Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජපක්ෂවරුන් නැති වුණේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ ගොඩනැගුණේ එක් පක්ෂයකට ගොනුවූ පිරිසක් තවත් පුද්ගලයකු වෙත ගොනුවී එම පක්ෂයෙන් ඉවත්ව යාමෙනි. රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කළේද මේ අයුරිනි. පළමුව කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු වූ විජේවීර පසුව හැටේ දශකයේ මුල චීනයට හිතවත් කණ්ඩායමක් වූ ඉන් බිඳී ගොස් පිහිටුවා ගත් චීන කොමියුනිස්ට් පක්ෂයට එකතු විය. ඇන්. ෂන්මුගදාසන් සහ ප්‍රේමලාල් කුමාරසිරිගේ නායකත්වයෙන් පැවැති මේ පක්ෂයේ සාමාජිකයන් වූ පිරිසක් තමාගේ මතවාදයට දිනාගත් විජේවීර පීකිං කොමියුනිස්ට් පක්ෂයෙන්ද ඉවත්ව එළියට විත් තම අනුගාමිකයන් කණ්ඩායම සමඟ එක්ව ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවීය. විජේවීර හා ඔහුගේ අනුගාමිකයන්ගේ අරමුණ වූයේ ඉක්මන් විප්ලවයකින් මෙරට රාජ්‍ය බලය අල්ලා ගැනීමය. එම අරමුණට කොමියුනිස්ට් පක්ෂය හා පීකිං කොමියුනිස්ට් පක්ෂය එකඟ නොවූ නිසා විජේවීර හා අනුගාමිකයෝ අලුත් පක්ෂය වූ ජවිපෙ බිහිකිරීමට උත්සුක වූහ. බලය ලබා ගැනීම සඳහා යම් පක්ෂයක ක්‍රියාකාරිත්වය ප්‍රමාණවත් නොවන විට බොහෝ දේශපාලකයන් බලය ඇති පක්ෂය සොයා යාම ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරාම සිදුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාරම්පරික සාමාජිකයන් වූ රාජපක්ෂවරුන් ශ්‍රීලනිපයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කළේද මහින්ද රාජපක්ෂ නමැති පුද්ගල සාධකය වටාය. 2015 ජනපතිවරණ පරාජයෙන් පසු ශ්‍රීලනිපයේ බලය විපක්ෂයෙන් බිහිවූ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිමිවෙද්දී තමන් වටා රොක්ව සිටි ජනතාව ආකර්ශනය කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමැති නව දේශපාලන පක්ෂය බිහිකිරීම නිවැරැදි තීන්දුවක් විය. ඉන් පසුව පැවැති මැතිවරණවලින් පෙනී ගියේ ජනතාව ශ්රීලනිපය නොව මහින්ද හැදූ නව පක්ෂය වැළඳගෙන සිටි බවය. ශ්‍රීලනිපයේ අත වෙනුවට නව පක්ෂයේ පොහොට්ටුව පොදු ලාංඡනය බවට පත්ව තිබූ බවය.

2015දී බිහිවූ යහපාලන රජය සමයේ රාජපක්ෂවරුන් ශ්රීලනිපය හැරගියේ නැත. ආණ්ඩු විරෝධී බව පෙන්වමින් ඔවුන් ඒකාබද්ධ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස විපක්ෂයේ වාඩි වුවද එජාපයේ රනිල්ට එරෙහිව ජනපති මෛත්‍රීපාල සිරිසේන ගෙන ගිය සීතල යුද්ධයේදී රාජපක්ෂවරුන් ගත්තේ ජනපති මෛත්‍රීගේ පැත්තය. ඉන්පසු පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු ජනරැල්ල රොක්වූයේ රාජපක්ෂවරුන් ළඟටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටවූයේ ඉන් පසුවය. අනතුරුව එළැඹි ජනපතිවරණයේදී දෙමගක සිටි මහින්ද සහ මෛත්‍රී එක්ව ගෝඨාභය ජනපති කරන්නට එකම පෙරමුණකට එකතු වූහ. මහ මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා තරග වැදුණේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේය. ගෝඨාභයගේ ජයග්රහණයෙන් පසු මෛත්‍රී සහ ශ්‍රීලනිපයට රාජපක්ෂවරුන් පොරොන්දු ඉටු කළේ නැත. මෛත්‍රීව පොරොන්දු වූ වූ කතානායක ධුරයද ලබා නොදුන්නේය. ටික කලකින්ම මෛත්‍රී සහ ශ්රීලනිපය ආණ්ඩුවේම පසු පෙළට ගියේ දෙපාර්ශ්වයේ විරසකය මහජන ප්‍රදර්ශනයට තබමිනි. රාජපක්ෂලාගේ මිතුරන් රාජපක්ෂලා හැරයාම ඇරඹුණේ ඉන් පසුවය.

මහනුවර රාජපක්ෂ දේශපාලනයේ සංකේතය වූ ලොහාන් රත්වත්තේ ලා, මහින්දානන්ද අලුත්ගමගේලා අද මහින්ද ළඟ නැත. දඹුල්ලේ ජනක තෙන්නකෝන්ලා, ප්‍රමිත තෙන්නකෝන්ලා අද මහින්ද ළඟ නැත. මහින්ද අනුරාධපුරයට යන එස්.එම්. චන්ද්‍රසේනලා, එස්.එම්. රංජිත්ලා අද නැත. කළුතර රත්තරංලා, ගාල්ලේ රමේෂ් පතිරණලා, මාතර කාංචන විජේසේකරලා, කෑගල්ලේ මහීපාලලා, කනක හේරත්ලා, රත්නපුරයේ පවිත්‍රා වන්නි ආරච්චිලා අද මහින්ද ළඟ නැත. වෙනෙකක් තබා ළඟින්ම සිටි මාධ්‍ය හිතවතා කුමාරසිරි හෙට්ටිගේ ද අද මහින්ද ළඟ නැත.

2015 වසරෙන් පසු රාජපක්ෂ කඳවුර තුළ ප්‍රධාන කණ්ඩායම් දෙකක් දැක ගත හැකි විය. එක් පිරිසක් ශ්‍රීලනිප හා එහි කුඩා පරිවාර පක්ෂවල ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ය. අනෙක් කණ්ඩායම මන්ත්‍රී පරම්පරාවල තරුණ මන්ත්‍රීවරුන්ය. මෙම තරුණ මන්ත්‍රීවරුන් ඒකරාශිව සිටියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වටා වීම මෙහි ඇති විශේෂත්වය. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සහ තරුණ මන්ත්‍රීවරුන් වෙන වෙනම ගොනුවී සිටියද ඔවුන් හැමදෙනාගේම " උත්තරීතර " නායකයා වූයේ පක්ෂ නායක මහින්ද රාජපක්ෂය.

දඹුලලේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහින්ද රාජපක්ෂට වඩාත් නැඹුරුව සිටියදී ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් නාමල් සමග සමීප ඇසුරක් පැවැත්වීය. දෙවිනුවර කාංචන විජේසේකරද අනුරාධපුරයේ සේමසිංහ ද කෑගල්ලේ කණක හේරත්ද ළං වූයේ නාමල්ටය.මේ නම්වැල බොහෝ දිගය. එහෙත් කාලය ගෙවෙද්දී තරුණ මන්ත්‍රීවරුන්ට පෙනී ගියේ නාමල් බලන්නේ තමන්ගේ උන්නතිය මිස තරුණ මන්ත්‍රීවරුන්ගේ අනාගතය ගැන නොවන බවය. තරුණ මන්ත්‍රීවරුන් බොහෝ දෙනාට නියෝජ්‍ය ඇමැති ධුරයක රස බැලීමේ වුවමනාවක් තිබුණද 2019 පත්වූ ගෝඨාභය රාජපක්ෂ රජය එවැන්නකට තැනක් දුන්නේ නැත. මන්ත්‍රීවරුන් 150ක අති විශාල බහුතරයක් ලැබී තිබීම එයට එක් හේතුවකි. එසේ වුවත් තරුණ මන්ත්‍රීවරුන් පසුපෙළ ලෙස පක්ෂයේත් මන්ත්‍රී කණ්ඩායමේත් පසුපසටම විසි වෙද්දී තරුණ වියේ සිටි නාමල්ට කැබිනට් අමාත්‍යාංශ ගණනාවක්ම පිරිනැමිණි.

නාමල් එක ඇමැති තනතුරකින් නැවතුණේ නැත. පවුලේ කාට හෝ ඇමැති තනතුරක් ලබා දෙන විට නාමල්ගේ අමාත්‍යාංශයට තවත් කෑල්ලක් එකතු වූයේය. බැසිල් මුදල් ඇමැති වෙද්දී නාමල්ට තවත් ආයතන ගණනාවක් එකතු වුණේය. ආණ්ඩුවේ පසු පෙළේ සිටි තරුණයන් මේ බෙදාගැනීම බලා සිටියේ කනගාටුවෙන් යුතුවය.ගෝඨාභයගේ ආණ්ඩුවේ රාජපක්ෂලා හය දෙනෙක් ඇමැති තනතුරු දැරූහ.

ජනාධිපති සමග අගමැති මහින්ද, ඇමැති චමල්, ඇමැති බැසිල්, ඇමැති නාමල් සහ ඇමැති ශෂින්ද්‍ර ඒ හය දෙනාය. අමාත්‍යාංශ දහසයක් තිබුණේ ඒ හය දෙනා අතය. එවැනි බලයක් තිබියදීත් ගෝඨාභයගේ ආණ්ඩුව ජනතාව අතර හෑල්ලුවෙන් හෑල්ලුවට පත්විය. ගොවීන්ට පොහොර නොදීමෙන් ඇරඹුණ පල්ලම් බැසීම නතර වුණේ ආණ්ඩුවම නාය ගියාට පසුවය. ආණ්ඩුව නායයාම ඇරඹෙද්දී 2005 සිට මහින්ද ළඟ සිටි විමල් වීරවංශලා, උදය ගම්මන්පිලලා මහින්ද හා ආණ්ඩුව හැර ගියහ. ගෝඨාභය ජනපති ධුරයෙන් ඉල්ලා අස්වී රනිල් එම තනතුරට පත්වූ පසු පසු පෙළේ සිටි තරුණ පිරිසට ඇමැති හා රාජ්‍ය ඇමැති තනතුරු ලැබුණේය. රාජපක්ෂලාගේ නායයෑම යළිත් ඇරඹුණේ එතැන් සිටය. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණේ 2015දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වූ නිසාය. ලෝකයේ හොඳම ආණ්ඩුව වෙන්නට පම්පෝරි ගසමින් ආ මෛත්‍රීපාල සහ රනිල්ගේ යහපාලන – ආණ්ඩුව ලංකාවේ අසාර්ථකම ආණ්ඩුව වූ පසු ජනතාව ආපසු හැරුණේ 2015දී යාන්තමින් පැරදුණු රාජපක්ෂලා වෙතටය. මහින්දට යළිත් තරග වදින්න නීතියෙන් ඉඩක් නැති නිසා රාජපක්ෂලා රටට කීවේ ගෝඨා ජනපති කර මහින්ද පිටුපසින් සිට රට පාලනය කරන බවය. ජනතාව ඉල්ලුවේත් ඒකය. ගෝඨා අතිවිශාල ජනබලයකින් ජනපති වූයේ ඒ නිසාය.

එහෙත් ආ බලයට ආ දවසේ සිටම ගෝඨාභය හැසිරුණේ පනික්කියා නැතිව තනිවම නටන්න ගිය නයා වගේය. නයා දන්න නැටුමකුත් නැත. නළා පිබින්න පනික්කියාත් නැත. නයා අන්තිමට ගැරඬියෙක් විය. රාජපක්ෂලා අතර නැති බව කී අභ්‍යන්තර කලකෝලහල හා බල පොරය එළියට ආවේ ගෝඨා ජනපතිව සිටි වසර තුන තුළය. අන්තිමට ගෝඨාට ජනපති ධුරයෙන් රාජපක්ෂලාට ආණ්ඩුවත් නැති විය. ඡන්දය දුන් ජනතාවට අතිමහත් බලාපොරොත්තු සිය ගණනක් නැති විය. රාජපක්ෂලාගේ ආණ්ඩු වල විශේෂත්වය වුණේ අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පොකුරු පිටින් වසර පහක ආණ්ඩු කාලය තුළදී ක්‍රියාත්මක කිරීමය. මහා පරිමාණයෙන් මුදල් සංසරණය වන මෙම ව්‍යාපෘති හැඳින්වුණේ ‘මෙගා ප්‍රොජෙක්ට්” හැටියටය. රෑ හතෙන් පසු ගෙදර යන්න බස් රථ නැති රටේ රාජපක්ෂලා පටන් ගත්තේ අලුතෙන් ගුවන් තොටුපොළ හදන්නය. එකක් දෙකක් හදනවා වෙනුවට රට පුරාම එක සැරේ අධිවේගී මාර්ග හදන්නය. හද්ද පිටිසර හම්බන්තොට මැදමූකලානේ මහා සම්මන්ත්රණ ශාලා හදන්නය. මේ සියල්ලම අතිවිශාල ලෙස මුදල් සංසරණය වන ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘති සියල්ල පාලනය වුණේ රාජපක්ෂලා අතිනි. එකත් පසව ළඟ සිටි අනෙක් මැති ඇමැතිවරුන්ට සිදුවුණේ නිකං බලාගෙන ඉන්නය. ඔවුන්ට ලැබුණේ බුද්ධ ශාසන, සංස්කෘතික, රාජ්‍ය භාෂා වැනි මෙලෝ රහක් නැති ආදායම් නොලැබෙන සංවර්ධන ව්‍යාපෘති නොඑන අමාත්‍යාශය. විදුලිබල

මහා සංවර්ධන ව්‍යාපෘති තම පවුලේ අයට පමණක් වෙන්කර නොගත්තා නම් කොමිස් ගැසීම පවුලෙන් පිටටත් ලබා දුන්නේ නම් ගල් අඟුරු ටෙන්ඩරය වැනි මහා ටෙන්ඩර් රාජපක්ෂ පවුලට සින්න කර නොගත්තා නම් මේ දෙදරීම සිදුවන්නේ නැත. එසේ වී නම් 2015 මහින්දගේ රජය පෙරලන්න පුළුවන් වෙන්නේත් නැත. 2015දී පාඩම ඉගෙන ගත්තා නම් 2020 අත්කර ගත් සුවිශාල බලය අතහැර දමා ගෝඨාභයට පැන යන්න වෙන්නේත් නැත. ගෝඨාභය පැන යාමෙන් පසු රාජපක්ෂවරුන් විසින්ම පත්කරගත් රනිල් සමග හොඳින් සිටියා නම් පොහොට්ටුව කැඩී බිඳී විනාශ වන්නේත් නැත. රාජපක්ෂලා තනිවීමේ සැබෑ සංඛ්‍යා ලේඛන සැප්තැම්බර් 22 වැනිදාට බලා ගත හැකි වනු ඇත.

[QUOTE="SLK_sri, post: 30078286, member: 569192"] ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ ගොඩනැගුණේ එක් පක්ෂයකට ගොනුවූ පිරිසක් තවත් පුද්ගලයකු වෙත ගොනුවී එම පක්ෂයෙන් ඉවත්ව යාමෙනි. රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කළේද මේ අයුරිනි. පළමුව කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු වූ විජේවීර පසුව හැටේ දශකයේ මුල චීනයට හිතවත් කණ්ඩායමක් වූ ඉන් බිඳී ගොස් පිහිටුවා ගත් චීන කොමියුනිස්ට් පක්ෂයට එකතු විය. ඇන්. ෂන්මුගදාසන් සහ ප්‍රේමලාල් කුමාරසිරිගේ නායකත්වයෙන් පැවැති මේ පක්ෂයේ සාමාජිකයන් වූ පිරිසක් තමාගේ මතවාදයට දිනාගත් විජේවීර පීකිං කොමියුනිස්ට් පක්ෂයෙන්ද ඉවත්ව එළියට විත් තම අනුගාමිකයන් කණ්ඩායම සමඟ එක්ව ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවීය. විජේවීර හා ඔහුගේ අනුගාමිකයන්ගේ අරමුණ වූයේ ඉක්මන් විප්ලවයකින් මෙරට රාජ්‍ය බලය අල්ලා ගැනීමය. එම අරමුණට කොමියුනිස්ට් පක්ෂය හා පීකිං කොමියුනිස්ට් පක්ෂය එකඟ නොවූ නිසා විජේවීර හා අනුගාමිකයෝ අලුත් පක්ෂය වූ ජවිපෙ බිහිකිරීමට උත්සුක වූහ. බලය ලබා ගැනීම සඳහා යම් පක්ෂයක ක්‍රියාකාරිත්වය ප්‍රමාණවත් නොවන විට බොහෝ දේශපාලකයන් බලය ඇති පක්ෂය සොයා යාම ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරාම සිදුවිය. [CENTER][/CENTER] ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාරම්පරික සාමාජිකයන් වූ රාජපක්ෂවරුන් ශ්‍රීලනිපයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කළේද මහින්ද රාජපක්ෂ නමැති පුද්ගල සාධකය වටාය. 2015 ජනපතිවරණ පරාජයෙන් පසු ශ්‍රීලනිපයේ බලය විපක්ෂයෙන් බිහිවූ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිමිවෙද්දී තමන් වටා රොක්ව සිටි ජනතාව ආකර්ශනය කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමැති නව දේශපාලන පක්ෂය බිහිකිරීම නිවැරැදි තීන්දුවක් විය. ඉන් පසුව පැවැති මැතිවරණවලින් පෙනී ගියේ ජනතාව ශ්රීලනිපය නොව මහින්ද හැදූ නව පක්ෂය වැළඳගෙන සිටි බවය. ශ්‍රීලනිපයේ අත වෙනුවට නව පක්ෂයේ පොහොට්ටුව පොදු ලාංඡනය බවට පත්ව තිබූ බවය. 2015දී බිහිවූ යහපාලන රජය සමයේ රාජපක්ෂවරුන් ශ්රීලනිපය හැරගියේ නැත. ආණ්ඩු විරෝධී බව පෙන්වමින් ඔවුන් ඒකාබද්ධ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස විපක්ෂයේ වාඩි වුවද එජාපයේ රනිල්ට එරෙහිව ජනපති මෛත්‍රීපාල සිරිසේන ගෙන ගිය සීතල යුද්ධයේදී රාජපක්ෂවරුන් ගත්තේ ජනපති මෛත්‍රීගේ පැත්තය. ඉන්පසු පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු ජනරැල්ල රොක්වූයේ රාජපක්ෂවරුන් ළඟටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටවූයේ ඉන් පසුවය. අනතුරුව එළැඹි ජනපතිවරණයේදී දෙමගක සිටි මහින්ද සහ මෛත්‍රී එක්ව ගෝඨාභය ජනපති කරන්නට එකම පෙරමුණකට එකතු වූහ. මහ මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා තරග වැදුණේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේය. ගෝඨාභයගේ ජයග්රහණයෙන් පසු මෛත්‍රී සහ ශ්‍රීලනිපයට රාජපක්ෂවරුන් පොරොන්දු ඉටු කළේ නැත. මෛත්‍රීව පොරොන්දු වූ වූ කතානායක ධුරයද ලබා නොදුන්නේය. ටික කලකින්ම මෛත්‍රී සහ ශ්රීලනිපය ආණ්ඩුවේම පසු පෙළට ගියේ දෙපාර්ශ්වයේ විරසකය මහජන ප්‍රදර්ශනයට තබමිනි. රාජපක්ෂලාගේ මිතුරන් රාජපක්ෂලා හැරයාම ඇරඹුණේ ඉන් පසුවය. මහනුවර රාජපක්ෂ දේශපාලනයේ සංකේතය වූ ලොහාන් රත්වත්තේ ලා, මහින්දානන්ද අලුත්ගමගේලා අද මහින්ද ළඟ නැත. දඹුල්ලේ ජනක තෙන්නකෝන්ලා, ප්‍රමිත තෙන්නකෝන්ලා අද මහින්ද ළඟ නැත. මහින්ද අනුරාධපුරයට යන එස්.එම්. චන්ද්‍රසේනලා, එස්.එම්. රංජිත්ලා අද නැත. කළුතර රත්තරංලා, ගාල්ලේ රමේෂ් පතිරණලා, මාතර කාංචන විජේසේකරලා, කෑගල්ලේ මහීපාලලා, කනක හේරත්ලා, රත්නපුරයේ පවිත්‍රා වන්නි ආරච්චිලා අද මහින්ද ළඟ නැත. වෙනෙකක් තබා ළඟින්ම සිටි මාධ්‍ය හිතවතා කුමාරසිරි හෙට්ටිගේ ද අද මහින්ද ළඟ නැත. [CENTER][/CENTER] 2015 වසරෙන් පසු රාජපක්ෂ කඳවුර තුළ ප්‍රධාන කණ්ඩායම් දෙකක් දැක ගත හැකි විය. එක් පිරිසක් ශ්‍රීලනිප හා එහි කුඩා පරිවාර පක්ෂවල ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ය. අනෙක් කණ්ඩායම මන්ත්‍රී පරම්පරාවල තරුණ මන්ත්‍රීවරුන්ය. මෙම තරුණ මන්ත්‍රීවරුන් ඒකරාශිව සිටියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වටා වීම මෙහි ඇති විශේෂත්වය. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සහ තරුණ මන්ත්‍රීවරුන් වෙන වෙනම ගොනුවී සිටියද ඔවුන් හැමදෙනාගේම " උත්තරීතර " නායකයා වූයේ පක්ෂ නායක මහින්ද රාජපක්ෂය. දඹුලලේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහින්ද රාජපක්ෂට වඩාත් නැඹුරුව සිටියදී ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් නාමල් සමග සමීප ඇසුරක් පැවැත්වීය. දෙවිනුවර කාංචන විජේසේකරද අනුරාධපුරයේ සේමසිංහ ද කෑගල්ලේ කණක හේරත්ද ළං වූයේ නාමල්ටය.මේ නම්වැල බොහෝ දිගය. එහෙත් කාලය ගෙවෙද්දී තරුණ මන්ත්‍රීවරුන්ට පෙනී ගියේ නාමල් බලන්නේ තමන්ගේ උන්නතිය මිස තරුණ මන්ත්‍රීවරුන්ගේ අනාගතය ගැන නොවන බවය. තරුණ මන්ත්‍රීවරුන් බොහෝ දෙනාට නියෝජ්‍ය ඇමැති ධුරයක රස බැලීමේ වුවමනාවක් තිබුණද 2019 පත්වූ ගෝඨාභය රාජපක්ෂ රජය එවැන්නකට තැනක් දුන්නේ නැත. මන්ත්‍රීවරුන් 150ක අති විශාල බහුතරයක් ලැබී තිබීම එයට එක් හේතුවකි. එසේ වුවත් තරුණ මන්ත්‍රීවරුන් පසුපෙළ ලෙස පක්ෂයේත් මන්ත්‍රී කණ්ඩායමේත් පසුපසටම විසි වෙද්දී තරුණ වියේ සිටි නාමල්ට කැබිනට් අමාත්‍යාංශ ගණනාවක්ම පිරිනැමිණි. නාමල් එක ඇමැති තනතුරකින් නැවතුණේ නැත. පවුලේ කාට හෝ ඇමැති තනතුරක් ලබා දෙන විට නාමල්ගේ අමාත්‍යාංශයට තවත් කෑල්ලක් එකතු වූයේය. බැසිල් මුදල් ඇමැති වෙද්දී නාමල්ට තවත් ආයතන ගණනාවක් එකතු වුණේය. ආණ්ඩුවේ පසු පෙළේ සිටි තරුණයන් මේ බෙදාගැනීම බලා සිටියේ කනගාටුවෙන් යුතුවය.ගෝඨාභයගේ ආණ්ඩුවේ රාජපක්ෂලා හය දෙනෙක් ඇමැති තනතුරු දැරූහ. [CENTER][/CENTER] ජනාධිපති සමග අගමැති මහින්ද, ඇමැති චමල්, ඇමැති බැසිල්, ඇමැති නාමල් සහ ඇමැති ශෂින්ද්‍ර ඒ හය දෙනාය. අමාත්‍යාංශ දහසයක් තිබුණේ ඒ හය දෙනා අතය. එවැනි බලයක් තිබියදීත් ගෝඨාභයගේ ආණ්ඩුව ජනතාව අතර හෑල්ලුවෙන් හෑල්ලුවට පත්විය. ගොවීන්ට පොහොර නොදීමෙන් ඇරඹුණ පල්ලම් බැසීම නතර වුණේ ආණ්ඩුවම නාය ගියාට පසුවය. ආණ්ඩුව නායයාම ඇරඹෙද්දී 2005 සිට මහින්ද ළඟ සිටි විමල් වීරවංශලා, උදය ගම්මන්පිලලා මහින්ද හා ආණ්ඩුව හැර ගියහ. ගෝඨාභය ජනපති ධුරයෙන් ඉල්ලා අස්වී රනිල් එම තනතුරට පත්වූ පසු පසු පෙළේ සිටි තරුණ පිරිසට ඇමැති හා රාජ්‍ය ඇමැති තනතුරු ලැබුණේය. රාජපක්ෂලාගේ නායයෑම යළිත් ඇරඹුණේ එතැන් සිටය. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණේ 2015දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වූ නිසාය. ලෝකයේ හොඳම ආණ්ඩුව වෙන්නට පම්පෝරි ගසමින් ආ මෛත්‍රීපාල සහ රනිල්ගේ යහපාලන – ආණ්ඩුව ලංකාවේ අසාර්ථකම ආණ්ඩුව වූ පසු ජනතාව ආපසු හැරුණේ 2015දී යාන්තමින් පැරදුණු රාජපක්ෂලා වෙතටය. මහින්දට යළිත් තරග වදින්න නීතියෙන් ඉඩක් නැති නිසා රාජපක්ෂලා රටට කීවේ ගෝඨා ජනපති කර මහින්ද පිටුපසින් සිට රට පාලනය කරන බවය. ජනතාව ඉල්ලුවේත් ඒකය. ගෝඨා අතිවිශාල ජනබලයකින් ජනපති වූයේ ඒ නිසාය. එහෙත් ආ බලයට ආ දවසේ සිටම ගෝඨාභය හැසිරුණේ පනික්කියා නැතිව තනිවම නටන්න ගිය නයා වගේය. නයා දන්න නැටුමකුත් නැත. නළා පිබින්න පනික්කියාත් නැත. නයා අන්තිමට ගැරඬියෙක් විය. රාජපක්ෂලා අතර නැති බව කී අභ්‍යන්තර කලකෝලහල හා බල පොරය එළියට ආවේ ගෝඨා ජනපතිව සිටි වසර තුන තුළය. අන්තිමට ගෝඨාට ජනපති ධුරයෙන් රාජපක්ෂලාට ආණ්ඩුවත් නැති විය. ඡන්දය දුන් ජනතාවට අතිමහත් බලාපොරොත්තු සිය ගණනක් නැති විය. රාජපක්ෂලාගේ ආණ්ඩු වල විශේෂත්වය වුණේ අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පොකුරු පිටින් වසර පහක ආණ්ඩු කාලය තුළදී ක්‍රියාත්මක කිරීමය. මහා පරිමාණයෙන් මුදල් සංසරණය වන මෙම ව්‍යාපෘති හැඳින්වුණේ ‘මෙගා ප්‍රොජෙක්ට්” හැටියටය. [B][SIZE=5]රෑ හතෙන් පසු ගෙදර යන්න බස් රථ නැති රටේ රාජපක්ෂලා පටන් ගත්තේ අලුතෙන් ගුවන් තොටුපොළ හදන්නය. එකක් දෙකක් හදනවා වෙනුවට රට පුරාම එක සැරේ අධිවේගී මාර්ග හදන්නය. හද්ද පිටිසර හම්බන්තොට මැදමූකලානේ මහා සම්මන්ත්රණ ශාලා හදන්නය. මේ සියල්ලම අතිවිශාල ලෙස මුදල් සංසරණය වන ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘති සියල්ල පාලනය වුණේ රාජපක්ෂලා අතිනි. එකත් පසව ළඟ සිටි අනෙක් මැති ඇමැතිවරුන්ට සිදුවුණේ නිකං බලාගෙන ඉන්නය. ඔවුන්ට ලැබුණේ බුද්ධ ශාසන, සංස්කෘතික, රාජ්‍ය භාෂා වැනි මෙලෝ රහක් නැති ආදායම් නොලැබෙන සංවර්ධන ව්‍යාපෘති නොඑන අමාත්‍යාශය. විදුලිබල[/SIZE][/B] [SIZE=5][B][/B][/SIZE] [B][SIZE=5]මහා සංවර්ධන ව්‍යාපෘති තම පවුලේ අයට පමණක් වෙන්කර නොගත්තා නම් කොමිස් ගැසීම පවුලෙන් පිටටත් ලබා දුන්නේ නම් ගල් අඟුරු ටෙන්ඩරය වැනි මහා ටෙන්ඩර් රාජපක්ෂ පවුලට සින්න කර නොගත්තා නම් මේ දෙදරීම සිදුවන්නේ නැත. එසේ වී නම් 2015 මහින්දගේ රජය පෙරලන්න පුළුවන් වෙන්නේත් නැත. 2015දී පාඩම ඉගෙන ගත්තා නම් 2020 අත්කර ගත් සුවිශාල බලය අතහැර දමා ගෝඨාභයට පැන යන්න වෙන්නේත් නැත. ගෝඨාභය පැන යාමෙන් පසු රාජපක්ෂවරුන් විසින්ම පත්කරගත් රනිල් සමග හොඳින් සිටියා නම් පොහොට්ටුව කැඩී බිඳී විනාශ වන්නේත් නැත. රාජපක්ෂලා තනිවීමේ සැබෑ සංඛ්‍යා ලේඛන සැප්තැම්බර් 22 වැනිදාට බලා ගත හැකි වනු ඇත.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom