රාජ්‍ය සේවකයන්ට සාධාරණ මූලික වැටුප් වැඩි කිරීමක් - ජනපති🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    image_6399049e92.jpg


    පුරවැසියාට අයිතියක් වන ලෙසත් රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙසත් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

    පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (26) පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදීය.

    ලබන ජූනි මාසය වන විට රාජ්‍ය සේවයේ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, රාජ්‍ය සේවය සතු දැනට තිබෙන දත්ත ප්‍රමාණයේ විශාල වියවුලක් පවතින බැවින් ඒවා මත පදනම්ව නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේයය.

    රාජ්‍ය සේවකයින් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් මෙන්ම විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අදාළ යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

    රාජ්‍ය සේවය ශක්තිමත් කරන අතර රාජ්‍ය සේවයේ පිරිවැය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ජනාධිපිති මාධ්‍ය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    රාජ්‍ය සේවය තුළ මේ වන විට නිර්මාණය වී ඇති අත්‍යාවශ්‍ය පුරප්පාඩු 30,000ක පමණ ප්‍රමාණය කඩිනමින් බඳවා ගැනීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර ඊට අදාළ මුදල් වෙන්කිරීම සඳහා මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව ද මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

    එමෙන්ම තාක්ෂණික ක්‍රමවේද නිසා සම්මුඛ පරීක්ෂණ ප්‍රමාද විය හැකි පුරප්පාඩු සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා වූ අතර ඒකාබද්ධ රාජ්‍ය සේවයක් මගින් මානව සම්පත කළමනාකරණය කිරීම පිළිබඳවද අවධානය යොමුව තිබේ.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, සෞඛ්‍ය, වාරිමාර්ග, කෘෂිකර්මාන්ත, වන අලි ගැටලු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බව සඳහන් වේ.

    මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කළ අතර “City Branding” ක්‍රමවේදය භාවිතා කර අනුරාධපුර නගරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇත.

    දේශීය සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන අනුරාධපුර නගරය විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට හොඳ විභවයක් තිබෙන අතර ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය ලෙස සහ පළමු වැව පිහිටි ස්ථානය ලෙස විදේශිකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රචලිත කිරීමටද අවධානය යොමුව තිබේ.

    සමාජ ආකල්ප වෙනසක් ඇති කරමින් යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා "Clean Sri Lanka" වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.


    https://sinhala.adaderana.lk/news/2...CTfam-hxGcMxkxZy-A_aem_Kr9n7NaHf3NNMOuY1PBj9w
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,118
    2,363
    113
    මම කොත්තුවක් ගන්න කඩේට ගියාම සීයා කෙනෙක් ආවා.. ඒ සීයා ඇවිත් එක එක කෑම වල ගනන් අහනවා..
    අනේ මට හිතුනා මේ සීයට බනිස් ගෙඩියක් වත් අරන් දෙන්න තිබ්බ නම් කියලා..
    සීයා දුරට වෙලා බලන් ඉන්නවා...

    ඒ වෙලාවෙම මම අර සීයාට කිව්වා, සීයේ සීයට කැමති ඕන දෙයක් ගන්න මම බිල ගෙවන්නම් කියලා..

    සීයා පැනපු ගමන් බුලත් විටක් ගත්තා..
    ඔය මොකක්ද ඔය ගත්තේ කන්න පුලුවන් බඩ පිරෙන දෙයක් ගන්නකෝ..

    "පුතා ලග සල්ලි තියෙනවද, මේව හරි ගනන් පුතේ,
    මට මේක කෑවම බඩගින්නක් දැනෙන්නෑ හෙට උදේ වෙනකම් ඉන්න පුලුවන්.. "

    ඊට පස්සෙ මම එක එක ජාතියේ කෑම ජාති අරන් සීයගේ බෑග් එකට දාලා පර්ස් එක බලද්දී පර්ස් එකෙත් සල්ලි නෑ..

    එ පාර මම එතනින් හිමිට මාරු වෙලා ආවා.. සීයට මොනා වුනාද දන්නේ නෑ.. 😑