රිංගන හුටපටයක් ලංකාවේ

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    රිංගන හුටපටයක් ලංකාවේ

    තායිලන්තෙ වගේ පොඩි උන් සැට් එකක් උමගක් අස්සෙ රිංගල හුටපටයක් ලංකාවේ වුණා නම්...

    ළමයිංගෙ අම්මා තාත්තල හැත්තබුරුත්ත පිටිං ගිහින් කෝච්කාරයගෙ ගෙවල් කුඩු කරල! දෙතුන් දෙනෙක් බාවල!

    හිරු දෙරණ මාධ්‍ය හිඟන්නො ළමයිංගෙ ගෙවල්වලට ගිහින් අම්මල අඬවල නිව්ස් දාල!

    සිරසෙන් ඒකටත් රනිල්ගෙ පලු ඇරල!

    ඒ කේස් අස්සෙ මංගල බද්දක් ගහල! උමං අස්සේ රිංගීමේ බද්ද කියල!

    රනිල් පැට්‍රොල් මිල උස්සල! සිරිසේන පත්තරෙං දැකල ආපහු අඩු කරල!

    රෙස්ක්‍යු බේස් එකට යන්න දුන් නෑ කියල දහදුරා පත්තරකාරයොයි රිපෝටර් බූරුවොයි කොටුවෙ පිකටිං! "මාධ්‍ය නිදහස මේකද බොලව්! අපේ මීඩියා අයඩින්ටියෙන් ඕනි කක්කුස්සියක් අස්සෙ රිංගන්ඩ දීපියව්!"

    මාධ්‍ය නිදහස වෙනුවෙන් පොහොට්ටුකාරයො ප්‍රෙස් රිලීස් දීල!

    රෙස්ක්‍යු එකට ආව ඇමරිකන් ඉන්දියන් ඩයිවර්ස්ලා එක්ක සී.අයි.ඒ. සහ රෝ ඔත්තුකාරයො ලංකාවට ඇවිත් කියල GMO ගස් බල්ලො ස්ට්‍රැයික්!

    කවිපහුරයි මලමගුලයි කවි ගෲප්වල පඩත්තල මැටිමෝල් කයිකාරයො නහුතෙට කවි ලියල සෝකය පළ කරල!

    මාසයක් යනකොට සුනිල් ආරියරත්න චිත්‍රපටියක් ගහල "ලොකු උමගයි චූටි අපියි" කියල!

    සිරිසේන ගලවාගැනීමේ කොමිටියක් පත් කරල!

    රට පුරා බෝධිපූජා! නිරාගාමිකයොත් එක්ක ආගමිකයො කෙහෙවලු පටලවාගෙන!

    හඳහන්කාරයො අනාවැකි කියල!

    සිරිසේන පාසැල් ෆුට්බෝල් තහනම් කරල!

    සිරිසේනගෙ අර අවලම් පොටෝ එක දාල උමග අස්සෙ ඉන්න කෝච්කාරයගෙ පොටෝ එඩිට් කරල පේජ් කාරයො ආතල් ඇරගෙන!

    උමග අස්සෙ රිංගන්න ගිහින් තෙවරප්පෙරුම හුස්ම හිරවෙලා සෙත්තපෝච්චි!

    ළමයි ටික කන්න බොන්න නැතුව මැරිල! කෝච්කාරය සුයිසයිඩ් කරගෙන!

    උපුටාගැනීම
    #NTS
    Nimesha Thiwankara
     
    • Like
    Reactions: 9dimuthu