Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
රෑට ඔක්සිජන් සහ මී ගහ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෑට ඔක්සිජන් සහ මී ගහ...

[ATTACH=full]191910[/ATTACH]

සමාජ මාධ්‍ය හරහා යන ඕනි බොරුවක් ඉස්මුදුනින් පිළිගන්න ජනතාවක් ඉන්න රටක බැනුම් අහන්න වුණත් ඇත්ත තේරුම් ගන්න පුළුවන් කීප දෙනෙක් හරි ඉන්න නිසා මේ ටික ලියලම තියන්න ඕනි කියලා හිතුනා.පුළුවන් තරම් සරලව ලියන්නම් හැමෝටම තේරෙන්න.

දැන් මාතෘකාව ඔක්සිජන්නෙ.අර පොඩි කාලෙ ඉඳන් අහලා තියෙන විදිහට ශාක,ඇල්ගී වගේ දේවල් ප්‍රභාසංස්ලේෂණය කියන ක්‍රියාවලියක් හින්දා ඔක්සිජන් වායුව කියලා එකක් හැදෙනවානෙ.ලෝකයේ මුල්ම අවධියේදී වායුගෝලයේ ඔක්සිජන් වායුව තිබ්බෙ නෑ.පස්සෙ ඇතිවුණු Cyanobacteria,ඇල්ගී වගේඒවගෙන් තමා වායුගෝලයේ ඔක්සිජන් ඇතිවුණේ ඔය සංසිද්ධිය ලෝක ඉතිහාසයේ ලොකුම වෙනසක් ඇතිවෙන්න හේතුවක්.ඉතින් ශාක කියන එක ප්‍රභාසංස්ලේෂණය කරන්න මූලිකම හේතුව ඔක්සිජන් නිපදවීම නම් නෙවේ ඒ එයාලට ආහර නිපදවන්න කරන ක්‍රියාවලියක අතුරු ඵලයක් විදිහට තමා ඔක්සිජන් නිපදවෙන්නෙ.ඔන්න ඉතින් සූර්ය ශක්තිය තමා මේ ක්‍රියාවලියෙදි ශක්ති ප්රභවය වෙන්නෙ.ඉතින් කෙටියෙන්ම කීවොත් සූර්ය ශක්තිය් නැත්නම් වැඩේ ලොස්..

ඉතින් ශාක වල තියෙනවා හරිතලව කියල Item එකක් ඔන්න ඕකෙ තයිලකොයිඩ පටල කියල ජාතියක් තියෙනවා සහ ඒ වගෙ සූර්ය ශක්ථියේ එකඑක තරංග ආයාම වලට සංවේදී වර්ණක තියෙනවා ඒවට ක්ලෝරෆිල් කියලා කියනවා ඉතින් ප්‍රභාසංස්ලේෂණයෙදී දවල් කාලයේ සූර්යාලෝකය තියෙද්දි ඔය කියන වර්ණක වලින් ශක්තිය අවශෝෂණය කරලා ප්‍රතික්‍රියා දාමයක් මගින් පූටිකා හරහා ලබාගත්ත CO 2 ග්ලූකෝස් බවට පත්කිරීමේ සංකීර්ණ ප්‍රතික්‍රියාවක් තියෙනවා.මේකෙදි අඳුරෙදි වෙන අඳුරු ප්‍රතික්‍රියාවක් නැත්නම් කැල්වින් චක්‍රය කියලා එකකුත් තියෙනවා.අඳුරෙදි වෙනවා කියන්නෙ ඇත්තටම ඒ ප්‍රතික්‍රියාවට ආලෝකය ඕනි නෑ නැතුව රෑටම වෙනවා කියන එක නෙවේ දවල්ටත් වෙන්න පුළුවන්.දැන් අපේ මාතෘකාව වෙච්ච ඔක්සිජන් නිපදවෙන්නෙ මුලින් කියපු දවල්ට වෙන ආලෝක ප්රතික්රියාවෙදි සූර්ය ශක්තිය ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයක් ඔස්සෙ යද්දි 'ජල අණු' කැඩිලා.ඒකට නමක් තියෙනවා ජලය ප්රභාවිච්චේදනය කියලා එතකොට උරාගත්ත CO 2 වල තිබ්බ O2 වලට මොකද වෙන්නෙ කියලා කාටහරි ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒක එහෙමම තියෙනවා බයවෙන්නෙපා අන්තිමට නිපදවාගන්න ග්ලූකෝස් වල (C6H12O6).

ඉතින් මේ ප්‍රභාසංලේෂණ යාන්ත්‍රණය C3 වලට අමතරව C4 කියලා තරමක් Advanced Mechanism එකක් තියෙනවා ඔය අපි දන්න සුලභ ධාන්‍ය වර්ග /බඩ ඉරිඟු වගේ ඒවගෙ.ඒවා ගැන ලියන්න ගියොත් දික් වෙනවා මේක.

කතාව ඉවර නෑ ඊලඟට ඔය රෑටත් ඔක්සිජන් පිටවෙනවා කියලා කියන්න පාදක වෙච්ච තවත් ප්‍රභාසංලේෂණ යාත්ත්රණයක් තියෙනවා CAM කියලා.ඒක ගොඩක් තියෙන්න ශුෂ්ක පරිසර වලට හැඩහැහුණු ශාක වල විශේෂයෙන් කැක්ටස් වර්ග ,කෝමාරිකා ,Snake plant වගේ ශාක වල.මේ යාන්ත්රණයට මූලිකම හේතුව තමා ශුෂ්ක පරිසර වලදී දැඩි ඉර රශ්මිය තියෙද්දි පූටිකා විවෘත කරලා CO 2 උරාගන්න ගියොත් අමාරුවෙන් තියන් ඉන්න ජලය ටිකත් වාශ්පවෙලා යනවා.සාමාන්‍ය C3 ශාක වල උරාගෙන ඉන්න ජලය පූටිකා ඇරගෙන ඉන්න ගිහින් 95%ක් විතරම ලොස් වෙලා යනවා. ඒ නිසා දවල්ට පූටිකා වහගෙන ඉඳලා මෙයාලා රෑට තමා වායු හුවමාරු කරගන්න වැඩේ කරන්නෙ.ඒ කියන්නෙ රෑට පූටිකා ඇරලා තියලා CO2 උරාගෙන මෙයාලා කාබන් ඩයොක්සයිඩ් මැලික් ඇසිඩ් විදිහට ගබඩා කරගෙන තියාගන්නවා.පස්සෙ දවල්ට පූටිකා ටික වහගෙන අර මැලික් ඇසිඩ් ටික CO2 බවට හරවගෙන සාමාන්යෙ කැල්වින් නැත්නම් ආලෝකය අත්‍යාවශම නැති ප්‍රතික්‍රියාව සිදු කරලා ආහාර නැත්නම් ග්ලූකෝස් නිපදවනවා.එතකොට දවල්ට පූටිකා ඇරගෙන CO 2 ලබාගන්න අවශ්‍යතාවයක් නෑ.ඒකෙදි හැදෙන ඔක්සිජන් ටිකට මොකද වෙන්නෙ කියන එකනෙ ඒක පැහැදිලි කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා එකක් පූටිකා රෑට ඇරෙද්දි එකතුවුණ ඔක්සිජන් ප්‍රමාණයක් ඉවත්වෙනවා කියන එක.එතකොට අර රෑට ඔක්සිජන් පිට වෙනවා කියන එකේ ඇත්තක් තියෙනවා.හැබැයි දවල්ට වුණත් වායුවක් වෙච්ච්ච ඔක්සිජන්ට ශාක පටක හරහා විසරණය වෙන්න බැරි නෑ.යම් ප්‍රමාණයක් එහෙමත් යනවා.ආයෙ ප්‍රභාස්වසනය වගේම සාමාන්යෙ ශාකයේ ස්වසනය(ආහාර දහනය) ටත් මේ ඔක්සිජන් වැය වෙනවා.ඒවා ගැන කියන්න ගියොත් මේක තවත් දික් වෙනවා.ඉතින් මේ CAM Plant විදිහට හඳුනගත්ත ශාක අතරෙ මී ගස් නම් නෑ.එහෙම පර්යේෂණ පත්‍රිකාවක් මූලාද්රයක් තියේ නම් මේකටත් එකතු කරන්න. කොහෙන් හරි අහුලගත්ත බොරුවක් කරේ තියන් යන්න කලින් අන්තර්ජාලය තියෙන්නෙ ෆේස්බුක් එකේ කොටන්න විතරක් නෙවේ මේ වගේ කරුණුත් ලස්සනට පැහැදිලි කරලා තියෙනවා.

තව දෙයක් මී ගහත් එක්ක පුද්ගලික අමනාපයක් මට නම් නෑ මී කියන්නෙ දේශීය ඖෂධීය වගේම වෙනත් වටිනාකම් තියෙන වටින ශාකයක්.ඉතින් වටින ගහකට නොවටිනා අවිද්‍යාත්මක විහිළු ලියලා සවුත්තු කරන්නෙපා අපේ හෙළ යක්ඛ පුතාලයි දූලයි ටික.

වෙන වැඩ අස්සෙ වුණත් මේ වෙලා අරන් ලීවෙ ඔය විකාර පොඩි දරුවන්ටත් දෙමව්පියො උගන්නලා ඒ ලමයින්ගෙත් මොලේ විකාර කරන නිසා..

තව දෙයක් ඇත්තටම ප්‍රභාසංස්ලේෂණයේ වැදගත්වෙන්නෙ වායුගෝලීය ඔක්සිජන් මට්ටම යාමනයටත් වඩා CO 2 යාමනයට මොකද දැනට වායුගෝලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අවුරුදු බිලියන ගානකට කලින් හැදුණු ඒවා.20-21% තියෙන ඔක්සිජන් වලට සැලකියයුතු බලපෑමක් කරන්න ලේසි නෑ හැබැයි.0.04% තියෙන CO 2 ප්‍රමාණය වැඩි වුණොත් අන්න එතන තමා ගැටලුව එන්නෙ.මේ කියන්නෙ ගස් කපන්න කියලා නෙවේ හොඳේ.

Copied Bhathiya Gopallawa (sara bhumi)

[QUOTE="reuse, post: 28424038, member: 200727"] රෑට ඔක්සිජන් සහ මී ගහ... [ATTACH type="full"]191910[/ATTACH] සමාජ මාධ්‍ය හරහා යන ඕනි බොරුවක් ඉස්මුදුනින් පිළිගන්න ජනතාවක් ඉන්න රටක බැනුම් අහන්න වුණත් ඇත්ත තේරුම් ගන්න පුළුවන් කීප දෙනෙක් හරි ඉන්න නිසා මේ ටික ලියලම තියන්න ඕනි කියලා හිතුනා.පුළුවන් තරම් සරලව ලියන්නම් හැමෝටම තේරෙන්න. දැන් මාතෘකාව ඔක්සිජන්නෙ.අර පොඩි කාලෙ ඉඳන් අහලා තියෙන විදිහට ශාක,ඇල්ගී වගේ දේවල් ප්‍රභාසංස්ලේෂණය කියන ක්‍රියාවලියක් හින්දා ඔක්සිජන් වායුව කියලා එකක් හැදෙනවානෙ.ලෝකයේ මුල්ම අවධියේදී වායුගෝලයේ ඔක්සිජන් වායුව තිබ්බෙ නෑ.පස්සෙ ඇතිවුණු Cyanobacteria,ඇල්ගී වගේඒවගෙන් තමා වායුගෝලයේ ඔක්සිජන් ඇතිවුණේ ඔය සංසිද්ධිය ලෝක ඉතිහාසයේ ලොකුම වෙනසක් ඇතිවෙන්න හේතුවක්.ඉතින් ශාක කියන එක ප්‍රභාසංස්ලේෂණය කරන්න මූලිකම හේතුව ඔක්සිජන් නිපදවීම නම් නෙවේ ඒ එයාලට ආහර නිපදවන්න කරන ක්‍රියාවලියක අතුරු ඵලයක් විදිහට තමා ඔක්සිජන් නිපදවෙන්නෙ.ඔන්න ඉතින් සූර්ය ශක්තිය තමා මේ ක්‍රියාවලියෙදි ශක්ති ප්රභවය වෙන්නෙ.ඉතින් කෙටියෙන්ම කීවොත් සූර්ය ශක්තිය් නැත්නම් වැඩේ ලොස්..😁 ඉතින් ශාක වල තියෙනවා හරිතලව කියල Item එකක් ඔන්න ඕකෙ තයිලකොයිඩ පටල කියල ජාතියක් තියෙනවා සහ ඒ වගෙ සූර්ය ශක්ථියේ එකඑක තරංග ආයාම වලට සංවේදී වර්ණක තියෙනවා ඒවට ක්ලෝරෆිල් කියලා කියනවා ඉතින් ප්‍රභාසංස්ලේෂණයෙදී දවල් කාලයේ සූර්යාලෝකය තියෙද්දි ඔය කියන වර්ණක වලින් ශක්තිය අවශෝෂණය කරලා ප්‍රතික්‍රියා දාමයක් මගින් පූටිකා හරහා ලබාගත්ත CO 2 ග්ලූකෝස් බවට පත්කිරීමේ සංකීර්ණ ප්‍රතික්‍රියාවක් තියෙනවා.මේකෙදි අඳුරෙදි වෙන අඳුරු ප්‍රතික්‍රියාවක් නැත්නම් කැල්වින් චක්‍රය කියලා එකකුත් තියෙනවා.අඳුරෙදි වෙනවා කියන්නෙ ඇත්තටම ඒ ප්‍රතික්‍රියාවට ආලෝකය ඕනි නෑ නැතුව රෑටම වෙනවා කියන එක නෙවේ දවල්ටත් වෙන්න පුළුවන්.දැන් අපේ මාතෘකාව වෙච්ච ඔක්සිජන් නිපදවෙන්නෙ මුලින් කියපු දවල්ට වෙන ආලෝක ප්රතික්රියාවෙදි සූර්ය ශක්තිය ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයක් ඔස්සෙ යද්දි 'ජල අණු' කැඩිලා.ඒකට නමක් තියෙනවා ජලය ප්රභාවිච්චේදනය කියලා එතකොට උරාගත්ත CO 2 වල තිබ්බ O2 වලට මොකද වෙන්නෙ කියලා කාටහරි ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒක එහෙමම තියෙනවා බයවෙන්නෙපා අන්තිමට නිපදවාගන්න ග්ලූකෝස් වල (C6H12O6). ඉතින් මේ ප්‍රභාසංලේෂණ යාන්ත්‍රණය C3 වලට අමතරව C4 කියලා තරමක් Advanced Mechanism එකක් තියෙනවා ඔය අපි දන්න සුලභ ධාන්‍ය වර්ග /බඩ ඉරිඟු වගේ ඒවගෙ.ඒවා ගැන ලියන්න ගියොත් දික් වෙනවා මේක. කතාව ඉවර නෑ ඊලඟට ඔය රෑටත් ඔක්සිජන් පිටවෙනවා කියලා කියන්න පාදක වෙච්ච තවත් ප්‍රභාසංලේෂණ යාත්ත්රණයක් තියෙනවා CAM කියලා.ඒක ගොඩක් තියෙන්න ශුෂ්ක පරිසර වලට හැඩහැහුණු ශාක වල විශේෂයෙන් කැක්ටස් වර්ග ,කෝමාරිකා ,Snake plant වගේ ශාක වල.මේ යාන්ත්රණයට මූලිකම හේතුව තමා ශුෂ්ක පරිසර වලදී දැඩි ඉර රශ්මිය තියෙද්දි පූටිකා විවෘත කරලා CO 2 උරාගන්න ගියොත් අමාරුවෙන් තියන් ඉන්න ජලය ටිකත් වාශ්පවෙලා යනවා.සාමාන්‍ය C3 ශාක වල උරාගෙන ඉන්න ජලය පූටිකා ඇරගෙන ඉන්න ගිහින් 95%ක් විතරම ලොස් වෙලා යනවා. ඒ නිසා දවල්ට පූටිකා වහගෙන ඉඳලා මෙයාලා රෑට තමා වායු හුවමාරු කරගන්න වැඩේ කරන්නෙ.ඒ කියන්නෙ රෑට පූටිකා ඇරලා තියලා CO2 උරාගෙන මෙයාලා කාබන් ඩයොක්සයිඩ් මැලික් ඇසිඩ් විදිහට ගබඩා කරගෙන තියාගන්නවා.පස්සෙ දවල්ට පූටිකා ටික වහගෙන අර මැලික් ඇසිඩ් ටික CO2 බවට හරවගෙන සාමාන්යෙ කැල්වින් නැත්නම් ආලෝකය අත්‍යාවශම නැති ප්‍රතික්‍රියාව සිදු කරලා ආහාර නැත්නම් ග්ලූකෝස් නිපදවනවා.එතකොට දවල්ට පූටිකා ඇරගෙන CO 2 ලබාගන්න අවශ්‍යතාවයක් නෑ.ඒකෙදි හැදෙන ඔක්සිජන් ටිකට මොකද වෙන්නෙ කියන එකනෙ ඒක පැහැදිලි කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා එකක් පූටිකා රෑට ඇරෙද්දි එකතුවුණ ඔක්සිජන් ප්‍රමාණයක් ඉවත්වෙනවා කියන එක.එතකොට අර රෑට ඔක්සිජන් පිට වෙනවා කියන එකේ ඇත්තක් තියෙනවා.හැබැයි දවල්ට වුණත් වායුවක් වෙච්ච්ච ඔක්සිජන්ට ශාක පටක හරහා විසරණය වෙන්න බැරි නෑ.යම් ප්‍රමාණයක් එහෙමත් යනවා.ආයෙ ප්‍රභාස්වසනය වගේම සාමාන්යෙ ශාකයේ ස්වසනය(ආහාර දහනය) ටත් මේ ඔක්සිජන් වැය වෙනවා.ඒවා ගැන කියන්න ගියොත් මේක තවත් දික් වෙනවා.ඉතින් මේ CAM Plant විදිහට හඳුනගත්ත ශාක අතරෙ මී ගස් නම් නෑ.එහෙම පර්යේෂණ පත්‍රිකාවක් මූලාද්රයක් තියේ නම් මේකටත් එකතු කරන්න. කොහෙන් හරි අහුලගත්ත බොරුවක් කරේ තියන් යන්න කලින් අන්තර්ජාලය තියෙන්නෙ ෆේස්බුක් එකේ කොටන්න විතරක් නෙවේ මේ වගේ කරුණුත් ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. තව දෙයක් මී ගහත් එක්ක පුද්ගලික අමනාපයක් මට නම් නෑ මී කියන්නෙ දේශීය ඖෂධීය වගේම වෙනත් වටිනාකම් තියෙන වටින ශාකයක්.ඉතින් වටින ගහකට නොවටිනා අවිද්‍යාත්මක විහිළු ලියලා සවුත්තු කරන්නෙපා අපේ හෙළ යක්ඛ පුතාලයි දූලයි ටික. වෙන වැඩ අස්සෙ වුණත් මේ වෙලා අරන් ලීවෙ ඔය විකාර පොඩි දරුවන්ටත් දෙමව්පියො උගන්නලා ඒ ලමයින්ගෙත් මොලේ විකාර කරන නිසා.. තව දෙයක් ඇත්තටම ප්‍රභාසංස්ලේෂණයේ වැදගත්වෙන්නෙ වායුගෝලීය ඔක්සිජන් මට්ටම යාමනයටත් වඩා CO 2 යාමනයට මොකද දැනට වායුගෝලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අවුරුදු බිලියන ගානකට කලින් හැදුණු ඒවා.20-21% තියෙන ඔක්සිජන් වලට සැලකියයුතු බලපෑමක් කරන්න ලේසි නෑ හැබැයි.0.04% තියෙන CO 2 ප්‍රමාණය වැඩි වුණොත් අන්න එතන තමා ගැටලුව එන්නෙ.මේ කියන්නෙ ගස් කපන්න කියලා නෙවේ හොඳේ. Copied Bhathiya Gopallawa (sara bhumi) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom