Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජ රාජ මහාමාත්‍ය පුත්‍ර වස්තුව෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ රාජ මහාමාත්‍ය පුත්‍ර වස්තුව෴

රාජ රාජ මහාමාත්‍ය පුත්‍ර වස්තුව෴

තවද එක් සමයෙක් හි මිහිඳු නම් රජ කෙනෙක් දැහැමෙන් නොවෙතත් සෙමෙන්, රටෙහි ජනයාගේ කැඳ පත ද උදුරා ගනිමින් රාජ්‍ය කරන සමයෙහි සළෙල කෙළි කෙළන රාජ රාජ මහාමාත්‍ය පුත්‍රයන් නිසාවෙන් මහත් ඝෝෂාවක් පැන නැංගේය.

ඒ කෙසේ ද යත්?

එක් සමයෙක් හි තිරිසන් යෝනියෙහි උපන්නවුන් ක්‍රියා කරන පරිද්දෙන්, ඉස් සිඳීම, අත් පා සිඳීම, තෙල් කටාරම් හි ලෑම, දිවැස් හුල තැබීම, ලජ්ජාස්ථාන සිදුරු කිරීම ඈ නේක වධ කරවා සැට දහසක් මානවකයින් මානවිකාවන් රජහු ගේ අණ පරිද්දෙන් ඝෝර මාර තෙම වෙත යවන ලදැයි චෝදනා කොට ජනී ජනයා විසින් පිළිකෙව් කරන ලද රාජ පාක්ෂික රාජ පුරුෂයන් මුළුල්ලක් කඳවුරු ළා රජුන් සුරකිමින් දිවි ගෙවන්නාහ.

මෙසේ කල් ගත වන්නේ රජුන් හට මහත් සතුරු බියක් පැන නැංගේය. එය කොතෙක් වූවා ද යත් රටෙහි ජනයාට මඟ තොටක යා නොහැකි පරිද්දෙන් කොලහල මහත් වූයේ ය.

එසේ වූ කල රජුන් ද, ඇමැත්තන් ද මතු නොව යට ගිය දවස වධයෙන් මිය ගිය සැට දහසක් මානවක මානවිකාවන්ගේ සෝවුරන් පිරිසෙක් ද මන්ත්‍රණ කොට ඒ වධකයන් කෙරෙහි මැ ගොස් වධක මාලා වූ රක්ත වද මාලා ආදිය ඉවත් කරවා මානෙල් ඈ පුෂ්පයන් පළඳා විරුවනැයි අබිසෙස් කොට සතුරු සේනා අබියසට යැවූහ. සැට දහසකට කළ යුත්ත කෙලෙම් නම් මේ සතුරන්ගේ කම් කිමැයි මහත් එඩියෙන් සටන් වැද සතුරු එඩි දර්ප මැඩලා පියා පෙරලා පැමිණියාහ.

සතුරු එඩි බින්ඳහාම උහු අත්තුක්කංසනයෙන් මැඩී ගියේ තමන් තරම් අනෙකෙක් නැතැයි සිතමින් මානයෙන් ඔද වැඩී විනිශ්චයාසන දරන විනිසුරන් පවා මැඩලමින් දවසරින්නේ, එක් රාජපුරුෂයෙක් රජුගේ සමීප මහාමාත්‍යයෙකුගේ පුත්‍රයෙකු හා කොලහලයකට එළැඹ මහත් සේ බැට කා මහමග වැද හොත්තේ, විනිසුරන් අබියස තමාම තමා හට බැට දී ගත්තේ යයි තෙපලන්නට වීය. මෙනයින් මෙකී රාජ පුරුෂ විරුවන්ගේ දර්පය මඳක් බැස ගියේය. යුවරජ තෙම මැදිහත්ව එකී රාජ පුරුෂයන්ගේ මන් බිඳ දමන්නේ, උහු නගරාලංකරණයට යෙදවූහ. උදළු ගාන්ට, උයන් තනන්ට මතු නොව සී සාන්ට හාන්ට පවා පවරන ලද්දේය.

යට කියන ලද රාජ රාජ මහාමාත්‍ය පුත්‍රයෝ වනාහි වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සළෙල වරම ලද්දෝ වෙති. නේක වර්ණ සුසිනිඳු කසී සලු දරමින්, පියුම් මාලාදිය ගෙල දරමින්, මනහර නා මෙනවියන් වැනි අඟනුන් උර මත්තෙහි දරමින් කාමෝත්සව පවත්වන්නෝය. දෙව් විමන් පරයන රථයන්හි නැඟැ මාතලී දිව්‍ය පුත්‍රයාට නිගා දෙවමින් ප්‍රධාන නගර ද්වාර වසා රථ කෙළි කෙළන්නෝය.

එක් ජල ක්‍රීඩා සමජ්ජයක් පැවැත්වෙන්නේ, යටකියන ලද අමාත්‍ය පුත්‍ර රත්නයක් ද ප්‍රධාන රාජ පුරුෂයෙක්ගේ පුත්‍ර රත්නයක් ද එක්තරා ස්ත්‍රියක් අරභයා කොලහල කරන්නේ, රාජපුරුෂපුත්ර තෙම මහත් බැට කා දුස්සාධ්‍යව වැදහොත්තේය. ඉදින් මෙකී පිනැති රාජ අමාත්‍ය පුත්‍රයන් වළහනු කිසිවෙක් තාවතිංසය ඈ දෙව් ලෝකයන්හිත්, අකනිටා ඈ බ්රහ්මලෝකයන්හිත්, අවීචිය ඈ අපායන්හිත් නැත්තේමය.

මෙවැනි රටක ජනයාව ඉපිද මෙවන් ආශ්චර්යයන් දර්ශන මාත්‍රයෙන් පවා වින්දනය කිරීම මහත් සැපයකැයි කියමින් ජනයා දෙව් බඹ සුර නා සැප පවා අළුයම ලූ කෙල තලි සේ පිළිකෙව් කරමින් ප්‍රීතියෙන් ඉපිලෙමින් රාජ රාජ මහාමාත්‍ය ආදීන්ගේ දෙමව්පියන් නිරතුරුව සිහි කරමින් දවස ගෙවන්නෝය. ෴

- සඳුන් ප්‍රියංකර විතානගේ

බම්ප් , රේප් දෙන කස්ටිය දෙන්න ,නැත්තන් අව්ලක් ඇත්තෙම නෑ..ඒවා බලාගෙන නෙමෙයි මේක දැම්මේ..

[QUOTE="gora, post: 14853472, member: 41945"] [b]රාජ රාජ මහාමාත්‍ය පුත්‍ර වස්තුව෴[/b] [CENTER][CENTER][IMG]http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-ash3/531877_10151605722822429_1247568854_n.png[/IMG] [B][CENTER][SIZE="4"][B]රාජ රාජ මහාමාත්‍ය පුත්‍ර වස්තුව෴ තවද එක් සමයෙක් හි මිහිඳු නම් රජ කෙනෙක් දැහැමෙන් නොවෙතත් සෙමෙන්, රටෙහි ජනයාගේ කැඳ පත ද උදුරා ගනිමින් රාජ්‍ය කරන සමයෙහි සළෙල කෙළි කෙළන රාජ රාජ මහාමාත්‍ය පුත්‍රයන් නිසාවෙන් මහත් ඝෝෂාවක් පැන නැංගේය. ඒ කෙසේ ද යත්? එක් සමයෙක් හි තිරිසන් යෝනියෙහි උපන්නවුන් ක්‍රියා කරන පරිද්දෙන්, ඉස් සිඳීම, අත් පා සිඳීම, තෙල් කටාරම් හි ලෑම, දිවැස් හුල තැබීම, ලජ්ජාස්ථාන සිදුරු කිරීම ඈ නේක වධ කරවා සැට දහසක් මානවකයින් මානවිකාවන් රජහු ගේ අණ පරිද්දෙන් ඝෝර මාර තෙම වෙත යවන ලදැයි චෝදනා කොට ජනී ජනයා විසින් පිළිකෙව් කරන ලද රාජ පාක්ෂික රාජ පුරුෂයන් මුළුල්ලක් කඳවුරු ළා රජුන් සුරකිමින් දිවි ගෙවන්නාහ. මෙසේ කල් ගත වන්නේ රජුන් හට මහත් සතුරු බියක් පැන නැංගේය. එය කොතෙක් වූවා ද යත් රටෙහි ජනයාට මඟ තොටක යා නොහැකි පරිද්දෙන් කොලහල මහත් වූයේ ය. එසේ වූ කල රජුන් ද, ඇමැත්තන් ද මතු නොව යට ගිය දවස වධයෙන් මිය ගිය සැට දහසක් මානවක මානවිකාවන්ගේ සෝවුරන් පිරිසෙක් ද මන්ත්‍රණ කොට ඒ වධකයන් කෙරෙහි මැ ගොස් වධක මාලා වූ රක්ත වද මාලා ආදිය ඉවත් කරවා මානෙල් ඈ පුෂ්පයන් පළඳා විරුවනැයි අබිසෙස් කොට සතුරු සේනා අබියසට යැවූහ. සැට දහසකට කළ යුත්ත කෙලෙම් නම් මේ සතුරන්ගේ කම් කිමැයි මහත් එඩියෙන් සටන් වැද සතුරු එඩි දර්ප මැඩලා පියා පෙරලා පැමිණියාහ. සතුරු එඩි බින්ඳහාම උහු අත්තුක්කංසනයෙන් මැඩී ගියේ තමන් තරම් අනෙකෙක් නැතැයි සිතමින් මානයෙන් ඔද වැඩී විනිශ්චයාසන දරන විනිසුරන් පවා මැඩලමින් දවසරින්නේ, එක් රාජපුරුෂයෙක් රජුගේ සමීප මහාමාත්‍යයෙකුගේ පුත්‍රයෙකු හා කොලහලයකට එළැඹ මහත් සේ බැට කා මහමග වැද හොත්තේ, විනිසුරන් අබියස තමාම තමා හට බැට දී ගත්තේ යයි තෙපලන්නට වීය. මෙනයින් මෙකී රාජ පුරුෂ විරුවන්ගේ දර්පය මඳක් බැස ගියේය. යුවරජ තෙම මැදිහත්ව එකී රාජ පුරුෂයන්ගේ මන් බිඳ දමන්නේ, උහු නගරාලංකරණයට යෙදවූහ. උදළු ගාන්ට, උයන් තනන්ට මතු නොව සී සාන්ට හාන්ට පවා පවරන ලද්දේය. යට කියන ලද රාජ රාජ මහාමාත්‍ය පුත්‍රයෝ වනාහි වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සළෙල වරම ලද්දෝ වෙති. නේක වර්ණ සුසිනිඳු කසී සලු දරමින්, පියුම් මාලාදිය ගෙල දරමින්, මනහර නා මෙනවියන් වැනි අඟනුන් උර මත්තෙහි දරමින් කාමෝත්සව පවත්වන්නෝය. දෙව් විමන් පරයන රථයන්හි නැඟැ මාතලී දිව්‍ය පුත්‍රයාට නිගා දෙවමින් ප්‍රධාන නගර ද්වාර වසා රථ කෙළි කෙළන්නෝය. එක් ජල ක්‍රීඩා සමජ්ජයක් පැවැත්වෙන්නේ, යටකියන ලද අමාත්‍ය පුත්‍ර රත්නයක් ද ප්‍රධාන රාජ පුරුෂයෙක්ගේ පුත්‍ර රත්නයක් ද එක්තරා ස්ත්‍රියක් අරභයා කොලහල කරන්නේ, රාජපුරුෂපුත්ර තෙම මහත් බැට කා දුස්සාධ්‍යව වැදහොත්තේය. ඉදින් මෙකී පිනැති රාජ අමාත්‍ය පුත්‍රයන් වළහනු කිසිවෙක් තාවතිංසය ඈ දෙව් ලෝකයන්හිත්, අකනිටා ඈ බ්රහ්මලෝකයන්හිත්, අවීචිය ඈ අපායන්හිත් නැත්තේමය. මෙවැනි රටක ජනයාව ඉපිද මෙවන් ආශ්චර්යයන් දර්ශන මාත්‍රයෙන් පවා වින්දනය කිරීම මහත් සැපයකැයි කියමින් ජනයා දෙව් බඹ සුර නා සැප පවා අළුයම ලූ කෙල තලි සේ පිළිකෙව් කරමින් ප්‍රීතියෙන් ඉපිලෙමින් රාජ රාජ මහාමාත්‍ය ආදීන්ගේ දෙමව්පියන් නිරතුරුව සිහි කරමින් දවස ගෙවන්නෝය. ෴ - සඳුන් ප්‍රියංකර විතානගේ[/B][/SIZE][/CENTER][/B][/CENTER][/CENTER] [SIZE="4"] [B] බම්ප් , රේප් දෙන කස්ටිය දෙන්න ,නැත්තන් අව්ලක් ඇත්තෙම නෑ..ඒවා බලාගෙන නෙමෙයි මේක දැම්මේ..[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom