රාමායනය ලංකා ඉතිහාසය නොවන්නේ ඇයි?

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    රාමායනය ලංකා ඉතිහාසය නොවන්නේ ඇයි?



    man.jpg
    මහාවංසයේ සඳහන් විජය පුවත මේ රටේ ඉතිහාසය ලෙස පිළිගෙන තිබිය දී ඒ හා සමානව ජන විඥනයේ පවතින රාවණ පුවත ඉතිහාසය ලෙස සලකා නොමැත්තේ කුමක්‌ නිසාදැයි දිවයින පාඨක භවතකු විසින් කර තිබූ විමසීමට අපගේ අදහස්‌ දක්‌වමින් 2012 මැයි 16 දින ලියන ලද ලිපියෙන් අප විසින් සාක්‍ෂි සහිතව පෙන්වා දෙන ලද්දේ රාවණ සම්බන්ධයෙන් අප රටේ ඇති ජන විඥනය දකුණු ඉන්දියානු හින්දු බලපෑම් උග්‍ර වූ ගම්පොල රාජධානි සමයේ සිට මාධ්‍ය ප්‍රචාරය තුළින් ජනශ්‍රැතියට එක්‌වූවක්‌ මිස විජය පුරාවෘත්තය මෙන් සිංහල ජාතිය ආරම්භයේ සිට පැවත ආ පාරම්පරික ජන විඥනය නොවන බැවින් ජාතියේ ඉතිහාසය ලෙස සලකා නොමැති බවය.

    මෙම ප්‍රකාශයෙන් අතිශය කම්පාවට පත්වූ බව කියන විමල් රණතුංග මහතා රාවණ සංකල්පයක්‌ නොව වළදැමූ ඉතිහාසයකි යන මැයෙන් 2012.09.05 දින බදාදා අතිරේකයට ලිපියක්‌ ලියමින් කියා සිටියේ අප සඳහන් කළ "ප්‍රචාරය" යනු නූතන මාධ්‍ය ප්‍රචාරය නම් ක්‍රි.ව. 5 වැනි සියවසේ දී මහානාම හිමියන් විසින් "විජය" පිළිබඳව කරනු ලැබ ඇත්තේද එයම බවය. මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ රාවණ පුවත බැහැරින් ආ සන්නිවේදනය තුළින් සමාජගත වූවක්‌ බව ඔහු ප්‍රතික්‍ෂේප නොකරන බවය. එසේම විජය පුරාවෘත්තය පාරම්පරික ජනවිඥනයේ පැවත ආ බව පිළිගැනීමට ද අකැමැති බවය.

    කාරණා කීපයක්‌ නිසා, මහාවංසය යනු හුදු මාධ්‍ය ප්‍රචාරයක්‌ය යන ඔහුගේ අදහසට එකඟවීමට අපට නොපිළිවන. ඒවායින් පළමු වැන්න නම්, විජය පුරාවෘත්තිය මුල්වරට ලියෑවී ඇත්තේ ක්‍රි.ව. 5 වැනි සියවසේදී නොවීමය. ඊට වසර සියයකට පමණ පෙර ලියෑවුණු දීපවංසයේ ද එය සඳහන් වෙයි. එසේම මහාවංසය ලියා ඇත්තේ පුරාණාචාර්ය වරුන් විසින් ලියා තිබූ පූර්ව වංස කතා අනුගමනය කරමින් බව මහානාම හිමියන් විසින් පවසා ඇත.

    දෙවැනි කරුණ නම් මහාවංසය යනු රාමායනය මෙන් බැහැරින් ගෙන අවුත් මේ රටේ ප්‍රචාරය කරන ලද්දක්‌ නොවීමය. එය ලක්‌ පොළොව මතම බිහිවී පැවත ආ ජනප්‍රවාදයකි.

    තුන්වැනි කාරණය ලෙස පෙන්වා දිය හැක්‌කේ මහාවංසය ලියන විට මේ රටේ සිංහල ජාතිය ආරම්භවී වසර දහසක්‌ පමණ ගතවී තිබුණු බැවින් ඔවුන් පිළිබඳ මේ රටේ මහා මාධ්‍ය ප්‍රචාරයක්‌ කිරීමේ අවශ්‍යතාවක්‌ නොතිබුණු බවය. විජය ගොඩ බට තම්මැන්නාවට ද ඔහුගේ ඇමැතිවරුන් විසින් ඉදිකරන ලද අනුරාධගාම, විජිත ගාම ආදී ජනාවාස ද ඔහුගේ අනුප්‍රාප්තික රාජාවලිය ද යථාර්ථයක්‌ ලෙස පෙනෙන්නට තිබිණ. ඒ නිසා මහාවංසය යනු ඉතිහාසය මිස මාධ්‍ය ප්‍රචාරයක්‌ ලෙස සැලකීමට නුපුළුවන. එබැවින් "මහාවංස මාධ්‍ය ප්‍රචාරය පිළිලයක්‌ පරිද්දෙන් ලාංකේය ජන සමාජයේ ජන විඥනය තුළට කිඳා බැස්‌සේය" යන ප්‍රකාශය ද වලංගු නොවේ. මක්‌නිසාද යත්, මහාවංස ඉතිහාසය ලක්‌ ජනතාවට ආගන්තුක වී මතවාදයක්‌ නොවූ නිසාය. පිළිලය යනු ගසක ආගන්තුකව වැඩෙන්නකි.

    රාවණ ඉතිහාසය ඔප්පු කිරීම සඳහා රණතුංගයන් විසින් අනුගමනය කර ඇති එය ක්‍රමෝපායක්‌ වී ඇත්තේ විජය ආක්‍රමණිකයකු ලෙස මෙහි පැමිණ මෙහි විසූ ශිෂ්ටාචාරවත් ජනතාවක්‌ මර්දනය කොට බලය ලබා ගන්නා ලද බව පැවසීමය. විජයගේ ආක්‍රමණයට පෙර සිට මෙරට විසූ ජන කණ්‌ඩායම් වලට අයත් වූවෝ අදත් මේ සමාජය තුළම වෙසෙන බවත්, ඔවුන් මේ සමාජයෙන් අකාමකා දමන්නට මහාවංසය හා එයට අනුගත පිරිස නිරන්තරයෙන් කැසකැවූ බවත්, අද ද එසේ කැස කවන බවත් පවසා ඇත්තේ ඒ අනුවය.

    "විජයගේ ආක්‍රමණය" යනු මෑතක සිට සිංහල විරෝධී බලවේග විසින් නිර්මාණය කර ඇති ඉතිහාස විකෘතියකි. විජය හා පිරිස රටක්‌ ආක්‍රමණය කිරීමේ අදහසින් මෙහි පැමිණි බවක්‌ කිසිදු මූලාශ්‍රයක සඳහන් නොවේ. එවැනි ආක්‍රමණයක්‌ සිදුවූවා නම්, එය ඒ ආකාරයෙන් ලිවීමට වංසකතාකරුවනට කිසිදු බාධාවක්‌ නොතිබිණ. නොමනා හැසිරීම් නිසා පියා විසින් හිස අඩක්‌ මුඩුකොට පලවා හැරීම නිසා විජය අහම්බෙන් මෙරටට පැමිණි බව කීමට වඩා එය සටන්කාමියකුගේ දික්‌ විජය ලෙස හඳුන්වා දිය හැකිව තිබූණේ නම් වංසකතාකරුවන් විසින් එය වඩාත් රසවත් ලෙස ලියා තබනු නිසැකය.

    විජය විසින් මෙහි විසූ ස්‌වදේශිකයන් ඝාතනය කර රාජ්‍ය බලය ලබා ගන්නා ලදැයි යන අදහස බිහිවී ඇත්තේ කුවේණි වෘත්තාන්තයේ සඳහන් පක්‍ෂ ඝාතනය පිළිබඳ ප්‍රවාදය ඔස්‌සේය. මහාවංසයට පෙර ලියෑවුණු දීපවංසයේ කුවේණි වෘත්තාන්තය ඇතුළත් නැත. එය අද්භූත, මායාකාරී සිදුවීම් වලින් ගහනය. එබැවින් එය කතා රසය සඳහා බිහිවූ කල්පිත ජනප්‍රවාදයක්‌ විය හැකිය. සිංහල පිරිස මෙහි එන විට මෙරටේ ප්‍රබල ස්‌වදේශික ජාතික ජවයක්‌ තිබුණේ නම් එම නිරායුධ සරණාගත පිරිසට මේ රටේ රාජ්‍ය බලය ලබා ගැනීමට හැකි නොවන බව නිසැකය.

    ලංකාව ජනවාස වීම පිළිබඳව ථෙරවාදීන් අතර එක්‌ කතා පුවතක්‌ ද මහායානිකයන් අතර තවත් කතා පුවතක්‌ ද මෙයි. ථෙරවාදී මතය දීපවංසයෙහි හා මහාවංසයෙහි ද මහායාන මතය "දිව්‍යාවදානය" නමැති ග්‍රන්ථයේ ද සඳහන්ව ඇත. මහාවංසය අනුව ලංකාව ජනාවාස කළේ සිංහබාහු රජුගේ පුත් විජය කුමාරයා විසිනි. ඔහු ආරම්භ කළ ජාතිය සිංහල විය. දිව්‍යා වදානය අනුව රටේ ජනාවාස බිහි කළේ දඹදිවින් ආ "සිංහල" නම් වෙළෙඳ පුත්‍රයකු විසිනි. ජාතියේ "සිංහල" නාමය පිළිබඳව ථෙරවාද, මහායාන පාර්ශ්ව දෙකම එකඟය. වෙනසකට ඇත්තේ සිංහල වෙළෙඳ පුත්‍රයාගේ පිරිස මේ රටේ දී මිනීමස්‌ කන රාක්‍ෂස ස්‌ත්‍රීන් ගේ වසඟයට පත්වීමත්, විජය කුමාරයාගේ පිරිස යක්‍ෂණියකගේ වසඟයට පත්වීමත්ය. එසේම දිව්‍යා වදානය අනුව 'සිංහල' වෙළෙන්දා විසින් රාක්‍ෂය ස්‌ත්‍රීන් ඝාතනය කරන ලදී. මහාවංසය අනුව කුවේණී යක්‍ෂණිය විජය විසින් මාලිගයෙන් පලවා හැරිනු ලැබිණි.

    මහායාන බෞද්ධ ජාතක කතාවක්‌ වන වලාහස්‌ස ජාතකය අනුව ද ලංකාව ජනවාසවීම පිළිබඳව පැවසෙන්නේ දිව්‍යා වදානයට සමාන කතා පුවතකි. එහිදී සිංහල වෙළෙන්දා ඇතුළු පිරිස රාක්‍ෂ ස්‌ත්‍රීන්ගෙන් මුදාගෙන දඹදිවට රැගෙන යන්නේ පියාඹන අශ්වයකුගේ වෙසන් පැමිණ බෝධිසත්වයකු විසිනි.

    "යම් යම් අය මෙරට දේශපාලන බල අධිකාරියට පත්වූයේ ලංකාවේ මුල් පදිංචිකරුවන් වූ යක්‍ෂ, රාක්‍ෂ හා දේව ආදී ජන කණ්‌ඩායම් පීඩනයට පත් කිරීමෙන්" යෑයි රණතුංග මහතා සිය ලිපියේ සඳහන් කර ඇත්තේ මෙම කතාවල සඳහන් යක්‍ෂ හා රාක්‍ෂස නාමයන්ගෙන් හැඳින්වෙන්නේ මනුෂ්‍ය ගෝත්‍රයන් ය යන පිළිගැනීම අනුව බව පෙනේ.

    ඇතැම් අප්‍රිකානු ගෝත්‍ර අතර මිනීමස්‌ කෑමේ චාරිත්‍රය පැවැති බව පිළිගත් සත්‍යයකි. ඔවුහු ශිෂ්ටාචාරයේ අතරමග පසුබට වූ ජන ගෝත්‍ර වෙති. මිසර, පිතිසියානු ග්‍රීක හා මධ්‍යධරණි ප්‍රදේශවාසී නාවික වෙළෙඳුන් ලද අත්දැකීම් අනුව මෙම ගෝත්‍ර පිළිබඳ අදහස්‌ ශිෂ්ට ලෝකයේ පැතිර ගියේය. ඉරානය හරහා ඉන්දියාවටත් ලංකාවටත් සංක්‍රමණය වූ ආර්යයන්ගේ සාහිත්‍යයේ රාක්‍ෂස නමින් හැඳින්වෙන්නේ එම ජනවර්ගයන් විය හැකිය. අපගේ රට ආර්ය ජනාවාසයක්‌ වීම පිළිබඳ යටකී කතා පුවත්වල යක්‍ෂ හා රාක්‍ෂ නාමයන් සඳහන්ව නොතිබුණා නම් රණතුංග මහතා වැනි අයට පුරසාරම් දෙඩීම සඳහා විජයට පෙර විසූ ජනයා පිළිබඳ නාම මාත්‍ර වශයෙන් හෝ අදහසක්‌ පළකිරීමට පසුබිමක්‌ නොමැත.

    රණතුංග මහතාගේ ඉහත ප්‍රකාශයේ 'දේව' නමින් ද ජන කණ්‌ඩායමක්‌ ගැන සඳහන් වන නමුත් මහාවංසයේ සඳහන් "උපුල්වන්'' හා ''සමන්'' යන දෙවිවරුන් දෙදෙනා හැර 'දේව' නම්වූ මානව කොට්‌ඨාසයක්‌ ගැන ඒ එකද ග්‍රන්ථයක්‌වත් සඳහන් නොවේ.

    විජයගේ ආක්‍රමණයට පෙර සිට මෙරට විසූ ජන කණ්‌ඩායම් වලට අයත් වූවෝ අදත් මේ සමාජය තුළ වෙසෙන බව රණතුංග මහතා කියා ඇතත් ඒ කවුරුන් දැයි හඳුනා ගැනීමට හැකිවන විස්‌තරයක්‌ ඉදිරිපත් කර නැත. මහාවංසයට අනුගත වූවන් ඔවුන් අකාමකා දමන්නට උත්සාහ කළේ නම් අඩු තරමින් 1815 න් පසු ඉංග්‍රීසි පාලන සමයේ දී හෝ ඔවුන්ට තම අවේණික ගෝත්‍ර නාමයෙන් පෙනී සිටින්නට බාධාවක්‌ නොතිබිණ. එහෙත් ඉංග්‍රීසීන් ජනලේඛන ගන්නා විට සිංහල, දෙමළ මුස්‌ලිම්, බර්ගර්, මැලේ යන ජාතීන් හැරුණු විට වෙනත් ජන වාර්ගික නාමයකින් පෙනී සිට ඇත්තේ එකම පිරිසකි. ඒ වැදි ජනයාය. නමුත් යක්‍ෂයකු හෝ රාක්‍ෂයකු යෑයි කියාගත් එකද පුද්ගලයකු හෝ නොවීය. මේ නිසා සිංහලයන් අතර සිටින ඇතැම් කෙනෙකු තමන් යක්‍ෂ රාක්‍ෂයන්ගෙන් පැවත එන බව කියමින් සිංහල ජාතිය කෙලෙසන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම තදබල කුහකකමකි.

    කෙසේ වෙතත් වැදි ජනයාගේ ආදි වාසී උරුමය ගැන අප තුළ විවාදයක්‌ නැත. ඒ ඔවුන් කුවේණිගේ දරුවන් දෙදෙනාගෙන් පැවත එන බවට පවතින මහාවංස පුවත ගැන විශ්වාසය තැබීම අසීරු බැවිනි. විශේෂයෙන්ම කුවේණි චරිතය හා ඊට අදාළ වෘත්තාන්තය ප්‍රබන්ධයක්‌ ලෙස පිළිගැනීමට සිදුවන හෙයිනි. ඉන්දියාවට ආර්ය සංක්‍රමණ සිදුවන විට එහිද අපේ වැද්දන්ට සමාන වනවැසි ගෝත්‍ර ජන කොටස්‌ රාශියක්‌ සිටියේය. දැනටත් සිටිති. වසර හාර පන් දහසකට පෙර ඉන්දියාවත් ලංකාවත් එකම භූමියක්‌ව තිබුණු බව ප්‍රතික්‍ෂේප කළ නොහැකිය. ඉන්දියානු ගවරා අතීත ලංකාවේද වාසය කර ඇත. ඉන්දියානු අලි ඇතුන් හා ලංකා අලි ඇතුන් එකම පරපුරකට අයත් වූවෝ වෙති. ඒ අනුව දෙරටේම විසූ ආදිවාසී ගෝත්‍ර ජනයාට ඇත්තේ ද පොදු භෞමික උරුමයකි.

    ලංකාව ඉන්දියානු අර්ධද්වීපයෙන් වෙන්වී යැමෙන් පසු මුහුදින් ආ ආර්ය පිරිස්‌ සමඟ ඇසුරු කිරීමෙන් ද ඉන්පසු මෑත ඉතිහාසයේ දී දෙමළ ඇසුරින් ද වැද්දන්ගේ සංස්‌කෘතිය අද තත්ත්වයට හැඩ ගැසී තිබේ. ඒ හැර යක්‍ෂ, රාක්‍ෂ නමින් අනන්‍යතාවක්‌ පවත්වාගෙන යන ජන කොටස මේ රටේ වාසය කරන්නේ නම් ඒ කවුරුන් දැයි පැහැදිළි කිරීම රණතුංගයන්ගේ වගකීමකි.

    නමක්‌ සඳහන් නොකරන මෙම පිරිස මෙරට වසර විසිතිස්‌ දහසක්‌ මුළුල්ලේ පරිනාමය වූ සමාජයේ අති විශිෂ්ට ජන විඥනයකින් හෙබි අය වූ බවත් ඔවුන් පිළිබඳ ලි�ත මූලාශ්‍ර නැතුවාට ඔවුන්ගේ "ජානමය උරුමය" මෙන්ම ඒ අතීත ශිෂ්ටාචාරයේ පුරා විද්‍යාත්මක උරුමය අද ද ඉස්‌මතුවෙමින් තිබෙන බවත් රණතුංගයන් පවසා ඇත. මෙසේ පවසා ඇත්තේ ඓතිහාසික සාධක නොමැති කම නිසා ඔප්පුකර ගැනීමට නොහැකිව සිටින රාවණ ඉතිහාසයට නූතන පුරාවිද්‍යා කැණීම් ඇසුරින් සාක්‍ෂි සපයා ගැනීමේ අරමුණ ඇතිව බව පෙනේ. මෑතකදී රංචාමඩමෙන් හමුවූ නිවාසයක පාදම සහ පාහිංගල ලෙනෙන් හමුවූ මානව ඇට සැකිල්ල වීරවර්ධනයන් දකින මනෝරාජික භූතයන්ගේ ද රකුසන් සහ වනචාරීන් ද නැතහොත් විජය පරපුරේ ඥතීන්ගේ දැයි මහත් උජාරුවෙන් මෙන් අයෙක්‌ ප්‍රශ්න කර ඇත්තේ ඒ අනුවය.

    රණතුංගයන් විසින් කළ යුතුව තිබුණේ එම නිවස හෝ අස්‌ථි පඤ්ජරය කාගේ දැයි මගෙන් විමසීම නොව ඒ පිළිබඳව පුරාවිද්‍යාඥයන් දරන මතය කුමක්‌ දැයි විමසා බැලීමය. රණතුංගයන් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ මීට වසර තිස්‌ හතළිsස්‌ දහසකට පමණ පෙර වාසය කළ මානවයෙකුගේ යෑයි සලකන පාහිංගල ඇට සැකිල්ල ඒකාන්ත වශයෙන්ම විජයාගමනය සිදුවන අවස්‌ථාවේ මෙහි විසූ ජනයාගේ මුතුන් මිත්තකුගේ බවය. ඒ ආකාරයෙන් සිතන්නේ නම් එම ලෙන අවට ගම්වල අද ජීවත් වන ජනයා ද එම ඇටසැකිල්ල හිමි මානවයාගේ පරපුරට අයත් අය ලෙස සැලකීමට සිදුවනු ඇත.

    එහෙත් මානව පරිණාමය පිළිබඳව මෙතෙක්‌ සොයාගෙන ඇති දැනුම අනුව එවැනි පටු නිගමනයකට එළැඹීමට හැකියාවක්‌ නැති බව කිව යුතුය. අප රටේ හමුවී ඇති මානව අස්‌ථි කොටස්‌වලට වඩා පැරණි අස්‌ථි කොටස්‌ ලොව නොයෙකුත් ප්‍රදේශවලින් හමුවී ඇත. එහෙත් ඒවා හමුවුණු ප්‍රදේශවල අද ජීවත් වන මානවයින් එම අස්‌ථි ශේෂ හිමි ප්‍රාග් මානවයන්ගෙන් ම පැවත එන්නේ යයි නිශ්චිතව කිව නොහැක්‌කේ එම අතීත මානවයාගේ පරිණාමය වසර මිලියන ගණනක්‌ තිස්‌සේ එකම බිම් කඩක සිදුවී ඇති බවක්‌ අනාවරණය නොවන නිසාය. එම අතීත මානවයා ආහාර ප්‍රශ්න, කාලගුණ හා දේශගුණ ප්‍රශ්න ආදිය නිසා කලින් කලට නව වාසභූමි සොයා සංචාරය කර ඇත. වසංගත රෝග, කණ්‌ඩායම් අතර සටන් ආදිය නිසා මුළුමනින්ම වඳවී හෝ වෙනත් ගෝත්‍ර සමඟ මිශ්‍රවී තිබිය හැකිය.

    අප්‍රිකානු ප්‍රාග් මානවයා මධ්‍යධරණී ප්‍රදේශ හරහා බටහිර හා මධ්‍ය ආසියාව දෙසටත්, මොංගෝලියාවේ බිහිවූ මානවයා උත්තර ද්‍රව ප්‍රදේශ හරහා අමෙරිකාව දෙසටත්, දකුණු ආසියාවේ මානවයා නැගෙනහිර ආසියාව දෙසටත් ආදී වශයෙන් ලෝක ගෝලය පුරා වසර මිලියන ගණනක්‌ තිස්‌සේ චාරිකාවේ යෙදී ඇති බව මානව විද්‍යාවෙන් සොයාගෙන ඇත. එමෙන්ම එම දීර්ඝ කාලය තුළ ලෝකයේ මහාද්වීප ද දූපත් හා සාගර අද පවත්නා ආකාරයෙන්ම පැවැතී නැති හෙයින් ලංකාව ලෙස වෙන්කර දැක්‌විය හැකි දේශ සීමාවක්‌ තිබුණේද යනු ප්‍රශ්නයකි.

    මේ අනුව වංසකතා මේනියාවෙන් පිස්‌සු වැටුණු විට ලෝකයේ ඉන් එහා කිසිවක්‌ දැකීමේ විවෘත මනසක්‌ කිසිවෙකුටත් නැතැයි අපට ඇනුම් පදයක්‌ සේ රණතුංගයන් විසින් පවසා ඇතත් රාවණ මේනියාවෙන් තමන්ට සිදුවී ඇත්තේ ඊට වඩා බරපතල අර්බුදයක්‌ බව ඔහුට නොවැටහීම අවාසනාවකි.

    අප රටේ පුරාවිද්‍යා කැණීම් වලින් සෙයාගෙන ඇති ප්‍රාග් ඓතිහාසික මානවයා ගස්‌ ගොලුබෙල්ලන්, නයි, පොලොන්, ගැරඬි ආදී සර්පයන් ආහාරයට ගන්නා ලද පිරිසක්‌ බව පුරාවිද්‍යාවෙන් පැවසේ. චීන, කොරියන් ආදී නැගෙනහිර ආසියාතික ජාතීන් ද පොලොන්, ගැරඬි ආදී සර්පයන් මෙන්ම ගෙම්බන් පත්තෑයන් ආදීන් ද ප්‍රිය ජනක ආහාර ලෙස අදත් සලකනු ලැබේ. එහෙත් සිංහල අපට ඒවා අසනවිටත් ඇතිවන්නේ පිළිකුලකි. විජයාගමනය සිදුවන විට යටකී ගල්ලෙන්වල විසූ ප්‍රාග් ඓතිහාසික මානවයා ගෙන් පැවත ආ ජන කොටස්‌ මෙරට සිටියේ නම් ඔවුන් තුළ තම ආහාර පුරුදු පිළිබඳ පාරම්පරික සංස්‌කෘතික අනන්‍යතාව ද තිබිය යුතුය. නමුත් අප රටේ අඩුම තරමින් වැද්දන් විසින් වත් ගොලු බෙල්ලන් හා සර්පයන් ආහාරයට ගන්නා බවක්‌ දැන ගන්නට නැත.

    පුවත්පත්වල පළ වූ තොරතුරු අනුව රංචමඩමෙන් හමුවී යයි කියන ගෙපල ඕවලාකාර මැටි අත්තිවාරමක්‌ මත ලී දඬු සිටුවා ඒවායේ මුදුන් එකට එකතුකර බැඳ ඒ මත තෘණ ආවරණය කර යොදන ලද්දක්‌ බව පැවසිණ. මෙය අප්‍රිකාවේ හා ඉන්දියාවේ ඇතැම් ගෝත්‍රික ජනයා විසින් සාදනු ලබන ප්‍රාථමික නිවාස ක්‍රමයට අයත් වූවකි. මෙම ගෙපල විජයාගමනයට වසර දහසකට වඩා පැරණි බව ද පැවසිණි. මෙහි තිබී ඉන්දියාවේ ගුජරාටයෙන් හමුවන ආකාරයේ ඇස්‌වල අඳුන් ගල්වන තඹ කූරක්‌ හමුවූ බවද ප්‍රසිද්ධ විය. මෙහි කාල නිර්ණය අතිශයෝක්‌තියක්‌ නොවී නම් එය ආර්ය ගමනයෙන් පසු කාලයට අයත් එකක්‌ විය යුතුය. එසේම ගල්ලෙන්වල විසූ මානවයාත් මෙම නිවසෙහි විසූ මානවයාත් සංස්‌කෘතීන් දෙකකට අයත් බවද සිතිය හැකිය.

    මේ දක්‌වා ගල්ලෙන්වලින් හමුවී ඇති අස්‌ථි කොටස්‌ හිමි මානවයන් ප්‍රාථමික ගල් ආයුධ භාවිත කළ ඇඳුම් ගැන උනන්දුවක්‌ නොතිබූ දඩයමින් හා පල වැල ආහාරයට ගෙන ජීවත් වූ පිරිසක්‌ බව අනාවරණය වේ. සරුංගලයක්‌ අහසට යෑවීමට කඩදාසියක්‌ හෝ නූල් පටක්‌ නිපදවාගෙන නොතිබූ යුගයක අප රටේ ගුවන් යානා තැනූ බලසම්පන්න රජවරුන් සිටියේ නම් ඔවුන් වාසය කළේත් මෙම ගල්ලෙන් වල දැයි විමසීමට අපට මෙහිදී සිදුවේ.

    සිතින් මවාගත් ශ්‍රේෂ්ඨ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයකින් මෝහනයට පත්ව සිටින රණතුංග මහතා එම ඉතිහාසය නොලිවීම ගැන මහාවංසයට දොස්‌ පවරන අතර මහාවංසයේ සඳහන් පුහු මතවලින් පිරුණු නූතන සිංහල සමාජයට තව වසර දහස්‌ ගණනක්‌ ගතවුණත් ලෝකයේ ඉදිරි ගමන සමඟ බද්ධ වීමට පුළුවන් කමක්‌ නැතැයි ද, මහාවංසය ලිවීමෙන් පසු ගෙවී ගිය වසර එක්‌දහස්‌ පන්සියයක්‌ පමණ කාලය තුළ මෙරට සමාජය පසුගාමී වූයේ යයි ද පවසයි.

    සිංහල සමාජය පසුගාමී වී ඇතැයි පවසන්නේ යටත් විජිත පාලනයට හසුවූ අන් කවර රටක්‌ සමඟ සස¹ බැලීමෙන්ද? පොලොන්නරු යුගයේ දී රුදුරු කාලිංග මාඝ ආක්‍රමණයට ගොදුරු වීමට පෙරාතුව ඉතා සෞභාග්‍යමත් රටක්‌ ලෙස සමකාලීන රෝම, ග්‍රීක සහ පර්සි ආදී ලෝක බලවතුන් සමඟ කරට කර සිටීමේ හැකියාවක්‌ මේ රටට නොතිබිණි ද? ඊට මහා වංසයෙන් සිදුවූ බාධාව කුමක්‌ද? හිට්‌ලර්ට නොදෙවනි වූ කුරිරු ප්‍රභාකරන්ගේ බල මුළු පැරදවීමට හැකිවූ අපගේ රණවිරුවන්ට ප්‍රගතිශීලීව පෙරට යැමට මාර්ගෝපදේශ ලබාගත යුත්තේ මනඃකල්පිත රාවණාගෙන්ද?

    අපගේ ලිපියේ සඳහන් කළ "ලංකාවතාර සූත්‍රය" ලංකාමාතා සූත්‍රය යනුවෙන් පළවී තිබුණේ මුද්‍රණ දොaෂයක්‌ නිසා විය හැකිය. ලංකාවතාර සූත්‍රය ප්‍රථම ධර්ම සංඝායනාවේ දී සංග්‍රහ කරන ලද සූත්‍ර පිටකයට අයත් නොවන හෙයින් බුද්ධ දේශනය ලෙස නොසැලකේ. එය මහායානිකයන් විසින් ලියන ලද්දකි. අප කිසිවිටෙකත් ලි�ත මූලාශ්‍ර සියල්ල සත්‍යය ලෙස පිළිගන්නා ස්‌ථාවරයක සිට නැත. එසේ සිටියා නම් රාමායනයේ සඳහන් රාවණ පිළිබඳ අපගේ වවාදයක්‌ තිබිය හැකි නොවේ. ලංකාවතාර සූත්‍රයේ සඳහන් වන පෙර බුදුවරයකු විසින් රාවණට මන්ත්‍ර උගන්වන ලදැයි යන පුවත අභව්‍ය කරන ලද්දේ බුදුවරුන් මන්ත්‍ර කරුවන් නොවන නිසාත් කිසිදු බුදුවරයෙකුගේ චරිතයට අදාළ රාවණ කෙනෙකු ගැන ථෙරවාදයේ සඳහන් නොවන නිසාත්ය. අප විසින් නොකියන ලද දේ අපගේ අදහස්‌ ලෙස දැක්‌වීමෙන් සැබැවින්ම කුහක ව්‍රතය ප්‍රදර්ශනය කර ඇත්තේ රණතුංග විසිනි.

    ලංතාවතාර සූත්‍රය ලියන ලද භික්‍ෂුන් වහන්සේලා මහායන දෙමළ බෞද්ධයන් බව සඳහන් කිරීම උන්වහන්සේලාට ගර්හා කිරීමක්‌ වන්නේ කෙසේද? ලංකාවතාර සූත්‍රයේ සඳහන් රාවණාට මන්ත්‍ර ඉගැන්වීමේ පුවත අභව්‍ය ලෙස සැලකීම නිසා අප විසින් ථෙරවාදී භික්‍ෂුන් අභව්‍ය දේ නොලියන විශ්වාස කටයුතු පිරිසක්‌ බව අදහස්‌ කළැයි කියන්නේ කෙසේද? රණතුංග මහතාණෙනි, මා ලියා තිබූ වැකිය ආවේගයෙන් තොරව නැවත කියවා බලන්න. ශාස්‌ත්‍රීය විවාදයකට සහභාගි විය යුත්තේ නිරවුල් සාවධාන මනසකින් යුතුවය. ව්‍යංගාර්ථ, �වනිතාර්ථ හා වක්‍රෝක්‌ති ඉතිහාසයට අදාළ නොවේ.

    මිහිදු හිමිගේ සිට දිගින් දිගටම මෙරට ථෙරවාදය පවත්වාගෙන ආ භික්‍ෂුන් වහන්සේලා දකුණු ඉන්දියාවේ දෙමළ බෞද්ධයන් යයි රණතුංගයෝ කියති. මහින්ද හිමියන් දෙමළ වී නම් ධර්මාශෝක රජු ද දෙමළෙකු විය යුතු නොවේද? මිහිදු හිමියන්ගේ මෑණියන් උපන් වේදිසගිරි නුවර පිහිටියේ මධ්‍ය ප්‍රදේශයේය. දෙමළ බෞද්ධයකු වූ බුද්ධඝෝෂ හිමියන් ලංකාවේ තිබූ හෙළ අටුවා පොත් පාලි බසට පරිවර්තනය කිරීමෙන් මෙරට හෙළ ජන සමාජයේ බුදු දහමේ දාර්ශනික අගය වසන් කළ බවද ඔහු කියයි. පාලියට පෙරලීම නිසා බුදු දහමේ දාර්ශනික අගය වෙනස්‌ වී තිබේ නම් ඊට පෙර පැවැති බුදු දහමේ නියම දාර්ශනික අගය කුමක්‌ දැයි ඔහු දැන ගත්තේ කෙසේද? මිහිදු හිමියන්ගේ සිට මෙරට ථෙරවාදය පවත්වාගෙන ආ භික්‍ෂුන්ගේ හා බුද්ධඝෝෂ හිමියන්ගේ ජාති ගෝත්‍ර සිහිපත් කිරීමෙන් රාවණ ඉතිහාසයට ලැබෙන එළිය කුමක්‌ද?

    වංස කතාව වනාහි විජයගේ සිට පැවතෙන ආක්‍රමණකාරී හා හිංසාකාරී ජන ප්‍රවාදයක්‌ වීර කතාවක්‌ ලෙසින් ගොඩනැගීම හා ක්‍රි.පූ. 6 වැනි සියවසේ හා ඉන් මෙපිට මෙරටට සිදුවූ දකුණු ඉන්දියානු සංක්‍රමණික ජනයාගේ සිත් තුළ වීරත්වය වඩමින් ලංකාවේ ස්‌වදේශික ජනයාගේ අභිමානය කෙලෙසීම සඳහා ලියන ලද්දක්‌ බව ද රණතුංගයෝ කියති. අවාසනාවකට මෙන් රණතුංගයන්ගේ ඉතිහාස ගුරුවරුන් විසින් ඔහුට කියාදී ඇත්තේ විජය පැමිණියේ දකුණු ඉන්දියාවේ සිට බවය. ඉන්පසුව පැමිණි සියලු දෙනා පැමිණ ඇත්තේ දකුණු ඉන්දියාවේ සිට යයිද උගන්වා ඇත. අඩු තරමින් ඔහු මහාවංසය වත් කියවා ඇති බවක්‌ නොපෙනේ. එය කියවූවා නම් එහි දුටුගැමුණු චරිතය වැනි කතා පුවත් ඇතුළත්ව ඇත්තේ දකුණු ඉන්දියානු සංක්‍රමණික ජනයාගේ සිත් තුළ වීරත්වය වඩවන්නටය යන හරුපයක්‌ නොලියනු ඇත.

    "විජයත්, ඔහුට පසු මිහිදුත්, මිහිදු හිමිගේ කුප්‍රකට සංස්‌කෘතියත්, ඊට පසු වරින් වර දකුණු ඉන්දියානු ජනවර්ගවල සංස්‌කෘතියත් යන සියල්ල විසින් අකාමකා දමනු ලැබුවේ ක්‍රි.පූ. 6 වැනි සියවසට පෙර මේ රටේ තිබූ රාවණ හා ඔහුට පමණක්‌ නොව මේ රටේ යක්‍ෂ රාක්‍ෂස ගෝත්‍රික ජනයා විසින් දායාද කළ සංස්‌කෘතිය" යයි රණතුංගයෝ පවසති. පුදුමයට කාරණය නම් මකා දමන ලද එම සංස්‌කෘතියේ කිසිදු නෂ්ටාවශේෂයක්‌ ඉතිරි නොවීමය. රාවණ ඉතිහාසය ගැන ලියන බොහෝ ලේඛකයන් ඉදිරිපත් කරන්නේ මෙවැනි මුහුදේ ගිලාබැස ඇති රාජධානි, විනාශ කරන ලද සෙල්ලිපි, විනාශ කරන ලද පොත්පත් ආදී සාධකයන් වීම හාස්‍යයට කරුණකි.

    ඉන්දියානුවන් විසින් වාර්ෂිකව පවත්වන රාවණ පිළිරුව ගිනිතබා විනාශ කිරීමේ උත්සවය ගැන අප සඳහන් කළවිට, රණතුංග මහතා පවසන්නේ එය දකුණු ඉන්දියානු දෙමළ ජනයා තුළ පවතින රාවණ විරෝධී පිළිවෙත බවය. නැත. එය වැඩිපුරම සිදු කෙරෙන්නේ දෙමළ නොවන ජනයා පදිංචි පෙදෙස්‌වලය. රණතුංග මහතාට ඔප්පු කිරීමට වුවමනා වී ඇත්තේ රාවණ විරෝධය දෙමළ ජනයා අතර පවතින්නක්‌ බවය. "ලංකාවේ දෙමළ මූල සම්භවයක්‌ ඇති සියලු සිංහලයන් තුළ පවතින්නේ එය බවත්, ලංකාවේ දෙමළ ජනයා අදත් හනුමන්තා නම් වානරයාට වන්දනාමාන කරන්නේ රාවණ විරෝධී පිළිවෙත් අනුව බවත් ලංකාවේ රාවණ විරෝධී බොහෝ සිංහල ජනයා ගතවූ අවුරුදු 2500 ක්‌ තුළ වරින් වර මෙරටට සංක්‍රමණය වූ දකුණු ඉන්දියානු ද්‍රවිඩ මූලයක්‌ ඇති පිරිස්‌වලට බවත්, ඔහු පවසා ඇත්තේ ඒ අනුවය. මෙය මුළුමනින්ම වැරදි මතයකි. රාවණ මතවාදය ප්‍රචාරය කිරීමේ වුවමනාව ඇත්තේ හින්දු දෙමළ ජනයාටය. ඔවුන්ගේ දෙවිවරුන් වූ රාම, සීතා සහ හනුමන් ලංකාව තුළ ස්‌ථාපිත කිරීම සඳහා රාවණ අත්‍යවශ්‍ය සාධකයකි. අප රටේ රාමායනය ප්‍රචාරය කිරීම සඳහා පුරෝගාමීන් ලෙස ගම්පොල, කෝට්‌ටේ, මහනුවර යුගවලදී දෙමළ සංක්‍රමණිකයන් ක්‍රියාකර ඇත්තේ ඒ නිසාය. ඉන්පසුව ලන්දේසි ඉංග්‍රීසි යුගවල රා මැදීම, කුරුඳු තැලීම ආදී කටයුතු සඳහා ගෙන්වා මුහුදු බඩ තීරුවේ පදිංචි කරවනු ලැබූ දෙමළ ජනයා ඉක්‌මනින්ම සිංහල බෞද්ධ වුවත් ඔවුන්ගේ පාරම්පරික හින්දු දේව භක්‌තිය අත හැරියේ ද නැත.

    හින්දු දෙමළ ජනයා විසින් රාවණ හින්දුත්වය අනුගත අයෙකු ලෙස සලකනු ලබන බවට කදිම උදාහරණයක්‌ ඉදිරිපත් කළ හැකිය. "හලාවත භද්‍රකාලී දේවාලයේ පූජකවරයාගේ හෘද සාක්‍ෂිය" යන හිසින් 2012.09.09 දින දිවයින ඉරිදා සංග්‍රහයේ පළවූ ලිපියේ මාධ්‍යවේදීයා විසින් විමසන ලද ප්‍රශ්නයක්‌ හා ඊට ලැබුණු පිළිතුර මෙසේය.

    ප්‍රශ්නය( මේ කාලි දේවාලය පැවත එන්නේ කොයි තරම් කාලෙක ඉඳලා කියා කියන්න පුළුවන්ද?

    පිළිතුර( මේ කාලි දේවාලය රාවණ රජුගේ කාලෙ ඉඳන් තිබුණු දේවාලයක්‌.

    ප්‍රශ්නය( ස්‌වාමි කියන ඉතිහාසය සනාථ කරන්න පුරාවිද්‍යා සාධක තියෙනවාද?

    පිළිතුර( නෑ· නෑ· පුරාවිද්‍යා සාධක නෑ.... ඒක කට වහරෙන් පැවතගෙන ආව එකක්‌.

    මෙම ප්‍රකාශය කළ පූජක වරයාගේ නම "කාලි මුත්තුසිවපාද සුන්දරම්", ලෙස සඳහන් විය. දෙමළ ජනයාට අනුව අප රටේ ඉතිහාසය පටන් ගත්තේ රාවණා යුගයෙන් බවට මෙය සාක්‍ෂියකි. රාම, සීතා දේව යුගවලට සහ හනුමන්තාට ලංකාවට අත පෙවිය හැකි වන්නේ රාවණ රාජ සංකල්පය සමග මිස විජය රාජ සංකල්පය සමඟ නොවන බව මෙයින් අපට කියාදෙන පාඩමය.

    උපුටා ගැනීමකි