට හැකිවුණේ.

මේ කාරණය අවබෝධ නොකරගෙන පින්කම් කළාට ප්‍රතිඵලයක් ලබන්නට බෑ. පින්කම් කිරීමෙන් නිවන් දකින්නට බැරි වුණත් දිව්‍ය ලෝක සය, මනුෂ්‍ය ලොව ආදි සුගති සංඛ්‍යාත ලෝකයේ ඉපදිය හැකිය. ඔහුට සත්‍යාවබෝධය සඳහා එහි සිට වීර්යය වඩන්නට පිළිවන්. එම නිසා පිනත් සංසාර ගමනට ප්‍රයෝජනවත්. කුසලය ඉක්මනින් සසරින් නිවීමට ප්‍රයෝජනවත්.

සටහන : අසංක ආටිගල

[QUOTE="araki, post: 22811152, member: 360239"] [b]රාග ද්වේශ-මෝහ නසා දමන්නේ කොහොමද?[/b] [B][SIZE=4]රාග ද්වේශ-මෝහ නසා දමන්නේ කොහොමද?[/SIZE][/B] [SIZE=4][/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_88dea65f35.jpg[/IMG][/SIZE] [SIZE=4]බුද්ධත්වයට පත්වන උතුමෝ රාග භවය උදුරා දමන්නාහ. ද්වේශ භවය උදුරා දමන්නාහ. මෝහ භවය උදුරා දමන්නාහ. එවැනිහු මමත්වය උදුරා දමන්නෝය. මමත්වය නැති කළ ‘භව’ උදුරා දැමූ (උද්ධ කළ) පුද්ගලයෝ ස්වභාවිකත්වයට පත් වන්නෝය. බුදු, පසේ බුදු, මහරහත් වහන්සේලා ඒ තත්ත්වයට පත්වූවන්ය. ස්වාභාවිකත්වයට පත්වීම යනු ලෝක යථාථතය අවබෝධ කර ගැනීමයි. ලෝක යථාර්තයට පත් වන තුරුම සියලු සත්ත්වයෝ විකෘති මානසිකත්වයක ගමන් කරති. මේ විකෘති ස්වභාවයෙන් මිදීමට සියල්ලෝ වග බලා ගත යුතුය. අද ඒ සඳහා තවත් කොටසක්... [/SIZE] [SIZE=4]බෝසතාණන් වහන්සේ ‘කිං සච්ච ගවේෂී’, ‘කිං කුසල ගවේෂී’ සත්‍යය යනු කුමක්ද? කුසලය යනු කුමක්දැයි සෙවුවේ ස්වාභාවිකත්වයයි. අස්වාභාවිකත්වයෙන් මිදී ස්වාභාවිකත්වයට පත් වන ආකාරයයි. ස්වාභාවිකත්වයට පත් වු උතුමන් තුළ ‘මම’ කියා කෙනෙක් නෑ. මගේ කියා දෙයක් නෑ. යථා භූත ඥාන දර්ශනයේ පවතින වටිනාකම එයයි. ධර්මයේ තවත් කාරණා තුනකින් මෙය විස්තර කළොත්. මඤ්ඤති - මම යැයි ගැනීමට කෙනෙක් නැත. මා මඤ්ඤ - මගේ යැයි ගැනීමට කෙනෙක් නැත. න මඤ්ඤති - මමත්වයක් නැත.[/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b5a31579ce.jpg[/IMG] මේ කාරණා තුන ඉවත් කර ගන්නටයි අපි උත්සහ කරන්නට ඕනෙ. [/SIZE] [SIZE=4]හැමවිටම ස්වාභාවිකත්වයට හෙවත් රාග, ද්වේෂ, මෝහ අස් කරන උදුරා දමනදේම සොයමින් ඒ සඳහාම කටයුතු කරන්නට ඕනෙ. ඒවා ටිකින් ටික ගලවා දමන්නට හැක්කේ කවරකින්ද යන්න සොයා බලන්නට ඕනේ.[/SIZE] [SIZE=4]ඉදිරියේ වෙසක් කාලසීමාව උදාවෙනවා. ඒ කාලයේ වැඩියෙන් කටයුතු කළ යුත්තේ මමත්වය හෝ මගේ දේවල් හෝ බබළවා ගැනීම සඳහා කටයුතු කිරීමට නොවෙයි.[/SIZE] [SIZE=4]දැන් සමහරු වෙසක් කූඩු හදනවා. වෙසක් කූඩුව හැමතැනම තමන්ගේ නම තමන්ගේ ආයතනවල නම ප්‍රදර්ශනය කරනවා. දන්සලක් දුන්නත් එහෙමයි. ලොකු පිනක් සිදුකර ගත්තත්, මමත්වය වැඩි දියුණුවක් සිදු කර ගන්නවා.[/SIZE] [SIZE=4]කවර පූජාවක් කළත් පිනක් කළත් හැම විටම ක්‍රියා කළ යුත්තේ ප්‍රදර්ශනයට යමක් සිදු කර සසර වඩා ගන්නට නොවෙයි. තමන්ගේ රාග, ද්වේෂ, මෝහ උගුල්ලා දැමීමටයි.[/SIZE] [SIZE=4]ඔබම කල්පනා කර බලන්න වෙසක් කාලයට කොයිතරම් පින්කම් තුළ ‘මමත්වය’ රෝපණය කර ගැනීමක් කරනවාද කියලා. එහෙනම් හොඳට මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. පිං කියන්නේ අස්වාභාවිකත්වයට වැඩි නැඹුරුතාවක් තියෙන දෙයක්. පෘථග්ජනයන් වැඩිපුර කැමති පින් කිරීමට හා පව් කිරීමටයි. මේ දෙකම අස්වාභාවිකත්වයේ දේවල්.[/SIZE] [SIZE=4]හැබැයි කුසලය සම්පූර්ණයෙන්ම ස්වාභාවිකත්වයට නැඹුරුයි. එය රාග, ද්වේෂ, මෝහ උගුල්ලවා දැමීමට සමත්. එහෙනම් වැඩියෙන් කුසල් කරන තරමට නිර්වාණ අවබෝධයට ළං වෙනවා. දැන් ඔබ මේ ලිපියෙන් අවබෝධයට ගත යුතු දෙයක් තියෙනවා. මේ වෙසක් කාලය මුළුමනින්ම යොදවන්න ඕනැ පින් කිරීමට වඩා තමන්ගේ කුසල් වැඩි දියුණු කර ගැනීමටයි. කුසල් සඳහා තමන්ට කළ හැක්කේ මොනවාදැයි නිතර නිතරම මෙනෙහි කර බලන්න. විමසා බලන්න.[/SIZE] [SIZE=4]‘පාප කර්ම’ පෘථග්ජනයන් විසින් නිතර සිදු කර ගන්නා දෙයක්. එය කොහොමත් රාග, ද්වේෂ, මෝහ වඩන නිසා අස්වාභාවිකත්වයට අයිතියි. නමුත් පින කොහොමද අස්වාභාවික වෙන්නේ. කුසලය ස්වාභාවිකයි, පින් අස්වාභාවිකයි කියලා මා දේශනා කරනවා. කොහොමද එහෙම වෙන්නේ. එය ඉතා සරලව ඔබට පැහැදිලි කර දෙන්නම්.[/SIZE] [SIZE=4]පිරිසුදු දිය දහරකින් භාජනයකට ජලය පුරවා ගන්න. දැන් ඔබ පුරවා ගත් ජලය ස්වාභාවිකයි. ස්වාභාවික තත්ත්වයේ තියෙන්නේ. ඇළ දොළේ ජලය, ගංගා ජලය, ළිදේ ජලය සියල්ල ස්වාභාවිකයි. දැන් අපි මේ ස්වාභාවික ජලය අස්වාභාවිකත්වයට පත් කර ගන්නවා. [/SIZE] [SIZE=4]ඒ සඳහා ජලය හොඳින් නටවා ගන්නවා. හොඳින් නටා බුබුළු දමන ජලය අස්වාභාවිකයි. මේ අස්වාභාවික වුණේ ඊට සුළු මොහොතකට පෙර ස්වාභාවික මට්ටමේ තිබුණු ජලයයි.[/SIZE] [SIZE=4]උදාහරණයක් ලෙස ජලයේ උපරිම අස්වාභාවික මට්ටම සෙල්සියස් අංශක 100ට ගත්හොත් ඒ මට්ටමේදී ඔබට ජලය අල්ලන්න බෑ. මොකද වෙන්නේ. දැවෙනවා. පිච්චෙනවා, තැවෙනවා. මේ තමයි විඳවන මට්ටම. දුග් ගතිං (දුක් ගතිය) රාග, ද්වේෂ, මෝහ ඉතාම තදින් රෝපණය වුණු අවස්ථාව උණු ජලය සේල්සියස් අංශක 100ට පවතින අවස්ථාවට සමයි. තමන්ම රාගයෙන්, ද්වේශයෙන් මෝහයෙන් ද නිතරම නිරන්තරව දවනවා තවනවා, පුලුස්සනවා, වේදනා දෙවනවා මේ උණු ජලය ක්‍රමයෙන් නිවා ගන්නවා. ටිකක් නිවා ගත්තම තේ එකක්, හදාගෙන බොන්නට පුළුවන්. මුහුණ අතපය සේදීමට පුළුවන් මට්ටමක් එනවා. අපි ඒ මට්ටම සෙල්සියස් අංශක 50 මට්ටම ලෙස ගනිමු. මේ අවස්ථාව වුණත් ජලයේ අස්වාභාවික මට්ටමක්මැයි. හේතුව ස්වාභාවික මට්ටමේ නෑ. ඒත් මඳ උණු ජලයක් නිසා අප පිනවන මට්ටමක්, ‘පින’ අපි සලකන්නේ එවැනි මට්ටමකින් තබායි.[/SIZE] [SIZE=4]‘අස්වාභාවික’ හෙවත් පෘථග්ජන අවස්ථාවේ මට්ටම් දෙකක් තියෙන බව ඔබට පැහැදිලිය.[/SIZE] [SIZE=4]එකක් විඳවන මට්ටම. අනික පිනවන මට්ටම ‘පින්’ කම් කරන්න යොමු කරන්නේ ආගමෙන්. බුද්ධ දර්ශනය තුළ තියෙන්නේ කුසල් කිරීම. බෝසතාණන් වහන්සේ බොහෝ පින්කම් කළා. ඒ පින්කම් නිසා උන්වහන්සේ දිව්‍ය, මනුෂ්‍ය, ආදි සුගති ආත්ම භාව ලබා ගත්තා. නමුත් එය අස්වාභාවික මට්ටමේ දෙයක්. ඒ නිසා ‘සත්‍යය’ ඉන් නොලැබෙන බව උන්වහන්සේ විශ්වාස කළා.[/SIZE] [SIZE=4]ඉන් පසුවයි. සත්‍යය කුමක්ද? කුසලය කුමක්ද?, කිංසච්ච ගවේෂී, කිං කුසල ගවේෂී යන ගවේෂණය කිරීම පටන් ගත්තේ ඒ ගවේෂණයේ ප්‍රතිඵලය විදිහටයි, සත්‍යාවබෝධය කිරීමට හැකිවුණේ.[/SIZE] [SIZE=4]මේ කාරණය අවබෝධ නොකරගෙන පින්කම් කළාට ප්‍රතිඵලයක් ලබන්නට බෑ. පින්කම් කිරීමෙන් නිවන් දකින්නට බැරි වුණත් දිව්‍ය ලෝක සය, මනුෂ්‍ය ලොව ආදි සුගති සංඛ්‍යාත ලෝකයේ ඉපදිය හැකිය. ඔහුට සත්‍යාවබෝධය සඳහා එහි සිට වීර්යය වඩන්නට පිළිවන්. එම නිසා පිනත් සංසාර ගමනට ප්‍රයෝජනවත්. කුසලය ඉක්මනින් සසරින් නිවීමට ප්‍රයෝජනවත්.[/SIZE] [B][SIZE=4]සටහන : අසංක ආටිගල[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom