Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජපක්ෂලා_කල_විනාශයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂලා_කල_විනාශයක්

රාජපක්ෂලා විසින් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව විනාශ කළහැටි

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව (BMICH) ගොඩනගා ඇත්තේ චීන රජයේ පරිත්‍යාගයක් ලෙසයි. 1970 වසරේ ඉදිකිරීමේ ආරම්භ වූ මෙය 1973 වසරේදී විවෘත කළ අතර එය සිදුවූයේ එවකට චීන රජයේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ චෞ එන්-ලායි මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම සම්මන්ත්රණ ශාලාව හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නමින් නම්කළ අතර එය සිදුවූයේ චීන රජයේ යෝජනාවක් අනුවය. එසේම බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව පාලනය කරන බණ්ඩාරනායක අනුස්මරණ පදනමේ පාලක මණ්ඩලයේ හැමවිටම බණ්ඩානායක පවුලේ නියෝජනයක් තිබිය යුතු බව ද චීන රජය යෝජනා කළ අතර එවකට මෙරට අගමැති ධූරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය එය පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කළාය.

1978 දී මෙරට ප්‍රථම විධායක ජනාධිපත ධූරයට පත් වූ ජූනියස් රිචඩ් ජයවර්ධන නැතහෙත් ජේ.ආර්. ජයවර්ධන මහතා එම පනත වෙනස් කළ අතර රටේ ප්‍රධානියා පාලක මණ්ඩලයේ ප්‍රධානියා බවට පත් කරමින් නව පනතක් සම්මත කළේය. එසේම සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය පාලක මණ්ඩලයෙන් ඉවත් කර දැමීය. ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධූරයේ කටයුතු කළ සමස්ත කාලය තුළ බණ්ඩාරනායක අනුස්මරණ පදනමේ සභාපති ලෙස කටයුතු කළ අතර අවසාන කාලයේදී නැවතත් පරණ පනතේ විධිවිධාන අනුව සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය පදනමේ සභාපති තනතුරට පත් කළ අතර අලුතින් සම්මත කළ පනත අහෝසි නොකළේය. සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියගෙන් පසුව අනුර බණ්ඩාරනායක මහතා ද සභාපති ධූරයට පත්විය.

1994 වසරේ බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග මහත්මිය සභාපති ධූරයට පත්වූ අතර ඇය අඛණ්ඩව අවුරුදු 08 ක් පදනමේ සභාපති ධූරයට ඉසිලුවාය.

වසර 2005 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පදනමේ සභාපති ධූරයට පත්විය. එම පත්වීමත් සමග එතෙක් ඉතා හොඳින් පවත්වාගෙන ආ බණ්ඩාරනායක අනුස්මරණ පදනමේ කටයුතු අවුල් ජාලයක් බවට පතවිය. එසේම බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවට හෙනහුරා ලැබූයේ මෙම නව සභාපතිවරයාගේ පත්වීමත් සමගයි.

මහින්ද රාජපක්ෂ බලයට පත්වීමත් සමග රටේ ප්‍රධාන ආයතනවලට තම ඥාතීන් සහ හෙංචයියන් පත්කර ගනිමින් එම ආයතන කාබාසීනියා කළ අතර බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවට සහ එහි පදනමට අත්වූයේ ද එම ඉරණමයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනාක කුමාරතුංග මහත්මිය පදනමේ පාලක මණ්ඩලයේ සභාපති ධූරයෙන් නෙරපන විට පදනම සතුව රුපියල් මිලියන 200 ක (ලක්ෂ 2000) ස්ථාවර තැන්පතුවක් තිබිණි.

මහින්ද රාජපක්ෂ පළමුව කළේ චන්ද්‍රිකා මහත්මිය සභාපති ධූරයෙන් පමණක් නොව පාලක මණ්ඩලයෙන් ම ඉවත් කළේය. ඔහුට අවශ්‍ය වූයේ බණ්ඩාරනායක නම සම්මන්ත්රණ ශාලාවෙන් ද ඉවත් කිරීමටයි. ඒ සඳහා පළමුව කළේ සමස්ත පාලක මණ්ඩලය විසුරුවා හැර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග නිසි බලධරයා ලෙස පත් කළේය. ඔහු යටතේ අධ්‍යක්ෂක ජෙනරාල් වරයා ලෙස බන්දුල ඒකනායක පත් කළේය. එසේ පත්කොට රාජපක්ෂ පවුලට අවශ්‍ය ලෙස පාලනය ගෙනගිය අතර ක්‍රමයෙන් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව මෙන්ම අනුස්මරණ පදනම ද අභාවයට යාම ආරම්භ විය.

වසර කිහිපයකට පසුව පරිපාලන කටයුතු විධිමත් කිරීමට යැයි පවසමින් එවකට ජ්‍යෙෂ්ට පරිපාලන නිළධාරියෙකු වූ ඩී.ඩී. පීරිස් ද පදනමේ පාලක මණ්ඩලයට පත්කළ අතර එහෙත් පරිපාලන කටයුතු විධිමත් කිරීමේ කිසිදු අරමුණක් හිටපු ජනාධිපතිට හෝ ලලිත් වීරතුංගට අවශ්‍ය නොවීය. එසේ කියන්නේ හේතු සහිතවයි. ඩී.ඩී. පීරිස් පදනමේ සියලු කටයුතු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශයක් සිදුකොට වාර්තාවක් පිළියෙල කළ අතර එය පදනමේ නිසි බලධරයා වෙන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වෙත භාරදුන්නේය.

අදාල සමයේ ඉදිරිපත් වූ සෙසු විමර්ශන වාර්තාවලට අත් වූ ඉරණම ම මෙයට අත්වූ අතර එම වාර්තාවට අද වනතෙක් සිදු වූ දෙයක් නොමැත. අදාල වාර්තාව සම්බන්ධයෙන්, පදනමේ නිසි බලධරයා වන ලලිත් වීරතුංග තම අත්සන සහිත ලිපියක් ඩී.ඩී. පීරිස් වෙත යවා ඇති අතර එම ලිපියෙන් පරණ දේවල් නො සොයන ලෙස විධානය කර ඇති අතර පවරන කාර්යයන් පමණක් සිදු කරන ලෙස දන්වා ඇත. එවකට පැවති තත්ත්වය යටතේ ඩී.ඩී. පීරිස් එම විධානය පිළිගෙන නිසි බලධරයාට අවනත වී ඇත.

මෙම වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පදනමේ භාරකාර මණ්ඩයේ සභාපති තනතුරට පත් වූ අතර නැවතත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පාලක මණ්ඩලයට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

වසර 10 ක් වන රාජපක්ස පාලන සමයේ බණ්ඩාරනායක අනුස්මරණ පදනමේ රාජපක්ෂ හෙංචයියන්ගේ කෙරුවාව කෙතෙක් ද කියතොත් ඔවුන් භාරගන්නා විට ස්ථාවර ගිණුමේ තිබූ රුපියල් මිලියන 200 ක මුදල අද වනවිට රුපියල් ලක්ෂ 240 දක්වා කාබාසීනියා කර තිබේ. ඒ අනුව රුපියල් මිලියන 176 ක් වියදම් කොට ඇති අතර එම මුදල්වලින් සිදුකළ කටයුතු සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් ගිණුම් වාර්තා ද පිළියෙල කොට නොමැත. රජයේ මුදල් රෙගුලාසි සහ පදනමට අදාල ක්‍රියා පටිපාටි උල්ලංඝනය කරමින් මෙම මුදල් වියදම් කොට ඇති අතර එම කටයුතු සියල්ල සිදුව ඇත්තේ ලලිත් වීරතුංග සහ බන්දුල ඒකනායක යන දෙදෙනාගේ කැමැත්ත පරිදිය.

මේ වනවිට බණ්ඩාරනායක අනුස්මරණ පදනම තුළ සිදුව ඇති මුල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට මේ වනවිට මුල්‍ය අපරාධ කොට්ඨාශයට (FCID) භාරදීමට තීරණය කර තිබේ. මේ වනවිට හිටපු ජනාධිපති ලේකම්වරයාට ජනාධිපතිවරණ සමයේ සුදුරෙදි බෙදාදීම සඳහා රජයේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී ඇති අතර එම චෝදනාව සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ. එසේම බණ්ඩාරනායක අනුස්මරණ පදනම තුළ සිදුව ඇති මුල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වීමෙන් පසු ලලිත් වීරතුංග හා බන්දුල ඒකනායක යන දෙදෙනාම අත්ඩංගුවට ගැනීම ද සිදුවිය හැකිය.

කෙසේ වෙතත් ලලිත් වීරතුංග, ඉන්ද්‍රානි සුගතදාස හරහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී කුමන ඩීල් එකක් හරහා හෝ බේරීමට උත්සාහ කරනු ඇත. එහෙත් බන්දුල ඒකනායකට එවැනි සබඳතා නොමැති නිසා ඔහු අනිවර්යයෙන් ම අත්අඩංගුවට පත්වනු ඇත. මේ වංචාව සම්බන්ධයෙන් සියලු ලේඛන අප සතු වුවද මේ වනවිට මුල්‍ය අපරාධ කොට්ඨාශයේ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බැවින් එම ලේඛන ප්‍රසිද්ධ කිරීමෙන් මේ මොහොතේ අප වැලකී සිටිමු.

[QUOTE="Anti BBS, post: 18581907, member: 525431"] [b]රාජපක්ෂලා_කල_විනාශයක්[/b] [SIZE=5][B]රාජපක්ෂලා විසින් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව විනාශ කළහැටි[/B][/SIZE] [IMG]http://sinhala.lankanewsweb.net/images/2015/5_May/bmich.jpg[/IMG] [SIZE=4]බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව (BMICH) ගොඩනගා ඇත්තේ චීන රජයේ පරිත්‍යාගයක් ලෙසයි. 1970 වසරේ ඉදිකිරීමේ ආරම්භ වූ මෙය 1973 වසරේදී විවෘත කළ අතර එය සිදුවූයේ එවකට චීන රජයේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ චෞ එන්-ලායි මහතාගේ ප්‍රධානත්වයෙනි.[/SIZE] [SIZE=4]මෙම සම්මන්ත්රණ ශාලාව හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නමින් නම්කළ අතර එය සිදුවූයේ චීන රජයේ යෝජනාවක් අනුවය. එසේම බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව පාලනය කරන බණ්ඩාරනායක අනුස්මරණ පදනමේ පාලක මණ්ඩලයේ හැමවිටම බණ්ඩානායක පවුලේ නියෝජනයක් තිබිය යුතු බව ද චීන රජය යෝජනා කළ අතර එවකට මෙරට අගමැති ධූරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය එය පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කළාය. [/SIZE] [SIZE=4]1978 දී මෙරට ප්‍රථම විධායක ජනාධිපත ධූරයට පත් වූ ජූනියස් රිචඩ් ජයවර්ධන නැතහෙත් ජේ.ආර්. ජයවර්ධන මහතා එම පනත වෙනස් කළ අතර රටේ ප්‍රධානියා පාලක මණ්ඩලයේ ප්‍රධානියා බවට පත් කරමින් නව පනතක් සම්මත කළේය. එසේම සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය පාලක මණ්ඩලයෙන් ඉවත් කර දැමීය. ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධූරයේ කටයුතු කළ සමස්ත කාලය තුළ බණ්ඩාරනායක අනුස්මරණ පදනමේ සභාපති ලෙස කටයුතු කළ අතර අවසාන කාලයේදී නැවතත් පරණ පනතේ විධිවිධාන අනුව සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය පදනමේ සභාපති තනතුරට පත් කළ අතර අලුතින් සම්මත කළ පනත අහෝසි නොකළේය. සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියගෙන් පසුව අනුර බණ්ඩාරනායක මහතා ද සභාපති ධූරයට පත්විය. [/SIZE] [SIZE=4]1994 වසරේ බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග මහත්මිය සභාපති ධූරයට පත්වූ අතර ඇය අඛණ්ඩව අවුරුදු 08 ක් පදනමේ සභාපති ධූරයට ඉසිලුවාය. [/SIZE] [SIZE=4]වසර 2005 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පදනමේ සභාපති ධූරයට පත්විය. එම පත්වීමත් සමග එතෙක් ඉතා හොඳින් පවත්වාගෙන ආ බණ්ඩාරනායක අනුස්මරණ පදනමේ කටයුතු අවුල් ජාලයක් බවට පතවිය. එසේම බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවට හෙනහුරා ලැබූයේ මෙම නව සභාපතිවරයාගේ පත්වීමත් සමගයි. [/SIZE] [SIZE=4]මහින්ද රාජපක්ෂ බලයට පත්වීමත් සමග රටේ ප්‍රධාන ආයතනවලට තම ඥාතීන් සහ හෙංචයියන් පත්කර ගනිමින් එම ආයතන කාබාසීනියා කළ අතර බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවට සහ එහි පදනමට අත්වූයේ ද එම ඉරණමයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනාක කුමාරතුංග මහත්මිය පදනමේ පාලක මණ්ඩලයේ සභාපති ධූරයෙන් නෙරපන විට පදනම සතුව රුපියල් මිලියන 200 ක (ලක්ෂ 2000) ස්ථාවර තැන්පතුවක් තිබිණි.[/SIZE] [SIZE=4]මහින්ද රාජපක්ෂ පළමුව කළේ චන්ද්‍රිකා මහත්මිය සභාපති ධූරයෙන් පමණක් නොව පාලක මණ්ඩලයෙන් ම ඉවත් කළේය. ඔහුට අවශ්‍ය වූයේ බණ්ඩාරනායක නම සම්මන්ත්රණ ශාලාවෙන් ද ඉවත් කිරීමටයි. ඒ සඳහා පළමුව කළේ සමස්ත පාලක මණ්ඩලය විසුරුවා හැර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග නිසි බලධරයා ලෙස පත් කළේය. ඔහු යටතේ අධ්‍යක්ෂක ජෙනරාල් වරයා ලෙස බන්දුල ඒකනායක පත් කළේය. එසේ පත්කොට රාජපක්ෂ පවුලට අවශ්‍ය ලෙස පාලනය ගෙනගිය අතර ක්‍රමයෙන් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව මෙන්ම අනුස්මරණ පදනම ද අභාවයට යාම ආරම්භ විය. [/SIZE] [SIZE=4]වසර කිහිපයකට පසුව පරිපාලන කටයුතු විධිමත් කිරීමට යැයි පවසමින් එවකට ජ්‍යෙෂ්ට පරිපාලන නිළධාරියෙකු වූ ඩී.ඩී. පීරිස් ද පදනමේ පාලක මණ්ඩලයට පත්කළ අතර එහෙත් පරිපාලන කටයුතු විධිමත් කිරීමේ කිසිදු අරමුණක් හිටපු ජනාධිපතිට හෝ ලලිත් වීරතුංගට අවශ්‍ය නොවීය. එසේ කියන්නේ හේතු සහිතවයි. ඩී.ඩී. පීරිස් පදනමේ සියලු කටයුතු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශයක් සිදුකොට වාර්තාවක් පිළියෙල කළ අතර එය පදනමේ නිසි බලධරයා වෙන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වෙත භාරදුන්නේය. [/SIZE] [SIZE=4]අදාල සමයේ ඉදිරිපත් වූ සෙසු විමර්ශන වාර්තාවලට අත් වූ ඉරණම ම මෙයට අත්වූ අතර එම වාර්තාවට අද වනතෙක් සිදු වූ දෙයක් නොමැත. අදාල වාර්තාව සම්බන්ධයෙන්, පදනමේ නිසි බලධරයා වන ලලිත් වීරතුංග තම අත්සන සහිත ලිපියක් ඩී.ඩී. පීරිස් වෙත යවා ඇති අතර එම ලිපියෙන් පරණ දේවල් නො සොයන ලෙස විධානය කර ඇති අතර පවරන කාර්යයන් පමණක් සිදු කරන ලෙස දන්වා ඇත. එවකට පැවති තත්ත්වය යටතේ ඩී.ඩී. පීරිස් එම විධානය පිළිගෙන නිසි බලධරයාට අවනත වී ඇත. [/SIZE] [SIZE=4]මෙම වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පදනමේ භාරකාර මණ්ඩයේ සභාපති තනතුරට පත් වූ අතර නැවතත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පාලක මණ්ඩලයට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. [/SIZE] [SIZE=4]වසර 10 ක් වන රාජපක්ස පාලන සමයේ බණ්ඩාරනායක අනුස්මරණ පදනමේ රාජපක්ෂ හෙංචයියන්ගේ කෙරුවාව කෙතෙක් ද කියතොත් ඔවුන් භාරගන්නා විට ස්ථාවර ගිණුමේ තිබූ රුපියල් මිලියන 200 ක මුදල අද වනවිට රුපියල් ලක්ෂ 240 දක්වා කාබාසීනියා කර තිබේ. ඒ අනුව රුපියල් මිලියන 176 ක් වියදම් කොට ඇති අතර එම මුදල්වලින් සිදුකළ කටයුතු සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් ගිණුම් වාර්තා ද පිළියෙල කොට නොමැත. රජයේ මුදල් රෙගුලාසි සහ පදනමට අදාල ක්‍රියා පටිපාටි උල්ලංඝනය කරමින් මෙම මුදල් වියදම් කොට ඇති අතර එම කටයුතු සියල්ල සිදුව ඇත්තේ ලලිත් වීරතුංග සහ බන්දුල ඒකනායක යන දෙදෙනාගේ කැමැත්ත පරිදිය. [/SIZE] [SIZE=4]මේ වනවිට බණ්ඩාරනායක අනුස්මරණ පදනම තුළ සිදුව ඇති මුල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට මේ වනවිට මුල්‍ය අපරාධ කොට්ඨාශයට (FCID) භාරදීමට තීරණය කර තිබේ. මේ වනවිට හිටපු ජනාධිපති ලේකම්වරයාට ජනාධිපතිවරණ සමයේ සුදුරෙදි බෙදාදීම සඳහා රජයේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී ඇති අතර එම චෝදනාව සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ. එසේම බණ්ඩාරනායක අනුස්මරණ පදනම තුළ සිදුව ඇති මුල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වීමෙන් පසු ලලිත් වීරතුංග හා බන්දුල ඒකනායක යන දෙදෙනාම අත්ඩංගුවට ගැනීම ද සිදුවිය හැකිය. [/SIZE] [SIZE=4]කෙසේ වෙතත් ලලිත් වීරතුංග, ඉන්ද්‍රානි සුගතදාස හරහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී කුමන ඩීල් එකක් හරහා හෝ බේරීමට උත්සාහ කරනු ඇත. එහෙත් බන්දුල ඒකනායකට එවැනි සබඳතා නොමැති නිසා ඔහු අනිවර්යයෙන් ම අත්අඩංගුවට පත්වනු ඇත. මේ වංචාව සම්බන්ධයෙන් සියලු ලේඛන අප සතු වුවද මේ වනවිට මුල්‍ය අපරාධ කොට්ඨාශයේ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බැවින් එම ලේඛන ප්‍රසිද්ධ කිරීමෙන් මේ මොහොතේ අප වැලකී සිටිමු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom