Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 2 කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 2 කොටස

ඔන්න එහෙනම් දෙවනි කොටස.පලමුවෙනි කොටස බලන්න බැරි උනා නම් ඒක බලලම මේක බලන්න එතකොට තමා හරියටම තේරෙන්නේ

රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 1 කොටස

1815 දී සෙංකඩගල නගරය සහ අවට ප්‍රදේශය

විශේෂ කරුණක් තමා රජතුමා අල්ලා ගත් පසුව ඒ සඳහා මුල්ම පියවර තියපු ඇහැළේපොළ මහ නිළමේ රජතුමාව කිසිම අවස්ථාවක මුණගැසීමට නොපැමිණීම. ඒත් තමන්ගේ පවුලට ඉමහත් හානියක් කරපු රජතුමා වෙනුවෙන් පුදුමාකාර වූ ආත්ම දමනයක් සහ මනුෂ්‍යත්වය පෙන්වපු ඇහැළේපොළ නිළමේ ඉංග්‍රීසින්ගෙන් ඉල්ලා සිටින්නේ රජතුමාගේ ජීවිතයට හානියක් කරන්න එපා කියලා.

නමුත් තවත් කතාවක් තමා ඇහැළේපොළ තමා හමුවන්න එන්නේ සිනාසීමට නිසා තමා සමීපයට එන්න ඔහුට ඉඩ දෙන්න එපා කියලා රජතුමා ඉංග්‍රීසීන්ගෙන් ඉල්ලා සිටියා කියන එක

ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග්

රඹුක්වැල්ලේදී රජතුමා හමුවෙන ඩොයිලි රජතුමා සහ පිරිසට ආහාර පාන සහ නවාතැන් පහසුකම් සළසනවා. ඒ වගේම රජතුමා අල්ලා ගත් පුවත ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග්ට දැනුම් දෙනවා. පෙබරවාරි 19 වෙනිදා රාත්‍රී භෝජනය ගන්නා අවස්ථාවේදී මේ ආරංචිය ලැබීමත් එක්කම අතිශය ප්‍රීතියට පත්වෙන බ්‍රවුන් රිග් සතුටු කඳුළු වගුරවමින් තමන් එක්ක හිටිය පිරිසට අත දෙමින් දෙමින් යුරෝපා ජාතීන් තුනක් වසර 300 ක් පමණ වෑයම් කළ කාර්යය ජයගන්න හැකිවීම ගැන හැමෝටම ස්තුති කරනවා.

කොහොම නමුත් මුලින් රජතුමාව සෙංකඩගලට යවන්න හිටියත් තමන්ගේම අගනුවරදී පරාජිතයෙක් විදිහට ඉන්න සිදුවීමෙන් රජතුමා වෙන අපහසුතාව තේරුම් ගත්තු බ්රවුන්රිග් රජතුමාව කොළඹට පිටත් කරන්න නියම කරනවා.

රජතුමා කොළඹට පිටත් කරන අතරතුරේදී ඒ කණ්ඩායමට රජතුමාගේ ඥාති සහෝදරයෙක් වෙන වෙන්ගඩ සාමි සහ නායක්කර් කුමාරවරු තුන් දෙනෙකුත් ඊටත් පසුව ගම්පොළ දෙවියෝ සහ දෙගල් දෙවියෝ කියලා හඳුන්වපු රජතුමාගේ මාමණ්ඩිලා දෙන්නෙක් සහ බෑණාවරු තුන් දෙනෙකුත් එකතු වෙනවා.

අවසානයේදී කොළඹ බලා පිටත් කෙරුණු රජතුමාගේ කණ්ඩායමට රජතුමාගේ විශාල ඥාති පිරිසක් එකතු වෙනවා. ඔවුන්ට ප්‍රමාණවත් තරම් දෝලා නොතිබුණු නිසා පයින් ගමන් කරන්නත් වෙනවා. කෙසේ නමුත් රජතුමා ගමන් කරන්නේ ඩොයිලි ලබාදුන්නු දෝලාවේ. අන්තිමට බ්රවුන්රිග් දෝලා තුනක් මේ කණ්ඩායමට ලබාදෙනවා.

රජතුමා ගමන් ගත්තු දෝලාව දෙපසින් ප්‍රධාන නිලධාරීන් දෙන්නෙක් අසු පිටින් ගමන් ගන්නවා වගේම දෝලාව ඉදිරියෙන් හා පසුපසින් අශ්වාරෝහක භටයන් වගේම පාබල සෙබළ පිරිසකුත් ගමන් ගන්නවා. ඒ පිරිසත් එක්කම ඩයස් මුදලි සහ තම්බි මුදලි ලෙස හැඳින්වුණු දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලි ගමන් කරනවා.

ජෝන් ඩොයිලි

රජතුමා සඟවා තබා තිබෙන රාජකීය වස්තුව ඇති ස්ථාන ගැන ඩොයිලිව දැනුවත් කරනවා. ඒවා ඇහැලේපොළ අතට පත්වනු වැළැක්වීමයි රජතුමාගේ මූලික අරමුණ වෙන්නේ.

රජතුමා ඒ අවස්ථාවේ ඩොයිලිට දෙන අවවාදය තමා

"ඇහැළේපොළ සහ මොල්ලිගොඩ ගැන පරිස්සම් වෙන්න. ඔව්හු මා රැවටූහ. ඔබද රවටන්නාහ. ඇහැලේපොළගෙන් ප්‍රවේශම් වන්න. ඔහුට පියෙකුට මෙන් කරුණු කාරණා ඉටුකළ මා හට ද්‍රෝහී වූවා නම් යම් කිසි දිනෙක ඔබද රවට්ටනු ඇත. ඔහුගේ ආත්මය අකෘතඥතාවයෙන් සහ බල ලෝභයෙන් පිරී ඇත. රටේ නීතිය අනුව දෙවතාවක් ඔහුට මරණීය දණ්ඩනය නියම කිරීමට තිබුණද මාගේ අනුග්‍රහය යටතේ ඔහුට ජීවිත දානය ලබාදුන්නෙමි"

ඒවගේම රජතුමා තමන්ගේ මව සහ බිසෝවරුන් හතර දෙනාගේ අත් ඩොයිලිගේ අත මත තබා භාරදීලා ආරක්ෂාව සලසන්න කියලා ඉල්ලා සිටියත් රජතුමාගේ ජීවිතයට වගේම බිසෝවරුන්ගේ ජීවිතයට ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා ඩොයිලි සහතික වෙනවා.

මාර්තු 6 වෙනිදා කොළඹට ළඟා වෙන රජතුමා ඇතුළු පිරිසව පිළිගන්නේ කොළඹ නගරාරක්ෂක බල ඇණියේ නායක ජෙනරාල් කර් විසින්. රජතුමාට වාසය කරන්න ගාලු මුවදොර ආසන්නයේ සකස් කරලා තිබුණු විශාල නිවසට පසුව රජතුමා රැගෙන ගියාම රජතුමා "මට රජෙකු වීමට අවසර නැති හෙයින් මට දක්වන ලද කරුණාවන්තභාවය ගැන ස්තුතිවන්ත වෙමි" කියලා කියනවා.

රජතුමා භාරව කොළඹ දක්වා පැමිණි මේජර් හූක්ට රජතුමා ස්තුතිවන්ත වෙන අතරම රජතුමා ඔහුට රන් මුද්දක් පිරිනමනවා. ඒ මුද්ද මේ වනවිට මහනුවර කෞතුකාගාරයේ තබා තිබෙන බවයි කියන්නේ.

1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම කියවනු ලැබූ අවස්ථාව

මේ වනවිට මාර්තු 2 වෙනිදා මහනුවර මඟුල් මඩුවේදී කියෙව්ව උඩරට ගිවිසුමේ දෙවෙනි වගන්තිය වුණු

"ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ රජ දරුවන්ගේ ප්‍රධාන තවද මහත් සීලාචාරවූ යුතුකම් කඩ කරන ස්වභාවයකින ඒ තරඟයට ඇත්තාවූ සියළුම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැති කර රාජඟයෙන් බැහැර කරන්න යෙදුනාය. එම ගෝත්‍රයද මවු පිය දෙපක්ෂයෙන් පැවත එන අනෙක ප්‍රකාරවූ නෑදෑයින් හැම කල්හිම සිංහාසනයෙන් දුරු කරන්ඩ යෙ නා සහ සිංහලෙ ආන්ඩු කිරීමට දෙමල වර්ගයට ඇත්තාවූ සියළුම අයිතිකම් නැතිකරන්ඩද විනාස කරන්ඩද යෙදුනු වග මෙයින් එලිදරවු කරනුයැ ..............."

හරහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ වගේම ඥාතීන්ගේ රාජ්‍ය උරුමය ලිඛිතවම අහෝසි කරලා තිබුණා.

රජතුමා කොළඹ රඳවා සිටි ස්ථානයේ සකස් කර ඇති ස්මාරකය

[මේක තියෙන්නේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති සෙලින්කෝ ගොඩනැගිල්ල අසළ]

1816 ජනවාරි 24 දක්වා කොළඹ වාසය කරපු රජතුමා ඇතුළු පිරිස පසුව ඉන්දියාවට පිටුවහල් කරන්න ඉංග්‍රීසින් කටයුතු කරනවා. ඒ අනුව රජතුමා සමඟ 100 ක පමණ පිරිසක් H.M.S.Cornwallis නෞකාවෙන් ජනවාරි 25 කොළඹ වරායෙන් මදුරාසිය බලා පිටත් කර හරිනවා.

විකුම් සිහළ පරපුර සිහි තිබෙන තුරු

උතුම් රාජ ලේ ටික මගේ තිබෙන තුරු

නෙතින් කඳුළු නොහෙළමි දිවි තිබෙන තුරු

ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු

ආදී වශයෙන් තිබෙන කවි පෙළ රජතුමා කියන්නේ මේ විදිහට කොළඹින් පිටත් වෙන අවස්ථාවේ කියලයි කියන්නේ. ඒත් ඒ කවි රජතුමා ගායනා කරපුවා නොව අඥාත කවියෙක් විසින් රචනා කරපු එකක් කියලත් කියනවා.

නෞකාවේ ගමන් කරන රජතුමාගේ භාරකාරීත්වය පැවරිලා තිබුණේ ඉංග්‍රීසි ජාතික සිවිල් සේවක විලියම් ග්රැන්විල්ය. එක් අවස්ථාවක නැවේ සිටිය නිලධාරීන්ට රජතුමා විසින් පවත්වපු භෝජන සංග්‍රහයට අවශ්‍ය සමහර ආහාර පාන රජතුමා සියතින්ම සකස් කරලා තියෙනවා.

ඉන්දියාවේ මදුරාසියට පැමිණි මේ රාජකීය සිරකරුවන්ව පසුව වෙල්ලෝරයට පිටත් කර හරිනවා. වෙල්ලෝර් කොටුව තුළ පිහිටලා තිබුණු විශාල නිවාසයක් තමා ඉංග්‍රීසින් විසින් රජතුමා සහ රජ පවුලට ලබා දෙන්නේ.

ටිපු සුල්තාන්

ඒ නිවසේ තිබුණු විශේෂත්වය තමා ඉංග්‍රීසින්ට එරෙහිව සටන් කරලා 1799 දී මියගිය මයිසූරයේ සුල්තාන් වුණු ටිපු සුල්තාන්ගේ පවුලේ අයව රඳවලා තිබුනේත් මේ නිවසේ වීමයි. ඒ කාලයේදී මේ නිවස "හයිදර් මහල්/ ටිපු මහල්" කියලා හැඳින්වුවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇතුළු පිරිස පැමිණීමත් එක්ක "කැන්ඩි මහල්" නමින් හඳුන්වලා තියෙනවා.

රජතුමා වාසය කළ කැන්ඩි මහල් සඳහා මග පෙන්වන පුවරුව

වෙල්ලෝර් කොටුව

ඒ වගේම වෙල්ලෝර් කොටුව මුලින්ම 1533 දී නායක්කර් වංශිකයන් වුණු චින්න බොම්බි නායක් සහ තිම්මා රෙඩ්ඩි නායක් වීම තවත් සුවිශේෂී කරුණක්

අත් අඩංගුවේ පසුවෙන රජතුමා හමුවුණු බ්‍රිතාන්‍යයන්ගේ පළමුවෙනි ලංකා රෙජිමේන්තුවේ ශල්‍ය වෛද්‍යවරයා වුණු වෛද්‍ය හෙන්රි මාර්ෂල් තමන්ගේ කෘතිය වුණු Ceylon, A General Description of The Island and Its Inhabitants with a Historical Sketch of The Conquest of The Colony by The English ට ඇතුලත් කරන ලද රජතුමා ගැන කරන විස්තරයක් තමා මේ.

රජතුමාගේ රූ සොබාවය ඔහු විස්තර කරන්නේ මෙහෙමයි.

"මහනුවර සිහසුනෙන් පහ කරන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ අඩි පහල් අඟල් 9 ක් 10 ක් පමණ උසය. මඳක් ස්ථූලය. ශක්තිමත්ය. මනාව වැඩුණු මාංශ පේශින්ගෙන් ශෝභනය. ඔහුගේ මුහුණ ප්‍රියංකරය. ශෝභා සම්පන්න රැවුළක් ද පළල් උරහිස්ද පිරුණු පපුවක්ද ඔහුට තිබිණි. ඔහුගේ දේහය පෞරුෂය විද

හා පායි. පෙනුම ආනුභාව සම්පන්නය. ඔහුගේ බුද්ධි හීන පුද්ගලයෙක් යැයි කෝඩිනර් දක්වන කතාව අසත්‍යය. සිහසුනෙන් පහ කර හිරභාරයේ තබන ලද පුද්ගලයෙකුගෙන් අපේක්ෂා කළ හැකි පමණට වඩා සාමාන්‍යයෙන් ප්‍රියවාදී හා සොම්නස් සහගත විය"

මේ මාර්ෂල් සහ රජතුමා අතර ඇතිවුණු සංවාද කීපයක්.

රජතුමා : මගේ වැසියෝ නිසි ලෙස හැසිරුණාහු නම් මම පිරිමියෙක්ද ගැහැණියක්ද යන වග ඔබට පෙන්වන්ට තිබිණි. මගේ රාජ්‍ය කාලයේදී ඔබ දෙවරක් මහනුවර නගරය අල්ලාගත්ත්තාහුය. එහෙත් ඒ දෙවතාවේම බොහෝ සතුටින් ඔබ මහනුවර හැර ගියාහුය.

මාර්ෂල් : ඔබේ වැසියන් මහනුවර කරා වැටී තිබුණු සමහර මාර්ගවලදී අපට බලවත් විරෝධයක් නොපෑ බව ඇත්තයි. එහෙත් තුන් කෝරළේ සහ සතර කෝරළයේ සෙනඟ සෑහෙන තරම් හොඳින් ක්‍රියා කළහ.

රජතුමා : ආහාර අනුභව කිරීමෙන් පසු එහි රස ගැන කතා කිරීම නිෂ්ඵලය

රජතුමාගේ කෲර දඬුවම් ගැන විමසපු අවස්ථාවක රජතුමා පිළිතුරු දෙන්නේ "මේ නීතීය මා නිර්මාණය කළ එකක් නොවේ. මම මගේ රාජ්‍ය රාජ ධර්මවලට අනුකූලව පාලනය කළෙමි" කියලා

රජතුමාගේ අත්සන

රජතුමාට ඉංග්‍රීසි රජයෙන් කිසියම් දීමනාවක් හිමිවුණු අතර රජතුමා සුපුරුදු පරිදි අභිමානයෙන් ජීවත් වුණු බවයි කියවෙන්නේ. ඒකට හොඳ උදාහරණයක් තමා 1830 දි වෙල්ලෝරයේ සංචාරයකට පැමිණි මදුරාසි ආණ්ඩුකාර ලුෂින්ටන්ව හමුවීම රජතුමා ප්‍රතික්ෂේප කරපු එක.

මේ විදිහට ඉන්දියාවේ වෙල්ලෝර් කොටුවේ රාජකීය සිරකාරයෙක් විදිහට අවුරුදු 16 ක් ගත කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1832 ජනවාරි 30 වෙනිදා මිය යනවා. මියයන කොට රජතුමාට වයස අවුරුදු 52ක් වෙනවා.

1832 ජනවාරි මාසයේ මුල ඉදන්ම රජතුමාගේ සෞඛ්‍ය තත්වය එතරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. ඉංග්‍රීසි ශල්‍ය වෛද්‍ය රීඩ් රජතුමාව පරීක්ෂා කරපු අවස්ථාව රජතුමාට උදරාබාධයක් පෙළෙන බව දකිනවා. මුලින් රජතුමා බටහිර බෙහෙත් ලබාගත්තත් පසුව දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්නට පෙළඹෙනවා.

පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත රජතුමාගේ ආදාහනයට යුද්ධාරක්ෂක මණ්ඩලයේ සාමාජිකයනුත් පිරිමි ඥාතීනුත් එකතු වෙනවා. රජතුමාගේ දේහය ආදාහනය කරන්නේ වෙල්ලෝරයේ පිහිටි පලාර් ගඟේ දකුණු ඉවුරේ ස්ථානයක.

පලාර් නදිය

පසුව රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නෙළුම් මල්වල හැඩයෙන් යුතු ස්මාරකයක් ඉදිකරන්න ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු කරනවා. රජතුමාගේ බිසෝවරුන්ගේ භෂ්මාවශේෂත් පසුකාලීනව තැන්පත් කරන්නේ ඒ ස්ථානයේමයි. ඒ ස්ථානය හැඳින්වෙන්නේ මුතු මණ්ඩපම් නමින්.

මුතු මණ්ඩපම් ස්මාරකය

මේ ස්මාරකය පිළිසකර කරන්න ශ්‍රී වික්‍රම රජතුමාගේ මී මුණුපුරෙක් වෙන A. වික්‍රම රාජසිංහ 1932 දී කටයුතු කරනවා. ඒ රජතුමා මියගිහින් වසර 100 ක් ගියාට පස්සේ. පසුව 1990 දී තමිල්නාඩු මහ ඇමති කරුණානිධි විසින් මුතු මණ්ඩපම් නැවත වරක් ප්‍රතිසංස්කරණය කරවලා විවෘත කරනු ලබනවා

මුතු මණ්ඩපම් වර්තමානයේ දිස්වෙන අයුරු

මියගිය රජතුමාට දාව අග බිසව වුණු වෙන්කත රංගම්මාල්ට වෙල්ලෝර් කොටුවේදී උපන් පුත්‍රයෙක් සිටියත් වයස අවුරුදු 11 ක් වෙද්දී ඒ කුමාරයා 1843 දී මියයනවා. ඒ හැරෙන්නට රජතුමාට දාව මුතුකම්මමා බිසවට දූවරුන් දෙදෙනෙක් ලැබෙනවා.මේ එක දුවෙක්ගේ පුත්‍රයාට ඉංග්‍රීසි රජය "අලගිය මනවල සිංහල රජු" කියන විරුද නාමය දුන්නු බව මහාවංසය දක්වනවා.

වෙන්කත රංගම්මාල් අග බිසව

මේ දූවරුන් දෙදෙනාගේ දරුවන් 1965 දක්වා ලංකාණ්ඩුවෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ පවුලට ගෙවන ලද දීමනාව ලබාගත් බවයි කියවෙන්නේ. 1932 දී රජතුමාගේ සොහොන පිළිසකර කළ A. වික්‍රම රාජසිංහත් මේ දියණියකගේ පරපුරේ අයෙක්

අවසාන වශයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රජතුමාගේ චරිත සොබාවය සම්බන්ධව. බොහෝ දෙනා කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කෲර පාලකයෙක් කියලා. ඒත් මේ කරුණු කාරණා ගැනත් අපි පොඩ්ඩක් හිතලා බලමු.

මුල් කාලීනව රජතුමා වෙනුවට පාලන කටයුතු රැසක්ම සිදු කළේ පිළිමතලාවේ මහාදිකාරම. ඒ යටතේ රජතුමා නොදැනුවත්ව ඝාතන කීපයක්ම කරන්න පවා පිළිමතලාවේ කටයුතු කරනවා. 1803 බ්‍රිතාන්‍ය භටයින් සාහසිකව ඝාතනය කිරීම වගේම ඇරැව්වල දෙවෙනි අදිකාරම් සහ දඹගමුවේ දිසාව ඝාතනය දක්වන්න පුලුවන්.

නමුත් ඒවාත් හුඟක් වෙලාවට රජු කරවූ දේවල් විදිහටයි මහජනතාව අතරට ගියේ. ඒ වගේමයි බාහිරින් එන පැමිණිලි රජු වෙතට ගෙන ඒමට බාධා පැමිණවීමේ හැකියාවත් මහාදිකාරමට තිබුණා.

රජතුමා ඉන්දියාවට රැගෙන යන අතරවාරයේදී විලියම් ග්‍රැන්විල් 1803 වුණු ඉංග්‍රීසි භටයන් සමූල ඝාතනය ගැන රජතුමාගෙන් ඇහුවාම රජතුමාගේ පිළිතුර වුණේ මේක.

"එම සිද්ධියට මාගේ සම්බන්ධයක් නැත. එම වරද පිළිමතලව්වේ භාරග ගත යුතුය. මාගේ පළමු අදිකාරමගේ වැඩකටයුතුවලට අතර මැදිවීමට මා ළාබාල වැඩිවිය. [ඒ වෙද්දී රජතුමාගේ වයස අවුරුදු 23 ක් පමණ වුණා] මට ඒ සිද්ධිය දැනගන්නට ලැබෙන විට සියලු දෙයම සිදුවි හමාරය. මා මේජර් ඩේවිගේ ජීවිතය ගලවා ගත්තා. ඔහුගේ කණ්ඩායම අදිකාරම් භාරයේ සිට විනාශ වුණා. මේජර් ඩේවිට මාගෙන් ලැබිය යුතු සියලුම උදව් ලැබුණා. මා ඔහුට උදව් දුන්නා. එමෙන්ම ඔහුට අවැසි පමණට කෑම දුන්නා. ඔහුට බිරියන් තබා ගැනීමට අවසර දුන්නා. එයට වැඩියමක් දීමට නීතියෙන් ඉඩක් නැහැ. මෙම නීති හැදුවේ මමද ? "

රජතුමාගේ කාරුණික බවට තවත් උදාහරණයක් විදිහට පිළිමතලාවේ සිද්ධිය දක්වන්න පුලුවන්.

රජතුමාව පත් කරන්න මුල්වුණු පිළිමතලාවේ මහාදිකාරමම පස්සේ රජතුමාව මරන්න කුමන්ත්‍රණ කලානේ. ආසන කියන මැලේ මුහන්දිරම් ලවා රජතුමා ඝාතනය කරවන්න ගිය කුමන්ත්‍රණය හෙළිවීමත් එක්ක 1812 දී රජතුමා පිළිමතලාවේව හිස ගසා මරා දමනවා.

ඒ අවස්ථාවේ එයාගේ පුතා වුණු පිළිමතලාවේ [කණිෂ්ඨ] රාජ සේවයෙන් පහ කරන්න රජතුමා නියම කරනවා. එහෙම පහ කළත් කිසියම් ඉල්ලීමක් කරන්න තියෙනවා නම් ඒක කරන්න කියලා කියපු අවස්ථාවේ පිළිමතලාවේ [කණිෂ්ඨ] රජතුමාගෙන් ඉල්ලනවා තමන්ට දළදා හාමුදුරුවන්ට වන්දනා කරන්න අවස්ථාවක් ලබාදෙන්න කියලා.

පස්සේ රජතුමා ඒකට අවස්ථාවක් ලබාදෙනවා විතරක් නෙමෙයි පිළිමතලාවේ [කණිෂ්ඨ] දළදා මාළිගාවේ දියවඩන නිළමේ විදිහට පත් කරලා සෑම දිනකම දළදාවට වන්දනා කිරීමේ පුද සත්කාර කිරීමේ වගකීම පවරනවා.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ රාජ සභාව

ඇහැළේපොළ හබය ගැන කතා කළොත් ඒක ගැටුමක් දක්වා වර්ධනය කරන්නේ රාජ සභාවේ සිටිය ඇහැළේපොළගේ ප්‍රතිවාදියා වුණු මොල්ලිගොඩ. ඔහු ඇහැළේපොළ රජුට එව්ව ලියුම් විකෘති කරමින් රජු හා ඇහැළේපොළ කෙටවීමේ වැඩපිළිවෙලක් ගෙන ගියා. අවසානයේ සිදුවූ දේ අපි හැමෝම දන්නවානේ.

ඇහැලේපොළ දරුවන් මැරීම නමින් කොළඹ ජාතික කෞතුකාගාරයේ තියෙන පුස්කොළ පොතේ දක්වන්නේ ඒ ගැන කියන්නේ මෙහෙම.

"........රාජද්රෝහීකම් කොට පැන ගිය වුන්ට සිංහල නීතියේ හැටියට කෙසේ තිබේදැයි දියවඩන නිලමේගෙන් [රජු] ඇසීය. එකල නිලමේ විසින් නීතිය මෙසේ කියෙව්වේය. රාජද්රෝහීකම් කොට පැන ගිය උන්ගේ පවුලේ ඉතිරි අය අල්වා පිරිමි ඉස් ගහ දමන්ටත් ගැහැණු දියේ ගිල්වා මරන්ටත් නීතිය තිබේ යයි කීවේය....."

මේ කරුණෙන් පැහැදිලි වෙන්නේ රජතුමා අමුතු දඬුවමක් නොව එකල පැවති දඬුවමක් ක්‍රියාත්මක කළ බව. රජතුමා මාෂල්ට දීපු උත්තරෙනුත් ඒ බව පැහැදිලියිනේ. රජ කාලේ තිබුණු දෙතිස් වධ ක්‍රම ගැන හොයලා බැලුවොත් අතිශය අමානුෂික දඬුවම් සිංහලයන් සතුව තිබුණු බවත් පැහැදිලියි.

ඒ වගේමයි මෙහි අනිත් කතාව වෙන්නේ රජතුමා කෲර පාලකයෙක් බව පෙන්නන්න ඉංග්‍රීසින් මේ කතාවට තාර බරක් දැම්මා කියන එක. සමකාලීන ඉංග්‍රීසි ලේඛකයන් මේ සිදුවීම විවිධාකාරයෙන් වාර්තා කරලා තිබෙන එකෙන් මේ සිදුවීම ගැන නිවැරදිව කරුණු ඉංග්‍රීසින් අතට ලැබුණාද කියන එක සැක සහිතයි.

මේ කරුණුවලින් මම කියන්නේ නැහැ ඇහැලේපොළ දරුවන්ගේ හිස ගසාදාලා කුමාරිහාමිව දියේ ගිල්ලලා මැරුවේ නැහැ කියලා. නමුත් දරුවන්ගේ හිස් වංගෙඩියේ දා කෙටවීම වගේ කරුණු අතිශයෝක්තියෙන් රජුව ජනතාවට කළකරවීමට ගොතපු බවයි පෙනෙන්නේ.

රජතුමා හොඳ කලාකාමියෙක් බව පෙනෙන්නේ පත්තිරිප්පුව, මඟුල් මඩුව, කිරි මුහුද වගේ නිර්මාණ කරවමින් නගර අලංකාරයට කටයුතු කරවපු එකෙන්. ඒ වගේම සංගීතය, කාව්යකරණයටත් රජතුමා ඇල්මක් වගේම හැකියාවක් දක්වපු බවයි කියවෙන්නේ.

රජතුමාගේ ආගමික අංශයට කළ දායකත්වය ගැනත් සඳහනක් කරන්නම්.

පිළිමතලාවේ මහාදිකාරම් අස්ගිරිය විජයසුන්දරාරාමයේ නව විහාර ගෙයක් ඉදි කරනවා. ඒකේ තිබුණු විශේෂත්වය තමා තනි කලු ගලෙන් නෙළපු වඩු රියන් 12 ක් දිග සැතපෙන බුදු පිළිමයක් එහි තිබීම. ඒ විහාරයේ විවෘත කිරීමට ආපු රජතුමා උඩ අස්ගිරිය සහ කහවත්ත ගම් විහාරයට පූජා කරනවා.

ඊට පස්සේ සැතපෙන බුදු පිළිමය අසළ ගලේ තවත් ඉඩ තිබුණු නිසා ඒ ප්රදානය ඒ ස්ථානයේ සටහන් කරන්න කියලා ගල් වඩුවන්ට නියම කරනවා. මාස දෙකකට පස්සේ එතනට නැවතත් ආපු රජතුමා ගල් වඩුවන් රාජ නියෝගය ඉටු කරලා තියෙනවා දැකලා සතුටු වෙලා ඔවුන්ට මහ අරමුදලෙන් ගෙවීම් කරලා තියෙනවා

කලින් දක්වපු විදිහට ඉහළ පෙළේ රදළයන් රජතුමාට එරෙහිව සිටියත් විශේෂම කරුණ වෙන්නේ මධ්‍යම හා පහළ පංතිවල නිලධාරීන් රජුට දැඩි පක්ෂපාතීතවයක් දැක්වීමයි. ඒකට හේතුව වුණේ රජතුමා ඉහළ රදළයන් කරපු දූෂණ හා අසාධාරණකම්වල විරුද්ධ වෙමින් රදළ බලය බිඳ දමන්න කටයුතු කිරිම.

උදාහරණයක් විදිහට රජතුමා 1805 දී තමන්ගේ යටත් වැසියන්ව දැඩි පීඩාවකට ලක් කරලා අධිකව පොලී අනුපාත අය කරමින් මුදල් දුන්නු දිසාවේවරු තුන් දෙනෙක්ට දැඩි දඬුවම් දීලා තනතුරෙන් පහ කරලා ඔවුන්ගේ ඉඩම් යටත් වැසියන්ට පවරා දුන් බව කියවෙන සීට්ටුවක් හමුවෙලා තියෙනවා.

රදළයන් හැකිතාක් උත්සහ කළේ රජතුමා රූකඩයක් ලෙස ඔවුන්ගේ සිතැඟි පරිදි ක්‍රියා කරන අයෙක් විදිහට තබාගන්න.

අවසානයේ සිද්ධ වුනේ රජතුමාට වඩා ඉහළ රදළයන් බලවත් වීම නිසා රජතුමාට සිහසුන අහිමිවීම.

බෝමුරේ උඩුපිටියේ ආරච්චිල රජු වෙනුවෙන් දිවි පිදීම වගේම රජතුමා කොළඹට කැඳවාගෙන යන අවස්ථාවේදී එතනට පැමිණි පුවක්ගොල්ලේ මැණික් රාළ හා පුංචිරාළ කියන මොහොට්ටාලවරු රජතුමාගේ දෙපා සිඹිමින් හැඬූ බව දැක්වෙන සඳහනෙන් පහළ නිලධාරීන් තුළ වුණු රාජපාක්ෂිකභාවය තේරුම් ගන්න පුලුවන්

ඒ කොහොම වුණත් රජතුමාව මත්පැන්වලට ගිජු කරවන්න ඉංග්‍රීසින් සමත් වීමත් එක්ක සිහිමඳ තත්වයකින් රජතුමා අවසන් කාලයේ දී ගත කරලා තිබෙනවා. 1815 උඩරට අල්ලා ගත්තු ඉංග්‍රීසි සොල්දාදුවන්ට රජ මාළිගාවේ තිබිල හොෆ්මන් චෙරි බ්‍රැන්ඩි බෝතල් ගණනාවක් හමුවෙලා තියෙනවා. ඒකෙන් පැහැදිලියි රජතුමාගේ තිබුණු බේබදුකම.

ඉහත දක්වපු ඇහැලේපොළ ඛේදවාචකයට මුල්වුණු තීන්දුවට රජතුමාට අත්සන් කරන්නේ බීමතින් සිටිය අවස්ථාවක කියලත් කියවෙනවා.

ඒ වගේමයි මේ රජතුමා සහ රදළයන් අතරත් ඒ වගේම රදළයන් රදළයන් අතරත් වුණු ගැටුම් අවුලන්න කටයුතු කරපු, ඒ වගේම රජතුමා අපහසුතාවයට පත් කරන්න කට කතා ගොතපු මහ මොළකාරයා වුණේ ඒ කාලේ ඉංග්රීසින්ගේ ප්‍රධාන භාෂා පරිවර්තකයා විදිහට කටයුතු කරපු ජෝන් ඩොයිලි.

මේ කරුණු කීපයත් මීලඟට ලියවෙන ජොන් ඩොයිලි ගැන ලිපියත් කියවලා බලලාම ඔයාල තීරණය කරන්න රජතුමා කෲර කෙනෙක්ද කියලා.

උපුටා ගැනීමකි

[HTML]http://aagiyakatha.blogspot.com/2010/07/blog-post_8096.html[/HTML]

[QUOTE="nadeera84, post: 18690885, member: 303898"] [b]රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 2 කොටස[/b] [CENTER][SIZE="5"][COLOR="Blue"][B][I][FONT="Book Antiqua"]ඔන්න එහෙනම් දෙවනි කොටස.පලමුවෙනි කොටස බලන්න බැරි උනා නම් ඒක බලලම මේක බලන්න එතකොට තමා හරියටම තේරෙන්නේ [/FONT][/I][/B][/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1688342"]රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 1 කොටස[/URL] [IMG]http://i.imgur.com/VZ85y3h.jpg[/IMG] [SIZE="3"][B][I][FONT="Book Antiqua"][COLOR="Red"]1815 දී සෙංකඩගල නගරය සහ අවට ප්‍රදේශය[/COLOR][/FONT][/I][/B][/SIZE] [FONT="Book Antiqua"][B][I][SIZE="4"][COLOR="Black"]විශේෂ කරුණක් තමා රජතුමා අල්ලා ගත් පසුව ඒ සඳහා මුල්ම පියවර තියපු ඇහැළේපොළ මහ නිළමේ රජතුමාව කිසිම අවස්ථාවක මුණගැසීමට නොපැමිණීම. ඒත් තමන්ගේ පවුලට ඉමහත් හානියක් කරපු රජතුමා වෙනුවෙන් පුදුමාකාර වූ ආත්ම දමනයක් සහ මනුෂ්‍යත්වය පෙන්වපු ඇහැළේපොළ නිළමේ ඉංග්‍රීසින්ගෙන් ඉල්ලා සිටින්නේ රජතුමාගේ ජීවිතයට හානියක් කරන්න එපා කියලා. නමුත් තවත් කතාවක් තමා ඇහැළේපොළ තමා හමුවන්න එන්නේ සිනාසීමට නිසා තමා සමීපයට එන්න ඔහුට ඉඩ දෙන්න එපා කියලා රජතුමා ඉංග්‍රීසීන්ගෙන් ඉල්ලා සිටියා කියන එක [/COLOR][/SIZE][/I][/B][/FONT] [IMG]http://i.imgur.com/BLdWTwj.jpg[/IMG] [B][I][SIZE="3"][COLOR="Red"][FONT="Book Antiqua"]ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග්[/FONT][/COLOR][/SIZE][/I][/B] [SIZE="4"][FONT="Book Antiqua"][B][I][COLOR="Black"]රඹුක්වැල්ලේදී රජතුමා හමුවෙන ඩොයිලි රජතුමා සහ පිරිසට ආහාර පාන සහ නවාතැන් පහසුකම් සළසනවා. ඒ වගේම රජතුමා අල්ලා ගත් පුවත ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග්ට දැනුම් දෙනවා. පෙබරවාරි 19 වෙනිදා රාත්‍රී භෝජනය ගන්නා අවස්ථාවේදී මේ ආරංචිය ලැබීමත් එක්කම අතිශය ප්‍රීතියට පත්වෙන බ්‍රවුන් රිග් සතුටු කඳුළු වගුරවමින් තමන් එක්ක හිටිය පිරිසට අත දෙමින් දෙමින් යුරෝපා ජාතීන් තුනක් වසර 300 ක් පමණ වෑයම් කළ කාර්යය ජයගන්න හැකිවීම ගැන හැමෝටම ස්තුති කරනවා. කොහොම නමුත් මුලින් රජතුමාව සෙංකඩගලට යවන්න හිටියත් තමන්ගේම අගනුවරදී පරාජිතයෙක් විදිහට ඉන්න සිදුවීමෙන් රජතුමා වෙන අපහසුතාව තේරුම් ගත්තු බ්රවුන්රිග් රජතුමාව කොළඹට පිටත් කරන්න නියම කරනවා. රජතුමා කොළඹට පිටත් කරන අතරතුරේදී ඒ කණ්ඩායමට රජතුමාගේ ඥාති සහෝදරයෙක් වෙන වෙන්ගඩ සාමි සහ නායක්කර් කුමාරවරු තුන් දෙනෙකුත් ඊටත් පසුව ගම්පොළ දෙවියෝ සහ දෙගල් දෙවියෝ කියලා හඳුන්වපු රජතුමාගේ මාමණ්ඩිලා දෙන්නෙක් සහ බෑණාවරු තුන් දෙනෙකුත් එකතු වෙනවා. අවසානයේදී කොළඹ බලා පිටත් කෙරුණු රජතුමාගේ කණ්ඩායමට රජතුමාගේ විශාල ඥාති පිරිසක් එකතු වෙනවා. ඔවුන්ට ප්‍රමාණවත් තරම් දෝලා නොතිබුණු නිසා පයින් ගමන් කරන්නත් වෙනවා. කෙසේ නමුත් රජතුමා ගමන් කරන්නේ ඩොයිලි ලබාදුන්නු දෝලාවේ. අන්තිමට බ්රවුන්රිග් දෝලා තුනක් මේ කණ්ඩායමට ලබාදෙනවා. රජතුමා ගමන් ගත්තු දෝලාව දෙපසින් ප්‍රධාන නිලධාරීන් දෙන්නෙක් අසු පිටින් ගමන් ගන්නවා වගේම දෝලාව ඉදිරියෙන් හා පසුපසින් අශ්වාරෝහක භටයන් වගේම පාබල සෙබළ පිරිසකුත් ගමන් ගන්නවා. ඒ පිරිසත් එක්කම ඩයස් මුදලි සහ තම්බි මුදලි ලෙස හැඳින්වුණු දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලි ගමන් කරනවා. [/COLOR][/I][/B][/FONT][/SIZE] [IMG]http://i.imgur.com/uTAwJfj.jpg[/IMG] [SIZE="3"][B][COLOR="Red"]ජෝන් ඩොයිලි[/COLOR][/B][/SIZE] [FONT="Book Antiqua"][B][I][SIZE="4"][COLOR="Black"]රජතුමා සඟවා තබා තිබෙන රාජකීය වස්තුව ඇති ස්ථාන ගැන ඩොයිලිව දැනුවත් කරනවා. ඒවා ඇහැලේපොළ අතට පත්වනු වැළැක්වීමයි රජතුමාගේ මූලික අරමුණ වෙන්නේ. රජතුමා ඒ අවස්ථාවේ ඩොයිලිට දෙන අවවාදය තමා "ඇහැළේපොළ සහ මොල්ලිගොඩ ගැන පරිස්සම් වෙන්න. ඔව්හු මා රැවටූහ. ඔබද රවටන්නාහ. ඇහැලේපොළගෙන් ප්‍රවේශම් වන්න. ඔහුට පියෙකුට මෙන් කරුණු කාරණා ඉටුකළ මා හට ද්‍රෝහී වූවා නම් යම් කිසි දිනෙක ඔබද රවට්ටනු ඇත. ඔහුගේ ආත්මය අකෘතඥතාවයෙන් සහ බල ලෝභයෙන් පිරී ඇත. රටේ නීතිය අනුව දෙවතාවක් ඔහුට මරණීය දණ්ඩනය නියම කිරීමට තිබුණද මාගේ අනුග්‍රහය යටතේ ඔහුට ජීවිත දානය ලබාදුන්නෙමි" ඒවගේම රජතුමා තමන්ගේ මව සහ බිසෝවරුන් හතර දෙනාගේ අත් ඩොයිලිගේ අත මත තබා භාරදීලා ආරක්ෂාව සලසන්න කියලා ඉල්ලා සිටියත් රජතුමාගේ ජීවිතයට වගේම බිසෝවරුන්ගේ ජීවිතයට ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා ඩොයිලි සහතික වෙනවා. මාර්තු 6 වෙනිදා කොළඹට ළඟා වෙන රජතුමා ඇතුළු පිරිසව පිළිගන්නේ කොළඹ නගරාරක්ෂක බල ඇණියේ නායක ජෙනරාල් කර් විසින්. රජතුමාට වාසය කරන්න ගාලු මුවදොර ආසන්නයේ සකස් කරලා තිබුණු විශාල නිවසට පසුව රජතුමා රැගෙන ගියාම රජතුමා "මට රජෙකු වීමට අවසර නැති හෙයින් මට දක්වන ලද කරුණාවන්තභාවය ගැන ස්තුතිවන්ත වෙමි" කියලා කියනවා. රජතුමා භාරව කොළඹ දක්වා පැමිණි මේජර් හූක්ට රජතුමා ස්තුතිවන්ත වෙන අතරම රජතුමා ඔහුට රන් මුද්දක් පිරිනමනවා. ඒ මුද්ද මේ වනවිට මහනුවර කෞතුකාගාරයේ තබා තිබෙන බවයි කියන්නේ. [/COLOR][/SIZE][/I][/B][/FONT] [IMG]http://i.imgur.com/2zsoPPx.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT="Book Antiqua"][COLOR="Red"][SIZE="3"]1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම කියවනු ලැබූ අවස්ථාව[/SIZE][/COLOR][/FONT][/B] [FONT="Book Antiqua"][B][I][SIZE="4"][COLOR="Black"]මේ වනවිට මාර්තු 2 වෙනිදා මහනුවර මඟුල් මඩුවේදී කියෙව්ව උඩරට ගිවිසුමේ දෙවෙනි වගන්තිය වුණු [COLOR="RoyalBlue"]"ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ රජ දරුවන්ගේ ප්‍රධාන තවද මහත් සීලාචාරවූ යුතුකම් කඩ කරන ස්වභාවයකින ඒ තරඟයට ඇත්තාවූ සියළුම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැති කර රාජඟයෙන් බැහැර කරන්න යෙදුනාය. එම ගෝත්‍රයද මවු පිය දෙපක්ෂයෙන් පැවත එන අනෙක ප්‍රකාරවූ නෑදෑයින් හැම කල්හිම සිංහාසනයෙන් දුරු කරන්ඩ යෙ නා සහ සිංහලෙ ආන්ඩු කිරීමට දෙමල වර්ගයට ඇත්තාවූ සියළුම අයිතිකම් නැතිකරන්ඩද විනාස කරන්ඩද යෙදුනු වග මෙයින් එලිදරවු කරනුයැ ..............."[/COLOR] හරහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ වගේම ඥාතීන්ගේ රාජ්‍ය උරුමය ලිඛිතවම අහෝසි කරලා තිබුණා.[/COLOR][/SIZE][/I][/B][/FONT] [IMG]http://i.imgur.com/btAafi8.jpg[/IMG] [IMG]http://i.imgur.com/qes1VbE.jpg[/IMG] [B][FONT="Book Antiqua"][SIZE="4"][COLOR="Red"]රජතුමා කොළඹ රඳවා සිටි ස්ථානයේ සකස් කර ඇති ස්මාරකය [මේක තියෙන්නේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති සෙලින්කෝ ගොඩනැගිල්ල අසළ][/COLOR][/SIZE][/FONT][/B] [B][I][FONT="Book Antiqua"][SIZE="4"][COLOR="Black"]1816 ජනවාරි 24 දක්වා කොළඹ වාසය කරපු රජතුමා ඇතුළු පිරිස පසුව ඉන්දියාවට පිටුවහල් කරන්න ඉංග්‍රීසින් කටයුතු කරනවා. ඒ අනුව රජතුමා සමඟ 100 ක පමණ පිරිසක් H.M.S.Cornwallis නෞකාවෙන් ජනවාරි 25 කොළඹ වරායෙන් මදුරාසිය බලා පිටත් කර හරිනවා. [COLOR="RoyalBlue"]විකුම් සිහළ පරපුර සිහි තිබෙන තුරු උතුම් රාජ ලේ ටික මගේ තිබෙන තුරු නෙතින් කඳුළු නොහෙළමි දිවි තිබෙන තුරු ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු[/COLOR] ආදී වශයෙන් තිබෙන කවි පෙළ රජතුමා කියන්නේ මේ විදිහට කොළඹින් පිටත් වෙන අවස්ථාවේ කියලයි කියන්නේ. ඒත් ඒ කවි රජතුමා ගායනා කරපුවා නොව අඥාත කවියෙක් විසින් රචනා කරපු එකක් කියලත් කියනවා. නෞකාවේ ගමන් කරන රජතුමාගේ භාරකාරීත්වය පැවරිලා තිබුණේ ඉංග්‍රීසි ජාතික සිවිල් සේවක විලියම් ග්රැන්විල්ය. එක් අවස්ථාවක නැවේ සිටිය නිලධාරීන්ට රජතුමා විසින් පවත්වපු භෝජන සංග්‍රහයට අවශ්‍ය සමහර ආහාර පාන රජතුමා සියතින්ම සකස් කරලා තියෙනවා. ඉන්දියාවේ මදුරාසියට පැමිණි මේ රාජකීය සිරකරුවන්ව පසුව වෙල්ලෝරයට පිටත් කර හරිනවා. වෙල්ලෝර් කොටුව තුළ පිහිටලා තිබුණු විශාල නිවාසයක් තමා ඉංග්‍රීසින් විසින් රජතුමා සහ රජ පවුලට ලබා දෙන්නේ. [/COLOR][/SIZE][/FONT][/I][/B] [IMG]http://i.imgur.com/Tu8WRCN.jpg[/IMG] [B][FONT="Book Antiqua"][COLOR="Red"]ටිපු සුල්තාන්[/COLOR][/FONT][/B] [FONT="Book Antiqua"][SIZE="4"][B][I][COLOR="Black"]ඒ නිවසේ තිබුණු විශේෂත්වය තමා ඉංග්‍රීසින්ට එරෙහිව සටන් කරලා 1799 දී මියගිය මයිසූරයේ සුල්තාන් වුණු ටිපු සුල්තාන්ගේ පවුලේ අයව රඳවලා තිබුනේත් මේ නිවසේ වීමයි. ඒ කාලයේදී මේ නිවස "හයිදර් මහල්/ ටිපු මහල්" කියලා හැඳින්වුවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇතුළු පිරිස පැමිණීමත් එක්ක "කැන්ඩි මහල්" නමින් හඳුන්වලා තියෙනවා. [/COLOR][/I][/B][/SIZE][/FONT] [IMG]http://i.imgur.com/BvYlj2j.jpg[/IMG] [B][FONT="Book Antiqua"][COLOR="Red"][SIZE="3"]රජතුමා වාසය කළ කැන්ඩි මහල් සඳහා මග පෙන්වන පුවරුව[/SIZE][/COLOR][/FONT][/B] [IMG]http://i.imgur.com/Us3qSjK.jpg[/IMG] [COLOR="red"][B][SIZE="3"]වෙල්ලෝර් කොටුව[/SIZE][/B][/COLOR] [B][FONT="Book Antiqua"][I][SIZE="4"][COLOR="Black"]ඒ වගේම වෙල්ලෝර් කොටුව මුලින්ම 1533 දී නායක්කර් වංශිකයන් වුණු චින්න බොම්බි නායක් සහ තිම්මා රෙඩ්ඩි නායක් වීම තවත් සුවිශේෂී කරුණක් අත් අඩංගුවේ පසුවෙන රජතුමා හමුවුණු බ්‍රිතාන්‍යයන්ගේ පළමුවෙනි ලංකා රෙජිමේන්තුවේ ශල්‍ය වෛද්‍යවරයා වුණු වෛද්‍ය හෙන්රි මාර්ෂල් තමන්ගේ කෘතිය වුණු Ceylon, A General Description of The Island and Its Inhabitants with a Historical Sketch of The Conquest of The Colony by The English ට ඇතුලත් කරන ලද රජතුමා ගැන කරන විස්තරයක් තමා මේ. රජතුමාගේ රූ සොබාවය ඔහු විස්තර කරන්නේ මෙහෙමයි. [COLOR="Blue"]"මහනුවර සිහසුනෙන් පහ කරන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ අඩි පහල් අඟල් 9 ක් 10 ක් පමණ උසය. මඳක් ස්ථූලය. ශක්තිමත්ය. මනාව වැඩුණු මාංශ පේශින්ගෙන් ශෝභනය. ඔහුගේ මුහුණ ප්‍රියංකරය. ශෝභා සම්පන්න රැවුළක් ද පළල් උරහිස්ද පිරුණු පපුවක්ද ඔහුට තිබිණි. ඔහුගේ දේහය පෞරුෂය විද[CENTER][/CENTER]හා පායි. පෙනුම ආනුභාව සම්පන්නය. ඔහුගේ බුද්ධි හීන පුද්ගලයෙක් යැයි කෝඩිනර් දක්වන කතාව අසත්‍යය. සිහසුනෙන් පහ කර හිරභාරයේ තබන ලද පුද්ගලයෙකුගෙන් අපේක්ෂා කළ හැකි පමණට වඩා සාමාන්‍යයෙන් ප්‍රියවාදී හා සොම්නස් සහගත විය"[/COLOR] මේ මාර්ෂල් සහ රජතුමා අතර ඇතිවුණු සංවාද කීපයක්. රජතුමා : මගේ වැසියෝ නිසි ලෙස හැසිරුණාහු නම් මම පිරිමියෙක්ද ගැහැණියක්ද යන වග ඔබට පෙන්වන්ට තිබිණි. මගේ රාජ්‍ය කාලයේදී ඔබ දෙවරක් මහනුවර නගරය අල්ලාගත්ත්තාහුය. එහෙත් ඒ දෙවතාවේම බොහෝ සතුටින් ඔබ මහනුවර හැර ගියාහුය. මාර්ෂල් : ඔබේ වැසියන් මහනුවර කරා වැටී තිබුණු සමහර මාර්ගවලදී අපට බලවත් විරෝධයක් නොපෑ බව ඇත්තයි. එහෙත් තුන් කෝරළේ සහ සතර කෝරළයේ සෙනඟ සෑහෙන තරම් හොඳින් ක්‍රියා කළහ. රජතුමා : ආහාර අනුභව කිරීමෙන් පසු එහි රස ගැන කතා කිරීම නිෂ්ඵලය රජතුමාගේ කෲර දඬුවම් ගැන විමසපු අවස්ථාවක රජතුමා පිළිතුරු දෙන්නේ [COLOR="Black"][SIZE="6"]"මේ නීතීය මා නිර්මාණය කළ එකක් නොවේ. මම මගේ රාජ්‍ය රාජ ධර්මවලට අනුකූලව පාලනය කළෙමි"[/SIZE][/COLOR] කියලා[/COLOR][/SIZE][/I][/FONT][/B] [IMG]http://i.imgur.com/6fNnoBF.jpg[/IMG] [COLOR="Red"][SIZE="3"][B][FONT="Book Antiqua"]රජතුමාගේ අත්සන[/FONT][/B][/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Black"][B][I][FONT="Book Antiqua"]රජතුමාට ඉංග්‍රීසි රජයෙන් කිසියම් දීමනාවක් හිමිවුණු අතර රජතුමා සුපුරුදු පරිදි අභිමානයෙන් ජීවත් වුණු බවයි කියවෙන්නේ. ඒකට හොඳ උදාහරණයක් තමා 1830 දි වෙල්ලෝරයේ සංචාරයකට පැමිණි මදුරාසි ආණ්ඩුකාර ලුෂින්ටන්ව හමුවීම රජතුමා ප්‍රතික්ෂේප කරපු එක. මේ විදිහට ඉන්දියාවේ වෙල්ලෝර් කොටුවේ රාජකීය සිරකාරයෙක් විදිහට අවුරුදු 16 ක් ගත කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1832 ජනවාරි 30 වෙනිදා මිය යනවා. මියයන කොට රජතුමාට වයස අවුරුදු 52ක් වෙනවා. 1832 ජනවාරි මාසයේ මුල ඉදන්ම රජතුමාගේ සෞඛ්‍ය තත්වය එතරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. ඉංග්‍රීසි ශල්‍ය වෛද්‍ය රීඩ් රජතුමාව පරීක්ෂා කරපු අවස්ථාව රජතුමාට උදරාබාධයක් පෙළෙන බව දකිනවා. මුලින් රජතුමා බටහිර බෙහෙත් ලබාගත්තත් පසුව දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්නට පෙළඹෙනවා. පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත රජතුමාගේ ආදාහනයට යුද්ධාරක්ෂක මණ්ඩලයේ සාමාජිකයනුත් පිරිමි ඥාතීනුත් එකතු වෙනවා. රජතුමාගේ දේහය ආදාහනය කරන්නේ වෙල්ලෝරයේ පිහිටි පලාර් ගඟේ දකුණු ඉවුරේ ස්ථානයක.[/FONT][/I][/B][/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/Vis2RmY.jpg[/IMG][/CENTER] [CENTER][B][I][FONT="Book Antiqua"][SIZE="3"][COLOR="Red"]පලාර් නදිය[/COLOR][/SIZE][/FONT][/I][/B] [SIZE="4"][COLOR="Black"][B][I]පසුව රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නෙළුම් මල්වල හැඩයෙන් යුතු ස්මාරකයක් ඉදිකරන්න ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු කරනවා. රජතුමාගේ බිසෝවරුන්ගේ භෂ්මාවශේෂත් පසුකාලීනව තැන්පත් කරන්නේ ඒ ස්ථානයේමයි. ඒ ස්ථානය හැඳින්වෙන්නේ මුතු මණ්ඩපම් නමින්.[/I][/B][/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/3deNvLp.png[/IMG] [IMG]http://i.imgur.com/N2fWBtu.jpg[/IMG] [B][FONT="Book Antiqua"][SIZE="3"][COLOR="Red"]මුතු මණ්ඩපම් ස්මාරකය [/COLOR][/SIZE][/FONT][/B] [B][I][FONT="Century Gothic"][COLOR="Black"][SIZE="4"]මේ ස්මාරකය පිළිසකර කරන්න ශ්‍රී වික්‍රම රජතුමාගේ මී මුණුපුරෙක් වෙන A. වික්‍රම රාජසිංහ 1932 දී කටයුතු කරනවා. ඒ රජතුමා මියගිහින් වසර 100 ක් ගියාට පස්සේ. පසුව 1990 දී තමිල්නාඩු මහ ඇමති කරුණානිධි විසින් මුතු මණ්ඩපම් නැවත වරක් ප්‍රතිසංස්කරණය කරවලා විවෘත කරනු ලබනවා[/SIZE][/COLOR][/FONT][/I][/B] [IMG]http://i.imgur.com/9ZXfqT6.jpg[/IMG] [B][FONT="Book Antiqua"][COLOR="Red"][SIZE="3"]මුතු මණ්ඩපම් වර්තමානයේ දිස්වෙන අයුරු[/SIZE][/COLOR][/FONT][/B] [FONT="Book Antiqua"][B][I][SIZE="4"][COLOR="Black"]මියගිය රජතුමාට දාව අග බිසව වුණු වෙන්කත රංගම්මාල්ට වෙල්ලෝර් කොටුවේදී උපන් පුත්‍රයෙක් සිටියත් වයස අවුරුදු 11 ක් වෙද්දී ඒ කුමාරයා 1843 දී මියයනවා. ඒ හැරෙන්නට රජතුමාට දාව මුතුකම්මමා බිසවට දූවරුන් දෙදෙනෙක් ලැබෙනවා.මේ එක දුවෙක්ගේ පුත්‍රයාට ඉංග්‍රීසි රජය "අලගිය මනවල සිංහල රජු" කියන විරුද නාමය දුන්නු බව මහාවංසය දක්වනවා. [/COLOR][/SIZE][/I][/B][/FONT] [CENTER][IMG]http://i.imgur.com/pXZRF0J.jpg[/IMG][/CENTER] [B][FONT="Book Antiqua"][COLOR="Red"][SIZE="3"]වෙන්කත රංගම්මාල් අග බිසව[/SIZE][/COLOR][/FONT][/B] [B][I][FONT="Book Antiqua"][SIZE="4"][COLOR="Black"]මේ දූවරුන් දෙදෙනාගේ දරුවන් 1965 දක්වා ලංකාණ්ඩුවෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ පවුලට ගෙවන ලද දීමනාව ලබාගත් බවයි කියවෙන්නේ. 1932 දී රජතුමාගේ සොහොන පිළිසකර කළ A. වික්‍රම රාජසිංහත් මේ දියණියකගේ පරපුරේ අයෙක් අවසාන වශයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රජතුමාගේ චරිත සොබාවය සම්බන්ධව. බොහෝ දෙනා කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කෲර පාලකයෙක් කියලා. ඒත් මේ කරුණු කාරණා ගැනත් අපි පොඩ්ඩක් හිතලා බලමු. මුල් කාලීනව රජතුමා වෙනුවට පාලන කටයුතු රැසක්ම සිදු කළේ පිළිමතලාවේ මහාදිකාරම. ඒ යටතේ රජතුමා නොදැනුවත්ව ඝාතන කීපයක්ම කරන්න පවා පිළිමතලාවේ කටයුතු කරනවා. 1803 බ්‍රිතාන්‍ය භටයින් සාහසිකව ඝාතනය කිරීම වගේම ඇරැව්වල දෙවෙනි අදිකාරම් සහ දඹගමුවේ දිසාව ඝාතනය දක්වන්න පුලුවන්. නමුත් ඒවාත් හුඟක් වෙලාවට රජු කරවූ දේවල් විදිහටයි මහජනතාව අතරට ගියේ. ඒ වගේමයි බාහිරින් එන පැමිණිලි රජු වෙතට ගෙන ඒමට බාධා පැමිණවීමේ හැකියාවත් මහාදිකාරමට තිබුණා. රජතුමා ඉන්දියාවට රැගෙන යන අතරවාරයේදී විලියම් ග්‍රැන්විල් 1803 වුණු ඉංග්‍රීසි භටයන් සමූල ඝාතනය ගැන රජතුමාගෙන් ඇහුවාම රජතුමාගේ පිළිතුර වුණේ මේක. "එම සිද්ධියට මාගේ සම්බන්ධයක් නැත. එම වරද පිළිමතලව්වේ භාරග ගත යුතුය. මාගේ පළමු අදිකාරමගේ වැඩකටයුතුවලට අතර මැදිවීමට මා ළාබාල වැඩිවිය. [ඒ වෙද්දී රජතුමාගේ වයස අවුරුදු 23 ක් පමණ වුණා] මට ඒ සිද්ධිය දැනගන්නට ලැබෙන විට සියලු දෙයම සිදුවි හමාරය. මා මේජර් ඩේවිගේ ජීවිතය ගලවා ගත්තා. ඔහුගේ කණ්ඩායම අදිකාරම් භාරයේ සිට විනාශ වුණා. මේජර් ඩේවිට මාගෙන් ලැබිය යුතු සියලුම උදව් ලැබුණා. මා ඔහුට උදව් දුන්නා. එමෙන්ම ඔහුට අවැසි පමණට කෑම දුන්නා. ඔහුට බිරියන් තබා ගැනීමට අවසර දුන්නා. එයට වැඩියමක් දීමට නීතියෙන් ඉඩක් නැහැ. මෙම නීති හැදුවේ මමද ? " රජතුමාගේ කාරුණික බවට තවත් උදාහරණයක් විදිහට පිළිමතලාවේ සිද්ධිය දක්වන්න පුලුවන්. රජතුමාව පත් කරන්න මුල්වුණු පිළිමතලාවේ මහාදිකාරමම පස්සේ රජතුමාව මරන්න කුමන්ත්‍රණ කලානේ. ආසන කියන මැලේ මුහන්දිරම් ලවා රජතුමා ඝාතනය කරවන්න ගිය කුමන්ත්‍රණය හෙළිවීමත් එක්ක 1812 දී රජතුමා පිළිමතලාවේව හිස ගසා මරා දමනවා. ඒ අවස්ථාවේ එයාගේ පුතා වුණු පිළිමතලාවේ [කණිෂ්ඨ] රාජ සේවයෙන් පහ කරන්න රජතුමා නියම කරනවා. එහෙම පහ කළත් කිසියම් ඉල්ලීමක් කරන්න තියෙනවා නම් ඒක කරන්න කියලා කියපු අවස්ථාවේ පිළිමතලාවේ [කණිෂ්ඨ] රජතුමාගෙන් ඉල්ලනවා තමන්ට දළදා හාමුදුරුවන්ට වන්දනා කරන්න අවස්ථාවක් ලබාදෙන්න කියලා. පස්සේ රජතුමා ඒකට අවස්ථාවක් ලබාදෙනවා විතරක් නෙමෙයි පිළිමතලාවේ [කණිෂ්ඨ] දළදා මාළිගාවේ දියවඩන නිළමේ විදිහට පත් කරලා සෑම දිනකම දළදාවට වන්දනා කිරීමේ පුද සත්කාර කිරීමේ වගකීම පවරනවා. [/COLOR][/SIZE][/FONT][/I][/B] [B][FONT="Book Antiqua"][SIZE="3"][COLOR="Red"][IMG]http://i.imgur.com/Tp4EnET.jpg[/IMG] ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ රාජ සභාව[/COLOR][/SIZE][/FONT][/B] [COLOR="Black"][B][I][SIZE="4"]ඇහැළේපොළ හබය ගැන කතා කළොත් ඒක ගැටුමක් දක්වා වර්ධනය කරන්නේ රාජ සභාවේ සිටිය ඇහැළේපොළගේ ප්‍රතිවාදියා වුණු මොල්ලිගොඩ. ඔහු ඇහැළේපොළ රජුට එව්ව ලියුම් විකෘති කරමින් රජු හා ඇහැළේපොළ කෙටවීමේ වැඩපිළිවෙලක් ගෙන ගියා. අවසානයේ සිදුවූ දේ අපි හැමෝම දන්නවානේ. ඇහැලේපොළ දරුවන් මැරීම නමින් කොළඹ ජාතික කෞතුකාගාරයේ තියෙන පුස්කොළ පොතේ දක්වන්නේ ඒ ගැන කියන්නේ මෙහෙම. [COLOR="RoyalBlue"]"........රාජද්රෝහීකම් කොට පැන ගිය වුන්ට සිංහල නීතියේ හැටියට කෙසේ තිබේදැයි දියවඩන නිලමේගෙන් [රජු] ඇසීය. එකල නිලමේ විසින් නීතිය මෙසේ කියෙව්වේය. රාජද්රෝහීකම් කොට පැන ගිය උන්ගේ පවුලේ ඉතිරි අය අල්වා පිරිමි ඉස් ගහ දමන්ටත් ගැහැණු දියේ ගිල්වා මරන්ටත් නීතිය තිබේ යයි කීවේය....."[/COLOR] මේ කරුණෙන් පැහැදිලි වෙන්නේ රජතුමා අමුතු දඬුවමක් නොව එකල පැවති දඬුවමක් ක්‍රියාත්මක කළ බව. රජතුමා මාෂල්ට දීපු උත්තරෙනුත් ඒ බව පැහැදිලියිනේ. රජ කාලේ තිබුණු දෙතිස් වධ ක්‍රම ගැන හොයලා බැලුවොත් අතිශය අමානුෂික දඬුවම් සිංහලයන් සතුව තිබුණු බවත් පැහැදිලියි. ඒ වගේමයි මෙහි අනිත් කතාව වෙන්නේ රජතුමා කෲර පාලකයෙක් බව පෙන්නන්න ඉංග්‍රීසින් මේ කතාවට තාර බරක් දැම්මා කියන එක. සමකාලීන ඉංග්‍රීසි ලේඛකයන් මේ සිදුවීම විවිධාකාරයෙන් වාර්තා කරලා තිබෙන එකෙන් මේ සිදුවීම ගැන නිවැරදිව කරුණු ඉංග්‍රීසින් අතට ලැබුණාද කියන එක සැක සහිතයි. මේ කරුණුවලින් මම කියන්නේ නැහැ ඇහැලේපොළ දරුවන්ගේ හිස ගසාදාලා කුමාරිහාමිව දියේ ගිල්ලලා මැරුවේ නැහැ කියලා. නමුත් දරුවන්ගේ හිස් වංගෙඩියේ දා කෙටවීම වගේ කරුණු අතිශයෝක්තියෙන් රජුව ජනතාවට කළකරවීමට ගොතපු බවයි පෙනෙන්නේ. රජතුමා හොඳ කලාකාමියෙක් බව පෙනෙන්නේ පත්තිරිප්පුව, මඟුල් මඩුව, කිරි මුහුද වගේ නිර්මාණ කරවමින් නගර අලංකාරයට කටයුතු කරවපු එකෙන්. ඒ වගේම සංගීතය, කාව්යකරණයටත් රජතුමා ඇල්මක් වගේම හැකියාවක් දක්වපු බවයි කියවෙන්නේ. රජතුමාගේ ආගමික අංශයට කළ දායකත්වය ගැනත් සඳහනක් කරන්නම්. පිළිමතලාවේ මහාදිකාරම් අස්ගිරිය විජයසුන්දරාරාමයේ නව විහාර ගෙයක් ඉදි කරනවා. ඒකේ තිබුණු විශේෂත්වය තමා තනි කලු ගලෙන් නෙළපු වඩු රියන් 12 ක් දිග සැතපෙන බුදු පිළිමයක් එහි තිබීම. ඒ විහාරයේ විවෘත කිරීමට ආපු රජතුමා උඩ අස්ගිරිය සහ කහවත්ත ගම් විහාරයට පූජා කරනවා. ඊට පස්සේ සැතපෙන බුදු පිළිමය අසළ ගලේ තවත් ඉඩ තිබුණු නිසා ඒ ප්රදානය ඒ ස්ථානයේ සටහන් කරන්න කියලා ගල් වඩුවන්ට නියම කරනවා. මාස දෙකකට පස්සේ එතනට නැවතත් ආපු රජතුමා ගල් වඩුවන් රාජ නියෝගය ඉටු කරලා තියෙනවා දැකලා සතුටු වෙලා ඔවුන්ට මහ අරමුදලෙන් ගෙවීම් කරලා තියෙනවා කලින් දක්වපු විදිහට ඉහළ පෙළේ රදළයන් රජතුමාට එරෙහිව සිටියත් විශේෂම කරුණ වෙන්නේ මධ්‍යම හා පහළ පංතිවල නිලධාරීන් රජුට දැඩි පක්ෂපාතීතවයක් දැක්වීමයි. ඒකට හේතුව වුණේ රජතුමා ඉහළ රදළයන් කරපු දූෂණ හා අසාධාරණකම්වල විරුද්ධ වෙමින් රදළ බලය බිඳ දමන්න කටයුතු කිරිම. උදාහරණයක් විදිහට රජතුමා 1805 දී තමන්ගේ යටත් වැසියන්ව දැඩි පීඩාවකට ලක් කරලා අධිකව පොලී අනුපාත අය කරමින් මුදල් දුන්නු දිසාවේවරු තුන් දෙනෙක්ට දැඩි දඬුවම් දීලා තනතුරෙන් පහ කරලා ඔවුන්ගේ ඉඩම් යටත් වැසියන්ට පවරා දුන් බව කියවෙන සීට්ටුවක් හමුවෙලා තියෙනවා. රදළයන් හැකිතාක් උත්සහ කළේ රජතුමා රූකඩයක් ලෙස ඔවුන්ගේ සිතැඟි පරිදි ක්‍රියා කරන අයෙක් විදිහට තබාගන්න. අවසානයේ සිද්ධ වුනේ රජතුමාට වඩා ඉහළ රදළයන් බලවත් වීම නිසා රජතුමාට සිහසුන අහිමිවීම. බෝමුරේ උඩුපිටියේ ආරච්චිල රජු වෙනුවෙන් දිවි පිදීම වගේම රජතුමා කොළඹට කැඳවාගෙන යන අවස්ථාවේදී එතනට පැමිණි පුවක්ගොල්ලේ මැණික් රාළ හා පුංචිරාළ කියන මොහොට්ටාලවරු රජතුමාගේ දෙපා සිඹිමින් හැඬූ බව දැක්වෙන සඳහනෙන් පහළ නිලධාරීන් තුළ වුණු රාජපාක්ෂිකභාවය තේරුම් ගන්න පුලුවන් ඒ කොහොම වුණත් රජතුමාව මත්පැන්වලට ගිජු කරවන්න ඉංග්‍රීසින් සමත් වීමත් එක්ක සිහිමඳ තත්වයකින් රජතුමා අවසන් කාලයේ දී ගත කරලා තිබෙනවා. 1815 උඩරට අල්ලා ගත්තු ඉංග්‍රීසි සොල්දාදුවන්ට රජ මාළිගාවේ තිබිල හොෆ්මන් චෙරි බ්‍රැන්ඩි බෝතල් ගණනාවක් හමුවෙලා තියෙනවා. ඒකෙන් පැහැදිලියි රජතුමාගේ තිබුණු බේබදුකම. ඉහත දක්වපු ඇහැලේපොළ ඛේදවාචකයට මුල්වුණු තීන්දුවට රජතුමාට අත්සන් කරන්නේ බීමතින් සිටිය අවස්ථාවක කියලත් කියවෙනවා. [/SIZE][/I][/B][/COLOR][/CENTER] [SIZE="3"][B][I][COLOR="Blue"]ඒ වගේමයි මේ රජතුමා සහ රදළයන් අතරත් ඒ වගේම රදළයන් රදළයන් අතරත් වුණු ගැටුම් අවුලන්න කටයුතු කරපු, ඒ වගේම රජතුමා අපහසුතාවයට පත් කරන්න කට කතා ගොතපු මහ මොළකාරයා වුණේ ඒ කාලේ ඉංග්රීසින්ගේ ප්‍රධාන භාෂා පරිවර්තකයා විදිහට කටයුතු කරපු ජෝන් ඩොයිලි. මේ කරුණු කීපයත් මීලඟට ලියවෙන ජොන් ඩොයිලි ගැන ලිපියත් කියවලා බලලාම ඔයාල තීරණය කරන්න රජතුමා කෲර කෙනෙක්ද කියලා. [/COLOR][/I][/B][/SIZE] [COLOR="blue"][SIZE="2"][B][FONT="Book Antiqua"]උපුටා ගැනීමකි[/FONT][/B][/SIZE][/COLOR] [HTML]http://aagiyakatha.blogspot.com/2010/07/blog-post_8096.html[/HTML] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom