රාජපක්ෂ මලමිනිය ගොඩගැනීමේ අපත සිහිනය

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
රාජපක්ෂ මලමිනිය ගොඩගැනීමේ අපත සිහිනය

(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.25, ප.ව‍‍‍‍.11.30) ඕනෑම නිෂ්පාදනයක යම් පමණක අපතයක් පිහිටීම ස්වභාවිකය. මනුෂ්‍ය උත්පත්තියේදීත් එය එසේමය. දේශපාලනයේ දී එය ඉහ වහා ගොස්ය. හේතුව යමක් කමක් කරගැනීමට දැනුමක් නැති අපත රාජයන් බහුතරයකගේ දිවිපැවැත්ම දේශපාලනය වීම නිසාය.

අපතයන් යනු නූගතුන්මය යන්න නිවැරදි නොවේ. මන්ද පොත පත කට පාඩම් කර ඒවා විභාගයක දී ලියා සහතික ලබා ගත් අපතයන්ද සිටින බැවිනි. එයත් කළ නොහැකි අමනයන් අනෙකෙකු ලවා විභාග ලියවා තමුන්ට සහතික හිමිකර ගනිති. උදාහරණ නම් මහින්ද නාමල් ඩබලගේ නීති උපාධියන් ය.

න්‍යාය ටොන් ගණන් වුවද ප්‍රායෝගික බව මංචාඩියක් වත් නැති කට පාඩම් අපතයන්ට ජී. එල්. පීරිස්, දයාන් ජයතිලක, ප්‍රතිබා මහානාම හොඳම උදාහරණයන් ය. වරින්වර බිහිවන පාලක පාලිකාවන්ට අවනතව ලෞකික සුවය පැතූ මොහාන් සමරනායක, ආරියරත්න ඇතුගල ගේ නම් ද සඳහන් නොකළොත් අසාධාරණයකි. එමෙන්ම මළ භාෂාවන් වන පාලි, සංස්කෘත ආදිය පිළිබඳ උපාධි ලබා වත්මන් නවීන ලෝකයම පාලනය කළ හැකියයි උදම්වන චීවරධාරී අපතයන් ද ඇත. මැදගොඩ අභයතිස්ස ඊට හොඳ උදාහරණයකි.

උගත්කම පොත පත කටපාඩම් කිරීම මගින් ලබා ගත්තද බුද්ධිය එසේ නොහැකි බව නොදන්නා බොහෝ අපත චරිත මෙරට සියල්ල පාලනය කිරීමට පෙළඹීම අපෙත් රටෙත් අවාසනාවක් වී ඇත. නවවන ශ්‍රේණිය දක්වා උගත් විමල් වීරවංශත් නීතිඥයෙකු යයි පවසන උදය ගම්මන්පිලත් අතර ඇති වෙනස කුමක්ද? ඔවුන්ගේ භාවිතාව නිවුන් සහෝදර භාවිතාවකි. භාෂාවද හැසිරීමද බුද්ධියද තකට තකය. ගම්මංපිලගේ උපාධියත් නාමල් ගේ පන්නයේ එකක් දැයි සැක සිතේ.

මේ සියළු අපතයන් සියල්ලෝම අද අනාථවී ඇත්තේ තම කප්රුක වන් සියලු සිතුම් පැතුම් ඉටු කල මහරජාණන්ගේ දේශපාලන අභාවප්‍රාප්තිය නිසායි. මෙරට බුද්ධිමත් ජනයා වරක් නොව දෙවරක්ම පරසක්වල ගැසූවද මේ මහරජා ඈත දනව්වකින් බඩගා මංතිරිකමකට පැමිනියේ දේශපාලන බල පෙරේතකමට මිස කුමන ජනතා සේවයකටද? වසර 10 ක් ජනාධිපති වී කරන්නට බැරි වූ ජනතා සේවයක් කුරුණෑගල මංතිරි කට්ටෙකු වී කළ හැකිද?

මළ මිනියෙන් ටෝම් පතන ඉහත අපතයන් මහරජා මලවුන්ගෙන් නැගිටුවා ගැනීමට වලිකනුයේ කිනිතුල් න්‍යායට ය. ඒ සඳහා ඕනෑම විනාශයක් කිරීමට සැදී පැහැදී සිටින ජොස්තර සංගමය ලෙඩුන් වෙනුවෙන් යයි පවසමින් ලෙඩුන් මරමින්ද, සුරසැප වළඳන චීවරදාරීන් ශාසනය රැකගැනීමට යි පවසමින් ශාසනය විකුණමින්ද, සමහර වෘත්තීය සමිති තම අයිතීන් වෙනුවෙන් නොව රජයට තර්ජනය කරමින්ද, පරාජිත දූෂිත දේශපාලන අපතයන් මැරී ඉපදුන පිරිසක් මෙන් අතීතය අමතක කර හැසිරෙමින්ද, කල්ප ලක‍්ෂයකින් හෝ බලයේ වාටියටවත් ළඟාවිය නොහැකි පසුගාමියෝ තම අතකොලු බවට පත්කරගෙන ඇති විශ්වවිද්‍යාල ළමුන් මහාමාර්ගයට ඇද දමමින්ද කරනුයේ එකම රාජකාරියකි. එනම් එම්බාම් කර වල දමන ලද මළ මිනියකට නැවත ප්‍රාණය දීමය. එවන් කාරියකට ඉඩක් නොමැති බව ජනතාව දැණුවත් නමුදු මෙම අපතයන් වලිකනුයේ එය කිරීමටය. ඒ සඳහා මොවුන් මේ තාක් දුර ආවාක් මෙන් තවදුරටත් එළුවා පසුපස ඉව අල්ලමින් යනු හැර වෙන කළ හැකි දෙයක්ද නැත. මේ විහිළු අතර අලුත්ම විහිළුව වී ඇත්තේ බලයට කා කොටා ගෙන දික්කසාද වූ පෙරටුවෝ පසුපස වැටී තම වැහැරුණු බලයට හුළං ගහන ජෙප්පන්ගේ විළිලැජ්ජා නැති වැඩ පිළිවෙලය.

ගොම්මංපිල

අපතයන් අතර අපත රාජයෙක් වන ගොම්මංපිල ගැනද යමක් සඳහන් කළ යුතුය. ඒක පුද්ගල දේශපාලන පක‍්ෂයක් අටවා ගෙන පුවත්පත් සාකච්ඡාවලින්ම දේශපාලන දිවිය ගැටගසා ගන්නා මොහු කාගේ හෝ වලිගයක එල්ලී මංතිරිකමක් ලබා ගන්නෙකි. තනි පක‍්ෂයක් ලෙස ඉදිරිපත්ව ඡන්ද 100 ක් හෝ ලබාගත නොහැකි මේ වලිගය සිතනුයේ කඳ පාලනය කරනුයේ වලිගයෙන් බවය. අනෙක් අතට දූෂිත බවෙන්ද කප් ගසා ඇත. 2000 වසරේදී ඕස්ත්‍රේලියා ජාතික මිතුරාගේ සමාගමක කොටස් පෑන් ඒෂියා ධම්මික පෙරේරාට මිලියන 20 කට ව්‍යාජ ලියකිලි මගින් විකිණීම පිළිබඳ නඩුවක් ඇත. මෙතෙක් කල් එසේ නොකළේ යැයි කී ගොම්මංපිල දැන් දිව්රුම් පෙත්සමකින් කියා ඇත්තේ විකිණූ බව ඇත්ත නමුත් ගත් මුදලින් කළ දේ මතක නැති බවයි. තම උප්පැන්න සහතිකයේ පියාගේ නම සඳහන් තීරුවේ ඉරි කැබැල්ලක් සටහන් කර ඇති බව ගොම්මංපිලට මතකදැයි දන්නේ නැත. විමල් දිනේෂ් හා තකට තක වාචාල කමින් අගතැන්පත් මුන්දෑ විළිලැජ්ජාව දිවිහිමියෙන් අත්හල පුද්ගලයෙකි. මොහු අතොරක් නැතිව කරන ප්‍රකාශ ගැන ජනයා දැන් තඹයකට මායිම් නොකරන බැවින් ඒ ගැන වැඩිදුර කථා ඵලක් නැත.

ජොස්තර සංගමය

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව මරාගෙන මැරෙනවා යයි පාරම් බාන ත්‍රස්තවාදී ජොස්තර සංගමය මධ්‍යම රාත්‍රිය ඉක්මවා යනතුරු පෞද්ගලික චැනල් සේවයේ යෙදෙති. තමුන්ගේම ඩිස්පෙන්සරි ෆාමසි පවත්වාගෙන යති. මෙරට මොන්ටිසෝරි අධ්‍යාපනය, පෞද්ගලික පාසල්, උසස් අධ්‍යාපන ආයතන වැහිවැහැලා තිබුනද, රාජපක‍්ෂ අනුග්‍රහය ලද නමට හෝ රෝහලක් නොමැති කොතලාවල වෛද්‍ය පීඨයද මේ ත්‍රස්තවාදිනට ගැටළුවක් නැත. මේ ආයතන තම පරාජිත දේශපාලන නායකයා ආරම්භ කරන විට උඩගෙඩි දෙමින් පිළිගත් බව පවා අමතක කරන මෙම ජොස්තර සංගමය පාහර පාදඩ අමන ත්‍රස්තවාදි හෙලුවැල්ලන් පිරිසකි . ප්‍රමිතිය යන්න පෙරට දමාගෙන කෑ මොර දෙන මෙම වහල් ත්‍රස්තවාදීහු ප්‍රමිතිය සඳහා රජය ගන්නා කිසිම පියවරකට එකඟ නොවීමෙන් තම කුහක ම්ලේච්ඡ බව රටට හෙළිදරව් කරනවා නොවේද? තමන් සමාන වෘත්තිකයන්ගේ සාධාරණ යුක්ති සහගත අයිතිවාසිකම්වලට එරෙහිව සටන් කිරීම මොනතරම් අශීලාචාරද? මේ ජොස්තර පිරිස හැසිරෙනුයේ ගඳ නොහඳුනන ඌරාගේ භූමිකාවය

රාජපක‍්ෂ තම වහල් හිමියාගේ හැම දහදුරා වැඩකටම ආවඩා වයෝවෘද්ධ වී සිටින දිනේෂ් ගුණවර්ධන එදා සයිටම් ආයතනය ආරම්භ කළ යුතු යයි පාර්ලිමේන්තුවට පනත ඉදිරිපත් කළ නමුදු අද සයිටම් අහෝසි නොකළහොත් මරාගෙන මැරෙන බව පවසයි. මෙවන් අසමජ්ජාතියෝ මරාගෙන කොහොම වෙතත් දැන් මැරෙන වයසට පැමිණ ඇති බැවින් අනාගත රටට එතරම් ගැටළුවක් නොවනු ඇත.

චීවරධාරීන්

පන්සල්වලට ලැබෙන අසීමිත ධනය පොට්ටනි ගසාගන්නා සමහර මුදලාලි සංඝයා වහන්සේලා අන්‍ය ආගමික ස්ථානවලට දොස් පවරනුයේ මුදලට ජනයා එම ආගම්වලට හරවන බවටය. එසේ වදාරන සංඝයා ජනයා කුසගින්නේ මියගියද සාංඝික දේ අකැපැයි පවසමින් සියලුම පිං ධනස්කන්ධය තමන්ගේ සහ ඥාතීන්ගේ ගිණුම්වලට බහාලති. කාමසුඛල්ලිකානුයෝගයේ අග්‍රස්ථානයට පත්ව ඇති වත්මන් පෞරාණික විහාරස්ථාන අධිපතිවරු අද චැනල් ජොස්තරලාගේ ද, ටියුෂන් මාස්ටර්ලාගේද, බිල් නොකඩන සුපිරි ගිණුම් පරයා බිලියනපතිවරු වී සිටිති. මුන්නාන්සෙලා නිතර වදාරන්නේ සාංඝික දේ පරිහරණය කලොත් ලබන ආත්මයේ බලු කපුටන් වී උපදින බවය. එවන් බියක් ජනයා තුළ ඇති කරන ලද නමුදු මුන්නාන්සෙලාට සහ ඥාතීන්ට එවන් බියක් ඇති වන බවක් නොපෙනේ. මේ යන පිළිවෙල අනුව ජනතාවගේ රීරිමාංෂය, පිංපෙට්ටි හා දේපල අවිනීතිව, අශීලාචාරව, අසාධාරණව පවුල් පරම්පරාවන් සමග භුක්ති විඳින චීවරදාරීන්ගේ ක්‍රියා කලාපය නිසා මතු අනාගතයේ මෙරට බලු කපුටු ගහනය ඉතා ඉහල මට්ටමකට පත්වන බව නම් සහතිකය.

වත්මනේ සංඝ සමාජය පිරිහීමේ කැඩපත නම් අස්ගිරියයි. ඔවුන්ගේ අති උද්ධච්ඡ වනචර චරියාව මුළු මහත් සාසනයටත් ගිහි සමාජයටත් කරනුයේ යලි නිවැරදි කළ නොහැකි අනර්ථයකි. ෆොන්සේකාට අනීතිකව වනචර ආකාරයට දඬුවම් දීමට එරෙහිවීම නිසා රාජපක‍්ෂ ගැති උඩුවේ ධම්මාලෝක චීවරධාරියා මල්වතු මහනාහිමි ඉදිරියේ මල්වතු විහාරය දෙකඩ කරන බවටත් විහාර මළුවේ බෝම්බ පුපුරා යා හැකි බවත් කියමින් ගෙනා තර්ජනය හමුවේ නිහඬව සිටි අස්ගිරිය, රාජකීය පුතුන් දළදා මාලිගාව වටා රුසියානු ලඳුන් අඩනිරුවතින් රංගනයේ යොදවමින් මත්පැනින් නගරය නහවමින් මෝටර් රථ ධාවන තරඟ පවත්වද්දීද සිටියේ මුඛ පූට්ටු කරගෙනය. මහනුවර අති සුන්දර බවට සහ නගරවාසීන්ට දැඩි ගැටළුවක් වී ඇති අධික වායු දූෂණයට පිළියමක් ලෙස දළදාමාලිගාව අසල මාර්ගය විවෘත කිරීමට මල්වතු විහාරයේ කැමැත්ත ද නොසලකා දැඩි ලෙස එරෙහිවනුයේ මෙම අස්ගිරි විහාර සංඝයා ය. රාජපක‍්ෂවාදී මැදගම ධම්මානන්ද ලා ඇතුළු අස්ගෙරියන් වාසය කරනුයේ වායුසමනය කරන ලද විහාර මාළිගා වලය. ගමන් බිමන් වඩිනුයේද අති සුඛෝපභෝගී වායුසමනය කරන ලද දිව්‍ය රථවල ය. මුන්නාන්සෙලාට නරක හුළං පොදක්වත් වදින්නේ නැත. ගිහියන්ගේ දාන මානවලින් යැපෙන භික‍්ෂූන් වහන්සේලා අසරණ ජනයාට පිහිට විය යුතු නේදැයි යමෙක් පැවසූ විට මුන්නාන්සෙලා දෙසන්නේ “උඹලගෙ දානයෙන් නෙවෙයි අපි ජීවත්වෙන්නෙ අපේ සල්ලි වලින්“ යනුවෙනි.

මේ සියල්ලන්ගේම සෙවනැල්ල මහරජා ය. ඔහු මෑතක ප්‍රකාශ කළේ දැන් ආණ්ඩුව යන්නේ ඒකාධිපති ගමනක බවයි. මලවුන්ගෙන් නැගිට ඇති මහින්දයා දැන් මල්වට්ටි මත මයික් තබාගෙන පන්සල් වඳින නමුදු එදා තම සහචරයන් නොවූ ගරුතර සංඝයා වහන්සේ ලාට හිරිහැර කළ බව අමතකය. අස්ගිරිය පුදන ගමන් මල්වත්තට තර්ජනාංගුලිය එසවූ බව අමතකය. අභයාරාමයට ගරු කරමින් නාග විහාරයට නිගරු කළ බව අමතකය. පැට්‍රල් ඩීසල් මිල අඩු කරන අධිකරණ නියෝගය පයින් පාගා දැමූ බව අමතකය. තම සහචර මිනීමරුවන් මංකොල්ලකාරයන් නිදහස් කළ බව අමතකය. බිරිඳට සහෝදරයන්ට දරුවන්ට සහ හත්මුතු පරම්පරාවටම මහජන දේපල ගසා කෑමට පගා කෙලීමට ඉඩ සලසා දුන් බව අමතකය. අද පංසල් පිං කැට ගැන දොඩවන මේ හාදයා කතරගම දේවාලයේ පිං කැටය ගසා කෑමට තම ඥාති පුත්‍ර ශෂින්ද්‍රට පැවරුවේ රටේ නීතිය වෙනස් කරමින් බව අමතකය. තම පුත්‍රයා නාවික හමුදාවට බඳවා ගැනීමට නාවික නීතිය වෙනස් කළ බව අමතකය. ලොකු පුත්‍රයාට නීති උපාධිය ලබාදීමට සිදු කළ නීති විරෝධී කාර්යයන් අමතකය. ජපුර වි.විද්‍යාල කුලපති හා එක්ව අත යට ආචාර්ය උපාධියක් පිරිනැමීමට කළ උත්සාහය ව්‍යර්ථ වූයේ ඊට පෙර පරාජය වැළඳගත් නිසා බව අමතකය. බිරිඳට කාල්ටන් හරහා ළමුන් පාසල්වලට ඇතුලත් කිරීමේ ව්‍යාපාරයද, බැසිල්ට සියලුම කොමිස් කටයුතුද, ගෝටා ට දේශපාලන විරුද්දවාදීන් සුදු වෑන් වන්දනාවේ යැවීමේ කටයුතු ද, යෝෂිතට සහ නාමල්ට රටේ දේපල ඉඩ කඩම් මන්දිර රැස්කිරීමටද, රටේ ඇහැට කනට වැටෙන යුවතියන් (එයා ලංකාද ඇතුලූව) රැක බලාගැනීමට නාමල්ලාට යෝෂිතලාට ඉඩ සලසා තිබූ බව අමතකය. ශිරන්ති නෝනාට සිරිලිය ගිණුමෙන් වංචා කිරීමට ඉඩ සලසා දුන් බව අමතකය. එමෙන්ම අද පෝලිම් ගැහි උසාවි බඩ ගාන වහල් ගැති සහචරයන්ට රට උලා කෑමට ඉඩ සලසා දුන් බවද අමතකය. කුඹුරේ සිට මඩ සෝදාගෙන නාම යෝජනාවලට අත්සන් කළ පියාගේ සහ මවගේ සොහොන් කොත් කෞතුකාගාර හැදීමට ජනතා මුදල් වැය කළ බව අමතකය. මාධ්‍යවේදීන් කපා කොටා මරාදැමීම් අතුරුදන් කිරිම් ද අමතකය. එහෙව් වසලයන්ට දැන් රට යනවා වගේ පෙනෙන්නේ ඒකාධිපතිවාදයට ය.

ගුරා හිටගෙන කරන දේ එම අවයවය ඇති ගෝලයා කරනුයේ දුව දුවය. ඒ ගුරාගේ හයිය ගෝලයාට ත්‍රිලක් වන නිසාය. ගුරා අමරණීය බව සිතා සිටින වහල්ලු තව තවත් වහල්ව ගැතිවන්නේ ඒ අනුව තමන්ද අමරණීය වනු ඇතැයි යන විශ්වාසයෙනි. මෙවන් අමන අපත ගෝලයන් මැදපෙරදිග රටක ඉපදුනානම් එය ලොවටම සහනයකි. මන්ද ඒ රටවල ගල් ගසා මරා දැමීමේ දඬුවමක් ක්‍රියාත්මක වන බැවිනි.

-ගානි වාසුහේවා විසිනි-
 

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    -ගානි වාසුහේවා විසිනි-

    මම ඒත් බැලුව සඳුන්ට මේ වගේ දෙයක් ලියාගන්න පුලුවන්ද කියල :lol:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,209
    773
    113
    -ගානි වාසුහේවා විසිනි-

    මම ඒත් බැලුව සඳුන්ට මේ වගේ දෙයක් ලියාගන්න පුලුවන්ද කියල :lol:

    :lol::lol: පව් බන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ නිවටයයි %න්නයයි කරන වැඩ දැක්කම මළ උනුත් නැකිටියි....කොහොම උනත් unp කාරයො රටක් ජාතියක් ආගමක් නැති කාලකන්නි කියන දේනම් අඩෝවැඩියාවෙන් හොදට තේරෙනව...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආණ්ඩුවේ කරන ඔක්කොම හොර වැඩ වහගන්න එකට එරහි වෙන අයට පහර ගැසීමක් නේ මේ කරලා තියෙන්නේ. රනිල තරම් බොරු පොරොන්දු දෙන්න හපනෙක් මේ ලංකාවේ වෙන නෑ.. රටේ කරුමෙට ජාතක වෙච්ච නපුංසකයෙක් :angry:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    යකෝ දැන් ආණ්ඩුව පිස්සු කෙළිනකොට ඒකට විරුද්ධව කථා කරන්නත් බෑනෙ "මහින්ද ලේබල්" වැදෙනවා.

    කෝමද ලිච්ඡවී පාලනේ.:rofl: