Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවණා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාවණා රජු යළි නැගිටී.. දීර්ඝ නිද්‍රාව අවසන්..

ලාංකීය ඉතිහාසය විජයගෙන් පටන් ගැනීම අපේ සිරිතයි. විජය ඇතුළු හත්සීයක් පිරිස ලක්දිවට පැමිණ ආර්ය ජනාවාස පිහිටුවා පාලනය ගෙන ගිය බව මහා වංශයේ සඳහන් වේ. විජය මෙහි එන විට කුවේණිය කපු කටිමින් සිටි බව එහි විස්තර වෙයි. මේ කතාව අනුව විජයට පෙර ලංකාවේ ඉතිහාසය කෝ. කුවේණිය කපු කටිමින් සිටියා නම් මෙරට තිබුණු දියුණු තාක්ෂණ ක්‍රමවේද කෝ. බරපතළ ප්‍රශ්ණාර්ථයක් තබා ලාංකීය ඉතිහාස කතාවේ හිඩැසක් හදා තිබේ. ආර්යන්ගේ පැමිණීම විජයට පවරා ඔහුගෙන් මෙරට ඉතිහාසය පටන් ගැනීමට මහාවංශ කතු හිමියන් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් මෙරට ඉතිහාසයේ ආරම්භය විජයට පවරන්නට තවමත් රටේ එක්තරා කොටසක් සූදානම් නැත. එහි සෑහෙන සාධාරණයක් තිබේ. මහාවංශ කතු හිමියන් විජයගෙන් ඉතිහාසය ආරම්භ කෙරුණේ උන්වහන්සේගේ පෞද්ගලික අභිමතයට අදාළ කාරණා මූලික වීමෙනි.

විජයට පෙර රාවණා රජු ලක්දිව පාලනය කළ බවත්, ඔහු දඬු මොනරය නම් යානයක ගමන් කළ බවත්, රාම – රාවණ යුද්ධයක් මෙහි තිබුණු බවත් මෙරට ඉතිහාස පුරා වෘත්ත වල සඳහන් වෙයි. කෙසේ වෙතත් විජයට පෙර ලංකාවේ දියුණු ජන සමාජයක් තිබූ බව ඉතා පැහැදිලිය.

විජයාගමනයට පෙර ලක්දිව ඉතිහාසය අධ්‍යයනයෙහි ලා පුරෝගාමී මෙහෙවරක් කළ කෙනෙකු හැටියට ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා හදුනා ගත හැකිය. ඔහු ලක්දිව ඉතිහාසය ”හාරා” ගෙන මතු කර තිබේ. රාවණ ඉතිහාසය මතු කර ගෙන තිබේ. කෙසේ හෝ මෙතැනින් පසුව ලියන කාරණා පිළිගන්නවාද නැද්ද යන්න ඔබට භාරය.

ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කියන හැටියට රාමගේ ඊ පහරින් සිහි මුර්ඡ වූ රාවණ දැන් නැගිට තිබේ. එනම් රාවණ රජු දැන් ප්‍රකෘති සිහියේ සිටී. රාවණට පියවි සිහිය ලැබී තවමත් වසර පහකට වැඩි නැත. මෙය රසවත් කතාන්දරයකි. රාවණාට න්‍යෂ්ඨික අවි තිබුණු බවටත් ආචාර්ය මිරැන්ඩෝ තර්ක ගොඩ නගයි. රත්රන්, මැණික් රටේ තැනින් තැන මතු වීමත්, ඉඳ හිට සුළි සුළං, නාය යෑම්, ගං වතුර රාවණගේ වුවමනාවට සිදු වන බවත් ඔහු පවසයි.

මෙයින් ඉදිරියට කතාව කියවන විට මෙය කෙනෙකුට කුතුහලය මවනු ඇත. තවත් කෙනෙකුට පුදුමය උපදවනු ඇත. සමහරු ”අපි දන්නේ මොනවාදැයි” හිතනු ඇත. තවත් කෙනෙක් ආචාර්ය මිරැන්ඩෝට පිස්සු යැයි ද කියනු ඇත. මේ සියලූ තරාතිරම් කතාව කියවන බැවින් පළමුව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ගැන කෙටියෙන් ලියමි.

ඔහු වනාහී රාවණ ඉතිහාසය ගැන පර්යේෂණ කළ අයෙකි. 1940 මැයි 31 වැනිදා රාස්සගල දී උපන් මිරැන්ඩෝ ගේ පියා රත්නපුර උඩපත්තුව නිල්ගල වලව්වේ වතු සමාගම් අධ්යක්ෂ සැමුවෙල් සයික්ස් ඔබේසේකරය. මව සිසී ගලගොඩ කුමාරිහාමිය.

ඔබේසේකරයන් කළුතර හෑගල්ල විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ද්විතීය අධ්‍යාපනය කොළඹ ආනන්ද විදුහලෙන් ලබා තිබේ. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති උපාධි ලබා ඇති මිරැන්ඩෝ කොලොම්බියා ෆැසිපික් විශ්ව විද්‍යාලයෙන් දර්ශන ශූරී උපාධිය ලබා ඇත්තේය. කලක් ගුරුවරයෙක් ලෙස ද, කථිකාචාර්යවරයෙක් ලෙස ද, පුවත්පත් කලාවේදියෙක්, පර්යේෂකයෙක් ලෙස ද කටයුතු කර ඇති ඔහු දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූවෙකි.

කැලිෆෝනියාවේ කොළොම්බියා පැසිපික් සරසවිය මගින් මහාචාර්ය සම්මානය ද මිරැන්ඩෝ ඔබේසේකරට පිරි නමා තිබේ. රාවණ වත, රාවණ ශිෂ්ඨාචාරය, පෘතුගීසි ආක්‍රමණයෙන් වූ සමාජ පෙරළිය, අලි ඇතුන්ගේ ඉතිහාසය, උඩරට උරුමය, ජන උරුමය, යක්ෂ ගෝත්‍රිකයෝ, දේව ගෝත්‍රිකයෝ, නාග ගෝත්‍රිකයෝ ආදී පොත් 54 කට වැඩි ප්‍රමාණයක් සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් ඔහු රචනා කර තිබේ. මේ සියල්ල ගම් නියම් ගම්වල ඇවිද ගොස්, කරුණු කාරණා සොයා ගෙන රචනා කළ ඒවා වීමද විශේෂත්වයකි. එබැවින් ඉතිහාසය පිළිබඳව සෑහෙන පර්යේෂණ කළ විද්වතකු කියන කතාවක සාරාංශයක් මම මෙහි ලා ලියමි.

හැබෑවටම රාවණ යනු කවුද?

මහා බ්‍රහ්මයාගේ පුත්‍රයකු ලෙස සැලකෙන පුලස්ති මුනි නමින් ඝෘෂිවරයෙකු සිටියේය. රාවණ රජුගේ සීයා මේ පුලස්ති ඝෘෂිවරයාය. පුලස්ති ඝෘෂිවරයාගේ පුත්‍රයා විශ‍්‍රාවස් මුනි වේ. ඔහුගේ පළමු විවාහය සිදු වූයේ ඉන්දියාවේ කාන්තාවක් සමඟය. මේ ඉන්දීය කුමාරියට ලැබුණු පුත්‍රයා කුවේර හැටියට හදුන්වනු ලැබේ. විශ‍්‍රාවස් මුනිගෙන් පසු ලංකාව පාලනය කළේ ඔහුගේ පුත්‍ර කුවේර රජුය. එදා විශ‍්‍රාවස් මුනිගේ රජ මාළිඟාව වූයේ වර්තමාන සීගිරියයි. අද සිගිරිය තියනවාට වඩා තට්ටු ගණනක් යට මාළිඟාවේ නටබුන් තවමත් තිබේ. කුවේර රාජ්‍ය පාලනය කළේද සීගිරිය තම රාජ්‍ය බල කේන්ද්‍රස්ථානය කොට ගනිමිනි. විශ‍්‍රාවස් මුනි සූර්ය ආගම සූර්ය වන්දනාව ඇදහූවෙකි. එනම් රාවණ රජුගේ පියා සූර්ය ආගම ඇදහූවෙකි.

ඔවුන් බුදු දහම ගැන නොදැන සිටියවුන් නොවේ. රාවණ ඉතිහාසයට අවුරුදු 7,500 කි. එකල ද බුදුවරු ලොව පහළ වී සිටියහ. රාවණ රජු සිටි අවධියේ ලොව පහළව සිටියේ කෝනාගම බුදුන් වහන්සේය. කාශ්‍යප, ගෞතම බුදුවරු පහළ වූයේ ඉන් පසුවය. රාවණ රජු බුදු දහම දර්ශණයක් ලෙස අනුගමනය කළ අතර ආගමක් හැටියට රාවණ රජු පිළිගත්තේ සූර්ය වන්දනාවයි.

කුවේර තම පියා වූ විශ‍්‍රාවස් මුනිගෙන් රජකම ලබා ගත්තේ පහර දීමක් කොට පරාජය කිරීමෙන් හෝ විශ‍්‍රාවස් මුනි වයසට ගොස් මරණයට පත් වීමෙන් පසුව නොවේ. කුවේරට රජකම දී විශ‍්‍රාවස් මුනි ලක්දිව නැගෙනහිර පළාතේ තපස් රැක්කේය.

කුවේර විශ‍්‍රාවස් මුනිගේ පළමු විවාහයේ දරුවාය. දෙවැනි විවාහයේ වැඩිමල් දරුවා රාවණය.

විශ‍්‍රාවස් රජුට පෙර ලක්දිව රජ කළ සුමාලින් රජු මෙකළ සිටියේ ගිරුවාපත්තුවේය. මේ සුමාලින් රජුට බලවත් ආධ්‍යාත්මික ශක්තියක් තිබිණි. එම රජු තම ආධ්‍යාත්මික බලය හරහා රටේ අනාගතය සිතින් විමසා බැලූවේය. සුමාලින් රජුට රූමත් දියණියක සිටී. ඇය කේශිණීය. කේෂිණීට දාව උපදින කුමරු රටේ රජකමට භාග්‍ය වන්තය. එසේ නම් රාජ්‍යත්වයට උරුමය ඇති කුමාරයකු බිහි කළ යුතුය. ඒ සඳහා ඇත්තේ එකම උපක්රමයකි. තපස් රකින විශ‍්‍රාවස් මුනි ළඟට දියණිය යවා මොවුන්ට දාව කුමාරයකු උපදවා ගැනීමයි. සුමාලින් රජු තම දියණිය කැඳවා.

දියණිය ඔබ ගොස් විශ‍්‍රාවස් මුනි හමුවන්න. ඔහුගේ සිල් බිඳ ඔහු සමඟ විවාහ ගිවිසෙන්න. එයින් ලැබෙන වැඩිමල් පුත්‍රයා මහා පින්වන්තය. ඔහු රටේ බලය ලබන්නේය.

පිය රජුගේ උපදෙස් පිට කේෂිණී කුමාරිය විශ‍්‍රාවස් මුනි ගේ තාපස ශීලය බිදීමට ඔහු සොයා ගියාය. පළමු දවස විශ‍්‍රාවස් මුනි සිටින තැනට ගොස් හැසිරුණාය. දෙවැනි දවස ද එසේම කළාය. විශ‍්‍රාවස් මුනි බලවත් ශීල ව්රතයක යෙදී සිටී. දින ගණනක් ගියත් කේෂිණීට විශ‍්‍රාවස් මුනිට කාමය උපදවන්නට නොහැකි විය.

සත්වැනි දින විශ‍්‍රාවස් මුනි ඉදිරිපිට නුග ගසෙහි නුග මුලක් අල්ලාගෙන ඇඳ සිටි ඇදුම උනා දැමුවාය. (මේ වස්ත්‍රය කැඞී වැටුණ බව ද ඇතැමෙකු පිළිගනිති) මේ සිදුවීමෙන් පසු කේෂිණීගේ අරමුණ විශ‍්‍රාවස් මුනිට පැහැදිලි විණ.

‘ඔබ කවුද……?’ විශ‍්‍රාවස් මුනි විමසීය. ‘මම කේෂිණී සුමාලින් රජතුමාගේ දියණිය. මට ඔබට සේවය කරන්නට වුවමනායි” ඇය කියාගෙන ගියාය. මෙහි දී මුලින්ම විශ‍්‍රාවස් මුනි කේෂිණී නහවා පිරිසිදු කළ බව කියැවේ.

කේෂිණී උණු දිය නාන්නට ප්‍රිය කළ නිසා, විශ‍්‍රාවස් මුනි තමන් සිටි තැන කඩුවෙන් බිම හාරා උල්පතක් මතු කළේය. එය කින්නියා උණු දිය උල්පතයි. මෙය කින්නියා නොව කන්‍යා බව ආචාර්ය මිරැුන්ඩෝ පවසයි. දෙමළ ජනතාව විසින් ”කන්‍යා” යන්න, කින්නියා ලෙස උච්ඡුාරණය කරන බව ඔහුගේ අදහසයි.

විශ‍්‍රාවස් මුනි කේෂිණීව නහවා පිරිසිදු කොට නව යුග දිවියක් ඇරඹුවේය. ඔවුන්ට දාව දරුවන් කීප දෙනෙක් ලැබිණි. එයින් වැඩිමලා ශ්‍රී රාවණයි. මේ රාවණ බිහි වීමේ කතාවයි.

රාවණට හිස් දහයක් තිබුණු බව කියැවේ. නමුත් රාවණට හිස් දහයක් තිබී නැත. ඔහුට තිබී ඇත්තේ එක හිසකි. ඔහු ශිල්ප ශාස්ත්‍ර දහයකට ඉතා දක්ෂයෙකි. නැටුම්, ගැයුම්, යුධ ශිල්පය, කාර්මික ශිල්පය ආදී ශිල්ප ඒ අතර ප්‍රධාන වෙයි. එකල ලක්දිව සබ්මැරීන්, නැව්, ගුවන් යානා පවා සාදා තිබේ. ගුවන් යානා අනූවකට වැඩි ප්‍රමාණයක් ලක් දිව තිබී ඇති අතර දඬු මොනරය යනු රාවණා රජු විසින් කුවේර රජුගෙන් පැහැර ගන්නා ලද රාජකීය යානයයි. රාවණ උස් මහත් වී කුවේරට පහර දී සිගිරියත්, කුවේර සතුව පැවති රජකමත් උදුරා ගත්තේය. රාවණ මුලින්ම කුවේර හමු වී මේ රට තමන්ගේ පරම්පරාවට අයිති බව පවසා ලබා ගන්නට උත්සාහ කළේය. එය නොලැබී ගියෙන් කුවේර හා සටන් කර රාවණ රජ කම ලබා ගත්තේය. ඒ සඳහා යක්ෂ ගෝත්‍රික හමුදාවක් රාවණට උදවු විණ.

මේ කාලය වන විට ලංකාවේ යක්ෂ, නාග, දේව, ගන්ධබ්බ වශයෙන් ගෝත්‍ර හතරක් විසූහ. ඒ අය මනුෂ්‍ය කොට්ඨාසයි. (උදා. හැටියට අද ගොවිගම, කරාව, රජක වශයෙන් සලකන කුල මෙන් එදා සමාජ සංස්ථාවේ පැවති වර්ගීකරණයකි).

ලක්දිව රජකමට පත් රාවණ තම බලය පැතිර වූ කේන්ද්‍රස්ථානය සීගිරියයි. රාවණට මාළිඟා කීපයක් තිබුණු බව කියැවේ. නුවර එළිය, පිදුරුතලාගල කන්ද, මාවනැල්ල, වැඩිහිටි කන්ද ඊට උදාහරණ වේ. ඔහුට භූගත රජ මාළිඟාවක්ද තිබී ඇත. රාවණ රජු විශ‍්‍රාවස් මුනිටත් වඩා ප්‍රබල පාලකයෙකු විය. එසේම උගතෙකු විය. රාවණ රජු තම වහල් සේවයට එරිත්‍රියාව, දකුණු අප්‍රිකාව, සුඩානය රටවලින් පිරිස ගෙන්වා දකුණු ඉන්දියාවේ පදිංචි කරවීය. රාවණගේ ඒ කුළී හමුදාව අද දකුණු ඉන්දීය දෙමළ ජනයා බව ආචාර්ය මිරැන්ඩෝ කියයි. මේ අනුව ඔහු ඉන්දියාව පවා සිය පාලනය යටතට ගත් බල සම්පන්න රජෙකි.

ආචාර්ය මිරැන්ඩෝ පවසන පරිදි රාවණ යළි නැගිට්ටා නම්, එය සිදු වූයේ කෙසේද?

රාම – රාවණ යුද්ධයේ දී රාම විසින් රාවණට විෂ පෙවූ ඊතලයකින් විදින ලද්දේය. එය රාම විද්දේ රාවණ රජුව මරා දැමීම සඳහාය. නමුත් එම ඊ පහරින් රාවණ මිය ගියේ නැත. රාවණ රජු සිහි මුර්ඡවට පත් විය. ලෝකයේ වැඩිම කාලයක් සිහි මුර්ඡුාවේ සිටි පුද්ගලයා රාවණය. රාවණ සිහි සුන්ව වැටී සිටියේ නුවර එළිය හරස් බැද්දේ උඩහ මහ කුඩු ගල කන්දේ පොළොව යට උමං මාළිඟාවකය. සිහි මුර්ඡුා වී සිටි රාවණ රජුට වාර්ෂිකව ඇතැම්හු ගොස් මල් මාලා සහ ලූණු පූජා තැබූහ. එසේ පුද පූජා කළ අයට රාවණ රජුගේ ආශිර්වාදයෙන් වටිනා මැණික් ගලක් හිමි වේ. එම මැණික ලැබී මාස තුනක් ඇවෑමෙන් වාසනාවන්තයා මරණයට පත් වේ. මෙය දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ දෙයකි. මේ රහස් අදාළ ප්‍රදේශවල පර්යේෂණ කිරීමෙන් හදුනා ගත හැකිය.

මැණික ලැබෙන වාසනාවන්තයා ඉබේ මරණයට පත් වීමක් නොව ඔහු කිසියම් බලවේගයකින් මරණයට පත් වෙයි. හේතුව මැණික ලැබීමට හේතු වූ රහස හෙළි වීම වළකනු පිණිසය. රාවණ රජු සිහි මුර්ඡුාවෙන් නැගිට්ටේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමා වීමට ආසන්න කාලයේය. ඒ දිනවල රටේ එක දිගට මැණික්, රත්රන්, වස්තුව මහ පොළවෙන් මතු වන්නට විය. මේ රාවණගේ යළි නැගිටීමේ ප්රතිඵලයයි.

රාවණ රජු දැන් දෙවි කෙනෙක් හා සම වේ. රාවණ මේ වන විටත් ලොව පුරා සැරි සරයි. රාවණ රජු වෙස් වළා සැම තැන ඇවිදියි.

ගොවියෙකු ලෙස, සාමාන්‍ය මිනිසෙකු ලෙස, මේ කවර ආකාරයට හෝ සමාජයේ පෙනී සිටියි. එකම වෙනස රාවණ රජු පොළොවට අගල් කීපයක් උඩින් ඉහත වෙස් වළා ගැනීමෙන් ඇවිද යාමයි. රාවණගේ ඇස් ඉතා දීප්තිමත්ය.

ආජන්ටිනා ජාතිකයෙකුගේ ශරීර ලක්ෂණයන්ට සමාන වේ. ලෝකයේ රට රටවල මුස්ලිම් ජනතාව එකිනෙකා කා කොටා ගැනීමේ ප්‍රධානම හේතුව රාවණගේ ශාපයයි. රාවණ රජු අවි ආයුධ ගත්තවුන්ට ශාප කරයි. සාධාරණයට සහාය දෙයි. එබැවින් මේ යුගය අයුක්තිය, යුක්තිය පසිඳලන රාවණගේ යුගයයි.

- ලංකාදීප පුවත්පතිනි

[QUOTE="chamee1982, post: 16941237, member: 162075"] [SIZE="5"][COLOR="Blue"]රාවණා රජු යළි නැගිටී.. දීර්ඝ නිද්‍රාව අවසන්.. ලාංකීය ඉතිහාසය විජයගෙන් පටන් ගැනීම අපේ සිරිතයි. විජය ඇතුළු හත්සීයක් පිරිස ලක්දිවට පැමිණ ආර්ය ජනාවාස පිහිටුවා පාලනය ගෙන ගිය බව මහා වංශයේ සඳහන් වේ. විජය මෙහි එන විට කුවේණිය කපු කටිමින් සිටි බව එහි විස්තර වෙයි. මේ කතාව අනුව විජයට පෙර ලංකාවේ ඉතිහාසය කෝ. කුවේණිය කපු කටිමින් සිටියා නම් මෙරට තිබුණු දියුණු තාක්ෂණ ක්‍රමවේද කෝ. බරපතළ ප්‍රශ්ණාර්ථයක් තබා ලාංකීය ඉතිහාස කතාවේ හිඩැසක් හදා තිබේ. ආර්යන්ගේ පැමිණීම විජයට පවරා ඔහුගෙන් මෙරට ඉතිහාසය පටන් ගැනීමට මහාවංශ කතු හිමියන් කටයුතු කර තිබේ. කෙසේ වෙතත් මෙරට ඉතිහාසයේ ආරම්භය විජයට පවරන්නට තවමත් රටේ එක්තරා කොටසක් සූදානම් නැත. එහි සෑහෙන සාධාරණයක් තිබේ. මහාවංශ කතු හිමියන් විජයගෙන් ඉතිහාසය ආරම්භ කෙරුණේ උන්වහන්සේගේ පෞද්ගලික අභිමතයට අදාළ කාරණා මූලික වීමෙනි. විජයට පෙර රාවණා රජු ලක්දිව පාලනය කළ බවත්, ඔහු දඬු මොනරය නම් යානයක ගමන් කළ බවත්, රාම – රාවණ යුද්ධයක් මෙහි තිබුණු බවත් මෙරට ඉතිහාස පුරා වෘත්ත වල සඳහන් වෙයි. කෙසේ වෙතත් විජයට පෙර ලංකාවේ දියුණු ජන සමාජයක් තිබූ බව ඉතා පැහැදිලිය. විජයාගමනයට පෙර ලක්දිව ඉතිහාසය අධ්‍යයනයෙහි ලා පුරෝගාමී මෙහෙවරක් කළ කෙනෙකු හැටියට ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා හදුනා ගත හැකිය. ඔහු ලක්දිව ඉතිහාසය ”හාරා” ගෙන මතු කර තිබේ. රාවණ ඉතිහාසය මතු කර ගෙන තිබේ. කෙසේ හෝ මෙතැනින් පසුව ලියන කාරණා පිළිගන්නවාද නැද්ද යන්න ඔබට භාරය. ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කියන හැටියට රාමගේ ඊ පහරින් සිහි මුර්ඡ වූ රාවණ දැන් නැගිට තිබේ. එනම් රාවණ රජු දැන් ප්‍රකෘති සිහියේ සිටී. රාවණට පියවි සිහිය ලැබී තවමත් වසර පහකට වැඩි නැත. මෙය රසවත් කතාන්දරයකි. රාවණාට න්‍යෂ්ඨික අවි තිබුණු බවටත් ආචාර්ය මිරැන්ඩෝ තර්ක ගොඩ නගයි. රත්රන්, මැණික් රටේ තැනින් තැන මතු වීමත්, ඉඳ හිට සුළි සුළං, නාය යෑම්, ගං වතුර රාවණගේ වුවමනාවට සිදු වන බවත් ඔහු පවසයි. මෙයින් ඉදිරියට කතාව කියවන විට මෙය කෙනෙකුට කුතුහලය මවනු ඇත. තවත් කෙනෙකුට පුදුමය උපදවනු ඇත. සමහරු ”අපි දන්නේ මොනවාදැයි” හිතනු ඇත. තවත් කෙනෙක් ආචාර්ය මිරැන්ඩෝට පිස්සු යැයි ද කියනු ඇත. මේ සියලූ තරාතිරම් කතාව කියවන බැවින් පළමුව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ගැන කෙටියෙන් ලියමි. ඔහු වනාහී රාවණ ඉතිහාසය ගැන පර්යේෂණ කළ අයෙකි. 1940 මැයි 31 වැනිදා රාස්සගල දී උපන් මිරැන්ඩෝ ගේ පියා රත්නපුර උඩපත්තුව නිල්ගල වලව්වේ වතු සමාගම් අධ්යක්ෂ සැමුවෙල් සයික්ස් ඔබේසේකරය. මව සිසී ගලගොඩ කුමාරිහාමිය. ඔබේසේකරයන් කළුතර හෑගල්ල විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ද්විතීය අධ්‍යාපනය කොළඹ ආනන්ද විදුහලෙන් ලබා තිබේ. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති උපාධි ලබා ඇති මිරැන්ඩෝ කොලොම්බියා ෆැසිපික් විශ්ව විද්‍යාලයෙන් දර්ශන ශූරී උපාධිය ලබා ඇත්තේය. කලක් ගුරුවරයෙක් ලෙස ද, කථිකාචාර්යවරයෙක් ලෙස ද, පුවත්පත් කලාවේදියෙක්, පර්යේෂකයෙක් ලෙස ද කටයුතු කර ඇති ඔහු දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූවෙකි. කැලිෆෝනියාවේ කොළොම්බියා පැසිපික් සරසවිය මගින් මහාචාර්ය සම්මානය ද මිරැන්ඩෝ ඔබේසේකරට පිරි නමා තිබේ. රාවණ වත, රාවණ ශිෂ්ඨාචාරය, පෘතුගීසි ආක්‍රමණයෙන් වූ සමාජ පෙරළිය, අලි ඇතුන්ගේ ඉතිහාසය, උඩරට උරුමය, ජන උරුමය, යක්ෂ ගෝත්‍රිකයෝ, දේව ගෝත්‍රිකයෝ, නාග ගෝත්‍රිකයෝ ආදී පොත් 54 කට වැඩි ප්‍රමාණයක් සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් ඔහු රචනා කර තිබේ. මේ සියල්ල ගම් නියම් ගම්වල ඇවිද ගොස්, කරුණු කාරණා සොයා ගෙන රචනා කළ ඒවා වීමද විශේෂත්වයකි. එබැවින් ඉතිහාසය පිළිබඳව සෑහෙන පර්යේෂණ කළ විද්වතකු කියන කතාවක සාරාංශයක් මම මෙහි ලා ලියමි. හැබෑවටම රාවණ යනු කවුද? මහා බ්‍රහ්මයාගේ පුත්‍රයකු ලෙස සැලකෙන පුලස්ති මුනි නමින් ඝෘෂිවරයෙකු සිටියේය. රාවණ රජුගේ සීයා මේ පුලස්ති ඝෘෂිවරයාය. පුලස්ති ඝෘෂිවරයාගේ පුත්‍රයා විශ‍්‍රාවස් මුනි වේ. ඔහුගේ පළමු විවාහය සිදු වූයේ ඉන්දියාවේ කාන්තාවක් සමඟය. මේ ඉන්දීය කුමාරියට ලැබුණු පුත්‍රයා කුවේර හැටියට හදුන්වනු ලැබේ. විශ‍්‍රාවස් මුනිගෙන් පසු ලංකාව පාලනය කළේ ඔහුගේ පුත්‍ර කුවේර රජුය. එදා විශ‍්‍රාවස් මුනිගේ රජ මාළිඟාව වූයේ වර්තමාන සීගිරියයි. අද සිගිරිය තියනවාට වඩා තට්ටු ගණනක් යට මාළිඟාවේ නටබුන් තවමත් තිබේ. කුවේර රාජ්‍ය පාලනය කළේද සීගිරිය තම රාජ්‍ය බල කේන්ද්‍රස්ථානය කොට ගනිමිනි. විශ‍්‍රාවස් මුනි සූර්ය ආගම සූර්ය වන්දනාව ඇදහූවෙකි. එනම් රාවණ රජුගේ පියා සූර්ය ආගම ඇදහූවෙකි. ඔවුන් බුදු දහම ගැන නොදැන සිටියවුන් නොවේ. රාවණ ඉතිහාසයට අවුරුදු 7,500 කි. එකල ද බුදුවරු ලොව පහළ වී සිටියහ. රාවණ රජු සිටි අවධියේ ලොව පහළව සිටියේ කෝනාගම බුදුන් වහන්සේය. කාශ්‍යප, ගෞතම බුදුවරු පහළ වූයේ ඉන් පසුවය. රාවණ රජු බුදු දහම දර්ශණයක් ලෙස අනුගමනය කළ අතර ආගමක් හැටියට රාවණ රජු පිළිගත්තේ සූර්ය වන්දනාවයි. කුවේර තම පියා වූ විශ‍්‍රාවස් මුනිගෙන් රජකම ලබා ගත්තේ පහර දීමක් කොට පරාජය කිරීමෙන් හෝ විශ‍්‍රාවස් මුනි වයසට ගොස් මරණයට පත් වීමෙන් පසුව නොවේ. කුවේරට රජකම දී විශ‍්‍රාවස් මුනි ලක්දිව නැගෙනහිර පළාතේ තපස් රැක්කේය. කුවේර විශ‍්‍රාවස් මුනිගේ පළමු විවාහයේ දරුවාය. දෙවැනි විවාහයේ වැඩිමල් දරුවා රාවණය. විශ‍්‍රාවස් රජුට පෙර ලක්දිව රජ කළ සුමාලින් රජු මෙකළ සිටියේ ගිරුවාපත්තුවේය. මේ සුමාලින් රජුට බලවත් ආධ්‍යාත්මික ශක්තියක් තිබිණි. එම රජු තම ආධ්‍යාත්මික බලය හරහා රටේ අනාගතය සිතින් විමසා බැලූවේය. සුමාලින් රජුට රූමත් දියණියක සිටී. ඇය කේශිණීය. කේෂිණීට දාව උපදින කුමරු රටේ රජකමට භාග්‍ය වන්තය. එසේ නම් රාජ්‍යත්වයට උරුමය ඇති කුමාරයකු බිහි කළ යුතුය. ඒ සඳහා ඇත්තේ එකම උපක්රමයකි. තපස් රකින විශ‍්‍රාවස් මුනි ළඟට දියණිය යවා මොවුන්ට දාව කුමාරයකු උපදවා ගැනීමයි. සුමාලින් රජු තම දියණිය කැඳවා. දියණිය ඔබ ගොස් විශ‍්‍රාවස් මුනි හමුවන්න. ඔහුගේ සිල් බිඳ ඔහු සමඟ විවාහ ගිවිසෙන්න. එයින් ලැබෙන වැඩිමල් පුත්‍රයා මහා පින්වන්තය. ඔහු රටේ බලය ලබන්නේය. පිය රජුගේ උපදෙස් පිට කේෂිණී කුමාරිය විශ‍්‍රාවස් මුනි ගේ තාපස ශීලය බිදීමට ඔහු සොයා ගියාය. පළමු දවස විශ‍්‍රාවස් මුනි සිටින තැනට ගොස් හැසිරුණාය. දෙවැනි දවස ද එසේම කළාය. විශ‍්‍රාවස් මුනි බලවත් ශීල ව්රතයක යෙදී සිටී. දින ගණනක් ගියත් කේෂිණීට විශ‍්‍රාවස් මුනිට කාමය උපදවන්නට නොහැකි විය. සත්වැනි දින විශ‍්‍රාවස් මුනි ඉදිරිපිට නුග ගසෙහි නුග මුලක් අල්ලාගෙන ඇඳ සිටි ඇදුම උනා දැමුවාය. (මේ වස්ත්‍රය කැඞී වැටුණ බව ද ඇතැමෙකු පිළිගනිති) මේ සිදුවීමෙන් පසු කේෂිණීගේ අරමුණ විශ‍්‍රාවස් මුනිට පැහැදිලි විණ. ‘ඔබ කවුද……?’ විශ‍්‍රාවස් මුනි විමසීය. ‘මම කේෂිණී සුමාලින් රජතුමාගේ දියණිය. මට ඔබට සේවය කරන්නට වුවමනායි” ඇය කියාගෙන ගියාය. මෙහි දී මුලින්ම විශ‍්‍රාවස් මුනි කේෂිණී නහවා පිරිසිදු කළ බව කියැවේ. කේෂිණී උණු දිය නාන්නට ප්‍රිය කළ නිසා, විශ‍්‍රාවස් මුනි තමන් සිටි තැන කඩුවෙන් බිම හාරා උල්පතක් මතු කළේය. එය කින්නියා උණු දිය උල්පතයි. මෙය කින්නියා නොව කන්‍යා බව ආචාර්ය මිරැුන්ඩෝ පවසයි. දෙමළ ජනතාව විසින් ”කන්‍යා” යන්න, කින්නියා ලෙස උච්ඡුාරණය කරන බව ඔහුගේ අදහසයි. විශ‍්‍රාවස් මුනි කේෂිණීව නහවා පිරිසිදු කොට නව යුග දිවියක් ඇරඹුවේය. ඔවුන්ට දාව දරුවන් කීප දෙනෙක් ලැබිණි. එයින් වැඩිමලා ශ්‍රී රාවණයි. මේ රාවණ බිහි වීමේ කතාවයි. රාවණට හිස් දහයක් තිබුණු බව කියැවේ. නමුත් රාවණට හිස් දහයක් තිබී නැත. ඔහුට තිබී ඇත්තේ එක හිසකි. ඔහු ශිල්ප ශාස්ත්‍ර දහයකට ඉතා දක්ෂයෙකි. නැටුම්, ගැයුම්, යුධ ශිල්පය, කාර්මික ශිල්පය ආදී ශිල්ප ඒ අතර ප්‍රධාන වෙයි. එකල ලක්දිව සබ්මැරීන්, නැව්, ගුවන් යානා පවා සාදා තිබේ. ගුවන් යානා අනූවකට වැඩි ප්‍රමාණයක් ලක් දිව තිබී ඇති අතර දඬු මොනරය යනු රාවණා රජු විසින් කුවේර රජුගෙන් පැහැර ගන්නා ලද රාජකීය යානයයි. රාවණ උස් මහත් වී කුවේරට පහර දී සිගිරියත්, කුවේර සතුව පැවති රජකමත් උදුරා ගත්තේය. රාවණ මුලින්ම කුවේර හමු වී මේ රට තමන්ගේ පරම්පරාවට අයිති බව පවසා ලබා ගන්නට උත්සාහ කළේය. එය නොලැබී ගියෙන් කුවේර හා සටන් කර රාවණ රජ කම ලබා ගත්තේය. ඒ සඳහා යක්ෂ ගෝත්‍රික හමුදාවක් රාවණට උදවු විණ. මේ කාලය වන විට ලංකාවේ යක්ෂ, නාග, දේව, ගන්ධබ්බ වශයෙන් ගෝත්‍ර හතරක් විසූහ. ඒ අය මනුෂ්‍ය කොට්ඨාසයි. (උදා. හැටියට අද ගොවිගම, කරාව, රජක වශයෙන් සලකන කුල මෙන් එදා සමාජ සංස්ථාවේ පැවති වර්ගීකරණයකි). ලක්දිව රජකමට පත් රාවණ තම බලය පැතිර වූ කේන්ද්‍රස්ථානය සීගිරියයි. රාවණට මාළිඟා කීපයක් තිබුණු බව කියැවේ. නුවර එළිය, පිදුරුතලාගල කන්ද, මාවනැල්ල, වැඩිහිටි කන්ද ඊට උදාහරණ වේ. ඔහුට භූගත රජ මාළිඟාවක්ද තිබී ඇත. රාවණ රජු විශ‍්‍රාවස් මුනිටත් වඩා ප්‍රබල පාලකයෙකු විය. එසේම උගතෙකු විය. රාවණ රජු තම වහල් සේවයට එරිත්‍රියාව, දකුණු අප්‍රිකාව, සුඩානය රටවලින් පිරිස ගෙන්වා දකුණු ඉන්දියාවේ පදිංචි කරවීය. රාවණගේ ඒ කුළී හමුදාව අද දකුණු ඉන්දීය දෙමළ ජනයා බව ආචාර්ය මිරැන්ඩෝ කියයි. මේ අනුව ඔහු ඉන්දියාව පවා සිය පාලනය යටතට ගත් බල සම්පන්න රජෙකි. ආචාර්ය මිරැන්ඩෝ පවසන පරිදි රාවණ යළි නැගිට්ටා නම්, එය සිදු වූයේ කෙසේද? රාම – රාවණ යුද්ධයේ දී රාම විසින් රාවණට විෂ පෙවූ ඊතලයකින් විදින ලද්දේය. එය රාම විද්දේ රාවණ රජුව මරා දැමීම සඳහාය. නමුත් එම ඊ පහරින් රාවණ මිය ගියේ නැත. රාවණ රජු සිහි මුර්ඡවට පත් විය. ලෝකයේ වැඩිම කාලයක් සිහි මුර්ඡුාවේ සිටි පුද්ගලයා රාවණය. රාවණ සිහි සුන්ව වැටී සිටියේ නුවර එළිය හරස් බැද්දේ උඩහ මහ කුඩු ගල කන්දේ පොළොව යට උමං මාළිඟාවකය. සිහි මුර්ඡුා වී සිටි රාවණ රජුට වාර්ෂිකව ඇතැම්හු ගොස් මල් මාලා සහ ලූණු පූජා තැබූහ. එසේ පුද පූජා කළ අයට රාවණ රජුගේ ආශිර්වාදයෙන් වටිනා මැණික් ගලක් හිමි වේ. එම මැණික ලැබී මාස තුනක් ඇවෑමෙන් වාසනාවන්තයා මරණයට පත් වේ. මෙය දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ දෙයකි. මේ රහස් අදාළ ප්‍රදේශවල පර්යේෂණ කිරීමෙන් හදුනා ගත හැකිය. මැණික ලැබෙන වාසනාවන්තයා ඉබේ මරණයට පත් වීමක් නොව ඔහු කිසියම් බලවේගයකින් මරණයට පත් වෙයි. හේතුව මැණික ලැබීමට හේතු වූ රහස හෙළි වීම වළකනු පිණිසය. රාවණ රජු සිහි මුර්ඡුාවෙන් නැගිට්ටේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමා වීමට ආසන්න කාලයේය. ඒ දිනවල රටේ එක දිගට මැණික්, රත්රන්, වස්තුව මහ පොළවෙන් මතු වන්නට විය. මේ රාවණගේ යළි නැගිටීමේ ප්රතිඵලයයි. රාවණ රජු දැන් දෙවි කෙනෙක් හා සම වේ. රාවණ මේ වන විටත් ලොව පුරා සැරි සරයි. රාවණ රජු වෙස් වළා සැම තැන ඇවිදියි. ගොවියෙකු ලෙස, සාමාන්‍ය මිනිසෙකු ලෙස, මේ කවර ආකාරයට හෝ සමාජයේ පෙනී සිටියි. එකම වෙනස රාවණ රජු පොළොවට අගල් කීපයක් උඩින් ඉහත වෙස් වළා ගැනීමෙන් ඇවිද යාමයි. රාවණගේ ඇස් ඉතා දීප්තිමත්ය. ආජන්ටිනා ජාතිකයෙකුගේ ශරීර ලක්ෂණයන්ට සමාන වේ. ලෝකයේ රට රටවල මුස්ලිම් ජනතාව එකිනෙකා කා කොටා ගැනීමේ ප්‍රධානම හේතුව රාවණගේ ශාපයයි. රාවණ රජු අවි ආයුධ ගත්තවුන්ට ශාප කරයි. සාධාරණයට සහාය දෙයි. එබැවින් මේ යුගය අයුක්තිය, යුක්තිය පසිඳලන රාවණගේ යුගයයි. - ලංකාදීප පුවත්පතිනි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom