රාජපක්ෂට තවත් පරාජයක්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
රාජපක්ෂට තවත් පරාජයක්

ජනපති ජනහමුව වැඩසටහන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස කඩුවෙල දිසා අධිකරණයට අද ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කෙරුණු බව ජනාධිපති නීතිඥ රොනල් පෙරේරා මහතා පැවසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද (07දා) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙම මෝසම ජාතික රූපවාහිනියට සම්බන්ධ නීතිඥයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ බවයි.

තමන් ඇතුළු නීතිඥයන් පිරිසක් ඉකුත් ජනවාරි 05 වැනිදා කඩුවෙල දිසා අධිකරණයෙන් ජනපති ජනහමුව වැඩසටහන පැවැත්වීම මැතිවරණ නීති උල්ලංඝනය වන බව කරුණු පෙන්වා ලබාගත් වාරණ නියෝගය ජනවාරි 05 දින සිට ජනවාරි 19 දින දක්වා බලපැවැත්වෙන බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

ජනපති ජනහමුව වැඩසටහන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ස්වර්ණවාහිනී යන මාධ්‍ය අයතන කොළඹ සිවිල් අභියාචනා අධිකරණයට අද (07දා) දහවල් ඉදිරිපත් කළ අභියාචනයද නිශ්ප්‍රභ කෙරුණු බව ජනාධිපති නීතිඥ රොනල් පෙරේරා මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසී

සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා, සුරේන් ප්‍රනාන්දු හා නලීන් අමරජීව මහත්වරුන් ඇපැල් උසාවියට කරුණු දක්වමින් මූලික විරෝධතාවයක් ගොනු කළහ.

ඔවුන් කියා සිටියේ වගඋත්තරකරුවන් මුලින්ම දිස්ත්‍රික් උසාවියට සිය ඇපෑල ඉදිරිපත් කළ යුතුව තිබූ බවයි.

කඩුවෙල දිසා අධිකරණයේ වාරණ තීන්දුව ඉදිරිපත් කිරීමට ද ඔවුන් අපොහොසත් වී ඇතැයි ද ඔවුහු කීහ.

වැඩිදුර විභාගය ජයවාරි 12 වැනි දාට කල් තැබිණි.


10170924_1393676167599743_3899110565977881742_n.jpg
 
Last edited: