Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
රාමායනයේ ආදම්ගේ පාලම යට වැළලුණු අබිරහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාමායනයේ ආදම්ගේ

පාලම යට වැළලුණු අබිරහස

ආදම්ගේ පාලම කුමක් ද.?

ආදම්ගේ පාලම, ඉන්දියාවේ තමිල්නාඩුවේ ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන් පිහිටි පාම්බන් දූපතේ සිට ශ්‍රී ලංකාවේ මන්නාරම දක්වා විහිදී තිබෙන, නොගැඹුරු වැලිපර දූපත් සහිත මුහුදු තීරයක්. එය හුණුගල් මිශ්‍රිත පාෂාණ දාමයකින් සැකසී තිබෙනවා. එහි දිග කි. මී. 48ක් පමණ. එය නිරිතදිගින් මන්නාරම් බොක්කෙන් සහ ඊසානදිගින් පෝක් සමුද්‍ර සන්ධියෙන් වෙන් වෙනවා. ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අයත් සමුද්‍ර තීර මායිම ද මෙය මැදින් වැටී තිබෙනවා.

ආදම්ගේ පාලම ප්‍රධාන වැලිපර දූපත් දහසයකින් සමන්විත වන අතර ශ්‍රී ලංකාවට ඉන් දූපත් අටක් අයිති යි. ඉතිරි දූපත් සංඛ්‍යාව ඉන්දියාව සතු වෙනවා.

ඉතිහාස කතා

වාල්මිකී ලියූ රාමායන වීර කාව්‍යයට අනුව, රාමට ලංකාපුරයට යාමට ඔහුගේ වානර හමුදාව තමයි ආදම්ගේ පාලම තනා තිබෙන්නේ. වසර ගණනාවක් තිස්සේ මෙම දූපත් පෙළ පාලමක් ද නැද්ද යන්න ගැන නිශ්චිත අදහසක් පැවතුණේ නැහැ.

මහ සයුරේ ඝෝෂාව

ඔවුන්ගේ නොනැමෙන මහ හඬින්

යටපත් කරමින්

නාල විසින් නිමැවූ පාලම උඩින්

යුහුසුලුව ආහ ඔවුහු ලක් තෙරට

ආදී වශයෙන් රාමායනයේ පාලම ඉදිකිරීම ගැන සඳහන් වෙනවා.

නල නමැති වානර අධිපතියකුගේ අධීක්ෂණය යටතේ වානර හමුදාව විසින් දින පහක කාලයක් තුළ පාලම තනා නිම කළ බව රාමායනයේ සඳහන්. ගස්, ගල්, සහ පර්වත මුහුදේ යෙදීමෙන් ඔවුන් එය ඉදිකර තිබෙනවා. මේ පාලම පිළිබඳ පුරාවෘත්තය අවුරුදු දහසකට පෙර පටන් පැවති බව අරාබි දේශ ගවේශක අල්බෙරුනිගේ සටහන්වලින් පේනවා. කෙසේ වුවත් මෙහි එක පෙළට පිහිටි වැලිපර දූපත් ස්වභාවික ඒවා මිස මිනිස් අතකින් තැනූ ඒවා නොවන බව බහුතරයක් විද්වතුන් පිළිගත් මතයක්.

ආදම්ගේ පාලම

ඇත්තමට පාලමක්ද..?

අද්භූත විශ්වාසයන්ට හේතුවූ ආදම්ගේ පාලමේ ගැටලුව විසඳීමට විවිධ පර්යේෂණ කෙරී තිබෙනවා. නමුත් ඒ ගැන නිශ්චිත අදහසක් පැවතුණේ නැහැ. පසුගිය දා චන්ද්‍රිකා ඡායාරූප මඟින් ගන්නා ලද ඡායාරූප පෙළකින් පසුව පර්යේෂණයක නිරත වූ ඇමරිකානු භූ විද්‍යාඥයින් පිරිසක්, මෙම පාලම ස්වභාවික පිහිටීමක් නොව මිනිසා විසින් ඉදිකරන ලද්දක් ය යන නිගමනයට එළඹ තිබෙනවා. 2017 දී ඇමෙරිකාවේ ‘සයන්ස් චැනල්’ නාලිකාවේ ‘වට් ඔන් අර්ත්’ නමැති විශේෂ වැඩසටහනක් ඒ පිළිබඳව ප්‍රචාර වීමත් සමග ඉන්දියාව නැවත ඇවිස්සී ගියා.

වර්ෂ 2006 සහ 2018 දී අමෙරිකානු චන්ද්‍රිකා වන ලෑන්ඩ්සැට් 5 සහ 8 යන චන්ද්‍රිකාවලින් ගත් ඡායාරූප විශ්ලේෂණයෙන් මෙම මතයට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුහුදේ නොගැඹුරු ජලයේ දම්වැලක් මෙන් දිස්වන පාෂාණ පන්තියක් එම ඡායාරූපවලින් ඉතා පැහැදිලිව දැකගත හැකියි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සැතපුම් 30ක් දිගින් පිහිටි වැලිතලාවේ විශාල ගල් දැමීමට ක්‍රියාකර ඇති බව සනාථ වන බව ද එම ගල් වසර 7000ක් පැරණි බව ද එම විද්‍යාඥයන් පිරිස පවසනවා.

සමුද්‍ර විද්‍යාඥයන් මෙය වැලිපරයක් ලෙස හැඳින්වුවත් එය සාමාන්‍ය වැලිපරයක් නොවන බව ඔවුන්ගේ මතය යි. වැලිපරය මත වෙනත් ප්‍රදේශයක සිට ගෙන එන ලද විශාල පාෂාණ අතුරා පාලමක් ඉදිකර ඇතැ යි යන්න ඔවුන්ගේ මතය වී තිබෙනවා. නමුත් මෙවැනි විශාල පර්වත වර්ෂ දහස්ගණනකට පෙර එම ස්ථානයට රැගෙන ආවේ කෙසේ ද යන්න විද්‍යාඥයන්ට පවා ගැටලුවක්.

ඇමෙරිකානු පුරාවිද්‍යාඥවරියක වන චෙල්සියා රෝස්ට අනුව මෙම වැලිපරය මතුපිට ඇති පාෂාණ වැලිපරයට වඩා පැරැණි කාලයකට අයත්. පාෂාණ සම්බන්ධයෙන් සිදු කළ කාලනිර්ණවල දී ඒවා වසර 7000ක් පමණ පැරණි වන බවට හා වැලිපරය වසර 4000ක් පමණ පැරණි වන බවට අනාවරණ වී තිබෙනවා. වැලිපරය පසුකාලයේ ස්වාභාවික ලෙස නිර්මාණය වන්නට ඇතැයි ද, පාලම වෙනත් ප්‍රදේශයක සිට රැගෙන ආ පාෂාණ යොදා ගනිමින් මිනිසා විසින් ඉදිකරන ලද්දක් බව ද ඔවුන්ගේ මතය යි.

ඇත්ත නැත්ත

සොයා ඉන්දියානු පර්යේෂණ

ආදම්ගේ පාලම හෙවත් රාමාගේ පාලම ආශ්රිත මුහුද යට විද්‍යාත්මක ගවේශන ආරම්භ කිරීමට ඉන්දීය රජය අවසර ලබා දී ඇතැ යි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය පසුගිය ජනවාරියේ වාර්තා කළා. විද්‍යාත්මක පර්යේෂණ මත පදනම්ව සාක්ෂ්‍ය ලබාගනිමින් ආදම්ගේ පාලමේ සැබෑ තොරතුරු ලෝකයට අනාවරණය කිරීම මෙම ගවේශනයේ අරමුණ බව ඉන්දීය සංචාරක සහ සංස්කෘතික ඇමැති ප්‍රහලාද් සිං පටෙල් ප්‍රකාශ කර තිබුණා.

ඉන්දීය එක්ස්ප්‍රස් වාර්තාවට අනුව ඉන්දියාවේ විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය සහ ගෝවාහි ජාතික සාගර විද්‍යා ආයතනය මෙම අධ්‍යයනය සිදුකරනු ලබනවා. ආදම්ගේ පාලම ආශ්‍රිතව රාමායනයට අදාළ පුරාවිද්‍යාත්මක ස්ථාන සාගරයේ ගිලී පවතීදැ යි මෙම ගවේශනයේ දී අවධානය යොමුකිරීමට නියමිත යි. එසේම පාලමේ නිශ්චිත වයස සාගර පතුලේ ඇති ෆොසිල අධ්‍යයනයෙන් සොයා ගැනීමට ද ගවේශකයෝ සූදානම්ව සිටිනවා.

මෑතක දී, ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ (ASI) යටතේ ක්‍රියාත්මක වන පුරාවිද්‍යාව පිළිබඳ මධ්‍යම උපදේශක මණ්ඩලය විසින්, මෙහි අවසාදිත අධ්‍යයනය කිරීම සඳහා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය සහ ගෝවා පදනම් කරගත් ජාතික සාගර විද්‍යා ආයතනය (NIO) විසින් ඉදිරිපත් කෙරුණු ව්‍යාපෘති යෝජනාව අනුමත කෙරුණා. ඒ අනුව ආදම්ගේ පාලම පිළිබඳ පළමු විද්‍යාත්මක අධ්‍යනය ඉදිරි වසර තුන තුළ දී අවසන් කිරීම එම ව්‍යාපෘතිය මඟින් සිදුවනු ඇති. ව්‍යාපෘතිය මෙම මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිත බව යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ, අලගප්පා විශ්වවිද්‍යාලයයේ හිටපු උපකුලපතිවරයෙකු ප්‍රකාශ කරන්නේ ආදම්ගේ පාලම මිනිසා විසින් තැනූ යමක් නොවන බවට සාධක බොහෝ තිබෙන බව යි.

රටවල් දෙකකට

අයිති එකම ජාතික උද්‍යානය

මෙම දූපත්වල පාරිසරික වැදගත්කම නිසා 2015 වසරේ ජුනි මස 22 දින සිට එය “ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය” වශයෙන් නම් කර ආරක්ෂා කරනු ලබනවා. ශ්‍රී ලංකාව සතු දූපත් සමූහය හා ඒ ආශ්රිත නොගැඹුරු මුහුදු තෘණ සහිත භූමි කලාපය හෙක්ටයාර 18,990ක් පමණ විශාල යි.

ආදම්ගේ පාලම ජාතික උද්‍යානය පිහිටලා ඇත්තේ ඉන්දු – ලංකා දේශ සීමාවන් අතරේ යි. ඒ කියන්නේ වැලි පර දූපත්වලින් කොටසක් අපේ රටටත්, කොටසක් ඉන්දියාවටත් අයිතියි. දෙරටේම මුහුදු සීමාවන් දිව යන්නේ අපේ රටේ අට වැනි දූපත හරහා යි. ඒ කියන්නේ අට වෙනි දූපතෙන් බාගයක් අපිටත්, බාගයක් ඉන්දියාවටත් අයිතියි. අපේ වැලිපර දූපත් ආදම්ගේ පාලම ජාතික උද්‍යානය ලෙසටත්, ඉන්දියාවේ වැලිපර දූපත් ‘ගල්ෆ් ඔෆ් මැනාර්’ ජාතික උද්‍යානය හැටියටත් තමයි හඳුන්වන්නේ. ජෛව විද්‍යාත්මකව මේ දූපත් සමූහයම Trance Boundery National Park, නැත්නම් “දේශාන්තරික ජාතික උද්‍යානයක්” ලෙස නම් කරන්න රටවල් දෙකම එකඟ වෙලා කටයුතු කිරීම නම් සතුටට කරුණක්. ශ්‍රී ලංකාවේ ආදම්ගේ පාලම ජාතික උද්‍යානයේ සංරක්ෂණ කටයුතු ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වගේම ඉන්දියාවේ ගල්ෆ් ඔෆ් මැනාර් ජාතික උද්‍යානයේ සංරක්ෂණ කටයුතු ඉන්දීය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහාත් සිදු වෙනවා.

මේ දූපත් අතරින් වැඩි දූපත් ප්‍රමාණයක් මුහුදු ලිහිණි විශේෂයන්ගේ අභිජනන බිම්. පර්යටනික පක්ෂීන් ද දූපත්වලට ඇදී එනවා. වසරේ මැද භාගයේ දී විතර දහස් ගණනින් මුහුදු ලිහිණීන් මේ දූපත්වල වැලි මත්තේ කැදිලි තැනීමට පටන්ගන්නවා. අපේ රටේ දේශ සීමාවට අයිති ආදම්ගේ පාලම ජාතික උද්‍යානයට අයත් දූපත් 08න් තෙවන දූපත මුළුමනින්ම පාහේ මුහුදු ලිහිණියන්ගේ ආධිපත්‍යයට නතු වනවා. Caspian tern, Great crested tern, Lesser crested tern, Saunders tern, Sooty terns සහ Whiskered tern ඒ අතරින් ප්‍රමුඛතම මුහුදු ලිහිණි විශේෂ කිහිපයක්. Heuglin’s gull, Bar-tailed godwit, Dunlin වැනි පක්ෂී විශේෂ සහ බෙල්ලන් ආහාරයට ගන්නා අතිශය දුර්ලභ Eurasian oystercatcher නම් පක්ෂී විශේෂය ද මෙම සමුද්‍රීය උද්‍යානය තුළ වාර්තා වෙනවා.

කරදියවාසී කැස්බෑවුන් විශේෂ දෙකක් මේ අවට ජීවත්වන අතර සාමාන්‍ය ගෙවතු කටුස්සා සඳහා වාසස්ථානයක් ලෙස ද මෙම පාරිසරික කලාපය ක්‍රියා කරනවා. ස්වභාවික කැස්බෑ අභිජනන බිමක් වශයෙන් ද ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය වැදගත් වෙනවා. එමෙන්ම මෙම නොගැඹුරු මුහුදේ ඩොල්පින්, තල්මසුන්, මුහුදු ඌරන් වැනි ක්ෂීරපායී විශේෂ ද ජීවත් වෙනවා.

ආශ්රිත මූලාශ්‍රයයන් :

රාවණ විජය මිථ්‍යාවන් ද.? මහාචාර්ය විජය දිසානායක

වනජීවි සඟරාව- 2012 දෙසැ.

www.researchgate.net

earth.esa.int

කවරය - ආදම්ගේ පාලමේ වැලිපර - pinrest.com

( 2021 / 03 / 03 )

𝑹𝒐𝒂𝒓 𝒎𝒆𝒅𝒊𝒂 / 𝒔𝒊𝒏𝒉𝒂𝒍𝒂

𝑲𝒖𝒔𝒖𝒎𝒔𝒊𝒓𝒊 𝑾𝒊𝒋𝒂𝒚𝒂𝒘𝒂𝒓𝒅𝒆𝒏𝒂

තොරතුරු

අන්තර්ජාලයෙනි

[QUOTE="reuse, post: 29509413, member: 200727"] රාමායනයේ ආදම්ගේ පාලම යට වැළලුණු අබිරහස ☮▁▂▃▄☾ ♛ ☽▄▃▂▁☮ [url=https://postimages.org/][img]https://i.postimg.cc/J4CH1pWb/IMG-8521.jpg[/img][/url] ආදම්ගේ පාලම කුමක් ද.? ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ආදම්ගේ පාලම, ඉන්දියාවේ තමිල්නාඩුවේ ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන් පිහිටි පාම්බන් දූපතේ සිට ශ්‍රී ලංකාවේ මන්නාරම දක්වා විහිදී තිබෙන, නොගැඹුරු වැලිපර දූපත් සහිත මුහුදු තීරයක්. එය හුණුගල් මිශ්‍රිත පාෂාණ දාමයකින් සැකසී තිබෙනවා. එහි දිග කි. මී. 48ක් පමණ. එය නිරිතදිගින් මන්නාරම් බොක්කෙන් සහ ඊසානදිගින් පෝක් සමුද්‍ර සන්ධියෙන් වෙන් වෙනවා. ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අයත් සමුද්‍ර තීර මායිම ද මෙය මැදින් වැටී තිබෙනවා. ආදම්ගේ පාලම ප්‍රධාන වැලිපර දූපත් දහසයකින් සමන්විත වන අතර ශ්‍රී ලංකාවට ඉන් දූපත් අටක් අයිති යි. ඉතිරි දූපත් සංඛ්‍යාව ඉන්දියාව සතු වෙනවා. [url=https://postimages.org/][img]https://i.postimg.cc/K8ZKT4jj/IMG-8522.jpg[/img][/url] ඉතිහාස කතා ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; වාල්මිකී ලියූ රාමායන වීර කාව්‍යයට අනුව, රාමට ලංකාපුරයට යාමට ඔහුගේ වානර හමුදාව තමයි ආදම්ගේ පාලම තනා තිබෙන්නේ. වසර ගණනාවක් තිස්සේ මෙම දූපත් පෙළ පාලමක් ද නැද්ද යන්න ගැන නිශ්චිත අදහසක් පැවතුණේ නැහැ. මහ සයුරේ ඝෝෂාව ඔවුන්ගේ නොනැමෙන මහ හඬින් යටපත් කරමින් නාල විසින් නිමැවූ පාලම උඩින් යුහුසුලුව ආහ ඔවුහු ලක් තෙරට ආදී වශයෙන් රාමායනයේ පාලම ඉදිකිරීම ගැන සඳහන් වෙනවා. නල නමැති වානර අධිපතියකුගේ අධීක්ෂණය යටතේ වානර හමුදාව විසින් දින පහක කාලයක් තුළ පාලම තනා නිම කළ බව රාමායනයේ සඳහන්. ගස්, ගල්, සහ පර්වත මුහුදේ යෙදීමෙන් ඔවුන් එය ඉදිකර තිබෙනවා. මේ පාලම පිළිබඳ පුරාවෘත්තය අවුරුදු දහසකට පෙර පටන් පැවති බව අරාබි දේශ ගවේශක අල්බෙරුනිගේ සටහන්වලින් පේනවා. කෙසේ වුවත් මෙහි එක පෙළට පිහිටි වැලිපර දූපත් ස්වභාවික ඒවා මිස මිනිස් අතකින් තැනූ ඒවා නොවන බව බහුතරයක් විද්වතුන් පිළිගත් මතයක්. [url=https://postimages.org/][img]https://i.postimg.cc/hP8zhVSN/IMG-8523.jpg[/img][/url] ආදම්ගේ පාලම ඇත්තමට පාලමක්ද..? ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; අද්භූත විශ්වාසයන්ට හේතුවූ ආදම්ගේ පාලමේ ගැටලුව විසඳීමට විවිධ පර්යේෂණ කෙරී තිබෙනවා. නමුත් ඒ ගැන නිශ්චිත අදහසක් පැවතුණේ නැහැ. පසුගිය දා චන්ද්‍රිකා ඡායාරූප මඟින් ගන්නා ලද ඡායාරූප පෙළකින් පසුව පර්යේෂණයක නිරත වූ ඇමරිකානු භූ විද්‍යාඥයින් පිරිසක්, මෙම පාලම ස්වභාවික පිහිටීමක් නොව මිනිසා විසින් ඉදිකරන ලද්දක් ය යන නිගමනයට එළඹ තිබෙනවා. 2017 දී ඇමෙරිකාවේ ‘සයන්ස් චැනල්’ නාලිකාවේ ‘වට් ඔන් අර්ත්’ නමැති විශේෂ වැඩසටහනක් ඒ පිළිබඳව ප්‍රචාර වීමත් සමග ඉන්දියාව නැවත ඇවිස්සී ගියා. වර්ෂ 2006 සහ 2018 දී අමෙරිකානු චන්ද්‍රිකා වන ලෑන්ඩ්සැට් 5 සහ 8 යන චන්ද්‍රිකාවලින් ගත් ඡායාරූප විශ්ලේෂණයෙන් මෙම මතයට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුහුදේ නොගැඹුරු ජලයේ දම්වැලක් මෙන් දිස්වන පාෂාණ පන්තියක් එම ඡායාරූපවලින් ඉතා පැහැදිලිව දැකගත හැකියි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සැතපුම් 30ක් දිගින් පිහිටි වැලිතලාවේ විශාල ගල් දැමීමට ක්‍රියාකර ඇති බව සනාථ වන බව ද එම ගල් වසර 7000ක් පැරණි බව ද එම විද්‍යාඥයන් පිරිස පවසනවා. සමුද්‍ර විද්‍යාඥයන් මෙය වැලිපරයක් ලෙස හැඳින්වුවත් එය සාමාන්‍ය වැලිපරයක් නොවන බව ඔවුන්ගේ මතය යි. වැලිපරය මත වෙනත් ප්‍රදේශයක සිට ගෙන එන ලද විශාල පාෂාණ අතුරා පාලමක් ඉදිකර ඇතැ යි යන්න ඔවුන්ගේ මතය වී තිබෙනවා. නමුත් මෙවැනි විශාල පර්වත වර්ෂ දහස්ගණනකට පෙර එම ස්ථානයට රැගෙන ආවේ කෙසේ ද යන්න විද්‍යාඥයන්ට පවා ගැටලුවක්. ඇමෙරිකානු පුරාවිද්‍යාඥවරියක වන චෙල්සියා රෝස්ට අනුව මෙම වැලිපරය මතුපිට ඇති පාෂාණ වැලිපරයට වඩා පැරැණි කාලයකට අයත්. පාෂාණ සම්බන්ධයෙන් සිදු කළ කාලනිර්ණවල දී ඒවා වසර 7000ක් පමණ පැරණි වන බවට හා වැලිපරය වසර 4000ක් පමණ පැරණි වන බවට අනාවරණ වී තිබෙනවා. වැලිපරය පසුකාලයේ ස්වාභාවික ලෙස නිර්මාණය වන්නට ඇතැයි ද, පාලම වෙනත් ප්‍රදේශයක සිට රැගෙන ආ පාෂාණ යොදා ගනිමින් මිනිසා විසින් ඉදිකරන ලද්දක් බව ද ඔවුන්ගේ මතය යි. ඇත්ත නැත්ත සොයා ඉන්දියානු පර්යේෂණ ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ආදම්ගේ පාලම හෙවත් රාමාගේ පාලම ආශ්රිත මුහුද යට විද්‍යාත්මක ගවේශන ආරම්භ කිරීමට ඉන්දීය රජය අවසර ලබා දී ඇතැ යි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය පසුගිය ජනවාරියේ වාර්තා කළා. විද්‍යාත්මක පර්යේෂණ මත පදනම්ව සාක්ෂ්‍ය ලබාගනිමින් ආදම්ගේ පාලමේ සැබෑ තොරතුරු ලෝකයට අනාවරණය කිරීම මෙම ගවේශනයේ අරමුණ බව ඉන්දීය සංචාරක සහ සංස්කෘතික ඇමැති ප්‍රහලාද් සිං පටෙල් ප්‍රකාශ කර තිබුණා. ඉන්දීය එක්ස්ප්‍රස් වාර්තාවට අනුව ඉන්දියාවේ විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය සහ ගෝවාහි ජාතික සාගර විද්‍යා ආයතනය මෙම අධ්‍යයනය සිදුකරනු ලබනවා. ආදම්ගේ පාලම ආශ්‍රිතව රාමායනයට අදාළ පුරාවිද්‍යාත්මක ස්ථාන සාගරයේ ගිලී පවතීදැ යි මෙම ගවේශනයේ දී අවධානය යොමුකිරීමට නියමිත යි. එසේම පාලමේ නිශ්චිත වයස සාගර පතුලේ ඇති ෆොසිල අධ්‍යයනයෙන් සොයා ගැනීමට ද ගවේශකයෝ සූදානම්ව සිටිනවා. මෑතක දී, ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ (ASI) යටතේ ක්‍රියාත්මක වන පුරාවිද්‍යාව පිළිබඳ මධ්‍යම උපදේශක මණ්ඩලය විසින්, මෙහි අවසාදිත අධ්‍යයනය කිරීම සඳහා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය සහ ගෝවා පදනම් කරගත් ජාතික සාගර විද්‍යා ආයතනය (NIO) විසින් ඉදිරිපත් කෙරුණු ව්‍යාපෘති යෝජනාව අනුමත කෙරුණා. ඒ අනුව ආදම්ගේ පාලම පිළිබඳ පළමු විද්‍යාත්මක අධ්‍යනය ඉදිරි වසර තුන තුළ දී අවසන් කිරීම එම ව්‍යාපෘතිය මඟින් සිදුවනු ඇති. ව්‍යාපෘතිය මෙම මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිත බව යි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ, අලගප්පා විශ්වවිද්‍යාලයයේ හිටපු උපකුලපතිවරයෙකු ප්‍රකාශ කරන්නේ ආදම්ගේ පාලම මිනිසා විසින් තැනූ යමක් නොවන බවට සාධක බොහෝ තිබෙන බව යි. රටවල් දෙකකට අයිති එකම ජාතික උද්‍යානය ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; මෙම දූපත්වල පාරිසරික වැදගත්කම නිසා 2015 වසරේ ජුනි මස 22 දින සිට එය “ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය” වශයෙන් නම් කර ආරක්ෂා කරනු ලබනවා. ශ්‍රී ලංකාව සතු දූපත් සමූහය හා ඒ ආශ්රිත නොගැඹුරු මුහුදු තෘණ සහිත භූමි කලාපය හෙක්ටයාර 18,990ක් පමණ විශාල යි. ආදම්ගේ පාලම ජාතික උද්‍යානය පිහිටලා ඇත්තේ ඉන්දු – ලංකා දේශ සීමාවන් අතරේ යි. ඒ කියන්නේ වැලි පර දූපත්වලින් කොටසක් අපේ රටටත්, කොටසක් ඉන්දියාවටත් අයිතියි. දෙරටේම මුහුදු සීමාවන් දිව යන්නේ අපේ රටේ අට වැනි දූපත හරහා යි. ඒ කියන්නේ අට වෙනි දූපතෙන් බාගයක් අපිටත්, බාගයක් ඉන්දියාවටත් අයිතියි. අපේ වැලිපර දූපත් ආදම්ගේ පාලම ජාතික උද්‍යානය ලෙසටත්, ඉන්දියාවේ වැලිපර දූපත් ‘ගල්ෆ් ඔෆ් මැනාර්’ ජාතික උද්‍යානය හැටියටත් තමයි හඳුන්වන්නේ. ජෛව විද්‍යාත්මකව මේ දූපත් සමූහයම Trance Boundery National Park, නැත්නම් “දේශාන්තරික ජාතික උද්‍යානයක්” ලෙස නම් කරන්න රටවල් දෙකම එකඟ වෙලා කටයුතු කිරීම නම් සතුටට කරුණක්. ශ්‍රී ලංකාවේ ආදම්ගේ පාලම ජාතික උද්‍යානයේ සංරක්ෂණ කටයුතු ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වගේම ඉන්දියාවේ ගල්ෆ් ඔෆ් මැනාර් ජාතික උද්‍යානයේ සංරක්ෂණ කටයුතු ඉන්දීය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහාත් සිදු වෙනවා. මේ දූපත් අතරින් වැඩි දූපත් ප්‍රමාණයක් මුහුදු ලිහිණි විශේෂයන්ගේ අභිජනන බිම්. පර්යටනික පක්ෂීන් ද දූපත්වලට ඇදී එනවා. වසරේ මැද භාගයේ දී විතර දහස් ගණනින් මුහුදු ලිහිණීන් මේ දූපත්වල වැලි මත්තේ කැදිලි තැනීමට පටන්ගන්නවා. අපේ රටේ දේශ සීමාවට අයිති ආදම්ගේ පාලම ජාතික උද්‍යානයට අයත් දූපත් 08න් තෙවන දූපත මුළුමනින්ම පාහේ මුහුදු ලිහිණියන්ගේ ආධිපත්‍යයට නතු වනවා. Caspian tern, Great crested tern, Lesser crested tern, Saunders tern, Sooty terns සහ Whiskered tern ඒ අතරින් ප්‍රමුඛතම මුහුදු ලිහිණි විශේෂ කිහිපයක්. Heuglin’s gull, Bar-tailed godwit, Dunlin වැනි පක්ෂී විශේෂ සහ බෙල්ලන් ආහාරයට ගන්නා අතිශය දුර්ලභ Eurasian oystercatcher නම් පක්ෂී විශේෂය ද මෙම සමුද්‍රීය උද්‍යානය තුළ වාර්තා වෙනවා. කරදියවාසී කැස්බෑවුන් විශේෂ දෙකක් මේ අවට ජීවත්වන අතර සාමාන්‍ය ගෙවතු කටුස්සා සඳහා වාසස්ථානයක් ලෙස ද මෙම පාරිසරික කලාපය ක්‍රියා කරනවා. ස්වභාවික කැස්බෑ අභිජනන බිමක් වශයෙන් ද ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය වැදගත් වෙනවා. එමෙන්ම මෙම නොගැඹුරු මුහුදේ ඩොල්පින්, තල්මසුන්, මුහුදු ඌරන් වැනි ක්ෂීරපායී විශේෂ ද ජීවත් වෙනවා. __________________________________________ ආශ්රිත මූලාශ්‍රයයන් : රාවණ විජය මිථ්‍යාවන් ද.? මහාචාර්ය විජය දිසානායක වනජීවි සඟරාව- 2012 දෙසැ. [URL="http://www.researchgate.net"]www.researchgate.net[/URL] earth.esa.int කවරය - ආදම්ගේ පාලමේ වැලිපර - pinrest.com __________________________________________ ( 2021 / 03 / 03 ) 𝑹𝒐𝒂𝒓 𝒎𝒆𝒅𝒊𝒂 / 𝒔𝒊𝒏𝒉𝒂𝒍𝒂 𝑲𝒖𝒔𝒖𝒎𝒔𝒊𝒓𝒊 𝑾𝒊𝒋𝒂𝒚𝒂𝒘𝒂𝒓𝒅𝒆𝒏𝒂 ✍️ තොරතුරු අන්තර්ජාලයෙනි ❤️🙏 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom