Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුදුරු සමාජයක් බිහිවන්නේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුදුරු සමාජයක් බිහිවන්නේ ඇයි?

බුදු දහමේ දැක්වෙන පරිදි මිනිස් ලොව ආරම්භයේදී පහළ වු මිනිසා නොදියුණු පුද්ගලයකු නොව දියුණු පුද්ගලයෙකි. මිනිසාගේ ආරම්භය වැදි යුගයෙන් සිදු වූ බවට විවිධ මානව විද්‍යාඥයන් විසින් විවිධ මත පළ කර ඇතත් බුද්ධ දේශනාවට අනුව ආදීතම මිනිස් වර්ගයා දේවත්වයට සමීප බවක් පෙන්නුම් කරයි. දීඝ නිකායේ පාථික වග්ගයෙහි ඇතුළත් අග්ගඤ්ඤ සූත්‍රය මඟින් මේ පිළිබද පූර්ණ විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. මෙම මහා පෘථිවිය විනාශ වී නැවත හටගත් මුල් අවදියේ වෙනත් ලෝකයකින් (ආභස්සර බඹලොව) මෙම පෘථිවිය කරා පැමිණි ආගන්තුක සත්ත්ව කොටසක් ඇසුරින් මිනිස් සාමාජය ප්‍රතිනිර්මාණය වන අයුරු එහි සවිස්තරව දැක් වේ.

ශරීරය පවත්වා ගැනීමට අවශ්‍ය ආහාරයට පවා අශාවක් නොදක්වන සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම ආදී වැරැදි ක්‍රියාවන්ගෙන් තොර උසස් මානසික මට්ටමකින් යුතු ජිවීන්ගෙන් ආරම්භ වුණු මිනිසාට පළමුවෙන් ම ආහාරය සදහා තෘෂ්ණාව ඇති වන ආකාරයත් ඉන් අනතුරුව කාය සන්තර්පණය සඳහා සෙසු පස්පව් දස අකුසලයන් කෙරෙහි ක්‍රමයෙන් මිනිස් සමාජය නැඹුරු වන අන්දමත් එහි දැක් වේ. පැහැදිලිවම ඒ වගේම තම තමන් වාසය කරන රටවල් පාලනය සඳහා පාලකයකු නැතිනම් රජෙකු තෝරා ගනු ලබන්නේ ද මිනිස් සමාජය තුළ පැන නැගුණු විවිධ දුෂ්චරිත පාලනය කර ගැනීම සඳහා ය.

මිනිස් ලොව රුදුරු ජන කොටස් බිහිවු අකාරය හා ඊට මුල් වූ හේතු පිළිබඳව මනා විග්‍රහයක් දීඝ නිකායේ පාථික වර්ගයෙහි ඇතුළත් චක්රවර්ථි සිහනාද සුත්‍රයේ දැක් වේ. ලොව කවර පුද්ගලයකුට හෝ සමාජයකට ප්‍රතික්ෂේප කළ නොහැකි සමාජ විග්‍රහයක් එම සුත්‍ර දේශනාවෙන් ඉදිරිපත් කර ඇත.

එම සූත්‍ර පාඨයේ දැක්වෙන පරිදි මිනිස් සමාජය රෞද්‍ර බවට විෂම බවට පත්වීම සඳහා මුල් වී ඇත්තේ දිළිඳු බවයි. කවරම මිනිස් සමාජයක් හෝ වර්ධනය වී ජන සංඛ්‍යාව ව්‍යාප්ත වන විට සම්පත් හිඟතාවයක් හටගනී. එවිට ශක්තිමත් මිනිසා විසින් සෙසු සම්පත් සූරාකෑම ආරම්භ කරයි. ඒ ආශ්රයෙන් ඔහු ධනවතකු බවට ද පත් වේ. එබඳු සමාජයක ධනවත් - දුප්පත් භේදය මුල් කර ගෙන සමාජයේ ඇතැම් පිරිස් කොන් වී යයි.

එමඟින් සමාජ පන්ති භේදයක් හටගනී. සමානාත්මතා සංකල්පය සමාජයෙන් බැහැර වේ. දිළඳු ජන කොටසක් සමාජය තුළින් බිහිවෙයි. ඒ ආකාරයෙන් බිහිවූ පිරිස වර්තමාණයේ හඳුන්වනු ලබන්නේ පීඩිත පන්තිය යනුවෙනි. මෙසේ වරප්‍රසාද රහිත දිළිඳු සමාජයක් ගොඩනැ¼ගුණු විට ඔවුන්ගේ ජීවන පැවත්ම සඳහා විවිධ ක්‍රියාකාරකම්වලට පෙළඹෙයි. එබඳු පිරිස් තමන්ගේ ජීවන ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා සොරකම, වංචාව, මංකොල්ලකෑම්, දූෂණය වැනි විවිධාකාර විෂම ක්‍රියාවන් සමාජය තුළ සිදුකිරීමට පෙළඹී ඇති අවස්ථාව වැඩිවිය හැකිය.

එම සුත්‍ර පාඨයේ මුලින්ම දැක්වෙන ආකාරයට සාමාජය විෂම වීමට මුලිකම හේතුව දිළිඳුකම බවත්, එතුළින් මිනිස් සමාජයේ සොරකම, වංචාව ප්‍රචලිත වන බවත්, පෙනී යයි. ආරක්ෂක ක්‍රමවේද සහ බලවතුන් සහිත සමාජයක සොරකම් කිරීම පහසු කාර්යයක් නොවේ. අප තථාගත බුදුරජාණන් වහන්සේ ඉන් අනතුරුව සමාජය විකෘති වීම සඳහා පාදක වන කරුණක් ගෙනහැර දක්වති. එනම්; ‘සත්ථා වේපුල්ල මගමාසි’ යන්නයි. එනම් සොරකම සමාජය තුළ ව්‍යාප්ත වන විට මිනිසාට අවිආයුධ දැරීමට සිදුවන බව එයින් කියැවේ. මිනිසා විසින් අවි ආයුධ තනාගෙන අනුන් ඝාතනය කර හෝ අනුන්ගේ ධන සම්පත් පැහැර ගැනීමට කල්පනා කරයි.

මේ ආකාරයෙන් සොරකම් කරන, මිනිස් ඝාතනයට පෙළඹෙන, පුද්ගයන් අල්ලා රාජ දණ්ඩනයට ලක් කරනු ලැබේ. මෙවන් අවස්ථාවකදී තමාගේ ජීවිතය රැකගැනීමේ අරමුණින් සොරකම් කළ, අන්‍යයන් ඝාතනය කළ තැනැත්තා අධිකරණය හමුවේ බොරුකීමට පෙළඹෙයි. මිනිස් සමාජයට බොරුකීම ආරම්භ වන ආකාරය එමගින් මනාව පෙන්වා දී ඇත. මෙසේ කේළාම් කීම, කාමයෙහි වරදවා හැසිරීම, පරුෂ වචන කීම, ආදි විවිධ වැරදිවල යෙදීමට පුද්ගලයා පෙළඹෙයි.

මිනිසා තුළ දැඩි ලෝභකම, ක්‍රෝධය, වෛරය හා වැරැදි ආකල්ප බහුලව ව්‍යාප්ත වන විට මිනිස් සමාජය තුළ ප්‍රබල දුර්වලතා තුනක් ප්‍රචලිත වන බව ද මෙහි දැක් වේ. එනම්,

1. අධම්ම රාගය

2. විෂම ලෝභය

3. මිච්ඡා ධර්ම යන කරුණු තුනයි.

අධම්ම රාගය යන පුද්ගලයා වැරැදි ලෙස දිවිගෙවීමට ආශා කිරීමයි. මෙය වසර දහස් ගණනක් තිස්සේ පරම්පරා ගණනාවක පටන් පවතින බැවින් පොදුවේ ගත් විට යහපතට වඩා අයහපතට කැමති වන රුචිවන මිනිසුන් බහුලව ව්‍යාප්ත වීමට බලපාන සාධකයකි. දැහැමිව ජීවත්වීමට වඩා අධර්මයෙන් නීතිරීති කඩා බිඳ දමමින් ජීවත් වීමට කැමැති පුද්ගලයන් සහිත සමාජයක් ගොඩනැගීමට මෙම දුර්වලතාව ප්‍රධාන ලෙස හේතු සාධක වෙයි. මෙහි දෙවන කරුණ විෂම ලෝභයයි විෂම ලෝභය යනු වස්තුව, ධනය, කෙරෙහි ඇති දැඩි කෑදරකමයි. ධන සම්පත් තමා සතු කර ගැනීම සඳහා ජීවිත සිය දහස් ගණනක් හෝ විනාශ කිරීමට, ඝාතනය කිරීමට පුද්ගලයා පෙළඹෙන්නේ මෙම මානසිකත්වය මුල් වීමෙනි.

තුන්වන කරුණ ලෙස දැක්වෙන්නේ මිච්ඡා ධර්මයයි. හොඳ දේ නරක ලෙසත් නරක දේ හොඳ ලෙසත් වැටහෙන්නේ පුද්ගලයා තුළ මිච්ඡා ධර්මය ව්‍යාප්ත වූ විට ය. වත්මන් සමාජය දෙස දෑස් යොමු කරන විට අප තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ දේශනාවේ ඇතුළත් මෙම කරුණු කොතරම් දුරට සත්‍යය ද යන වග මනාව පැහැදිලි වේ. මේ මනුෂ්‍ය සමාජයේ ජීවත්වන, යමක් වටහා ගැනීමේ ශක්තියක් ඇති මිනිසාට, අප තථාගතයන් වහන්සේ එදා පෙන්වා දුන් මේ සමාජයේ විෂමතාවය, අද හොඳින් වටහාගත හැකිය.

මේ ආකාරයෙන් විෂම වූ සමාජය යම් තරමකින් හෝ සාමකාමී, විනීත සමාජයක් බවට පත්කිරීමට මනුෂ්‍යයන් වූ අප කටයුතු කරමු. එවන් වූ සුන්දර සමාජයක් බිහිකිරීමට නම් අප තථාගතයන් වහන්සේ දේශනා කළ උතුම් බුද්ධ දේශනා ඇසුරට ගනිමු.

බුද්ධ දේශනාවන් ඇසුරෙන් තමාගේ ජීවිතය, යහපත් වූ ආකාරයෙන් පවත්වා ගැනීමට උත්සාහ කරන ගමන් තමා අවට සමාජයේ තවත් එක් අයෙක් හෝ සුමඟට ගැනීමට ඔබට හැකිනම් එය මහත් සත්ක්‍රියාවකි.

පුජ්‍ය නිරල්ගම බුද්ධවංස හිමි

හීනටිකුඹුර පුරාණ විහාරවාසී,

ත්‍රිපිටකවේදී දර්ශනපති,

සේදවත්ත සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති

[QUOTE="crazybuddy, post: 13003107, member: 326070"] [b]රුදුරු සමාජයක් බිහිවන්නේ ඇයි?[/b] [CENTER][IMG]http://1.bp.blogspot.com/-Q7qergIpZRU/TWLJZoybSOI/AAAAAAAAABM/uitS_3enVjE/s1600/8240-divorcechildren-1256677532.jpg[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/1/1e/Street_fight.jpg[/IMG] [SIZE=4][COLOR=Sienna]බුදු දහමේ දැක්වෙන පරිදි මිනිස් ලොව ආරම්භයේදී පහළ වු මිනිසා නොදියුණු පුද්ගලයකු නොව දියුණු පුද්ගලයෙකි. මිනිසාගේ ආරම්භය වැදි යුගයෙන් සිදු වූ බවට විවිධ මානව විද්‍යාඥයන් විසින් විවිධ මත පළ කර ඇතත් බුද්ධ දේශනාවට අනුව ආදීතම මිනිස් වර්ගයා දේවත්වයට සමීප බවක් පෙන්නුම් කරයි. දීඝ නිකායේ පාථික වග්ගයෙහි ඇතුළත් අග්ගඤ්ඤ සූත්‍රය මඟින් මේ පිළිබද පූර්ණ විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. මෙම මහා පෘථිවිය විනාශ වී නැවත හටගත් මුල් අවදියේ වෙනත් ලෝකයකින් (ආභස්සර බඹලොව) මෙම පෘථිවිය කරා පැමිණි ආගන්තුක සත්ත්ව කොටසක් ඇසුරින් මිනිස් සාමාජය ප්‍රතිනිර්මාණය වන අයුරු එහි සවිස්තරව දැක් වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna] ශරීරය පවත්වා ගැනීමට අවශ්‍ය ආහාරයට පවා අශාවක් නොදක්වන සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම ආදී වැරැදි ක්‍රියාවන්ගෙන් තොර උසස් මානසික මට්ටමකින් යුතු ජිවීන්ගෙන් ආරම්භ වුණු මිනිසාට පළමුවෙන් ම ආහාරය සදහා තෘෂ්ණාව ඇති වන ආකාරයත් ඉන් අනතුරුව කාය සන්තර්පණය සඳහා සෙසු පස්පව් දස අකුසලයන් කෙරෙහි ක්‍රමයෙන් මිනිස් සමාජය නැඹුරු වන අන්දමත් එහි දැක් වේ. පැහැදිලිවම ඒ වගේම තම තමන් වාසය කරන රටවල් පාලනය සඳහා පාලකයකු නැතිනම් රජෙකු තෝරා ගනු ලබන්නේ ද මිනිස් සමාජය තුළ පැන නැගුණු විවිධ දුෂ්චරිත පාලනය කර ගැනීම සඳහා ය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR] [SIZE=4][COLOR=Sienna] මිනිස් ලොව රුදුරු ජන කොටස් බිහිවු අකාරය හා ඊට මුල් වූ හේතු පිළිබඳව මනා විග්‍රහයක් දීඝ නිකායේ පාථික වර්ගයෙහි ඇතුළත් චක්රවර්ථි සිහනාද සුත්‍රයේ දැක් වේ. ලොව කවර පුද්ගලයකුට හෝ සමාජයකට ප්‍රතික්ෂේප කළ නොහැකි සමාජ විග්‍රහයක් එම සුත්‍ර දේශනාවෙන් ඉදිරිපත් කර ඇත.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR] [SIZE=4][COLOR=Sienna] එම සූත්‍ර පාඨයේ දැක්වෙන පරිදි මිනිස් සමාජය රෞද්‍ර බවට විෂම බවට පත්වීම සඳහා මුල් වී ඇත්තේ දිළිඳු බවයි. කවරම මිනිස් සමාජයක් හෝ වර්ධනය වී ජන සංඛ්‍යාව ව්‍යාප්ත වන විට සම්පත් හිඟතාවයක් හටගනී. එවිට ශක්තිමත් මිනිසා විසින් සෙසු සම්පත් සූරාකෑම ආරම්භ කරයි. ඒ ආශ්රයෙන් ඔහු ධනවතකු බවට ද පත් වේ. එබඳු සමාජයක ධනවත් - දුප්පත් භේදය මුල් කර ගෙන සමාජයේ ඇතැම් පිරිස් කොන් වී යයි. [/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR] [SIZE=4][COLOR=Sienna] එමඟින් සමාජ පන්ති භේදයක් හටගනී. සමානාත්මතා සංකල්පය සමාජයෙන් බැහැර වේ. දිළඳු ජන කොටසක් සමාජය තුළින් බිහිවෙයි. ඒ ආකාරයෙන් බිහිවූ පිරිස වර්තමාණයේ හඳුන්වනු ලබන්නේ පීඩිත පන්තිය යනුවෙනි. මෙසේ වරප්‍රසාද රහිත දිළිඳු සමාජයක් ගොඩනැ¼ගුණු විට ඔවුන්ගේ ජීවන පැවත්ම සඳහා විවිධ ක්‍රියාකාරකම්වලට පෙළඹෙයි. එබඳු පිරිස් තමන්ගේ ජීවන ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා සොරකම, වංචාව, මංකොල්ලකෑම්, දූෂණය වැනි විවිධාකාර විෂම ක්‍රියාවන් සමාජය තුළ සිදුකිරීමට පෙළඹී ඇති අවස්ථාව වැඩිවිය හැකිය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR] [SIZE=4][COLOR=Sienna] එම සුත්‍ර පාඨයේ මුලින්ම දැක්වෙන ආකාරයට සාමාජය විෂම වීමට මුලිකම හේතුව දිළිඳුකම බවත්, එතුළින් මිනිස් සමාජයේ සොරකම, වංචාව ප්‍රචලිත වන බවත්, පෙනී යයි. ආරක්ෂක ක්‍රමවේද සහ බලවතුන් සහිත සමාජයක සොරකම් කිරීම පහසු කාර්යයක් නොවේ. අප තථාගත බුදුරජාණන් වහන්සේ ඉන් අනතුරුව සමාජය විකෘති වීම සඳහා පාදක වන කරුණක් ගෙනහැර දක්වති. එනම්; ‘සත්ථා වේපුල්ල මගමාසි’ යන්නයි. එනම් සොරකම සමාජය තුළ ව්‍යාප්ත වන විට මිනිසාට අවිආයුධ දැරීමට සිදුවන බව එයින් කියැවේ. මිනිසා විසින් අවි ආයුධ තනාගෙන අනුන් ඝාතනය කර හෝ අනුන්ගේ ධන සම්පත් පැහැර ගැනීමට කල්පනා කරයි.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR] [SIZE=4][COLOR=Sienna] මේ ආකාරයෙන් සොරකම් කරන, මිනිස් ඝාතනයට පෙළඹෙන, පුද්ගයන් අල්ලා රාජ දණ්ඩනයට ලක් කරනු ලැබේ. මෙවන් අවස්ථාවකදී තමාගේ ජීවිතය රැකගැනීමේ අරමුණින් සොරකම් කළ, අන්‍යයන් ඝාතනය කළ තැනැත්තා අධිකරණය හමුවේ බොරුකීමට පෙළඹෙයි. මිනිස් සමාජයට බොරුකීම ආරම්භ වන ආකාරය එමගින් මනාව පෙන්වා දී ඇත. මෙසේ කේළාම් කීම, කාමයෙහි වරදවා හැසිරීම, පරුෂ වචන කීම, ආදි විවිධ වැරදිවල යෙදීමට පුද්ගලයා පෙළඹෙයි.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR] [SIZE=4][COLOR=Sienna] මිනිසා තුළ දැඩි ලෝභකම, ක්‍රෝධය, වෛරය හා වැරැදි ආකල්ප බහුලව ව්‍යාප්ත වන විට මිනිස් සමාජය තුළ ප්‍රබල දුර්වලතා තුනක් ප්‍රචලිත වන බව ද මෙහි දැක් වේ. එනම්,[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR] [SIZE=4][COLOR=Sienna] 1. අධම්ම රාගය[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR] [SIZE=4][COLOR=Sienna] 2. විෂම ලෝභය[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna] 3. මිච්ඡා ධර්ම යන කරුණු තුනයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna] අධම්ම රාගය යන පුද්ගලයා වැරැදි ලෙස දිවිගෙවීමට ආශා කිරීමයි. මෙය වසර දහස් ගණනක් තිස්සේ පරම්පරා ගණනාවක පටන් පවතින බැවින් පොදුවේ ගත් විට යහපතට වඩා අයහපතට කැමති වන රුචිවන මිනිසුන් බහුලව ව්‍යාප්ත වීමට බලපාන සාධකයකි. දැහැමිව ජීවත්වීමට වඩා අධර්මයෙන් නීතිරීති කඩා බිඳ දමමින් ජීවත් වීමට කැමැති පුද්ගලයන් සහිත සමාජයක් ගොඩනැගීමට මෙම දුර්වලතාව ප්‍රධාන ලෙස හේතු සාධක වෙයි. මෙහි දෙවන කරුණ විෂම ලෝභයයි විෂම ලෝභය යනු වස්තුව, ධනය, කෙරෙහි ඇති දැඩි කෑදරකමයි. ධන සම්පත් තමා සතු කර ගැනීම සඳහා ජීවිත සිය දහස් ගණනක් හෝ විනාශ කිරීමට, ඝාතනය කිරීමට පුද්ගලයා පෙළඹෙන්නේ මෙම මානසිකත්වය මුල් වීමෙනි. [/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR] [SIZE=4][COLOR=Sienna] තුන්වන කරුණ ලෙස දැක්වෙන්නේ මිච්ඡා ධර්මයයි. හොඳ දේ නරක ලෙසත් නරක දේ හොඳ ලෙසත් වැටහෙන්නේ පුද්ගලයා තුළ මිච්ඡා ධර්මය ව්‍යාප්ත වූ විට ය. වත්මන් සමාජය දෙස දෑස් යොමු කරන විට අප තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ දේශනාවේ ඇතුළත් මෙම කරුණු කොතරම් දුරට සත්‍යය ද යන වග මනාව පැහැදිලි වේ. මේ මනුෂ්‍ය සමාජයේ ජීවත්වන, යමක් වටහා ගැනීමේ ශක්තියක් ඇති මිනිසාට, අප තථාගතයන් වහන්සේ එදා පෙන්වා දුන් මේ සමාජයේ විෂමතාවය, අද හොඳින් වටහාගත හැකිය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna] මේ ආකාරයෙන් විෂම වූ සමාජය යම් තරමකින් හෝ සාමකාමී, විනීත සමාජයක් බවට පත්කිරීමට මනුෂ්‍යයන් වූ අප කටයුතු කරමු. එවන් වූ සුන්දර සමාජයක් බිහිකිරීමට නම් අප තථාගතයන් වහන්සේ දේශනා කළ උතුම් බුද්ධ දේශනා ඇසුරට ගනිමු.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR] [SIZE=4][COLOR=Sienna] බුද්ධ දේශනාවන් ඇසුරෙන් තමාගේ ජීවිතය, යහපත් වූ ආකාරයෙන් පවත්වා ගැනීමට උත්සාහ කරන ගමන් තමා අවට සමාජයේ තවත් එක් අයෙක් හෝ සුමඟට ගැනීමට ඔබට හැකිනම් එය මහත් සත්ක්‍රියාවකි.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR] [SIZE=4][COLOR=Sienna] [B][U]පුජ්‍ය නිරල්ගම බුද්ධවංස හිමි[/U][/B][/COLOR][/SIZE][B][U][COLOR=Sienna] [/COLOR][/U][/B] [B][U][SIZE=4][COLOR=Sienna] හීනටිකුඹුර පුරාණ විහාරවාසී,[/COLOR][/SIZE][/U][/B] [B][U][SIZE=4][COLOR=Sienna] ත්‍රිපිටකවේදී දර්ශනපති,[/COLOR][/SIZE][/U][/B] [B][U][SIZE=4][COLOR=Sienna] සේදවත්ත සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති[/COLOR][/SIZE][/U][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom