Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිසානා ගේ අලුගෝසුවා කියන කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිසානා ගේ අලුගෝසුවා කියන කතාව

රිසානාගේ අලුගෝසු මුහමද් සාද් අල් - බේෂි

ශ්‍රී ලංකාවෙන් සෞදි අරාබියට ගෘහ සේවය සඳහා ගිය රිසානා නෆීක්ගේ හිස ගසා දැමීම පසුගිය ජනවාරිය මුල මෙරට හා විදෙස් ජන මාධ්‍යයන්හි ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය. රිසානාට මරණ දඬුවම ලබාදීම හරහා සෞදි අරාබියේ තවමත් පවතින මධ්‍යකාලීන දඬුවම් ක්‍රම පිළිබඳ ද ජාත්‍යන්තරයෙන් විරෝධය එල්ල විය. රිසානාගේ හිස ගසා දැමීම රිසාද් නගරය ආසන්න ඩවාඩ්මි හි දී ප්‍රසිද්ධියේ සිදු කෙරුණු බවද ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය.

ෂර්යා නීතිය යටතේ සෞදි අරාබියේ දී මරණ දඬුවම නියම වන අපරාධ රැසක් තිබේ.

අනාචාරයේ හැසිරීම ඉන් එක වරදකි. අවිවාහකව ළාබාලව අනාචාරයේ හැසිරෙන අයට කස පහර 100 ක් දඬුවම් ලෙස නියම වන අතර අනාචාරයේ හැසිරී ඇත්තේ විවාහකයකු නම් ඔහු හෝ ඇය ගල්ගසා මරා දැමිය යුතු යැයි නියම වන්නට ද පුළුවන.

ඇදහූ ආගම අත්හල අයට හිස ගසා මරා දැමීමේ දඬුවම නියම වෙයි. මරණ දඬුවමෙන් ගැළවෙන්නට නම් ඔවුන් දින තුනක් ඇතුළත කළ වරද පිළිගෙන නැවත ඉස්ලාමය වැලඳගත යුතුය.

ආයුධ සන්නද්ධව මංකොල්ල කෑම බහු භාර්යා හෝ පුරුෂ සේවනය, මෝටර් රථ සොරකම් කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් හා මිනීමැරීම් වැනි වැරදිවලට ද සෞදි අරාබියේදී හිස ගසා මරා දැමීමේ දඬුවම නියම වෙයි. සමලිංගිකත්වය, ස්ත්‍රී දූෂණය, ලිංගිකව වැරදි ආකාරයට හැසිරීම, ත්‍රස්තවාදී ක්‍රියා, ශුද්ධවූ අල්ලාහ්ට එරෙහිව යුද කිරීම වැනි වැරදිවලට ද සෞදි අරාබියේ පවතින ෂර්යා නීතිය යටතේ මරණ දඬුවම හිමිවෙයි.

2007 – 2010 අතර කාලයේ ප්‍රසිද්ධියේ හිස ගසා මරා දැමීම් 345 ක් සිදු වී ඇති බව වාර්තා වෙයි. එම කාලය ඇතුළත සෞදියේ ගල්ගසා මරා දැමීම් සිදු වී නැත. 2012 වසරේ අවසාන හිස ගසා මරා දැමීමට ලක් වී ඇත්තේ යන්ත මන්ත්‍ර ගුරුකම්වල නියැළුණේ යැයි චෝදනා ලැබූ අයෙකි.

1981 – 1992 කාලය ඇතුළත එරට ගල්ගසා මරා දැමීම් හතරක් සිදුවී තිබේ.

සමහර අවස්ථාවල හිස ගසා මරා දැමූ තැනැත්තාගේ සිරුර කුරුසියේ ඇණ ගසා ප්‍රදර්ශනයට තබන්නට ද නියම වෙයි. 2009 දී ‘සෞදි ගැසට්’ හි පළවූ වාර්තාවකින් කියැවුණේ සන්නද්ධ කල්ලියක නායකයකු එසේ ගල් ගසා මරා සිරුර දින තුනක් කුරුසියේ ඇණ ගසා ප්‍රදර්ශනයේ තබන්නට සෞදි අධිකරණයක් නියම කළ බවය. අසිර් ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිහලක් කොල්ල කා තිබූ එම සන්නද්ධ කණ්ඩායමේ ඉතිරි සය දෙනාගේ හිස් ගසා මරා දමන්නට නියම වී තිබිණි.

පසුගිය කාලයේ සෞදියේදී මරණ දඬුවම හිමි වූ කාන්තාවන් මරා දැමුණේ වෙඩි තබා ය. එහෙත් මෑතක සිට යළි හිස ගසා මරා දැමීම ක්‍රියාත්මක වී තිබේ. කෙසේ වෙතත් එරට අපරාධ සඳහා නියම කෙරෙන මධ්‍ය කාලීන කෲර දඬුවම්වලට එරෙහිව ජාත්‍යන්තරයේ මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම හඬ නඟතත් එම හඬ නැඟීම්වලින් මෙතෙක් කිසිම පලයක් ලැබී නැත. 2012 වසරේදී පුද්ගලයන් 82 ක් සඳහා සෞදියේ මරණ දඬුවම ක්‍රියාත්මක වී ඇතැයි අම්නෙස්ටි සංවිධානය පවසයි. ඒ අය අතර කාන්තාවන් කී දෙනකු සිටියේද, හිස ගසා දැමීම් කොපමණ සිදුවීද යන්න අනාවරණය වී නැත. එහෙත් අම්නෙස්ටි සංවිධානය පවසන්නේ පසුගිය වසරේ මරණ දණ්ඩනයට පත් කෙරුණු අයගෙන් බහුතරය රිසානා නෆීක් වැනි විදේශිකයන් බවය.

හිස ගසා මරා දැමීම් ප්‍රසිද්ධියේ සිදුවන්නේ ඒ ඒ බන්ධනාගාරවලට ආසන්නතම නගරය මධ්‍යයේය. අලුගෝසුවා මෙන්ම මරණ දඬුවම නියම වී සිටින තැනැත්තාද මරණ දඬුවම ක්‍රියාත්මක වීමට නියමිත තැනට පැමිණෙන්නේ සුදු හැඳගෙනය.

වැරදිකරුට මාංචු දමා දෑස් බැඳ අදාළ ස්ථානයට ගෙන එන අතර ඔහු හෝ ඇය දණින් හිඳුවන තැන වටා අඩි කිහිපයක විෂ්කම්භය සහිත ප්ලාස්ටික් රවුමක් රඳවන්නේ වෑහෙන රුධිරය ඉන් එපිටට ගලා යනු වළකනු පිණිසය.

සෞදි අරාබියේ ප්‍රධානතම අලුගෝසුවා මුහමද් සාද් අල් - බේෂි ය. ඔහු සෞදි අරාබියේ පළවන ‘ඇරැබ් නිව්ස්’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සිය පෞද්ගලික ජීවිතය හා හිස ගසා මරා දැමීම පිළිබඳ කරුණු රැසක් හෙළි කර තිබේ.

“දෑත් හා දෑස් බැද දණින් හිඳුවන වැරදිකරුගේ හිස එක කඩු පහරින් වෙන් කිරීමයි මට පැවරෙන රාජකාරිය. කැපුණු හිස බිම වැටී මීටර කිහිපයක් ඈතට රෝල් වෙනවා. සමහර දිනවල මට පුද්ගලයන් දස දෙනකු පමණ මරා දමන්නට සිදු වනවා. වෙඩි තැබීමෙන් හෝ හිස ගසා දැමීමෙන් මා ඔවුන්ට මරණ දඬුවම ලබා දෙනවා. බොහෝ වේලාවට මට සිදුවන්නේ හිස ගසා දැමීම සිදු කිරීමටයි” අල් - බේෂි එහිදී පැවසා තිබේ.

ම අසිපත මුවහත්වත් පිරිසුදුවත් තබා ගනු පිණිස තම දරුවන් උපකාර කරන බවද ඔහු පැවසුවේය. මිනිසුන් වදයට පමුණුවාලීම පිළිබඳ වෘත්තිය පුහුණුව ලබා සිටින ඔහු අත් පා කැපීම හා දිව කැපීම වැනි දඬුවම් ද සිදු කරයි.

“ප්‍රසිද්ධියේ හිස ගසා දැමීම් සිදුකරන විට එතැනට බොහෝ දෙනා රැස් වෙනවා. මරණ වදය දුටුවිට සමහර අය ක්ලාන්ත වී ඇද වැටෙනවා. ඒ දෙස බලාගෙන ඉන්න බැරිනම් එයාලා මොකටද එතැනට එන්නේ?” අල් - බේෂි විමසයි.

“වරදකරු මරණ වදය ක්‍රියාත්මක කෙරෙන ස්ථානයට ගෙන එන විට ඔහුගේ හෝ ඇයගේ සම්පූර්ණ චිත්ත ධෛර්යය සිඳී ගිහින්. බොහෝ දෙනා දණ ගැස්සවූ විට නොසෙල්වී සිටින්නේ යම් මොහොතක තම ගෙල හරහා අසිපත ඇදී යන බව දැන දැනමයි. මම මුලින්ම වරදකරුටත් රොක්ව සිටින අයටත් ඇසෙන ලෙස අධිකරණයෙන් නිකුත් කර ඇති මරණ දඬුවම පිළිබඳ නියෝගය හඬ නඟා කියවනවා. ඉන්පසු ඉහළ නිලධාරියකුගේ සංඥාව ලැබුණ වහා මම වේගයෙන් අසිපත හසුරුවනවා.”

හිස ගසා මරා දැමුණු අයගේ සිරුරු ප්‍රදර්ශනය කරන්නටද අධිකරණයෙන් නියම වී ඇත්නම් එය කෙරෙන්නේ ප්‍රසිද්ධ ස්ථානයක ඉදි කෙරෙන කුරුසියක ඇණ ගැසීමෙන් පමණක් නොවේ. 2011 දී සෞදි අධිකරණයක් නියම කළේ ඉන්දුනීසියානු ගෘහ සේවිකාවක ගේ හිස සිඳ සිරුර හෙලිකොප්ටරයකින් ඉහළට ඔසොවා එල්ලා ප්‍රදර්ශනය කරන ලෙසිනි.

සෞදි අරාබියේ ප්‍රධාන අලුගෝසුවාට හොඳ වැටුපක් හා වෙනත් දීමනා ලැබේ.

“දවසකට මරන්නට සිදුවන පුද්ගල සංඛ්‍යාව මට වැදගත් නැහැ. මම කරන්නේ දෙවියන් මට පවරා ඇති රාජකාරිය. වරදකරුට මාංචු දමා දෑස් බැද වදය පමුණුවන ස්ථානයට ගෙන ඒම තමයි මට මුලින්ම පැවරී තිබූ රාජකාරිය. මට ඉහළින් සිටි අලුගෝසුවා යටතේ මා සියල්ල පුහුණු වුණා. අලුගෝසු තනතුර හිස් වූ වහා එම තනතුරට අයැදුම් පත් කැඳවූවා. මාත් අයැදුම් පතක් ඉදිරිපත් කළා. තනතුර සඳහා මාව තෝරා ගත්තා.” අල් - බේෂි අතීතය සිහි කරයි.

“මට පළමුවෙන්ම කෙනෙකුට මරණ වදය පමුණුවාලීම පැවරුණේ 1998 වසරේ ජෙඩා හිදී. මම එක පහරින්ම ඔහු ගේ හිස කඳින් වෙන් කළා. එදා නම් මම වැඩ කළේ සිතේ චකිතයක් හා නොසන්සුන් බවක් ඇතිව. දැන් නම් මට සන්සුන්ව ඕනෑම වරදකරුවකු හිස ගසා හෝ වෙඩි තබා මරා දමන්න පුළුවනි. සමහර අය මගෙන් අහන්නේ මට රෑට හොඳට නින්ද යනවාද කියායි. ඔව්. මට හොඳින් නින්ද යනවා.”

කෙනෙකුට මරණ දඬුවම ලබාදීමට නියමිත දිනට පෙර දින එම වරදකරුගේ නිවෙසට ගොස් ඒ අයගේ පවුලේ අය හමුවී දෙවියන්ගේ අණ පරිදි තමන් කරන දෙයට ඔවුනගෙන් සමාව ඉල්ලා සිටීම තම පුරුද්දක් බව අල් - බේෂි පවසයි. සෞදි අරාබියේ කිසිවකු තමා දෙස වපරැසින් නොබලන බවත් තමාට බියක් නොදක්වන බවත් ඔහු පවසයි.

“මා ඉටු කරන්නේ දෙවියන් වහන්සේගේ නීතිය බව සෞදි අරාබියේ සැවොම දන්නවා. කවුරුවත් මා කෙරේ බියක් පිළිකුලක් ඇති කරගන්නේ නැහැ. මට හුඟාක් ඥාතීන් හා මිතුරන් ඉන්නවා. මම ඒ අය එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. මගේ සමාජ ජීවිතයේදී මට ප්‍රශ්න නැහැ.”

සෞදි රජය තමාට ගෙවන වැටුප කොපමණද යන්න ඔහු හෙළි කරන්නේ නැත. එය ඉහළ වැටුපක් බව පමණක් අල් - බේෂි පවසයි.

මගේ කඩුව සෞදි රියාල් විසි දහසක් පමණ වටිනවා. එය මට සෞදි රජයෙන් ලැබුණ ත්‍යාගයක්. නිතරම ඒ අසිපතේ මුවහත ගැන මා පරීක්ෂාකාරී වෙනවා. එහි ලේ පැල්ලම් නොරැඳෙන්නටත් මා වගබලා ගන්නවා. එකම පහරකින් හිසක් සිඳී යන විට හුඟ දෙනා විමතිය පළ කරන්නේ අසිපතේ මුවහත ගැනයි.”

හිස ගසා දමන්නට සිදුවන්නේ ගැහැනියකගේද පිරිමියකුගේද යන්න තමාට වැදගත් නොවන බව අල් - බේෂි ප්‍රකාශ කරයි.

“කාන්තාවන්ට වද හිංසා කිරීම මම සාමාන්‍ය ජීවිතයේදී අනුමත කරන්නේ නැහැ. එහෙත් ගැහැනියකට මරණ දඬුවම ෂර්යා නීතියෙන් නියම වී ඇත්නම් එය දෙවියන්ගේ අණ බව මා දන්නවා. එතුමන්ගේ අණ මා ක්‍රියාවට නංවනවා.”

ගැහැනියකට මරණ දඬුම ලබා දීමේදී ඒ සඳහා භාවිත කරන අවිය තෝරා ගැනීමේ නිදහස අල් - බේෂි සතුය.

“මා එවිට එම කාන්තාවගෙන් අසනවා වෙඩි තබන්න ද නැතිනම් හිස ගසා දමන්න ද කියා. ඔවුන්ගෙන් වැඩි දෙනා මට කියන්නේ කඩුව පාවිච්චි කරන්න කියලායි.”

තමාගෙන් පසු සෞදි අරාබියේ ප්‍රධාන අලුගෝසු තනතුරට ඔහු තම වැඩිමල් පුත් මුසාද් පුහුණු කරවා තිබේ. අසිපත නිවැරදිව අල්ලා ගැනීම ගෙලෙහි නියමිත ස්ථානයට පතිත කිරීම, එසේ පතිත කරන වේගය ආදිය එම පුහුණුවට ඇතුළත් වෙයි. අල් - බේෂි පවසන්නේ අත්පා සහ දිව කපා දැමීම්වලදී තමන් අසිපත වෙනුවට තියුණු පිහියක් භාවිත කරන බවය.

“එම පිහියේ මුවහත ගැනත් මා නිතරම සැලකිළිමත් වෙනවා. අත හෝ පය කපන්න ඕන කොතැනින්ද යන්න ගැන මට ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබෙනවා. ඒ අනුව මා ක්‍රියාත්මක වනවා.”

අල් - බේෂි විවාහකයෙකි. දරුවන් සත් දෙනකුගේ පියෙකි. තමා අලුගෝසු තනතුර බාරගන්නා විට ඊට තම බිරිය එරෙහි නොවූ බවද ඔහු පවසයි.

“එයා මට කීවේ තනතුර බාරගන්න කලින් ඒ ගැන ඉතා හොඳින් හිතා බලන්න කියා විතරයි. කෙනකුට මරණ දඬුවම ලබා දී ගෙදරට යනකොටත් වෙනදාට වගේම ඇය මා හොඳින් පිළිගන්නවා. මගේ දරුවන් මට ආදරෙයි. මගේ දියණියට පුතකු ඉන්නවා. ඒ මුනුපුරාගේ නම හාසා. එයා තමයි මගේ ජීවිතයේ ලොකුම ප්‍රමෝධය. දෙවියන්ගේ අණ ඉටුකරන මට දෙවියන්වහන්සේගේ ආශිර්වාදය හිමියි.”

කුමාර සිරිවර්ධන(දැනමුතු සඟරාව )

ඇරැබ් නිව්ස් හා අන්තර්ජාලය ඇසුරිනි

Repost nan sorry honde...

[QUOTE="nishu112, post: 14888845, member: 97761"] [b]රිසානා ගේ අලුගෝසුවා කියන කතාව[/b] [SIZE="4"] රිසානාගේ අලුගෝසු මුහමද් සාද් අල් - බේෂි ශ්‍රී ලංකාවෙන් සෞදි අරාබියට ගෘහ සේවය සඳහා ගිය රිසානා නෆීක්ගේ හිස ගසා දැමීම පසුගිය ජනවාරිය මුල මෙරට හා විදෙස් ජන මාධ්‍යයන්හි ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය. රිසානාට මරණ දඬුවම ලබාදීම හරහා සෞදි අරාබියේ තවමත් පවතින මධ්‍යකාලීන දඬුවම් ක්‍රම පිළිබඳ ද ජාත්‍යන්තරයෙන් විරෝධය එල්ල විය. රිසානාගේ හිස ගසා දැමීම රිසාද් නගරය ආසන්න ඩවාඩ්මි හි දී ප්‍රසිද්ධියේ සිදු කෙරුණු බවද ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය. ෂර්යා නීතිය යටතේ සෞදි අරාබියේ දී මරණ දඬුවම නියම වන අපරාධ රැසක් තිබේ. අනාචාරයේ හැසිරීම ඉන් එක වරදකි. අවිවාහකව ළාබාලව අනාචාරයේ හැසිරෙන අයට කස පහර 100 ක් දඬුවම් ලෙස නියම වන අතර අනාචාරයේ හැසිරී ඇත්තේ විවාහකයකු නම් ඔහු හෝ ඇය ගල්ගසා මරා දැමිය යුතු යැයි නියම වන්නට ද පුළුවන. ඇදහූ ආගම අත්හල අයට හිස ගසා මරා දැමීමේ දඬුවම නියම වෙයි. මරණ දඬුවමෙන් ගැළවෙන්නට නම් ඔවුන් දින තුනක් ඇතුළත කළ වරද පිළිගෙන නැවත ඉස්ලාමය වැලඳගත යුතුය. ආයුධ සන්නද්ධව මංකොල්ල කෑම බහු භාර්යා හෝ පුරුෂ සේවනය, මෝටර් රථ සොරකම් කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් හා මිනීමැරීම් වැනි වැරදිවලට ද සෞදි අරාබියේදී හිස ගසා මරා දැමීමේ දඬුවම නියම වෙයි. සමලිංගිකත්වය, ස්ත්‍රී දූෂණය, ලිංගිකව වැරදි ආකාරයට හැසිරීම, ත්‍රස්තවාදී ක්‍රියා, ශුද්ධවූ අල්ලාහ්ට එරෙහිව යුද කිරීම වැනි වැරදිවලට ද සෞදි අරාබියේ පවතින ෂර්යා නීතිය යටතේ මරණ දඬුවම හිමිවෙයි. 2007 – 2010 අතර කාලයේ ප්‍රසිද්ධියේ හිස ගසා මරා දැමීම් 345 ක් සිදු වී ඇති බව වාර්තා වෙයි. එම කාලය ඇතුළත සෞදියේ ගල්ගසා මරා දැමීම් සිදු වී නැත. 2012 වසරේ අවසාන හිස ගසා මරා දැමීමට ලක් වී ඇත්තේ යන්ත මන්ත්‍ර ගුරුකම්වල නියැළුණේ යැයි චෝදනා ලැබූ අයෙකි. 1981 – 1992 කාලය ඇතුළත එරට ගල්ගසා මරා දැමීම් හතරක් සිදුවී තිබේ. සමහර අවස්ථාවල හිස ගසා මරා දැමූ තැනැත්තාගේ සිරුර කුරුසියේ ඇණ ගසා ප්‍රදර්ශනයට තබන්නට ද නියම වෙයි. 2009 දී ‘සෞදි ගැසට්’ හි පළවූ වාර්තාවකින් කියැවුණේ සන්නද්ධ කල්ලියක නායකයකු එසේ ගල් ගසා මරා සිරුර දින තුනක් කුරුසියේ ඇණ ගසා ප්‍රදර්ශනයේ තබන්නට සෞදි අධිකරණයක් නියම කළ බවය. අසිර් ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිහලක් කොල්ල කා තිබූ එම සන්නද්ධ කණ්ඩායමේ ඉතිරි සය දෙනාගේ හිස් ගසා මරා දමන්නට නියම වී තිබිණි. පසුගිය කාලයේ සෞදියේදී මරණ දඬුවම හිමි වූ කාන්තාවන් මරා දැමුණේ වෙඩි තබා ය. එහෙත් මෑතක සිට යළි හිස ගසා මරා දැමීම ක්‍රියාත්මක වී තිබේ. කෙසේ වෙතත් එරට අපරාධ සඳහා නියම කෙරෙන මධ්‍ය කාලීන කෲර දඬුවම්වලට එරෙහිව ජාත්‍යන්තරයේ මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම හඬ නඟතත් එම හඬ නැඟීම්වලින් මෙතෙක් කිසිම පලයක් ලැබී නැත. 2012 වසරේදී පුද්ගලයන් 82 ක් සඳහා සෞදියේ මරණ දඬුවම ක්‍රියාත්මක වී ඇතැයි අම්නෙස්ටි සංවිධානය පවසයි. ඒ අය අතර කාන්තාවන් කී දෙනකු සිටියේද, හිස ගසා දැමීම් කොපමණ සිදුවීද යන්න අනාවරණය වී නැත. එහෙත් අම්නෙස්ටි සංවිධානය පවසන්නේ පසුගිය වසරේ මරණ දණ්ඩනයට පත් කෙරුණු අයගෙන් බහුතරය රිසානා නෆීක් වැනි විදේශිකයන් බවය. හිස ගසා මරා දැමීම් ප්‍රසිද්ධියේ සිදුවන්නේ ඒ ඒ බන්ධනාගාරවලට ආසන්නතම නගරය මධ්‍යයේය. අලුගෝසුවා මෙන්ම මරණ දඬුවම නියම වී සිටින තැනැත්තාද මරණ දඬුවම ක්‍රියාත්මක වීමට නියමිත තැනට පැමිණෙන්නේ සුදු හැඳගෙනය. වැරදිකරුට මාංචු දමා දෑස් බැඳ අදාළ ස්ථානයට ගෙන එන අතර ඔහු හෝ ඇය දණින් හිඳුවන තැන වටා අඩි කිහිපයක විෂ්කම්භය සහිත ප්ලාස්ටික් රවුමක් රඳවන්නේ වෑහෙන රුධිරය ඉන් එපිටට ගලා යනු වළකනු පිණිසය. සෞදි අරාබියේ ප්‍රධානතම අලුගෝසුවා මුහමද් සාද් අල් - බේෂි ය. ඔහු සෞදි අරාබියේ පළවන ‘ඇරැබ් නිව්ස්’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සිය පෞද්ගලික ජීවිතය හා හිස ගසා මරා දැමීම පිළිබඳ කරුණු රැසක් හෙළි කර තිබේ. “දෑත් හා දෑස් බැද දණින් හිඳුවන වැරදිකරුගේ හිස එක කඩු පහරින් වෙන් කිරීමයි මට පැවරෙන රාජකාරිය. කැපුණු හිස බිම වැටී මීටර කිහිපයක් ඈතට රෝල් වෙනවා. සමහර දිනවල මට පුද්ගලයන් දස දෙනකු පමණ මරා දමන්නට සිදු වනවා. වෙඩි තැබීමෙන් හෝ හිස ගසා දැමීමෙන් මා ඔවුන්ට මරණ දඬුවම ලබා දෙනවා. බොහෝ වේලාවට මට සිදුවන්නේ හිස ගසා දැමීම සිදු කිරීමටයි” අල් - බේෂි එහිදී පැවසා තිබේ. ම අසිපත මුවහත්වත් පිරිසුදුවත් තබා ගනු පිණිස තම දරුවන් උපකාර කරන බවද ඔහු පැවසුවේය. මිනිසුන් වදයට පමුණුවාලීම පිළිබඳ වෘත්තිය පුහුණුව ලබා සිටින ඔහු අත් පා කැපීම හා දිව කැපීම වැනි දඬුවම් ද සිදු කරයි. “ප්‍රසිද්ධියේ හිස ගසා දැමීම් සිදුකරන විට එතැනට බොහෝ දෙනා රැස් වෙනවා. මරණ වදය දුටුවිට සමහර අය ක්ලාන්ත වී ඇද වැටෙනවා. ඒ දෙස බලාගෙන ඉන්න බැරිනම් එයාලා මොකටද එතැනට එන්නේ?” අල් - බේෂි විමසයි. “වරදකරු මරණ වදය ක්‍රියාත්මක කෙරෙන ස්ථානයට ගෙන එන විට ඔහුගේ හෝ ඇයගේ සම්පූර්ණ චිත්ත ධෛර්යය සිඳී ගිහින්. බොහෝ දෙනා දණ ගැස්සවූ විට නොසෙල්වී සිටින්නේ යම් මොහොතක තම ගෙල හරහා අසිපත ඇදී යන බව දැන දැනමයි. මම මුලින්ම වරදකරුටත් රොක්ව සිටින අයටත් ඇසෙන ලෙස අධිකරණයෙන් නිකුත් කර ඇති මරණ දඬුවම පිළිබඳ නියෝගය හඬ නඟා කියවනවා. ඉන්පසු ඉහළ නිලධාරියකුගේ සංඥාව ලැබුණ වහා මම වේගයෙන් අසිපත හසුරුවනවා.” හිස ගසා මරා දැමුණු අයගේ සිරුරු ප්‍රදර්ශනය කරන්නටද අධිකරණයෙන් නියම වී ඇත්නම් එය කෙරෙන්නේ ප්‍රසිද්ධ ස්ථානයක ඉදි කෙරෙන කුරුසියක ඇණ ගැසීමෙන් පමණක් නොවේ. 2011 දී සෞදි අධිකරණයක් නියම කළේ ඉන්දුනීසියානු ගෘහ සේවිකාවක ගේ හිස සිඳ සිරුර හෙලිකොප්ටරයකින් ඉහළට ඔසොවා එල්ලා ප්‍රදර්ශනය කරන ලෙසිනි. සෞදි අරාබියේ ප්‍රධාන අලුගෝසුවාට හොඳ වැටුපක් හා වෙනත් දීමනා ලැබේ. “දවසකට මරන්නට සිදුවන පුද්ගල සංඛ්‍යාව මට වැදගත් නැහැ. මම කරන්නේ දෙවියන් මට පවරා ඇති රාජකාරිය. වරදකරුට මාංචු දමා දෑස් බැද වදය පමුණුවන ස්ථානයට ගෙන ඒම තමයි මට මුලින්ම පැවරී තිබූ රාජකාරිය. මට ඉහළින් සිටි අලුගෝසුවා යටතේ මා සියල්ල පුහුණු වුණා. අලුගෝසු තනතුර හිස් වූ වහා එම තනතුරට අයැදුම් පත් කැඳවූවා. මාත් අයැදුම් පතක් ඉදිරිපත් කළා. තනතුර සඳහා මාව තෝරා ගත්තා.” අල් - බේෂි අතීතය සිහි කරයි. “මට පළමුවෙන්ම කෙනෙකුට මරණ වදය පමුණුවාලීම පැවරුණේ 1998 වසරේ ජෙඩා හිදී. මම එක පහරින්ම ඔහු ගේ හිස කඳින් වෙන් කළා. එදා නම් මම වැඩ කළේ සිතේ චකිතයක් හා නොසන්සුන් බවක් ඇතිව. දැන් නම් මට සන්සුන්ව ඕනෑම වරදකරුවකු හිස ගසා හෝ වෙඩි තබා මරා දමන්න පුළුවනි. සමහර අය මගෙන් අහන්නේ මට රෑට හොඳට නින්ද යනවාද කියායි. ඔව්. මට හොඳින් නින්ද යනවා.” කෙනෙකුට මරණ දඬුවම ලබාදීමට නියමිත දිනට පෙර දින එම වරදකරුගේ නිවෙසට ගොස් ඒ අයගේ පවුලේ අය හමුවී දෙවියන්ගේ අණ පරිදි තමන් කරන දෙයට ඔවුනගෙන් සමාව ඉල්ලා සිටීම තම පුරුද්දක් බව අල් - බේෂි පවසයි. සෞදි අරාබියේ කිසිවකු තමා දෙස වපරැසින් නොබලන බවත් තමාට බියක් නොදක්වන බවත් ඔහු පවසයි. “මා ඉටු කරන්නේ දෙවියන් වහන්සේගේ නීතිය බව සෞදි අරාබියේ සැවොම දන්නවා. කවුරුවත් මා කෙරේ බියක් පිළිකුලක් ඇති කරගන්නේ නැහැ. මට හුඟාක් ඥාතීන් හා මිතුරන් ඉන්නවා. මම ඒ අය එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. මගේ සමාජ ජීවිතයේදී මට ප්‍රශ්න නැහැ.” සෞදි රජය තමාට ගෙවන වැටුප කොපමණද යන්න ඔහු හෙළි කරන්නේ නැත. එය ඉහළ වැටුපක් බව පමණක් අල් - බේෂි පවසයි. මගේ කඩුව සෞදි රියාල් විසි දහසක් පමණ වටිනවා. එය මට සෞදි රජයෙන් ලැබුණ ත්‍යාගයක්. නිතරම ඒ අසිපතේ මුවහත ගැන මා පරීක්ෂාකාරී වෙනවා. එහි ලේ පැල්ලම් නොරැඳෙන්නටත් මා වගබලා ගන්නවා. එකම පහරකින් හිසක් සිඳී යන විට හුඟ දෙනා විමතිය පළ කරන්නේ අසිපතේ මුවහත ගැනයි.” හිස ගසා දමන්නට සිදුවන්නේ ගැහැනියකගේද පිරිමියකුගේද යන්න තමාට වැදගත් නොවන බව අල් - බේෂි ප්‍රකාශ කරයි. “කාන්තාවන්ට වද හිංසා කිරීම මම සාමාන්‍ය ජීවිතයේදී අනුමත කරන්නේ නැහැ. එහෙත් ගැහැනියකට මරණ දඬුවම ෂර්යා නීතියෙන් නියම වී ඇත්නම් එය දෙවියන්ගේ අණ බව මා දන්නවා. එතුමන්ගේ අණ මා ක්‍රියාවට නංවනවා.” ගැහැනියකට මරණ දඬුම ලබා දීමේදී ඒ සඳහා භාවිත කරන අවිය තෝරා ගැනීමේ නිදහස අල් - බේෂි සතුය. “මා එවිට එම කාන්තාවගෙන් අසනවා වෙඩි තබන්න ද නැතිනම් හිස ගසා දමන්න ද කියා. ඔවුන්ගෙන් වැඩි දෙනා මට කියන්නේ කඩුව පාවිච්චි කරන්න කියලායි.” තමාගෙන් පසු සෞදි අරාබියේ ප්‍රධාන අලුගෝසු තනතුරට ඔහු තම වැඩිමල් පුත් මුසාද් පුහුණු කරවා තිබේ. අසිපත නිවැරදිව අල්ලා ගැනීම ගෙලෙහි නියමිත ස්ථානයට පතිත කිරීම, එසේ පතිත කරන වේගය ආදිය එම පුහුණුවට ඇතුළත් වෙයි. අල් - බේෂි පවසන්නේ අත්පා සහ දිව කපා දැමීම්වලදී තමන් අසිපත වෙනුවට තියුණු පිහියක් භාවිත කරන බවය. “එම පිහියේ මුවහත ගැනත් මා නිතරම සැලකිළිමත් වෙනවා. අත හෝ පය කපන්න ඕන කොතැනින්ද යන්න ගැන මට ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබෙනවා. ඒ අනුව මා ක්‍රියාත්මක වනවා.” අල් - බේෂි විවාහකයෙකි. දරුවන් සත් දෙනකුගේ පියෙකි. තමා අලුගෝසු තනතුර බාරගන්නා විට ඊට තම බිරිය එරෙහි නොවූ බවද ඔහු පවසයි. “එයා මට කීවේ තනතුර බාරගන්න කලින් ඒ ගැන ඉතා හොඳින් හිතා බලන්න කියා විතරයි. කෙනකුට මරණ දඬුවම ලබා දී ගෙදරට යනකොටත් වෙනදාට වගේම ඇය මා හොඳින් පිළිගන්නවා. මගේ දරුවන් මට ආදරෙයි. මගේ දියණියට පුතකු ඉන්නවා. ඒ මුනුපුරාගේ නම හාසා. එයා තමයි මගේ ජීවිතයේ ලොකුම ප්‍රමෝධය. දෙවියන්ගේ අණ ඉටුකරන මට දෙවියන්වහන්සේගේ ආශිර්වාදය හිමියි.”[/SIZE] [B]කුමාර සිරිවර්ධන(දැනමුතු සඟරාව ) ඇරැබ් නිව්ස් හා අන්තර්ජාලය ඇසුරිනි[/B] [CENTER][B][COLOR="Red"][SIZE="5"]Repost nan sorry honde... [/SIZE][/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom