රියාජ් බදියුදීන්ගේ පෙත්සම විසිවෙයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුස්තාපා කියනවා රියාජ්ව නිදහස් කලේ ජනාධිපතිගේ අණින් කියලා. අනිත් ලෝයර් කියනවා ඒක එහෙම නෙමේ වුනේ කියලා... මෙයින් නහි සම්ජාහ් සක්තා


    පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පවතින හෙයින්, තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රියාජ් බදියුදීන් මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය.

    මෙම පෙත්සම මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර එහිදී පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයේ කරුණු සළකා බලමින් අභියාචනාධිකරණය මේ බව ප්‍රකාශයට පත් කරන ලදී.

    එසේම මෙම පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කරන ලදී.

    ඊයේ (20) පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම්කරු පොලිස් රැඳවුම්භාවයෙන් නිදහස් කරනු ලැබුවේ ජනාධිපතිගේ උපදෙස් අනුව බවය.

    ඒවගේම පෙත්සම්කරුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කරුණු ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අපරාධ ⁣ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සතු නොවූ බවද ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

    පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා අධිකරණයෙන් ඉල්ලා ඇති සහනයන් මීට පෙර මෙම අධිකරණයේ පැවති හෙල්පින් හම්බන්තොට ආදී නඩු විභාග කිහිපයකදීම ලබා දී තිබෙන බැවින් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටින සහනයන් ලබා දෙන්නැයිද ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    මේ අතර රියාජ් බදියුදීන් ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා අතරමැදි පෙත්සමක් ගොනු කළ සෙත් සරණ ආයතනයේ ලෝරන්ස් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කියා සිටියේ පෙත්සම්කරු මුදා හැර ඇත්තේ රැඳවුම් නියෝග කාලය අවසන් වීමට පෙර බවත්, රැඳවුම් නියෝග අවසන් වන්නේ ඔක්තෝබර් 21 වැනිදා බවත්ය.

    පෙත්සම්කරු සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ පවත්වමින් සිටිනුයේ මුදල් විශූද්ධිකරණය සම්බන්ධයෙන් බවත් , පෙත්සම් කරු ගේ නීතීඥවරයා කියා සිටින පරිදි කිසි⁣විටනවත් ජනාධිපතිවරයා පෙත්සම්කරුව මුදා හැරීමට නියෝග නොකළ බවද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

    ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා සිටින සහන ප්‍රදානය නොකරන්නැයි අතරමැදි පෙත්සම්කාර සෙත්සරණ ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේය.

    සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් වන අතුරු නියෝගය අද (21) ප්‍රකාශයට පත් කරන බවට තීන්දු කෙරිණි.

    රියාජ් බදියුදීන් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස්, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මිහිඳු අබේසිංහ ඇතුළු හත් දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඊයේ (20) පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම්කරු පොලිස් රැඳවුම්භාවයෙන් නිදහස් කරනු ලැබුවේ ජනාධිපතිගේ උපදෙස් අනුව බවය.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඊයේ (20) පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම්කරු පොලිස් රැඳවුම්භාවයෙන් නිදහස් කරනු ලැබුවේ ජනාධිපතිගේ උපදෙස් අනුව බවය.
    ඒක තමා ප්‍රශ්ණේ. එක්කෝ මුස්තාපා බොරු කියනවා. ඌ කියන්නේ ඈත්ත නම් අනිවා ඩීල් එකක් යනවා. ඒහෙම ඩීල් එකක් යනවා නම් ජනමතයට ජනාධිපති පයින් ගහලා
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    poddak inna dan sajith mohammad ge set eka eyi okkoma saakki ekka.

    එකාව නිදහස් කරලා ඒකට බයින්නෙත් ජෙප්පන්ටයි සජිත්ටයි. ඔහොම ගිල්ලොත් සුද්දාගෙ ගුයී මහින්දගේ ගුයී දෙකම විසවෙයි පුක්ජෝස් :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: malakadss