Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජපක්ෂ පාලනයේ අවසන් හෝරා කිහිපයේ මොකද වු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂ පාලනයේ අවසන් හෝරා කිහිපයේ මොකද ව&#3540

ජනවාරි මස 9 වැනිදාට පහන් වෙද්දී රාජපක්ෂ රජය ජනාධිපතිවරණයේ අවසාන ප්‍රතිඵලය නිකුත් වීම වැළැක්වීමට කටයුතු කර ඇති බව දැන් අනාවරණයව තිබෙන්නකි.මේ දෛවෝපගත හෝරා කිහිපයේදී සැබෑවටම සිදුවූයේ කුමක්දැයි අනාවරණය කර ගත හැකි වනු ඇත්තේ ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විධිමත් පරීක්ෂණයකින් පසුවය.එනමුත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වන ව්‍යාපාරයේ (කැෆේ) අපගේ නිරීක්ෂකයින් කාර්ය මණ්ඩලය හා වෙනත් හවුල්කරුවන් වාර්තා කළ පරිදි ජනවාරි මස 8 වැනිදා ගෙවීයෑමට ඉතිරිව තිබූ අවසන් හෝරා කිහිපයේදීත් ජනවාරි මස 9 වැනිදාට පහන්වූ පළමු හෝරා කිහිපයේදීත් ශී‍්‍ර ලංකා දේශපාලන ක්ෂේත්රයේ නව පිටුවක් පෙරළීමට තිබුණු මොහොතේ සිදුවූ දේ මෙසේ සටහන් කරන්නෙමු.

හමුදා පාලනයක් ගැන කටකතා ජනපතිවරණයට දින දෙකක් තිබියදී විපක්ෂයේ ප්‍රධාන දේශපාලඥයින් කිහිපදෙනෙකු හා තවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් ලබාදුන් තොරතුරු වලින් ජනවාරි මස 8 වැනිදා ඡන්ද විමසීම අවසානවූ පසු රටේ මූලෝපායික වශයෙන් වැදගත් වන ස්ථාන කිහිපයකට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීමට සකස් කර තිබෙන සැලැස්මක් පිළිබඳව කැෆේ වෙත වාර්තා විය. තොරතුරු ලබා දුන් පුද්ගලයන් කැෆේ වෙත පවසා සිටියේ මෙම සැලැස්ම කෙරේ මනාපයක් නොමැති ආරක්ෂක අංශ වල ඉහළ නිලධරයින් කිහිපදෙනෙක් ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් ලියැකියවිලි තමන්ගේ අතට ලැබෙන්නට සැලැස්වූ බවය.

ජනවාරි මස 6 වැනිදා හමුදා භට පිරිස් කොළඹ නගරයේ මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානවලද, බණ්ඩාරනායක ගුවන්තොටුපළේද, කොළඹ මාධ්‍ය ආයතන ආසන්නයේද, කොළඹ හා දකුණේ පිහිටි ගුවන්විදුලි හා රූපවාහිනී සම්පේ‍්‍රෂක කුළුණු අසලද රඳවා තිබෙණු දැකගත හැකිවිය. පොලිසියේ මෙන්ම ආරක්ෂක අංශ වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උද්ගත වෙමින් තිබෙන තත්ත්වය සම්බන්ධව විපක්ෂ දේශපාලඥයින් දැනුම්වත් කර තිබුණු අතර විශේෂයෙන් සම්පේ‍්‍රෂක කුළුණු අසළ භට පිරිස් රැඳවීමේ අරමුණ විය හැක්කේ ගුවන්විදුලි හා රූපවාහිනී විකාශනයන් අඩපණ කිරීම විය හැකි බවට ඔවුහු අනතුරු ඇඟවූහ.

ඡන්ද විමසීමට පෙර දිනයේ එනම් 7 වැනිදා මෙවැනි එක් භට කණ්ඩායමක් කොළඹ ටි්රපොලි සංකීර්ණය වෙත පැමිණියහ. අදාළ ස්ථානයට පැමිණෙන්නට යැයි හැර ඔවුන්ට වෙනත් කිසිදු උපදෙසක් ලබාදී නොතිබුණි. සිවිල් ඇදුමින් සැරසී සිටි ඔවුන්ගේ අවි ඔවුන් රැගෙන විත් තිබූ ගමන්මලූ වල සඟවා තිබුණි. අවි ගත් සෙබළුන් කිහිපදෙනෙක් කොළඹ 7 පිහිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවස ඉදිරිපස රඳවා සිටිනු දැකගත හැකිවිය.මේ අතරතුරදී හමුදාපති ජගත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් හමුදා මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබුණි. එයට සහභාගීව සිටියෝ ආරක්ෂක අංශවල හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ වූහ. සාකච්ඡාවේදී විශේෂයෙන් සඳහන් වූයේ ආරක්ෂක පියවරක් ලෙස ඡන්ද විමසීමෙන් පසු ආරක්ෂක අංශ රටේ විවිධ ස්ථාන වලට අනුයුක්ත කිරීම සම්බන්ධවය. මෙහිදී පොලිසිය නියෝජනය කරමින් හමුවට සහභාගීව සිටි නිලධරයින් එම තීරණයට විරෝධය පළ කර ඇත. කැෆේ වෙත වාර්තාවන ආකාරයට තවත් මෙවැනිම හමුවක් ඡන්ද විමසීම සිදුවුණු දිනයේදීද පැවැත්වී ඇත.

මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ මෙහෙය

මෙසේ තිරය පිටුපස සැළසුම් කෙරෙමින් තිබුණු දේ පිළිබඳව විපක්ෂ දේශපාලඥයෝ පොලිස්පති, මැතිවරණ කොමසාරිස්, විදේශ නිරීක්ෂයෝ, තානාපති කාර්යාල ආදීන් දැනුම්වත් කිරීමට කටයුතු කළහ.වහාම කි‍්‍රයාත්මකවූ පොලිස්පති හා මැතිවරණ කොමසාරිස්වරයා මෙවැනි තත්ත්වයක් උද්ගතවීම වැළැක්වීමට ගත හැකි සෑම පියවරයක්ම ගැනීමට උත්සුක වූහ. මේ පිළිබඳව කැෆේ හා මැතිවරණ කොමසාරිස්වරයා අතර පෞද්ගලික සාකච්ඡාවක්ද පැවැත්වුණු අතර එහිදී කිසිදු නීති විරෝධී කි්රයාවක් සිදුවීමට ඉඩ නොතබන බව ඔහු අවධාරණය කළේය.

පොලිස්පති හා මැතිවරණ කටයුතු භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඡන්ද මධ්‍යස්ථාන වල සිටි පොලිස් නිලධාරීන්ට කුමන බලපෑමක් පැමිණියද නීතිය අකුරටම ඉටු කරන ලෙසට දන්වා තිබුණි. ඊට අමතරව පොලිස් මූලස්ථානයට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන හා සෘජුව සම්බන්ධ විය හැකි ක්‍රමවේදයක්ද විය.මෙවන්නක් ඇතිකිරීමට ප්‍රධානම හේතුව වී තිබුණේ ගෙවුණු සති කිහිපයේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා වත්මන් පොලිස්පති හා මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම්වත් නොකර දිවයිනේ පොලිස් ස්ථාන වල නිලධාරීන්ට තමන්ම උපදෙස් නිකුත් කිරීමට කටයුතු කිරීමය.දෙපාර්ශවයකින් ලැබෙන උපදෙස් වලින් කවරක් පිළිපැදිය යුතුදැයි නොදැන ලතවෙමින් සිටි පොලිස් නිළධාරීන්ට සෘජු නියෝග

නිකුත් කිරීම මෙම ක්‍රමවේදය ඇති කිරීමේ අරමුණ විය.

ජනාධිපතිවරණ දිනය - සාමකාමී වගේම ආතතියෙන් පිරුණු දිනයක්.

මැතිවරණ දිනය සමස්ථයක් වශයෙන් ගත් කළ සාමකාමී විය. එසේවුවත් කල්පිටිය නාවික හමුදා කදවුරේ තබාගෙන පුරවන ලදැයි කියන ඡන්ද පෙට්ටි තොගයක් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත යැවීමේ තැතක් පවතින බවට තොරතුරු කැෆේට අනාවරණය විය.මැතිවරණ නිරීක්ෂකයින් මේ පිළිබඳව ප්‍රදේශයේ දේශපාලඥයින්,සිවිල් කි‍්‍රයාධරයින් හා මාධ්‍යවේදීන් වහාම දැනුම්වත් කළ අතර ප්‍රතිඵලයක් ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ අවසාන මොහොත එළැඹීමට ඔන්න මෙන්න තිබියදී සිටම කල්පිටිය නාවික හමුදා කඳවුර ඉදිරියේ විශාල පිරිසක් රැස්ව සිටියහ. ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීමට දරන කවර වෑයමක් හෝ නිශ්ප්‍රභ කිරීම එම රැස්ව සිටි පිරිසගේ අරමුණ වුනි.

මේ හා සමානම පුවතක් ති‍්‍රකුණාමලය ප්‍රදේශයෙන්ද වාර්තා වු අතර ති‍්‍රකුණාමලයේ ජනතාවද එහි පිහිටි නාවික හමුදා කදවුර දෙස ඇස ගසාගෙන සිටියහ.මේ සිදුවීම් දෙකෙන් ජනාධිපතිවරණයේ විශ්වසනීයත්වය ආරක්ෂා කිරීමට ජනතාව කෙරෙහි වූ උනන්දුව හොදින්ම පෙනුණි. කැෆේ මැතිවරණ නිරීක්ෂකයින් කල්පිටිය නාවික හමුදා කඳවුරේ කිසියම් අකටයුතුකමක් සිදුවේනම් ඒ පිළිබඳව නිරීක්ෂණය කර වාර්තා කිරීමට යොදවා තිබුණත් එම නිරීක්ෂකයින්ගේ සහයට ප්‍රදේශයේ දේශපාලඥයින්,සිවිල් කි‍්‍රයාධරයින් මෙන්ම ජනතාවද ඔවුන්ගේ කැමැත්තෙන්ම ඉදිරිපත්ව සිටියේය. සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් මෙසේ ජනතාව පෙළ ගැසුණු වෙනත් අවස්ථාවක් මෑත ඉතිහාසයේ නොමැති තරම්ය.

මැතිවරණ දිනය සාමකාමීව ගෙවුනත් රටේ ජනතාව ජනපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු වලදී කිසියම් අකටයුතුකමක් සිදුවන්නට ඉඩ තිබෙන බව ඉවෙන් මෙන් දැන සිටියාක් වැනි විය. කිසිදු නීති විරෝධී කි‍්‍රයාවකට ඉඩ නොදීමට ඔවුහු ඉටාගෙන සිටියහ.

උතුරේ හා නැගෙනහිර ප්‍රදේශ වල ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩනොදී බාධා කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරනු ඇතැයි මුලින් විශ්වාස කෙරුණත් සම්පූර්ණ ඡන්ද දිනය පුරාම ආරක්ෂක අංශ සිටියේ ඔවුන්ගේ කඳවුරුවලය. උතුරේ හා නැගෙනහිර ජනතාවට බාධා ගෙනදුන් කිසිදු සිදුවීමක් වාර්තා නොවුනු අතර ඡන්ද මධ්‍යස්ථාන අසළ වූ පිපිරීම් 3 ක් ගැන මාධ්‍ය සදහන් කළත් ඒවා ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවගේ තිබූ උනන්දුව හීන කළ ආකාරයක් නොපෙනුණි. ප්රචාරක සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ඉහළින්ම ප්‍රචාරණ කටයුතු වලට යොදවා තිබුණු ආරක්ෂක අංශ මැතිවරණ දිනයේදීත් නීතිවිරෝධී අයුරින් ප්‍රචාරණ කටයුතුවල නියැලූනත් ඒ ඉතා අවම මට්ටමෙන් විය. මීට හේතුව ලෙස ජනපතිවරණයට අන්තර්ජාතික අවධානය යොමුව තිබීම හෝ දේශීය විදේශීය නිරීක්ෂකයින් මැතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා යොදවා තිබීම හෝ හේතුවූවා වන්නට පිළිවන.

ඡන්ද ගණන් කිරීම - බිය හා බලාපොරොත්තු

මැතිවරණයට දින දෙකකට පෙර සිටම එම කටයුතු සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් කාර්යක්ෂමව ඔවුන්ගේ සේවය ලබාදුන්නේය. හම්බන්තොට,මොණරාගල,මාතර හා පුත්තලම දිස්ති‍්‍රක්ක වලින් වාර්තාවූ සිදුවීම් කිහිපයක් හැරෙන්නට කනිෂ්ඨ මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් බහුතරය මැතිවරණ කොමසාරිස් දෙපාර්තමෙන්තුවේ උපදෙස් පරිදි කටයුතු කළේය.

එසේවුවත් ඞී.ඇස්.සේනානායක විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට අනුයුක්ත කර සිටි පොලිස් නිළධාරීන් තම රාජකාරිය ඉටු කරමින් සිටියේ දුෂ්කරතා මැදය.පොලිස්පතිගේ හා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ උපදෙස් වලට අමතරව ඔවුන්ට තෙවැනි පාර්ශවයකගේ උපදෙස් වලට අනුවද කටයුතු කිරීමට සිදුව තිබුණි.මේ තෙවැනි පාර්ශවය ස්වකීය උපදෙස් අදාළ පොලිස් නිළධාරීන්ට නිකුත් කරමින් සිටියේ පොලිස්පති හෝ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අනුදැනුමකින් තොරවය.එම නිළධරයින් මෙම තෙවැනි පාර්ශවය ගැන දැනගත්තේද මැතිවරණ දිනයේදීය.

ජනාධිපතිවරණ දිනයේදී පොලිසිය එකක් පොලිස්පතිවරයාගේද තවෙකක් පොලිස් මාධ්‍ය ප්රකාශකවරයාගේද ප්‍රධානත්වයෙන් යුත් මාධ්‍ය හමු දෙකක් පැවැත්වීය.එල්ල වන බලපෑම් හමුවේ වුවද නොසැළී කටයුතු කරන ලෙස පොලිස් නිළධාරීන්ට පණිවුඩයක් ලබාදීම මෙම මාධ්‍ය හමු වල අරමුණ විය.මෙයින් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පොලිසියේ වූ වුවමනාව හොදින් පෙනුනි.ජනවාරි මස නව වැනිදා අළුයම 12.30 වෙද්දීත් ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල හෝ මැතිවරණ දෙපාර්තමෙන්තුවේ හෝ කිසිදු සිදුවීමක් වාර්තා

නොවුනි.නමුත් කොළඹ ඞී.ඇස් සේනානායක විද්‍යාලයේ තිබුණු ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට හමුදා භටයින් කණ්ඩායමක් පැමිණ සිටි අතර ඔවුන් කුමන අංශයකට අනුයුක්තව සිටීදැයි කිසිවෙකු දැන සිටියේ නැත.මෙවැනිම හමුදා කණ්ඩායමක් රාජකීය විදුහලේ ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයටත් පැමිණ සිටින බව කටකතා වලින් කියැවුනි.

බොහෝ දෙනා විශ්වාස කළේ මෙම හමුදා භටයින් හිටපු ආරක්ෂක ලේකම්වරයා යටතේ තිබුණු ගජබා රෙජිමෙන්තුවට අයත්වූවන් කියාය.ලැබී තිබුණු වාර්තා වලට අනුව හමුදා භට පිරිස් රොක් හවුස් කදවුර,වැලිසර නාවික හමුදා කදවුර,කඩොල් කැළේ,මිීගමුව ආදී ප්‍රදේශවල රදවාගෙන සිට ගණනින් දහසක් පමණ වූ ඔවුන් කණ්ඩායම් 9 කට බෙදා කොළඹ නගරය අවට රදවා තිබුණු බවටද එම වාර්තා වල වැඩිදුරටත් සදහන් වුනි.

අළුයම 1.30 ට පමණ කැෆේ විධායක අධ්‍යක්ෂකවරයාට දැනට දේශපාලනයේ නිරතව සිටින විශ්‍රාමික හමුදා නිළධාරියෙකුගේ නියෝජිතයෙකුගෙන් වහාම මැතිවරණ දෙපාර්තමෙන්තුව වෙත පැමිණෙන්නැයි පණිවුඩයක් ලැබුණි. මැතිවරණ දෙපාර්තමෙන්තුවේ රැුදී සිටි වෙනත් විපක්ෂ දේශපාලඥයෝද වහාම පැමිණෙන්නැයි කැෆේ විධායක අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා සිටියහ.කුමක් හෝ බරපතල දෙයක් සිදුවන්නට යන පෙර ලකුණු දැක සියලූදෙනා බියපත්ව සිටි සෙයක් පෙනුනි.මෛති්රීපාල සිරිසේන මහතා හා කලක් ඉතා සමිීපව කටයුතු කළ නීතිඥ චම්පනී පද්මසේකර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මැතිවරණ දෙපාර්තමෙන්තුවේ රැදී සිටි එකම නියෝජිතයා විය.බොහෝ දෙනා මෙය අසුභ ලකුණක් ලෙස සැළකූහ. සාමාන්‍යයෙන් මැතිවරණ රැයකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මුල් පෙළ නියෝජිතයෝ මැතිවරණ කාර්යාලයට පැමිණ සිටින්නේ දුසිම් ගණනින් වුවත් මෙවර එවැන්නක් දැකගත නොහැකි විය.

කැෆේ අධ්‍යක්ෂකවරයා මැතිවරණ දෙපාර්තමෙන්තුවට පැමිණි අවස්ථාවේ එහි තිබුණේ නොසන්සුන්කාරී තත්ත්වයකි. ඩී.ඇස් සේනානායක විදුහල අවට හමුදා භටයින් රදවමින් සිටින බව සදහන්වූ වාර්තා එක පිට එක පැමිණෙමින් තිබුනි. ඒ වන විට දෙපාර්තමෙන්තුවේ සිටියේ විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් කිහිපදෙනෙකු හා මැතිවරණ පැමිණිලි කාර්යාලයේ සේවය කළ පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු පමණි.

අලූයම 1.45 ට පමණ දෙපාර්තමෙන්තුවට පැමිනි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු දෙපාර්තමෙන්තුවේ රැඳී සිට විශේෂ කාර්ය බලකා භටයින් මූලෝපායික වශයෙන් වැදගත්වන ස්ථාන වල රැඳවූයේ පිටතින් එල්ල විය හැකි ඕනෑම ආකාරයේ තර්ජනයකට මුහුණදීමට හැකිවන අයුරින්ය.මේ අවස්ථාවේදී කැෆේ වෙත වාර්තාවූයේ අගවිනිසුරුවරයා ඇතුළු නිළධාරීන් කිහිපදෙනෙක් අරලියහග මන්දිරයට කැඳවා තිබෙන බවය. ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරෙමින් තිබෙන අවස්ථාවක රටේ අගවිනිසුරුවරයා අපේක්ෂකයෙකුගේ නිවහන වෙත ගොස් සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැත.

කියන තරම් ලෙහෙසි නොවූ බලය අත්හැරීමක්

තමන්ට බලය අත්හැරීමට සිදුවන බව දැකගත් විහස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයා ඇමතීය. පසුගිය මැතිවරණයක් සැළකීමේදී දේශපාලන පක්ෂ වලට හා මැතිවරණ නිරීක්ෂකයින්ට මාධ්‍ය වලින් නිල ඡන්ද ප්‍රතිඵල අනාවරණය කරන තෙක් රැදී සිටින්නට සිදුවුනත් මෙවර ජනවාරි 9 වැනිදා අලුයම 2.15 වන විට ඔවුන් අවසාන ප්‍රතිඵලය ගැන දැනගත්තේය.මැතිවරණ නිරීක්ෂකයින්ට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල රැඳී සිටීමේ අවසරය ඇති හෙයින් ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයගෙන ඇත්දැයි කැෆේ දැනගත්තේ අලුයම 2.37 වෙද්දීය. කරුණු මෙසේ වෙද්දී රාජගිරිය මැතිවරණ දෙපාර්තමෙන්තුවේ කි‍්‍රයාකාරීව තිබූ මාධ්‍ය වෙත මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරමින් සිටි පරිගණක පද්ධතිය අලුයම 1.30 - 2.30 අතර කාලයේදී එක්වරම කි‍්‍රයාවිරහිත විය. තාක්ෂණික දෝෂයක් යැයි පැවසුනත් එම දෝෂය කවරක්දැයි සොයාගැනීමට නොහැකිවුණි. වාසනාවට මැතිවරණ කොමසාරිස්වරයා යටතේ මෙවන් අවස්ථාවකට සූදානමින් සිටි කණ්ඩායමක් සිටි අතර ඔවුන් වහාම පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කළේය.මේ කටයුතු සිදුවෙද්දී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අරලිය ගහ මන්දිරයට පැමිණෙන්නැයි කැඳවීමක් ලැබී තිබුණි. අගවිනිසුරුවරයා ඒ වන විටත් සිට ඇත්තේ අරලියගහ මන්දිරයේය. වික්‍රමසිංහ මහතා හා හිටපු ජනපතිවරයා අතර ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වී තිබෙන බවට තොරතුරු වාර්තාවී තිබේ. අවසානයේ මහින්ද රාජපක්ෂට මැදමුලනේ තම නිවහන වෙත යෑමට එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර දෙකක් සපයාදීමට එකඟතාව පළවී ඇත.

ඡන්ද විමසීමකින් පසු පරාජිතයා නිහතමානීව ජයග්‍රාහකයා වෙත තම බලය පවරා දෙන දේශපාලන සංස්කෘතියක් ශී‍්‍ර ලංකාවේ අපට තිබුණි.මෙවරද පරාජිතයා ජයග්‍රාහකයා වෙත තම බලය පවරාදුන් නමුත් එය සිදුවූයේ මහා ව්‍යසනයක් ඇතිවීමට ඔන්න මෙන්න කියා තිබියදීය. මැතිවරණ කොමසාරිස්වරයා,පොලිස්පතිවරයා ආදී පුද්ගලයෝ එදා තම රාජකාරිය සාධාරණව හා යුක්තිසහගතව ඉටු කිරීම මොහොතකට හෝ අතපසු කළේ නම් ජනවාරි 8 වැනිදායින් පසු රටේ කුමන් තත්ත්වයක් ඇතිවන්නට තිබුණේදැයි සිතාගැනීමටවත් පවා නොහැක.කැෆේ අපගේ හෘදයාංගම කෘතඥතාවය එවන් පුද්ගලයින්ට හිමිය.රාජපක්ෂ පාලනයේ අන්තිම හෝරා කිහිපයේදී කුමක් සිදුවූවේද යන්න ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කැෆේ අපගේ මතයයි. අස්සක් මුල්ලක් නෑර කරුණු සොයා බලා එම තොරතුරු පොදු ජනතාවට අනාවරණය කළයුතුව ඇත.මෙම පරීක්ෂණය අපක්ෂපාතී විය යුතුය.එම දෛවෝපගත හෝරා කිහිපයේදී අරලියගහ මන්දිරයේ රැඳී සිටි මුල් පෙලේ රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ යුතුය.

Source Daily FT

[QUOTE="kukku baba, post: 17818545, member: 249844"] [b]රාජපක්ෂ පාලනයේ අවසන් හෝරා කිහිපයේ මොකද වු[/b] [SIZE=4]ජනවාරි මස 9 වැනිදාට පහන් වෙද්දී රාජපක්ෂ රජය ජනාධිපතිවරණයේ අවසාන ප්‍රතිඵලය නිකුත් වීම වැළැක්වීමට කටයුතු කර ඇති බව දැන් අනාවරණයව තිබෙන්නකි.මේ දෛවෝපගත හෝරා කිහිපයේදී සැබෑවටම සිදුවූයේ කුමක්දැයි අනාවරණය කර ගත හැකි වනු ඇත්තේ ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විධිමත් පරීක්ෂණයකින් පසුවය.එනමුත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වන ව්‍යාපාරයේ (කැෆේ) අපගේ නිරීක්ෂකයින් කාර්ය මණ්ඩලය හා වෙනත් හවුල්කරුවන් වාර්තා කළ පරිදි ජනවාරි මස 8 වැනිදා ගෙවීයෑමට ඉතිරිව තිබූ අවසන් හෝරා කිහිපයේදීත් ජනවාරි මස 9 වැනිදාට පහන්වූ පළමු හෝරා කිහිපයේදීත් ශී‍්‍ර ලංකා දේශපාලන ක්ෂේත්රයේ නව පිටුවක් පෙරළීමට තිබුණු මොහොතේ සිදුවූ දේ මෙසේ සටහන් කරන්නෙමු. [/SIZE] [SIZE=4] හමුදා පාලනයක් ගැන කටකතා ජනපතිවරණයට දින දෙකක් තිබියදී විපක්ෂයේ ප්‍රධාන දේශපාලඥයින් කිහිපදෙනෙකු හා තවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් ලබාදුන් තොරතුරු වලින් ජනවාරි මස 8 වැනිදා ඡන්ද විමසීම අවසානවූ පසු රටේ මූලෝපායික වශයෙන් වැදගත් වන ස්ථාන කිහිපයකට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීමට සකස් කර තිබෙන සැලැස්මක් පිළිබඳව කැෆේ වෙත වාර්තා විය. තොරතුරු ලබා දුන් පුද්ගලයන් කැෆේ වෙත පවසා සිටියේ මෙම සැලැස්ම කෙරේ මනාපයක් නොමැති ආරක්ෂක අංශ වල ඉහළ නිලධරයින් කිහිපදෙනෙක් ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් ලියැකියවිලි තමන්ගේ අතට ලැබෙන්නට සැලැස්වූ බවය. [/SIZE] [SIZE=4] ජනවාරි මස 6 වැනිදා හමුදා භට පිරිස් කොළඹ නගරයේ මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානවලද, බණ්ඩාරනායක ගුවන්තොටුපළේද, කොළඹ මාධ්‍ය ආයතන ආසන්නයේද, කොළඹ හා දකුණේ පිහිටි ගුවන්විදුලි හා රූපවාහිනී සම්පේ‍්‍රෂක කුළුණු අසලද රඳවා තිබෙණු දැකගත හැකිවිය. පොලිසියේ මෙන්ම ආරක්ෂක අංශ වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උද්ගත වෙමින් තිබෙන තත්ත්වය සම්බන්ධව විපක්ෂ දේශපාලඥයින් දැනුම්වත් කර තිබුණු අතර විශේෂයෙන් සම්පේ‍්‍රෂක කුළුණු අසළ භට පිරිස් රැඳවීමේ අරමුණ විය හැක්කේ ගුවන්විදුලි හා රූපවාහිනී විකාශනයන් අඩපණ කිරීම විය හැකි බවට ඔවුහු අනතුරු ඇඟවූහ. [/SIZE] [SIZE=4] ඡන්ද විමසීමට පෙර දිනයේ එනම් 7 වැනිදා මෙවැනි එක් භට කණ්ඩායමක් කොළඹ ටි්රපොලි සංකීර්ණය වෙත පැමිණියහ. අදාළ ස්ථානයට පැමිණෙන්නට යැයි හැර ඔවුන්ට වෙනත් කිසිදු උපදෙසක් ලබාදී නොතිබුණි. සිවිල් ඇදුමින් සැරසී සිටි ඔවුන්ගේ අවි ඔවුන් රැගෙන විත් තිබූ ගමන්මලූ වල සඟවා තිබුණි. අවි ගත් සෙබළුන් කිහිපදෙනෙක් කොළඹ 7 පිහිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවස ඉදිරිපස රඳවා සිටිනු දැකගත හැකිවිය.මේ අතරතුරදී හමුදාපති ජගත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් හමුදා මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබුණි. එයට සහභාගීව සිටියෝ ආරක්ෂක අංශවල හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ වූහ. සාකච්ඡාවේදී විශේෂයෙන් සඳහන් වූයේ ආරක්ෂක පියවරක් ලෙස ඡන්ද විමසීමෙන් පසු ආරක්ෂක අංශ රටේ විවිධ ස්ථාන වලට අනුයුක්ත කිරීම සම්බන්ධවය. මෙහිදී පොලිසිය නියෝජනය කරමින් හමුවට සහභාගීව සිටි නිලධරයින් එම තීරණයට විරෝධය පළ කර ඇත. කැෆේ වෙත වාර්තාවන ආකාරයට තවත් මෙවැනිම හමුවක් ඡන්ද විමසීම සිදුවුණු දිනයේදීද පැවැත්වී ඇත. [/SIZE] [SIZE=4] මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ මෙහෙය [/SIZE] [SIZE=4] මෙසේ තිරය පිටුපස සැළසුම් කෙරෙමින් තිබුණු දේ පිළිබඳව විපක්ෂ දේශපාලඥයෝ පොලිස්පති, මැතිවරණ කොමසාරිස්, විදේශ නිරීක්ෂයෝ, තානාපති කාර්යාල ආදීන් දැනුම්වත් කිරීමට කටයුතු කළහ.වහාම කි‍්‍රයාත්මකවූ පොලිස්පති හා මැතිවරණ කොමසාරිස්වරයා මෙවැනි තත්ත්වයක් උද්ගතවීම වැළැක්වීමට ගත හැකි සෑම පියවරයක්ම ගැනීමට උත්සුක වූහ. මේ පිළිබඳව කැෆේ හා මැතිවරණ කොමසාරිස්වරයා අතර පෞද්ගලික සාකච්ඡාවක්ද පැවැත්වුණු අතර එහිදී කිසිදු නීති විරෝධී කි්රයාවක් සිදුවීමට ඉඩ නොතබන බව ඔහු අවධාරණය කළේය. [/SIZE] [SIZE=4] පොලිස්පති හා මැතිවරණ කටයුතු භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඡන්ද මධ්‍යස්ථාන වල සිටි පොලිස් නිලධාරීන්ට කුමන බලපෑමක් පැමිණියද නීතිය අකුරටම ඉටු කරන ලෙසට දන්වා තිබුණි. ඊට අමතරව පොලිස් මූලස්ථානයට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන හා සෘජුව සම්බන්ධ විය හැකි ක්‍රමවේදයක්ද විය.මෙවන්නක් ඇතිකිරීමට ප්‍රධානම හේතුව වී තිබුණේ ගෙවුණු සති කිහිපයේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා වත්මන් පොලිස්පති හා මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම්වත් නොකර දිවයිනේ පොලිස් ස්ථාන වල නිලධාරීන්ට තමන්ම උපදෙස් නිකුත් කිරීමට කටයුතු කිරීමය.දෙපාර්ශවයකින් ලැබෙන උපදෙස් වලින් කවරක් පිළිපැදිය යුතුදැයි නොදැන ලතවෙමින් සිටි පොලිස් නිළධාරීන්ට සෘජු නියෝග [/SIZE] [SIZE=4] නිකුත් කිරීම මෙම ක්‍රමවේදය ඇති කිරීමේ අරමුණ විය. [/SIZE] [SIZE=4] ජනාධිපතිවරණ දිනය - සාමකාමී වගේම ආතතියෙන් පිරුණු දිනයක්. [/SIZE] [SIZE=4] මැතිවරණ දිනය සමස්ථයක් වශයෙන් ගත් කළ සාමකාමී විය. එසේවුවත් කල්පිටිය නාවික හමුදා කදවුරේ තබාගෙන පුරවන ලදැයි කියන ඡන්ද පෙට්ටි තොගයක් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත යැවීමේ තැතක් පවතින බවට තොරතුරු කැෆේට අනාවරණය විය.මැතිවරණ නිරීක්ෂකයින් මේ පිළිබඳව ප්‍රදේශයේ දේශපාලඥයින්,සිවිල් කි‍්‍රයාධරයින් හා මාධ්‍යවේදීන් වහාම දැනුම්වත් කළ අතර ප්‍රතිඵලයක් ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ අවසාන මොහොත එළැඹීමට ඔන්න මෙන්න තිබියදී සිටම කල්පිටිය නාවික හමුදා කඳවුර ඉදිරියේ විශාල පිරිසක් රැස්ව සිටියහ. ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීමට දරන කවර වෑයමක් හෝ නිශ්ප්‍රභ කිරීම එම රැස්ව සිටි පිරිසගේ අරමුණ වුනි. [/SIZE] [SIZE=4] මේ හා සමානම පුවතක් ති‍්‍රකුණාමලය ප්‍රදේශයෙන්ද වාර්තා වු අතර ති‍්‍රකුණාමලයේ ජනතාවද එහි පිහිටි නාවික හමුදා කදවුර දෙස ඇස ගසාගෙන සිටියහ.මේ සිදුවීම් දෙකෙන් ජනාධිපතිවරණයේ විශ්වසනීයත්වය ආරක්ෂා කිරීමට ජනතාව කෙරෙහි වූ උනන්දුව හොදින්ම පෙනුණි. කැෆේ මැතිවරණ නිරීක්ෂකයින් කල්පිටිය නාවික හමුදා කඳවුරේ කිසියම් අකටයුතුකමක් සිදුවේනම් ඒ පිළිබඳව නිරීක්ෂණය කර වාර්තා කිරීමට යොදවා තිබුණත් එම නිරීක්ෂකයින්ගේ සහයට ප්‍රදේශයේ දේශපාලඥයින්,සිවිල් කි‍්‍රයාධරයින් මෙන්ම ජනතාවද ඔවුන්ගේ කැමැත්තෙන්ම ඉදිරිපත්ව සිටියේය. සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් මෙසේ ජනතාව පෙළ ගැසුණු වෙනත් අවස්ථාවක් මෑත ඉතිහාසයේ නොමැති තරම්ය. [/SIZE] [SIZE=4] මැතිවරණ දිනය සාමකාමීව ගෙවුනත් රටේ ජනතාව ජනපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු වලදී කිසියම් අකටයුතුකමක් සිදුවන්නට ඉඩ තිබෙන බව ඉවෙන් මෙන් දැන සිටියාක් වැනි විය. කිසිදු නීති විරෝධී කි‍්‍රයාවකට ඉඩ නොදීමට ඔවුහු ඉටාගෙන සිටියහ. [/SIZE] [SIZE=4] උතුරේ හා නැගෙනහිර ප්‍රදේශ වල ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩනොදී බාධා කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරනු ඇතැයි මුලින් විශ්වාස කෙරුණත් සම්පූර්ණ ඡන්ද දිනය පුරාම ආරක්ෂක අංශ සිටියේ ඔවුන්ගේ කඳවුරුවලය. උතුරේ හා නැගෙනහිර ජනතාවට බාධා ගෙනදුන් කිසිදු සිදුවීමක් වාර්තා නොවුනු අතර ඡන්ද මධ්‍යස්ථාන අසළ වූ පිපිරීම් 3 ක් ගැන මාධ්‍ය සදහන් කළත් ඒවා ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවගේ තිබූ උනන්දුව හීන කළ ආකාරයක් නොපෙනුණි. ප්රචාරක සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ඉහළින්ම ප්‍රචාරණ කටයුතු වලට යොදවා තිබුණු ආරක්ෂක අංශ මැතිවරණ දිනයේදීත් නීතිවිරෝධී අයුරින් ප්‍රචාරණ කටයුතුවල නියැලූනත් ඒ ඉතා අවම මට්ටමෙන් විය. මීට හේතුව ලෙස ජනපතිවරණයට අන්තර්ජාතික අවධානය යොමුව තිබීම හෝ දේශීය විදේශීය නිරීක්ෂකයින් මැතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා යොදවා තිබීම හෝ හේතුවූවා වන්නට පිළිවන. [/SIZE] [SIZE=4] ඡන්ද ගණන් කිරීම - බිය හා බලාපොරොත්තු [/SIZE] [SIZE=4] මැතිවරණයට දින දෙකකට පෙර සිටම එම කටයුතු සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් කාර්යක්ෂමව ඔවුන්ගේ සේවය ලබාදුන්නේය. හම්බන්තොට,මොණරාගල,මාතර හා පුත්තලම දිස්ති‍්‍රක්ක වලින් වාර්තාවූ සිදුවීම් කිහිපයක් හැරෙන්නට කනිෂ්ඨ මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් බහුතරය මැතිවරණ කොමසාරිස් දෙපාර්තමෙන්තුවේ උපදෙස් පරිදි කටයුතු කළේය. [/SIZE] [SIZE=4] එසේවුවත් ඞී.ඇස්.සේනානායක විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට අනුයුක්ත කර සිටි පොලිස් නිළධාරීන් තම රාජකාරිය ඉටු කරමින් සිටියේ දුෂ්කරතා මැදය.පොලිස්පතිගේ හා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ උපදෙස් වලට අමතරව ඔවුන්ට තෙවැනි පාර්ශවයකගේ උපදෙස් වලට අනුවද කටයුතු කිරීමට සිදුව තිබුණි.මේ තෙවැනි පාර්ශවය ස්වකීය උපදෙස් අදාළ පොලිස් නිළධාරීන්ට නිකුත් කරමින් සිටියේ පොලිස්පති හෝ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අනුදැනුමකින් තොරවය.එම නිළධරයින් මෙම තෙවැනි පාර්ශවය ගැන දැනගත්තේද මැතිවරණ දිනයේදීය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ජනාධිපතිවරණ දිනයේදී පොලිසිය එකක් පොලිස්පතිවරයාගේද තවෙකක් පොලිස් මාධ්‍ය ප්රකාශකවරයාගේද ප්‍රධානත්වයෙන් යුත් මාධ්‍ය හමු දෙකක් පැවැත්වීය.එල්ල වන බලපෑම් හමුවේ වුවද නොසැළී කටයුතු කරන ලෙස පොලිස් නිළධාරීන්ට පණිවුඩයක් ලබාදීම මෙම මාධ්‍ය හමු වල අරමුණ විය.මෙයින් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පොලිසියේ වූ වුවමනාව හොදින් පෙනුනි.ජනවාරි මස නව වැනිදා අළුයම 12.30 වෙද්දීත් ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල හෝ මැතිවරණ දෙපාර්තමෙන්තුවේ හෝ කිසිදු සිදුවීමක් වාර්තා [/SIZE] [SIZE=4] නොවුනි.නමුත් කොළඹ ඞී.ඇස් සේනානායක විද්‍යාලයේ තිබුණු ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට හමුදා භටයින් කණ්ඩායමක් පැමිණ සිටි අතර ඔවුන් කුමන අංශයකට අනුයුක්තව සිටීදැයි කිසිවෙකු දැන සිටියේ නැත.මෙවැනිම හමුදා කණ්ඩායමක් රාජකීය විදුහලේ ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයටත් පැමිණ සිටින බව කටකතා වලින් කියැවුනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] බොහෝ දෙනා විශ්වාස කළේ මෙම හමුදා භටයින් හිටපු ආරක්ෂක ලේකම්වරයා යටතේ තිබුණු ගජබා රෙජිමෙන්තුවට අයත්වූවන් කියාය.ලැබී තිබුණු වාර්තා වලට අනුව හමුදා භට පිරිස් රොක් හවුස් කදවුර,වැලිසර නාවික හමුදා කදවුර,කඩොල් කැළේ,මිීගමුව ආදී ප්‍රදේශවල රදවාගෙන සිට ගණනින් දහසක් පමණ වූ ඔවුන් කණ්ඩායම් 9 කට බෙදා කොළඹ නගරය අවට රදවා තිබුණු බවටද එම වාර්තා වල වැඩිදුරටත් සදහන් වුනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අළුයම 1.30 ට පමණ කැෆේ විධායක අධ්‍යක්ෂකවරයාට දැනට දේශපාලනයේ නිරතව සිටින විශ්‍රාමික හමුදා නිළධාරියෙකුගේ නියෝජිතයෙකුගෙන් වහාම මැතිවරණ දෙපාර්තමෙන්තුව වෙත පැමිණෙන්නැයි පණිවුඩයක් ලැබුණි. මැතිවරණ දෙපාර්තමෙන්තුවේ රැුදී සිටි වෙනත් විපක්ෂ දේශපාලඥයෝද වහාම පැමිණෙන්නැයි කැෆේ විධායක අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා සිටියහ.කුමක් හෝ බරපතල දෙයක් සිදුවන්නට යන පෙර ලකුණු දැක සියලූදෙනා බියපත්ව සිටි සෙයක් පෙනුනි.මෛති්රීපාල සිරිසේන මහතා හා කලක් ඉතා සමිීපව කටයුතු කළ නීතිඥ චම්පනී පද්මසේකර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මැතිවරණ දෙපාර්තමෙන්තුවේ රැදී සිටි එකම නියෝජිතයා විය.බොහෝ දෙනා මෙය අසුභ ලකුණක් ලෙස සැළකූහ. සාමාන්‍යයෙන් මැතිවරණ රැයකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මුල් පෙළ නියෝජිතයෝ මැතිවරණ කාර්යාලයට පැමිණ සිටින්නේ දුසිම් ගණනින් වුවත් මෙවර එවැන්නක් දැකගත නොහැකි විය. [/SIZE] [SIZE=4] කැෆේ අධ්‍යක්ෂකවරයා මැතිවරණ දෙපාර්තමෙන්තුවට පැමිණි අවස්ථාවේ එහි තිබුණේ නොසන්සුන්කාරී තත්ත්වයකි. ඩී.ඇස් සේනානායක විදුහල අවට හමුදා භටයින් රදවමින් සිටින බව සදහන්වූ වාර්තා එක පිට එක පැමිණෙමින් තිබුනි. ඒ වන විට දෙපාර්තමෙන්තුවේ සිටියේ විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් කිහිපදෙනෙකු හා මැතිවරණ පැමිණිලි කාර්යාලයේ සේවය කළ පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු පමණි. [/SIZE] [SIZE=4] අලූයම 1.45 ට පමණ දෙපාර්තමෙන්තුවට පැමිනි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු දෙපාර්තමෙන්තුවේ රැඳී සිට විශේෂ කාර්ය බලකා භටයින් මූලෝපායික වශයෙන් වැදගත්වන ස්ථාන වල රැඳවූයේ පිටතින් එල්ල විය හැකි ඕනෑම ආකාරයේ තර්ජනයකට මුහුණදීමට හැකිවන අයුරින්ය.මේ අවස්ථාවේදී කැෆේ වෙත වාර්තාවූයේ අගවිනිසුරුවරයා ඇතුළු නිළධාරීන් කිහිපදෙනෙක් අරලියහග මන්දිරයට කැඳවා තිබෙන බවය. ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරෙමින් තිබෙන අවස්ථාවක රටේ අගවිනිසුරුවරයා අපේක්ෂකයෙකුගේ නිවහන වෙත ගොස් සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැත. [/SIZE] [SIZE=4] කියන තරම් ලෙහෙසි නොවූ බලය අත්හැරීමක් [/SIZE] [SIZE=4] තමන්ට බලය අත්හැරීමට සිදුවන බව දැකගත් විහස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයා ඇමතීය. පසුගිය මැතිවරණයක් සැළකීමේදී දේශපාලන පක්ෂ වලට හා මැතිවරණ නිරීක්ෂකයින්ට මාධ්‍ය වලින් නිල ඡන්ද ප්‍රතිඵල අනාවරණය කරන තෙක් රැදී සිටින්නට සිදුවුනත් මෙවර ජනවාරි 9 වැනිදා අලුයම 2.15 වන විට ඔවුන් අවසාන ප්‍රතිඵලය ගැන දැනගත්තේය.මැතිවරණ නිරීක්ෂකයින්ට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල රැඳී සිටීමේ අවසරය ඇති හෙයින් ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයගෙන ඇත්දැයි කැෆේ දැනගත්තේ අලුයම 2.37 වෙද්දීය. කරුණු මෙසේ වෙද්දී රාජගිරිය මැතිවරණ දෙපාර්තමෙන්තුවේ කි‍්‍රයාකාරීව තිබූ මාධ්‍ය වෙත මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරමින් සිටි පරිගණක පද්ධතිය අලුයම 1.30 - 2.30 අතර කාලයේදී එක්වරම කි‍්‍රයාවිරහිත විය. තාක්ෂණික දෝෂයක් යැයි පැවසුනත් එම දෝෂය කවරක්දැයි සොයාගැනීමට නොහැකිවුණි. වාසනාවට මැතිවරණ කොමසාරිස්වරයා යටතේ මෙවන් අවස්ථාවකට සූදානමින් සිටි කණ්ඩායමක් සිටි අතර ඔවුන් වහාම පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කළේය.මේ කටයුතු සිදුවෙද්දී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අරලිය ගහ මන්දිරයට පැමිණෙන්නැයි කැඳවීමක් ලැබී තිබුණි. අගවිනිසුරුවරයා ඒ වන විටත් සිට ඇත්තේ අරලියගහ මන්දිරයේය. වික්‍රමසිංහ මහතා හා හිටපු ජනපතිවරයා අතර ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වී තිබෙන බවට තොරතුරු වාර්තාවී තිබේ. අවසානයේ මහින්ද රාජපක්ෂට මැදමුලනේ තම නිවහන වෙත යෑමට එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර දෙකක් සපයාදීමට එකඟතාව පළවී ඇත. [/SIZE] [SIZE=4] ඡන්ද විමසීමකින් පසු පරාජිතයා නිහතමානීව ජයග්‍රාහකයා වෙත තම බලය පවරා දෙන දේශපාලන සංස්කෘතියක් ශී‍්‍ර ලංකාවේ අපට තිබුණි.මෙවරද පරාජිතයා ජයග්‍රාහකයා වෙත තම බලය පවරාදුන් නමුත් එය සිදුවූයේ මහා ව්‍යසනයක් ඇතිවීමට ඔන්න මෙන්න කියා තිබියදීය. මැතිවරණ කොමසාරිස්වරයා,පොලිස්පතිවරයා ආදී පුද්ගලයෝ එදා තම රාජකාරිය සාධාරණව හා යුක්තිසහගතව ඉටු කිරීම මොහොතකට හෝ අතපසු කළේ නම් ජනවාරි 8 වැනිදායින් පසු රටේ කුමන් තත්ත්වයක් ඇතිවන්නට තිබුණේදැයි සිතාගැනීමටවත් පවා නොහැක.කැෆේ අපගේ හෘදයාංගම කෘතඥතාවය එවන් පුද්ගලයින්ට හිමිය.රාජපක්ෂ පාලනයේ අන්තිම හෝරා කිහිපයේදී කුමක් සිදුවූවේද යන්න ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කැෆේ අපගේ මතයයි. අස්සක් මුල්ලක් නෑර කරුණු සොයා බලා එම තොරතුරු පොදු ජනතාවට අනාවරණය කළයුතුව ඇත.මෙම පරීක්ෂණය අපක්ෂපාතී විය යුතුය.එම දෛවෝපගත හෝරා කිහිපයේදී අරලියගහ මන්දිරයේ රැඳී සිටි මුල් පෙලේ රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ යුතුය. Source Daily FT [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom